Saturday, June 9, 2012

ජීවිතය විඳින්න....!


මුලින්ම අපි හිතල බලමු ඔබ දවසෙ උදේ අවදි වුන වෙලාවෙ ඉදල රෑ නින්දට යනතුරු මොකද කලේ කියල. 

උදේ පාන්දරින් නැගිටල කඩිමුඩියෙ ලකලෑස්ති වෙලා කාර්යාලයට / පාසැලට / අතිරේක පන්තියකට යන්න ඇති. යන අතරතුර ගමනෙදි ඉතින් විවිධාකර අපහසුකම් විදින්නට ඇති. සමහරු නිවාඩු පාඩුව ගියාට සමහරුන්ට නම් තැලිල පොඩි වෙලා යන්න වෙන්න ඇත්තෙ.
වැඩට ගිය උදවිය නම් තමන්ගෙ රාජකාරියට අනුව මහන්සි වෙලා දවසේ වැඩ ටික හැකි පමනින් කරගෙන යන්න ඇති. පාසැල් ගිය නංගිලා මල්ලිලා හවස ටියුශන් පංති වලට එහෙමත් ගිහින් හවස් වෙනකොට යන්තම් ගෙදරට එනව බඩගිනි කියාගෙන. වැඩට ගිය උදවිය රෑ කරුවල වැටීගෙන එනකොට ගෙදරට එන්නෙ කියාගන්න බැරි තරම් මහන්සියෙන්.

එතකොට ගෙදර ඉන්න ගෘහනියෝ දාහකුත් එකක් ගෙදර දොරේ වැඩ කරල මේ වෙනකොට හෙම්බත් වෙලා ඉන්නෙ. 
ඉතිං කට්ටිය එකතු වෙලා තේකක් එහෙම බීල පොඩ්ඩක් ගිමන් හරිනව. ඒත් එක්කම පටන් ගන්න හවස ප්‍රවෘත්ති ඊට පස්සෙ ටෙලි නාට්‍ය පෝලිමේ තම තමන් තෝර ගත්ත ඒව බලනව. ඒ බලන අතරෙම රෑ කෑම එකත් ඉවර කරනව රූප පෙට්ටිය දිහා බලගෙනම.

ඊට පස්සෙ නිදිමතයි. ඔක්කොමල්ල නින්දට යනවා. හැබැයි විභාග තියන නංගිලා මල්ලිලා නම් නින්දට ඉඩ නොදී තව ටිකක් රෑ වෙනකල් පාඩම් කරනව.

හැමෝගෙම නොවුනත් බහුතරයකගේ දින චර්යාව මේ කිව්ව විදිහට ගොඩක් සමානයි නේද? වරදක් කියන්න නැහැ මේ ඉතිං අපි පුරුදු වෙලා තියන හැටිනෙ!

අපි ඇත්තටම ජීවිතය විඳිනවද එහෙමත් නැත්නම් විඳවනවද නැතිනම් ඔහේ ගලා ගෙන යන්න දීල බල ඉන්නවද? ඕනම කෙනෙක්ට ඔය විදි තුනෙන් එකක් තෝරගන්න පුලුවන්. 

1. ජීවිතය විඳින කෙනා

ප්‍රශ්න දාහක් තිබුනත් සතුටින් හිනා වෙලා ඉන්න කෙනෙක්, සැහැල්ලුවෙන් හිටියත් තමන්ගෙ එදිනෙදා වැඩ තිතට කරනව, හරිම ක්‍රියාශීලී, කථාවට ප්‍රියයි, ඕනැම කෙනෙක්ට නෑ බෑ නොකියා උදව් කරනව, මිත්‍රශීලී, ඇසුරු කරන හැමෝටම ශක්තියක්.

2. ජීවිතය ඔහේ ගලා ගෙන යන්න ඉඩ ඇරල බල ඉන්න කෙනා

ප්‍රශ්න තිබුනත් ඒව කාලයට විසඳන්න ඉඩ දීල බල ඉන්නව, ප්‍රශ්න ලොකුවට ගනන් නොගත්තත් ඒ හැටි හිතේ සතුටක් තියන පාටකුත් නැහැ, නිතරම මහන්සි පාටෙන් තමා ඉන්නෙ, නෑ බෑ කියල ඇඟ බේරගෙන නිවාඩු පාඩුව ඉන්න තමා බලන්නෙ, ආත්මාර්ථකාමී කම හින්දම නෙවෙයි හිතේ වෙහෙසකර කම හින්දා. කථා කලොත් කථා කරනව, ගොඩක් මිත්‍රශීලී නෑ, නැත්තෙත් නෑ.

3. ජීවිතය විඳවන කෙනා

ප්‍රශ්න වලට හරිම බයයි, දවසේ අවදියෙන් ඉන්න හැම මොහොතක්ම ගෙවන්නෙ ප්‍රශ්න ගැන හිත හිතා, විසඳුමක් හොයා ගන්නත් බෑ. එදිනෙදා වැඩ හරියට කරගන්නත් බෑ, නිතරම කේන්ති යනවා, යාළුවො ආශ්‍රයකුත් නැති තරම්, කථා කලොත් දුක් ගැනවිල්ලක් කියා ගත්ත ගමන්!

මොකද හිතන්නෙ? තමන්ට හරියන කාණ්ඩයක් තියද? අපි මේ කාණ්ඩ තුන අතරෙ තමා ජීවත් වෙන්නෙ. කාලෙන් කාලෙට කණ්ඩෙ වෙනස් වෙන්නත් පුලුවන්.

බැලු බැල්මට පේනවනෙ වඩාත් සාර්ථක කාණ්ඩෙ පළවෙනි කාණ්ඩෙ කියල. අපිට බැරිද හැමදාමත් ඒ කාණ්ඩෙට වෙලා ඉන්න? අපොයි පුලුවන්! කරන්න ඕන එකම දේ අපේ හිත්වල තියන මලකඩ කම්මැලි කම් කඩල දාලා, ධනාත්මක විදිහට හිතන්න පුරුදුවෙන එක. දාහක් අමරුකම් එක්ක ජීවත් වෙන කොට, ප්‍රශ්න එක පිට එක එනකොට ධනාත්මකව හිතන්න අපහසුයි තමයි. ඒත් ජීවිතේ බින්දුවටම වැටුනත් මම තාම ජීවත් වෙනව මම ආයෙමත් නැගිටිනව කියන එක ඔබේ හිතටම තදින් කියා ගන්න. වියදමක් යන්නෙ නැහැනෙ නේද? දකින අය මොනවද හිතන්නෙ? අන්තෙටම වැටුනත් හිනාවෙන් ජීවිතේට මුහුනදෙන හිත හයිය මනුස්සයෙක් කියල! එතකොට කරදර ගොඩක හිටියත් ඔබ සමාජය ගරු කරන අභිමානවත් පුද්ගලයෙක්!

ඉතිං ජීවිත ගමන් මඟේ සාර්ථකව ශක්තිමත්ව ඉදිරියට යන හැටි තවදුරටත් අපි ගිමන්හලේදි මුණගැහිල කථාබහ කරමු.
අදට එක දෙයක් මතක තියා ගන්න! ජීවිතය විඳින්න, ඔහේ ගලාගෙන යන්න ඉඩ දීල බලා ගෙන ඉන්න එපා. ජීවිතය විඳවන්න නම් කොහෙත්ම එපා!


9 comments:

  1. මමත් මේ එක කාණ්ඩේක ඉන්නවා කියලා හිතෙනවා..හ්ම්ම්ම්.... මම නම් ආස නැ ජිවිතය විදවන්න..එක කරදරයක්..මොන දේ උනත් හිතේ සතුටින් ඉන්න පුලුවන් නම් ..

    ReplyDelete
    Replies
    1. අපි කවුරුව්ත් ජීවිතය විඳවිය යුතු නෑ නිම්ශා! මොනදේ උනත් හිතේ සතුට නැති වෙන්න දෙන්න එපා, හිතේ සතුට නැති කරගෙන දුක් වෙවී හිටිය කියල කවදාවත් ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙන්නෙ නැහැ නේද?

      Delete
    2. හිතේ සතුට නැති වෙන්නේ අපි හිතලාම කරන දේවල් වලින් නෙමේනේ යාලු.. සමහර දේවල් වලින් අපිට සතුටු වෙන්න අමාරුයි නේ..එත් එහෙම හැමදෙයක්ම සමබරව බාරගන්න පුලුවන් නම් කොච්චර හොදයිද..අවංකවම මට නම් ටිකක් අමාරුයි.මොකද මම දන්නවා මගේ හිත එ තරම් ශක්තිමත් නැහැ.එහේම නම් මම මගේ ජිවිතේ ගොඩක් දේවල් මේවන විට වෙනස් කරන්.

      Delete
    3. ඔයා කියන දේ හොඳටම තේරෙනවා නිම්ශා. මම කරන්නෙ යෝජනාවක්. අපි හැමෝම සාමාන්‍ය හිත් තියෙන අය, පොඩි දේටත් හිත රිදව ගන්නව, දුක් කරදර වලදි මානසිකව වැටෙනව. ඒත් ඒ මත්තෙම දුක් වෙවී කාලයට ජීවිතය ටිකෙන් ටික දිය කරන්න ඇරල බලා ඉන්න එක වැරදියි. ඒක කම්මැලි කමක්. තමන්ගෙ හිත තමන්ට හසුරව ගන්න පුලුවන්කම තියෙන්න ඕනෙ. උදාහරණයක් කිව්වොත් ව්‍යායාම කලහම ගත ශක්තිමත් වෙනව වගේ තමයි දුක එක්ක හැප්පෙන අයගේ හිත ශක්තිමත් වෙනව. ඉතිං ව්‍යායාම නොකර කම්මැලි කමට ඉන්න අය වගේම තමා දුක එක්ක සටන් නොකර ඔහේ කවදා හරි දුක අඩුවෙලා යාවි කියල බලා ඉන්න අයත් එක්තරා විදිහක කම්මැලියෝ නෙවෙයිද?

      Delete
  2. ජීවිතේ ගලාගෙන යන්න දෙන එක මේ විදිහට නෙමෙයි ඒක උපේක්ෂාවෙන් කරන්න ඕනේ. ඒ විදිහට ලබන සතුට වඩා වැඩියි කියලයි මට නම් හිතෙන්නේ......

    ReplyDelete
    Replies
    1. සතූතියි හසිත! ඔව් ජීවිතේ දිහා උපේක්ෂාවෙන් බලල දුක ජය ගන්න පුලුවන්. ජීවිතේ සතුට ලඟා කර ගන්න ජීවිතේ ගැන සෑම විටම ධනාත්මකව හිතන්න ඕනෑ. කෙනෙක්ගේ ඇති ධෛර්‍යමත් බව රඳා පවතින්නෙ ඒ සුභවාදී චින්තනය මත.

      Delete
  3. ඔව්... මමත් ගොඩාක් වෙලාවට (98%k විතර)ඉන්නේ 1වෙනි කාන්ඩේ... එත් අපි අනෙක් අයත් මේ කාන්ඩේ නැති වෙලාවට තමයි අපිත් ටිකක් හරි අවුට් යන්නේ....

    ReplyDelete
  4. මම ෙමානෙද් කරත් හැෙමා්ම ඒ ගැන වැරදි කියන්ෙන්. මම වැරදි ෙනාකර අැයි බැනුම් අහන්ෙන්. දැන් අැතිෙවලාගගග

    ReplyDelete