Saturday, June 21, 2014

ඕනෑම ඩ්‍රයිවරයක මෘදුකාංගය පහසුවෙන් සොයාගන්න (Driver Software Downloader)


කාලයක සිට බොහොම උපකාරී වුන මෘදුකාංගයක් ගැන තමයි මේ කියන්න යන්නෙ. 
වයිරස් වලට ලක් වීමක් නිසා හෝ පරිගනකයේ කුමනකාරයේ දෝශයක් ඇතිවීමකදී අපට එහි දෘඩ තැටිය (Hard Disk) ෆෝමැට් කර නැවත මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිත කිරීමට සිදු වෙනවා. මෙහිදි  අපි ගොඩක් දෙනෙක් මුහුණ දෙන ගැටලුවක් තමයි පරිගනකයේ සමහර දෘඩාංග (Hardware) ක්‍රියාක්‍රිමට අවශ්‍ය එම දෘඩාංග වලට අදාල මෘදුකාංග සොයාගත නොහැකි වීම. එවිට නිසියාකාර දැනුමක් නොමැතිව අනුමාන කර නිවරැදි මෘදුකාංගය සොයා ගැනීම ඉතා අසීරු කාර්‍යයක් වනවා. අවසානයේ සිදු වන්නේ පරිගනකය පැත්තකට දැමීම හෝ වංචනිකයන් හට අධික මුදලක් නාස්ති කර දැමීමයි.

මෙම ගැටලුවට මම දන්න පරිදි හොඳම විසඳුම තමයි Driver Robot මෘදුකාංගය. ඉතා සුලු පරිගණක දැනුමක් ඇති අයෙකුට වුනත් මේ මගින් පහසුවෙන් අදාල මෘදුකාංග සොයා ගැනීමට පුලුවන්.
Driver Robot මෘදුකාංගය පහත යොමුවෙන් භාගත කර ගන්න.

Driver Robot V2.5

සාමාන්‍යය මෘදුකාංගයක්  ස්ථාපිත කර ගන්න ආකායෙන් මෙය පරිගනකයේ ස්ථාපිත කර ගන්න. (අවශ්‍යය අනුක්‍රමික අංකයද මෘදුකාංගය සමග සපයා ඇත. දැන් බලමු මෙය ක්‍රියා කරන ආකාරය.

1. පරිගනකය scan කරන්න.



මෙයින් පරිගනකයේ සියලු දෘඩාංග හඳුනා ගැනෙන අතර ඒවාට අදාල මෘදුකාංග පරිගනකයේ ස්ථාපිත වී ඇත්ද යන්නද මෙයින් හදුනා ගනු ලැබේ. ඔබ අන්තර්ජාලයට සම්බන්ද වී සිටී නම් ඔබට අවශ්‍යය මෘදුකාංග අන්තර්ජාලයේ ඇති තැන් සොයා ඒවා බාගත කරගැනීමේ හැකියාවද ඔබට ලබාදේ.





ඔබ අන්තර්ජාලයට සම්බන්ද වී නොමැති විට වුවද ගැටලුවක් ඇති නොවේ. Scan වීම අවසානයේ ඔබට HTML ෆයිලයක් ලබාදේ. 

එය Pen drive එකක save කරගෙන අන්තර්ජාල පහසුකම ඇති පරිගනයක විවෘත කරගන්න. 


ඒමගින් අවශ්‍යය මෘදුකාංග බාගත කරගත හැකි වෙනවා.




මීට අමතරව කල් ඉකුත් වූ මෘදුකාංග යාවත් කාලින කර ගැනීමද මෙමගින් සිදු කර ගත හැකි වනවා.

එහෙනම් මෙම Drive Robot මෘදුකාංගය උපයෝගී කරගෙන ඔබගේ පරිගනකයේත් දෘඩාංග වලට අදාල මෘදුකාංග ගැටලු විසඳා ගන්න.