"අඩෝ අරකි නේද ඉන්නෙ බං පිස්සුවක්නෙ!,
දැන් ඉතිං ස්ටෝරිය මොකක් වුනත් අවුලක් නෑ ෆිල්ම් එක ඉවර වෙනකල්ම බලා හිටිය හැකි" ඇටයා චිත්‍රපටයේ මුල් රූපරාමු දකිත්දීම බෙරිහන් දෙන්නට විය.
"කට වහගෙන හිටපංකො ගොනෝ, සබ්ටයිටලුත් නෑ මූ මෙතන මොර දෙනකොට කියන දෙයක් ඇහෙන්නෙත් නෑ"
ඊළඟට ජිලාය.
"උඹත් ඒකමනෙ කරන්නෙ! තොපි එක්ක ෆිල්ම් බලනවට වැඩිය හොඳයි! නිලන්ත කන් කෙඳිරි ගාන්නට විය.
ඒ සමඟම ඔහුගේ දුරකථනය නාද විය.
"අහ් ප්‍රියම්බිකාව නේද? පල පල දැන් ඉතිං කොහොමත් උඹ ෆිල්ම් එක බලල ඉවරයිනෙ! මල නෙලල වරෙන්, අපි මේක ඉවරයක් කරන්නම්" ඇටයා සවුත්තුව දාන්නට විය.
නිලන්තගේ මුහුන එතරම් හොඳ නැත.
"ඕක පොඩ්ඩක් නවත්තන්පංකො, කෑගහන්න එහෙම එපා ගොන්නු ටික වගේ"
"ආ හෙලෝ සුජී, අනේ කෙල්ලෙ හදිස්සියෙ assignment එකක් ඉවර කරනව. මම රෑ වෙලා ගන්නද?
ඕකේ සුජී, ෂුවර් ෂුවර් ගන්නවා, තියනවා හොඳෙ! බුදුසරණයි!
"යකෝ මූ දියුණු වෙලා තියන තරම්! ඉඳපංකෝ ප්රියන්බිකාව හම්බුනාම වැඩේ අල්ලලා දෙන්න" ජිලා නිලන්ත භය කිරීමට පැවසීය.
"පිස්සුද ජිලෝ! උඹ ඉතිං මගෙ බොක්කනෙ, හොඳ එකා වගේ බාල්දි පෙරලන්නෙ නැතුව හිටපං.
"ඔන්න ඕක දාපල්ලකො ඉක්මනට"
චිත්‍රපටය නරඹා රත්‍රී ආහාරය ගත් පසු නිලන්තට තද නිදිමතක් දැනෙන්නට විය. සුජීවාගේ ඇමතුම පැමිණියේ ඒ සමඟමය.
"හෙලෝ සුජී, අම්මෝ දැන් තමා ඉවර උනේ.
ඔලුවෙ කැක්කුමකුත් හැඳුනා ඒක කරන්න ගිහින්.
ඉන්න බෑ ඔලුව රිදෙනවා. පොඩ්ඩක් නිදා ගත්තා නම් හරි යයි.
ඔයා මොකද කරනේ? අද පාඩම් කලාද?
"අහ් නෑ නෑ කමක් නෑ කතා කරමුකෝ ටිකක්"
"හ්ම්ම් කමක් නැද්ද ඩියර්"
"එහෙනම් මම නිදා ගන්නද? ගුඩ් නයිට්! බුදුසරණයි!
හ්ම්ම් මේ කෙහෙල්මල් නිදිමතක් ආවනෙ නැත්නම් ටිකක් වෙලා කතා කරන්න තිබුනා. යැයි සිතූ නිලන්ත එසැණින් ඇඳට පැන නින්දට වැටින.
~ ~ ~ ~ ~ ~ ~~ ~ ~~ ~ ~~ ~ ~
"මොකද බං කෝල් එකෙන් පස්සෙ මූණ එල්ල ගෙන?" කුමාරය දෙහි කැපුවද මොහොකට හරි?"
සුජීවා කල්පනාවක සිටිනු දුටු කල්පි ඇසීය.
"බණින්න හරි ටිකක් වෙලා කතා කරනව නම් මොකද කල්පියෝ, එයාට මාව එපා වෙලාද කොහෙද"
සුජී අඩන්නට සැරසෙයි.
"හා හා මූණ බෙරි කර ගන්නෙ නැතුව කියපංකෝ මොකද වෙලා තියෙන්නෙ කියල, ඇයි මුකුත් ආරංචියක් වත් ආවද?"
" නෑ නෑ එහෙම දෙයක් නෙවෙයි, එයා දැන් කතා කරනව අඩුයි. හැමදාම මොකක් හරි කියල ඉක්මනට තියනව"
"ආ ඕකද, උඹත් ඉතිං වද දෙනවනෙ ඒකට. ඔහොම පැය ගණන් හැමදාම ෆෝන් එක එල්ලිලා ඉන්න එක පුරුද්දකට ගන්න එපා මෝඩියේ. කොල්ලො ටිකක් නිදහසේ ඉන්නයි කැමති, ඔය කොල්ලෝ සෙට් එක එක්ක ඉන්නන්නෙ බලන්නෙ."
"පොඩ්ඩක් කොල්ලගෙ ලයිෆ් එකත් තේරුම් ගණින්, හැම එකටම සැක කරන්න ගන්නෙ නැතුව.
හැබැයි ඉතිං කුමාරයත් ඔයිට වැඩිය උඹ ගැන හිතන්න ඕනෙ තමා"
"හ්ම්ම් මම ඕකට බේතක් කියන්නම්කෝ, පරෙස්සමට පාවිච්චිකරපන් හැබැයි"
දඟකාර සිනහවක් මුවඟට නගා ගෙන කල්පි පැවසීය.
සුජීවාද කුතුහලයෙන් යුතුව ඇයට සවන්දිනි.
~ ~ ~ ~ ~ ~ ~~ ~ ~~ ~ ~~ ~ ~
"හම්මෝ .. යාන්තම් වැඩ ටික ඉවරයි!"
නිලන්තගේ සිතට සහනයක් දැණින සති ගණනක සිට කල්දම දමා සිටි assignment එක ඔහුට හිසරදයක් වී තිබූවකි. මේ සමඟම ඔහුට සිහි වූවේ සුජීවාය.
"හරියට කතා කරන්නත් බැරි උනා පහු ගිය ටිකේ, තරහ ගිහින්ද දන්නෑ"
දීර්ඝ ඇමතුමක් ගැනීමේ බලාපොරොත්තුවෙන් නිලන්ත සුජීවාට ඇමතුමක් ගත්තේය.
පිලිතුරු දීමක් නැත.
නැවත වරක් ඔහු උත්සාහ කලේය.
එවර කෝල් වේටින්ය.
නිලන්ත යලි කල්පනාවට වැටිණැ.
"සුජිත් එක්ක වීක් එන්ඩ් එකට කොහේ හරි යන්න ඕනෙ."
හිතට ලැබුණ නිදහස ඇය හා භුක්ති විදීමට නිලන්ත විවිධ සැලසුම් මවන්නට විය. පැය කාලකට පමණැ පසු යළි ඇමතුමක් ගැනීමට උත්සාහ කලේය.
තාමත් කෝල් වේටින්ය.
"හ්ම්ම් නාල ආවනම් හරි, නිලන්ත කිලිටි රෙදි ගොන්නක්ද ගෙන බෝඩිමේ ළිඳ වෙත පා නැගීය.
පැයකට පමනැ පසු නිලන්ත යළි සුජීවාට ඇමතීය.
"අපෝ මෙයාට කෝල් එකක් ගන්න තියන අමාරුව"
නිලන්ත විහිලුවෙන්ම ඇසීය.
"ආනේ සොරි අයියා, අපෙ චූටි අයිය කතා කලා"
නිලන්ත කල්පනාවට වැටින , චූටි අයියා යනු ඇයගේ ඥාති සොහොයුරෙකි.
මෙලෙස ආරම්භ වූ සංවාදය විනාඩි දහයක් පමණ දිගට ගියේය.
"අනේ අයිය දැන් උයන්න ඕනෙ, ඔයා රෑ වෙලා ගන්න"
හා සුජී මම දහයට විතර ගන්නම් එහෙනම්"
~ ~ ~ ~ ~ ~ ~~ ~ ~~ ~ ~~ ~ ~
රාත්‍රී දහය පසු වුවද සවස නිදාගත් බැවින් නිලන්තට නිදිමතක් නොවාවේය.
අද නම් සුජී සමඟ රෑ වනතුරු කතා කල හැකි යන බලාපොරොත්තුවෙන් ඇමතුමක් ගත්තේය.
කෝල් වේටින්ය
"මෙයා දැන් හරි බිසී නෙ" නිලන්තට නොරිස්සුමක් දැණින.
පැය භාගයකට පසුත් එසේමය. නිලන්ත මදක් කලබල විය.
"කාගෙන්ද අප්පා මෙච්චර කෝල්?"
ඒ සමඟම සුජී අමතන්නට විය
"හෙලෝ"
කාගෙන්ද සුජී ඔයාට ඔච්චර දිග කෝල් එන්නෙ?"
"ආ ඉස්කෝලෙ පරණ යාලුවෙක් අනේ, කොහෙන්ද නම්බර් එක හොයා ගෙන, ඉතිං ටිකක් ආගිය තොරතුරු කතා කලා"
"හප්පා කනත් රිදෙනවා, බැට්රිත් ලෝ වෙලා"
"හ්ම්ම් එහෙනම් අපි හෙට කතා කරමු නේද?" නිලන්ත නොරිස්සුම යටපත් කරගෙන පැවසීය"
"හා අයියා, ගුඩ් නයිට් ! බුදු සරණයි!"
"ගුඩ් නයිට් ! බුදු සරණයි!"
නිලන්තගේ හිතට හරි නැත.
"සුජී වෙනස් වෙලාද?, පහු ගිය ටිකේ සුජීට වැඩිය කතා කරන්නත් බැරි වුනා"
"හෙට හම්බ වුනාම කොහොම හරි ශේප් කර ගන්න ඕනෑ"
~ ~ ~ ~ ~ ~ ~~ ~ ~~ ~ ~~ ~ ~
සුජී හා නිලන්ත හමු වුනේ සති දෙකකට පමණ පසුවය.
කල්පි මොනවා කීවත් නිලන්ත අසලට වූ පසු තම ආදරය පාලනය කර ගත නොහැකි යැයි සුජීවාට සිතිණි. කලකට පසු ඔහුව හමු වූ ඇය හිත යටින් සතුටින් ඉපිලෙමින් සිටී. නමුත් ආයාසයෙන් ඒ බවක් නො අඟවා ඒ මේ අත බලමින් නොසැලකිල්ලෙන් මෙන් සිටියාය.
නිලන්තට ඇයගේ හැසිරීම තවත් සිතේ බය වැඩි කරවයි.
"දැන් සුජීට මාව එච්චර අගයක් නෑ" ඔහුට සිතිණ.
"සුජී ඔයා අමුතු වෙලා" බැරිම තැන නිලන්න්ත ඇසීය.
ඔහුගේ හඬේ වේදනාත්මක බව හොඳින් සුජීට දැණින. තවත් නම් මේ සෙල්ලම කල නොහැකි යැයි සුජීට සිතිණ.
"මම?, ඇයි ඔයා එහෙම කියන්නෙ? මම ඉතිං හැමදාම හිටිය විදිහම තමා. ඔයා තමයි අමුතු වෙලා තියෙන්නෙ දැන් කාලයක ඉඳන්"
නිලන්තට එයින් කාරණය අනුමාන කල හැකි විය
"අම්මෝ කෙල්ලට තරහ ගිහින් තමයි"
"අනේ සොරි සුජී, මම ආත්මර්ථකාමී වුනා තමා. ඔලුවට වැඩ වැඩි වුනහම මට මොනවත් කරන්න හිතෙන්නෙ නෑ සුජී.
මට ඔයත් එක්ක කතා කරන්න ආස නිදහසේ මුලු හිතින්ම කතා කරන්න පුලුවන් වෙලාවට. වැඩ ඔලුවෙ තියෙන කොට කතා කරන්නවත් නිදහසක් නෑ වගේ"
හැමදාමත් මෙන් නිලන්ත අවංක හඬින් පැවසීය.
සුජීවාට කල්පිව අමතක විය.
"මම දන්නව අයියා. මම ඉතිං වෙන කාත් එක්ක කතා කරන්නද.
දවසෙම දේවල් එකතු කරගෙන බලාගෙන ඉන්නෙ ඔයාට කියන්න. ඒ බැරි වුනහම හිතට දුකයි.
ඒත් මට තේරෙනව ඔයාටත් වැඩ ගොඩයිනේ.
ඒත් ඔයාට මට ඕනෙම දෙයක් කිව්ව හැකිනේ අයියේ, බොරු කියල මඟ අරින්නෙ නැතුව. ඉතිං ඔයාට කතා කරන්න බැරි වෙලාවට ඇත්තමටම කාරණේ කියන්න, මට ඉතිං මගෙ අයියව හොඳට තෙරෙනවනෙ."
"ඔව් සුජී ප්‍රොමිස් මම ආයෙ එහෙම කරන්නෙ නෑ, එක නෙවෙයි අර යාලුවා ආයෙ කෝල් කලේ එහෙම නැද්ද" නිලන්ත ඇසීය
සුජී හොර සිනහවක් පා
"ආ එයාද, එයා ඇහුවා එයාව බඳින්න කැමතිද කියල"
නිලන්තගේ ඇස් විශාල විය "මෙකිගෙ විහිලුවක්ද කොහෙද" ඒ හාම ඔහුට සිතිණ.
සුජී ඒ සමඟම
"නෑ අයිය, ඊයෙ කෝල් දෙකම ගත්තෙ කල්පිට"
"ඈ? මේ හැමදාම එකට ඉන්න එකාට ගෙදර ගිය ටිකට කෝල් ගත්තෙ මොනව කතා කරන්නද?"
සුජීවා බියෙන් මෙන්
"කල්පි තමා කිව්වෙ ඔයා කෝල්කරන වෙලාවට එයාට කෝල් කරන්න කියල. කෝල් වේටින් දකින කොට ඔයා ඉක්මනට මාව හම්බ වෙන්න එයි කිව්ව."
නිලන්තට සියල්ල වැටහින. "අනේ දෙයියනේ මෙකි මෙච්චරටම දේවල් හිතලද! පව් මම නම් මෝඩයෙක් විදිහට තමා පහු ගිය ටිකේ වැඩ කරල තියෙන්නෙ, නැත්ත්නම් මෙයා මෙච්චර හිතන්නෙ නැහැනෙ.
නිලන්ත සුජීවාව තවත් ලඟට ගත්තේය
"ඔයාට දුක හිතුන නේද, ඇත්තටම සොරි ලමයෝ. මම හිතා මතා කෝල් නොකල නෙවෙයි. අර මම කියපු කාරණේ තමා. ඒ උනාට මම වැරදී. තාම තරහද?"
නිලන්ත සුජීවා දෙස ආදරෙන් බලා ඇසුවාය
"පිස්සුද අයියා, මම චුට්ටක් බය වුනා, අයියට මාව එපා වී ගෙන එනවද කියල. මාත් ඉතිං කරදර කරනව වැඩියිනෙ. මාත් වැරදියි"
"හ්ම්ම් අපි දෙන්නම වැරදි, ආදරේ තිබ්බටම මදි. අපි මීට වඩා අපේ ප්‍රශ්ණ කෙලින් කතා කරන්න ඕනෙ. හිත රිදෙයි කියල බයේ ඉන්නෙ නැතුව"
"ඒක ඇත්ත අයිය" සුජී ද පැවසුවේ සතුටු සිතිණි.
"පොඩි රණ්ඩුවක් ඇල්ලුවහම තිබුනටත් වැඩිය ආදරේ වැඩි වෙනවා" සුජීවාට කල්පිගේ උපදෙස් සිහි විය.
හ්ම්.. ආදර ආන්දර... අනේ මන්දා
ReplyDeleteහ්ම් හ්ම් ආදර අන්දරේකින් හරි ගොඩක් අයට වරදින තැනක් ගැන කියන්න බැලුවෙ.
Deleteඅනේ මන්ද කාට හරි ප්‍රයෝජනයක් වෙනවා නම් මදැයි නේද?
ස්තූතියි ගිමන්හලට ගොඩ වැදුනට.
නියම කතාව :)
ReplyDeleteස්තූතියි වකා!
Deleteහිහි..මරු වැඩේ.. මතක තියාගන්න ඕනේ මේ වගේ කතා.. අනාගතයට වටිනවා..
ReplyDeleteමේ වැඩේ වුනේ මෙයාටමද මන්දා..
ස්තුතියි!
Delete:D ඔව් ඔව් කියන්න හදපු දේ තේරුම් ගත්තා නම් හොඳටම වටිනවා.
හපොයි මම මේකට සම්බන්ධ නෑ :D
ලස්සන ආදර කතාව... ගිමන්
ReplyDelete"පොඩි රණ්ඩුවක් ඇල්ලුවහම තිබුනටත් වැඩිය ආදරේ වැඩි වෙනවා" ඔය ටික තමයි වටිනම වචන ටික :)
ස්තූතියි දඟකාරී!
Deleteඅන්න ඒකනේ අත්දැකීම් තියන අය තමා හොඳටම වටිනාකම දන්නෙ :D
හරියට හරි දෙන්නම් වැඩේ.........
ReplyDeleteමේවා ගිමන්ගෙ අත් දැකීම් ද මන්දා. ගිමන් නිවන්නියගෙන් අහල බලන්න ඕනා මෙහෙමද ගිමන්ව හැදුවෙ කියල
:D හපොයි සිඳූ එහෙම දරුණු දේවල් කරන්න එපා!
Deleteහැබැයි මට නම් බය වෙන්න දෙයක් නෑ සිඳූට හොයා ගන්න ගිමන් නිවන්නියක් තවම නැති නිසා :p
ඕනම දෙයක් කෙලින් කතා කරලා විසඳගන්න එක තමයි හොඳම.එහෙම නැතුව ප්‍රශ්න හිතේ තියාගෙන එක එක නිගමන වලට ආවම නැති ප්‍රශ්නත් ඇති වෙනවා.
ReplyDeleteලස්සනයි කථාව ගිමන් :)
ස්තූතියි Chams!
Deleteමේක නන් සිරා කතාවක්... නෝ කමෙන්ට්ස්...
ReplyDeleteස්තූතියි පසන්!
Deleteලස්සන කතාවක් .....
ReplyDeleteස්තූතියි ෂා!
Deleteමහා වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි..! කියන්නේ ඕකට තමයි..
ReplyDeleteස්තූතියි රෙහානි!
Deleteසතුටුදායක නිමාවක්. කොච්චර හොඳද :)
ReplyDeleteස්තූතියි හසිත!
Deleteමම හිතුවෙ මේ අසාමාන්‍ය නිදිමත ගැන වෛද්‍ය ලිපියක් ලියන්න සෙට් වෙනවා කියලා. ඇත්තමයි! හෙහ් හෙහ් :D
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
:D හැමදාමත් ලෙඩ ගැනම කියන්නත් හොඳ නැහැනෙ නේද?
Deleteඒ ගැනත් ලිව්වා නම් හොඳයි වගේ!
මාත් කලින් ඔය ක්‍රමේ කළා..වැඩක් නැහැ මොන ක්‍රමේ කලත් අර මොක්කුදෝ මෙට්ටේ තියන්න බැහැලුනේ.. ආදරේ නං එර්ර්ර්ර්ර්ර්ර්....:/
ReplyDeleteකතාව නියමයි.
ජය!
ස්තූතියි හිරූ!
Deleteඅහ් මෙයත් අත්හදා බලපු බේතක් නේද?
හරි ගියෙ නැත්නම් මාත්‍රාව ටිකක් වැඩි කරල දීල බලන්න :D
කතාව උපරිමයි...
ReplyDeleteස්තූතියි දිනේශ්!
Deleteනියමයි. මෙන්න සතියේ කතාව. අදමයිද කොහේ මේ පැත්තේ ආවේ. මේ වගේ පොස්ට් දාන කොට නාවිල්ල බැහැනේ ඔන්න ආයේ හැමදාම වගේ එන්නම් කෝ. ගොඩවැදිලා යන්න. :)
ReplyDeleteකෝරලේ මහත්තයත් ඇවිත් තියෙන්නෙ! බෝම සතුටුයි!
Deleteගිමන්හලට ආදරෙන් පිළිගන්නවා!
ආයෙත් විවේක තියන වෙලාවට මේ පැත්තෙ ගොඩ වැදිල යන්න එන්න.
:) අත්දැකීම් නැත්නම් මෙච්චර තාත්විකව ලියන්න පුලුවනැයි නේද?
ReplyDeleteස්තූතියි!
Deleteලඟපාත ඉන්න අයට වෙන වැඩ දැක්කහමත් යමක් කමක් තේරුම් ගන්න පුළුවන්නෙ. :D
හරිම නිර්මාණාත්මකව කතාව ලියාගෙන ගිහින් තියෙනවා. ආදරය ඇතුලතදී එකිනෙකා ගැන විශ්වාසයෙන් වගේම අවබෝධයෙන් ඉන්න එකත් හරිම වැදගත්
ReplyDeleteස්තූතියි ළිහිණි!
Deleteශේප් එකේ වැඩේ ගොඩ දාගෙන තියෙන්නේ.මේකයි අපි වෙන වැඩක නම් ඉන්නේ එක කියලා පස්සේ කතා කරන්නම් කිව්වා නම් අවුලක් නෑ නේ.එකිනෙකා අතර අවබෝධය තියේ නම් ප්‍රශ්න එනවා අඩුයි :)
ReplyDeleteඒක ඇත්ත. ආදරේදි එකිනෙකා හරියට තේරුම් ගැනිම තමා ගොඩක්ම වැදගත්.
Deleteස්තුතියි අදහසට.
siththamitada me post eka liuwe.siththamith athhada balanna dan hadanne.hikz.............watina post ekak una matanam thanx ayiye.
ReplyDeleteස්තූතියි! සිත්තමී නංගි නම් දැනටම පෝස්ට් එකෙන් ප්‍රයෝජන අරන් වගේ :D.
Deleteගොඩක් කාලෙකින් නේද මේ පැත්තෙ ආවෙ.
අම්මෝ..මාර රොමෑන්ටික්නේ..
ReplyDelete:D ස්තූතියි රූ!
Deleteලස්සන ආදර කතාව..
ReplyDeleteස්තූතියි නංගා!
Deleteරන්ඩුවෙන් පස්සෙ ආදරේ වැඩි වීම හෝ දෙකෙන් එකක් විසඳගැනීම... :D "ගිමන් නිවන්නාගෙන් අහන්න." කියල තීරුවක් පටන් ගන්න පුළුවන් වෙයි වගේ
ReplyDeleteහපොයි මට එච්චර අත්දැකීම් නෑ නලිනි. :D
Delete