Wednesday, October 10, 2012

සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක්




(එක්සත් ජාතීන්ගේ දියවැඩියාව සඳහා වූ "නිල් වක්‍ර" සලකුණ)

මීට කලින් ගිලන් හදවතට අත් වැලක් ලිපියේ  සඳහන් කෙරුණු ආකරයටම නිර්මාණය කෙරුණු පොත් පිංචක් ඇසුරෙන් මීලඟට කොටස් දෙකක ලිපියක් ලෙස "සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක්"  මඟින් සෑම දෙනෙක්ට වැදගත් වන දෙයක් ගැන තමයි අද කියන්න යන්නෙ.

ඔබට මෙම රෝගය අද නොමැති වෙන්න පුලුවන්, තිබෙන මුත් නොදන්නවා වෙන්න පුලුවන්, කෙසේ වුවත් සෑම කෙනෙක්ටම මෙය වැලඳීමේ අවදානමක් තිබෙනව හරි හැටි ප්‍රවෙශම් නොවුනොත්. 


සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් - දියවැඩියාව (Diabetes Mellitus)



01 දියවැඩියාව යනු කවරේද? 


  • ඕනෑම පුද්ගලයෙකුගේ ශරීරයේ රුධිර සීනි ප‍්‍රමාණය යම්කිසි සාමාන්‍ය පරාසයක් තුළ පාලනයකින් යුතුව පවතී. 

  • මෙසේ පවතින රුධිරයේ සීනි මට්ටම අසාමාන්‍ය ලෙස ඉහල අගයක පැවතීම දියවැඩියා ව නම් රෝගී තත්වයයි.




02 ඔබගේ සාමාන්‍ය රුධිර සීනි  මට්ටම කුමක්ද?


  • සාමාන්‍යයෙන් පැය 08 සිට 12 දක්වා කාලයක් නිරාහාරව සිටි අයෙකුගේ රුධිරයේ සීනි මට්ටම ^FBS& 110mg/dl  සිට 181 mg/dl  ට අඩු අගයක පවතී. මෙය 126 mg/dl  සිට 181 mg/dl  දක්වා ඉහල යාම පූර්ව දියවැඩියා තත්වයකි. ඔවුන් ඉදිරි කාලයකදී පූර්ණ දියවැඩියා රෝගීන් බවට පත්වීමට වැඩි ඉඩකඩක් පවතී. මෙය 126 mg/dlක සිට 181 mg/dlක ට වැඩි  වීම දියවැඩියා රෝගී තත්වයකි.
  • යමෙකු තමන්ගේ සුපුරුදු සමබර ආහාර වේලක් අනුභව කර පැය දෙකකින් රුධිරයේ සීනි මට්ටම පරීක්‍ෂා කලේ නම් (PPBS) එය සාමාන්‍යයෙන් 140 mg/dl  සිට 181 mg/dl  ට අඩු මට්ටමක පවතී  එය 199 mg/dl  සිට 181 mg/dlක දක්වා වැඩි වීම පූර්ව දියවැඩියා තත්වයකිx එය 200 mg/dl  සිට 181 mg/dl ට වැඩි වීම දියවැඩියාවයි.




03 ඔබට දියවැඩියාව වැළඳුනේ කෙසේද?


  • දියවැඩියාව වැළඳීමට හේතු කාරණා රැුසක් පවතී. කුඩා අවධියේ දී වැළදෙන දියවැඩියාව (Type I) අග්න්‍යාශයේ ඉන්සියුලින් හෝර්මෝන නිපදවීමේදී ඌනතාවය මත හට ගන්නා අතර වැඩිහිටි වයසේ දී සෑදෙන දියවැඩියාව (Type II) බොහෝ විට ඉන්සියුලින් හෝර්මෝනයේ ක‍්‍රියාකාරිත්වයේ ප‍්‍රතිරෝධී බව නිසා හට ගනී  මෙයට බොහෝ විට ආරය බලපායි.
  • මෙයට අමතරව කරුණු කාරනා හා තත්වයන් රැුසකට ද්විතීයිකව දියවැඩියාව සෑදිය හැකිය.  ඔබට වැළදී ඇත්තේ කුමන ආකාරයේ තත්වයක් ද බව ඔබගේ වෛද්‍යවරයා ඔබට පවසනු ඇත.




04 මේ වැළදී ඇති දියවැඩියා රෝගී තත්වය සුව වන්නේ කවදාද?


  • දියවැඩියා යනු සුව කළ නොහැකියි. නමුත් මනා ලෙස පාලනය කළ හැකි රෝගී තත්වයකි.
  • නමුත් කලාතුරකින් සමහර විශේෂිත අවස්ථා වල දී ඇතිවන දියවැඩියා තත්වය ( උදා :- ගර්භනී අවධියේ දී ) නැවත සුව විය හැකි නමුත් ඔවුන්ට පසු කලකදී දියවැඩියාව වැළදීමට වැඩි ඉඩකඩක් පවතී.


එසේ නම්

ඔබට මින් ඉදිරියට කළ හැක්කේ රෝගය පාලනය කිරීම පමණකි. වෛද්‍ය උපදෙස් මත ක‍්‍රියා කිරීමෙන් එය ඉතාමත් ප‍්‍රශස්ථ මට්ටමකින් සිදු කළ හැක.


05 දියවැඩියාවේ රෝගී ලක්‍ෂණ මොනවාද?

දියවැඩියාවට රෝගී ලක්‍ෂණ නොමැත. එනම් එදිනෙදා සාමාන්‍ය පරිදි ජීවත්වන අයෙකුට ඔහු නොදැනුවත්වම දියවැඩියාව තිබෙනවා වුවද විය හැකිය. නමුත් එහි කෙටි කාලීන හා දිගු කාලීන සංකූලතාවයන් මත යම් කිසි රෝගී ලක්‍ෂණ ඇති විය හැක.

උදා :-


කෙටි කාලීන සංකූලතා



  • දැඩි පිපාසය හා මුත‍්‍රා අධික ලෙස පිටවීම. ( විශේෂයෙන් රාත‍්‍රීයේදී) 
  • පිරිමින්ගේ මුත‍්‍ර මාර්ගය ආශ‍්‍රිතව ඇතිවන ආසාදන හා වන වීම්.
  • ගැහැණුන්ගේ යෝනි මාර්ග ආසාදන (සුද යෑම) 
  • ශරීරයේ බර වෙනස් වීම.                      


දිගු කාලීන සංකුලතාවයන් 

උදා :-


  • හෘදයාබාධ.
  • අංශභාගය.
  • ශරීරයේ කොටසක් අප‍්‍රාණික වීම.
  • අන්ධ භාවය හෝ දෘෂ්‍යාබාධ.
  • පාදයේ වනවීම්.
  • වකුගඩු ක‍්‍රියාකාරිත්වය අකර්මන්‍ය වීම.
  • අතපයේ හිරි වැටීම්.



06 රෝගී ලක්‍ෂණ ඇත්නම් කුමක් කළ යුතුද?


ඔබ වයස අවුරුදු 35 ට වැඩි නම් රුධිර සීනි පරීක්‍ෂාවක් කර ගැනීම  
මැනවි.

x ඔබගේ කිට්ටු ඥාතීන්හට දියවැඩියාව වැළදී ඇත්නම්.
x ඔබ පූර්ව දියවැඩියා රෝගී තත්වයෙන් පෙළේ නම්
x ඔබ තරබාරු අයෙක් නම්.

           ඉහත රෝග ලක්‍ෂණ වේ නම් රුධිරයේ සීනි මට්ටම වෛද්‍ය    
           උපදෙස්  මත පරීක්‍ෂා කරගත යුතුය.

07 දියවැඩියාව පාලනය කළ යුත්තේ ඇයි ?

රුධිරයේ අධික සීනි මට්ටම වකුගඩු මත බලපෑම නිසා මුත‍්‍රා වැඩි පුර පිට වීමත් එම නිසා දැඩි පිපාසයක් දැනීමත් සිදු වේ. මෙයට අමතරව ඔබ ප‍්‍රතිකාර ගත්තත් නොගත්තත් සමහර විට ඔබට ගැටථවකින් තොරව යම් කාලයක් ජීවත් වීමේ හැකියාවක් පවතී.  
නමුත් මෙම කාලය දැඩි කුණාටුවකට පෙර පවතින දැඩි නිහැඩියාවක් තරමට භයානකය. ඒ ඔබට නොදැනීම දියවැඩියා රෝගී තත්වය නිසා දිනෙන් දින ක‍්‍රමක් ක‍්‍රමයෙන් ඔබගේ ශරීරයේ සෑම අවයවයක්ම විනාශය කරා ලගා කරමින්  පවතී. එනම් නිහඩව කාලයා විසින් ඔබ මරා දැමීමට ^ Silent Killer දියවැඩියා රෝගය ක‍්‍රියා කරනු ඇත. අනතුරුව සංකූලතා මතු වී එමගින් ඔබට දැඩි සෞඛ්‍ය අපහසුතා හා මාරාන්තික රෝගී තත්වයන් උදා කරනු ඇත.

උදා :-

හෘදය හා නහර   -  හෘදයාභාධ පාදයේ නහර හීනි වී රුධිර ගමනා ගමනය මද වී කකුල් කැපීමට පවා සිදු විය හැක.

ස්නායු - අංශභාග තත්ව ස්නායු දුර්වලතා ලිංගික අප‍්‍රාණික තත්වය අතපයේ හිරිවැටීම් හා වේදනා පාද අහිමි වීම දක්වා දිවයෑම.

වකුගඩු -  වකුගඩු අකර්මන්‍ය වී බද්ද කිරීමක් දක්වා දිවයෑමේ හැකියාව.


08 එසේනම් මේවා වළක්වා ගැනීමට කළ යුත්තේ කුමක් ද?


        1 ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් නිසි පරිදි පිළිපදින්න.

තවදුරටත්
        2 ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් නිසි පරිදි පිළිපදින්න.

ඉවසීමෙන් හා සිහියෙන්
        3 ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් නිසි පරිිදි පිළිපදින්න.
එනම් කළ හැකි එකම දේ නිසි වෛද්‍ය ප‍්‍රතිකාර ලැබීම පමණකි.


09 ඒ කියන්නේ දියවැඩියා රෝගියෙකුට සාමාන්‍ය කෙනෙකුට මෙන් ජීවත් වීමේ හැකියාවක් නැත්ද?

අනිවාර්යෙන්ම පුළුවන්. 

බාල අවඩියේදී වැළදෙන රෝගියෙකු එදිනෙදා රෝග පාලනයක් කර ගත්තේ නම් ආචාර්ය මහාචාර්ය්‍ය වරයෙකු දක්වා ඉගෙන ගත හැක.  ඕනෑම ඉහල නිලයක් දක්වා ගමන් කළ හැක.  විවාහ වී දරු මල්ලන් ලබා ප‍්‍රීතිමත් යුග දිවියක් ගත කළ හැක.


නමුත් ඒ සඳහා
එක් අවශ්‍යතායක් පවතී  රෝගය පිළිබඳ එළඹ සිටි සිහියෙන් යුතුව කටයුතු කොට මනා පාලනයක් කර ගැනීමයි. එයට ඔබගේ වෛද්‍යවරයා අඛණ්ඩව සහය වනු ඇත .

10 කලයුතු හා කල නොකල යුතු දෑ කවරේද?

පළමුව ඔබ රෝගය හා එහි චර්යාව හොඳින් හඳුනා ගත යුතුය. සාමාන්‍ය අයෙකු පිෂ්ඨය හා සීනිමය ආහාරයක් අනුභව කල විට රුධිරයේ සීනි මට්ටම ඉහල අගයකට පත් වන අතර ශරීරය ඒ අනුව ක්‍ෂණිකව ක‍්‍රියාකර ඉන්සියුලින් ක‍්‍රියාකාරීත්වය විසින් එම ඉහල සීනි මට්ටම සැනෙන් සාමාන්‍ය මට්ටම දක්වා අඩු කර පාලනය කර තබා ගනී.

දියවැඩියාව සහිත ඔබගේ මෙම ඉන්සියුලින් ක‍්‍රියාකාරීත්වය සාමාන්‍ය නොවන නිසා එවන් පාලනයක් බලාපොරොත්තු විය නොහැක.  එනිසා භෞතික ක‍්‍රම හා ඖෂධ ක‍්‍රම මගින් අප විසින් පාලනයක් ඇති කර ගත යුතු වේ.

නමුත් මෙය ස්වභාවික පාලනය තරම්ම පහසු හා කාර්යක්‍ෂම නොවේ. එනම් ඔබගේ රෝගී තත්වය එයය. එම නිසා ශරීරයට පාලනය කරගත නොහැකි සීනි මට්ටමක් (ග්ලූකෝස්) අප ලබා නොදිය යුතුය.

මෙහිදී මතක තබා ගන්න. වෛද්‍යවරයා ඔබට මාර්ගෝපදේශකයෙක් පමණි  උපදෙස් පිළිපදිම්න් රෝග පාලනය කර ගැනීම මා විසින් ම කල යුත්තකි. එය පහත ආකාර වලින් කල හැකිය.



භෞතික ක‍්‍රමවේදයන්.

01 ආහාර පාලනය කොලෙස්ටරෝල් සීනි පාලනය.

01 ශරීර බර පාලනය.

02 ශරීර ව්‍යායාම.

03 දුම්පානය නතර කිරීම හා සුරාපානය පාලනය.

04 ශරීර අවයව හා කොටස් පිළිබඳ විශේෂ අවධානය යොමු කිරීම. 
        උදාඃ පාද නඩත්තු කිරීම.


ඖෂධ භාවිතය.

01 වෛද්‍යවරයා නියම කරන ඖෂධ නියමිත මාත‍්‍රාව නියමිත වාර ගණනක් භාවිතා කල යුතුය.

02 වරින් වර සිදු කරන රුධිර හා මුත‍්‍රා පරීක්‍ෂණ හා අනෙකුත් විශේෂ පරීක්‍ෂණ නිසි පරිදි සිදු කරගත යුතුය.



දියවැඩියාව මෙතරම් දරුණු වන්නේ ඇයි
මෙයට පිලිතුරත් සහිතව ලිපියේ ඉතිරි කොටසින් හමුවෙමු

38 comments:

  1. ගොඩාක් වැදගත් කරුණු ගොඩාක් තියෙන වටින ලිපියක් ගිමන් අයියේ...

    ජය!

    ReplyDelete
  2. ඇත්තටම මෙහෙම සටහනක් වටිනවා.නියමයි

    ReplyDelete
  3. කදිමයි! කාලෙකට කලින් මාත් ලිව්වා දිය වැඩියාව ගැන ලිපියක්! :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සබිත්!

      ඒ ලිපියෙ ලින්ක් එක මෙතන දාන්න පුලුවන් නම් වටිනවා.

      Delete
  4. බොහොම පින්! මේ සටහනට. මාත් මේ රෝගයෙන් පෙලෙනවා. වැදගත් කරුණු ගොඩක් දැන ගත්තා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දි!

      ගොඩක් අයට අද මේ රෝගය තියෙනවා. නමුත් වැඩි දෙනෙක් දන්නෙ නෑ. හරියට පාලනය කලොත් සාමාන්‍ය විදිහට හිටිය හැකි.

      Delete
  5. ලෙසටම වැදගත් ලිපියක් !!!!

    ReplyDelete
  6. Good article. My in-laws have Diabetes (type II) and they are controlling it quite well. They usually measure blood sugar levels about 3 times daily and my father-in-law is keeping a log book recording the change of glucose levels based on the type and amount of food he eats. This has helped him to almost totally control his sugar levels. One of our family-friend, an endocrinologist in Aussy, told that measuring blood glucose levels regularly is the best way to monitor and control sugar levels. Here we can easily buy glucometers and strips, at reduced prices too.
    However, recently my father was also diagnosed with diabetes. So we sent him a glucometer and regularly send strips. His doctor in SL has said its not necessary to measure glucose levels regularly, and he is better now. So now my father is not measuring at all and do not even go to see the doctor regularly. When we suggest him to measure sugar levels or to go to see the doctor, he doesn't listen to us and say that his doctor said he is well now. Anyway he is taking medications throughout. But I'm really dis-satisfied by the way doctors educate people in SL.
    Here in Aussy, I was fortunate to get real good access to very resourceful people and gather information about diabetes. But as I'm not a MBBS Dr., my father don't listen to me regarding this. So I feel that, SL doctors are misleading patients on this regard.
    Anyway really appreciate your efforts to educate people.

    ReplyDelete
    Replies
    1. Thank you very much for you long comment Mandy!

      frequent Blood sugar level checking and keep a good record about sugar level and about food intake is really important for a diabetic patient.
      But I think 3 times per day blood sugar level checking is not essential unless patient is having a high blood glucose level.
      That much needle pricking also not good for a diabetic patients because they are more prone to get infections.

      (one Strip is about Rs 50 here so daily blood sugar level measuring also not practical in sri lanka because of the economical status of patients. So for SL doctors have to think many more aspects than aussy doctors when treating a patient.)

      If your father was diagnosed with diabetes and he is taking medications throughout, he should measure glucose levels regularly ( Not daily, its depend on his condition of diabetic. But if he is having enough resources Its ok) And also regularly clinic visits are essential.

      "But I'm really dis-satisfied by the way doctors educate people in SL."
      "So I feel that, SL doctors are misleading patients on this regard."

      I don't agree with both of these comments every Sri lankan doctors are well practices regarding counselling and patient education this type of non communicable diseases.
      1. You may not well informed what exactly doctor said to your father.
      2. Some of elderly people in Sri Lanka don't like to do regular blood tests and clinic visits so they misinterpret doctors' advises by them selves.

      So my recommendation is first you have to revisit that doctor with your father. then you will realize what was really happen.

      Thank you!

      Delete
  7. පලමුවෙන්ම ගොඩාක් ස්තුතියි මේ ලිපියට. ඔබේ ලිපියෙන් බොහෝ දේවල් දැන ගන්නට ලැබුණා..

    මට එක ප්‍රශ්නයක් තියෙනවා ගිම්. මගෙ ගෙදර කිසිම කෙනෙකුට දියවැඩියාව නෑ. ඒත් පුරුද්දක් විදියට සතියකට එක දවසක් කරවිල උයලා කනවා. මෙන්න මේ දවසට මට ක්ලාන්ත ගතියක් ඇතිවෙන්නේ රුධිරයේ සීනි මට්ටම පහල බසින නිසාද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ළිහිණි!

      මේ පිළිබඳ පිලිගත හැකි පරීක්ෂණයක් ගැන නම් දන්නෙ නැහැ. නමුත් කරවිල රුධිරයේ සීනි අඩු කරන්න හේතු වෙනවා කියන එකනම් මාත් පිලි ගන්නවා. ඒ නිසා මාත් සැක කරනවා කලන්ත ගතිය ඇති වීමට හේතුව රැධිරයේ සීනි මට්ටම අඩු වීම විය හැකියි කියල.

      Delete
  8. ඔබේ මේ සමාජ සත්කාරය ගැන ආයෙ ආයෙත් කියන්න දෙයක් නෑ...වටිනව ගොඩක්ම

    ReplyDelete
  9. ලිපිය ගොඩක් වටිනවා... ගොඩක් වෙලාවට රෝග දරුණු වෙන්නේ රෝගියාගෙම නොසැලකිලිමත් කම නිසා තමා... ඒ නිසා දැනුවත් කිරීම නම් අගේ ඇති වැඩක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අලුත් මල්ලි!
      ඇත්තෙන්ම රෝගියගේ සැලකිල්ල තමා වැදගත්ම.

      Delete
  10. බයෙත් බෑ... :(

    වටින පෝස්ටුවක්

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රජතුමනි!
      ඕන්න රජ වුනාට කමක් නෑ කෑම බීම ගැන සැලකිලිමත් වෙන්න වෙයි!

      Delete
  11. කලින් ලිපිය තරම්ම වැදගත් ලිපියක් ගිමෝ. සමහරු නම් කියන්නේ දියවැඩියාව, රුධිර පීඩනය පොෂ් ලෙඩවල් කියලා. හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතුම්!
      ඒ වගේම තමා හැදුනොත් හොඳ කර ගන්න එකත් ලේසි නෑ!

      Delete
  12. ස්තුතියි ගිමන්.
    මට කියන්න, දියවැඩියාව වැලඳුන පසු පැණි රස වැඩි පුර කෑම අහිතකර බව ඇත්ත වුනත්, අධික ලෙස පැණිරස අනුභව කිරීම නිසා දියවැඩියාව වැළ‍ඳෙන්න පුලුවන් කියන මතයේ ඇත්තක් තියෙනවද කියලා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. පැණි රස වැඩි පුර කෑම දියවැඩියාව වැලඳීමට කෙලින්ම බලපාන බවක් නම් මම දන්නා තරමින් මේ වෙනතුරු හොයා ගෙන නෑ.
      නමුත් දියවැඩියාව ගොඩක් කල් සැඟවුන රෝගයක් විදිහට තමා සිරුරෙ තියෙන්නෙ. ඉතින් එහෙම අය පැණි රස කෑවොත් ඉක්මණින් රෝගය උත්සන්න වෙනවා.
      අනිත් එක පැණි රස කෑම () කෙලින්ම දියවැඩියාව ඇති නොකලට. පැණි රස කියන්නෙ කැලරි අධික ආහාර එවා සිරුරේ තැන්පත් වීමෙන් තරබාරු බව ඇති වෙනවා. තරබාරු බව කියන්නෙ මම ඉහල සඳහන් කරල තියෙන විදිහට දියවැඩියාව ඇති වීමට බලපාන ප්‍රධාන හේතුවක්. ඉතින් කවුරු වුනත් පැණිරස ආහාර අනවශ්‍යය ලෙස වැඩිපුර නොකා ඉන්න එක ඇඟට හොඳයි.

      Delete
  13. වැදගත් ලිපියක් ජිවිතයට යමක් එකතු කරගෙන නිරොගි ජිවිතයක් කරා යාමට

    ReplyDelete
  14. මෙවන් ලිපි ලිවිම හරිම වටිනවා.ජයම වේවා ඔබට!

    ReplyDelete
  15. දියවැඩියාව නම් දැන් උණ හෙම්බිරිස්සාව තරමට පැතිරිලා..
    ස්තුතියි ගිම්..වැදගත් ලිපියටත් මහන්සියටත්..

    ReplyDelete
    Replies
    1. ස්තූතුයි රූ!
      ඔව් ගොඩක් වේගයෙන් සමජයේ ග්‍රහණය කර ගන්නා රෝගයක්.

      Delete
  16. ගොඩක්ම වටින ලිපියක් ගිමන්.මගේ පවුලෙ ගොඩක් දෙනෙක්ට මේ අසනීපෙ තියෙනවා.ඒ නිසා මේ තොරතුරු මට ගොඩක්ම වැදගත්.දියවැඩියාව තියෙන සමහරු උත්සව අවස්ථා වලදි එහෙම පැණි රස කෑම කාලා දියවැඩියාවට දීල තියෙන බෙහෙත් මාත්‍රාව වැඩි කරල බොනව මං දැකල තියෙනව.එතකොට අර කාපු පැණිරස වලින් දියවැඩියා තත්වය වැඩි වෙන්නෙ නෑ කියල එයාල කියනව.මේ කථාවෙ ඇත්තක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චාම්ස්!
      ඖෂධ වලින්ම රෝගය පාලනය කිරීමට උත්සාහ ගැනීම සාර්ථක නෑ. වඩාත් වැදගත් වෙන්නෙ ආහාර පාලනය හා අවශ්‍යය පමණට ව්‍යායාම කිරීම.

      Delete
  17. ඉතාමත්ම වටිනා ලියවිල්ලක්.. දැන් දැන් මේ රෝගය ඉතාමත් සුලභ නිසා හැමෝම අවධානය යොමු කරන එක අවශ්‍යයි... තොරතුරු වලට තුති....

    ReplyDelete
  18. බොහොම වටිනා ලිපියක්. අපි සැලකිලිමත් වෙනවා නම් මේ විදිහට හුඟක් රෝග පාලනය කරගන්න පුළුවන් නේද.. ස්තුතියි දැනුවත් කිරීමට!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන!
      අන්න ඒක තම වෙන්න ඕනා!

      Delete
  19. නටන පැද්දෙන දුවන අය
    දුටුව විට පිට්ටනිය වටේටම
    හිතෙනවා කොයිතරම් හොදද
    කෙට්ටු මට............

    ReplyDelete
    Replies
    1. එකනේ බට්ටි වගෙ ගානට ඉන්න ඕනෙ. එතකොට තමා නිරෝගී වෙන්නෙ. :)
      ස්තූතියි මේ පැත්තෙ ආවට.

      Delete