අද නම් පොඩි උපුටා ගැනීමක් තමයි කරන්න යන්නෙ.
ඒ 1972 දී පරාක්‍රම කොඩිතුවක්කු කවියා විසින් ලියන ලද "පොඩි මල්ලියෙ" නම් කාව්‍ය ග්‍රන්ථයේ කවි පෙලක්.
මේ කවි ටික ඇහැ ගැහුනෙ, මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින් රචිත "ආදරය දැනෙන්න ජීවත් වෙන්න" කෘතියේ පෙරවදනින්. මම හිතන්නෙ ඔයාල ගොඩක් දෙනෙක් මෙතුමන්ගෙ එක දේශනයක් හරි අහලා ඇති.
ජීවිතයේ අපිටත් නොදැනීම වැරදෙන, වැරදුන තැන් ගැන ඉතා ඉවසීමෙන් ඒ වගේම රසවත්ව පෙන්වා දෙන්න මෙතුමා ගොඩක් දක්ෂයි. ඉතිං ඔහුගේ වචන වලින්ම කවි පංතියේ හැඳින්වීමත් සඳහන් කරලම ඉන්නම්.
"පොඩි මල්ලියෙ, කාව්‍ය සංග්‍රහයේ එන පොඩි මල්ලියෙ නම් වූ කවි පංතිය රචනා කොට තිබෙන්නේ වැඩිමහල් සොහොයුරෙකු බාල සොහොයුරෙකුට අවදියෙන් - ප්‍රබෝධයෙන් එමෙන්ම අකම්පිතව ජීවිතයට මුහුණ දීමට අවශ්‍ය පන්නරය උරුම කර දෙන ආයාචනයක් විලසින් ය"
කුරුල්ලො අඹලා
සත පනහේ කුලිය ගන්ට
ගල් දුන්නක් අතට අරන්
දවස පුරා වෙලේ රකින
පොඩි මල්ලියෙ
උඹේ කකුල් රිදෙනව නම්
වෙල අද්දර ගල් ඇන්දේ වාඩි වෙයන්
ගල එතකොට පුටුවක් වෙයි
ළිප් දාහේ ඉර ඇවිලී
දන විට පොඩි මූණ නුඹේ
වෙල අද්දර නුග සෙවණේ ඈඳි ගනින්
ළා දලු චාමර සෙල වී
නුඹට පවන් සලයි මලේ
අතු අග හොටවල් සෙල වී
නුඹට ගීත ඇසෙයි මලේ
ඉර රතු වී නිවී යද්දි
දාඩිය කුණු කඳුළු එක්ක
තොටමුණ ලඟ ගඟට බසින්
සීතල රැළි අත් සීයෙන්
උඹ වටකර තුරුලු වේවි
ගඟ පහලට ගලා යාවි
දිය සුළියේ ඔඩොක්කුවේ
නැලවී ඉඳ - කිමිදී ඉඳ ගොඩට වරෙන්
මලේ මලේ අඳුර එද්දි
හෙල් මැලි සෙවණැලි නලියන
ගුරු පාරෙන් ගෙදර යමන්
වැලි කැට සුදු පලසක් වී
සිඹ ගනීවි දෙපා නුඹේ
ඈත සිටන් කඩුල්ල ළඟ කිකිළී හඬගා කීවේ
නැට්ටක් නැති ගෙඩියක් අද නුඹේ නමට දාපු වගද?
සඳ එළියේ රැළි විසිරෙන චීත්ත යට
ගුලි වෙන විට ලනු මැස්සේ
අන්න බලන් උඹෙ තනියට
අහසෙත් මල් - පොළවෙත් මල්
ගින්දර පාටින් බබළන
මලේ මලේ නින්දට පෙර
ඩිංගක් මේ ගැන හිතපන්
මේ සේරම තෑගි ලැබුණෙ ලොවින් - නුඹට
මොනවද මල්ලියෙ දෙන්නේ නුඹෙන් ලොවට
එක පාරට
ටකේ ගසන්නෙපා මලේ
කුරුල්ලන්ට
ඉඩක් දියන්
එක කරලක් ඇදන් යන්ට !
හැකියාවක් තියෙනවා නම් ඉහත සඳහන් කල පොත් දෙක හොයාගෙන කියවන්න. ජීවිතය අලුත් කර ගන්න පුලුවන් වේවි!
පරාක්‍රම කොඩිතුවක්කු මහතා මාගේ සිංහල ගුරුවරයෙකු බව ආඩම්බරයෙන් සිහිපත් කරමි. ඔහුගේ කතාවද කවියක්මැයි. තව බොහෝම නිර්මාණ තියෙනවා.
ReplyDeleteඅගනා වැඩක්. පොඩි විග්‍රහයකුත් කලානම් තවත් අගෙයි.
ඒ වගේ ගුරුවරයෙක් ලබන්නත් වාසනාවන්ත වෙන්න ඕනෙ.
Deleteමේ වගේ වියතුන්ගෙ නිර්මාණ මම කොහොම විග්රහ කරන්නද.
කවි පද ටික නම් හරිම අපූරුයි නේද... පොත් දෙක හොයාගන්න උත්සාහයක් ගන්න ඕනේ... ස්තූතියි ගිමන්...
ReplyDeleteසරලව ලියල තිබ්බත් ගොඩක් හිතන්න දේවල් තියෙනවා.
Deleteඅපුරුයි. උත්සාහ කරන්නං පොත් හොයාගන්න.. තැන්කුයි
ReplyDeleteඅමාරුවෙන් හරි හොයා ගත්තොත් වටිනවා,
Deleteමං ආසම කවියෙක් තමයි පරාක්‍රම කොඩිතුවක්කු
ReplyDeleteඔහුගෙ බොහෝ පොත් මං කියවා තිබෙනව
ජයවේවා
ස්තූතියි!
Deleteසුපිරි..
ReplyDeleteස්තූතියි!
Deleteස්තූතියි ! ගිමන් පුතා. සංවේදී සටහනක්. මේ කවිපොතත් සරත් සර් ගෙ පොතත් දෙකම කියවා තියෙනවා. ඇත්තෙන්ම අපි ලොවෙන් ගන්නා දායද පෙරලා ලොවටම දිය යුතුයි.
ReplyDeleteසේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළෙව කොතරම් සුන්දරද
මගෙ දූ තනියම හිනාවෙයි..............
මේ ගීයෙන් කියවෙන දේත් ඒකමයි. මම ඉතාම අසාකරන ගීයක්.
ඇත්තටම සමාන අර්ථයක් තියෙන්නෙ. අදයි ඕනෑ කමින් තේරුම බැලුවෙ.
Deleteස්තූතියි චන්දි!
ස්තුති පොත් හොයාගන්න මට නම් බැරිවෙයි අනේ. :( ලංකාවේ හිටියනම් පොතක් කිවුවොත් කොහෙන් හරි හොයන් කියෝනව,, කියෝනව විතරක් නෙමේ ඒක මගේම කරගෙන ළඟ තියාගන්න ත් ඕනේ,, හි හි
ReplyDeleteබලමුකො පීඩීඑෆ් විදිහටවත් පොත තියෙද කියල. ලංකාවෙ ආපු කාලෙක අරගන්න ලිස්ට් එකට දා ගන්න.
Delete