Saturday, January 20, 2024

හැමෝටම නොමිලේ ලිපි සැකසුම් මෘදුකාංගයක් (100% free office package)




මේ දවස් වල හැමෝටම වගේ මුදල් අතින් අමාරු කාලයක් නේද?

ඉතිං පරිගණක ආශ්‍රිත ලිපි කටයුතු වල යෙදෙන හැමෝටම මේ ගැටලුව තියෙනවා. ගොඩක් මෘදුකාංග වල මිල පහුගිය කාලෙ ඉතා විශාල වශයෙන් ඉහල ගියා.

හැබැයි ඉතිං අපේ ගොඩක් අය නීත්‍යානුකූල නොවන ක්‍රම වලිනුත් මෘදුකාංග පාවිච්චි කරනවා. එහෙම පාවිච්චි කරන කොට නීති ගැටලු ලොකුවට නැති උනත් විශ්වාසනීය නොවන මෘදුකාංග වලින් අපේ පරිගණක වලට වයිරස් ඇතුලු වීම, අපගේ දත්ත සොරගැනීම හෝ දත්ත විනාශ වීම් වෙන්නත් පුලුවන්.
ඊට අමතරව නිවරැදිව මිලදී නොගත් මෘදුකාංග සදහා අදාල මෘදුකාංගය සදහා ලැබෙන online services ගොඩක් වෙලාවට ලැබෙන්නෙ බෑ. ඒවගේම අනපේක්ෂිත වෙලාවක මෘදුකාංගය කල් ඉකුත් වෙලා, අපිට අත්‍යාවශ්‍ය රාජකාරියක් වෙලාවට සම්පූර්ණ කරගන්න බැරි වෙන්න පුලුවන්.

කොහොම හරි මට පොඩි ඉල්ලීමක් ආව අඩු වියදමකින් හොදම office software එකක් හොයල දෙන්න කියල. ඒ නිසා කල සොයා බැලීමකදි ලැබුණු හොදම විසඳුම තමයි Libreoffice package එක. 

libreoffice කියන්නෙ Open source software එකක් නිසා මුදල් ගෙවීමක් අවශ්‍ය වෙන්නෙම නෑ.

ඉතිං අද මම හදුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නෙ මේ LibreOffice කියන ලිපි කටයුතු, presentation, දත්ත වගු සෑදීම, අපේ සියලු රාජකාරී කටයුතු සියල්ල කර ගන්න පුලුවන් මෘදුකාංගය.

කෙටියෙන්ම කිව්වොත් Microsoft Word, Microsoft Powerpoint, Microsoft excel, වගේ මයික්‍රෝසොෆ්ට් උපාංග සියල්ලගේම කටයුතු කර ගන්න පුලුවන් තනි උපාංගයක්.

ඒ තමයි LibreOffice. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්.
Libreoffice.org community හා The Document Foundation කියන සමාජ සේවා සංගම් වලින් තමයි මේ මෘදුකාංගය නිපදවීම හා එහි වැඩි දියුණු කිරීම් සිදු කරන්නෙ. මේ නිසාම මේ office software එක නිතරම යාවත්කාලීන කිරීම සිදු වෙනවා.

කොහොමද මේ මෘදුකාංගය ලබා ගන්නෙ?

Libreoffice නිල වෙබ් අඩවියෙන් පහසුවෙන් download කරගන්න පුලුවන්.

තාක්ෂණික කටයුතු අපහසු අයට Download කරල install කරන විදිහ gimanhalatech youtube channel එකේ පියවරෙන් පියවර පැහැදිලිව කියල තියෙනවා.

ඔයාලට තනියම උනත් වැඩේ කර ගන්න පුලුවන්.

එතකොට නොමිලේ ලැබෙන එක විතරමද Libreoffice software එකෙන් අපිට ලැබෙන වාසිය. නෑ Microsoft Office වල නැති පහසුකම් option ගොන්නකුත් තියෙනවා.

ඒවායින් කිහිපයක් කියන්නම්.

  • Libreoffice office ඕනෑම මෙහෙයුම් පද්ධතියක (os) හොදින් වැඩ කරනවා (. Windows, macOS, Linux).
  • Portable Version - මේක ඉතා වටින option එකක්. අපිට libreoffice pendrive එකක් වුනත් තියාගෙන computer එකකට ගහල වැඩ කර ගන්න පුලුවන් (මේ හැකියාව microsoft office වල නෑ).
  • Extension availability - 1000 කට අධික අමතර හැකියාවන් කුඩා මෘදුකාංග විදිහට එකතු කර ගන්න libreoffice වල අවස්තාව තියෙනවා. (https://extensions.libreoffice.org/ සහ https://extensions.openoffice.org/)

කැමති අයට පහල තියෙන සවිස්තරාත්මක libreoffice හා microsoft office අතර තියෙන වාසි අවාසි බලාගන්න පුලුවන්


දැනට කිසිම office software එකක් පාවිච්චි නොකළ කෙනෙක්ට උනත් ඉගෙන ගන්න ලේසි වෙන විදිහට libreoffice වලින් ලිපි කටයුතු කරගන්න හැටි කියල දෙන්න වීඩියෝ මාලාවක් පහත දක්වල තියෙනවා. කැමති අය ඉගෙන ගන්න.

Tutorial 01 | How to Download and Install LibreOffice:

Tutorial 02 | Introduction about LibreOffice flatform and Templates:

Tutorial 03 | Introduction about LibreOffice flatform and Templates:

Tutorial 04 | Introduction about LibreOffice flatform and Templates:

Tutorial 05 | How to Write a Simple Letter Using LibreOffice Writer

Tutorial 06 | How to Format a Letter Using LibreOffice Writer

ඔබේ ආයතනයේ වුනත් ඉදිරියේදී libreoffice ගැන දැනගෙන ඉන්න එක වටිනා අමතර වාසියක් වෙන්න පුලුවන්. ඉහත කිව්ව විදිහට මෘදුකාංග මිල ගොඩක් ඉහල ගිහින්, මේ වෙනකොට Microsoft 365 Personal සඳහා වසරකට රු 25,000/= වගේ ගෙවන්න වෙනවා. Offline one time pay කරල Office Professional 2021 ගන්න 230,000/= වෙනවා. 



ඉතිං ගොඩක් රජයේ ආයතන වගේම ගොඩක් පෞද්ගලික ආයතන දැනටමත් Ubuntu, LibreOffice වගේ Opensource මෘදුකාංග ගැන අවධානය යොමු කරල තියෙනවා.

නිකන් හම්බවෙන දෙයක්නෙ කෝකටත් පාවිච්චි කරල බලන්න. අනිවාර්යයෙන් ප්‍රයෝජනවත් වේවි. 

අදට විස්තරේ ඉවරයි.



 

8 comments:

  1. හුම්. libreoffice එක ගොඩක් අය Ubuntu වල පාව්චචි කරනව නෙ. ලේසි ඇති

    ReplyDelete
    Replies
    1. Ubuntu මෙහෙයුම් පද්ධතියෙ Default Office Suit වෙන්නෙ LibreOffice. ඉතිං නරක වෙන්න බෑ.

      Delete
  2. මේවගේ ආරක්ශාව කොහොමද....රජයේ ප්‍රදාන ආයතන වල කොම්පියුටර් වලට නම් දාන් කොට සිස්ට්ම් එකේ ආරක්ශාව අඩුවෙන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. උඩ කොමෙන්ට් එකේ කිව්වත් වගේ Ubuntu මෙහෙයුම් පද්ධතියෙ Default Office Suit වෙන්නෙ LibreOffice. ඒ කියන්නෙ security හොඳයි.

      Delete
  3. මේකත් හොඳයි. https://www.openoffice.org/ (අපාචේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකත් හොඳයි. හැබැයි Libreoffice තරම් ඉක්මනින් develop වෙන්න නෑ. කෝකටත් මේකත් ටෙස්ට් කරල බලන්නම්.

      Delete