Monday, January 7, 2013

දිනපොතට වටිනාකමක්





ලිවීම නවත්වලා ගත්ත මාස දෙකක පමණ විරාමයට නැවතීමක් තියන්නත් එක්ක ඔබේ ජීවිතේට අලුත් යෝජනාවක් අරගෙන පොඩි ලිපියක් ලියන්නයි යන්නෙ.

නව වසරක් උදාවත් එක්ක හැමෝම වගේ තමන්ගෙ ජීවිත අලුත් කර ගන්නවා. 
අවුරුද්ද සාර්ථක කර ගන්නවා කියන බලාපොරොත්තුව ඔයාල හැමදෙනාම අවුරුද්ද මුලම ඇති කර ගන්න ඇති. එහෙම බලාපොරොත්තුවක් ඇති කර ගන්න එක ඇත්තටම වටින දෙයක්. නමුත් ගොඩක් දෙනෙක් අවුරුද්ද පටන් අරගෙන මාසයක් යන්නත් කලින් තමන් අර කලින් හිටිය උදාසීන ජීවන රටාවට වැටෙනවා. ඉතින් එහෙම වෙන්න කලින් ඔයාල දැනටමත් ඇති කර ගෙන තියන ඒ ජවය අවුරුද්ද පුරාවටම තියා ගන්න කරන්න පුලුවන් පුංචි උපක්‍රමයක් තමයි මම අද යෝජනා කරන්න යන්නෙ.

මේ දවස් වල ගොඩක් අයට තියෙන ආසාවක් තමයි ලස්සන දිනපොතක් හොයා ගන්න එක. ඒත් එහෙම ආසාවෙන් හොයා ගත්තත් ඒ දිනපොතෙන් වැඩක් ගන්නෙ කීයෙන් කීදෙනාද? බලන්න ඔබ ගාවත් සමහර විට වචනයක් වත් නොලියපු පරණ දිනපොත් කීයක් තියෙනවද කියල. 
ඉතිං මේ අවුරුද්දෙවත් නිකන් තියන දිනපොතෙන් වැඩක් ගන්න බලමුද?

මේකයි කරන්න තියෙන්නෙ, ඔයාල හැමෝටම විවිධාකාරයේ බලාපොරොත්තු ඇති. උදාහරන හැටියට පාසල් යන දුවෙක් පුතෙක් නම් සාමාන්‍ය පෙල විභාගයට / උසස් පෙල විභාගයට සාර්ථක ලෙස සූදානම් වීම, විශ්වවිද්‍යාලයක හෝ වෙනත් ආකාරයක උසස් අධ්‍යාපනයක යෙදෙන කෙනෙක් නම් ඒ ඉගෙනුම් කටයුතු උපරිමයෙන් කිරීම, රාජකාරියක යෙදෙන කෙනෙක් නම් ඒ අංශයෙන් උසස් වීමක් ලබා ගැනීමට අමතර විභාගයක් නිම කිරීම, ව්‍යාපාර කටයුත්තක යෙදෙන කෙනෙක් නම් එය වැඩි දියුණු කර ගැනීම, නිවසක් හදන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් එය කඩිනම් කර ගැනීම... මේ ආකරයෙන්.

ඉතින් මේ දහසක් බලාපොරොත්තු අරමුණු තිබ්බත් එවා ඉක්මනින් කෙරෙන්නෙ නැහැ එහෙමත් නැත්නම් කරන්න තල්ලුවක් නැති නිසා ඔන්න ඔහෙ කවද හරි වෙන විදිහකට වෙන්න ඉඩ දීල ඉන්නව. මෙන්න මේ වෙලාවලදි තමා දින පොතට අපිට තල්ලුවක් දෙන්න පවරන්න ඕනෙ.

මුලින්ම දිනපොතක් හොයා ගන්න (පිට ඔපෙන් නම් වැඩක් නෑ දින සහිත කොල ටිකක් තියෙනවා නම් ඇති ) ඊට පස්සෙ අද දිනේට අදාලව කැමති ආකාරයකින් ලිවීම ආරම්භ කරන බව ලියා ගන්න. ඊට පස්සෙ තමන්ගේ බලාපොරොත්තුවට අදාලව අවුරුද්ද සරලව බෙදා ගන්න.
මම උදාහරනයක් දෙන්නම් මේ වසරෙ උසස් පෙල ලියන සිසුවෙක් හැටියට හිතල,

අගෝස්තු දක්වා කාලය සරලව බෙදා ගන්න. ඒ අනුව තමා බලාපොරොත්තු වන ක්‍රියාකාරකම් ඒ ඒ දිනවල  සටහනක් දාන්න.

උදා - 

පෙබරවාරි 1 පිටුව - සටහන්, ප්‍රශ්න පත්‍ර සම්පූර්ණ කර ගැනීම

පෙබරවාරි 10 පිටුව - පාඩම් කිරීමට කාල සටහන් ක්‍රමයක් ආරම්භ කිරීම.

මාර්තු 1 පිටුව - පසු ගිය ප්‍රශ්න පත්‍ර කිරීම ආරම්භ කිරීම.

මාර්තු 31 - පසු ගිය ප්‍රශ්න පත්‍ර කිරීම අවසන් කිරීම.

අප්‍රේල් 1 - විශ‍ය්‍යන් 3ටම අදා පලමු ප්‍රධාන පාඩම් 3 පාඩම් කිරීම පටන් ගැනීම

අප්‍රේල් 30 - විශ‍ය්‍යන් 3ටම අදා පලමු ප්‍රධාන පාඩම් 3 පාඩම් කිරීම අවසන් කිරීම 

මැයි 1 - විශ‍ය්‍යන් 3ටම අදාලව ඊළඟ පාඩම් 3 පාඩම් කිරීම පටන් ගැනීම 

මැයි 30 - අවසන් කිරීම

ජූනි 1 - විශ‍ය්‍යන් 3ටම අදාලව අවසන් ප්‍රධාන පාඩම් 3 පාඩම් කිරීම පටන් ගැනීම. 

ජූනි 30 - අවසන් කිරීම

ජූලි 1 - අනුමාන ප්‍රශ්න සකස් කිරීම හා පිලිතුරු සැපයීම

ජූලි 31 - අනුමාන ප්‍රශ්න සකස් කිරීම හා පිලිතුරු සැපයීම අවසන් කිරීම.

මේ ආකාරයට අපි හැමෝගෙම තියෙන විවිධාකාර බලාපොරොත්තු සම්පූර්ණ කර ගන්න කල යුතු දේවල් වසර පුරාවට එක් එක් අදියරයන් ලෙස මාසයක මුල පිටුවෙ හෝ සති දෙකකට වරක් දින සටහනක් යොදන්න.

ඊට පස්සෙ දින පතාම නොහැකි නම් සතියකට වරක් වත් තමා එම සතියේ එක් එක් දිනයේ සිය බලාපොරොත්තුව දෙසට ගත් කිසියම් හෝ ක්‍රියකාරමක් කෙලේ නම් එය සටහන් කරන්න. මෙලෙස යන විට ඔබ වසර මුල දල වශයෙන් යෝජනා කල පියවරයන් ඔබට හමු වේවි. ඔබ ඒ වන විට එය සම්පූර්ණ කරගෙන නැත්නම් එය සම්පූර්ණ කල යුතුයි කියන අනතුරු ඇඟවීම ඔබට ලැබෙනවා.

(ඉහත සඳහන් උදාහරනයේ මාර්තු 31 දිනට ප්‍රශ්න පත්‍ර කිරීම අතපසු වී තිබුන හොත් ඒ පිලිබඳ දැනුවත් වීම හා එය ඉක්මණින් සිදු කල යුතු බවට උත්ප්‍රේරණයක් දිනපොතෙන් ලැබෙනවා.)

එම කාර්‍යය සම්පුර්ණ වී තිබුන හොත් ඔබට දැනෙන සැහැල්ලු බව එම පිටුවේ සඳහන් කරන්න. එය පසු දිනක නැවත දින පොත කියවන විට ඔබට ඔබගේ ආත්ම විශ්වාසය වැඩි කිරීමට උපකාරී වන්නක් වෙනවා.

මුල් කාලයේ මෙය අමුත්තක් ලෙස දැනුනත් ඉතා ඉක්මණින් ඔබ එයට හුරු වේවි. ඉන්පසු ඔබටත් නොදැනීම දිනපොත ඔබව ක්‍රමනුකූලව වැඩ කරන කෙනෙක් බවට පත් කරාවි. සැලසුම් කිරීම, සැලසුම් ක්‍රියාත්මක කිරීම, ප්‍රතිඵල අනුව සැලසුම් කාර්‍යක්ෂම කිරීම වැනි දියුණුවේ දුර්ලභ ගුණාංග ඔබටත් නොදැනීම ඔබට හුරු වේවි.

යම් විදිහකින් ඔබට බලාපොරොත්තුව හඹා යාම අපහසු වන විට ඉන් දැනෙන පීඩනය බෙද හදා ගන්නත් දින පොත උපකාරී වෙනවා. තමාට අවශ්‍යය අරමුණ වෙත යාමට අපහසු වීමට හේතු  ඔබම සිතා බලා හඳුනාගෙන දින පොතේ සඳහන් කරන්න, එවිට එම හේතු මග හැරීමට ඇති ක්‍රම පැහැදිලිව දැකිය හැකියි. ඒවාද සඳහන් කරන්න. අවසානයට සෑම විටම "මට මෙය කල හැකියි"  "මම කොහොම හරි මෙය කරනවා" වැනි දෙයක් ලියන්න. මෙලෙස නිතර ලියා දැක්වීම යටි හිතට කරන ස්ව්‍යංයෝජනාවක් තව විදිහකට කිව්වොත් ඔබගේ හැකියාව වැඩි කරවන මන්තරයක්.

මේක මම අත්හදා බලල 100% ප්‍රතිඵල ලබා ගත්ත දෙයක්. අසීරු අවස්ථාවන් වල මානසිකත්වය ශක්තිමත්ව ඒකාග්‍රව තියා ගන්න ගොඩක් උපකාරී උන දෙයක්. සමහර විට ඔයාලත් දැනට මෙහෙම දේවල් කරනවා ඇති. එහෙම නැති අය ඉන්නවා නම් අත්හදා බලන්න. 

ඔයාල ගාව වැඩිපුර අලුත් දිනපොත් තියෙනවා නම් හිතවතෙකුට තෑගි කරන්න, ඒ සමඟම එයින් ප්‍රයෝජනයක් ගන්න හැටිත් කියලා දෙන්න. සමහර විට එය ඔහුගේ ජීවිතය සර්ථකත්වයට යොමු කරන හැරවුම් ලක්ෂය වේවි. එහෙම උනොත් ඔබට කොයිතරම් සතුටු සිතේවිද!

ඉගෙනීම් කටයුතු වල යෙදෙන අයට වැදගත් වන මෙවැනිම ලිපි කිහිපයක් මම කලින් ඉදිරිපත් කලා ඔයාලට මතක ඇති. අමතක නම් ගිහින් බලන්න. 


ඔබේ සාර්ථකයට කිසියම් හෝ උදව්වක් ඒවායින් ලබා ගන්නට හැකි වුව හොත් එයයි මගේ සතුට.

මේ ලැබූ වසර ඔබගේ සාර්ථකම වසර කර ගැනීමට මගෙන් සුබ පැතුම්!


49 comments:

  1. මන් ගිය අවුරුද්දේ මුල් මාස හයේ හොදට දින පොත ලියන ආවා එත් පස්සේ ඒක මග ඇරුනා.එත් මේ අවුරුද්දේ ආයේ පටන් ගෙන හරියට දිගට ලියන් යන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ලියන්න මග ඇරෙන කාලවල් එනවා ඒත් නිදහසක් ලබුනහම පරණ තොරතුරුත් මතක් කරල ලිව්වහම හරි. මේ පාර දිගටම ලියන්න.

      Delete
  2. සුභ අලුත් අවුරුද්දක් වේවා ගිමා අයියේ ..මමත් ගිය අවුරුද්දේ ඉඳන් ඩයරියක් ලියන්න ගත්තා. හැබැයි පිටු දෙක තුනකට වඩා ලියල නෑ..ඉස්කෝලේ කාලේ අපේ ඉස්කෝලේ අනිවා ක්‍රියාකාරකමක් ඩයරිය ලියන එක. එකේ ලියල තියන එව්වා දැක්කම හිනා යනවා. පරණ ඩයරි කියවන එක සිරාම ආතල් වැඩක් තමයි.ඒ හින්දාම මම මේ අවුරුද්දේ ඉඳන් ලෙසටම කරන්න හිතාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. සුභ අලුත් අවුරුද්දක් වේවා සිතුම් මල්ලිටත්!
      කිව්වත් වගේ 5 වසරෙදි ලියපු ඩයරිය මතක් වුනේ දැන්නෙ මට මතක හැටියට මම දවසක් දාගෙන ඉදිරියට එන්න තියන දවස් වලටත් එක්ක ඒක ලිව්වා නිවාඩු මාසෙක. :D
      අනිවාර්‍ය්යෙන් හොඳට දිනපොතක් ලිව්වහම ගතියක් තියනවා කියවද්දි

      Delete
  3. ගිමන් මම මගේ දින පොත හැමදාම ලිව්වෙ මගෙ මහත්තයා හමු වෙච්ච අවුරුද්ද විතරයි.D;
    හැමදාම දින පොතක් නම් ලැබෙනවා. ඒ උනාට ලියන්නෙ නෑ. කාර්යාල සටහන් පමණක් දමනවා. මේ පාර කිව්වත් වගේ ලියන්නට ඕනෙ.
    වැදගත් ලිපි ටිකක් ඉවර ඇති විටෙක දමන්න.
    වාසනාවන්ත නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. චන්දිටත් වාසනාවන්ත වසරක් වේවා!
      දිනපොතක් ලිවීම කියන්නෙ තමන්ම තමන් කවුද කියල කල්පනා කරන්න පොඩි වෙලාවක් වෙන් කරනවා කියන එක. අද කාලෙ ගොඩක් අය නොදන්න දෙයක්නෙ ඕක නේද?
      කලින් ලියල තියන කෙනෙක් නිසා ඒකෙ වටිනාකම දන්නවා ඇතිනෙ, ආයෙත් ලියන්න පටන් ගන්න.
      ස්තූතියි දිරිගැන්වීමට!

      Delete
  4. මාත් කාලයක් ඩයරිය ලිව්වා ,,ඒත් කියන්නවත් අප්පිරියා හිතෙන හේතුවක් නිසා මම එය නවතා දමලා හුගක් කල් ..දැන් ඒක මන් පාවිච්චි කරන්නේ ගණන් හිලව් ලියන්න විතරයි ..ඔය කියන පිළිවෙල ඇත්තටම ඉගෙන ගන්න ළමයෙකුට වැදගත් ..ස්තුතියි !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙහානි!
      ගණන් හිලව් වලට හරි දිනපොත ලියනවා කියන්නෙ වැදගත් දෙයක්නේ. ඒ එක්කම අමතර මොනව හරිත් සටහන් කරන්න පුරුදු වෙන්න.

      Delete
  5. මමත් දිනපොත ලියන එක නවත්වලයි තියෙන්නෙ.. ඒත් මේ අදහස වටිනවා... බලමු අත්හදා බලල.

    සුබ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. තරුරසීටත් සුබම සුබ අලීත් අවුරුද්දක්! ගැටළු ඇති වෙන්නෙ තමන්ගේ ජීවිතේ ඕපදූප ලියන්න ගියහම. මගෙ යෝජනාවෙන් නම් එහෙම ගැටළුවක් එපා වීමක් ඇති වෙන එකක් නෑ.

      Delete
  6. ගොඩක් වටින අදහසක්.. මාත් මේ අවුරුද්දේ එකක් ලියන්න කියලා පටන් ගත්ත විතරයි.. මේකත් ඔළුවට දා ගන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!
      දිනේශ්ටත් ලබන අවුරුද්ද ගොඩක් වැදගත්නෙ. ඉතිං ඒ ඔක්කොම වැඩ කටයුතු දැන්ම ටික ටික සැලසුම් කරල තිබ්බොත් පහසුවෙයි.

      Delete
  7. වැදගත් ලිපියක්නෙ අළුත් අවුරුද්දෙ මුලම දුන්නෙ සිත්තමීත් හොරා....කවදාවත් දිනපොත ලියන්නෙ නෑ.....ලිපිය කියවද්දි ඇත්තටම ඒ විදියට ප්ලෑන් කරන්න හිතුණා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගී. ගොඩක් මහන්සි වෙන්න ඕන දෙයක් නෙවෙයිනේ හැබැයි ලැබෙන ප්‍රයෝජනයේ නම් වටිනවා. ඉතිං ට්‍රයි කරලම බලන්න.

      Delete
  8. අනේ ගිම් , මම නම් ඩයරියේ ලියන්න කම්මැලිම කම්මැලියෙක්. කොයිතරම්ද කියනවා නම් ගිය අවුරුද්දේ හම්බ උන ඩයිරිය තාම ඒක ඔතාපු කවරෙ පිටින්ම පොත් ගොඩ උඩ :)

    වැඩකටයුතු සැලසුම් කරන එක නම් මම කරනවා. ඒකත් ෆෝන් එකේ නොර්ට් එකක් හැටියට.
    අදහස නම් හොඳයි ඒත් කොහෙද මම කම්මැලියිනේ

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ දිනපොතක් නොලිව්වත් ළිහිණි මම කියන්න බලාපොරොත්තු වුන දේ දැනටමත් කරනවා. නමුත් දිනපොතක් ලිව්වොත් පස්සෙ කාලෙක වුනත් කියවල තම සාර්ථකත්වය ගැන සතුටු වෙන්න පුලුවන්!

      Delete
  9. ගොඩක් වටින අදහසක් ගිමන්. එදිනෙදා ජීවිතේ සිදුවීම් ඩයරියක ලියන එක නම් මට මහ කම්මැලි වැඩක්. ඒත් මේ අදහස නම් වැදගත්. ඒක ජීවිතේ අරමුණු වලට ළං වෙන්න හොඳ තල්ලුවක් දේවි කියල හිතනවා.

    ආපහු ලියන්න ආපු එක ගැන සතුටුයි. දැන් නිවාඩු ගත්ත ඇතිනෙ :) දිගටම ලියමු :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චාමි!
      එදිනෙදා දේවල් ලියනවට වඩා මේ ක්‍රමය රසවත් මොකද මෙහෙම කරද්දි අපිට ඉලක්කයක් තියෙනව. අනෙක පලමු දවසෙ විතරයි වෙලාව ටිකක් හරි වැය කරන්න වෙන්නෙ.

      Delete
  10. මුලින්ම සුබ අලුත් අවුරුද්දක් ගිමන්ට.
    නිහඬතාවය බිඳලා තියෙන්නෙ ඵලදායී විදියට.
    මමත් ඉස්සර දිනපොත් ලිව්වා. පස්සෙ අත් හැරියා.
    මගෙ තාත්තා නම් අනිවාර්යයෙන්ම රාජකාරි දිනපොත් ලිව්වා. ඒවා අදත් තියෙනවා.

    ගිමන්ගෙ මේ ක්‍රමය මගෙ පුතාටත් පෙන්නන්න ඕනෙ.
    මේක දිනපොත් ලිවීමට අමතරව Year Planner එකක් විදියටයි මම දකින්නෙ.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අයියාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
      ඇත්තටම මෙය Year Planner එකක් තමා නමුත් Year Planner කිව්වහම ටිකක් නීරස දෙයක්, දිනපොතක සටහනක් විදිහට කරගෙන යද්දි එය ටිකක් රසවත්, අන්තිමට ආපසු කියවල බලල සතුටු වෙන්න පුලුවන් ගමන්මගේ විස්තර අපිට ඉතිරි වෙනවා.

      Delete
  11. වටින අදහස් ටිකක් මල්ලි... ඇත්තටම කෙනෙක්ට කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. ඉස්සර නම් ඔයවගේ ප්ලෑන්ස් ගැහුවා.. ඒත් දැන් නම් ප්ලෑන්ස් අතෑරලා තියෙන්නේ... බලමුකෝ
    මල්ලිටත් සියලූ බලාපොරොත්තු ඉටුවන සුභම සුභ නව වසරක්......!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා! අයියටත් සුබම සුබ නව වසරක් වෙවා!
      ඇයි එහෙම කියන්නෙ ඊලඟ පියවරට යන්න තාම අදහසක් ඇති උනේ නැද්ද?

      Delete
  12. අද තමයි මුලින්ම ආවේ.මේ අවුරුද්දට අපේ ඔ‍ෆිස් එකෙන් දීපු දින පොතේ මම මේ අවුරුද්දෙ කරන්න ඉන්න වැඩ ටික පිලිවෙලට ලියල ඒවා කරගන්න ඕන..

    ReplyDelete
    Replies
    1. නදීරවත් ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා!
      අත්හදා බලන්න අනිවර්‍ය්යෙන් හොඳ ප්‍රතිඵල ඉක්මණින්ම ලැබෙන බව තේරෙයි.

      Delete
  13. අවතාර් ගියපු ඩයරියක් මේ ළඟදී හම්බුනා .ආයේ ලියන්න හිත මදා ගත්තත් ලියන්න හිතෙන්නේ නෑ කම්මැලිකමට

    ReplyDelete
    Replies
    1. ලියන්න පටන් ගන්න ටිකක් කම්මැලි හිතෙන්න පුලුවන් කොහොම හරි ආරම්භය ගත්තොත් නම් ඉක්මණින් පුරුදු වෙනවා. උත්සාහ කරල බලන්න පාඩුවක් වෙන එකක් නැහැ

      Delete
  14. අයියාටත් එසේම වේවා!!! මමත් ඉස්සර ඩයරියක් පාවිච්චි කලා.. ඒත් දැන් නම් ඩයරි තිබ්බාට ලියැවෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගි!
      ආයෙත් උත්සාහ කරල බලන්න ටිකක් වෙනස් විදිහකට :)

      Delete
  15. අවුරුද්ද පටන් ගත්තාම මටත් කොහෙන් කොහෙන් හරි දින පොතක් නම් ලැබෙනවා. ඒත් ලියවෙන්නේ හරීරී අඩුවෙන්. කලාතුරකින් කරන්නම දෙයක් නැතිවුණොත් ඔන්න දින පොත ලියන්න පටන් ගන්නවා. ඒ නැත්නම් මොකක් හරි වැඩක් ප්ලෑන් කරද්දී ඒකට අදාළ ඔක්කොම ජාති ලියවෙන්නේ දිනපොතේ තමා

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ හසිත නම් දැනටමත් මම කියන දේ කරගෙන යන කෙනෙක් වගෙයි. දිනපොතේ ගොඩක් දේවල් වත් හැමදාමවත් ලියන්න අවශ්‍යය නැහැ. අපිව නියම ට්‍රැක් එකේ තියා ගන්න පොඩි මංසලකුණු ටිකක් තියා ගන්න එක තමයි කරන්න ඕනෙ!

      Delete
  16. මගේ ඩයරි වල රහස් අනන්තයි අප්‍රමාණයි. හැබැයි එහෙන් මෙහෙන්. හිකිස්.

    ReplyDelete
    Replies
    1. :D ඕව ඉතින් රහස් භාශා සංකේත වලින්නෙ වැඩි හරියක් ලියල ඇත්තෙ නේද?

      Delete
  17. හපොයි...හැම අවුරුද්දක්ම පටන් ගන්නකොට ඩයරියක් ගන්නවා ලියන්න කියල. කොහෙද ටික දවසක් යනකොට වැඩේ ඉවරයි....අන්තිමට බලනකොට ඔක්කොම හිස්.... ඒ නිසා මේ පාර ඩයරිය ලියන එක ගැන හිතුවෙවත් නැ.....

    ReplyDelete
    Replies
    1. මේ විදිහට ලිව්වොත් පලවෙනි දවසෙ විතරනෙ වැඩි වැඩ කොටසක් තියෙන්නෙ. ඊට පස්සෙ තියෙන්නෙ ලියපු ඒවගෙන් වඩ ගන්න

      Delete
  18. දිනපොත් නැති ජීවිතේ හොදයි බං...

    ReplyDelete
    Replies
    1. දිනපොත අවුලක් වෙන්නෙ වල්පල් ලිව්වොත්! මේ විදිහට කලොත් එපා වෙන්නෙ නෑ

      Delete
  19. දින පොත් ලියන එක නම් මං කරන්නේ නෑ.ඒත් මගේ ගුරුවරු නම් කියන්නේ ලියන්න කියලා

    ReplyDelete
    Replies
    1. ලියල බලන්න, එයාල කියන්නෙත් ඒකෙ වටිනාකමක් තියෙන නිසානෙ

      Delete
  20. වටිනා ලිපියක් ගිම්..
    රාජකාර මට්ටමෙනුත් එදිනෙදා වැඩ ගැන දිනපොතක් ලියන් හැකි නම් ගොඩක් වටිනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ!
      ඒක ඇත්ත එතකොට රාජකාරී වැඩ අවුල් කර ගන්නෙ අතපසු කර ගන්නෙ නැතුව කරන්න පුලුවන්

      Delete
  21. ම්ම්ම්... දිනපොත ! දැන් අවුරුදු දෙක තුනක ඉඳන් මගේ හොඳම යාළුවන්ගෙන් කෙනෙක්. මගේ එදිනෙදා ජීවිතේ සතුට, දුක, තරහ, පාළුව විතරක් නෙවෙයි මගේ සැලසුම්, හීන පවා මම බෙදාගන්නේ දිනපොත එක්ක. අයියගෙ ලිපියෙන් මගේ දිනපොත් ඇසුර වඩාත් හොඳින් පවත්වාගන්න ලොකු උදව්වක් ලැබුණා. ගොඩක් ස්තූතියි මේ අපූරු ලිපියට. ජයවේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතුයි වකා නංගි!
      ඔව් මට මතකයි ඔයා දවසක් දිනපොතේ ලියල තිබුනු දේවල් ටිකක් ගැන පෝස්ට් එකක දාලත් තිබුනා. ඉතින් ඔයාට නම් මම කියන දේ හොඳට අත්විඳල පුරුදු ඇති!

      Delete
  22. අමුතුම අපි නොසිතන සිතුවිල්ලක්.හරවත් සටහනක්.ලස්සනට ගලපලා අපිටත් කරන්න හිතෙන විදියට.නිරෝගිමත් සුභ නව වසරක් ඔබටත් පවුලේ සැමටත් වේවා!

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ගයානිටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා!

      Delete
  23. මම කවදාවත්ම දිණ පොතක් ලියලා නෑ... දිණපොතක් ලිවීම පසුකාලීනව ස්වයං චරිතාපදානයක් එහෙම ලියන්න සෑහෙන ප්‍රයෝජනවත්...

    ගම්පහ ගෙට්ටුවට ගැන විස්තර කාමරේ තියෙනවා.. 27 ගම්පහ එන්න...

    ReplyDelete
    Replies
    1. මම කියල තියන්නෙ නම් තමා ගැන විස්තරයක් ලියන්න කියලම නෙවෙයි. අවුරුද්දට සලැස්මක් එක්ක එය සාර්ථක කර ගත්ත විදිහ ලියන්න කියල.
      මාත් එන්න හිතන් ඉන්නෙ ගෙට්ටුවට, බලමුකො

      Delete
  24. සෑම අවුරුද්දකම දින පොත්නම් කිහිපයක් ලැබෙනවා. ඒත් ඒවා කාට හරි දෙනවා. මම තවම පුරුද්දක් විදිහට දිනපොතක් එක් වසරක් හෝ සම්පූර්ණයෙන් නඩත්තු කර නැහැ. නමුත්, එහි වැදගත්කමක් ඇති බව නම් දන්නවා....

    ReplyDelete
  25. මේම් මාත් කරන දෙයක් ඇතට ගොඩක් හොද සාර්ථක ක්‍රමයක්

    ReplyDelete
  26. සිතට ගත යුතු කාරනයක්.

    ReplyDelete