දින කීපයකට කලින් සාමාන්‍ය පෙල විභාග ප්‍රතිඵල ආවා. ඔයාලත් මේ ගැන සැලකිලිමත් වෙන්න ඇතිනේ. කොහොමද අහන්න ලැබුන ප්‍රතිඵල?
ටිකක් ගම්පලාතකට වෙන්න ඉන්න මට නම් අහන්න ලැබුන ප්‍රතිඵල වලින් ගොඩක් දුර්වල ප්‍රතිඵල පෙන්වලා තිබුනේ ඉංග්‍රීසි විෂයට. මෙවර විතරක් නෙවෙයි හැම වසරෙම දක්නට ලැබෙන්නෙ මේ ප්‍රතිඵලයම තමයි.
මොකක්ද මේකට හේතුව? ඇත්තටම ඉංග්‍රීසි අමාරුද?
නමුත් නගරබදට වෙන්නට නම් තත්වය ටිකක් වෙනස්. වෙනත් විෂයන් වලට අඩු ලකුණු ගන්න දරුවනුත් ඉංග්‍රීසි විශයට විශිෂ්ඨ සම්මාන ලබා ගෙන තියෙනවා දකින්න පුලුවන්.
ඉංග්‍රීසි භාෂා හැකියාව ඇති වීමට ඉහල බුද්ධි මට්ටමක් අවශ්‍යද?
නැහැ! ඉංග්‍රීසි භාෂාව හොඳින් ප්‍රගුණ කිරීමට අවශ්‍ය වන්නේ
ආත්මවිශ්වාසය
උත්සාහය
නිවරැදි මග පෙන්වීම
පමණයි!
මෙහිදී මා නිවරැදි මග පෙන්වීමක් කිව්වෙ දක්ෂ ගුරුවරයෙක් කියන එකම නෙවෙයි. ඉංග්‍රීසි භාෂාවේ මූලික ව්‍යාකරණ හා සරල නීති රීති පිළිබඳ දැන ගත හැකි ඕනෑම කෙනෙක්, නිබන්ධනයක් හෝ ගුවන්විදුලි පාඨමාලාවක්.
ඉන්පසු උත්සාහය හා ආත්මවිශ්වාසය (ඉංග්‍රීසි වලට බිය නොවීම ) ඇති ඕනෑම කෙනෙක්ට මනාව ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි අයෙකු වීම අසීරු කාරණයක් නොවෙයි.
ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ඉක්මණින් හා රසවත්ව ඉංග්‍රීසි ඉගෙන ගත හැකි ක්‍රම මොනවාද කියන එක ගැන. මම දන්නවා මට වඩා සාර්ථකව මේ පිළිබඳ උපදෙස් ලබා දිය හැකි අය මෙය කියවාවි. කරුණාකර ඔබේ එම උපදෙස් මෙයට එකතු කරන්න. මෙය කියවන තවත් කෙනෙක්ට එය මිල කල නොහැකි උදව්වක් වේවි!
හොඳයි ඉස්සෙල්ලාම බලමු මොකක්ද මේ ඉංග්‍රීසි කියන්නෙ කියල?
ඔව් ඒක භාෂාවක්! භාෂාවක් කියන්නේ ප්‍රායෝගික දෙයක්, ඒ කියන්නෙ යම් දෙයක් තව කෙනෙක්ට දන්වන්න පාවිච්චි කරන දෙයක්. ඉතින් එහෙම දෙයක් පොත්වල පිටු පිරෙව්ව කියල වැඩක් වෙන්නෙ නෑ. ප්‍රායෝගික දෙයක් ඉගෙන ගන්න නම් එය පාවිච්චි කරන්න ඕනෑ.
එතකොට අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියල මොකක්ද කරන්නෙ?
අපි කරන්නෙ ගුරුවරයා කියන දේ සියල්ල පොතේ සටහන් කරනවා. ඊට පස්සෙ ගණිත සූත්‍රයකට ඉලක්කන් දානවා වගේ වචන එකතු කරල වාක්‍ය කීපයක් හදල නිකන් ඉන්නවා. කවුරුවත් හිතන්නෙ නෑ ඒ වචන වලින් තමන්ගේ යාලුවට මොනව හරි කියන්න පුලුවන් කියල.
මොකද එහෙම නොකරන්නෙ? හපොයි! වැරදුනොත් එහෙම වස ලැජ්ජාවනේ.
මේකටම මම තව කතාවක් කියන්නම්.
අපේ කාලෙ (දැනුත් එහෙමයි කියල හිතනවා ) 9, 10 ශ්‍රේණි වල ගෑනු ලමයින්ට හින්දි චිත්‍රපට පිස්සුව තිබුනනේ. එයාලට පුලුවන් හින්දියෙන් වාක්‍යය කීපයක් වුනත් කියන්න.
පන්ති ගිහින් ඉගෙනගෙනද?
නෑ, තමන් බලපු චිත්‍රපට වලදි ඇහුන වචන එකතු කරල තමයි කියන්නෙ. ඒ වාක්‍යය වැරදි වෙන්න පුලුවන්, ඒත් ලැජ්ජා වෙන්න දෙයක් නෑ මොකද මට එහෙම හරි හින්දි කතා කරන්න පුලුවන් කියලා.
ඉතින් ඒ උනන්දුව ඇයි ඉංග්‍රීසි වලට නැත්තේ? වාක්‍යය ගණන් වරද්ද වරද්දා හින්දි කියන්න පුලුවන් නම් ඇයි ඉංග්‍රීසි වචනයක් කියන්න ලැජ්ජා වෙන්නෙ?
අන්න එතන තමයි වැරැද්ද වෙලා තියෙන්නෙ.
ඔක්කොටම කලින් ඉංග්‍රීසි වලට තියෙන මේ බොරු ලැජ්ජාවයි බයයි නැති කර ගන්න ඕනෑ. ඉංග්‍රීසි කියන්නේ ලෝකෙ තියන භාෂාවලින් වලින් ඉතා සරල මෙන්ම ඉගෙනීමට ගොඩක් පහසු භාෂාවක්. ලියන්න කියවන්න දෙකට පාවිච්චි වෙන්නෙ එකම භාෂා රටාවක් නිසා තවත් පහසුයි.
දැන් බලමු පහසුවෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න අනුගමනය කල යුතු පියවර මොනවාද කියල.
1. මූලික දැනුම ලබා ගන්න.
නිවරැදි මග පෙන්වීමක් අවශ්‍ය වෙන්නෙ මෙතනදි තමයි.
ඉංග්‍රීසි වල මූලික නීති රීති ගැන සාමන්‍ය දැනුමක් ලබාගෙන වැඩේ පටන් ගත්තොත් සාර්ථක ගමනක් යන්න පුලුවන්.
ඉංග්‍රීසි ගුරුවරයෙක් හෝ හොඳ ඉංග්‍රීසි දැනුමක් ඇති අයෙක්ගෙන් දිනක් දෙකක් වැය කර මේ දැනුම ලබා ගන්න පුලුවන්.
මේ යටතේ,
- සරල ඉංග්‍රීසි වාක්‍යයක් හඳුනා ගැනීම. (Simple sentence)
- ක්‍රියා පද වර්ග. (Verb forms)
- උප ක්‍රියාපද. (Auxiliaries)
- කාල බේදය. (Tenses - Active and passive voice)
- නැත යන අර්ථයේ වාක්‍ය රටාව.
- ප්රශ්ණාර්ථය සහිත වාක්‍ය රටාව.
- වාක්‍යය කීපයක් එකතු කිරීම. (Conjunctions)
- නිපාත පද. (Prepositions)
යන නීති රීති හඳුනා ගැනීමෙන් පසු අපහසුවක් නැතිව ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට හැකි වේ.
( අන්තර්ජාලය තුල ඉහත මා සඳහන් කල මූලික ඉගැන්වීම්ද ඇතුලුව සිංහල බසින් නිවරැදිව ඉංග්‍රීසි ඉගෙන ගත හැකි, ගුණාත්මක් බවෙන් යුතු වෙබ් අඩවියක් / අඩවි ගැන ඔබ දන්නවා නම් ඒ පිළිබඳව දන්වා කොමෙන්ටුවක් දමන්න. මේ පිළිබඳ සැලකිලිමත් වන්නන්ට එය මහත් උදව්වක් වේවි )
භාෂාවක හැකියාවට වඩාත්ම හේතු වන්නෙ වැඩි වචන ප්‍රමාණයක් දැන සිටීම. මේ සඳහා කියවීම ඉතා වැදගත්.
මොනවද කියවන්නෙ?
අඩු මුදලින් වැඩි ප්‍රයෝජනයක් ගන්න පුලුවන් ක්‍රමයක් තමයි සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් ගන්න එක. එක පත්තරයක් සතියටම ඇති. හැබැයි හැමදේම කියවන්න යන්න එපා. සිංහලෙන් වුනත් නීරස දෙයක් කියෙව්වොත් කියවන එක ටිකකින් එපා වෙනවනේ.
තමන්ට කැමති හිතෙන දෙයක් කියවන්න.
අඩු ගානෙ පින්තූර බලන්න, යම් පින්තූරයක් ගැන කුතුහලයක් ඇති වුනොත් ඔන්න අමාරුවෙන් හරි විස්තර කියවන්න හිතෙනවා.
ඔන්න දැන් තමයි ශබ්දකෝෂයක් අවශ්‍ය වෙන්නෙ.
මලලසේකර ශබ්ද කෝෂය ඉතා ප්‍රයෝජනවත්, නමුත් ඔක්ස්ෆෝර්ඩ් ශබ්දකෝෂයක් පාවිච්චි කලොත් ඉක්මණින් ඉංග්‍රීසි හුරු වෙන්න පුලුවන්.
ඔක්ස්ෆෝර්ඩ් ශබ්දකෝෂය මෘදුකාංගය භාගත කර ගත ගැනීමට ටොරන්ට් ෆයිලය ( මෙහි ඉංග්‍රීසි වචන නිවරැදිව උච්චාරණය කරන ආකාරය ශ්‍රවණය කිරීමටද පහසුකම් සපයා ඇත )
ශබ්දකෝෂය ලඟින් තියා ගත්තට හැම වචනෙම තේරුම හොයන්න අවශ්‍ය නෑ. කොහොම හරි වාක්‍ය ටික කියෝල තෙරුම් ගන්න උත්සාහ කරන්න, මොකද වචනෙන් වචනේ හොයන්න ගියහම නිකන්ම කියවන එක නීරස වෙනවා.
පොඩි කතා පොත් හොයා ගෙන කියවන්න.
ඉංග්‍රීසි චිත්‍රපට නරඹද්දි ඉංග්‍රීසි උපසිරැසි වලින් වචනයක් දෙකක් අහුල ගන්න.
මෙන්න මේ වගේ ක්‍රම වලින් තමන් දන්න ඉංග්‍රීසි වචන ප්‍රමාණය වැඩි කර ගන්න.
අලුත් වචන මතක තියා ගන්න. හැබැයි අලුත් වචන ලියා ගෙන කටපාඩම් කරනවට වඩා සාර්ථකයි ඒ වචන වලින් අපිට සම්බන්ද මොනව හරි ගැන පොඩි වාක්‍ය හදා ගෙන ඒවා නිතර කීම.
3. කතා කරන්න.
මෙය ඉතාම වැදගත්. අපි ගොඩක් අයට තියන දුර්වල කමක් තමයි හොඳින් ඉංග්‍රීසි වචන, ව්‍යාකරණ දැනගෙන හිටියත් තව කෙනෙක් කියන දෙයක් තේරුම් ගන්න අපහසු වීමත්, කතා කරන්න නොහැකි වීමත්. කතා කරන්න පුලුවන් උනත් නිවැරැදිව උච්චාරණය කිරීමේ අපහසුතා මතු වෙනවා.
කොහොමද මේ අපහසුතා ජය ගන්නෙ?
හොඳින් සවන්දෙන්න!
වඩාත් නිවරැදිව වචන උච්චාරණය දැන ගන්න තියන පහසුම ක්‍රමය තමයි රූපවාහිනී හෝ ගුවන්විදුලි ඉංග්‍රීසි ප්රවෘත්ති වලට සවන් දීම.
ගුවන්විදුලි වැඩසටහන් වලට සවන්දීමත් සාර්ථකයි, නමුත් නියම ප්‍රමිතියක් සහිත ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකා වලට සවන්දුන්නොත් වඩාත් හොඳයි. මම හිතන හැටියට ගෝල්ඩ් ෆ්ම් හොඳයි.
ඒවායේදී ඇහෙන අලුත් වචන කීපවරක් උච්චාරණය කරන්න. නිතර භාවිතා වන වාක්‍ය රටා හඳුනාගෙන එවා නිතර නිතර කියන්න.
කතා කරන්න!
වැරදෙමින් හෝ හැකි තරම් කතා කරන්න. මේ සඳහා කණ්ඩායමක් හදා ගන්න පුලුවන් නම් වටිනාම උපරිමයි!
ඉංග්‍රීසි ඉගෙනීමට උනන්දුව ඇති කීප දෙනෙක් එකතු වෙන්න. කතා කරන්න දෙයක් හිතට එන්නෙ නැත්නම් කට්ටිය එකතු වෙලා නාට්‍ය ආකාරයට එක් එක් චරිත හදා ගෙන කතා කරන්න ( Role play ) . අනිත කෙනා කියන දෙය එක වරින් තෙරුම් ගන්න උත්සාහ කරන්න.
මෙසේ කිරීමේදී වචන කටට මෙන්ම කනට හුරු වෙනවා. ඉංග්‍රීසි වලට ඇති අනිසි බිය දුරු වෙනවා.
කතා කරන්න තවත් කෙනෙක් හොයා ගන්න බැරි අයටත් ක්‍රමයක් කියන්නම්.
මේ කාලෙ හැම කෙනෙක් ලඟම ජංගම දුරකථන තියෙනවනෙ. ඒ හැම එකකම වගේ හඬ පටිගත කිරීමේ පහසුකම තියෙනවා.
ඉතින් දුරකථනයේ හඬ පටිගත කිරීම සක්‍රීය කරල තමා කැමති ඕනෑම දෙයක් ගැන ඉංග්‍රීසියෙන් කතා කරන්න. ඊට පස්සෙ එය වාදනය කරල අහල බලන්න. වැරදි ඇති තැන් හඳුනා ගෙන නැවත නොකරන්න ඒවා මතක තියා ගන්න. උච්චාරණ අපහසු වූ තැන් හොඳින් උච්චාරණය කරල කටට හුරු කර ගන්න.
4. හිතන්න
අපි දවසේ කොච්චර නම් දේවල් හිතනවද! පොඩ්ඩ්ක් ඉංග්‍රීසියෙන් හිතන්න උත්සාහ කරන්න.
මනසින් විවිද අවස්ථා මවා ගන්න.
උදාහරණයක් ගත්තොත්, බසයේදි විදේශිකයෙක් ලඟ වාඩි වෙනවා, ඔහු හෝ ඇය ඔබට කතා කරනවා. ඒ ප්‍රශ්න මොනවා වේවිද හිතන්න, එවාට පිලිතුරු හිතන්න, පෙරලා ඔහුගෙන් ඇසිය හැකි ප්‍රශ්න හිතන්න, එවාට ලැබිය හැකි පිලිතුරු අනුමාන කරන්න.
ඔබ එක් වරක් මෙසේ හිතින් මේ අභ්‍යාසය කරල තිබ්බොත් සැබැවටම එවැනි අවස්ථාවක් උදා වූ විට තේරේවි ඉන් කොයි තරම් පහසුවක්, ආත්මවිශ්වාසයක් ලැබෙනවද කියලා.
5. ලියන්න
ලිවීම මඟින් භාෂාව හැඩ ගැන්වීම, ව්‍යාකරණ පිලිබඳ දැනුම පරිපූර්ණ වීම සිදු වෙනවා.
මොනවද ලියන්නෙ?
රචනා අකාරයෙන් තමන් කැමති මාතෘකාවක් ගැන ලියන්න පුලුවන්.
ඒකට කම්මැලි හිතෙනවා නම් දිනපොතක් ලියන්න පටන් ගන්න. හැමදාම පුරුද්දක් හැටියට එදිනෙදා සිදු වීම් ලියන්න.
ඉහත සඳහන් ක්‍රම සියල්ලගෙන් මම කියන්න උත්සාහ කලේ ඉංග්‍රීසි දැනුම වැඩි වෙන්නෙ අපි පාවිච්චි කරන තරමට කියන එක.
කඩුවක් වඩාත් හොඳින් කැපෙන්නෙ මුවහත් කරන තරමට.
වැරදීම් ගැන කිසි විට ලැජ්ජා වෙන්න එපා. ඉංග්‍රීසි අපේ මව් බාෂාව නෙවෙයිනේ. පිටරැටියෙක් කවදාවත් අපි ඉංග්‍රීසි වැරැද්දුවා කියා සමච්චල් කරන්නෙ නෑ. අපි යන්තමින් හෝ ඉංග්‍රීසි කතා කිරීම ගැන ඔවුන් සතුටු වෙනවා.
ඉංග්‍රීසි පාවිච්චියට ඇති බිය නැති වී විශ්වාසයෙන් යුතුව ඉංග්‍රීසි භාවිතා කරන්න අරන් කෙටි කාලයක් යද්දි ඉබේම අපේ තියන සුලු සුලු වැරදි නිවරැදි වෙනවා.
බොහෝ දෙනාට රැකියා ලබා ගැනීමේදි, උසස් වීම් ලබා ගැනීමේදී, වැඩිදුර අධ්‍යාපනය ලැබීමේදී, ව්‍යාපාර කටයුතු වලදී එන ප්‍රබල බාධකයක් තමයි ඉංග්‍රීසි දැනුම නොමැති වීම. ඉතින් ඔබ අද ඒ අඩු පාඩුව හදා ගතහොත් අනාගතයේදී ඔබ ඒ පිළිබඳ දහස් වාරයක් සතුටු වේවි!
ඉතින් හිත හිතා ඉන්න එපා අදම පටන් ගන්න!
මේ නම් අගනා අදහස් ටිකක් , ඒත් මේ උපදෙස් වලින් පලක් ගන්නේ කීයෙන කීදෙනාද කියන එක තමයි ගැටළුව , හැමෝටම ඉංගිරිසියේ ඕන කම එන්නෙ රස්සාවකට යන්න ගියාම , ඉන්ටවීව්ව් එකකට යන්න ඕන වුනාම විතරයි පොදුවේ .
ReplyDeletehttp://www.englishspeak.com/english-lessons.cfm
http://www.engvid.com/english-lessons/
http://www.learn-english-online.org/
මේ ලිංක් වලින් කීයක් ලංකාවට වැඩද දන්නෙ නම් නැහැ ,
ස්තුතියි
ගොඩක් ස්තූතියි ඔබට!
Deleteපළමු කොමෙන්ටුවෙන්ම ලිපියේ තිබ්බ ලොකු අඩුවක් පිරෙව්වා.
ඔබ ඉදිරිපත් කර ඇති වෙබ් අඩවි ඉතා ප්‍රයෝජනවත්, ඒ වගේම ඕනෑම කෙනෙක්ට පහසුවෙන් ඉංග්‍රීසි ඉගෙන ගත හැකියි.
englishspeak.com
Learn English Online
යන වෙබ් අඩවි දෙකේම නිවරැදි උච්චාරණය පුහුණු වීමේ පහසුව සපයා තිබෙනවා.
නැවතත් ස්තූතියි!
good work.thanks lot
ReplyDeleteThank you!
Deleteගොඩක් අය තුල තියන බය නැතිකරගන්න පුළුවන් නම් ඕනෑම භාෂාවක් ඉගෙන ගන්න පුළුවන් වේවි..
ReplyDeleteමේ ලින්කුව ගැන විස්තරයක් සත්සමුදුරේ තිබුනා මතකයි
ගොඩක් ස්තූතියි රූ!
Deleteලින්ක් එකත් අවශ්‍යතාවය ඇති අයට ගොඩක් වැදගත් වේවි.
This comment has been removed by the author.
ReplyDeleteගොඩක් දෙනෙක්ට වැදගත් වෙන ලිපියක් ඔයා ලියලා තියෙන්නේ, ගිමන් අයියේ, :) දවසක මමත් කියන්නංකෝ මම ඉංග්‍රීසි ඉගෙන ගත්ත හැටි ගැන හොඳ කතාවක්, මට නං හිතෙන්නේ ගොඩක් අය ඉංග්‍රීසි අසමත් වෙන්නේ බය නිසා!
ReplyDeleteගොඩක් ස්තූතියි ධාරා!
Deleteඇත්තෙන්ම ඔයගේ ඒ අත්දැකීම ඉංග්‍රීසි වලට බයේ හෝ කම්මැලි කමට බලන් ඉන්න අයට හොඳ තල්ලුවක් වේවි.
ගොඩක් වැදගත් උපදෙස් ටිකක් ගිමන්.
ReplyDeleteවචන, ව්‍යාකරණ ඉගෙන ගන්න නම් පොත් කියවන එක ගොඩක් ප්‍රයෝජනවත්. විශේෂයෙන් තමන් කැමති වර්ගයේ කතාපොත් කියවද්දි (රහස් පරීකශක, සුරංගනා කථා) ඉගෙන ගන්න එක රසවත් අත්දැකීමක් කරගන්න පුලුවන්. පෞද්ගලිකව මට නම් ගොඩක්ම උදවු උන ක්‍රමයක් තමයි ඉංග්‍රීසි චිත්‍රපටි සහ රූපවාහිනි කථා මාලා. ඒ තුලින් අලුත් වචන, උච්චාරණය, වගේ දේවල් ලේසියෙන්ම ඉගෙන ගන්න පුලුවන් වගේම අපිටත් නොදැනිම ඒ භාශාව අපට පුරුදු වෙන්න පටන් ගන්නව.
ගොඩක් ස්තූතියි චාම්ස්!
Deleteඔයා අත්දැකීමෙන් කියපු දේවල් ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සාහ කරන අයට ලොකු උදව්වක් වේවි.
මේ පාඩමක් වැනි සටහන කෙතරම් නම් වටිනවද?මමත් පුදුම උත්සහායක් ගන්නවා ඉංග්‍රිසි දැනුම හදා ගන්න.
ReplyDeleteඔක්ස්පෝර්ඩ් ඩවුන්ලෝඩ් කර ගන්න බැනේ.
Deleteගොඩක් ස්තූතියි ගයානි!
Deleteඋත්සාහ කලොත් ඉක්මණින්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න පුලුවන්. මුල් කාලෙ ටිකක් අමාරුයි කියල හිතුනත් ටිකක් හුරු උනාට පස්සෙ ඉතිරි ටික නිකන්ම පුලුවන් වෙනවා.
ඔක්ස්ෆෝර්ඩ් ශබ්දකෝෂය ඩවුන්ලෝඩ් කරන්න දීලා තියෙන්නෙ ටොරන්ට් ෆ්යිලය එය වැනි මෘදුකාංගයක් මගින් තමා ඩවුන්ලෝඩ් කර ගන්න වෙන්නෙ. ඒහෙම අසීරුයි නම් මම කලින් දවසක ලිව්ව මේ ලිපිය බලන්න
ඕනෑම දෙයක් උපරිම වේගයෙන් පහසුවෙන් ඩවුන්ලෝඩ් කර ගන්න!
කෙලින්ම පහසුවෙන් භාගත කර ගන්න ක්‍රමයක් හොයල බලන්නම්
මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න
Deletehttp://www.filestube.com/7cEc40ukul9zCGSGnJpNdG
වැදගත් ලිපියක් මටත් තාම හරියට ඉංග්‍රීසි බැහැ එත් ඉස්කෝලෙන් ඉගෙනගත්තට වැඩි යමක් මම ෆිල්ම් බලලා ඉගෙනගෙන තියෙනවා පෝකන් ඉංග්ලීස් වලට!
ReplyDeleteගොඩක් ස්තූතියි නිශාන්!
Deleteඔන්න තවත් හැබෑ අත්දැකීමක්, උදාහරණ සඳහා.
බොහොම හොඳ ලිපියක්. භාෂාවක් ඉගෙනීමේදී වැදගත් වෙන ගොඩක් දේවල් පෙන්වල දීල තියනවා.
ReplyDeleteගොඩක් ස්තූතියි සුජීව!
Deleteඔබේ බ්ලොගයත් ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට, අමතර දැනුම සොයන අයට ඉතා වටිනා තැනක් වේවි. කැමති අය ඒ පැත්තෙ ගිහින් බලන්න.
http://ingirisi.blogspot.com/
thank you..
ReplyDeleteThank you for comment
Deleteගිමො බොහොම ස්තුතියි මේ තොරතුරු වලට.
ReplyDeleteගොඩක් ස්තූතියි නලීන්!
Deleteමේ ලිපිය වැඩි දෙනෙකුගේ ඇස ගැටෙනවා නම් කොච්චර හොඳද? හොඳට කල්පනා කරලා බලලා ලියපු ලිපියක්.
ReplyDeleteමම එකම දෙයක් එකතු කරන්නම්.
ඉංග්‍රීසි ඉගෙනගන්න කලින් ඉංග්‍රීසි ගැන තියෙන ආකල්පය වෙනස් කරගන්න ඕනෙ. ඒක තමයි ඉංග්‍රීසි ඉගෙන ගැනීමට තියෙන ලොකුම බාධාව. ඉංග්‍රීසි තව දුරටත් සතුරාගේ හෝ අධිරාජ්‍යවාදීන්ගේ භාෂාව නෙවෙයි කියලා හිතන්න.
ගොඩක් ස්තූතියි Dude අයියා!
Deleteඒ පණිවිඩේ ගොඩක් වැදගත් මොකද, ඕනෑම අමතර භාෂාවක් දැනගෙන සිටීම අමතර හැකියාවක්. ඉංග්‍රීසි කියන්නේ වැඩිදුර අධ්‍යාපනය සඳහා අත්‍යාවශ්‍යය දෙයක්.
(සතුරා කියල හිතුවත් සතුරා ගැන හොඳින් දැන සිටීම හොඳයිනෙ)
පොඩි කාලෙ ඉඳලම මටත් ඉන්ගිරිසි ගැන තිබ්බෙ ලොකු උනන්දුවක්. ඒත් මට අහගන්න කෙනෙක් හිට්යෙ නැ.මම හිටියෙ ආච්චියි සීයයි ලඟ.ඒත් මම පසුබට වුනේ නෑ.නොතේරි වුනත් පොත් කියවන්න ගත්තා. මෙලෝ දෙයක් තේරුනේ නැ.උසස් පෙල කරද්දි තව යාලුවෙක් හම්බවුනා ඉන්ගිරිසි කතා කරන්න ආස.කියවන්න ආස නිසා ගොඩාක් උත්සාහ කරල නවකතා තේරුම්ගන්න උත්සහ කලා. ටිකෙන් ටික කියවන ඒවා තේරෙන්න පටන් ගත්තා. එතනින් පස්සෙ තමයි ලියන්න පටන් ගත්තෙ.ලොකු උදව්වක් ඔබ මේ කරන්නෙ.
ReplyDeleteගොඩක් ස්තූතියි අක්කා.
Deleteඔයාගේ ඇත්දැකීම් ලියපු එක ගොඩක් වටිනවා. ඉංග්‍රීසි ඉගෙනගන්න උත්සහ දරන අයට මේ වචන හොඳ තල්ලුවක්, විශ්වාසයෙන් යුතුව උත්සාහ කරන්න පුලුවන්.
ගිමන් ඔබ මගේ සටහන් කියෙව්වා නම් චාන්දිගේ සිතුවිළි උයනෙ, මම මුලින්ම ලංකාවෙන් පිට රටකට යත්දි මට ව්‍යස අවුරුදු දොළහයි. ඔව් නෑ ( ඉයර්ස්, නෝ ) විතරයි දන්නෙ. නමුත් බොහොම උත්සාහයෙන් ඉගෙන ගත්තේ. මමත් හිටියෙ ආත්තම්මා සමඟ. ඉතින් ඇගේ දැනුමක් ඇත්තේම නෑ මේ විෂයට. ගොඩාක් කියෙව්වා, අතට අසුවෙන හැම දේම පත්තර කෑල්ලක් පවා කියෙව්වා. ඒ වාගේම හැමදාම ඉංග්‍රීසි නිවුස් බලන්න පුරුදු උනා. දිනපතා ඒ දේ කරන කොට ඒ මඟින් ලොකු දැනුමක් ලැබෙනවා. මම දුවල පුතාලට කියන්නෙ ඒ දේ කරන්න. අපේ මව් බස සිංහල. අපි අනෙක් භාෂා කතා කරනකොට ලෝකෙ අනික් රටවල අය ඒක දන්නවා. කවුරුත් අපිට පිට රටකදී වැරදුනා කියා හිනා වෙන්නෙ නෑ. අපේ රටේම කෙනෙක් හැරෙන්න. ඒ නිසා බයවෙන්න එපා. වැරදි වැරදි හරි කතා කරන්න. ඒ දැනුමයි ඔබ ලෝකෙට ගෙනියන්නෙ. අද ලෝකෙ පළවෙන හොඳම පොත් මම කියවනවා. හැමදාම දෙයක් ඉගෙන ගන්නවා. මගේ වයසෙ සමහර අය නොදන්නා බොහෝ දේ මා දැනගත්තේ මේ දැනුමෙන්. අදත් මට වරදින අවස්ථා බොහොමයි. නමුත් මා අධෛර්ය වන්නේ නෑ.
ReplyDeleteඔබේ මේ සටහන හරිම වටිනවා. කෙනෙක් දෙයක් ඉගෙනීම තරම් සතුටු වෙන දෙයක් ලෝකෙ නෑ. ජයම පතනවා ඔයාට.
ගොඩක් ස්තූතියි චන්දි!
Deleteඔයාගේ වචන වලින් මම කියපු දේව්ල් කොච්චර ප්‍රායෝගිකද කියල කියවන අයට තේරුම් ගන්න පුලුවන්. ඒ වගේ ඉංග්‍රීසි දැනුමේ තියන වටිනාකමත්. ගොඩක් පිං ඔයාගේ අත්දැකීම් බෙදා ගත්තාට.
හොද ලිපියක් අයියෙ, වටින වැදගත් ලිපියක්... ලින්ක් ටිකත් හුඟාක් ප්‍රයෝජනවත් වේවි.... :)
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා!!
ගොඩක් ස්තූතියි නංගී
Deleteඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!
එසේම වේවා කියල ප්‍රර්ථනා කරනවා නලීන්!
ReplyDeleteමමත් කියන්නම් මමත් පොඩි පංතිවට ඉඳන් කඩ්ඩ ඉගෙන ගනිපු හැටි. ඉස්කෝලෙ පුංචි පන්තිවල ඉන්න කාලේ අපේ පංතියේ අයට ටිං ටිං උණ තිබුණා. ඒ දවස්වල පුස්තකාලයේ තිබුන ටිං ටිං චිත්‍රකතා පොත් ගෙදර අරං ගිහින් කියෙව්වා පිංතූරත් තියෙන නිසා වචනෙන් වචනේට තේරුම හොයන්න යන්න ඕන උනේ නෑ;නොදන්න වචනෙන් අදහස මොකක්ද කියන එකත් පින්තූර නිසා තේරෙනවා. ඊටත් අමතර අවශ්‍ය වචන හොයන්න ශබ්දකෝශ පාවිච්චි කළා. තව ටිකක් ඉහල පංතිවලට එනකොට අපේ අයට Sherlock Holmes , Agatha Christie පොත් උණක් ආවා. ඒකාලේ අපේ කීපදෙනෙක් British council Library සාමාජිකත්වය අරගෙන තිබුන. එක්කෙනක් පොත් පහක් විතර අරං ආවම මාසෙ පුරාම පංතියේම අය ඕක මාරු කර කර කියවනවා. මමත් ඒකෙ සාමාජිකත්වය ගත්තා (British council English courses නම් ලොකු ගනන් උනාට පුස්තකාල සාමාජිකත්වයට ඒතරම් ඕන නෑ. මාසෙකටම පොත්5 එකවරම අරං එන්න පුළුවන් නිසා ඒක වටිනවා. දැන් නම් කොහොමද දන්නෑ)
ReplyDeleteඔහොම කාලය යද්දී කම්පියුටර් යුගය ආවට පස්සේ අද වනතුරුත් English Movies, TV series බලනවා. උච්චාරණය ටිකක් වෙනස් වගේ හිතෙනවා නම් English Subtitle Download කර ගන්නවා. මගේ උපදෙස නම් සිංහල subtitle sites වලින් ෆිල්ම් ටොරෙන්ට් එක බාගත්තාට කමක් නෑ සිංහල Subtitles එක ගන්න එපා (ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනනම්). English Subtitle එක සොයාගන්න. ඕනම නම් secondary subtitle එක විදියට සිංහල දාගන්න.
ගොඩක් ස්තූතියි අයියා! අපේ අය ගොඩක් බයයිනේ ඉංග්‍රීසි පොත් වලට. කියෙව්වහම තමා තෙරෙන්නෙ ඒ හැටි අමාරුවක් නෑ කියලයි ඒවගේ තියන රහයි.
Deleteසිංහල සබ්ටයිටල්ස් කතාව නම් සම්පූර්ණ ඇත්ත. චිත්‍රපටයේ නියම රසය විදින්නත් ඉංග්‍රිසියෙන්ම බලන එකයි හොඳ. වචනයක් හරි හුරු වෙනවනේ.
නියම ලිපියක් වටිනව ඉංග්‍රීසි දන්න නොදන්න හැමෝටම වටිනව ගිමන්.............ඔයාගෙ ලිපි හරිම වැදගත් ඒ විදියට ලිපි ලියන අය බ්ලොග් ලෝකයේ ගොඩක් අඩුයි
ReplyDeleteගොඩක් ස්තූතියි සිත්තමී නංගි!
Delete:D :D :D
ReplyDelete:)
DeleteThanks Friend
ReplyDeleteThanks for comment!
DeleteThank you ......one of the valuable post which i read
ReplyDeleteThank you!
Deleteමම 1 වසරෙ ඉදන් 11 වසර වෙනකම්ම ඉංග්‍රීසි පංති ගියා. ඒත් එක වාක්‍යක් මට හරියට හදා ගන්න විදිය තේරුනේ නෑ. am,is,are දාන හැටිවත් දන්නේ නෑ. පාසලෙන් උසස් පෙල කරල අයින් වෙලා යාලුවෙක්ගේ ගෙදරක ඉදන් පරිගනක පාඨමාලවක් කරා. ඒ යාලුවට ඉංග්‍රීසි ගැන හොද අවභෝදයක් තිබ්බ. එයා තමා මට මේ ගැන ආසාව වැඩි කලේ. මුලින්ම එයා මට කාල (Tense) ටික පැහැදිලිව කියල දුන්න. ඒකට මට සතියක් විතර ගියා. ඊට පස්සේ සරල වාඛය ගොඩ නගන්න කියල දුන්න හරියට I am a boy වගේ. විවිද කාල භාවිතා කර කර වාඛය හැදුවා. මුලදි මම කොල කෑලි වල ලිව්වට පස්සේ හිතින් හදල ක්ෂනිකව කියන්න පුරුදු වුනා. ඉංග්‍රීසි ගීත ඇහුව. ඒ වා නිසා මගේ කන භාෂාවට හුරු වුනා. ටික කාලයක් ඔහොම යන කොට හැම දේම කල්පනා කරන්නෙත් ඉංග්‍රීසියෙන්. පාරේ තනියෙම එනකොට කල්පනා ලෝකෙක තනිවුනා, ගෙදර ආවහම තමා දන්නේ කල්පනා කරල තියෙන්නේ ඉංග්‍රීසියෙන් කියල. ඉංග්‍රීසි කතාන්දර පොත් කියෙව්වා, අන්තර්ජාලයේ ලිපි ඉංග්‍රීසි භාශාවෙන් ලිය වුන ලිපි කියෙව්වා, ඉංග්‍රීසි චිත්‍රපට වල සිංහල උපැසිරසක් තිබ්බොත් ඒක මකල ඒ වෙනුවට ඉංග්‍රීසි උපැසිරසක්ම භාවිතා කලා. ඒකෙන් මගේ භාෂාව ඉගෙනීම තවත් වේගවත් කලා . අද මම විදේශ රටක තනිවෙලා, නමුත් මට කිසිම බයක් නෑ, මොකද ඉංග්‍රීසි කියන අවිය මගේ ලග තියෙනව. ඉංග්‍රීසි කියන්නේ ඕනෑම කෙනෙක්ට වර්දනය කරගන්න පුලුවන් දෙයක්. හැබැයි ඒක ඔයා හිතන තරම් වේගෙන් ඔයාට ලැබෙන්නේ නෑ, ටිකෙන් ටික ටිකෙන් ටික ලැබෙන දෙයක්. ඒ නිසා උත්සහ කරන්න, ජය ගන්න.
ReplyDeleteගොඩක් ස්තූතියි ගිමන්හලට ගොඩ වැදුනට!
Deleteඒ වගේම මේ එකතු කල ඔයාගෙ අත්දැකීම ගොඩක්ම වැදගත්!
ලිපියේ කියල තියන දේවල් ගැන කියවන අයට විශ්වාසය තහවුරු වෙන්න ඔයාගෙ අත්දැකීම උදව් වේවි! ස්තූතියි!
Very good article for those who are planning to start. When I joined the university I could write in English, but my speaking was very poor. So I joined an online class where we can speak with someone else (people from different countries) in English. This was using Skype. It helped me a lot. Still I am learning words everyday and trying to improve my knowledge in grammar. Thanks for sharing.
ReplyDeleteමම නිර්දේශ කරන්නේ https://www.penpaland.com භාෂාව විනිමය පාදක කරගත් වෙබ් අඩවිය
ReplyDeleteAndroid:http://app.appsgeyser.com/Penpaland
attatama wedagath lipiayak meka
ReplyDeletemata yhiyena peashanya english spelling godak waradinawa mage eka hada ganna puluwan nm udaw karanawada
ඔබ තුමාට පුළුවන්නම් සතියකට වරක් පලකරන පුවත්පතක් නිර්මාණය කරන්නකෝ ඉංග්‍රීසි ඉගෙන ගන්න අපි වැනි අයට...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete