ගිමන්හලට අන්තිමට පෝස්ට් එකක් දාල අවුරුදු 4ක් වෙනවා. ඒවගේම ගිමන්හල බ්ලොග් එකට. දැන් අවුරුදු දහයක් සම්පූර්ණයි. හරියටම 2012 ජූනි 6 තමයි පළවෙනි පෝස්ට් එක දැම්මෙ. ඊට පස්සෙ මට පුලුවන් වුනා ලිපි 80 කට වැඩි ගාණකින් ඔයාලත් එක්ක කතාබහ කරන්න. හැබැයි 2016 න් පස්සෙ වගේ ලිපි ලියන්න ලැබුණෙ ගොඩක් අඩුවෙන්. පලමු පත්වීමත් එක්ක දිගින් දිගටම කර්‍යබහුල වුනා.
ඒ කොහොම වුනත් ඔයාලත් එක්ක කවදහරි බෙදාගන්න ඕනෙ කියල එකතු කර ගත්ත කරුණු අදහස් දැනුම මල්ල නම් දවසින් දවස ලොකු වුනා. පහුගිය සති කීපෙක ඉදන් දන්න අදුනන කීප දෙනෙක්ම අහපු ප්‍රශ්නයක් තමයි,
"ඩොක්ටර් දැන් ලියන්නෙ නැද්ද? "
"අයියෙ බ්ලොග් එකේ දැන් අප්ඩේට් මුකුත් දාන්නෙ නැද්ද? "
ඉතිං කොහොම හරි වෙලාව වෙන් කරගෙන ආයෙත් ඔයාලත් එක්ක අලුත් තොරතුරු අදහස් ටිකක් බෙදා ගන්න ඕනෙ කියල හිතුණා. අවුරුදු අටක වෘත්තීය අත්දැකීම් එක්ක කලින්ටත් වඩා ඔයාලට උදව්වක් වෙන තොරතුරු ටිකක් ගොනු කර ගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා.
ඔන්න දැන් තමයි මාතෘකාවට එන්නෙ. මොකක්ද මේ ගිමන්හල 2.0.
අවුරුදු දහයක් කියන්නෙ ලොකු කාලයක්. රට ලෝකෙ වේගෙන් වෙනස් වෙනවා. ඒ කාලෙ බ්ලොග් කියන්නෙ එක්තරා විදිහක සමාජ ජාලයක්. හරිම රහ social media platform එකක්. බ්ලොග් හරහා අදුන ගත්ත යාලුවො තාමත් ඉන්නව.
හැබැයි දැන් කාලෙ වෙනස් තාලෙ අලුත්. බ්ලොග් ක්‍රමය ටිකක් යටපත් වෙලා. යූටියුබ් වලට ලොකු තැනක් ලැබිල තියෙනවා. හැබැයි ඒකෙ වරදක් දකින්නත් බෑ. තොරතුරු හුවමාරුවෙදි ශ්‍රව්‍ය දෘශ්‍ය දෙකම තියෙන මාධ්‍යක් ප්‍රබල වැඩියි. මෑතකදි අන්තර්ජාල සේවා වලින් ලැබුණු දත්ත සීමා රහිත සමාජ්ජාල පරිශීලන පැකේජ (unlimited youtube / social media package) එක්ක ගොඩක් අය දැන් යූටියුබ් බලනවා.
ඉතිං ගිමන්හල බ්ලොග් එකත් එක්කම ගිමන්හල යූටියුබ් චැනල් දෙකක් පටන් ගත්තා. සීමා සහිත කාලයත් එක්ක වැඩි තොරතුරු ප්‍රමාණයක් කතා කරන්න එයින් අවකාශයක් ලැබෙනවා.
එතකොට ඇයි මේ චැනල් දෙකක්?
හේතුව තමයි සෞඛ්‍ය හා තොරතුරු තාක්ෂණය වගේ එකිනෙකට වෙනස් තේමා දෙකක් ගැන එක චැනල් එකේ කතා කරන්න ගියොත් පොඩි අපිලිවෙල ගතියක් එන නිසා.
එක චැනල් එකක් තමයි "ගිමන්හල"
මේක සුපුරුදු ගිමන්හල බ්ලොග් එකේ විදිහට යහපත් සෞඛ්‍යයක් සදහා වෛද්‍ය තොරතුරු, ජීවිතය පහසු හා සැහැල්ලු කරගන්නෙ කොහොමද (Healthy Life Style) වගේ දේවල් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ. මේ චැනල් එකේ වීඩියෝ තාම හදාගෙන යන ගමන්.
මොකක්ද අනිත් චැනල් එක?
එතකොට මොනවද මේ චැනල් එකේ කතා වෙන්නෙ.
පහුගිය අවුරුදු හතරක වෘත්තීය කටයුතු වලදි විවිධ ක්ෂේත්‍ර ගණනාවක නිලධාරින් එක්ක කටයුතු කරන්න අවස්තාව ලැබුණා. ග්‍රාම නිලධාරී, පළාත් පාලන නිලධාරීන්, කෘෂි උපදේශක නිලධාරීන්, ගුරු මහත්ම මහත්මීන්, සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සහකාර මහත්ම මහත්මීන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්ෂේත්‍ර සේවයේ යෙදෙන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, මහජන සෞඛ්‍ය නිලධාරීන්,... ඉතිං මේ හැමෝටම ඉතා අවශ්‍ය වෙන නමුත් ප්‍රායෝගික දැනුම අඩු නිසා අපහසුතාවට පත්වෙන තැනක් තමයි තොරතුරු තාක්ෂණ.
අන්න ඒ නිසාත් ගොඩක් අය වරින් වර email වලින් Facebook massages වලින් ඉල්ලල තිබ්බ විදිහට, පරන පුරුදු ගිමන්හල වගේම එදිනෙදා ජීවිතයේදී ඕනෑම කෙනෙක්ට වැදගත් වෙන්න පුලුවන් තොරතුරු තාක්ෂණික විස්තර, නොමිලේ පාවිච්චි කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර්, ඔන්ලයින් ඇප් හා ටූල්ස්. ලොකු ලොකු දේවල් නෙවෙයි ස්මාර්ට් ෆෝන් එකක් හරි තියෙන ඕනෙම කෙනෙකුට වැදගත් වෙන සරල දේවල් ගැන කතා කරන්න තමයි Gimanhala Tech යූටියුබ් චැනල් එක හැදුවෙ.
ඔයාල කතා කරන්න කැමති විස්තර දැනගන්න කැමති තව මාතෘකා තියෙනවා නම් comment එකකින් email එකකින් හරි Facebook massage එකකින් හරි දැනුවත් කරන්න.
ඉතිං කොවිඩ් වසංගතය, ආර්ථික අස්ථාවරත්වය එක්ක අපි හැමෝම ඉන්නෙ යම්කිසි පීඩනයක් එක්ක. ඒ කියන්නෙ වෙනදට වැඩිය ටිකක් පරෙස්සමට ජීවත්වෙන්න ඕනෙ කාලයක්. එහෙමයි කියල ටික ටික ගෙවිල යන ජීවිතය අසුන්දර නීරස විදිහට ගෙවිල යන්න දෙන්න සුදුසු නෑ. අපි බලමු අපි ගාව තියෙන සම්පත් කළමනාකරණය කරගෙන සැහැල්ලුවෙන් ජීවත්වෙන්න පුලුවන් lifestyle එකක් හදාගන්න ඕනෙ පොඩි පොඩි tricks ටිකක්.
එහෙනම් ඉදිරියටත් බ්ලොග් එකෙන් යූටියුබ් එකෙන් මුණගැහෙමු, කතා කරමු !
කොහොමද මල්ලි මේක අපි අර ගන්නේ?
ReplyDeleteතෙරුනේ නැහැ අයියා. අරගන්න කිව්වෙ ?
Deleteහොඳ වැඩක්. ජය වේවා !
ReplyDeleteස්තූතියි!
Delete🤗👌🤞
ReplyDeleteස්තූතියි!
Deleteබෝධිනී ගේ බ්ලොග් එකේ කොමෙන්ට් එක දැකල ආවේ. ල්ලියන එක හොඳයි. ඔයාව මගේ බ්ලොග් රෝල්ට දාගන්නම. මම කලින් ඇවිල්ල් නැහැ මම හිතන්නේ. මම 2014 ඉඳන් ලියනවා. නැවැත්තුවේ නැහැ. (තවම)
ReplyDeleteස්තූතියි අජිත්! comment moderation On වෙලා කියල දැක්කෙ අද. ඉතිං කවුරුවත් එන්නෙ නෑ කියල හිතල ලියන එකත් එතනින්ම නතර උනා . :/ මදැයි
Deleteඔබ වැනි නැවත උපත ලද සහෘදයන් වෙනුවෙන් අපගේ සින්ඩියේ අළුතින් නවාතැන් පොලක් වෙන් කොට ඇත; නමින් "පුනරුප්පත්ති" ලෙස! එය අප වෙතින් ඔබට කෙරෙන ගෞරවයක් කොට සලකන්න!
ReplyDeleteඔබ වැනි නැවත උපත ලද සහෘදයන් වෙනුවෙන් අපගේ සින්ඩියේ අළුතින් නවාතැන් පොලක් වෙන් කොට ඇත; නමින් "පුනරුප්පත්ති" ලෙස! එය අප වෙතින් ඔබට කෙරෙන ගෞරවයක් කොට සලකන්න!
ReplyDeleteඔබ වැනි නැවත උපත ලද සහෘදයන් වෙනුවෙන් අපගේ සින්ඩියේ අළුතින් නවාතැන් පොලක් වෙන් කොට ඇත; නමින් "පුනරුප්පත්ති" ලෙස! එය අප වෙතින් ඔබට කෙරෙන ගෞරවයක් කොට සලකන්න!
ReplyDeleteස්තූතියි !
Delete