නානුඔය කියන්නේ
බහුතරයක් දමිල ජනතාව ජීවත් වන සුන්දර කුඩා නගරයක්.
මෙහෙ ජීවත් වෙන හැමෝම වගේ එක්කෝ ගොවියෙක් කම්කරුවෙක් නැත්නම් වතු සේවකයෙක්.
ඒ හැමෝටම ජීවිතය සටනක්.
අමෝරා වැසි, හම පිච්චිලා යන අව්ව, කෑලි කැපිය හැකි මීදූම, ගල් ගැහෙන හීතල එක්ක ඔට්ටු වෙන මේ ජීවිත ලේසි නැහැ.
දීපාවලී මෙහෙම ගෙවෙන දවස් වලින් තවත් එක දවසක්
හැබැයි එදාට මුලු පළාතම එලියයි
ඒ සැරෙන් සැරේට පත්තුවෙන රතිඤ්ඤා අහස්කූරු එලියෙන්ම විතරක් නෙවෙයි.
බැලු බැලු අත පේන සතුටෙන්
හැමෝම අලුත් ඇදුම් ඇදලා, පවුල් පිටින් එහෙ මෙහෙ යනවා
වෙනදට වත්තෙ ලමා සුරැකුම් හලේ දවස ගෙවන පුංචි දරු පැටව් ටික අද අම්මගෙයි තාත්තාගෙයි අතේ, උන්ගෙ මූණු වල අද තියෙන සතුට හිනාව තරම් වටින දෙයක් තවත් නැතුව ඇති.
ඉතිං මේ සතුට හැමදාමත් රැදෙන්න උදාවෙන හැම දවසක්ම දීපාවලී දවස වගේ වේවා කියල ප්රාර්ථනා කරනවා.
(photo from hiveminer.com/,
link to the photo https://hiveminer.com/Tags/poverty%2Csmiling)
(හරියටම අවුරුදු දෙකකින් මේ පැත්තෙ ආවෙ, පුරුද්දට වගේ ගිමන්හලට ගොඩවෙන එක්කෙනෙක් දෙන්නෙක් හරි ඇති කියල හිතුවා)
අනිවාර්යයෙන් බලනවා මගේ ලිස්ට් එකේ තියෙන එකක් නං. වෙල්කම් බෑක්.
ReplyDeleteමාත් විඩින් විඩ නානුඔය පැත්තේ කිප දොහක්ම ඉදල තියෙනවා. මම දැකල තියෙන රෑ 12 - 1 උනත් අරක්කු ටිකක් ගන්න පුලුවන් තැනක් තමා නානුඔය. හැක්.
ස්තූතියි අමතක නොකලාට !
Deleteලියන්න වෙලාව තමා නැත්තෙ.
ඔය කියන පහසුකම නම් මුලු නුවරඑළියටම පොදුයි :D
අපිට නානුඔය මතක් වෙන්නෙ කෝච්චියෙ නුවර එළිය යනකොටනෙ. ඒ පැත්ත ගැන අලුත් පැත්තකින් බැලුව අද 👌
ReplyDeleteනානුඔය ගැන ගොඩක් විස්තර තියනවා වෙලාවක් අහුවුන ගමන් ලියන්නම්
Delete+++++
ReplyDeleteස්තූතියි!
DeleteWelcome back...looking to read your articles again.
ReplyDeleteThanks! Time is the problem.
Deleteඅපූරු සටහනක් 🧡
ReplyDelete