Monday, May 6, 2013

ඉදින් යනු මැන නුඹේ ලොව වෙත




දෑස මානේ නැඟූ හසරැල්
ගොලු වෙලා අද හැංගිලා ..

නොපෙනෙනා දුරකට යවා හිත
ඇයිද නුඹ මෙහි තනි වෙලා ..

නිහඞ අරණක කෙළි දෙලෙන් අපි
ගෙවූ යාමය පහු වෙලා ..

ඉදින් යනු මැන නුඹේ ලොව වෙත
සොයුරු පෙම නිමලව තියා ..



35 comments:

  1. නියමයි ගිමන් අයියේ...............යාළුවට ද මේ කියන්නේ මට හිතුනේ පිරිමි යාළුවෙක් ආදරණීය යහළුවට (ගැහැණු) වෙනුවෙන් කල සුභ ප්‍රාර්තනයක් වගේ...............

    වෙනස් ඉදල හිටිල කවියක් එළියට ආවම වෙනසක් ඇත්තටම තියෙනවා........

    ReplyDelete
    Replies
    1. හුරේ මම එක මට ජය වේවා..................

      Delete
    2. ස්තූතියි! සිත්තමී නංගි කලින්ම ඇවිත්නෙ. හොඳයි හොඳයි.
      "මට හිතුනේ පිරිමි යාළුවෙක් ආදරණීය යහළුවට (ගැහැණු) වෙනුවෙන් කල සුභ ප්‍රාර්තනයක් වගේ"
      එහෙම වෙන්නත් පුලුවන් අනෙක් අතට වෙන්නත් පුලුවන්

      Delete
  2. හරිම සුන්දර පැතුමක් ගිමන්. මේවාගෙ අය හරියට ඉන්නවා. මටත් හිටියා බොහෝම හිතවත් යහළුවෙක්. මගෙ ජීවිතේ හැම දෙයක්ම ඔහු දැනන් හිටියා, ආදරයක් තිබුනද කියලා දන්නේ නෑ, කිවුවෙත් නෑ. ඒ වුණාට කාලයක් යත්දි අපි සුහදව වෙන්වුණා. අදටත් ඒ මිතුදම එහෙමමයි. වෙනසක් කවියක් ඉඳලා හිටලා දාන එක. හිතත් ලස්සන වෙනවා නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චාන්දි!
      මෙහෙම දේවල් ඉතින් දුර්ලභ නැහැනෙ.

      Delete
  3. ගොඩක් බොක්කෙන් ලව් කරන උදවියට අන්තිමට ඉතුරු වෙන්නේ ඔය සහෝදර පෙම කියන එක විතරයි

    ReplyDelete
    Replies
    1. කමක් නෑ මලයා, බොක්කෙන්ම ලව් කලොත් ඉතින් කොහොමහරි ඒ කෙනා සතුටින් ඉන්නවා දකින්නනෙ ඕනෑ

      Delete
  4. අනේ මන්දා ඉතින් :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මොකද රජතුමා අනේ මන්දා කියන්නෙ

      Delete
  5. ලස්සණ කවියක්, ගිමන් අයියේ. හුඟක් වෙලාවට ‍මේ වගේ ආදරයක් ඇති වුණා ඒක හිතේ හංගගෙන ඉන්නවා කියන්නේ නැතු ව. ඒකට ලොකු ම හේතුව තමයි තියෙන යාළුකමක් නැති වෙයි කියන බය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ධාරා!
      ඒක ගොඩක් යහළුකම් අතර ඇතිවන ගැටළුවක්. හොඳ යලුවො විදිහට ඉන්න අයනම් ඕක වැඩි හිත් තැවුලක් නැතුව විසඳ ගන්නවා

      Delete
  6. හොද ලස්සන අදහසක්

    ReplyDelete
  7. මුලින්ම කවිය කියවද්දි හිතුනෙ නංගි විවාහ වෙලා යන කොට අයියා කෙනෙක්ට දැනෙන සිතුවිල්ලක් කියල. උඩින් දාල තියෙන පින්තූරෙ අයියයි නංගියි අත් අල්ලාගෙන සෙල්ලම් කරපු හැටිත් අන්තිම පින්තූරෙ නංගි තමන්ගේ ආදරවන්තයා එක්ක යන හැටිත් පෙන්නනව කියල හිතුනෙ. ඒ අදහසින් බැලුවම මේ කෙනෙක්ව ගොඩක් සංවේදි කරන්න පුලුවන් කවියක්.

    යටින් තියෙන කමෙන්ට්ස් දැක්කමයි මෙතන වෙනස් අදහසක් තියෙන්න පුලුවන් කියල හිතුනෙ. මීට කලින් ඔයා ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි අතර තියෙන යාලුකමක් ගැන කෙටි කතාවක් ලිව්ව නේද. එතනදි කියපු දේවල්මයි ආයෙත් කියන්න තියෙන්නෙ. ගෑනු ළමයෙක්ගෙ හොඳම යාලුව පිරිමි ළමයෙක් නම් ගෑනු ළමයට එයා සහෝදරයෙකුත් වෙනවා. ඉතින් ඇය අලුත් ජීවිතයක් පටන් ගනිද්දි තමන්ගෙම සොයුරෙක් වගේ ඉන්න යාලුව හදවතින්ම මෙහෙම කියනවනම් මං හිතන්නෙ ඒ වගේ යාලුවෙක් ලබපු ගෑනු ළමය ගොඩක් වාසනාවන්තයි.

    ඇත්තටම හරිම ලස්සන කවියක් ගිමන්...ගොඩක් හිතට දැනෙන කවියක්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චාම්ස්!
      ඔයාගෙ අදහස් දෙකම ගැලපෙනවා.
      වඩාත් ගැලපෙන අදහස තමයි ගොඩක් අය කියල තියෙන්නෙ.

      මේක ගොඩක් සධාරණයි වගේ!
      "Nisangi Vidumini May 8, 2013 at 3:02 AM
      අන්තිම පින්තූරෙ දෙන්නා අත් අල්ලගෙන රේල් පීලි දෙකක් දිගේ ඇවිදන් යනවා..
      රේල් පීලි දෙක එකට එකතු වෙන්නෙ නෑ..
      සමාන්තරව ලොකු දුරක් යනවා...
      මට හිතෙන්නෙ මේ දෙන්නත් ඒ රේල් පාර වගේ.....!"

      Delete
  8. මම කැමතිම සබඳකමක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගයානි!
      ලස්සන සබඳකමක්!

      Delete
  9. මේක කාට කියපු එකක්ද කියලා දැනගන්න ආයෙම කීප වතාවක් එන්න වෙයි වාගේ.

    ReplyDelete
    Replies
    1. :D දැන් ඉතින් තේරුම් ගන්න පුලුවන්නෙ නේද?

      Delete
  10. අන්තිම පින්තූරෙ දෙන්නා අත් අල්ලගෙන රේල් පීලි දෙකක් දිගේ ඇවිදන් යනවා..
    රේල් පීලි දෙක එකට එකතු වෙන්නෙ නෑ..
    සමාන්තරව ලොකු දුරක් යනවා...
    මට හිතෙන්නෙ මේ දෙන්නත් ඒ රේල් පාර වගේ.....!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිසඟි!
      වඩාත්ම ගැලපෙන පැහැදිලි කිරීමක්!

      Delete
  11. ඉතින් යනු මැන නුඹේ ලොව වෙත..

    හිතට දැනුනා මේකනම්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් සංවේදී ඉල්ලීමක්!

      Delete
  12. සහෝදර ප්‍රේමයක් වගේ :)

    ReplyDelete
  13. පට්ටෙට ගොතල තියනව එල එල

    ReplyDelete
  14. //.. දෑස මානේ නැඟූ හසරැල්
    ගොලු වෙලා අද හැංගිලා ..//

    හිතට දැනෙන්නම ලියලා තියනවා..හුගක් ලස්සනයි අයියේ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතුවිලි නංගා!

      Delete
  15. අපේ සිතිවිලි ගැඹුරු වෙන තරමට ලස්සන අදහස් හිතේ ඇති වෙනවා.

    ReplyDelete
  16. සහෝදර පාළුව කියමුද?

    ReplyDelete