Thursday, July 5, 2012

දයාබර නැගණියට....!




සිනා පිරුණු කෙළි කවට කතාවට

විරාමයක් තැබුවේ මන්දෝ

පෙර මෙන් සෙල්ලම් ගීත ගයන්නට

පුංචි නංගියේ හිත නැතිදෝ


ආල හැඟුම් පූදින මල් සමයක

ඔය නෙතු අබියස හීන මැවෙයි

පොතින් පතින් ගිලිහී කවියක් ගැන 

හිතන්නෙපා නුඹෙ මග වැරදෙයි


ඉති අතරින් නැගි පුංචි කැකුළකින්

පිච්ච මලක් පිපුණම සුවඳයි

සිහින අතර නොරැඳී දිරි ගත්තොත්

නංගියෙ ජීවිතයම සුවඳයි!

Tuesday, July 3, 2012

එකම දේ නැවත නැවත කරවන ග්‍රස්ථිය (Obsessive Compulsive Disorder)


"චා දොර වහන්න බැරි වුනාද මන්ද" කාරයට නැගි සුගත්ට සිතින. හණික කාරයෙන් බැස ගත් ඔහු ඉදිරි දොරටුවේ හැඬලය දෙතුන් වරක් කරකවා දොර තල්ලු කර, දොර වැසී ඇති බව තහවුරු කර ගත්තේය. "අයන් එක ගැලෙව්වද මතකත් නැහැ"

ඔරලෝසුව දෙස බලා නැවත නිවසට ඇතුලු වූ ඔහු විදුලි ස්තිරික්කය විදුලියෙන් විසන්ධි කර ඇති බව තහවුරු කරගෙන නැවත ඉදිරි දොර වසා කිහිප වරක් එය පරීක්ෂා කර දොර වැසී ඇති බව තහවුරු කර ගෙන සුසුමක් හෙලා කාරයට ගොඩ විය!


මොකද ඔබට හිතෙන්නේ සුගත් ගැන? ඉක්මණින් සුලු දෙයක් පවා අමතක වෙන කෙනෙක්ද? නොසැලිකිලිමත් කෙනෙක්ද? නැත්නම් ඕනවටත් වඩා පරෙස්සම් වන කෙනෙක්ද?

නැහැ! මේ ග්‍රස්ථිය නම් මානසික සංකූලතාවයේ ලක්ෂණ කීපයකි. 


අහ්! එහෙනම් ඉතිං පිස්සෙක්ද?! මෙසේ සිතීම සමාජයේ ඇති තවත් මෝඩ ආකල්පයකි.


අපට වැලදෙන කායික රෝග තරමටම මානසික රෝගද සුලබය. ගැටළුවකට ඇත්තේ මානසික රෝග කායික රෝග මෙන් බොහෝ දෙනා හදුනා නොගැනීමයි. බොහොමයක් මනසේ ඇති වන සංකූලතා කැස්ස හෙම්බිරිස්සාව මෙන් ඇති වී නැති වී යයි. නමුත් සමහර හෙම්බිරිස්සා තත්වයන් නියුමෝනියාව දක්වා නරක් වන්නා සේ මානසික රෝගද දරුණු තත්වයට පත් විය හැක.


දැන් අපි බලමු මෙම ග්‍රස්ථිය කියන්නේ කුමක්ද කියල.

මෙම රෝගී තත්වයේ මූලික ලක්ෂණය වන්නේ. සිතට අසහනය දෙන සුලු සිතුවිලි, ආවේග හෝ රූප එක දිගටම සිතට ඒමය. මෙය සිතා වලක්වා ගැනීමටද නොහැකිය. බොහෝ විට රෝගියාට මෙය කරදයක් වේ. එම නිසා මානසික පීඩනයට ලක්වීමද එම සිතුවිලි අප්‍රසන්න බවට පත් වීමද සිදු වේ.


මෙම සිතුවිලි වර්ග කීපයකි.


1. එක දිගටම ඇති වන සිතුවිලි. (obsessional thoughts)

- ඉහත සඳහන් කල අකාරයට වේ.


2. එකම ක්‍රියාව කිහිප වරක් කිරීමට පොලඹවන සිතුවිලි. (obsessional rituals)


මෙය තේරුමක් නැතිව හෝ තේරුමක් ආරූඪ කර ගනිමින් සිදු කරන ක්‍රියාවන්ය.

උදා :-

- ඇවිදීමේදී යම් ස්ථාන අනිවාර්‍ය්යෙන්ම පසුකර යාමට උත්සාහ කිරීම.

- මේසය උඩ හෝ කාමරයේ ඇති භාණ්ඩ සිතට ඇතිවන තුරු නියමිත තැන් වල පිලිවෙලට තැබීම.( කිහිප වරක් එකම භාණඩය ඉතාමත් නිවරැදිව නියම තැන තැබීමට උත්සාහ කිරීමා


3. විවාදාත්මක සිතුවිලි (obsessional doubts / compulsions)


දවසේ කරන ක්‍රියාකරකම් ගැන සැකයක් ඇති වීම, එම ක්‍රියාව කිහිප වරක් කිරීමෙන් සැකය සංතෘප්ත කර ගැනීමට උත්සාහ දැරීම.


උදා :-

- දොරක් වැසූ බව කිහිප වරක් පරීක්ෂා කිරීම.

- කරාමයක් වැසූ බව කිහිප වරක් පරීක්ෂා කිරීම.

- විශබීජ ඇතැහි සිතමින් බොහෝ වේලා වරින් වර අත් සේදීම.


4. ආවේගත්මක සිතුවිලි (obsessional impulses)


යම් යම් ආවේගශීලී (දරුණු හෝ ලැජ්ජා සහගත ) ක්‍රියාවන් කිරීමට මහත් අසාවක් ඇති වීම.


උදා :-

- ගමන් කරමින් තිබෙන රථයකින් පැනීමට සිතීම.

- කුඩා දරුවෙකුට පහර දීමට සිතීම

- පාලනය කර ගත නොහැකි ලෙස අසභ්‍ය සිතුවිලි සිතට ඒම.

(මෙවැන් සිතිවිලි ඇති වුවද ක්‍රියාවට නොනගයි, එම සිතුවිලි ගැන ලැජ්ජා සහගත හා අප්‍රසන්න බවක් ඇති වීම පමණක් සිදු වේ.)


5. බිය සහගත සිතුවිලි (obsessional phobias and anxiety)


මනස අපහසුතාවයට පත් කරන ඉහත සඳහන් ආකාරයේ සිතුවිලි පිළිබඳ බිය ඇති වීම. එම නිසා එවැනි සිතුවිලි ඇති වන අවස්තා මඟ හැරීම.



ඉහත සඳහන් සිතුවිලි ඇති වීමට අමතරව තවත් මේ හා බැඳුනු ලක්ෂණ දැකිය හැක. මෙම ග්‍රස්ථියෙන් පෙලෙන්නන් බොහෝ විට දවසේ බොහෝ දේවල් යම් පිලිවෙත් පෙලක් ලෙස සිදු කිරීම හා එම පිලිවෙල වෙනස් කල හොත් තමාට හානියක් සිදු වේ යැයි සිතීම.


තමා තමාටම නියම කරගත් බොහෝ නීති රීති හා වැලකීම් අනුගමනය කිරීම.


පරිපූර්නත්වය පිළිබඳ අධික ලෙස සැලකිලිමත් වීම, එනම් යම් වැඩක් නිම කිරීමට අනවශ්‍යය ලෙස බොහෝ වේලාවක් වැය කිරීම. එම වැඩෙහි අවසානය පිළිබඳව නොසෑහීමට පත් වීම.


තමාගේ අදහස් පමණක් නිවරැදි යැයි සිතීම, අන් අයගේ උපදෙස් පිළිගැනීමට අකමැත්තක් දැක්වීම. මුරණ්ඩු ගති ලක්ෂන තිබීම. අනෙක් අයද තමාගේ අදහස් අනුගමනය කල යුතු යැයි සිතීම.


ආගමික කටයුතු වල යෙදීමට බොහෝ වේලාවක් ගත විම. එහි පිලිවෙත් ඉතා පරීක්ෂාකාරීව පිලිවෙලකට සිදු කිරීමට උත්සාහ ගැනීම. මෙහිදී ආගමික භක්තියට වඩා එම පිළිවෙත් වැරදීමෙන් තමට නරකක් හෝ හානියක් වේ යයි බිය ඇති වීම.


මෙලෙස දවසේ බොහෝ කටයුතු යම් සැකැස්මක් අනුව කිරීමට පෙළඹීම. යම් කටයුත්තක් කරන විට පිලිවෙල පිලිබඳ සෑහීමකට පත් නොවූ විට නැවත නැවත මුල සිට කිරීමට පෙළඹීම. වාර ගණනාවක් කිරීමෙන් විඩාවට හා කේන්තියට පත් වීමද සිදු වේ.


කිසිම තේරුමක් නැති කාර්‍ය්යන් පුරුදු ලෙස කිරීමට පුරුදු වී සිටීම.

උදා :- 

නිවසේ සිට පාසලට හෝ රාජකාරී ස්ථානයට යන විට, 

- යම් යම් ස්ථාන අනිවාර්‍ය්යෙන් පසු කිරීම.

- යම් ස්ථාන ලකුණු දෙස බලමින් යාම 

- එකම නාම පුවරුවක් පුරුද්දක් ලෙස කියව යාම

- හිස පීරූ පසු පනාව සෑම විටම එකම ස්ථානයක ඉතා නිවරැදිව තැබීමට උත්සාහ දැරීම.


යම් ක්‍රියාවක් වාර ගණන් කරමින් සිදු කිරීම. වාර ගණන වැරදුනු විට නැවත නැවත කිරීම.


මෙම සංකූලතාවය ඇති වීමට මොළයේ basal ganglia යන පෙදෙසේ ඇති වන යම් වෙනස්කම් බලපාන බවටත්. ස්නායු සෛල වල ඇති serotonin නම් රසායනිකයේ අසමතුලිත තාවයන්ගේ බලපැමක් මෙයට ඇති බවද, රෝගය වැලදීමට ජාන ගත බලපෑමක් ඇති බවද තවද සමහරක් බැක්ටීරියා (streptococcus) අසාදනයන්ගේ අතුරුපලයක් ලෙස මෙය හට ගත හැකි බවද මෙම රෝගය ඇති වීමට හේතු සොයා බැලීමේදී හමුවන කරුණුය. මෙම කරුණු තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.


දැන් ඔබට මෙම ග්‍රස්ථිය නම් මානසික සංකූලතාවය පිළිබඳ යම් වැටහීමක් ඇති යැයි සිතමි.


මෙම මානසික ගැටළුකාරී තත්වය පහසුවෙන් සාමාන්‍ය තත්වයට පත් කල හැක අවශ්‍යය වන්නේ තමාට ඇති ගැටළුව හරියාකාරව හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වීමය. එවිට බොහෝ විට ඖෂධ භාවිතයෙන් තොරව වුවද මෙය සාමාන්‍යය තත්වයට පත්කර ගත හැකිය.


මේ සඳහා ඕනෑම සාමන්‍ය වෛද්‍යවරයෙකු හමු වී සාකච්ඡා කරන්න. ඔහු අවශ්‍යය පරිදි තවදුරත් උපදෙස් ලබා දී නිසි වෛද්‍යයවරයෙකුට හෝ උපදේශකවරයෙකු වෙත යොමු කරනු ඇත.


ඉතා සරල මානසික අභ්‍යාස වලින් මෙම තත්වය ඉතා පහසුවෙන් සුව කරගත හැක. කලාතුරකින් ඖෂධ වල සහයද ලබා ගැනීමට සිදු වේ.

තම නිවසේ සමාජිකයින්ගේද සහය ගැනීමෙන් තවත් පහසුවෙන් මෙම තත්වය සුවකර ගතහැක., ඒ සඳහා ඔබගේ වෛද්‍යයවරයා හෝ උපදේශකවරයා උපදෙස් දෙනු ඇත.


66% කටත් වැඩි පිරිසකට නිවරැදි උපදෙස් පිළිපැදීමෙන් වසරකටත් වඩා අඩු කාලයකදී සාමාන්‍යය තත්වයට පත් වීමට හැකි වේ. අනෙක් අයටද මදක් පසු වී වුවද නිවරැදි ප්‍රතිකාර ක්‍රම මඟින් සාමාන්‍යය තත්වයට පත් විය හැක.


මෙම තත්වය ඇති අය ඉන් ඉතා පීඩාවට පත් වේ. මානසික පීඩනය, කලකිරීමට පත් වීම, අධික ලෙස කාලය නාස්ති වීම, නිතර කේන්තියට පත් වීම වැනි දුෂ්කරතා වලට ලක් වේ. එම නිසා මේ පිළිබඳ සැකයක් ඇත්නම් වෛද‍යයවරයෙකු හමු වී උපදෙස් ලබා ගන්න. එවිට වඩාත් පහසු සැහැල්ලු දිවියක් ලඟා කර ගත හැකි වනු ඇත.


මේ සමඟම දිය යුතු ඉතා වැදගත් පණිවිඩයක්ද ඇත! එනම් මානසික රෝග යනු අනිසි ලෙස බිය විය යුතුවත්, සුව කල නොහැකි රෝගවත්, කීමට ලැජ්ජා විය යුතුවත් රෝග වර්ගයක්වත් නොවේ. ඒවාද සාමන්‍ය කායික රෝග මෙන් ඇති වී නැති වී යන, සමහර අයට ප්‍රතිකාර අවශ්‍ය වන තත්වයන්ය. එම නිසා මානසික රෝග පිළිබඳ සමාජයේ පවතින මිථ්‍යා විශ්වාස හා වැරදි ආකල්ප දුරු කිරීමට ඔබත් සහාය වන්න. ඉන් සුව කලහැකි බොහෝ මානසික රෝගී තත්වයන් ගෙන් පීඩා විදින අහිංසක ජීවිත ගණනාවක් නිවරැදි ප්‍රතිකාරයන්ට යොමුව සුවය ලබා යලිත් නිරෝගී මනසින් යුතුව සතුටින් ජීවත් වීමට අවස්ථාව ලබනු ඇත!


Saturday, June 30, 2012

දුරකථන අංකය....!


ටකස් ටකස් හඬ නගමින් ඇවිද එන නිරූපා මඟ දෙපස සිටි කාගේත් අවදානය ලබා ගත්තේ සෙරෙප්පුවේ හඬ නිසා පමණක්ම නොවීය. ආඩම්බර විය හැකි තරමේ රූ සපුවක් හා නිතඹ තෙක් කඩා හැලුන නීරෝගී කෙස් කලඹක්ද ඇ සතු විය.

හිස් බස් නැවතුම්පල දුටු විට ඇගේ සිත කඩා වැටින

"අද නෑ වගේ" දොම්නසි සිතින් යුතුව ඈ සිතීය. ඒ කණස්සල්ල, සතියක පමණ සිට නිතර දෙවේලේ ඈ ඇස ගැටුන තරුණයෙකු නිසාවෙනි. දුසිම් දෙක තුනක විවිධාකාරයේ තරුණයන් ඈ පසුපස පැමිණ තිබුණද මේ තරුණයා තරම් ඔවුන් කිසිවෙකු ඇගේ සිත පැහැර ගැනීමට සමත් වූවෝ නොවූහ.

බස් නැවතුම්පලට පැමිණ නතර වූ සැණින් නිරූපාට ඈත එන රුවක් ඇස ගැටින. ඒ දුටු ඇගේ සිත සතුටින් ඉපිලෙන්නට විය.

"අනේ අද පරක්කු වෙලාද කොහෙද! ඩෙනිමටයි ටී ෂර්ට් එකටයි මේක තවත් ලස්සනයිනෙ"

ඇස් කොනෙන් බලමින් ඈ සිතීය.

"ටිකක් ගණන් උස්සලා ඉන්න ඕනෙ, නැත්නම් අගේ අඩු වෙනව."


තරුණයා ලඟට පැමිනි පසු පාර බලන්නාක් මෙන් නිරූපා ඒ දෙස බැලුවාය. තරුණයා එසැණිනි සිනහවක් පැවේය.

නිරූපා ගස්සා අනෙක් පස බලා ගත්තීය.

"හිනාව නම් අහිංසක පාටයි" ඇය සිතීය. "පව් කියලත් හිතෙනව, මටත් යනතම් හරි හිනා වෙන්න තිබ්බ"

ඇය යලි හොරැහින් බැලීය. තරුණයා කල්පනාකින් යුතුව අනෙක් පස බලා හිඳියි.


"අපෝ මූ පොඩ්ඩ බැරි වෙනකොට අවුල් යන එකෙක්නේ"

"සතියක් විතර පස්සෙන් එනව තාම මූට නම්බර් එකවත් දී ගන්න බැරි උනානෙ" 

"මොකෙක්ද මන්ද, අඩු ගානෙ ෆේස්බුක් ඇඩ්‍රස් එකවත් කොල කෑල්ලක ලියල දුන්නා නම් මොකද" 

ඇය නොසන්සුන් සිතින් යුතුව කල්පනාවේ සිටින අතර බස් රථයක් පැමින බස් නැවතුමේ නතර විය.


හණික බසයට ගොඩ වූ ඇයට තරුණයාද දොරේ එල්ලෙනු දැකිය හැකි විය. ඇගේ සිතට යලි සතුටක් දැනින්. කොන්දොස්තරට මුදල් දුන් සැණින් ඇය බසයේ ඉදිරියටම ඇදුනේ තරුණයා තමා වෙත ඇදී ඒ දැයි අත්හදා බැලීමටය.

බස් රථයේ සිටගෙන සිටින්නේද දෙතුන් දෙනෙක් පමණි.


නිරූපාගේ අනුමානය නිවරැදි කරමින් තරුණයාද සුළු වේලාවකින් ඇය අසලටම පැමිණියේය.

ඇයගේ සතුට නිමක් නැත. "මම කැමති බව පෙන්වන්න නරකයි" ඇය ඉදිරිය කෙලින් බලා ගෙන සිටි මුත් තරුණයා ගැන ඇය ඇස් කොණින් විමසිලිමත් විය.


"අතේ කොළ කෑල්ලක් තියනව වගේ, අද නම් නම්බර් එක දෙන්න තමා යන්නෙ"

"ෂිහ් ඒත් මේ සෙනඟ ඉස්සරහ කොහොමද ලැජ්ජා නැතුව ඕක ගන්නේ, මූ හැන්ඩ් බැග එකටවත් එබුවොත් නම් හොඳයි."

ඇය මෙසේ සිතන අතරම තරුණයා ඇයගේ අතට තට්ටු කර කොළ කැබැල්ල ඇයට දිගු කලේය.

"අපෝ මූ නම් මහ හරකෙක්" ඇය රවා බලා අහක බලා ගත්තේය. අසල අසුනේ ඉඳගෙන සිටින කාන්තාවන් දෙදෙන මාරුවෙන් මාරුවට තමාගේ හා තරුණයාගේ මුහුණු දෙස බලනු නිරූපාට පෙනේ.


"ආයේ ඔක්කොටම පේන්න ඕක දික් කලොත් නම් දෙකක් කියන්න ඕන" 

"එතකොටවත් මෝඩ කම තේරෙයිනෙ." ඇය කෝපයෙන් හා නොසන්සුන්කමින් යුතුව දිගටම කල්පනා කරයි.


මෙවිටම තරුණයා යලිත් 

" මිස් ------- ගන්නවද?" ඇයට ඒ වදන් හරි හැටි ඇසුණේ නැත.

"අපෝ ඒ පාර මූ සද්දෙටම කියනව"

" කවදාවත් කෙල්ලෙකුට නම්බර් එකක් දීල නැද්ද කොහෙද!"

යලි රවා බැලූ නිරූපා,


"මට මොකටද ඕක! වෙන කැමති කෙනෙකුට දී ගන්නවා!" 

මදක් සැරෙන් කීවාය.

"සැර වැඩිද මන්ද" ඇයට සිතින.


නමුත් අසල අසුනේ සිටි කාන්තාවන් දෙදෙනා සිනමුසු මුහුනින් ඇය දෙස බලා සිටිනු පෙනේ.

එසැණින් තරුණයගෙ හඬ යලි මතු විය,


" අන්කල් මෙයාට ටිකට් එක එපාලු ආපහු එවන්නද?"

Friday, June 29, 2012

ඇති තරම් පොත් නොමිලේම ඩවුන්ලෝඩ් කර ගන්න....!

හදිස්සියේම හමු වුන අපූරු වෙබ් අඩවියක් ගැන කියන්න හිතුනා.

මෙහි නම Manybooks.net


මෙම අඩවිය තුල ඉංග්‍රීසි භාශාවෙන් ලියවුනු පොත් දහස් ගණනක් තියෙනව. ඒ 

සියලුම පොත් නොමිලයේම භාගත කර ගැනීමේ පහසුව එහි තිබෙනව. කිසිම අය 

කිරීමක් හෝ පමාවක් නොමැතිව මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි විය හැකියි. 

(ලියාපදිංචි නොවී වුවද පොත් ඩව්න්ලෝඩ් කර ගත හැකියි.)


මෙහි ඇති වඩාත් සුවිශේෂී වගේම සිත් ගන්නා සුලු ලක්ශණය වන්නේ අපට 

අවශ්‍යය විදිහට වර්ග (ebook formats) ගණනාවකින් අවශ්‍යය පොත ඩවුන්ලෝඩ් 

කර ගැනිමේ පහසුකම සලසා දී තිබීම.

එනම් ඔබ පරිඝනකයෙන් පොත් කියවන්නේ නම්, පොත pdf වර්ගයෙන් ඩවුන්ලෝඩ් 

කර ගත හැක. 

එමෙන්ම ඔබේ දුරකථනය java මෘදුකාංග වලට සහයෝගය දක්වන්නක් නම්, ඔබට 

අවශ්‍යය පොත කුඩා මෘදුකාංගයක (in-build ebook reader) ආකාරයෙන් දුරකථනය 

තුලට ඩවුන්ලෝඩ් කර ගත හැක. 

එමගින් ඔබට බසයක, දුම් රියක ගමන් කරන විට වුවද අපහසුවකින් තොරව පොත 

කිය වීමට හැකිය!

මේ හැර, epub, pdb, fb2, mobi, prc, pdf custom, pdf large print, zip, HTML 

custom, rtf, jar, zTXT, txt යන ආකාර වලින්ද පොත් ඩවුන්ලෝඩ් කර ගත හැක.


ඉතිං පමා නොවී මෙම වෙබ් අඩවියට ගොස් ඔබ කියවීමට සිහින දකිමින් සිටි ඔබේ 

ප්‍රියතම පොත් එහි ඇත්දැයි බලා ඩව්න්ලෝඩ් කරගෙන රස විදින්න!


මෙන්න වෙබ් අඩවියට යාමට මග -

http://manybooks.net


Wednesday, June 27, 2012

මත්පැනෙහි හපන්කම්......!


ඉතා බහුලව කථා කෙරෙන මාතෘකාවක් වුවත්. මත්පැන් භාවිතයේ අඩුවක් නම් 

දක්නට නෑ නේද? මොකක්ද මේකට හේතුව? එයට බොහෝ දෙන දකින හා 

නොදකින හේතු ගණනාවක් තියෙනවා.


1. මත්ද්‍රව්‍යය වලට ඇති ඒවාටම ආවේණික වූ ඇබ්බැහි කර ගැනීමේ හැකියාව.

2. මත්ද්‍රව්‍යය අලෙවිකරණය සඳහා ගෙන යන සූක්ෂම ප්‍රචාරණ ක්‍රම.

3. මත්ද්‍රව්‍යය පිළිබඳ හා ඒවායින් වන හානිය පිළිබඳ නිවරැදි අවබෝධයක් නොමැති 

වීම.


මත්ද්‍රව්‍යය වල ඇති ඇබ්බැහි කර ගැනීමේ ලක්ෂණය අපට නැති කල නොහැක. 

නමුත් සමූහයක් ලෙස බලපෑම් කිරීමෙන් මත්පැන් අලෙවිකරණය සඳහා ගෙන යන 

ප්‍රචාරණ නැවැත්වීමට හා ඒවා සමාජයෙන් ඈත් කිරීමට උත්සාහ ගත හැක. ඒ 

සියල්ලටම පෙර මත්පැන්, මත්පැන් වලින් වන හානිය හා මත්පැන් සම්බන්ධ 

අසත්‍යය මත මොනවාද යන්න මනාව වටහා ගත යුතුය.


කොටින්ම කිවහොත් "මේ තරමට බොන්න එපාය කියන්නෙ කුමක් හෝ සාධාරන 

හේතූන් තිබෙන නිසා බව" තම සිත තමන්ම රවටා ගෙන මත්පැන් පානය කරන අය 

වටහා ගත යුතුය.


වර්ථමානයේ ගොඩනගා ගෙන ඇති තවත් එක්තරා නිදහසට කරුණකි මේ

"අර අහවලාගේ අක්මාව නරක් වෙලාලුනෙ" "ඔන්න අරක්කු ටිකක් කටේවත් තියපු 

නැති එකාට වෙච්ච දේ!, නොබීත් ඕව හැදෙන එකේ බීල හදා ගත්තහම මොකද 

නේද මචං"


ඔබත් මේ නිදහසට කරුණ අසා ඇති. නමුත් මෙය කෙතරම් මෝඩ වටහා ගැනීමක්ද! 

මත්පැන් නොගත් කෙනෙක්ට මෙම රෝගය ඇති වීමට ඇති සම්භාවිතාව ඉතාම සුළු 

අගයකි. නමුත් මත්පැනට ඇබ්බැහි වූවනට එය ඉතා ඉහල අගයකි.


මෙය වටහා ගැනීමට රජයේ රෝහලක කායික රෝග (Medicine ward) පිරිමි 

වාට්ටුවකට යාමෙන් පුලුවන්. ඕනෑම දිනයක මෙම වාට්ටුව තුල තුන් හතර දෙනෙක් 

වත් අක්මාව විනාශ වීම නිසා උදර කුහරය තුල එකතු වන ස්‍රාවය ඉවත් කර ගැනීමට 

පැමිණ සිටී, ඒ සියලු දෙනාම මත්පැනට ඇබ්බැහි වූවන්ය. මාසයකට වරක් පමණ 

වෙනත් හේතුවක් නිසා අක්මාව විනාශ වීමේ තත්වයට පත් වූ අයෙක් දැකිය හැක.


ඉතිං එහෙන් මෙහෙන් ඇසුණු දේවල් පසෙකලා අපි බලමු ඇත්තටම මත්පැන් අපේ 

සිරුරට ඇතුලු වුන පසු වන හානිය.


පානය කරන මත්පැන් වලින් බොහොමයක් කුඩා බඩවැ‍ලෙන් සිරුරට අවශෝෂණය 

වන අතර ආමාශයේදීද අවශෝෂණය සීදු වෙනවා. එම ඇතුලු වන මත්පැන් රැධිරය 

ඔස්සේ ශරීරයේ සියල්ලක්ම වගේ අවයව වල සෛල වෙත ගෙන යනවා, මෙහිදී මේ 

මත්පැන් වලින් 91% පමණ අකමාවේදී බිඳ හෙලා විශහරණයට ලක් කරනවා.

කොහොමද මේ මත්පැන් සිරුරට හානි කරන්නේ?


ආහාර ජීර්න පද්ධතිය.


1. ආමාශයේ තුවාල වර්ධනය කිරීම (gastritis / peptic ulcer disease) 


මෙය ඇති වීමට හේතු ගණනාවක් බලපානවා. මද්‍යයසාර යනු එක්තරා විදිහක 

අම්ලයක්, ප්‍රබල අම්ලයක් නොවුනද ඉන් ආමාශයික යුශයේ ආම්ලිකතාව තවත් වැඩි 

කරනවා. අනික් කරුණ මත්පැන් පානය නිසා ආහාර ගැනීම මග හැරීමෙන් ආමාශයේ 

ආම්ලිකතාව ඉහල අගයක වැඩි වේලාවක් පැවතීම. මෙලෙස ඇතිවන තුවාල තවත් 

සාර්ථකව වර්ධනය කිරීමට මත්පැන් පානයේදී ගන්නා තෙල් අධික කටගැස්මට හැකි 

වෙනවා!


2. ක්ෂණික හා දිගුකාලීන අග්න්‍යාශයික ප්‍රදාහය. (acute and chronic pancreatitis)


අප ගන්නා අහාරයේ අඩංගු මේදය, ප්‍රෝටීන් හා පිෂ්ඨය ජීරනයට අවශ්‍යය එන්සයිම 

ස්‍රාවය කරනු ලබන්නේ අග්න‍යාශයෙනි. මද්‍යසාර මගින් මෙම අග්න‍යාශයේ සෛල 

වලට හානි කිරීම නිසා මෙම අවයවයේ සමාන්‍යය ව්‍යූහය බිඳ දමනවා. මෙහිදී 

ප්‍රෝටීන ජීරණයට අදාල වන එන්සයිම එම අවයවය තුලම ක්‍රියාකාරී වීම නිසා 

අග්න‍යාශයේ සෛල සීඝ්‍රයෙන් විනාශ වීම සිදු වේ. මෙලෙස ක්ශණික අග්න‍යාශයික 

ප්‍රදාහය ඇති වෙනව. එවැනි අවසථා වරින් වර ඇති වීමෙන් පසුකාලීනව එය 

දිගුකාලීන අග්න‍යාශයික ප්‍රදාහයක් බවට පත් වෙනවා. මෙය අතිශය වේදනාකාරී 

රෝගී තත්වයක්.


අක්මාව විනාශ වීම (cirrhosis)


සිරුර තුල ඇති අති විශාල රාජකාරී ප්‍රමාණයක් ඉටු කරන මෙම අවයවය ඉතා 

ක්‍රියාශීලීය. සිරුරේ විශහරණය සිදු කරන අවයවය බැවින් එම ක්‍රියාවලිය නිසාම 

අක්මාවට හානි සිදු වන අවස්ථාද ඇත. නමුත් ක්ෂණිකව විනාශ වූ සිය සෛල නැවත 

වර්ධනය කර ගැනීමේ හැකියාව මෙයට ඇත. මෙතරම් ප්‍රබල අවයවයක් වුවද 

මත්පැන් ඉදිරියේ පරාජයට ලක් වේ. මක් නිසාද, දීර්ඝ කාලීනව මත්පැන් වල 

විශහරණයේදී එහි සෛල විඩාවට පත්වීමයි. මත්පැන් නිසා එහි සෛල නිපදවීමේ 

වේගයට වඩා සෛල මිය යාමේ වේගය වැඩි වේ. සෛල අඩු වන විට විශහරණයද 

අඩාල වේ. එවිට විශ සාන්ද්‍රණය ඉහල යාම නිසා සෛල මියයාම වේගවත් වේ. මින් 

අක්මාව විනාශ වීම වේගවත් කරයි. 

මද්‍යසාර නිසා අක්මාව තුල මේදය අස්වාභාවික ලෙස තැම්පත් වීම සිදුවේ (fatty 

liver), මින් අක්මාව තුල ඇති නාලමය ව්‍යූහයන් අවහිර වීමෙන් අක්මාව ඉදිමීමට 

ලක්වේ. මේත් සමගම නොයෙක් විශ හා වෙනත් අපද්‍රව්‍යය අක්මාව තුල එකතු 

වීමෙන් අකමාව අසාදනයට ලක් වීම සිදු වේ. 


අක්මාව ඉදිමුමට ලක් වීමත් සමඟ ඒ හරහා ගමන් ගන්නා රුධිර නාල අවහිර වේ. 

මින් සිදු වන්නේ අක්මාවේ රුධිර සංසරනයට අසල්වාසිකම් කියන රුධිර නාල 

ඉදිමීමට පටන් ගැනීමයි. කාලයත් සමඟ අන්නශ්‍රෝතයේ (oesophagus) රුධිර නාල 

ඉදිමී එවා අහාර අමාශය වෙත ගෙන යන මාර්ගය තුලට නෙරා රුධිර ගෙඩි බවට පත් 

වේ. එම ගෙඩි පිපිරීමෙන් ලේ වමනය සිදු වේ. 


අක්මාවේ විනාශය එක දිගටම සිදු වුවහොත් ක්‍රමයෙන් එහි කාර්‍යයක්ශමතාව අඩුවී 

සිරුරට අවශ්‍යය නොයෙක් ප්‍රෝටීන වර්ග නිශ්පාදනය අඩු වේ. මින් සිරුරේ තරල 

පරිපාලනය අවුල් වේ. ඉන්පසු ආමාශ කුටීරය තුල තරල එකතු වීම කකුල් හා මුහුණ 

ඉඳිමීම සිදු වේ.


ස්නායු පද්ධතිය


එක දිගටම ස්නායු සෛල මද්‍යසාර වලට නිරාවරණය වීමෙන් එවායේ ජීව කාලය 

අඩු වීම හා අවසානයේ එම සෛල මිය යාම සිදු වේ. ස්නායු සෛල විනාශ වූ විට 

නැවත අලුතෙන් නිපදවීමක් සිදු නොවේ. මේ නිසා සිරුර පුරා පණිවිඩ හුවමාරුවේ 

හා සිරුර පරිපාලනයේ දුර්වලතා ඇති වේ. එමෙන්ම දිගු කල් පවතින ස්නායු 

සම්බන්ධ රෝග පැන නගී.


- අත පය වල හිරි වැටීම ඇති වීම හා දැනීම අඩු වීම.

- කුඩා මොළයේ සෛල විනාශ වීම (cerebeller degerenaration) නිසා සිරුරේ 

සමබරතාව පාලනය හා තවත් සිරුරේ සියුම් යාන්ත්‍රන ඇන හිටීම.

- ඇස් පෙනීම දුර්වල වීම.

- ලිංගික බෙල හීනතාව ඇති වීම.

- මතකය දුර්වල වීම (dementia)

- වලිප්පුව ඇති වීම.


රුධිර සංසරණ පද්ධතිය


රුධිර ගත මේදය වැඩි වීමට මද්‍යසාර හේතු වන බැවින් අධිරුධිර පීඩනය හා රුධිර 

නාල සිහින් වීමත් කුඩා මේද හා රුධිර කැටි මගින් නාල අවහිර වීමත් නිසා ආඝාතය 

(heart attacks / myocardial infarction) හා අංශභාග (stroke) තත්වයට පත් වීමේ 

අවදානම ඉහල යයි.


මද්‍යසාර වල ඇති පිළිකා කාරක ලක්ෂණය.


මද්‍යසාර මඟින් මුඛ පිලිකා, අන්නශෝතය ආශ්‍රිත පිළිකා හා අක්මාව ආශ්‍රිත පිළිකා 

ඇති කිරීමට හේතු වේ.


මද්‍යසාර මගින් සිරුරට සිදු කරන ප්‍රධාන හානීන් මෙසේය. මේ හැරුණු කොට ඉහත 

හාණීන් හා බැඳී දම් වැලක් සේ පැමිණෙන ලෙඩ රෝග ගණනාවක් ඇති බව සිහි 

තබා ගන්න.


මීට අමතරව ක්ශණිකව මද්‍යසාර විශ වීම යනු කුමක්ද යන්න කෙටියෙන් සඳහන් 

කරන්නම්. මෙම විශ වීම රුධිරයේ ඇති මද්‍යසාර සාන්ද්‍රනය අනුව සිදු වන හානිය 

පහත පරිදි කාණ්ඩ කල හැක.


රුධිර ගත මද්‍යසාර ප්‍රමාණය 20 - 99 mg/dl

- තම සිරුර පාලනය කර ගැනීම අපහසු වීම

- අනවශ්‍යය ලෙස සිනාසීම, කතා කිරීම, අස්වාභාවිකව හැසිරීම (euphoria)


රුධිර ගත මද්‍යසාර ප්‍රමාණය 100 - 199 mg/dl

- තනිව සිටගෙන සිටීමට නොහැකිය

- තීරණ ගැනීමේ හැකියාව අඩු වේ.

- ක්ශණිකව හැඟීම් ප්‍රකාශ කිරීම වෙනස් වීම එනම් එක වරම හැඬීම සිනාසීම වැනි 

අස්වාභාවික ස්භාවය.

රුධිර ගත මද්‍යසාර ප්‍රමාණය 200 - 299 mg/dl

- කතාව අපහැදිලි වීම හා වචන පෙල ගැසීම අපහසුවීම හා පාලනයෙන් තොර වී 

ඔහේ දෙඩවීම.


රුධිර ගත මද්‍යසාර ප්‍රමාණය 300 - 399 mg/dl

- මතකය ඇණ හිටීම (memory loss)

- සිහි විසඥ්ය වීම


රුධිර ගත මද්‍යසාර ප්‍රමාණය 400 mg/dl ට වැඩි

- ශ්වසනය ඇණ හිටීම

- දිගු කාලීන සිහි විසඥ්ය වීම (coma)

- මරණය


මීට අමතරව අධිකව මත්පැන් පානයෙන්

- ශ්වසනය ඇණ හිටීම

- ගිලීමේ හා හුස්ම ගැනීමේ යාන්ත්‍රනය අවුල් වීමෙන් වමනයේදී ශ්වසන පද්ධතිය 


අවහිර වීමේ අවදානම

- ක්ශණිකව රුධිර ගත ග්ලූකෝස් ප්‍රමාණය පහල බැසීමෙන් මොළයේ ස්නායු 

සෛල මිය යාම.


පාලනයක් රහිතව මත්පැන් පානයට ඇබ්බැහි වුවෙකුගේ ශරීර අභ්‍යන්තරයේ සිදුවන 

දේවල් ගැන යම් අවබෝධයක් දැන් ඔබට ඇත. පැහැදිලිව පෙනෙන රෝගයක් 

නොමැති වුවද මත්පැන් පානය කරන්නන්ගේ සිරුර නිරෝගී නැත. සිරුරට ඇතුලු 

වන සෑම මත්පැන් බිඳුවක්ම සිරුරේ සෛලයෙන් සෛලයට හානි කර සිරුර අඩපණ 

කරයි. සාමාන්‍ය මිනිසෙකු විඳින නිරෝගී සුවය ඔවුන්ගේ සිරුර තුල නැත.

නමුත්,ඉතා සෙමෙන් ඇස් පෙනීම දුර්වල වෙන අයෙකුට එම දුර්වලතාවය ඇස් ඉතා 

දුර්වල තත්වයට පැමිණෙන තෙක් නොතේරෙන්නාක් මෙන් මත්පැනට ඇබ්බැහි 

වූවන්ටද සිරුර දරුණු ලෙස හානි වන තෙක් තම දුර්වල බව නොතේරේ. එම 

දුර්වලතාවය දැනෙන විට ඔවුන් කරන්නේ තව තවත් මත්පැන් පානය කිරීමෙන් 

ශරීරයේ ස්නායු අඩපන කිරීමෙන් දුර්වලතා හා වේදනාවන් දැනීම අත්හිටුවීමයි.


හැකි නම් මත්පැන් වලින් ඔබේ හිතවතා මුදවා ගන්න. මත්පැන් පානය නතර කර 

සතියක් යන විට, සිරුරේ සෛල වලින් මද්‍යසාර හා එවායේ විශ කොටස් ඉවත් වන 

විට ඔවුන් නිරෝගී සිරුරක පහසුව වටහා ගැනීම ආරම්භ කරයි. මාස 6ක වසරක 

පමණ කාලයකට පසු ඔවුනට මත්පැන් නොබිව්වෙකු හා සමානව නිරෝගී සිරුරකට 

හිමිකම් කියනු ඇත.

එවිට ඇසි පෙනිම දුර්වලව සිටි අයෙකු නිරෝගී ඇස් යුගලක් ලැබීමෙන් සතුටු 

වන්නාක් මෙන් නිරෝගී කයක සතුට විඳිනු ඇති.


ඉතිං පමා නොවන්න නිවරැදි කිරීමට බැරි තරමට පත් වීමට පෙර ඔබේ ආදරණීය 

පියා, සහෝදරයා, සැමියා, මිතුරා බේරා ගන්න.


මත්පැන් නිසා ඇති වන ජීවිතය අඳුරු කරවන මානසික රෝග පිලිබඳ ලිපියකින් 

නැවත හමු වෙමු!


Monday, June 25, 2012

මුලාව....!


දිලූ - ඒයි!  හිරුණි අන්න අර බෝයි!! අදත් ඉන්නව shop එක ඉස්සරහා, උඹ දිහා තමයි 

බලන්නෙ හොරෙන් හොරෙන්


ජීවනී - කොල්ල නම් හැන්ඩියා, ඒ shop එකත් උගෙද කොහෙද! සල්ලි කාරයෙක් 

 වෙන්න ඇති..


හිරුණි - ඇත්තටම මගෙ දිහාද බං බැලුවෙ??? උඹල ලණුවක් දෙන්න හදනවද 

කොහෙද!


දිලූ - අපි මොකටද බං උඹට ලණු දෙන්නෙ! උඹ දිහා තමයි බැලුවෙ... 


 -------------------------------------------


ජීවනී - අද නැහැනෙ බං


හිරුණි - ඒක තමා


ජීවනී - ඕකට ඉතිං මූන එල්ල ගන්න ඕනැයැ! අද පොරට වැඩක් තියෙන්න ඇති!


දිලූ - ඌට එපා වෙලාද දන්නෑ!?


ජීවනී - උඹත් නිකන් ගොඩේ තාලෙට නොයිඳ ටිකක් මොඩ් වෙන්න බලපන් බං! 

නැත්ත්නම් අන්තිමට හුලං තමා, ඌව වෙන කෙල්ලෙක් අල්ල ගත්තොත්.


හිරුණි - අනේ මන්දා බං මට ඕව තේරෙන්නෙ නෑ..


දිලූ - ඒකට නේන්නම් අපි වගේ යාලුවෝ ඉන්නෙ, අර ඔරලෝසු කනුව ගාව අලුත් 

බියුටි සැලුන් එකක් දාල. එතන මරු! කොණ්ඩෙ ස්ට්‍රේට් කරල, මූන ටිකක් සුදු 

වෙන්න ස්ක්‍රබ් එකක් දාල ෆේෂියල් එකක් දාල ගත්ත නම් උඹ නිකන් හින්දි නිලියක් 

වගේ ඉඳීවි!


ජීවනී - අනික ගනින්කො බං හොඳ ඇදුම් කෑලි ටිකක්. හැමදාම ඔය ගවුම් බාච්චු 

අඳින්නෙ නැතිව! පොඩ්ඩක් ඔය සුදු කකුල පේන්න ඇඳපන්! එතකොට තමා 

කොල්ල පිස්සු හැදිල වගේ පස්සෙන් එන්න ගන්නෙ! අපෝ මේකිව මුල ඉඳන් හදල 

ගන්න වෙනව..


---------------------------------------------------------


දිලූ - අන්න අරූ කටත් ඇරගෙන බලන් ඉන්නව! වැඩේ ගොඩ! බලපන්කෝ ළඟදිම 

ඇවිත් උඹෙන් අහන්නෙ නැද්ද කියල...!


ජීවනී - ඔන්න අපිට හොඳට සලකන්න ඕන, වැඩේ ගොඩ ගියහම හරිද?


හිරුණි - අනේ මන්ද බං! උඹලගෙ මේ වැඩ හිංද යන්තම් ලඟ එකතු කරගෙන තිබ්බ 

සල්ලි ටික නම් ඉවරයි!


-----------------------------------------------


කැලුම් - කොහොමද බං අර කෙල්ලගෙ වැඩේ? උඹ ඇහුවද?


දිනෙත් - නෑ මචං, මට ඒක හරියන්නෙ නෑ...! උඹ දන්නවනෙ ඉතිං මම ගමේ හැදිච්ච 

එකානෙ. මට ඔය හයිෆයි කෙල්ලො දිරවන්නේ නෑ. එයා මුලින් දැක්කහම හිතුවෙ 

වැඩි විලාසිතා නැති ගමේ තාලෙට හැඳුන කෙල්ලක් කියල. දැන් බලන්න එපැයි 

ඉන්න හැටි!! 

හොඳ වෙලාවට මම හදිස්සි උනේ නැත්තෙ!!

Saturday, June 23, 2012

ඉගෙනීම රසවත් කරගමු! - 2 (නිදිමත පරදවමු)


 

සාර්ථක නිවරැදි ආරම්භයක් (ඉගෙනීම රසවත් කරගමු! - 1) අරගෙන පාඩම් කරගෙන යනකොට ඔන්න ඕකට හරස් වෙන්න එන හතුරෝ ඉන්නවනෙ නේද? ඔය හතුරු හමුදාවෙ ප්‍රමුඛයෙක් තමයි 'නිදිමත'. මහන්සි වෙලා පාඩම් කරන, කරපු ඕනෑම කෙනෙක් හොඳ හැටි දන්නවනෙ ඔය හතුරගෙ තරම.


පොත අතට අරන් පිටුවක් කියවන්න හම්බවෙන්නෙ නැහැ අහලකවත් හිටියෙ නැති නිදිමතක් අපිව හොයාගෙන එනව.


ඉතිං අපිත් ඇස් ලොකු කරගෙන, නලල දෙපැත්ත අතින් තද කරගෙන ලොකු උත්සාහයක් ගන්නවා කොහොම හරි පාඩම් කරගෙන යන්න. අහල පහල වතුර වීදුරුවක් තිබුනොත් එකෙනුත් ටිකක් බීල මූනෙත් වතුර ටිකක් ගාගෙන බලනවා. ඔන්න ඔහොම පැයක් විතර නිදිමතත් එක්ක යුද්ද කරනව. අන්තිමට කරපු පාඩමකුත් නෑ, නින්ද අපිව යටත් කරගෙන, හෙමින් සැරේ අපිටත් හොරාම ඇස් පිය වෙනවා, ඔලුව ටිකකින් පොත උඩ.


නිදිමතට එකම සාර්ථක පිලියම කෙටි නින්දක් වෙන අවස්ථාවලුත් තියෙනව. නමුත් ඇත්තටම අපිට ඒ කෙටි නින්ද අවශ්‍යයමද කියන එක තීරණය කරන්න ඕනෙ.  ඇඟපතත් දුබල වෙලා හිසරදයකුත් එනවා නම්, ඇස් ඇරගෙන ඉන්න බැරි තරමට නිදිමත දැනෙනවා නම් කෙටි නින්දකට ගියාට වරදක් නෑ.


මොකද ඒ කෙටි නින්ද නිසා ඔබ අකාර්‍යයක්ෂමව පාඩම් කරන්න ඳඟලල පැය ගනනාවක් නාස්ති කර ගැනීම වලක්වා ගනීවි.


හැබැයි ඉතිං කෙටි නින්දක් කියන්නෙ කෙටි නින්දක් මිසක් පැය ගනන් නිදියන එකට නෙවේ. මේ කෙටි නින්දට මිනිත්තු 30ක් හොඳටෝම ඇති. ඉතිං එලාම් එක තියා ගෙන හරි ළඟ පාත ඉන්න කෙනෙක් දැනුවත් කර තියල හරි කෙටි වේලාවකින් අවදි වෙන්න වග බලා ගන්න ඕනෙ.


මේ දුර්ලභ අවස්තාව හැරුනහම අනෙක් බොහෝ වෙලා වලට එන නිදිමත අපිට යටපත් කරන්න පුලුවන්.


දැන් අපි බලමු නිදිමත ජය අරගෙන පාඩම් කටයුතු වල උද්යෝගය දිගටම පවත්වා ගෙන යන්න පුලුවන් ක්‍රමෝපායන් ටිකක්.
නිදිමත එන්න බලපාන ප්‍රධාන හේතුවක් තමයි අපිට පාඩම් කරන්න උවමනාවක්, ආසාවක්, උද්යෝගයක් නැති කම.
ඒ නිසා අපි මුලින්ම පාඩම් කරන්නේ මොන ඉලක්කයක් කරා  යන්නද කියන දේ ගැන හොඳ වැටහීමක් අරගෙන පාඩම් කිරීමට වටිනාකමක් දෙන්න ඕනෑ.


මම කියන්නම් උදාහරණයක්, ඔබ උසස් පෙලට සූදානම් වන අයෙක් නම් ප්‍රධාන ඉලක්කය ළඟ එන විභාගයනෙ. හිතන්න අද ඔබ මේ පාඩම් කරන විශයය කරුණෙන් සම්පූර්ණ රචනා ගැටලුවක් ඔබට විභාගයේදි ලැබෙන්න පුලුවන් නේද කියල.


ඒ එක්කම හිතන්න ඒ ගැටලුව මොන වගේ එකක් වෙන්න් පුලුවන්ද කියල,


හිතන්න දැන් ඔබට තියන දැනුමෙන් ඒ ගටලුවට පිලිතුරු සපයන්න පුලුවන්ද කියල.


ඔන්න ටිකක් පපුවේ ගැස්ම වැඩි උනා නේද? ඔන්න නිදිමත පසු බසිනවා. දැන් ඔබ සිතන්නෙ නිදිමත ගැන නෙවෙයි "හැබෑටම මෙහෙම ගැටලුවක් ආවොත් ගොඩ යන්නෙ කොහොමද කියල" ඉතිං බලන්න ගත්ත විශය කොටස එක හුස්මට කියවල දැම්ම හැකි නේද? නිකම්ම නෙවෙයි ගලේ කෙටුව වගේ මතකත් හිටිනව. මොකක්ද රහස? ඔබ කරන්නම් වාලේ පාඩම් කලා නෙවෙයි විශයය කරුණ අවබෝධ කර ගන්න උවමනාව ඇතිව පාඩම් කල නිසා.


ඔතනදි ඔයාලට නොදැනීම හතුරෙකු ලවා හතුරෙකුට පහර දෙන්න සැලැස්වීම තමයි සිදු කලේ. ඒ විභාගය සිහි වීමෙන් මතු වුන ආතතිය (Stress) නිදිමත යටපත් කල එක.


තේරුනාද! බුද්ධිමත්ව හිතුවොත් හතුරෙක් උනත් මිතුරෙක් කර ගන්න පුලුවන් කියල.


ඊළඟට බලමු තවත් ක්‍රමයක්.

ඒ තමයි කෙටි සටහන් ලිවීම. පසුවට ඉක්මණින් විශය කරුණු සම්පූර්න කිරීමට සහ විභාගය ආසන්න වූ විට පාවිච්චියට ගන්නනෙ අපි ගොඩක් වේලාවට කෙටි සටහන් හදන්නේ.


පාඩම් කරගෙන යනකොට නිදිමත එන බව තේරුණ ගමන් ඒ විශයය කරුණට අදාලව කෙටි සටහනක් හදන්න පටන් ගන්න. හැබැයි මේ වැඩේ ලස්සනට කෙරෙන්න ඕනෙ. වෙලා යනව කියල නොසිතා, පාට පෑන් දෙකක් තුනක් හොයා ගෙන ලස්සනට මාතෘකා ලියල, අවශ්‍යය යැයි හිතෙන විදිහට රූප සටහන් ඇඳල සටහන් ලියා ගෙන යන්න ඕනෑ. තමන්ට පුලුවන් උපරිමයෙන් අත් අකුරු ලස්සනට ලියන්න උත්සාහ ගන්න. ටිකක් ලියාගෙන යද්දි ඔබටම එය දකින විට ආසා හිතෙනවා.


මේ වෙනකොට නිදිමත ඔබට පැරදිලා. ඒ වගේම වටින අතුරු ප්‍රතිලාභ ටිකකුත් ලැබිල.  එකක් ඔබ අත් අකුරු උවමනාවෙන් ලියන්න හුරු වීම, පිළිවෙලට ලස්සනට යමක් කිරීමේ තෘප්තිය ලබන්න ඇබ්බැහි වීම, විභාගෙ ලන් උනහම හිතේ සතුටින් බලන්න පුලුවන් ලස්සන කෙටි සටහන් ටිකක් පිලියෙල වීම.


සතුරෙක් එක්ක සටනට යන්න ආයුදයක් දෙකක් තිබ්බට මදිනෙ නේද?


අපි බලමු තවත් ක්‍රමයක්.


ඒ තමයි පරණ ප්‍රශ්ණ පත්‍ර!
නිදිමත එන වෙලාවට එහෙම නැත්නම් එකම විශය කරුණ බොහෝ වෙලාවක් අධ්‍යයනය කිරීම නිසා වෙහෙසකුත් දැනෙනව නම්, හොයා ගන්න ඔබ මුහුන දීමට බලාපොරොත්තු වෙන විභාගයට අදාල ප්‍රශ්ණ පත්‍ර කීපයක්. කොල අරගෙන වෙලාව තියල උත්තර ලියන්න නෙවෙයි. දල වශයෙන් කියවල බලන්න.


විශයයකට ප්‍රශ්න කීයක් ලැබෙනවාද?
ප්‍රශ්න ලැබිල තියෙන්නෙ මොන විදිහෙ විශයය ප්‍රදේශ වලින්ද?
එකම ගැටලුව කීප වරක් ලැබිල තියනවාද?
ප්‍රශ්නයකට කාලය කොපමණද?
ඒ කාලය තමන්ට ප්‍රමාණවත්ද?


ඔන්න ඔය වගේ ප්‍රශ්ණ පත්‍රය ගැන පොඩි තර්ක විතර්ක ටිකක් කරන්න. මෙයත් අර මුලින් කිව්ව ක්‍රමේට සමාන ප්‍රයෝගයක් තමයි. මෙහිදී මොළය ටිකක් සැහැල්ලුවෙන් හැබැයි ස්ක්‍රීයව හිතන්න ගත්තු නිසා නිදිමතට පසු බසින්න වෙනව, නැති වී ගිය උද්යෝගය නැවත ලැබෙන බව ඔබට දැනේවි. ඉතිං යලි පාඩම් පටන් ගන්න.


මෙහිදීද ඔබට අතුරු ප්‍රතිලාභ ලැබෙනවා. නැකතක් බලල පසු ගිය ප්‍රශ්න පත්‍ර කරන්න කියල බලන් ඉන්න අයට වඩා සාර්ථකව විභාගය ගැන අවබෝධයක් සහිත කෙනෙක් වෙන්න ඔබට පුලුවන් වෙනව, විභාගය මොහොතේදී ඔබට මෙය විශ්වාස කල නොහැකි තරමේ රුකුලක් වේවි.


අපි බලමු තව උපයෝගී කර ගන්න පුලුවන් සරල උපක්‍රම ටිකක්.


ඔබ එක දිගටම පැයක් පමණ පාඩම් කළා නම් පොඩි රවුමක් ඇවිදලා එන්න. හැබැයි එලිමහනේ ගස් කොලන් පේන විදිහට, අත පය දිග හැරෙන්න ටිකක් ඇවිදල, පපුව පිරෙන්න හොඳට හුස්ම ටිකක් අරගෙන ආයෙත් පාඩම් කරන්න පටන් ගන්න.
( රූපවාහිනිය, පරිඝනකය, දුරකථනය අසලට යාම නම් තහනම්. කලින් අපි කතා කලානෙ ඒ ගැන )


පාඩම් කරන්න ජනේලයක් අසල සූදානම් කර ගන්නවා නම් සුදුසුයි. පොඩි නිදිමතක් එන වෙලාවලට ජනේලයෙන් ඈත ඇති ගහ කොලන් දිහා බලන්න පුලුවන් නම් නිදිමත පාලනය කරන්න පුලුවන්.

ඒ වගේම වැදගත් ආලෝකය. පාඩම් කරන තැන හොඳට ආලෝකය ලැබෙන තැනක් වෙන්න ඕනෑ. මොකද අඩු ආලෝකය නිදිමතට ආරාධනා කරන්න හේතුවක් නිසා.


තව දෙයක් අනවශ්‍යය ලෙස රාත්‍රියට නිදිමරාගෙන පාඩම් කිරීමෙන් වලකින්න. එයින් ඔබේ මොළයය වෙහෙසට පත් වෙලා ඔබේ කර්‍යයක්ශමතාව අඩු වෙනවා.


නිදිමතට ඔබේ වසර ගණනක මහන්සිය අපතේ යවන්න ඉඩ නොදී උත්සාහයෙන් ආසාවෙන් පාඩම් කරන්න පුරුදු වෙලා අපේ මහන්සියෙනුත් වැය කරන කාලයෙනුත් උපරිම ප්‍රතිඵල ලබා ගමු නේද?

Thursday, June 21, 2012

කළුවලා පරදා....!

 

දින දෙකක් තිස්සේ නොනවත්වා ඇද හැලුන ධාරාණිපාත වර්ශාව චුරු චුරු

වැස්සකට හැරී ඇත. පිලේ ඇන තියාගෙන වැස්ස දෙස බලා සිටි කළුබණ්ඩාට

වැස්සේ හඬ ගෙන ආවේ කුසීත කාලකණ්ණි හැඟීමකි.

 

"අන්න අහරයට වෙයන්"

 

ඇඟේ දැවටෙන්නට ආ කළුබණ්ඩාගේ බාල දරුවා ඔහුගේ හඬින් ගැස්සී ගේ තුලට

දිව ගියාය.

 

"පුතේ අප්පච්චිට කරදර නොකර මෙන්න මෙහාට වෙලා ඉඳින්" හීන්මැණිකා

කුස්සියේ සිට කෑ ගැසුවාය.

 

තමා වැස්සත් සමඟ බැඳ ගත් වෛරය නිරපරාදේ පොඩි එකීගේ පිටින් යැවීමට ගත්

උත්සාහය ගැන කළුබණ්ඩාට කනස්සල්ලක් ඇති විය. දින දෙකකට පෙර කලු

වලාකුලු ඒක රාශී වනු දුටු විටම කලුබණ්ඩාට ඉවෙන් මෙන් වින්නැහියක සේයාවක්

දැනෙන්නට විය. වැස්ස ඇරඹී පැය ගණනක් එකම ගැම්මට එක දිගටම නොනවත්වා

කඩා හැලෙන විට කළුබණ්ඩාගේ හිත ගිනි වදින්නට විය.

 

"මෙදා පොටේ නම් කාල හමාරයි" ඒ සිතුවාක් මෙන් පසුවදා උදෑසන වන තෙක්

ගිඟුරුම් දෙමින් මහ වරුසා එක පිට එක ඇද හැලෙන්නට විය.

 

උදෑසනම වෙල් යාය වෙත දිව ගිය කළුබණ්ඩේට දැක ගත හැකි වූයේ හතර දික්

බාගයේම ජල කඳෙන් යටවී වැවක් මෙන් දිස් වූ වෙල් යායයි. ගොයම් ගස් ටික

යන්තම් කිරි වැදී ගෙන ආවා විතරය. පපුව තුල ගිනි ගොඩක් ගැසුවාක් මෙන්

දැනෙන්නට විය. ඒ වන විටත් අඩුවක් නැතුව ගල් ගෙඩි වැනි වැහි බිඳු බෙදමින් සිටි

අහස දෙස කළුබණ්ඩා බැලුවේ සාප කරන්නට මෙනි. ඉන් පසු පැමිණ පිලේ ඇඳට වූ

පසු තවමත් ඒ අයුරින්මය. කෑමක් බීමක් ගැනීමට වත් පිරියක් නොමැති සේ ඔහුට

හැඟේ.

 

කළුබණ්ඩා දන්න කියන කාලයේ කිසිවෙකුට ණය තුරුස් වී නැත. යහමින් ගොවිතැන්

බත් කල ඔහු අඩු පාඩුවක් නැතුව දරු පවුලට ජීවත් වීමට සලසා දී තිබිනි. එහෙත්

මෙවර අකාලයේ ඇද හැලුනු මහ වරුසාව මාස ගණනක ඔහුගේ මහන්සිය සෝදා

පාලු කර හැරීය.

"මේ කහට ටික බීල හිටිය නම්"

 

හීන්මැණිකාගේ හඬින් ඔහු ගැස්සී ගියේ කල්පනා ලොවින් මෙලොවට කැඳවමිනි.

 

"ඔන්න ඔහෙන් තියහන් බන්, පස්සෙ බොන්නම්"

 

සුසුමක් හෙලා කහට කෝප්පය හා හකුරු කෑල්ල මේසය උඩ තැබූ හීන්මැණිකා,

"දැන් ඉතින් ඕක ගැන ඔය හැටි හිතන්න ඕනැ නෑ, අපිට විතරක් වෙච්ච දෙයක්යැ!

කොහොමින් හරි ඊළඟ කන්නෙ එනකල් ගැට ගහගන්න බලමු"

 

කළුබණ්ඩා යලි කල්පනාවට වැටිණි.


එතරම් කලක් ජීවත් වීමට නම් කොහෙන් හෝ ණයක් ගත යුතු වේ. ඒ සිතුවිල්ලත්

හාම ඔහුට සිහි වූයේ සිය පියාගේ ඔවදනකි.

 

"ලොකු එකෝ, කවදාවත් ඔය ණය තුරුස් වලට එහෙම යට වෙන්න එපා ඕං. ණය

ගන්න පුරුදු වෙනවා කියන්නේ හොඳ හැටි හැදිල තියන ගහක පිලිලයක් හිටෝනවා

වගේ වැඩක්, අන්තිමට ගහ පිලිලෙටම උරල නැති වෙලා යනවා"

 

ඒ ඔවදන හැබෑවක් වනු කළුබණ්ඩා ඕනෑ තරම් දැක තිබින. ගමේ හරි හමන් ණයක්

ගැනීමට කියා හිඳින්නේ අන්දිරිස් මුදලාලිය. ඔහු ගමේ පෝසතා හා එකම වී මෝල්

හිමියා වූවේ සෙමෙන් සෙමෙන් සට කපට කම් වලින් ගමේ අහිංසක ගොවියන් රවටා

ගනිමින් ඔවුන් ගසා කෑමෙනි. කළුබණ්ඩා හා තවත් අතලොස්සක්  හැරුණු කොට

අනෙක් සියලුම ගොවීන්ගේ අස්වැන්න අන්දිරිස් මුදලාලි කුණු කොල්ලයට ගසා

කයි, ඒ සල්ලි බලයෙනි.

 

අසරණ ගොවියෙක් ණයක් ඉල්ලූ විට නැති බැණේ දිග හරින අන්දිරිස් මුදලාලි

අවසානයේ එකට එකක් පොලිය නියම කර ණය මුදල දෙයි. කන්නය අවසානයේ

කුඹුරට පැමිණෙන ඔහු තුට්ටු දෙකට මුලු අස්වැන්නම පටවාගෙන යන්නේ ණයට

පොලියට හිලවු වන්නටය. ඉන්පසු ඉතිරි වන සොච්චමද අවසන් වූ පසු ගොවියනට

සිදු වන්නේ නැවත ගිනි පොලියට ණය ගැනීමටය. මෙම විශම චක්‍රයෙන් ඔවුනට

ගැලවීමක් නැත.

 

මේවා එකිනෙක සිහි වන විට කළුබණඩාගේ මොළය තව තවත් අවුල් වේ.

එකවරම සිය කකුලේ ඉඳිකටුවක් ඇනුනාක් මෙන් දැනුනෙන් කළුබණ්ඩා කල්පනා

දැහැනින් මිදින.


අකල් වැස්සට ඇවිස්සුනු කඩි රැලක් අලුත් නවතැන් පොලක් සොයා පෙලට යනු

ගෙබිම දෙස බැලූ කළුබණ්ඩාට පෙණිනි.


නොදැනුවත්වම කළුබණ්ඩාට එකෙකු පෑගී ඇත. කකුල අසලම රවුමට කැරකැවෙන

කඩියා දෙස ඔහු නිකමට බලා සිටියේය. කඩියාගේ අන්ඩක් කැඩී ඇත, ඉතිරි අඩු

වලින් සිය ගමන පාලනය කිරීමට දඟලද්දී කෙලින් යාම වෙනුවට සිදු වන්නේ රවුමට

කැරකැවීමය. කලුබණ්ඩාට මඳ පසුතැවිල්ලක් ඇති විය.

"මක් කොරන්නද හිතල කොරපු දෙයක්යැ"

 

නමුත් මඳ වේලාවක් කල අභ්‍යයාසයෙන් කඩියා කෙලින් ගමන් කිරීමට හුරු වූ

සෙයකි. ඉන් පසු කළුබණ්ඩා පුදුම කරමින් ඌ සුපුරුදු වේගයෙන් සිය වර්ගයාගේ

ගමනට එක් විය. ඒ නිකම්ම නොව යමක් ඔසවාගෙන යන තවත් කඩීන් කිහිපයකගේ

සහයටය.


"පොඩි උනාට මුන්ගෙ හිත අපිටත් වඩා හයියයි නොවැ" කළුබණ්ඩාට සිතිණි.

 

කළුබණ්ඩා සුසුමක් හෙලා අහස දෙස ඇස් යොමු කලේය. වලාකුලු කෙමෙන්

පැහැපත් වන හැඩකි. වැස්ස මඳ පින්නකට හැරී ඇත. ගෙට එබී බැලූ ඔහු

 

"මේ ඇහුනද, ඔය කැත්තයි උදැල්ලයි මෙහෙට ගෙනාව නම්"

 

"වැස්ස ටිකක් අඩු කලා විතරයි මේ පින්නෙ කොහෙ යන්නද හදිස්සියෙ?"
කැත්තත් උදැල්ලත් ගෙන ආ හීන්මැණිකා කළුබණ්ඩාගේ මුහුණ පිරිකසමින්

ඇසුවාය.

 

"අර දුමේ තියන එළවළු ඇට ටික දියේ දාල තිබ්බ නම් හවසට, මම උඩහ කෑල්ලෙ

මූකලාණ ටිකක් කොටල දාල එන්නං" යැයි කියමින් කළුබණ්ඩා තුවාය ගසා දමා

හිස වටා බැඳ ගෙන උදැල්ල කර තබා ගනිමින් පැවසීය.

 

හීන්මැණිකාට කළුබණ්ඩාගේ අදහස අනුමාන කල හැකිය. උඩහ කෑල්ල යනු,

හීන්මැණිකාට සිය පියාගෙන් උරුම වුනු අක්කර හතරක පමණ වූ ඉඩම් කොටසකි.

දන්න කියන කාලයේ සිට මූකලාණෙන් වැසී ඇති එය ගැන සිය පියා මහත් ඉහලින්

වර්ණනා කරනු හීන්මැණිකා අසා ඇත.

 

"ඕක දැන් කැලෑ වැහුනට අපේ මුත්ත මහ හේනක් වවල තිබිල තියෙනව ඒ කාලෙ,

රත්තරන් පොළව, පේන්නේ නැද්ද වල් පැලෑටි ටික වුනත් හැදිල තියන සනීපෙ"

 

කළුබණ්ඩාගේ අදහස මූකලාන හෙලි පෙහෙලි කොට එළවළු ඉන්දවීමට බව

හීන්මැනිකාවට අනුමාන කිරීමට අපහසු නොවීය.

 

එසේ මෙසේ වැඩක් නොවුනත්, සතියක් හමාරක් යන විට මුලු මූකලානම වුව මට්ටු

කිරීම කළුබණ්ඩාට මහ දෙයක් නොවන බව හීන්මැනිකාට හැඟුනේ කළුබණ්ඩාගේ

හිතේ හයියත් වැඩක් කරන්නට ගත් විට නොපසුබටව නිම කිරීමේ ගුණයත් හොඳ

හැටි දන්න බැවිනි.

 

"අදම පොල් අතු ටිකක් හොයල පොඟන්න දාන්න ඕනැ පොල් අතු ටිකක් වියා

ගත්තොත් කීයකට හරි විකුන ගත්ත හැකි" හැකි උපරිමයෙන් කළුබණ්ඩාට සහය

වීමට හීන්මැණිකා අදිටන් කර ගත්තාය.

 

සීසීකඩ විසිර යන කලු වලකුලු පරදමින් යාන්තමට නැවුම් හිරු රැස් දොරකඩට වැටී

එනු ඇයට පෙනෙයි.

Tuesday, June 19, 2012

ඔබත් නිදි සුව අහිමි වූවෙක්ද...? ( Insomnia )


"හිතේ හැටියට නිදා ගන්න තිබ්බා නම් ඊට වැඩිය දෙයක් නැහැ"


විභාගයකට පාඩම් කරන නැත්නම් නිදිමරා ගෙන රාජකාරී කටයුතු කරන ඔබට මේ 

විදිහට දහස් වාරයක් හිතිලා ඇති නේද?

නිදිමත වෙලාවකට වදයක් වුනත් නිදිමත නැති වීමත් ඊට වඩා මනසට වද දෙන 

කාරනයක්. වර්ථමානයේ තරුණ මහලු බේදයක් නැතිව කෙරෙන චෝදනාවක් තමයි 

මේ නින්ද නොයාමේ රෝගය.


"රෑ එලි වෙනකල් පෙරලි පෙරලි හිටියා යන්තම් උදේ පැයක් දෙකක් තමා ඇහැ 

පියවුනේ"

ඔයාට නම් ඇඳට වැටුන ගමන් නින්ද යනවා, මට නම් නිදා ගන්න ඇඳට ගිහින් පැය 

ගානක් යනකල් නින්ද යන්නෙ නෑ"


ඔබත් මෙවනි මැසිවිලි නගලා ඇති, නැති නම් හිතවතෙක් කියනවා ඇහිලා ඇති.

අපි බලමු මොකක්ද මේ නින්ද නොයාමට හේතු? මෙය රෝගයක්ද? කොහොමද 

එයට සහනයක් ලබා ගන්නෙ කියල?


සමාන්‍යය මනුශ්‍යයෙක් සිය ජීවිත කාලයෙන් අවම වශයෙන් හතරෙන් පංගුවක් වත් 

නින්ද වෙනුවෙන් වැය කරනවා. ඒ කියන්නෙ අවුරුදු 60ක් ජීවත් වෙන කෙනෙක් 

අවුරුදු 15ක්ම නිදා ගෙන තමා ඉඳල තියෙන්නෙ.


සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුට පැය 6 - 8 ත් අතර කාලයක සුවබර නින්දක් 

අත්‍යවශ්‍යයි. කෙතරම් වැඩ රාජකාරි තිබුනත් පැය 5 කට වඩා අඩු වෙන විදිහට නින්ද 

කප්පාදු කිරීමෙන් සිද්ද වෙන්නෙ ඔබේ කර්‍ය්යක්ශමතාව අඩු වීම. ඒ කියන්නෙ 

වෙනදා පැයකින් කරන වැඩ ප්‍රමාණය කිරීමට ඔබට වැඩි වේලාවක් ගත වෙනවා ඒ 

වගේම එහි නිවරැදිතාවයද අඩු වෙනවා.


නින්දේදී අපේ සිරුර විවේක ගන්නවා. එය සිරුරට ගොඩක් වැදගත්. සිරුර සැදී 

තිබෙන මිලියන ගනනක් සෛල වලට මේ විවේකය වැදගත්, එයිනුත් වඩාත්ම 

වැදගත් වෙන්නෙ ස්නායු සෛල වලට. ඔබ බොහෝ දෙනෙක් දන්නා පරිදි ස්නායු 

සෛල සිරුරේ පණිවිඩ හුවමාරු පද්ධතිය මෙන්ම පරිපාලන නිලධාරී කොටසද 

වෙනවා. නින්ද අඩු වීමෙන් ස්නායු සෛල විඩාවට පත්ව අකාර්‍යයක්ශමව කටයුතු 

කරන්න ගන්නවා වගේම ඒවායේ ජීව කාලයද කෙටි වෙනවා. ස්නායු සෛල අනෙක් 

සෛල වලට වඩා වැදගත් වීමට තවත් සුවිශේෂී කාරණයක් තමයි ඒවා ප්‍රතිජනනය 

නොවීම. ඉතිං ඔබ නොසැලිකිලිමත් ලෙස නිදිමැරීමෙන් වෙන්නෙ ඔබේ ස්නායු 

සෛල සෙමෙන් සෙමෙන් ඔබට අහිමි වීම.


හොඳයි ඉහත කරුණු කිහිපය සඳහන් කලේ සෞඛ්‍යමත් නින්දක වටිනාකම පැහැදිලි 

කරන්න. ඒ නිසා ඔබ නිදාගැනීම ගැනත් සැලකිලිමත් විය යුතුයි.

වර්ථමානයේ ඇති කාර්‍යයබහුල ජීවන ක්‍රමය නිසා අපි බොහෝ දෙනෙක්ගේ නින්ද 

අක්‍රමවත්!

"දවසක් රෑ 8 සිට උදේ 4ට, තව දවසක රෑ 12 සිට උදේ 5ට ඊළඟ දවසේ වෙනම 

වෙලාවක්, සමහර දවසක මුලු රැම අවදියෙන් ඉදල දවල් පැය කීපයක් නිදියන්ව, මේ 

තමයි අක්‍රමවත් නින්ද.

මෙන්න මේ අක්‍රමවත් නිදා ගැනිමේ පුරුද්ද තමයි නින්ද නොයාමේ රෝගයට 

බලපාන මූලිකම හේතු වලින් එකක් වෙන්නෙ.


මේ වගේම නින්ද නොයාමට බලපාන තවත් හේතුවක් තමයි මානසික පීඩනය, 

රැකියාව, විභාග, විවාහ දිවියේ ගැටලු  මෙම මානසික පීඩනය ඇති වීමට බලපන 

සුලබ කරුණු කීපයක්. 


නොයෙකුත් රෝගී තත්වයන් හා එම රෝග සඳහා දෙනු ලබන ඖෂධ නිසාද නින්දට 

බාධා ඇති වෙන්න පුලුවන්.


ඒ වගේම මත් ද්‍රව්‍යය භාවිතයට හුරු වූ අය අතරද සුලභව මෙම නින්ද නොයාමේ 

ගැටලුව දකින්න පුලුවන්.


ඔබට ප්‍රමාණවත් නින්දක් නොලැබේ නම් පහල ලක්ෂණ ඔබ තුල ඇති වෙන්න 

පුලුවන්.


  • දවස පුරා දුබල ගතියක් දැනීම,

  • හිසරදය,

  • තීරණ ගැනීමේ හැකියාව හා වේගය අඩු වීම,

  • සියුම් කාර්‍යයන් කිරීමේ අපහසුව. 



ඔබත් නින්ද නොයාමේ ගැටලුවෙන් පීඩා විදින්නේ නම් කල්පනා කරල බලන්න 

ඉහත දැක්වූ කරුණු ඔබට අදාල වෙනවද කියල.


කොහොමද දැන් මේ ගැටලුව විසඳා ගන්නෙ. ඒ ගැන කතා කරන්න කලින් බලමු 

කොහොමද අපිට නිදිමත වෙනවා කියන එක සිද්ද වෙන්නෙ කියල. 


මොළයේ නින්දට අදාල  suprachiasmatic nucleus නම් කොටසෙන් නිකුත් වෙන මෙලටොනින් නම් 

රසායනිකයකින් තමයි මෙය සිදු වෙන්නෙ.

දවසේ සිරුර තුල සිදුවන කාලානුරූපී රිද්ම්‍යානුකූල වෙනස් කම් (ශරීර උශ්ණත්වය, 

කෝර්ටිසෝල් නම් හෝමෝනය ) නිසාත් අඳුර වෙහෙස වැනි දේ නිසාත් මොළයේ 

මෙම නින්ද පාලන මධ්‍යස්ථානය උත්තේජනය වෙනව. ඔන්න ඔය ආකාරයෙන් තමා 

අපට නින්ද ලඟා වෙන්නෙ.


සුවබර නින්දකට මඟ...


දැන් අපි බලමු අක්‍රමවත් වුන නින්ද නැවතත් ක්‍රමවත් කරල නින්ද නොයාමේ 

ගැටලුවට විසඳුමක් ලබා ගන්න කල හැකි දේවල් මොනවාද කියල.


1. ඔබ දවල් කාලයේ පොඩි නින්දකට හුරු වූ අයෙක් නම් එය අත් හරින්න. මක් 

නිසාද එය සිරුරේ ස්වභාවික විවේක ගැනීමේ රටාව අක්‍රමවත් කිරීමක් වන්නට 

පුලුවන් නිසා.


2. නිදා ගැනීමට නියමිත ස්ථීර වේලාවක් තබා ගන්න.


මෙය ඉතා වැදගත්, අක්‍රමවත් වූ ඔබේ සිරුරේ ජීව ඔරලෝසුව ක්‍රමවත් කර ගන්න 

මෙයින් පුලුවන්. ඒ නිසා පාඩම් කටයුතු වලට, රැකියාවට සාධාරනයක් ඉටුවන 

ආකාරයට සුදුසු කාල පරාසයක් තීරණය කරන්න. එය පැය 6 කට නම් අඩු නොවිය 

යුතුයි.

රාත්‍රී 10 හා උදෑසන 4 යන කාලය මෙම කාල පරාසයට ඇතුලත් වන්නේ නම් වඩාත් 

හොඳයි.

කෙතරම් කාර්‍යයබහුල වුනත් මෙම නියම කර ගත් වේලාව නින්දටම ඉඩ දිය යුතුයි. 

උදෑසන අවදි වීමත් නියම කර ගත් වේලාවටම සිදු විය යුතුයි. (වැඩි හෝ අඩු නොවිය 

යුතුයී


3. ඇඳ සහ කාමරය


ඔබ නිදා ගන්නා ස්ථානය ගැන සැලකිලි මත් විය යුතුය. ඇඳ හැකි තරම් සුව පහසු විය 

යුතුයි. ඒ මිල අධික ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට වලින් නෙවෙයි, වල ගොඩලි දූවිලි 

නැති කොහු මෙට්ටයක් පාවිච්චිය හොඳටම ඇති. ඇඳ ඇතිරිලි කපු රෙදි වීම වඩාත් 

සුදුසුයි. ඇඳ ඇතිරිලි, කොට්ට, කොට්ට උර පිරිසිදුව තබා ගන්න. මකුණන් මදුරුවන් 

වැනි සතුන්ගෙන් බාධා වේ නම් එයට වහා පියවර ගත යුතුයි. කාමරය ඉඩ කඩ ඇති 

වතාශ්‍රය හොඳින් ලැබෙන තැනක් වීම වැදගත්.


4 ව්‍යායාම


ඔබ කය වෙහෙසා වැඩ කරන අයෙක් නොවෙයි නම් දිනපතා ව්‍යායාම කිරීමට හුරු 

විය යුතුයි. (රාත්‍රියේ ව්‍යායාම කිරීමට හුරුවී ඇත්නම් එය නවත්වන්න. එය උදෑසනට 

හෝ සවසට යොදා ගන්න )

දිනකට පැය භාගයක්වත් සිරුරට හොඳින් දහඩිය දමන ව්‍යායාමයක යෙදිය යුතුයි.


5 ආහාර පාන


රාත්‍රී අහාරය ප්‍රමාදව ගැනීමෙන් වලකින්න. එමෙන්ම රාත්‍රියට බර ආහාර ගැනීම හෝ 

ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීම නින්දට බාධාවක් වෙනව.

රත්‍රී ආහාරයෙන් පසු කෝපි හෝ තේ පානයෙන් වලකින්න. නමුත් නින්දට පෙර උණු 

කිරි වීදුරුවක් පානය කල හැකි නම් එය නින්දට රුකුලක් වන දෙයක්.


මත් පැන් හා දුම් පානයෙන් වැලකිය යුතුයි! 


නින්දට පෙර ඇඟ සෝද පිරිසිදු වීම ඉතා වැදගත්. සැහැල්ලු ඇඳුමක් නින්දට යාමට 

භාවිතා කරන්න.

නින්දට නිශ්ශබ්ද වටපිටාවක් අත්‍යාවශ්‍යයි. නිවැසියන් සමඟ කතාබස් කරගෙන අදාල 

පරිසරය ගොඩ නගා ගන්න කටයුතු කරන්න.


අවශ්‍යයතාවයක් තිබුනත් නැතත් නින්දට පෙර මුත්‍රා කර සැහැල්ලු වීමෙන් නින්ද 

අතර මැද අවදි වීමෙන් වැලකිය හැකියි. නින්දට පෙර අධිකව වතුර බීමෙන් 

වලකින්න. 


දැන් ඔබ ඇඳට පැමිණෙනවා. ඊළඟට ඔබ නින්ද ගැන කල්පනා කරන්න පටන් 

ගත්තොත් එයම පීඩනයක් වෙනවා. එම නිසා හිත සැහැල්ලු කර ගන්න. හිතට වද 

දෙන යම් ගැටලු හිතට එනවා නම් ඒවා මග හැරිය යුතුයි. ඒ සඳහා ඝෝශාකාරී 

නොවන සංගීත රාවයක් යොදා ගත හැකියි. නමුත් එහි හඬ ඇසෙන නොඇසෙන 

මට්ටමින් තබා ගන්න.


මීලඟට ඔබේ සිතුවිලි සිතට සතුට ගෙන දෙන සාමකාමී දෙයකට යොමුකර ගන්න. 


උදාහරණයක් වශයෙන් ඔබ මුහුදු වෙරල ප්‍රිය කරන්නෙක් නම් ඇස් පියාගෙන එය 

සිතින් මවා ගන්න. මුහුදු සුළඟ ගතට දැනෙන බව සිතමින් සැහැල්ලුවෙන් ආශ්වාස 

ප්‍රාශ්වාස කරන්න. මුහුදු රළ හඬ සිහියට නගා ගන්න උත්සාහ ගන්න. ඔබට එය 

ඇසෙන බව දැනේවි. මේ ආකාරයෙන් ඔබේ සිත සන්සුන් වීමත් සමඟ ඔබ 

නොදැනීම නින්දට වැටෙනු නියතයි!


ඉහත සඳහන් කල කරුණු හැකි පමණින් සම්පූර්ණ කරගන්න ඔබ සමත් වූවා නම් 

ඔබට සුවබර නින්දක් අනිවාර්‍යයෙන්ම ලඟා කර ගැනීමට හැකිවනු නොඅනුමානය.

සතියක් පමණ ඉහත පියවරයන් උත්සාහ කර බලන්න, ප්‍රතිඵලයක් නොලැබේ නම් 

ඔබ වෛද්‍යයවරයෙකු හමු විය යුතුයි. සුලු කායික හා මානසික පරීක්ෂාවකින් පසු ඔහු 

ඔබට අවශ්‍යය උපදෙස් ලබා දේවි.


නිදි පෙති ( sleeping tablets )


වෛද්‍යයවරයෙකුගේ අනුමැතියකින් තොරව කිසිම ඖෂධයක් නින්ද 

බලාපොරොත්තුවෙන් භාවිතා කරන්න එපා! මක් නිසාද එයින් ඔබගේ ස්වාභාවික 

නින්ද සදහටම ඔබට අහිමි වීමට තියන ඉඩ වැඩි නිසා. බොහොමයක් මෙම ඖෂධ 

ඇබ්බැහි වීමේ භයානකත්වයෙන් යුතු වෙනවා. එමෙන්ම අතුරු අබාධ වලින්ද 

සමන්විත වෙනවා. එම නිසා වෛද්‍යයවරයෙකුගේ උපදෙස් වලින් තොරව කිසිම 

ඖෂධයක් භාවිතයට පෙලඹෙන්න එපා.