Saturday, November 10, 2012
සමුදීම....!
කන් බිහිරි කරවන තරමේ යෝධ යන්ත්රයේ ගෝසාව නිසා ජානක වැඩ සීමාවෙන් පිටත සිට කියූ කිසිවක් සුමාල්ට නෑසින.
ඔහු යන්ත්රය නවතා ජානක දෙස බැලීය.
"මචං ගමෙන් කෝල් එකක් ආවා. පොඩි නරක ආරංචියක්"
ජානක එය පැවසූ අයුරින් සුමාල්ගේ හද ගැස්ම මදක් වැඩි විය. ඔහුගේ තීව්ර බැල්ම දුටු ජානක
"කලබල වෙන්න එපා, ඊයේ රෑ කුසුම් නැන්දා එල්ලිලා මැරිලලු"
නෑ!! දෙයියනේ! ඒ අහවල් පිස්සුවකටද? සුමාල් ක්ශණිකව ඇතිවූ දහසකුත් සිතුවිලි අතරින් කීපයක් පැවසීය.
"උදේ ශ්රියා නංගි බලනකොට දැකල තියෙන්නෙ"
"අපොයි! අනේ මචං මම දැම්ම යන්න ඕනේ. ලොක්කට විස්තරේ කියල නිවාඩුවක් දාපන්"
"ඒවා හරි බන් ලොක්ක විස්තරේ දන්නවා, උඹ කලබල නොවී සිහි කල්පනාවෙන් යමන්. පොඩි දුරකුත් නෙවෙයිනෙ දැන්ම ගියොත් රෑ වෙද්දි යා ගත්ත හැකි, මම මේ වැඩ ටික ඉවර කරල උදේම එන්නම්"
සුමාල් එසැණින් බෝඩිම බලා පිටත් වූයේ හැකි ඉක්මණින් ගමන ඇරඹීමේ අරමුණිනි.
ගමන පුරාවට ඔහුට සිය කුඩා කාලයේ සුන්දරම මතකයන් එකින් එක සිහියට නැගෙන්නට විය. කුඩා කල සිට සිය නිවසටත් වඩා ඔහුගේ කාලය ගෙවුනේ කුසුම් නැන්දාගේ නිවසේය.
මවට නොදෙවෙනි ආදරයක් දැක්වූ කුසුම් නැන්දා තමාට සිය දරුවෙකුට මෙන් තමාට කැවූ පෙවූ නැහැවූ හැටි සිහිවන විට නිරායාසයෙන් දෙනෙතෙතට නැගෙන කඳුලු සඟවා ගන්නට සුමාල් බෑගයේ හිස තබා ගත්තේය.
කුඩා උන් කල සහෝදරියක් මෙන් එකට හැදුනු කුසුම් නැන්දාගේ දියණිය ශ්රියා හා සුමාල් අතරේ වෙනස් හැඟීමක් ඇති වන්නට වූයේ දෙදෙනාටම රහසේය. එය වැඩිහිටියන්ගේ ඇස් වලට හසු වීමට වැඩි කලක් ගත නොවීය. සුමාල්ගේ දෙමාපියන්ගේ මාන්නක්කාර උඬගුකම් නිසා අවසානයේ සිදු වූයේ කුසුම් නැන්දලාගේ නිවස සුමාල්ට තහනම් අඩවියක් වීම හා නෑදෑයින් විරසක වීමය. ඒ සමඟම මාමාගේ අකල් මරණයෙන් අසරණව සිටි නැන්දා තවත් තනිවිය.
ඒ හිත් අමනාපයෙන්ම මීට වසර දෙකකට පෙර කොළඹ ෆැක්ට්රියක රස්සාවට පැමිණියේ සිය පවුලේ පුහු මාන්නයට එරෙහි වීමක් ලෙසය.
කාරය්ය බහුල වීමත් සමඟ ඉබේම ගම හා දුරස් බවක් ඇතිවී පරණ සිදුවීම් මතකයෙන් මදක් දුරස් විය.
නමුත් මේ සිඳු වී ඇති වින්නහිය කුමක්ද, සුමාල්ගේ සිතේ විවිධාකාරී සිතුවිලි මැවී බිඳී යයි.
යන්තම් රාත්රී එකොලහ පමණ වන විට සුමාල් ගම වෙත සේන්දු විය. සිය නිවසටත් නොයා කෙලින්ම කුසුම් නැන්දාගේ නිවසට යාමට ඔහු තීරණය කලේය. ඊට හැතැප්ම දෙකක් පමණ රබර් කට්ටිය මැදින් දුශ්කර ගමනකි. යාන්තමට සිරිපොදක් තිබුනද එය ගනනකට නොගෙන බස් පාරෙන් රබර් වත්ත වෙත හැරෙනවාත් සමඟම ඇසුනු සුපුරුදු හඬකින් සුමාල් නතර විය.
"අයියේ ඒ පැත්තෙ නේද යන්නෙ?"
තමා වෙත එන ශ්රියා නංගී දුටු විට සුමාල්ට විශ්මය මුසු සතුටක් දැනින.
වසර දෙකට ඇය වැඩුනු පිරිපුන් තරුණියක් වී ඇත.
"නංගී! මොකද මෙච්චර රෑ වෙලා තනියම!? තෙමුනද? කොන්ඩෙන් වතුරත් බේරෙනවා."
මේ පොඩි හිරිපොදට ඇය එතරම් තෙමුනේ කෙසේදැයි සිතමින් සුමාල් ඇසීය.
"ඔව් අයියේ වැස්සට පොඩ්ඩක් තෙමුනා; අයියා එන ගමන්මද?
"ඔව් නංගා දැන ගත්ත ගමන්මයි මම එහෙන් පිටත් වුනේ. මට නම් හිතා ගන්න බෑ මොකද මේ උනේ කියල. ඇයි නැන්ද මෙහෙම දෙයක් කර ගත්තෙ!
"ජීවිතෙ හැටි තමයි අයියෙ, අම්ම නිදහස් උනා"
ඇයගේ සන්සුන් වදන් සුමාල්ට අමුත්තක් දැනවීය. ඇගේ මුහුන හැඟීම් විරහිතය. දුක්බර බවක් දකින්නට නැත.
"මට තෙරුනේ නෑ"
"අයියා නොදන්න ගොඩක් දේවල් උනා. අයියලාගෙ අම්මලා අමනාප උනාට පස්සෙ අපිට ගොඩක් අමාරුකම් ආවා. අපේ ගෙදරයි ඉඩමයි තාත්තාගේ අසනීපෙට බේත් කරන්න උකස් කරල තිබ්බෙ. ඒක මාස හයකට කලින් මුදලාලිට සින්න වුනා. ඊට පස්සෙ මුදලාලි අමුතු යෝජනවක් ගෙනාව. මාව කඩේ වැඩට නතර කරන්න කියල.
අයියා දන්නවනෙ මුදලාලිගේ තිරිසන් වැඩ. අම්ම කැමති උනේ නෑ. එන්න එන්නම මුදලාලිගේ කරදර වැඩි උනා. ඇදුනුම්කම් වලින් රබර් කට්ටියෙ අම්මගෙ රස්සාවත් නැති කලා. පහු ගිය ටිකේ අපිට කන්න දෙයක්වත් තිබුනේ නෑ.
අම්ම ඔහේ කල්පනා කරන්න ගත්ත. එහෙම ඉඳල තමා ඔය දේ කර ගත්තෙ"
ඇගේ කතාව අසා සිටි සුමාල්ට පපුවේ යමක් හිර වූ සෙයක් දැනින. දෙවියනේ කොයිතරම් දුක් කන්දරාවක් විඳින්නට ඇද්ද! මේ සියල්ලට තමාත් වරදකරුවෙක් නොවේදැයි සුමාල්ට සිතින.
කතාවෙන් කතාවෙන් රබර් වත්ත අවසන් වී කුසුම් නැන්දාගේ නිවස ලං විය.
ඈතින් නිවස අසල පන්දම් දල්වාගෙන විශාල පිරිසක් රැස්ව සිටිනු සුමාල්ට දැකිය හැකි විය.
"පුදුම සෙනගක් ඇවිල්ලනෙ මල ගෙදරට!"
"ඒක තමා අයියෙ, අයිය ඔහොම්ම ගෙට යන්නකො එහෙනම්"
"හරි නංගි" සුමාල් ජනකාය දෙසම නෙත් දල්වාගෙන පවසමින් ඉදිරියට පා නැගීය.
එතැනට ඔහු ලන් වන විට කසු කුසු ගගා සිටි පිරිස නිශ්ෂබ්ද වී ඔහු දෙස බැලුවේ සානුකම්පිත ලෙසය.
වැඩි පිරිසක් ගේ දොරකඩම යමක් වට කරගෙන නරඹයි. සුමාල්ද එතැනට එබෙන්නට යත්ම කොහේදෝ සිට පැමිණි සුමාල්ගේ මව ඔහු බදාගෙන හඬන්නට විය.
"බලන්න පුතේ වෙලා තියන විනාසෙ... උදේ හොඳට හිටපු කෙල්ලනෙ. කවුද හිතුවෙ එක ගෙයි මරණ දෙකක් වෙයි කියල!"
සුමාල්ට ඒ විලාපය මහත් ගැටලුවක් විය
ඔහු හනිකට සෙනග තල්ලු කර එබී බැලීය.
ශ්රියා නංගී දොරකඩ පැදුරක වැතිර සිටී. සිරුරම දියෙන් තෙතබා වී ඇත.
සුමල්ට සිහි විකල් වූ සේ දැනින
"මොකක්ද දෙයියනේ මෙතන වෙලා තියෙන්නෙ! ඇයි මේ නංගි මෙතන නිදි, කවුරු හරි කියපල්ලකෝ!
ගමේ වැඩිහිටියෙකු වූ බන්ඩාරේ මාමා පැමිණ, සුමාල්ව අල්ලා ගත්තේය.
"කලබල වෙන්න එපා පුතේ, දවල් ශ්රියා කෙල්ල ගඟට පැනල පහල ගමේ කොල්ලො වගයක් දැකල ගොඩ අරන්. එතකොටත් මැරිල පැය ගානක්. දැන් ටිකකට කලින් තමයි මෙතනට ගෙනාවෙ."
සුමාල්ට ඔහු කියූ දෙය නොතේරුනාක් මෙන් රබර් වත්ත දෙස හැරී බැලීය. යන්තමට නොපෙනී යන ඡායාවක් වැනි යමක් ඔහුට ඈතින් දැකිය හැකි විය.
දහසක් සිතුවිලි එක වර සිතට නැගීමෙන්දෝ සුමාල්ට සිය දෑස් නිලංකාර වී යන බවක් දැනින.
Subscribe to:
Post Comments (Atom)
බ්ලොග් වල කියවන්න මොනවත් නැතුව ඉන්නකොට තමයි ගිමන්ගේ ප්රබන්ධකතාව දැක්කේ .ස්තුතියි ලිව්වට .රස වින්දා
ReplyDeleteස්තූතියි TG!
Deleteකාලෙකින් පලවෙනියටම ඇවිල්ලා :)
ගිමන් ඔයා නම් හරි ලස්සනට තාත්විකව ප්රබන්ධ කතා ගොතනවා. වෙනද වගේම මේකක් ලස්සනයි. ඇත්තටම අර රබර් වත්ත හරියෙදි තිගැස්මක් ඇති වුනා. ගොම්මන් වෙලවෙනේ කියෙව්වෙත්.
ReplyDeleteස්තූතියි දඟකාරී!
Deleteමෙයා නම් ඇත්තටම බයවෙලා වගේ!
හරිම සංවේදීවත් තාත්විකවත් ලියවුන කතාවක් ගිමන්. ස්තූතියි ! කතාවට.
ReplyDeletehttp://piyumvila.blogspot.com/2012/11/2.html
ස්තූතියි චන්දි!
Deleteහැමදාමත් වගේ සුපිරිම කතාවක් මල්ලි...
ReplyDelete//ඇයගේ සන්සුන් වදන් සුමාල්ට අමුත්තක් දැනවීය. ඇගේ මුහුන හැඟීම් විරහිතය. දුක්බර බවක් දකින්නට නැත.// මේ ටිකත් එක්ක පහල තියන රූපෙ දැක්කම මට නිකමට හිතුණා ඒ ශ්රියා නංගීගේ හොලමනද කියලා.. ගොඩාක් සංවේදී කතාවක්
ස්තූතියි අයියා!
Deleteඅයියා නම් කලින්ම වැඩේ තෙරුම් අරන්!
//බලන්න පුතේ වෙලා තියන විනාසෙ... උදේ හොඳට හිටපු කෙල්ලනෙ. කවුද හිතුවෙ එක ගෙයි මරණ දෙකක් වෙයි කියල!"//
ReplyDeleteඒ ටිකට එනතුරුම හිතාගන්න බැරිවුනා ...හරි අපූරුවට ගොතල තියෙනවා...
ස්තූතියි නාමල්!
Deleteඅලුත් බවක් දැනුනා නම් මහන්සිය සාර්ථකයි!
දෙයියනෙ!!!! ගොතපු කතාවක් වුනත්... හොදටම දැනෙන්න ලියලා.. සංවේදී කතාවක් අයියෙ!! ලිවිල්ල සුපිරියි!!
ReplyDeleteස්තූතියි හිතුවක්කාරි!
Deleteඔව් කතාවෙ සංවේදී පැත්තකුත් තියෙනව
ලස්සනට ලියල තියනවා කතාව.
ReplyDeleteස්තූතියි චන්දන!
Deleteඅපුරුයි ගිමන් .....
ReplyDeleteස්තූතියි සිහිනෂා!
Delete
ReplyDeleteහපෝයි!
හොඳ නිර්මාණයක්. (මෙය නිර්මාණයක් පමණක්ම වේවා)
දැන් ගිමන් හොල්මන් කතා කීපයක් ලියලා තියෙනවා නේ?
මේ හා සමාන අත්දැකීම් මමත් අහලා තියෙනවා.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ස්තූතියි අයියා!
Deleteවිවිධ විදිහට ලියන්න උත්සාහ කරනවා!
හරිම ලස්සනයි ගිමන් අයියේ.. :)
ReplyDeleteජය !
ස්තූතියි වකා නංගී!
Deleteනිර්මාණය හිතට මාරම විදිහට දැනුනා යාළුවා. ඒ තරම්ම සවේදිව ලියලා තියෙනවා.. ලස්සනයි..
ReplyDeleteස්තූතියි දිනේශ්!
Deleteසංවේදී කතාවක්... ඇත්තටම ගම්බද පෙදෙස් වල සිදුවෙන කටුක යථාර්තයක්...
ReplyDeleteස්තූතියි ලයාන්!
Deleteඔව් මීට වඩා අමානුශික දේවලුත් වෙනවා. ලෝකයට හොරෙන්!
කියවගෙන එද්දි මට හිතුනා මේ වගේ දෙයක් වෙයි කියල. විශේෂයෙන්ම අර ගෑනු ළමයෙක් ඉන්න පින්තූරෙ දැක්කට පස්සෙ.
ReplyDeleteහරිම ලස්සනට කතාව ලියලා තියෙනවා ගිමන්....
ජය!!!!
ස්තූතියි චාම්ස්!
Deleteකතාවට ගොනු කරන්න හදපු දේවල් හොඳට ග්රහණය කරගෙන!
මැක්සා කතාව ගිමා අයියේ..රබර් වත්තේදී ශ්රියා නංගි තෙත පිටින් කතා කරනකොටම මට හිතුනා මේ කෙල්ලත් මැරිලා තමයි කියලා...කතාව තව චුට්ටක් විතර දික් කරලා ලිව්වා නම් හරි. හැබැයි එහෙම මේ කතාව නොලිව්වයි කියල අවුලකුත් නෑ ඉතින්...
ReplyDeleteස්තූතියි සිතුම් මල්ලි!
Deleteගොඩක් දිග කතා වලට අකමැති අයත් ඉන්නවනෙ.
අර පින්තූරෙ දැක්කම හිතුන මෙහෙම දෙයක්ද කියල.ඒත් ලියල තියෙන විදියට හරියට දුක හිතුණ. මේ වගේ ඇත්ත දේවලුත් තියෙනව නේද....
ReplyDeleteස්තූතියි සිඳූ!
Deleteඅපොයි ඔව් අපට නොපෙනී මෙහෙම කරදර විඳින අය කොයි තරම් ඇත්ද!
හොඳ කතාවක් හැමදාමත් වගේ!
ReplyDeleteස්තූතියි සබිත්!
Deleteහොල්මන් කතා වලට මම නම් බයයි ගිම්...
ReplyDelete:) ඒත් ඒවගෙත් රසයක් තියෙනවනෙ ලිහිණි! ට්රයි කරල බලන්න.
Deleteඅත්භූත රසය නියමෙට එනවා :)
ReplyDeleteස්තූතියි හසිත!
Deleteදුක හිතුන කතාවක් ..ඔහොම අසරණ වෙන කෙල්ලෝ කොච්චරද .
ReplyDeleteඒක ඇත්ත බින්දි මේ වගේ සඟවුනු කතා තව ඕනෙ තරම් ඇති!
Deleteස්තූතියි අදහසට!
ලස්සනට ලියලා තියනවා ගිම්..
ReplyDeleteසෙන්නත් මේ වගේ කතාවක් ලිව්වා කියලා මතකයි..
ස්තූතියි රූ!
Deleteලස්සනට ලියල තියෙනවා
ReplyDeleteස්තූතියි දිරි ගැනිවීමට!
Deleteගිමන්හලට ආදරෙන් පිලිගන්නවා!
මාරම ගති කතාව. හ්ම්ම්ම්.. :)
ReplyDeleteස්තූතියි මදාරා!
Deleteඕහ්හ්....ජීවිතේ කරදර වලින් ගැලවීමක් නැති වුනාම...මරණය පේන්නෙත් හරිම සැපක් වගෙයි.. :((
ReplyDeleteස්තූතියි මංචි!
Deletegodak lassanai aiyee....
ReplyDeleteස්තූතියි නංඟා!
Deleteසිත්තමීත් ඕන් කථාව බැලුවා....හැමදාම වගේ දැනෙන්න ලියල තියෙනවා....නියමයි
ReplyDeleteස්තූතියි සිත්තමී!
Deleteඅප්පට සිරි ලස්සනට ලියන කොල්ලෝ ඉන්නවනේ මේ අපි වගේ.. (හිකිස් - නෝටි පොර්ටි + දේශකයා) නියමං ගිමන්
ReplyDeleteස්තූතියි දේශකයා!
Deleteගොඩක් ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා!
මොනාද හලෝ අපි බයවෙනවනේ අප්පා..!:D කොහොම උනත් රහට ලියලා
ReplyDelete