දුරකථන අංකය....!
ටකස් ටකස් හඬ නගමින් ඇවිද එන නිරූපා මඟ දෙපස සිටි කාගේත් අවදානය ලබා ගත්තේ සෙරෙප්පුවේ හඬ නිසා පමණක්ම නොවීය. ආඩම්බර විය හැකි තරමේ රූ සපුවක් හා නිතඹ තෙක් කඩා හැලුන නීරෝගී කෙස් කලඹක්ද ඇ සතු විය.
හිස් බස් නැවතුම්පල දුටු විට ඇගේ සිත කඩා වැටින
"අද නෑ වගේ" දොම්නසි සිතින් යුතුව ඈ සිතීය. ඒ කණස්සල්ල, සතියක පමණ සිට නිතර දෙවේලේ ඈ ඇස ගැටුන තරුණයෙකු නිසාවෙනි. දුසිම් දෙක තුනක විවිධාකාරයේ තරුණයන් ඈ පසුපස පැමිණ තිබුණද මේ තරුණයා තරම් ඔවුන් කිසිවෙකු ඇගේ සිත පැහැර ගැනීමට සමත් වූවෝ නොවූහ.
බස් නැවතුම්පලට පැමිණ නතර වූ සැණින් නිරූපාට ඈත එන රුවක් ඇස ගැටින. ඒ දුටු ඇගේ සිත සතුටින් ඉපිලෙන්නට විය.
"අනේ අද පරක්කු වෙලාද කොහෙද! ඩෙනිමටයි ටී ෂර්ට් එකටයි මේක තවත් ලස්සනයිනෙ"
ඇස් කොනෙන් බලමින් ඈ සිතීය.
"ටිකක් ගණන් උස්සලා ඉන්න ඕනෙ, නැත්නම් අගේ අඩු වෙනව."
තරුණයා ලඟට පැමිනි පසු පාර බලන්නාක් මෙන් නිරූපා ඒ දෙස බැලුවාය. තරුණයා එසැණිනි සිනහවක් පැවේය.
නිරූපා ගස්සා අනෙක් පස බලා ගත්තීය.
"හිනාව නම් අහිංසක පාටයි" ඇය සිතීය. "පව් කියලත් හිතෙනව, මටත් යනතම් හරි හිනා වෙන්න තිබ්බ"
ඇය යලි හොරැහින් බැලීය. තරුණයා කල්පනාකින් යුතුව අනෙක් පස බලා හිඳියි.
"අපෝ මූ පොඩ්ඩ බැරි වෙනකොට අවුල් යන එකෙක්නේ"
"සතියක් විතර පස්සෙන් එනව තාම මූට නම්බර් එකවත් දී ගන්න බැරි උනානෙ"
"මොකෙක්ද මන්ද, අඩු ගානෙ ෆේස්බුක් ඇඩ්රස් එකවත් කොල කෑල්ලක ලියල දුන්නා නම් මොකද"
ඇය නොසන්සුන් සිතින් යුතුව කල්පනාවේ සිටින අතර බස් රථයක් පැමින බස් නැවතුමේ නතර විය.
හණික බසයට ගොඩ වූ ඇයට තරුණයාද දොරේ එල්ලෙනු දැකිය හැකි විය. ඇගේ සිතට යලි සතුටක් දැනින්. කොන්දොස්තරට මුදල් දුන් සැණින් ඇය බසයේ ඉදිරියටම ඇදුනේ තරුණයා තමා වෙත ඇදී ඒ දැයි අත්හදා බැලීමටය.
බස් රථයේ සිටගෙන සිටින්නේද දෙතුන් දෙනෙක් පමණි.
නිරූපාගේ අනුමානය නිවරැදි කරමින් තරුණයාද සුළු වේලාවකින් ඇය අසලටම පැමිණියේය.
ඇයගේ සතුට නිමක් නැත. "මම කැමති බව පෙන්වන්න නරකයි" ඇය ඉදිරිය කෙලින් බලා ගෙන සිටි මුත් තරුණයා ගැන ඇය ඇස් කොණින් විමසිලිමත් විය.
"අතේ කොළ කෑල්ලක් තියනව වගේ, අද නම් නම්බර් එක දෙන්න තමා යන්නෙ"
"ෂිහ් ඒත් මේ සෙනඟ ඉස්සරහ කොහොමද ලැජ්ජා නැතුව ඕක ගන්නේ, මූ හැන්ඩ් බැග එකටවත් එබුවොත් නම් හොඳයි."
ඇය මෙසේ සිතන අතරම තරුණයා ඇයගේ අතට තට්ටු කර කොළ කැබැල්ල ඇයට දිගු කලේය.
"අපෝ මූ නම් මහ හරකෙක්" ඇය රවා බලා අහක බලා ගත්තේය. අසල අසුනේ ඉඳගෙන සිටින කාන්තාවන් දෙදෙන මාරුවෙන් මාරුවට තමාගේ හා තරුණයාගේ මුහුණු දෙස බලනු නිරූපාට පෙනේ.
"ආයේ ඔක්කොටම පේන්න ඕක දික් කලොත් නම් දෙකක් කියන්න ඕන"
"එතකොටවත් මෝඩ කම තේරෙයිනෙ." ඇය කෝපයෙන් හා නොසන්සුන්කමින් යුතුව දිගටම කල්පනා කරයි.
මෙවිටම තරුණයා යලිත්
" මිස් ------- ගන්නවද?" ඇයට ඒ වදන් හරි හැටි ඇසුණේ නැත.
"අපෝ ඒ පාර මූ සද්දෙටම කියනව"
" කවදාවත් කෙල්ලෙකුට නම්බර් එකක් දීල නැද්ද කොහෙද!"
යලි රවා බැලූ නිරූපා,
"මට මොකටද ඕක! වෙන කැමති කෙනෙකුට දී ගන්නවා!"
මදක් සැරෙන් කීවාය.
"සැර වැඩිද මන්ද" ඇයට සිතින.
නමුත් අසල අසුනේ සිටි කාන්තාවන් දෙදෙනා සිනමුසු මුහුනින් ඇය දෙස බලා සිටිනු පෙනේ.
එසැණින් තරුණයගෙ හඬ යලි මතු විය,
" අන්කල් මෙයාට ටිකට් එක එපාලු ආපහු එවන්නද?"
මම එක :)
ReplyDeleteඅද නම් TG එකටම ඇවිත්! උත්සාහවන්තයා ජය ගනී කියනවනේ!
Deleteමදැයි ගණන් උස්සන්න ගියා :D
ReplyDeleteහසිතවත් ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා!
Deleteඒකනේ වැඩිය ගණන් පෙන්වීම අගුණයි :D
ආයෙත් විවේක වෙලාවට ගිමන්හල පැත්තෙ ඇවිත් යන්න එන්න.
පුදන කොටම කාපි යකා!
ReplyDeleteගිමන් කොහොමද කෙල්ලෙකුගෙ හිත වැඩකරන හැටි ඔය තරම් හොඳට දන්නෙ?
henryblogwalker the Dude
අනුමානෙ තමා Dude! කොහොමද අනුමාන කිරීම, වැඩේ සාර්ථකද?
Deleteහොඳ අනුමානයක්. මම හරියටම කියන්න දන්නෙ නෑ. ගෑණු තේරුම් ගන්න උත්සාහ ගන්න එක මම අතෑරලා හුඟක් කල් ගිමන්. :D
Deletehenryblogwalker the Dude
හප්පේ එහෙමද? මටත් ඉතිං තේරුම් ගිහින් නම් නෑ, තේරුම් ගන්න උත්සාහ ගන්නවා. මටත් කාලයක් යනකොට Dudeට හිතෙන විදිහටම හිතෙන්න ගනියි නේද! :)
Deleteඅයියෝ වෙච්ච දෙයක්...ගිමන්ට වෙච්ච දෙයක් වගේ...
ReplyDelete:D හපෝයි නිෂ් මම ඕවට සම්බන්ද නෑ ඕං!
Deleteපු¤ විකාගෙන මැරෙන්න හිතෙන්න ඇති.
ReplyDelete:D හෙහ් හෙහ්!
Deleteඅකලංකවත් ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා! අයෙත් ඇවිත් යන්න එන්න!
Deleteඅපෝ චාටර්........ ළඟ මුහුදක් එහෙම තිබුනෙ නැද්ද දන්නෙ නෑ නේ, පනින්න?
ReplyDeleteඒක නෙමේ, මේක වුණේ ගිමන් කියල කෙනෙක්ටද?
නෑ වෙන්න බෑ....... කොල්ලට තිබිල තියෙන්නෙ අහිංසක මූණක්නෙ
ඇයි අප්පා මූණ බලාගෙන ඔහොම කියන්නෙ (පේන දේ එපැයි කියන්න නේද) :D ඔය සිද්ධියට ගෑවිලාවත් නැති වුනාට, ගිමන් කොල්ලටත් අහිංසක මූණක් තමා තියෙන්නෙ :p
Deleteහයියෝ
ReplyDelete:D දුක තමා.
Deleteඅයියෝ සල්ලි..
ReplyDeleteහික්ස්..
:D
Deleteරූ ඔබවත් ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා! නිවාඩු වෙලාවට ගිමන්හලට ගොඩවැදිල යන්න එන්න!
හප්පා...නීරුපා ඉදලා ඉදලා දුසිම් ගණන් පහු කරලා මදැයි..
ReplyDeleteමරු කතාව අයියා.
ඒකනේ නංගා, දුසිම් ගණන් අතරින් මෙයාටම හිත ගිය හින්දද දන්නෑනේ කලබලවෙලා මේ වින්නැහිය කර ගත්තෙ, හැබැයි ඔතනින් කතාව හොඳ අතට හැරෙන්නත් ඇති නේද :D එහෙම හිතාගමු
Deleteඅයියේ මේකේ මේ කොල්ලාද කොන්දොස්තර..
Deleteඇයි මේ කියන්නේ එහෙනම් නිරුපා කොන්දා ගෙන් ටිකට් එකක් අරන් ඉස්සරහට ගියේ කියලා...කොන්ද නම් එත් කොන්දා මොකටද බස් එකට නගින්න එන්නේ..කොන්දා ඉන්නේ බස් එකෙනේ...
මේක මේ දෙවෙනි පාර කියපු පාර හිතුන එකක්..පලවෙනි පාර මට හිතුනේ දුසිම් ගණන් කොල්ලෝ පහු කරන් නිරුපා ට මෙයාට හිත වැටුනේ කොන්දෙක්ද කියලා..එත් අයියෝ..ප්රශ්න ගොඩයි..හැමදාම වගේ ටියුබ්..
ඇයි නංගෝ 'නිරූපා කොන්දොස්තරට මුදල් දුන් සැණින් බසයේ ඉදිරියට ගියා' කියල තියෙන්නෙ, ඒ කියන්නෙ සල්ලි දුන්න ගමන් ටිකට් එක ගන්නත් අමතක වෙලා ඉස්සරහට ගිහින් (ඇයි ඉතිං කෙල්ල වෙන සිහියකින්නෙ හිටියෙ) ඉතිං ඊට පස්සෙ කොල්ල ටිකට් අරන් ඉස්සරහට යද්දි කොන්දොස්තර ඉස්සරහට යන්න කම්මැලි කමට කොල්ලට දෙන්න ඇති 'ඉස්සරහට යනව නම් අර ගෑණු ලමයට මේ ටිකට් එක දෙන්න' කියල. දැන් තේරුණාද?
Deleteගනන් උස්සන්න ගියායි උන වැඩක්.. :)
ReplyDeleteඒකනේ දිනේශ්! ඕනවට වඩා ගණන් ඉස්සිල්ලත් හොඳ නෑ!
Deleteහිකිස්... හොද වැඩේ කෙල්ලට.. ඔවුන්ගේ මාර ගනන්නේ සිරාවටම... :)
ReplyDeleteමොනවා හිතෙන්න ඇද්ද...?
හූ...ඈ... :) :)
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
හෙහ් හෙහ් ඔහොම වැඩක් වෙන්නම ඕනෙ කට්ටියට ගනන් වැඩි බව තේරෙන්න.
Deleteරජතුමාටත් සුභ වේවා! (රාජ සම්පත් නම් කොහොමත් තියෙනවනේ :) )
හික් හික්. :D
ReplyDelete:D
Deleteඅෆොයි මදැයි.. :D :D :D
ReplyDeleteඕන් නන්ඳුත් අද ඉදන් ගිමන්හලට ගොඩවදිනවා..
නන්ඳුත් කටපුරා හිනාවත් පුරෝගෙන ගිමන්හලට ඇවිත් තියෙන්නෙ. ඔන්න ඔයාවත් ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා. ආයෙත් විවේක වෙලාවට ඇවිත් යන්න එන්න!
Deleteගිමන්හලම තමයි ගිමන් නිවෙනවා තියෙන ඒව දැක්කම...මදැයි ගණන් උස්සන්න ගිහින් වුණ දේ...මරේ මරු කථාව...
ReplyDelete:D ස්තූතියි සිත්තමී ගිමන්හලට ගොඩවැදුනට! ඔයාවත් ආදරෙන් පිලිගන්නවා. ගිමන්හලට ආවහම ඉතිං ටිකක් හිනා වෙලා, යමක් ඉගෙනගෙන, මහන්සි නිවාගෙන ගිය හැකි!
Deleteඅයෙත් වෙලාවක ඇවිත් යන්න එන්න.
nice post.
ReplyDeleteThank you!
Deleteසුපිරි කතාවක් නේ... හේ හේ .. අපිත් එන්නම්කෝ කියවලා යන්න... ගිහින් එන්නම්...!
ReplyDeleteස්තූතියි සිතුවිලි! ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා. ආයෙත් ඇවිත් යන්න එන්න.
Delete