දින කීපයකින් දැකිය නොහැකි වූ සිය මිතුරාව බැලීමට නිමල් රන්ජන්ගේ නිවස බලා පිටත් විය.
"මොකෝ රන්ජන් පාඩම් කරන්න ආවෙ නැත්තෙ?"
"කියල වැඩක් නෑ මචෝ මේ හෙම්බිරිස්සාවක් හැදිල මට එපා වෙලා ඉන්නෙ, දැන් සතියක් විතර."
"ඔව් මට මතකයි උඹ මැච් එක ගහන්න එනකොටත් හොටු බේර බේරනෙ හිටියෙ."
ඔව් බං ඊට පස්සෙ දවසෙ ගිනි ගන්න උණ ගත්තනෙ., ඒ මදිවට අම්බානකට ගුටි කාල වගේ මුලු අස්ථි පංජරේම රිදෙන්න ගත්තනෙ."
"සිරාවට .... යකෝ කියන්න එපැයි.. බේත් ගන්න ගියෙ නැද්ද්?
"ගියා බං, මුලින් ගිය තැන පෙනඩෝලුයි පිරිටනුයි තව මොනාද පෙති වර්ගෙකුයි දුන්න. මට එපා උනා ඕව බීල හරියනවැ. මම ඊට පස්සෙ අර .... ගාවට ගියා පොර නම් අපරාදෙ කියන්න බෑ කරල් වර්ග දෙකකුයි රෝස පාට පෙති වගේකුයි දුන්න."
හරි හරි දැන් ඉතිං උඹට අඩුයිද?"
"උණ නම් බැහැල ගියා, ඒ උනාට බෙහෙත් සැරටද මන්දා බඩ දැවිල්ලක් හැදුනා, ඒ මදිවට හොඳටම කැස්ස බං, ෆාමසියෙන් සිරප් වර්ග දෙකක්ම ගෙනත් බිව්ව තාම අඩුවක් නෑ., ඇඟට පණත් නෑ වගේ,"
"හම්මා උඹේ කාමරේ ගඳ, දවස් කීයකින් නෑවෙ නැද්ද්?"
උඹට කියන්න සති දෙකකින් විතර නෑ, කොහෙද මේ කැස්ස ඉවරයක් නෑනෙ"
"අනේ මන්ද උඹ ලෙඩේ දෙක කරගෙන වගේ."
~ ~ ~ ~ ~ ~ ~ * ~ ~ ~ ~ ~ ~ ~ * ~ ~ ~ ~ ~ ~ ~
මේ කාලෙ ලෙඩ රෝග නම් අනන්තයි අප්‍රමාණයි නේද. මේ අනන්ත අප්‍රමාණ ලෙඩ රෝග අතරින් ලොකු කුඩා ගැහැණු පිරිමි බේදයක් නැතුව කොයි කාටත් වද දෙන කරදර කාරී රෝගී තත්ත්වයක් තමා මේ හෙම්බිරිස්සාව එහෙමත් නැත්නම් සෙම්ප්‍රතිශ්‍යාව කියන්නෙ. මේ ලිපිය කියවන ඔයාට කී පාරක් හෙම්බිරිස්සාව හැදිලා තියෙනවද? ගණන් කර ගන්නත් බැරි තරම් නේද.
සාමාන්‍යයෙන් එක් අයෙක්ට වසරකට දෙවතාවක් වත් සෙම්ප්‍රතිශ්‍යාව වැලඳෙනවා. කුඩා දරුවෙකුට නම් වසරකට හය වරක් පමණ මෙය වැලඳීමට පුලුවන්. අපි බලමු මේ සෙම්ප්‍රතිශ්‍යාව කියන්නෙ මොකක්ද කියල.
මෙහි ප්‍රධාන හේතු කාරකයා වෙන්නෙ වයිරස් වර්ග. එකිනෙකට වෙනස් වයිරස් වර්ග 200ක පමණ ප්‍රමාණයක් අපට සෙම්ප්‍රතිශ්‍යාව ඇති කිරීමට සම්මාදම් වෙනවා කියල සොයාගෙන තියෙනවා. එයිනුත් නායකයා වන්නෙ රයිනො (Rhino virus) වයිරස් නම් වයිරස් කාණ්ඩය.
මෙම වයිරස සෙම්ප්රතිශ්යාවෙන් පෙලෙන රෝගියෙකුගේ ශ්වසන පද්ධතියේ ස්රාවය තුල ලක්ෂ සංඛ්‍යාවක් එක් රැස් වී පවතිනවා. රෝගියා කිවිසිම් හරින විට එම වයිරස ස්රාවයන් සමඟ පරිසරයට මුදා හැරෙන්වා. මෙම වයිරසයන් වලට පරිසරය තුල යම් කාලයක් ජීවී තත්වයේ පසුවෙන්න පුලුවන් (පැය 18ක් වැනි කාලයක්). මෙම කාලය තුල එම වයිරස වෙනත් අයෙකුගේ ශ්වසන පද්ධතියක් තුලට ඇතුල් වූ පසු ක්ෂණිකව ප්රජනය ආරම්භ කර පැය 18ක් වැනි කාලයකදී රෝග ලක්ෂණය ඇති කරනවා.
අපි ගොඩක් වෙලාවට කිවිසුම යැවීම උගුරේ කැසීමක් ඇති බව දැනෙන්නට වීම සොටු දියර ගැලීම ආරම්භ වෙන්නෙ මේ අවදියේදි. ඉන්පසු සොටු දියර ගැලීම වැඩි වීමත් සමඟ නාසය අවහිර වීම, සමහර විට කන් අගුල් වැටීම (කන් ඇසීම අඩු බවක් දැනීම), ඇඟපත රිදීම, හිසරදය, තෙහෙට්ටුව, කැස්ස, කලාතුරකින් උණ ඇති වීමටද පුලුවන (බොහෝ විට කුඩා දරුවනට). මෙම රෝග ලක්ෂණ ඇති වන්නේ වයිරසය පැරදවීමට සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සිදු කරන සටනේ ප්‍රතිඵලයක් ලෙසය.
ආසදනයට හේතු වන වයිරස් වර්ගය, රෝගියාගේ ඔරොත්තු දීමේ හැකියාව (ප්‍රතිශක්තිකරණ හැකියාව), රෝගියගේ පෝෂණ තත්වය, රෝගියා වෙහෙසී සිටීද යන්න වැනි හේතු කාරක ගණනාවක් රෝගය සුව වීමට යන කාලය තීරණය වීමට බලපායි. සාමාන්‍යයෙන් සතියක පමණ කාලයකදී මූලික රෝග ලක්ෂණයන් පහව යන මුත් අතැම් අයට සති තුනක් පමණ කාලයක් වුවද පැවතිය හැක. වඩාත් වැඩි කාලයක් පවතින්නේ කැස්සයි. එය සතියක සිට මාස දෙකක පමණ කාලයක් දක්වා කරදර කරනවා.
අපට ඒ හැටි හානියක් නොවන රෝගයක් වුවත් මෙය ඉතා කරදරකාරීය. මේ නිසාම අපි විවිධාකාර දේවල් එම අපහසු තත්ත්වයන් මිදීමට පාවිච්චි කරන්න පෙලඹෙනවා.
විවිධ බාම් වර්ග, ආයුර්වේද බීම වර්ග, පෙති වර්ග... නමුත් ඔබ දැනගත යුතු කාරණාවක් වන්නේ සෙම්ප්‍රතිශ්‍යාව සුව කිරීමට ඖෂධ නොමැති බව. එය සිරුරේ ප්‍රතිශක්තිකරණය මගින්ම සුව විය යුතු වේ.
ඉහළ සඳහන් කල ප්‍රතිකාර හෝ වෛද්‍යවරයෙකු ඔබට ලබාදෙන ඖෂධ වලින් සිදු වන්නේ රෝග ලක්ෂණ වලින් ඇති වන අපහසුතා අඩු කිරීමයි.
නමුත් රෝගය පිළිබඳව අවබෝධයකින් යුතුව පහත උපදෙස් පිළිපැදිමෙන් මෙම රෝගය නිසා ඇති වෙන අපහසුතා බොහොමයක් අඩු කර ගන්න පුලුවන් වේවි,
පළමුව රෝගයෙන් වැලකීම.
පාසලට, පන්තියට, වැඩට එහෙමත් නැත්නම් ගමනක් ගොස් පැමිණි විගස හොඳින් පිරිසිදු වීම මගින් ඔබේ සිරුර මතුපිට තැවරී සිටින වයිරස ඔබේ අතින්ම නාසයට හෝ කටට ඇතුල් වීමෙන් වලකිනවා. නිතර දෑත් සෝදා පිරිසිදුව සිටීමද වැදගත් වෙනවා.
රෝගයේ මුල් අවදිය.
* කිවිසිම් යාම, උගුර කැසීම, තෙහෙට්ටුව, මෙවා සෙම්ප්‍රතිශ්‍යාවේ මූලික ලකුණු. මෙම කාලයේදී ඇඟ වෙහෙසකරවන ක්‍රියාකාරකම් වලින් වැලකීමෙන් ඔබට සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇති වන අපහසුතා බොහොමයක් අවම කර ගන්න පුලුවන් වගේම රෝගය පවතින කාලයද අඩු වෙනවා. මේ කාලයේදි තමයි වෛරසය සිරුර තුල වැඩීම හා සංඛ්‍යාවෙන් වැඩි වීම සිදු වන්නේ. අප සිරුර වෙහෙසවා දුර්වල කිරීම ඔවුන්ගෙ වර්ධනය වේගවත් වීමට හේතු වෙනවා.
* ලුණු මිශ්‍ර උණුසුම් වතුරින් උගුර සේදීම. මෙයින්ද මූලික අවධියේ සිටින වෛරසය විනාශ වී යාම සිදු වෙනවා.
* හැකි තරම් උණු වතුරම බීමට ගන්න ඒ වගේම සීතල බීම වර්ග නොගැනීම, වායු සමීකරණ භාවිතා නොකිරීම වගේ දේවල් ගොඩක් වැදගත් මොකද සෙම්ප්‍රතිශ්‍යාවට හේතු වෙන වෛරස වඩාත් කැමැති සිසිල් තත්වයන්ට. එවිට ඔවුන් වඩාත් සතුටින් වැඩෙනවා.
දින දෙකක් තුනක් ගත වූ පසු.
* අපි වෛද්‍යවරයෙකු හමු වන්නේ මේ අවධියේ දී. වෛද්‍යවරයාගෙ උපදෙස් නිවරැදිව පිළිපදින්න. ඒ වගේම ඖෂධ පිළිබඳවද විශ්වාසය තබන්න. බොහෝ දෙනෙක් සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ලබාදෙන ඖෂධ දෙස බලන්නෙ අඩු තක්සේරුවකින්,
මම මේ ගැන උදාහරණයක් දෙන්නම්
මම මේ ගැන උදාහරණයක් දෙන්නම්
වෛද්‍යවරයෙකු හමු වී ලබාදුන් ඖෂධ දැක බොහෝ අය මෙසේ පවසනවා.
"මට මෙච්චර අමාරුයි, ඒ උනාට දීල තියෙන්නෙ මොනවද පෙනඩෝලුයි , පිරිටනුයි, C විටමිනුයි, තව කරලකුයි." වෙන කෙනෙක් ගාවට යන්න ඕනෙ හොඳ බේතක් ගන්න."
මෙය වැරදි අදහසක් ඉහත ඖෂධ මිලෙන් අඩු සැවොම දන්නා ඖෂධ වුවත් සෙම්ප්‍රතිශ්‍යාව සඳහා හොඳම ඖෂධ වන්නේද එවායි.
*පැරසිටමෝල් (බොහෝ දෙනෙක් පැනඩෝල් යන වෙලඳ නාමය භාවිතා කරයි) - සෙම්ප්‍රතිශ්‍යාව සඳහා වඩාත්ම සුදුසු හානිකර බව හා අතුරු අබාධ අවම ඖෂධයකි. වෛද්‍ය උපදෙස් පරිදි පැය 6 කට හෝ 8 කට වරක් ගැනීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇතිවන අපහසුතා රැසක් දුරු කරනු ලැබේ.
*ක්ලෝ(ර්)ෆිනමයින් (Chlorpheniramine) (බොහෝ දෙනෙක් පිරිටන් යන වෙලඳ නාමය භාවිතා කරයි) - කුඩා දරුවාගේ සිට වැඩිමහලු අයට පවා කිසිම හානියක් නොමැතිව භාවිතා කල හැකි වීම මෙහි විශේෂතවයයි, එහි එති එකම අතුරුඵලය නිදිමත බවක් ඇති වීමයි. සෙම්ප්‍රතිශ්‍යාවට අවශ්‍ය වන්නේද එයයි. දිගු සුවදායි නින්දක් මගින් වෛරස හා සටන් වැදීමට සිරුරට සම්පූර්ණ සහයෝගය මෙයින් සැපයේ. නමුත් මෙම ඖෂධය ගැනීමෙන් පසු වාහන පැදවීම, ගමන් බිමන් වල යෙදීම, කල්පනාකාරීව කල යුතු වැඩ වල නිරතවීමෙන් වැලකිය යුතුය.
* ප්‍රතිජීවක (Antibiotics)
සෙම්ප්‍රතිශ්‍යාව සුව වීම සඳහා ප්‍රතිජීවක වල කිසිඳු අවශ්‍යතාවක් නැහැ. නමුත් වෛද්‍යවරු ප්‍රතිජීවක ලබා දෙන්නේ දෙවන බැක්ටීරියා ආසාදනයකින් වැලකීමට යොදන උපක්‍රමයක් ලෙසයි.
සතියකට පමණ පසු..
බොහෝ දෙනෙක්ට මෙම කාලය වනවිට ඉතිරිව ඇති රෝග ලක්ෂණය වන්නේ කැස්සයි. හැමෝම දැන ගත යුතු කරුණක් වන්නේ කැස්ස සතියක සිට සති 8ක් දක්වා පැවතිය හැකි බවය.
ඉහත සඳහන් කල පරිදි රෝගය හටගන්නා වකවානුව තුල සිරුර දුර්වලව පැවතීම රෝග ලක්ෂණ කල් පැවතිමට හේතු වෙනවා.
කැස්සට අමතරව දින 3කට වඩා උණ පවතින්නේ නම් කල්පනා කාරී විය යුතුයි. එය බෝහෝ විට වයිරස් මගින් අඩපණ කල පටක තුල වර්ධනය වන බැක්ටීරියාවක් (Secondary Bacterial Infection) නිසා විය හැක. එය නොසලකා හැරීම භයානක තත්වයකට ඉඩ හැරීමක් වන්න පුලුවන්. මොකද එම බැක්ටීරියා ස්වසන පද්ධතියේ පහලට ගමන් කර පෙනහලු තුලට ඇතුල් වී එහි සියුම් පටක විනාශ කිරිම හා සියුම් නාල අවහිර කිරීම සිදු කරයි. මෙය නියුමෝනියව ලෙස හදුන් වනවා.
ඒ වගේම සති දෙකකට වඩා පවතින කැස්ස සමඟ ලේ බිඳු පිට වීම ක්ෂය රෝගයේ ලක්ෂණයක් විය හැක.
එම නිසා දින තුනකට වඩා උණ පවතින විට හෝ කැස්ස සමඟ ලේ බිඳු නිකුත් වන්නේ නම් වෛද්‍යවරයෙකු හමු වීම වැදගත්.
එම නිසා දින තුනකට වඩා උණ පවතින විට හෝ කැස්ස සමඟ ලේ බිඳු නිකුත් වන්නේ නම් වෛද්‍යවරයෙකු හමු වීම වැදගත්.
සෙම්ප්‍රතිශ්‍යාව වැළදීමෙන් පසු උණ තත්වය පහවී දින 3ක් ගත වූ පසු ස්නානය කිරීමද වැදගත්. එය කැස්ස පවතින කාල සීම අඩු වීමට හේතු වන අතර. සිරුර මතුපිට ඇති බැක්ටීරියා ගහනය අඩු වීමෙන් දෙවන බැක්ටීරියා ආසදනයක් ඇති වීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් අඩු කරනවා. කැස්ස පවතින තුරු ස්නානය අහිතකරය යන්න අපි අතරේ පවතින වැරදි මතයක්. වැදගත් වෙන්නේ උණ කියන රෝග ලක්ෂණය.
මෙන්න මේ විදිහට කියවෙන හෙම්බිරිස්සාව ගැන කතාවේ සරාංශයක් ගත්තොත්.
1. ඉක්මනට හොඳ වෙන්න හොඳට විවේක ගන්න.
2.බොන දේවල් වැඩි වැඩියෙන් ගන්න, උණුවෙන්ම බොන්න.
3. පොඩි පොඩි බේත් ගැන වැඩි විශ්වාසයක් තියන්න.
4.ටික දවසක් යනකල් කැස්ස ගැන කලබල නොවී උණ බැහැල දවස් තුනෙන් හොඳට නාගන්න.
5. දවස් තුනට වඩා උණ තියෙනවා නම්, කහින් වෙලාවට ලේ එනවා නම් ඩොක්ටර් මුණගැහෙන්න වෙලාව හරි.
ඔබට සෞඛ්‍යයමත් දිවියක්!
Thanks for the informative post
ReplyDeleteThank You for the comment!
Deleteමේ ටිකේ මටත් මෙහෙම තමා. පාර හදන නිසා ඒ දූවිල්ලත් සමඟ මේ. බොහොම පින් ගිම්.
ReplyDeleteගොඩාක් කාලෙකින් නේද? මම ඒත් බැලුවා දැන් බ්ලොග් කියවන්න එන්නෙ නැද්ද කියල. අපෝ ඔව් පාරවල් හදන තැන් වලින් එන දූවිලි වලින් නම් බේරෙන්න අමාරුයි.
Deleteඔයාටත් හෙම්බිරිස්සාවද? ඔව්. ඔව් කියන්නෙ හොඳටම ඔව් :(
ReplyDeleteකෙනෙක්ට අවුරුද්දකට දෙවතාවක් විතර හෙම්බිරිස්සාව හැදෙනව කියල නේද ඔයා කියල තියෙන්නෙ. මට නම් අපරාදෙ කියන්න බෑ ළඟදි ඉඳන් මාසෙකට දෙවතාවක් විතර හැදෙනවා.
දැන් මම බෙහෙත් ගන්න ඩොක්ටර් මන් ඩිස්පෙන්සරි එකට ඇතුල් වෙද්දිම දන්නවා මට හෙම්බිරිස්සාව කියල :D
හේතුව නම් මට හිතා ගන්න බෑ. එත් ලඟකදි ඉඳන් හැම වෙලේම හෙම්බිරිස්සාව හැදෙන එක නම් මහම මහ වදයක්. අපේ අම්ම හරි බයයි හෙම්බිරිස්සාව තියෙද්දි නාන එකට. ඒකෙන් වෙන්නෙ හෙම්බිරිස්සාව වැඩි වෙන එක කියලයි අම්ම හිතන්නෙ. හැබැයි මේ පෝස්ට් එක කියෙව්වම තේරුනා එකෙ ඇත්තක් නෑ කියල.
ගොඩාක් ස්තූතියි ගිමන් මේ විස්තරයට.
චාම්ස් ගොඩක් කාලෙකින්! ඒකනෙ මම කිව්වෙ අපිට අඩුම ගානේ අවුරුද්දට දෙපාරක් වත් හෙම්බිරිස්සවක් හැදෙනවා. කාලගුණ වෙනස්කම්, ඒ කියන්නෙ නිතර නිතර වැස්ස තියෙන කාලෙට අලුත් වයිරස් වර්ග පරිසරයට එකතු වෙනව වැඩියි. ඉතින් මෙහෙම අලුත් වයිරසයක් එන ගානෙ අපිට හෙම්බිරිස්සාව හැදෙනවා.
Deleteහප්පේ මේ ටිකේ මටත් ඔහොමම තමයි.. එපා වෙලා ඉන්නේ..
ReplyDeleteඑහෙනම් නියම කාලෙටනෙ මාත් මේ පෝස්ට් එක දාල තියෙන්නෙ.
Deleteහුඟ දෙනෙක් දන්නවා යැයි සිතා ඉන්න නැත්නම් නොසලකා හරින මාතෘකාවක් , වැදගත්ම තැන අර උපදෙස් ටික , පොඩි පොඩි හෙමබිරිස්සාවටත් ෆාමසියෙන් “ලොකු ලොකු ඇන්ටිබයොටික් ගහන“ ඊට පස්සෙ ලොකු ලොකු අමාරුවෙ වැටෙන අයට හිතන්න කරුණු තිබෙන ලිපියික් . අගෙයි . ස්තුතියි
ReplyDeleteගොඩක් ස්තූතියි මහේශ් ප්‍රතිචාරයට.
Deleteඅන්න දොස්තරලා. ස්තුතියි ගිමන්. හෙම්බිරිස්සාවේ ඊ ලඟ ස්ටේජ් එක ගැන මම මගේ ඩෙනිමේ සහ HeyDude බ්ලොගේ ලියලා තියෙනවා. නම හොටු. Snot. ගිහින් බලන්නකෝ. නමුත් මාස තුනක්ම පරණයි. දැන් නම් හොඳ වෙලත් ඇති.
ReplyDeleteමට මතකයි. :D uncensored
Deleteමටත් මේ හැදිලා තිබිල හොඳ උනා විතරයි .. ලාවට කැස්සක් විතරක් දැනට තියෙනවා ... ඔය බෙහෙත් විස්තරේ දැනගත්ත එක ලොකු දෙයක් .. මට දුන්නෙත් ඔය වගේ පෙති 3ක් විතරයි .. මටත් හිතුන ආපෝ මේ මොනවාද දීල තියෙන්නේ කියල .. හැබැයි දවස් 2ක් යද්දී අඩු වුනා .. කැස්සට වෙනම ගන්න වුනා හැබැයි .. :)
ReplyDeleteස්තූතියි! සෙම්ප්‍රතිශ්‍යාවට පස්සෙ හැදෙන කැස්සට හොඳම ප්‍රතිකාරෙ තමයි හොදට නාගන්න එක. ට්‍රයි කරල බලන්න.
Deleteඅද තමා මේ පැත්තට ගොඩ වැදුනේ වැදගත් ලිපියක් ...දන්නා කාලේ ඉඳන් හෙම්බිරිස්සාව හැදුනට මේ සමහර දේවල් දනන් හිටියේ නෑනේ .හැබැයි වාසනාව කියන්නේ මට නම් හෙම්බිරිස්සාව ගොඩක් කල් තියෙන්නේ නෑ .දැන් හැදෙන්නෙත් කලාතුරකින් :)
ReplyDeleteස්තූතියි හංසි කොමෙන්ටුවට වගේම ගිමන්හලට ගොඩ වැදුනට.
Deleteපේන විදිහට හොඳ ප්‍රතිශක්තිකරණයක් තියෙන කෙනෙක් වගේ, එහෙම නැත්නම් හොඳ සෞඛ්‍යය පුරුදු තියන නිතර පිරිසිදුව ඉන්න පුරුදු වුන කෙනෙක්.
හැදීගෙන එන අවස්තාවෙ හෙම්බක් දැන් මට තියනව. මම නං කරන්නෙ එකම ප්‍රතිකාරයයි. ප්‍රත්‍යක්ෂයි. බොන්නෙ උණු වතුර විතරයි.
ReplyDeleteස්තූතියි රාජ්! ඔව් උණු වතුර කියන්නෙ හෙම්බිරිස්සාවට හොඳ පිළියමක්, උගුරටත් පහසුයි.
DeletePatta Patta. Thanks for sharing :)
ReplyDeleteThanks for Comment
Deleteniyamai.. godak dewal danagaththa.. thanks ,,
ReplyDeleteස්තූතියි !
Delete