පැය 3ක පමණ දීර්ඝ බස් ගමන හමාර කරමින් බසයෙන් බැස ගත් තුශාර අත පය හිරි ඇර ගත්තේය. කුඩා අඩිපාරකට මුහුනලා පිහිටි ගරා වැටෙමින් තිබූ පොල් අතු හෙවිල්ලන ලද කුඩා මඩුව බස් නැවතුමක් යැයි ඔහු අනුමාන කලේය.
නුවර.එලියේ සිටද හැතැප්ම 20ක් පමණ දුරින් පිහිටි ප්‍රාථමික වෛද්‍යය මධ්‍යයස්ථානයක වෛද්‍යයවරයා ලෙස පළමු පත් වීම ලැබූ තුශාර වැඩ භාර ගැනීමට නියමිත දිනට සතියක් කලිනම පැමිණියේ වට පිටාව දැක ගැනීමේ බලාපොරොත්තුවෙන් හා නවාතැනේ තත්වය හා පහසුකම් මැනගෙන නැවත කොලඹ ගොස් වාහනයක අවශ්‍යය දෙවල් ගෙන ඒමේ අදහසිනි.
ඇත්‍යාවශ්‍යය ඇඳුම් කිහිපයක් දමා ගත් ගමන් මල්ලද කරේ දමා ගත් ඔහු කුඩා අඩි පාර දිගේ ගමන් ආරම්භ කලේය.
මදක් සීත උවද සෙමෙන් හමා ගිය නැවුම් සුලන් පහර හා සීත දෙශගුනයට අනුවර්තනය වී වැඩී තිබුණු ගස් කොලන් තුශාරට පලාත පිලිබඳ ප්‍රසන්න හැඟීමක් ඇති කලේය.
අවට සුන්දරත්වය නරඹමින් අඩි පාර දිගේ හැතැප්ම එක හමාරක් පමණ ඇවිද ආවද වෙහෙසක් නොදැනින.
මගදී ගැමියන් කිහිප දෙනෙක් හමු වුවද සිනහවක් පෑම මිස කතා බහක යෙදීමට තරම් ඔවුන් කුලුපග නොවූයේ තමාගේ නාගරික පෙනුම නිසා විය හැකි යැයි තුශාර අනුමාන කලේ.
මෙසේ තවත් සුලු දුරක් යන විට හමු වූවේ තේ කඩයකි. ගැමියන් කිහිප දෙනෙක්ම තේ බොමින් කතා බහේ යෙදෙමින් සිටිනු දැකිය හැකි විය.
දුර සිටම තමා ඔවුන්ගේ අවධානයට හසු වී ඇති හැඩක් ඔවුන්ගේ විමසිලිමත් දෑස් තමා වෙත එල්ල වී තිබූ අයුරින් තුශාරට වැටහින.
"ඩිස්පැන්සරියට තව දුරද දන්නැහැ නේද?"
සිනහවක් මුවඟට නගා ගෙන එක් අයෙකු ඉලක්ක නොකර තුශාර විමසීය.
"ඔය ඉස්සරහ තියන පාරෙන් හැරිල තව ටික දුරක් ගියහම හරි මහත්තයො"
එතැන සිටි තරුණයෙකු ගෙන් පිලිතුරු ලැබින.
"මේ අර අලුතින් එනවයි කිව්ව දොස්තර මහත්තය වෙන්න ඇති නේද?"
කඩයේ සිට එලියට පැමිනි කඩේ මුදලාලි යැයි සිතිය හැකි මැදි වියේ පුද්ගලයෙක් විමසුවේය.
"අහ් ඔව් මුදලාලි ඒ මං තමයි. පොඩ්ඩක් පලාත බලා ගෙන යන්න කියල කලින්ම ආවෙ"
"හොඳයි හොඳයි, අන්න අර පේන ගෙදර අපේ ග්‍රාම සේවක මහත්තයගෙ. ඔහොම්මම යමින් ගමන් උන්නැහැවත් මුණ ගැහිල ගියා නම් දොස්තර මහත්තයට දැනැමුතුකම් ටිකක් අරන් යන්න පුලුවන්"
"එක නම් ඇත්ත තමා! ගොඩක් ස්තූතියි, ගිහින් එන්නම්කො"
"හොඳා, පරෙස්සමට මහත්තයො කැලෑ පාර හින්ද සතා සරුපය ගැවසෙනව වැඩියි"
යලි ස්තූති සහගත සිනහවක් හෙලූ තුශාර. ග්‍රාම සේවක මහතාගේ නිවස බලා පිටත් විය.
"හෙහ් තාම කොලු ගැටයෙක් නොවැ, කලින්ම ආවට තව කී දොහක් ඉඳීද කියල බලමුකො"
"අනේ මේ කට වහගෙන ඉදපං සියාතුවො මෙතන පේන කියන්නෙ නැතුව"
"මම කිව්වෙ දෙන් අවුරුදු ගානක ඉදන් වෙන දේනෙ බොලව්"
ගැමියන්ගේ කතා බහින් මඳක් තුශාරට යාන්තමට ඇසින.
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
පැයක් පමණ ග්‍රාම සේවක මහතාගේ නිවසේ ගත කල තුශාරට පලාත පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැකි විය.
තේ පැන් සංග්‍රහයෙන් පසු ඔහු තුශාරට සමු දුන්නේ රාත්‍රී කෑම වේලද කවුරුන් හෝ අත නිල නිවාසයට එවන පොරොන්දුවද දෙමිනි.
නිල නිවාසය තුශාර හිතුවාට වඩා හොඳ මට්ටමේ පැවතිණ. වසර තිහක් හතලිහක් පමණ පැරණි වුවද එය සිත් ගන්නා සුලු විය. බොහෝ කාලයකින් කිසිවෙකු පරිහරණය කල බවක් නම් පෙනෙන්නට නොතිබිණ.
නිවස පිරිසිදු කිරීමට කවුරුන් හෝ සොයා ගත යුතුයැයි සිතමින් තුශාර රාත්‍රිය ගත කිරීමට සුදුසු කාමරයක් තෝරා ගත්තේය. වඩාත් ඉඩකඩ ඇතිව තනා තිබූ එහි විශාල ඇඳක්ද ලියන මෙසයක් හා අල්මාරියක්ද විය.
ගෙයි තිබූ කොසු කබලක් සොයා ගත් ඔහු කාමරයේ තිබූ මකුදැල් හැකි පමණ ඉවත් කර මේසය හා ඇඳ පිරිසිදු කර ගත්තේය.
ඉන් පසු නිල නිවසට යාබදව තිබූ ලිඳකින් හොඳින් නා ගෙන සැහැල්ලුවෙන් ඇඳේ ඇල වෙනවාත් සමඟම කවුරුන් හෝ කතා කරන හඬ ඇසුනෙන් කමිසයක් දමා ගෙන ඉස්තෝප්පුවට පැමිණියේය.
මිදුලේ සිටියේ හීන්දෑරි වයසක ගැමියෙකි.
"ග්‍රාමසේවක මත්තය දොස්තර මහත්තයට මේක දෙන්න කීවා" ගැමියා බයාදු ස්වරයෙන් පැවසුවේ අතේ තිබූ පාර්සලය තුශාරට පමිනි.
"අහ් රෑ කෑම වෙන්න ඇති, බොහෝම ස්තූතියි මාමෙ මේක අරන් ආවට"
"මේ ග්‍රාම සේවක මහත්තය කිව්ව , දොස්තර මහත්තය ආපු අලුත නිසා අද රෑට මට මෙහෙ මුරට නතර වෙන්නය කියල" හිස කස කසා පැවසූ අයුරින්ම එයට ඔහුගේ එතරම් කැමැත්තක් නැති බව තුශාරට වැටහින.
සිනහවක් පෑ තුශාර
"ඕනැ නෑ මාමේ, මට මොන තනියක්ද! මාම යන්න"
කට පුරා සිනහවක් පෑ ගැමියා ඉක්මණින් ආපසු යන්නට පිටත් වූවේ තුශාරගේ අදහස වෙනස් වේ දැයි බියෙන් මෙනි.
"පාලුව යන්නත් එක්ක කවුරු හරි හිටිය නම් හොඳයි' ඒත් ඉතින් කාටවත් කරදර කරන්නෙ මොකටද. රෑට ඉකමනට කාල නිදා ගන්නවා" සිතමින් තුශාර නිවසට ගොඩ විය.
බැස යන හිරුගේ අවසන් හිරු රැස් පොදක් ජනේලයෙන් කාමරයට වැටින. අහම්බෙන් මෙන් ඉන් අලෝකමත් වූවේ බිත්තියේ කොනක ගසා තිබූ ඡායා රූපයකි. වඩාත් ලඟට ගොස් බැලූ තුශාරට දැකිය හැකි වූවේ එය තරුණියකගේ ඡායා රූපයක් බවය. දුහුවිලි තට්ටුව නිසා හරි හැටි නොපෙනුනද සැලකිය යුතු තරමේ රූප සොබාවක් ඇතැයි ඔහුට සිතින.
"ඕක පිහදාන්න් ගිහින් අයෙත් දූවිලි ගාගන්න බෑ" මෙසේ සිතන විටම හිරු රැස හිරු හා නොපෙනී ගියේය. අඩ අඳුරේ වුවද ඡායා රූපයේ වූ තරුණිය තමා දෙස ඇස් යොමා සිටින්නේ යැයි ඒ දෙස බලා සිටි තුශාරට සිතිණි.
"මටත් විකාර"
එසේ සිතමින් ඔහු බෑගය අවුස්සා විදුලි පන්දම හා ඉටිපන්දම් පැකැට්ටුව සොයා ගත්තේය.
"ඉස්සරහට ලයිට් එලියක් දකින්න වෙන්නෙ මාසෙකට දවසක් තමා"
සිතමින් ඉන්ටිපන්දම් දෙකක් දල්වා ගෙන රාත්‍රී කෑම අවසන් කලේය.
"දැන් ඉතින් නිදා ගන්නයි තියෙන්නෙ"
සැනසුම් සුසුමක් හෙලමින් ඇඳට වැටුන තුශාර සිතීය.
මෙසේ විනාඩි කීපයක් ගත වන විට ඔහුට නිවසේ අනෙක් කාමරයේ කිසියම් ශබ්දයක් ඇසින.
මදක් ඕනෑ කමින් සවන් යොමා සිටි මුත් යලි කිසිත් නෑසින
"වවුල්ලු වෙන්න ඇති අවුරුදු කීයක් මේක වහල තියෙන්න ඇද්ද"
නිදා ගැනීමට ඇස් පියා ගන්නවාත් සමගම යලි දොරක් විවෘත වන හඬ ඔහුට හොඳටම ඇසිණ.
මදක් සැලුන හදින් යුතුව සවන් යොමා සිටි තුශාර විදුලි පන්දම ගෙන ඇඳෙන් නැගිට්ටේය.
"ශෙහ් දොර ලොක් කරන්න විදිහකුත් නැහැනේ, බලමුකො මොකාද ඉන්නෙ කියල"
දොර පොල්ලක්ද ගෙන සෙමෙන් අඩවල් කර දොර විවෘත කරනවාත් සමගම උණුසුම සුලඟක් කාමරය ඇතුලු විය.
සිතල රාත්‍රියක උනුසුම් සුළඟක් කොහෙන්දැයි සිතීමට තුශාරට වගක් නොවීය. නිවසේ කාමර කීපයට විදුලි පන්දම අල්ලා හොඳින් පරීක්ෂා කල තුශාර යලි කාමරයට පැමිණියේ සැනසුම් සහගත සිතිනි.
"හුලඟට දොරක් වැහෙන්න ඇති"
යලි ඇඳට පැමිණි මුත් නින්ද එන පාටක් නැත. ඉටිපන්දම් එලියට යාන්තමට මෙන් බිත්තියේ එල්ලා ඇති ඡායා රූපය පෙනෙයි. මේ කවුරු වෙන්නට ඇද්ද සමහර විට කලින් මෙකෙ හිටිය ඩොක්ටර් කෙනෙක්ගෙ දුවක් වෙන්න ඇති.
මේ සිතුවිලි අතරින් ඔහු නින්දට වැටින
පැය කිහිපයකින් ඔහු යලි දහඩිය දමා ගෙන අවදි විය. අසල තිබූ වතුර බෝතලයෙන් උගුරු කිහිපයක් පානය කලේ දඩි බිඩි ගා ගැහෙමින් තිබූ හදවත පාලනය කරන්නට මෙනි.
"මොන විකාර හීනයක්ද ඒ"
ඔහු යලි හීනය මතකයට නගා බලන්නට විය.
ඔහු සිහිනයෙන් දුටුවේ තමා නිදා සිටි කාමරයමය. බිත්තියේ තිබූ ඡායාරූපයෙන් මතු වූ රෑ ඇදුමක් හැඳ සිටි සුරූපී තරුණියක් ඇඳ ලඟට පැමිණ ඔහුව අවදි කලාය. ඉන් පසු එක් අතකින අල්වා ගෙන ඔහුව කැටුව නිවසෙන් ඉවත පිහිටි කුඩා වන රොද වෙත ඇවිද යන්නට විය. මෙසේ මඳ දුරක් ගොස් කිසියම් විශාල ගසක් යටට වී තමා දෙස මහත් අනුකම්පාවෙන් බලා සිටින්නට විය.
ඉන් පසු
" එන්න මම ඉන්න තැන බලන්න යන්න"
යැයි පවසමින් යලි තදින් ඔහුගේ අතින් අල්වා ගත්තාය. ඉන් පසු ඇය ක්‍රමයෙන් විකෘති වෙමින් පොලව වෙත ගිලී යන්නට විය. තමා කෑගසමින් ඇගෙ ඇත ගලවා ගන්න තැත් කලද අවසානයේ තමාද පොලව වෙත ඇදී යන්නට විය. ඔහු අවදි වූවේ එවිටය.
සිහිනය සිහි කිරීමෙන් යලි අපහසුතාවයට පත් වූ ඔහු ඇඳෙන් නැගිට ජනේලය විවෘතකර හොඳින් හුස්ම ගත්තේ හිත සැහැල්ලු කර ගන්නටය. අවට සඳ රැසින් නැහැවී ඇත.
පෝය පහු වෙලා දවස් දෙකයිනෙ ගියෙ. අවට සුන්දරත්වය විඳින අතර ඔහුට සිහිනය අමතක විය.
නමුත් කාමරයේ සිට හමා ආ උනුසුම් සුලඟක් සමග ඔහුට අමුත්තක් දැනින. ඒ නිසාම හැරී කාමරය දෙස බැලූ ඔහුට එකවර විශේෂයක් නොපෙණින. නමුත් ඉට්න්පන්දම් එලිය නොවිහිදෙන තරමට වූ කාමරයෙ ඔහුට විරුද්ධ පස කොනෙහි ඡායාවක් ලෙස සිටගෙන සිටින කිසිවෙකු ඔහුට දිස් විය.
හොඳින් හැරී බැලූ ඔහුට රෑ ඇන්දුමින් සැරසී තමා සිහිනයෙන් දුටු යුවතිය ඒ අයුරින්ම කාමර කෙලවරෙහි සිටගෙන සිටී.
තුශාර ක්ශනිකව විදුලි පන්දම ගෙන ඒ වෙත එල්ල කලේය. දැන් කිසිවෙකු දක්නට නොමැත.
ඔහු පිස්සෙකු මෙන් කාමරයේ හතර අතට විදුලි පන්දම එල්ල කර බැලූ මුත් කිසිවෙකු දක්නට නොමැති විය.
තමා දුටු දෙය ඔහුට හොඳටම විශ්වාසය.
අහම්බෙන් මෙන් ග්‍රාම සෙවක මහතා දුන් ඔවදනක් සිහි විය.
"රෑට මොන සද්ද ඇහුනත් දොර ජනෙල් අරින්න එපා
ඔය එක එක මිනිස්සු කියන කතා අහල හිත කලබල කර ගන්නත් එපා"
කුමක් හෝ මෙහි අභිරහසක් තිබිය යුතුය. කෙසේ නමුත් තමා මෙහි ගත කරන අන්තිම රාත්‍රිය යැයි තුශාර සිතා ගත්තේය.
නිදිවර්ජිතව රාත්‍රිය ගෙවූ ඔහු. උදෑසනම බඩු බාහිරාදිය එකතු කර ගෙන නිල නිවසෙන් ඉවත් විය.
මගදීම හමු වූයේ ග්‍රාමසේවක මහතාය.
"මොකද දොස්තර මහත්තයෝ මේ උදේ රැයින්ම ආපහු යන්නද?"
තුශාර කෙටියෙන් සිදු වූ දෙය ග්‍රාමසේවක මහතාට පැවසීය.
සුසුමක් හෙලූ ග්‍රාම සේවක මහතා
"ඒකත් එහෙමයි එහෙනම්. මහත්තය ආයෙත් එන්න අදහසක් නෑ කියන හින්ද මම ඇත්ත විස්තරේ කියන්නම්"
මීට අවුරුදු අටකට විතර උඩදි ලස්සන දොස්තර නොනා කෙනෙක් මහත්තය වගේම පළවෙනි පත් වීමට මෙහෙට අවා. ගොඩක් කරුණාවන්ත දොස්තර නොනා කෙනෙක්. ඔය නෝනගෙ ලස්සන හින්දම මේ පැත්තෙ ඉන්න තේ වතු අයිතිකාර ලොක්කෙක්ගෙ පුතෙක් පස්සෙන් එන්න ගත්තා. ඒක මහ රස්තියාදු කාරයා. මේ පලාතෙම කෙල්ලො කීයක් නම් අමාරුවෙ වැටුනද ඕක හින්ද.
කොහොමින් හරි දොස්තර නෝනා කැමැත්ත නොදුන් නිසා ඒ මදාවිය දිගටම කරදර කරන්න ගත්ත. හොඳින් හෝ නරකින් ඌට ඔන දේ කර ගන්නවා කියල තමයි කිය කියා හිටියෙ.
මෙහෙම ටික දවසක් ගිහින් හදිස්සියෙම දොස්තර නෝනා අතුරුදහන් උනා. කට කතා නම් තියෙනවා අර නොසන්ඩාලය ඒ ගෑනු ලමයව මරල ඔය පේන කෙලෑවෙ කොහෙ හරි හංගල තියනවා කියලා.
ඇත්ත නැත්ත දැන ගන්න ඌ ඉතුරු වුනෙත් නෑ. එකත් ඒ දවස් වලම ඔය කැලේ තිබුන මඩ ගොහොරුවක ගිලිලා මැරිලා හිටියා.
ඉතිං මහත්තයො එදායින් පස්සෙ ආපු එක දොස්තර මහත්තෙයෙක් වත් එක රැයකට වැඩිය මෙහෙ නතර වුනේ නෑ"
කතාව අසා සිටි තුශාරට යලි යලිත් රාත්‍රියේ දුටු යුවතිය මැවී පෙනෙන්නාක් මෙන් විය.
"මම යන්නම් ග්‍රාමසේවක මහත්තයා, බොහොම ස්තූතියි කරපු උදව් වලට"
කඩිමුඩියේ තේ කඩය පසු කර යන තුශාර දුටු තේ කඩයේ සිටි ගැමියන් යලි කසුකුසු ගාන්නට විය.
"ඕන්න මම කිව්ව නේද බොලාට, ඔය යන්නෙ ආ පයින්ම"
"උම්බෙ කටවහ තමයි සියාතුවො නොදකින්"
"හහ් කටවහ? මොන වහක් වත් නෙමෙයි බොලව් රැ මැදියමේ උදව් ඉල්ලල කෑ ගහන ගෑනියෙක්ව බේර ගන්න යන්න කොන්ද පණ තියන එකෙක් මේකෙ නොහිටිය එකේ පාපෙට තමයි මෙහෙ එවුන්ට බේත් උගුරක් බොන්න හැතැප්ම විස්සක් තිහක් ගාටන්න වෙලා තියෙන්නෙ"
එයට පිලිතුරු ලැබෙන බවක් තුශාරට නොඇසින.


