Sunday, March 22, 2015

සතියෙන් බර අඩු කරගන්න කැමතිද? (General Motors: Weight Loss Diet Program)



බර වැඩි වීම නැත්නම් තරබාරු බව පිළිබඳව ලිපි තුනක් ඔයාල දැන් කියවල තියෙනව. කියෙව්වෙ නැති අයට පහල දක්වල තියෙන යොමුවෙන් ගිහින් බලන්න පුළුවන්  

ඔයාලට දැන් තේරෙනවා හෙමින් හෙමින් ඇඟට පතට නොදැනී අපි නුසුදුසු ආහාර රටාවකට හුරු වෙලා කියල.
දැන් ඉතින් කොහොමින් හරි බර වැඩි වෙලානෙ, මේ බර අඩු කරගන්න විදිහක් ඇත්තෙම නැද්ද?

තියෙනවා. ඒක ගැන තමයි අද ලිපියෙ ලියවෙන්නෙ.
හරිම පහසුයි. දවස් හතක් මම මේ කියන පිළිවෙළට කෑම ගන්න. එච්චරයි. විශේෂ ව්‍යායාම, ඖෂධ, මේදය අඩු කරන බීම වර්ග ඕනෙ වෙන්නෙ නෑ.
හැබැයි අවංක වෙන්න ඕනෙ. වැඩේට කලින් බර මැන ගන්න. ඉනේ වටප්‍රමාණය හරියට මැන ගන්න. හොඳයි එහෙනම් පටන්ගමු.

මෙම බර පාලනය කිරීමේ වැඩසටහන සකස් කරගෙන තියෙන්නෙ ජෙනරල් මෝටර්ස් (General Motors) නම් ඇමෙරිකානු රථවාහන නිපදවන සමාගමක සේවක පිරිස විසින් 1985 දි . මෙය Johns Hopkins Research Center යන පර්යේෂණ ආයතනය මගින් පරීක්ෂාවට ලක් කර අනුමැතිය ලබා දී තිබෙනවා. මෙහි ඇති සාර්ථකත්වය නිසා මෙය ලෝකය පුරාම බොහෝ දෙනා අනුගමනය කරනවා. භාවිතා කල අයගේ අත්දැකීම් අනුව මේ මගින් සතියක් තුල බර කිලෝ 4.5ත් 7.5ත් අතර ප්‍රමාණයක් අනිවාර්යයෙන් අඩු වෙනවා.

මේ සතිය තුල තමාගෙ පුරුදු ආහාර රටාව සම්පූර්ණයෙන් අමතක කරන්න ඕනෙ. කියල තියෙන කෑම වලට අමතරව එක ටොපියක්, ප්ලේන්ටියක් අඩුම ගානෙ රටකජු ඇටයක්වත් කන්න බෑ. 
සතියේ සෑම දවසකම වතුර වීදුරු 10 බැගින් බොන්න ඕනෙ. (ඊට වැඩි වුනත් කිසි වරදක් නෑ. හැබැයි අඩු වෙන්න නම් බෑ)
උදේට දවල්ට හවසට කිරි, ප්ලේන්ටි පලතුරු යුෂ බීම හෝ වෙන කිසිම බීමක් බැ, නියමිත දේවල් වලට අමතරව.

පළවෙනි දවස - පලතුරු (කෙසෙල් තහනම්)

මුලු දවසටම කන්න පුලුවන් පලතුරු විතරමයි හැබැයි කෙසෙල් තහනම්. කොමඩු වැඩි පුර කනවා නම් ගොඩක් හොඳයි. තමන්ට කැමති තරමක් කන්න පුලුවන්. ප්‍රධාන වේලවල් 3 අතරට වුනත් කන්න පුලුවන්. සැලඩ් එකක් හදා ගත්තත් කමක් නෑ. හැබෑ සීනි රස කාරක මුකුත් දාන්න බෑ. අනිවාර්යයෙන් වතුර වීදුරු 10ක් බොන්න ඕනෙ. වෙන කිසිම බීමක් බොන්න බෑ අඩුම ගානෙ පලතුරු යුෂ එකක්වත්. මේ ටික ඇරෙන්න වෙන කිසිම දෙයක් ඕනෙ නෑ. ව්‍යායාම කලත් අවුලක් නොකලත් වරදක් නෑ.

දෙවෙනි දවස - එළවළු (අල, බතල, බීට් රූට් තහනම්)

මුලු දවසටම කන්න පුලුවන් එළවළු විතරමයි හැබැයි  අල,බතල , බීට් රූට් තහනම්. හැබැයි ඔන්න ඕනෙම නම් උදේට එකම එක ලොකු අලගෙඩියක් කෑමට එකතු කර ගත්තට කමක් නෑ. එළවළු තම්බල හරි සුප් එකක් හදල හරි ගත්තට වරදක් නෑ. කලින් කිව්ව වගේ වතුර වීදුරු 10යි.

තුන්වෙනි දවස - පලතුරු සහ එළවළු (කෙසෙල්, අල, බතල, බීට් තහනම්)

ඔන්න මේ දවසෙ පලතුරු එළවළු ඕනෙ තරම් කන්න පුලුවන්. හැබැයි කෙසෙල්, අල, බතල, බීට් තහනම්. වතුර වීදුරු 10 අනිවාර්යයි.

හතරවෙනි දවස - කෙසෙල් හා කිරි 

මේ දවසේ උදේට කිරි වීදුරුවයි කෙසෙල් 2යි (ඕනෑම කෙසෙල් වර්ගයක්) , දවල්ටත් කිරි වීදුරුවයි කෙසෙල් 2යි, රෑටත් කිරි වීදුරුවයි කෙසෙල් 2යි. කෑම වේලවල් අතර ඕනැම නම් කෙසෙල් ගෙඩිය ගානෙ කෑවට කමක් නෑ. එතකොට දවසටම උපරිම කෙසෙල් ගෙඩි 8ක් පුලුවන්. වතුර වීදුරු 10 අනිවාර්යයි.

පස්වෙනි දවස - මස්, මාලු හෝ සෝයා මිට් සමග තක්කාලි

දවසටම පුලුවන් මස්  හෝ මාලු විතරයි. ( මුල් ලිපියේ beef ලෙස  සඳහන් වුනත් තෙල් අඩු කුකුල් මස් වැනි දෙයක් වඩාත් සුදුසුයි) කැමති මාලු වර්ගයක් පුලුවන්. මස් මාලු නොකන අයට සෝයා මීට් සුදුසුයි. තමන් කැමති විදිහකට සකසා ගන්න පුලුවන්. හැබැයි අනිවාර්යයෙන් දවස තුල තක්කාලි ගෙඩි 5ක් කෑමට ගත යුතුමයි. වතුර වීදුරු 10ක්  අනිවාර්යයි. මේ වන විට ඔබේ සිරුරේ මේදය බිඳ වටී ඇත ඒව ඉවත් වීමට නියමිත ප්‍රමාණයට වඩා වතුර බොන්න පුලුවන් නම් හොඳයි.

හයවෙනි දවස - එළවළු හා මස් 

මේ දවසේදී කෑමට එළවළු හා මස් යොදා ගන්න පුලුවන්. වතුර වීදුරු 10 අනිවාර්යයි.

හත්වෙනි දවස - රතු(නිවුඩු) බත්, එළවළු හා පලතුරු.

ඔන්න අද තමයි දවස් හයකට පස්සෙ ඔබ බත් කෑමට ගන්නෙ. ඔබ වෙනදා කෑමට ගන්නා සාමාන්‍ය කෑම වේලවල් 3ක් ගන්න පුලුවන්.හැබැයි ගන්න පුලුවන් නිවුඩු හාල් බත්, එළවළු හා පලතුරු පමණයි. වතුර වීදුරු 10 අනිවාර්යයි.

මේ සතිය ඇතුලත ව්‍යායාම අවශ්‍ය නෑ කිව්වත් කරන්න පුලුවන් ලැබෙන ප්‍රතිඵලයක් ඒකෙන් වඩාත් හොඳ එකක් වේවි.

ඔන්න අපේ වැඩසටහන අවසානයි. දැන් බර කිරල බලන්න. අඩුම කිලෝ 5ක් වත් අඩු වෙනවා කියන එක සහතික වෙන්න පුලුවන්.

මේ සතිය තුල ලොකු බත් එකක් කෑමේ අවශ්‍යතාව කියන එක නැති වෙනවා. ඒ පුරුද්ද දිගටම තියා ගන්න. අනෙක දවසට වතුර වීදුරු 10ක් බොන එක. 
කැමති අය මේ දින හතේ වැඩසටහන මාසෙකට දෙකකට වරක් වත් කලාට වරදක් නෑ. හොදටම තේරෙයි කොච්ච්ර ව්‍යායාම කලත් නොසෙල්වී තිබුන තෙල් තට්ටු (ටයර් කියලත් කියනවනෙ) ටිකෙන් ටික ඉවත් වෙන හැටි.

මේ ක්‍රමයෙන් අඩු වෙන බර නැවතත් වැඩි නොවෙන්න තමන්ගෙ ආහාර පුරුදු වෙනස් කර ගන්න. කලින් ලිපි තුනේ සඳහන් කල දේවල් මතකයේ තියා ගන්න. රූපවාහිනියේ, පත්තරවල, මග තොටේදි තෙල් බේරෙන රස වෑහෙන පාට පාට කෑම දකිනකොට, අපි දන්න කියන ප්‍රසිද්ධ පුද්ගලයො නළු නිළියන් උජාරුවට බීම වර්ග කෑම කන දැන්වීම් දකිනකොට අපි නම් අහුවෙයි කියල හිතන්න පුරුදු වෙන්න.

අත්හදා බලන අය තමන්ගෙ සාර්ථකත්වය එහෙම නැත්නම් අඩු කර ගත්ත බර ප්‍රමාණය සඳහන් කරනවා නම් මේ ක්‍රමය භාවිතා කරන්න බලාපොරොත්තු වෙන අයට හොඳ තල්ලුවක් වේවි.

මෙන්න අත්හදා බැලූ අයගේ අත්දැකීම්
"ඔමාගේ හීන- ApurviMarch 28, 2015 at 3:11 AM
ජයග්‍රාහි 6 වෙනි දවස.. ඔයාට ගොඩක් ස්තුති ,, කවදාවත් හොල්ලන්න බැරිවෙයි කියලා හිතපු මගේ බර අඩුකරගන්න උදව් කරාට.. අවුරුදු 2ක් තිස්සේ කිසිම පළතුරක් එළවළුවක් හරියට කෑවේ නැහැ, ඇපල්, දොඩම් ගස් වල වැටී වැටී යද්දී එකක් කඩන් කෑවේ නෑ,, චීසුයි , සොසේජුයි එක එක කඩෙන් ගෙනත් හදන් කන කෑම වර්ගයි විතරයි කෑවේ.. වතුර බිවුවෙත් දවසටම වීදුරුවක් හෝ දෙකක්,,බිම ජාති,,, සීනි හැඳි 2,3ක් එක්ක තේ කෝපී.. දවසට චොක්ලට් ග්රෑම් 100 ට වඩා කෑවා.... ඒත් මේ දවස් හයේදී එක සීනි ඇටයක් ,, තෙල් ටිකක්,,,, කෘතීම කෑමක් කෑවේ නෑ.. පලතුරු කන්න ආසයි දැන්.. සීනි රස අවශ්‍යතාව නැහැ දැන්,,, ඒ වගේම එක්සයිස් කරන්න වෙලාව තියෙනවා... මන් හිතන්නේ මේ ඩයට් ප්ලෑන් එක දවස් 7 න් ඉවර වුණාට ඒක මුළු ජිවිත කාලෙටම වැදගත්,,, ඒ වගේම මට ආයෙම දවස් 7 ගානේ කරන්න ඕනේ කියලා හිතෙන්නෙත් නෑ කන්න ඕනේ ක්‍රමය සහ කෑම වල ගුණ අගුණ තනියම අදුන ගන්න දැන් මට පුළුවන්,,, .. ඔයාට ගොඩක් ස්තුති ... නිරෝගිසුවය ලැබේවා ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් ( මගේ බර කිලෝ 5 ක් සහ ඉන අගල් 2 කට වැඩියෙන් අඩු වුණා )"

මගේ අත්දැකීමත්  සඳහන් කරන්නම්.

පළවෙනි දවස 

උදේට, දවල්ට, රෑට - ලොකු ( කිලෝ) පේර කාලයි, පැපොල් ගෙඩි කාලයි (ග්‍රෑම් 300ක් විතර) කොමඩු ගෙඩි කාලයි. අන්නාසි පෙති දෙකයි.
ප්‍රධාන වේල් අතරට කොමඩු කෑල්ලක් , ගස්ලබු කෑල්ලක්.

දෙවෙනි දවස 

උදේට, දවල්ට, රෑට - බෝංචි, ගෝවා, කැරට්, කරපිංචා, ගම්මිරිස් දමා සාදා ගත් සුප් 

තුන්වන දවස 

උදේට, දවල්ට, රෑට - බෝංචි, ගෝවා, කැරට්, කරපිංචා, ගම්මිරිස් දමා සාදා ගත් සුප් 
ඒ අතරට පැපොල්, අන්නාසි, ඇපල්, කොමඩු 

හතරවැනි දවස

උදේට, දවල්ට, රෑට - කිරි වීදුරුවයි (මිලි ලීටර් 230) ඇම්බුන් කෙසෙල් ගෙඩි 2යි 
අතර මැද එක කෙසෙල් ගෙඩියක් (ඔක්කොම කෙසෙල් ගෙඩි 7යි )

පස්වෙනි දවස 

උදේට, දවල්ට, රෑට - චිකන් කෑලි 3ක් (ග්‍රෑම් 200ක් විතර ගම්මිරිස් හා ලුණු එකතුකර වතුර ස්වල්පයක්ද දමා හොදින් තම්බාගැනීමෙන් හා ලුනු හා ගම්මිරිස් තවරා අවන් එකේ දමා රෝස් කර ගැනීමෙන්) හා තක්කාලි ගෙඩි 2ක් අමුවෙන්. 
(දවසටම චිකන් ග්‍රෑම් 600ක් විතර + තක්කාලි ගෙඩි 6ක් )

හයවැනි දවස 

උදේට, දවල්ට, රෑට - බෝංචි, ගෝවා, කැරට්, කරපිංචා, ගම්මිරිස් හා චිකන් ග්‍රෑම් 150ක් (දවසටම ග්‍රෑම් 500ක්) එකතුව සෑදූ සුප්

හත්වැනි දවස

උදේට, දවල්ට, රෑට - නිවුඩු බත් පීරිසියක් , ලීක්ස් හා මාලු මිරිස් පොල්කිරි අඩුවෙන් යෙදූ වෑංජන හා මුකුනුවැන්න මැල්ලුම
අහාර වේල් අතරට පැපොල් යුෂ වීදුරුවක් 

සෑම දිනකම වතුර ලීටර 2.3ක් (වීදුරු 10ක්)


දින 7 අවසානයේ බර කිලෝ 6කින් අඩු වී තිබුණා.

එහෙනම් ලිපි 4කින් සමන්විත වුනු තරබාරුවට එරෙහි සටන මෙයින් අවසානයි. ඔයාල හැමදෙනාටම සුවබර සතුටින් පිරුණු දිවියක්!


227 comments:

  1. වතුර වීදුරුවක් කිව්වෙ මිලිලීටර් කීයක එකක් වගේද? :)

    ReplyDelete
    Replies
    1. ඒක හොඳ ප්‍රශ්නයක් ,පුළුවන් නම් ලීටර් වලින් කියන්න අපේ ගෙදර තියෙන්නේ පොඩි වීදුරු

      Delete
    2. ඇත්තටම හොඳ ප්‍රශ්නයක්! වීදුරු වර්ග ගොඩක් තියෙනවනෙ. වතුර වීදුරුවක් කියන්නෙ මිලිලීටර් 237ක් ( 237ml). එතකොට මේ ක්‍රමයට අනුව දවසට ආසන්න වශයෙන් ලීටර් දෙක හමාරක් විතර බොනවා නම් හොඳයි.

      Delete
    3. අපොයි :(

      Delete
    4. පුලුවන් පුලුවන් :)
      පුලුවන් උපරිමයෙන් කරන්න.

      Delete
    5. වතුර එහෙනම් ශේප්. :) මොකද දැනටම වතුර ලීටර් දෙකක් දවසට අනිවා බොනවා. ඒත් බර අඩු වුනේ නම් නෑ. BMI එක 26.9 යි. බලමුකෝ එහෙනම් මේක කරලා. :)

      Delete
    6. වතුර හොඳට බොන එක ගොඩක් වටිනවා. මොකද එතකොට අපේ ස්රුර තුල පරිවෘත්තිය ක්‍රියා කාර්යක්ෂම වෙනවා. හැබැයි මේදය ඉවත් වෙන්න ඒවා තැම්පත් වෙලා තියෙන තැන් වලින් බිඳ වැටෙන්න ඕනෙ. එහෙම බිඳවැටෙන මේදයේ කොටස් හොදින් ඉවත් වෙලා යන්න ගොඩක් වතුර බොන්න ඕනෙ.

      Delete
    7. තව ප්‍රශ්න ටිකක්. :)

      5 & 6 දවස් දෙකේ කන මස් හෝ මාළු වල උපරිම ග්‍රෑම් ගානක් තියෙනවද?

      ඒවා එක්ක පාන් කන්න පුළුවන් ද? (බත් තහනම් නිසා)

      7 වෙනි දවසෙ බත් කන්න පුලුවන් උපරිම සීමාවක් තියෙනවද? :)

      Delete
    8. වැඩසටහනේ සදහන් වෙන්නෙ two 10 oz of lean beef ඒ කියන්නෙ 568g. ලංකාවෙ අයට සුදුසු විදිහට කුකුල් මස් හෝ මාලු, සෝයාමීට්. කැමති ප්‍රමාණයක්. හැබැයි තක්කාලි ගෙඩි 6ත් වතුර වීදුරු අවම 10ත් අනිවාර්යයි.

      පාන් තහනම්.(පිටි වලින් නිපදවන සියලු ආහාර තහනම්)

      නිවුඩු බත් සීමාවක් නෑ.

      Delete
  2. හෙට ඉඳලා වැඩේ පටන් ගනන් ඕනේ....

    ReplyDelete
    Replies
    1. අන්න එහෙමයි ඉන්න ඕනෙ! කරල බර කොච්චර අඩු වුනාද කියලත් කියන්න.

      Delete
  3. ස්තුති වැඩ කරන අස්සෙන් ඇවිත් ඔයාගේ ලිපි කියෝලා යන්නේ කෑලි කෑලි,, ගොඩක් වටිනවා ,මේ අකුරක් ගානේ.. මං ගොඩක් නරක ආහාර රටාවක් තියෙන කෙනෙක්,, හැම කෑම වේලකටම පස්සේ කොකාකෝලා වීදුරුවක් බොන්න මන් පුරුදුවෙලා නරක බව දැන දැනත්,, දැන් ඒක නවත්තලා සති දෙකයි මටම පුදුමයි දැන් මන් ගෙදරට ගේන්නේ නෑ ඩයට් කෝලා එකක් වත්.
    මේ රටේ හැම කෑමක්ම , බිමකම තියෙනවා සුගර් ෆ්‍රී මට ඒ ගැන දැනගන්න ඕනේ,, ඒ වගේම සුපර්මාර්කට් වල පලාතක් වැහෙන්නම තියෙන්නේ ස්වභාවික පලතුරු යුෂ බිම,, ඒවා හොඳයිද?
    ඒ වගේම මට දනග්ගන්න ඕනේ චීස් ගැන.. උදේට සහ රෑට පාන් එක්ක 3% හෝ 5% මේද රහිත චීස් වර්ගයක් කනවා. චීස් නරකද?

    අද ඉරිදනේ උදේම කෑම ඉවුවා දවස් 3 කට ඊට පස්සේ මේ ලිපිය කියෙවුවෙ මන් කල්පනා කරන්නේ ඒවා කාලා පටන් ගන්නවද නැත්තං ඩිෆ්රිසර් එකේ දාලා සතියක් මේ වැඩේ කරනවද කියලා.. ගිය සතියේ මං තනියම යම් ක්‍රමයකට පටන් ගත්තා කිලෝ එකක් බර අඩුවෙලා තිබුණා ,ඉන නම් මැන්නේ නැහැ.
    ඒ වගේම ZUMBA ව්‍යායාම සුදුසුද කියලා දැනගන්නත් ඕනේ නටන්න තේරෙන් නැතිවුනත් නිකන් එක්සර්සයිස් කරන්න කම්මැලි නිසා ඇග එහෙට මෙහෙට කරකො කරකො මියුසික් එක්ක දවසට විනාඩි 45 ක් ආසන්න වෙලාවක් කරනවා,,

    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. අහන්න අමතක වුණා , මේ දවස් හතේදී ග්‍රීන් ටී බොනවානම් දිගටම බොන්න පුලුවන්ද, නවත්තන්න ඕනෙද

      Delete
    2. ස්තූතියි අපූර්වි, වටින ප්‍රශ්න ටිකක්.
      ඔයා මම බලන්න කිව්ව Fedup වාර්තා චිත්‍රපටිය බැලුවා නම් දකින්න ඇති. අපි ගන්න බොහොමයක් නිෂ්පාදනයන් වල සීනි ප්‍රතිශතය සඳහන් කරන්නෙ නෑ. ඒ කියන්නෙ ඒ ප්‍රමාණය සදහන් කරන්න බැරි තරම් ඉහල අගයක්. ගොඩක් ස්වාභාවික පලතුරු යුෂ බීම වල එකතු කරන ලද සීනි වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතිං හොඳම දේ බලාගෙන ඉදිද්දි හදල දෙන පලතුරු යුෂඑකක්.

      චීස්
      මම 2වන ලිපියේදී කිව්ව 1977 දී ඇමෙරිකාවේ දී එළිදැක්වූ මැක්ගවර්න් වාර්තාව නිසා කිරි සම්බන්ධ ආහාර නිපදවන සමාගම් වලට සිද්ද වෙනවා කිරිවල තියෙන මේදය ඉවත් කරල කිරි සම්බන්ධ නිෂ්පාදන හදන්න. මෙහෙම කිරි වලින් ඉවත් කරන අහිතකර මේදය කොටසට එයාල මොකද කලේ? විසි කලාද? අපෝ නෑ, එවා පාවිච්චි කරල චීස් හැදුව. ඉතින් එතනින් නතර වුනේ නෑ, චීස් වලට හොඳ ප්‍රසිද්ධියකුත් ලබා දුන්නා. මැක්ඩොනල්ඩ්ස්, පිට්සාහට්, KFC වගේ අනිත් සහෝදර සමාගම් වලට චීස් වැඩිපුර යොදා හදන ආහාර වර්ග හදුන්වා දුන්නා (චීස් බර්ගර්, චීස් පීට්සා .....) ඉතින් අහිතකරයි කියල ඉවත් කරන්න කිව්ව දේවල් අපි තාමත් සීමාවක් නැතුව කනවා!

      ZUMBA
      මේ ගැන නම් කියන්න තියෙන්නෙ තමන් කැමති ව්‍යායාම ක්‍රමයක් පාවිච්චි කලාට වරදක් නෑ. හැබැයි මොන ක්‍රමයෙන් වුනත් අඩුම ගානෙ විනාඩි 20ක් වත් දාඩිය පෙරෙන තරමට සිරුර වෙහෙසෙන්න ඕනෙ.

      ග්‍රීන් ටී
      ස්වාභාවික ග්‍රීන් ටී ඉතා හොඳ බීමක්. මේ දවස් හත තුලත් ග්‍රින් ටී බිව්වා කියල කිසිම වරදක් නෑ.

      තවත් දැන ගන්න දේවල් තියෙනවා නම් අහන්න. එහෙම අහන එකෙන් මට මග හැරුණු දේවල් ලියන්න අවස්ථාවක් ලැබෙනවා වගේම. කියිවන අනෙත් අයටත් දැනුම ලැබෙනවා.
      එහෙනම් සතියකින් පස්සෙ අඩු වුනු බරත් කියල යන්න.

      Delete
    3. ස්තුති ඔබට.
      චීස් කපාහරින්නම වෙනවා කියන එක පැහැදිළියි.
      මට තව ප්‍රශ්නයක් අහන්න බැරි වුණා. පළවෙනි දවසේ කන්න පුළුවන් එළවලු විතරමයි //ප්‍රධාන වේලවල් 3 අතරට වුනත් කන්න පුලුවන්. /// මේකෙන් අදහස් වෙන්නේ ප්‍රධාන වේල් කියන්නේ අපි වෙනදට කන ප්‍රධාන වේලේ වෙලාවට කන පලතුරු නේද ?

      සමාවෙලා කෙසෙල් විශේෂයෙන් එපා කියන්න හේතුව කෙටියෙන් කියනවද ?

      Delete
    4. මගේ BMI එක 26.1 ක් :(

      නමුත් මට BMI එකට ඔබ්බෙන් දෙයක් දැනගන්න ඕනේ,, මට හැඟෙන දැනෙන විදියට සමහර මිනිස්සුන්ට තියෙන්නේ පුංචි ෆ්‍රේම් එකක්,, සමහරුන්ට ටිකක් විශාල ෆ්‍රේම් එකක්,, ඉතින් මේ අපිට උපතින් ලැබිච්ච ෆ්‍රේම් එක හොඳින් මසින් පිරිලා තිබුණේ නැත්තනම් එයා උස කෙනෙක් උණත් කැතයි.. සමහර මගේ යාළුවො උසයි පෙනුමට ඉන්නවා BMI අගය වැඩියි.. තව සමහරු න්ට තියෙන්නේ පුංචි ෆ්‍රේම් එකක් එයාගෙත් ෆ්‍රේම් එක පිරෙන්න හැඩට තියෙනවා කෘෂ නෑ,, ඒත් BMI අඩුයි... මට BMI අගය ගැන විශ්වාසයක් නැහැ ඔබට හැකිනම් ඉදිරි ලිපියක ඒ ගැන විස්තර කරන්න

      Delete
    5. පළවෙනි දවසේ පලතුරු විතරමයි. ඕන තරම් කන්න පුලුවන්. ප්‍රධාන කෑම වේල් වලටත් කන්න එන්නෙ පලතුරු, ඒ අතරට කන්න ඕනෙත් පලතුරු. හැබැයි කෙසෙල් බෑ. මොකද කෙසෙල් වල තන්තුමය බව ටිකක් අඩුයි ඒ වගේම එහි අඩංගු පිෂ්ඨ (කැලරි) ප්‍රතිශතය වැඩියි.
      BMI - Body mass index කියන එක සිරුරේ මේද ප්‍රතිශතයට ගොඩක් ලඟින් යන මිනුමක්. මම කලින් ලිපියක කිව්වා නේද අපේ සිරුර අභ්‍යන්තරේත් මේදය තැම්පත් වෙනවා කියල. ඒ නිසා සමහර අයගෙ සිරුර මහත් නොවුනත් BMI අගය ඉහලයි. අනෙක මේ BMI අගය එක් සරල ක්‍රමයත් විතරයි. නියම විදිහට නියමිත බර හොයන්න තව සංකීර්ණ ප්‍රස්තාරව සම්බන්ධ ක්‍රම ගණනාවක් තියෙනවා. කොහොම වුනත් BMI අගය තමයි අදට බහුලව යොදා ගන්න සාර්ථකම ක්‍රමය.

      Delete
    6. ස්තුතියි .. ඔව් මන් ඒ කොටස මගේ හැම තිස්සෙම කන ඒත් ඇඟ එන්නේ නැති යාලුවෙක්ට මේල් කළා . 30 වෙනිදට කමෙන්ට් කරන්නම් ප්‍රථිපලේ.

      අහ්හ් තව දෙයක් අහන්න බැරි වුණා,.. අපි හිතමු අවුරුදු 25 ක කෙනෙකුයි 50 ක කෙනෙකුයි මේ ක්‍රමය පාවිච්චි කළා කියලා එකම විදියට සතිය අවසානයේ දෙදෙනාට සමාන ප්‍රථිපල ලබාගන්න පුලුවන්ද? වයස වැඩි අයගේ මේදයත් වයස අඩුකෙනෙක්ගේ වගේ පහසුවෙන් දහනය වේවිද?

      Delete
    7. වයසෙ බලපෑමක් ඇතිවෙන්නෙ නැහැ. වැඩියෙන් මේදය තියන අයගෙ වැඩියෙන් මේදය ඉවත් එනවා. ඒ ඒ අයගෙ තියන මේද ප්‍රතිශතය අනුව තමයි බර අඩු වෙන ප්‍රමාණය තිරණය එන්නෙ.

      Delete
    8. ස්තුතියි,, බීම බෝතලේ ඉවරකරා චොක්ලට් එකත්
      කෑවා ,උයපුවා ෆ්‍රිජ් එකට දැම්මා හෙට ඉදලා වැඩ පටන් ගන්නවා ,, එහෙනම් යන්නම් ස්තුති අයෙමත්

      Delete
    9. :D බලන්නකො සතියකින් පස්සෙ ඕවට තියන ආසාව අඩු වෙලා යයි! ඊට පස්සෙ පලතුරු එළවළුම හොයන්න ගනී. ස්තූතියි ඔයාටත් අදහස් දැක්වූවට.

      Delete
    10. දැන් වෙලාව හවස 3 යි අද මන් පටන් ගත්තා වැඩේ කියන්නේ පලතුරු කොච්චර කෑවත් බඩගිනියි,, ඒ වගේම වතුර දැනට ලීටර් එකහමාරේ බෝතලයක් බිව්වුවා,, මුත්‍රා කරන්න යන්න වෙනවා පැයේන් පැයට :( ඒ පරිවෘර්තිය ක්‍රියා හොදින් සිද්ද වෙන නිසාද ?

      Delete
    11. ඒ කියන්නෙ හරියටම වැඩේ සිද්ද වෙනවා. පලතුරුනේ කොච්චර කෑවත් කමක් නෑ. ගොඩක් වතුර බොනකොට ගොඩක් මුත්‍රා පිටවෙනවා කියන්නෙ සිරුරේ සියලු පද්ධති හොදින් ක්‍රියාත්මකයි කියන එක.

      Delete
    12. මට බයත් හිතෙනවා, වෙනදට ගහේ වැටී වැටී යන දොඩම් අද සැරින් සැරේ ගිහින් අත්දෙක පුරෝලා අරන් ඇවිත් කනවා ,, ඇපල් ගෙඩියක් කන්න කම්මලි මන් කරගන්න දෙයක් නැති කමට ඇපලුත් කනවා මට තනියම හිනා අනේ

      Delete
    13. ඒකනේ ඔහොම යනකොට හැමදාම පලතුරුයි එලවලුයි කන්න පුරුදු වේවි

      Delete
  4. ගිමන් වෙනදා වගේ ම වටිනා ලිපියක්

    ReplyDelete
  5. මාත් කිලෝ අනුවක් වෙලා , නොකා ඉන්ඩ හිත හදාගන්න එක තමා අමාරු , කොහොම හරි කරා කියමුකෝ ...........ඔන්න එකපාරටම යාලුවෙක් සෙට් උනා කියමුකෝ චුට්ටක් ගත්තට කමක් නැද්ද කියල

    ReplyDelete
    Replies
    1. හප්පේ අටම්! උස කීයද? උස අඩි හයක් වත් නැත්නම් ඉක්මනට කිලෝ 10ක් 15ක් වත් අඩු කර ගන්න වෙනවා.
      වැදගත්ම ප්‍රශ්නයක් අහල තියෙන්නෙ.
      "උදේට දවල්ට හවසට කිරි, ප්ලේන්ටි පලතුරු යුෂ බීම හෝ වෙන කිසිම බීමක් බැ, නියමිත දේවල් වලට අමතරව."
      ඒ කියන්නෙ ඉතින් බෑම තමයි. ඕක මොකක්ද අප්පා සතියයිනේ!

      Delete
    2. උස පහයි නමයක්ද කොහෙද , ඔය ආහාර රටාව හැමදාම ක්‍රීයාත්මක කලොත් මොනවා වෙයිද , අහිතකරයිද , එහෙම නැද්ද

      Delete
    3. අක්කා ගොඩක් සතුටු වෙයි අටං අයියා බීම නැවැත්තුවා කියලා :)

      Delete
    4. @ අටම් - ඒ කියන්නෙ දැනට BMI එක 29ක් විතර. ඉක්මනටම කිලෝ 20ක් විතර අඩු කර එක හොඳයි. හැමදාම කලාට කිසි වරදක් නෑ. මේකෙන් සිරුරට අවශ්‍ය පෝෂණ ප්‍රමාණවත් ක්ර්මානුකූලව ලැබෙනවා.

      @ අපූර්වි
      ඒකනේ, වාසි දෙකයි!

      Delete
  6. හප්පේ, ඔහොම කාලා ඉන්න බෑ මටනම්..

    ReplyDelete
    Replies
    1. බෑ කියල බෑ, කමක් නෑ තාම ඉතින් කොල්ලානෙ. හැබැයි ඔන්න බර වැඩි වෙලා බඩ එහෙම ආපු කාලෙක කම්මැලි නැතුව කරල දාන්න.

      Delete
  7. මේ සතියේ එහෙ මෙහෙ දුවන්න තියෙනවා. අවුරුදු පහුවෙලාම බලමු. මගේ නම් BMI 23 යි. ඒ වුනත් හිතලම පහුගිය ටිකේ කන එක ටිකක් අඩු කළා. ඔයාගේ කලින් ලිපිය කියෝලා.හොඳටම දන්නා දේවල් වුනත් ඉඳල හිටලා කවුරු හරි මතක් කලේ නැත්නම් අපි කන්ට්‍රෝල් වෙන්නේ නැහැ .මම උපතින්ම පැණිරස කන්න පෙරේතයි. බත් නම් කනවා නම් අඩුයි.
    වැඩේ කියන්නේ අපිට ස්ථිර ප්‍රතිපත්තියක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඉදල හිටල මේ කියන විදිහට සතියක් ගත කරන්න. එතකොට බරත් අඩුයි ලෙඩත් අඩුයි!

      Delete
  8. ස්තූතියි ගිමන් මේ ලිපියට. බලාගෙන ගියාම ලොකු ලොකු සමාගම් ඔක්කොම එකතු වෙලා කරල තියෙන්නෙ සහ කරන්නෙ අපිව රවට්ටන එක.

    ReplyDelete
    Replies
    1. ප්‍රචාරණය කියන දේ ගොඩක් බලවත් ඕනෙ බොරුවක් ඇත්ත කරල පෙන්නන්න පුලුවන් ඒකෙන්,

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. ඉතා වැදගත් විස්තරයක් ගිමන්. මම ඔයාගේ හැම ලිපියක්ම කිට්යවනවා. ඒ වාගෙම අනෙක් අය දැනුවත්කරනවා. මේ ක්‍රමය නම් ඉක්මනින්ම අනුගමනය කරන්න ඕනෙ. ගොඩාක් ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිරි ගැන්වීමට. කරල බලලා ප්‍රතිඵලයත් කියන්න.

      Delete
  11. මේ ක්‍රමය හරියටම හරි. මමයි මගේ හබියි ගිය සතියෙ මේ ක්‍රමයට කාලා බැලුවා. වැඩේ ටිකක් සාර්තකයි. ටිකක් කිව්වෙ 100% සාර්තක වුනේ නැහැ. හේතු වුනේ අපිත් 100% ක් අවංක වුනේ නෑ.
    කිලෝ ග්රෑම් 2-3 ක් වගේ තමයි අඩුවෙලා තිබුනෙ. වතුර අඩුවෙන් බිව්වෙ. පළවෙනි දවස් දෙක හරියටම කලත් 3-4 දවස් වෙනකොට රටකඡු ඇටයක්වත් නොකා බැරිවුනා. ඒ වගේම මම වෙඡිටේරියන්. මස් එක්ක තක්කලි කන දවසෙ තක්කලි විතරක් කාල මට ඉන්න බැරිවුනා. චූටි හකුරු කෑල්ලක් එක්ක ප්ලේන් ටී එකකුත් මම හැමදාම වගේ බිව්වා. හබීනම් බිව්වෙ නැහැ. ගිමන් කියනව වගේ 100% අවංක වුනොත් සාර්තක ප්‍රථිපල ලැබේවි. ඒ වගේම දැන් කෑම ගැන පිරියත් අඩුවෙලා. කන්න හිතෙන්නෙත් එළවලු පළතුරු විතරයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අත්දැකීම් බෙදා ගත්තට. වතුර නියමිත ප්‍රමාණය බොන එක නම් ගොඩක්ම වැදගත්. වෙජිටේරියන් අයට සෝයාමීට් වගේ දෙයක් ගන්න පුලුවන්නේ. කොහොම වුනත් දිගට එළවළු පලතුරු වැඩියෙන් කෑමට ගන්න පුරුදු වෙන්න.

      Delete
  12. ගිමන්, බොහෝම ස්තුතියි මේ ලිපියට. මම මේක අත්හදාබලනවා ලඟදීම. ෆ්‍රිජ් එකේ කෑම ඉවර වෙනකල් ඉන්නේ :D

    ReplyDelete
    Replies
    1. ඔන්න එක එක නිදහසට කරුණු කියල කල්දාන්න එහෙම එපා.

      Delete
    2. @dude,

      ඔවු ඔවු . . . ඉක්මනට මොනා හරි කලොත් හොදයි තමා
      දැනටම බඩ තියනව නේද පුවක් ගහේ රා කලේ බැන්ද වගේ ??

      Delete
    3. @ඕනයා: උඹ කට වහගෙන ඉඳිං වැඩිහිටියන්ගේ කතා බහට හොට නොදා. ආවා මෙතන...

      @ ගිමන්: ඔන්න මම වැඩේ කලා. මට දැන් ගිමන්ට කතා කරන්න ඕනේ. මෙතනම කියන්නද? e-mail හරි FB message එකකින් හරි කියන්නද. මෙන්න මම Henry Jayawardene සර්ච් කරන්න FB නම්. නැතිනම් henry_jayawardene@yahoo.com
      එක්කෝ මොකටද මෙතනම කියන්නම්කෝ.

      මම වැඩේ අවංකව කලා. ඒත් බර අඩු වුනේ 66.4kg-64.00kg දක්වා විතරයි. අනික බඩේ වට ප්‍රමාණය අඩු වුනේ නෑ. ඒත් මදැයි. අතරමගදි ගැටළු තැන් කීපයක් ආවා. ගිමන් ඇහුවාම කියන්නම්. හැබැයි බොහොම ස්තුතියි මේවගේ දෙයක් බෙදාගත්තට. ඔන්නම් මමත් පෝස්ට් එකක් දාලා මේ ගැන පබ්ලිසිටියක් දෙන්නම්. කැමතිද?

      Delete
    4. වැඩේ කරපු විදිහ ගැන සැකයක් මතු වෙනවා. FB එකෙන්ම අහගන්නම්කො.
      ඕක අහන්නත් දෙයක්ද ඩූඩ්, මේ විස්තර වැඩි දෙනෙක් දැන ගන්න තරමටනෙ වටින්නෙ. දන්න කියන අයට කියන්න.

      Delete
  13. මට කිලෝ 20ක් අඩු කරගන්න ඕනෙ. මාසයක් එක දිගට කලොත් ?? මැරෙයිද??

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ. එහෙම කිසිම හානියක් නෑ. කැමති කාලයක් කරන්න පුලුවන්

      Delete
    2. http://www.gmdietworks.com/general-motors-diet/common-gm-diet-questions-faqs-tips.html

      14) Can I do the GM Diet continuously?

      No, this is meant to be a weight loss kick starter. The GM Diet should not be a lifestyle. You can however do the diet again but you must wait at least two weeks, but preferably one month. In between that time eat healthy. Do not go back to your original way of dieting or eating.

      Delete
    3. Even it says like that. This is not a tough Diet plan, difference is, it has nicely outlined rules. we don't have to starve for weight loss. we can eat as much as when we hungry. If some one want to loss more weight, then he or she has to repeat diet plan. But in repeat turns we can't hope same weight loss as in 1st attempt.
      No one should follow this for long time, because we don't need stuck our life with rules. After achieve target, we should go back to normal healthy diet. If you gain weight again use the diet plan.

      Delete
  14. ගස් ලබු කෑල්ලකුයි , කොමඩු කෑල්ලකුයි කාල උදේ එකොලහට විතර එලියට බැස්සා , ගෙදර එනකොට පහයි , එහෙං උගුරට එනව , බඩ දනව , අත පයත් පන නැ , මැරෙන්ඩ තරං අමාරුයි බං , ................

    ReplyDelete
    Replies
    1. අයියේ එල මාත් පටන් ගත්තා කරමු හෙටත් ඈ.. මුත්‍රා කරන්න යන්න ඕනේ වුණේ නැද්ද නිතර

      Delete
    2. මොන හුජ්ජද බං , ඉන්ඩම බැරිතැන මං බත් චුට්ටක් කෑවා , කඩලපරිප්පුයි , බැදපු හැඩැල්ලොයි එක්ක

      Delete
    3. මොන හුජ්ජද බං , ඉන්ඩම බැරිතැන මං බත් චුට්ටක් කෑවා , කඩලපරිප්පුයි , බැදපු හැඩැල්ලොයි එක්ක

      Delete
    4. අඩේ අපරාදේ බන්,, උබ හොඳට වතුර බීලා නැහැ ඒකයි.. මන් නම් අනිවාර්යෙන් කරනවා අයියේ ආච්චිට කන්න හදන ඒවල සුවඳ එක්ක ෆ්‍රිජ් එක පුරෝලා තියෙන අටෝප කෑම,,, මගේ චීස් බෝතල් ,,, චොක්ලට් කේක් එක,,,, ඊට හපන් මගේ අතින් ආච්චිට කවද්දී ලග ලග දැනෙන කෑම සුවඳ එක්ක ලොකු ගේමක් දෙන්නේ මං.. ඒත් ජිවිතේ අවුරුදු 28 ක් කෑවා, මේ සතියේ නම් ඉවසනවා මයි

      Delete
    5. මම කොහොමටත් දවසකට වතුර ලීටර් හතරත් හයත් අතර ප්‍රමාණයක් බොනව

      Delete
    6. අම්මෝ එහෙමද? මන් වතුර බොන්නේ හරිම අඩුවෙන් තේ, කෝපී.. බිම ජතිනේ කන්නේ,, අනේ බන් අයියේ ඒත් ට්‍රයි කරලා බලමු,, ඔයා මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් අපි වගේ නෙමෙයි අමාරුයි මේ විදියට කන්න,,, ඒත් ඔයාට පුළුවන් සීනි කපා හරින්න,,, මන් දන්න විදියට අපි සීනි පිටතින් නොගත්තොත් අපේ ඇග ඇතුලේ තියෙන ගබඩාවෙන් ගන්න වෙනවා,, ඒකත් පොඩි උදව්වක් වෙයිනෙ,,,

      Delete
    7. කෝ ඉතිං අටම් අවංක වෙලා නැහැනේ. කාර්යබහුල වුනාම ඉතින් ටිකක් අමාරුයි තමා. කෑම නොකා හිටපු එක නම් ලොකු වරදක්. අමාශයේ හෝ කුඩා බඩවැල් වල තුවාල හැදුනොත් එහෙම ලොකු අමාරුවක වැටෙන්නෙ. ඒ නිස නියමිත කෑම වේලවල් වෙලාවට ගන්න.
      වතුර බොන එක නම් ගොඩක් හොදයි. දිගට ඒ ප්‍රමාණය බොන්න පුරුද්දක් හැටියට.
      අපූර්වි කියල තියෙන දේවලුත් හරියට හරි.

      Delete
  15. මරු අඩවියක්නේ ස්තුතියි අටම්.... පාර කිවවට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන් මේ පැත්තෙ ගොඩ වැදුනට

      Delete
  16. මම කිරි බොන්නේ නෑනේ .. හතර වෙනි දවසේ කිරි ඇර වෙන විකල්පයක් නැද්ද ? කෙසෙල් නොකා කන්න වෙන දෙයක් නැද්ද ? හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. වැඩසටහන හදල තියෙන්නෙ නම් සෑම කෑමක්ම සැම දිනයක්ම එකිනෙකට සම්බන්ධ වෙන විදිහට. කිරි බොන්නෙ නැති නම් ප්‍රෝටීන අඩංගු බීමක් ගන්න වෙනවා. කේසෙල් කෑමට ගන්න එක නම් ඉතින් කරන්න බැරි දෙයක් නෙවෙයිනේ නේද

      Delete
    2. ප්‍රෝටීන අඩංගු බීමක් :-)

      If you want I can give 5ml

      Delete
    3. සත්ව අහාර වලින් තොර කෙනෙක් නම් සොයා කිරි ( soymilk) ගන්න පුලුවන්

      Delete
  17. මන් ඊයේ සාර්ථකයි අද උදේම ලොකු එළවලු සලාදයක් හැදුවා, මට මේකට ඔලිව් ඔයිල් දාන්න පුලුවන්ද? සාමානයෙන් මන් ඔලිව් ඔයිල් දානවා..

    ReplyDelete
    Replies
    1. නොදා ඉන්න තරමට හොඳයි ඒත් වැඩසටහනේ "No more than one tea spoon of oil" කියල තියෙන නිසා දවසටම එක හැන්දක් පුලුවන් වෙයි.

      Delete
    2. තැන්ක්ස් මන් දාන්නේ නැහැ මේ සතියේ

      Delete
    3. අන්න එහෙම කැපවීමෙන් කරන්න ඕනෙ. අනිවාර්යයෙන් ඔයාට හොඳ ප්‍රතිඵලයකුත් ලැබෙයි.

      Delete
  18. සිගරට් බීම අඩු කිරීම සහ අත් හැරීමටත් ක්‍රමයක් දන්නවනම් කියනවද

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම වටින ඉල්ලීමක්. ක්‍රම ගණනාවක්ම තියෙනවා. හැම ක්‍රමයකම වැදගත් පියවර මම කෙටියෙන් කියන්නම්.
      1. පවුලේ අයගේ හා යහලුවන්ගේ උදව් ලබා ගන්න,
      2. චුවින්ගම් වැනි දෙයක් ආදේශකයක් විදිහට මුල් දවස් වල උදව් කර ගන්න.
      3. නව විනෝදාංශ ඇති කර ගැනීම හා ඒවා සමඟ කාර්යබහුල වීම.
      4. දුම්බීමට පොලඹවන දේවල් වලින් ඈත් වීම.
      5. දුම්බිම නැවැත්වූ පළමු මිනිත්තුවේ සිට මාස 6ක් දක්වා දිනෙන් දින දුම්බීම නැවැත්වීමෙන් ලබා ගත් නැත්නම් ආර්ථිකමය, සමාජීය, නිරෝගීකම ගැන සිතා සතුටු වීමට පුරුදු වීම.
      6. ඕනෑම අවස්ථාවක නැවත දුම්බීමට පෙලබීමේ අවධානමක් ඇති බැවින් එවැනි අවස්ථාවකට සූදානම් වී සිටීමෙන් එවැනි අවස්ථාවල ඉක්මනින් යලි නිවැරැදි මාර්ගයට පැමිණීම.
      මේ විදිහට කෙටියෙන් විස්තර කරන එක එච්චර ඵලදායක නැහැ නේද? ඉක්මනින්ම මේ පිලිබඳ ලිපියක් පල කරන්න උත්සාහ කරන්නම්.
      (එවැනි ලිපියක් ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් ලින්ක් එක මෙහි කොමෙන්ටුවක් විදිහට දාන්න)

      Delete
    2. මේ ලිපියත් ඉක්මනට දාන්න,

      //චුවින්ගම් වැනි දෙයක් ආදේශකයක් විදිහට මුල් දවස් වල උදව් කර ගන්න.//

      මෙන්න මේ වැඩේ කරන්න එපා , ගෑස්ට්‍රියිටීස් හැදෙනවා , අධිකව මෙන්තොල් රසකාරක නිසා මළ බද්ධය ඇති වෙනවා ( හැක්ස් , වික්ස් ටොපි කොහොමත් එපා )

      Delete
    3. ස්තූතියි අටම්! ඔව් ඒ කිව්ව ගැටලු ඇති වෙන්න පුලුවන්. ඒ නිසා චුවින්ගම් වෙනුවට පලතුරක් හෝ ධාන්‍ය ඇට වර්ගයක් හපන්න පුරුදු වුනා නම් හොඳයි.
      බලමු ඉක්මනින්ම ඒ ලිපියත් ලියන්න

      Delete
    4. සිගරට් බොන එක නවත්තන්න මෙච්චර කෙලි කරන්න ඕනෙද ??? මම හිතන්නෙ නෑ
      හේතුව, 2006 නොවැම්බර් 26 වෙනිද වෙනකන් මම චේන් ස්මෝකර් කෙනෙක්. දවසට සිගරට් කාටුන් එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පෙවුන. (නිකං ලැබුනෙ හරිය). ඔය කලින් කිවුව දවසෙ විස්සෙ පැකට් එකක අන්තිම එක අදිද්දි හිතුන මේ ඇති කියල. එදත් එදාමයි තාම සිගරට් එකක් බිවුවෙ නෑ.

      ප.ලි.
      මාසෙකට දවසක් විතර ඔතාගත්ත ලෝකල් එවුව ජූන්ඩක් වෙන්න පානය කරනව නං තමා

      Delete
    5. කිව්වත් වගේ උවමනාවක් තියෙනවා නම් එක පාරින් නවත්වන්න පුලුවන්.

      Delete
  19. http://www.nutrition-and-you.com/index.html

    මේ ලින්ක් එකෙන් ගිහින් හැම එළවළුවක් , පළතුරක් , ඇට වර්ගයක් ගැනම දැනගන්න පුළුවන්, ඒවල සංඝටක විස්තර සේරම එක්ක,, අද දෙවනි දවස මං ගණන් හැදුවා මං කාලා තියෙන මුළු කැලරි ගාන 250- 260 අතර වගේ

    හතර වෙනි දවසේ කන්න ගෙනාපු කෙසෙල් ඉදිලා :( සුවද එද්දී ඉන්න බෑ,,

    ReplyDelete
    Replies
    1. ඒක නම් ගොඩක් වටින වෙබ් අඩවියක්. ගොඩක් විස්තර තියෙනවා.
      ඔන්න සුවඳ ආවා කියල කන්න එහෙම බෑ !

      Delete
    2. හෙටම කනවා, අද උදේ බර කිරුවා කිලෝ දෙකක් අඩුවෙලා ,, ඉන මයින්න මං ලග ටේප් එකක් නැහැ ඒ නිසා ෆෝන් එකේ චාජර් එකට මාර්ක් එකක් දාලා තිබ්බා පළවෙනි දවසේ අද බලද්දී 3 cm ට වඩා අඩුවෙලා ..

      එළවලු මොකුත් උයලා කෑවේ නැහැ මං සලාදයක් හැදුවේ , ඒත් අද උදේ ලොකු (350 g වගේ ) වම්බටු ගෙඩියක් මයික්‍රෝවේව් එකේ දාලා තම්බලා ළුණු, දෙහි ගම්මිරිස දාලා කෑවා ඔලිව් චුට්ටම චුට්ටක් දැම්මා,

      දෙයක් අහන්න ඕනේ මං පාන් එක්ක බත් එක්ක නිතර කන ජාතියක් තියෙනවා චීස් වගේ ඒත් තල ඇට අබරලා හදපු කෑමක් ඒක නරකද ? මේ සතියේ

      Delete
    3. ඔයාගෙ සිංඩියෙන් ලබාදුන්න යොමුවට ස්තූතියි. ඒකෙන් මෙහෙට ඇවිත් දැනුම ලබාගෙන වැඩි දෙනෙක් නීරෝගී වෙන තරමට ඔයාට තමයි පින

      Delete
    4. ඔයා මේ වෙනකල් හරියටම කරල තියෙනවා. දැන් ඉතිං අමාරුම දවස් ඉවරවීගෙනනෙ යන්නෙ. මම හිතන්නෙ තල ඇට කෑම වර්ගෙ හත්වෙනි දවසෙදි කන්න පුළුවන්. මොකද ඒ දවසෙනෙ පිෂ්ඨය තියෙන කෑම තියෙන්නෙ. හැබැයි ටිකක් විතරක් හොඳද.

      Delete
  20. මම මේක කලා එක පාරක්. සතියකදි කිලෝ 4-4.5 ප්‍රමාණයක් බර අඩු උනා. හැබැයි අවංකවම පිළිපදින්න ඕනෙ. නැත්නම් වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අත්දැකීම බෙදා ගත්තට. අනිත් අයට ඒක හොඳ තල්ලුවක් වේවි.

      Delete
  21. මමත් මේ බර අඩු කරගන්න හිතල මේ පැත්තෙ ආවෙ. අපෝ මට නම් බෑ මෙහෙම කන්න.

    ReplyDelete
    Replies
    1. අනේ අනේ සිඳූ, අනෙත් අයටත් ආදර්ශයක් වෙන්න ඉන්න ඕනෙ නේද! ඕක මොකක්ද සතියයිනේ, අනෙක ආස කරන පලතුරු එහෙම ඕනෙ තරම් කන්න පුලුවන්නෙ. ඔන්න ඔහෙ එක සතියක් කරල බලමු!

      Delete
  22. ගොඩක් ස්තූතියි ලිපියට​. මේකෙ මස් හරි මාළු හරි තියෙන දවසට අපිට සැමන් කන්න පුළුවන්ද​? නැත්නම් ඒවා කන්නේ කෝම හදලද කියල මට හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. සැමන්! වරදක් නෑ, ඒත් වැඩිය සැමන් කන එක නම් හොඳයි කියන්න නෑ බෑ ඒවගෙ කල්තබා ගැනීමට යොදන රසායනික ද්‍රව්‍යය නිසා.
      මස් හෝ මාලු බඳින්නේ නැතිව මිටි කිරි දාන්නෙ නැතුව ගොඩක් රසට මිරිසට හදන ක්‍රම ගොඩක් තියෙනවා.

      Delete
    2. //සැමන්! වරදක් නෑ, ඒත් වැඩිය සැමන් කන එක නම් හොඳයි කියන්න නෑ බෑ ඒවගෙ කල්තබා ගැනීමට යොදන රසායනික ද්‍රව්‍යය නිසා//

      මම වගකීමකින් යුතුව කියනව, ලංකාවෙ නිෂ්පාදනය කරන බ්‍රයින් සොලූෂන් එක තියන ටින්මාලුවලට ආහාරයට ගන්නා ලුනුවලට අමතරව වෙනත් කිසිම රසායනිකයක් කලවං වෙන්නෙ නෑ කියල

      Delete
    3. ස්තූතියි ඕනමැන්ටල් !
      එහෙනම් ඒ වර්ගය අවුලක් නෑ වගේ, මම අහල තිබුනේ ගොඩක් රසායනික ද්‍රව්‍යය දානවා කියල.

      Delete
  23. මස් කන්න තියෙන දවසට සොසේජස් කෑවට කමක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. මටත් ඒ ගැන දැනගන්න ඕනේ,, මස් 3න් පාරක් කන්න බෑ ඒ නිසා සොසේජ් පුලුවන්ද

      Delete
    2. සොසේජ් කියන්නෙ සකස් කල කෑමක්. මම දන්න තරම මේද අන්තර්ගතය ගොඩක් වැඩියි. මස් වෙනුවවට සොසේජ් කන්න හදන්නෙ ඇයි? මේ වැඩසටහන හදල තියන ක්‍රමේ ගොඩක් සරලයි. මිනිසා ප්‍රාථමික යුගයේ ඉදන් කාපු දේවල්, ඉතින් සතියයිනේ කියල තියන විදිහටම කරන්න බලමු.

      Delete
    3. හ්ම්ම්,,, මං චිකන් වැඩිය කන්න ආස නැහැ ඒ නිසා දවල් චිකන් ග්රෑම් 500 අරන් ඇබරුවා ඒකට ලුණුයි තුනපහ ගම්මිරිස් දාලා ෆ්‍රිජ් එකේ දැම්මා හෙට උදේම මොනාහරි කරලා කන්න,,, ( වෙනදට නම් තෙලෙන් බදින්නේ,, අවන් එකේ දාලා කෑවොත් හොදයිද ? නැතිනම් තෙල් ටීකා ක් වගේ දාලා

      Delete
    4. මිරිසට හදල රසයිනේ, ඕනෙම නම් තෙල් හැන්දක් විතර දැම්මට අවුලක් නෑ. කෙසෙල් කිරි කෑම වේල කොහොමද? ප්‍රශ්නයක් වුනේ නැද්ද?

      Delete
    5. ඔව් දැන් හිතුවා හෙට උදේම නැගිටලා තුනපහ අනම් මනම් ඉගුරු එවුවා මෙවුවා දාලා හොදට බොරට සැර හොද්දක් හදලා ඒක වතුර නටාගෙන එද්දී චිකන් ටික බෝල හදලා දානවා කියලා, ඒකෙ රසක් තියෙයි,, මොකද ආච්චිට මන් හදන්නේ නිකන් උණු වතුරට සුප් කූඩු දාලා (මන් සුප් කූඩු පාවිච්චි කරන්නේ නෑ )

      අද තමයි මන් ආසම දවස දැන් රෑ 10 යි කෙසෙල් ගෙඩි 7 යි කිරි වීදුරු 4 යි,, ( හැබැයි ලොකු ආනමාලු වගේ එවුවා මෙහෙ නැහැ පොඩි කෙසෙල් වර්ග නම්)

      Delete
    6. එහෙනම් ඒ දවසත් හරි! ඔන්න අලුත් කෑම වට්ටෝරුත් හොයාගෙන වගේ. හොඳයි හොඳයි

      Delete
  24. 6 වෙනි දවසෙ මස් විතරද මාලු එපාද?

    ReplyDelete
    Replies
    1. 6 වෙනි දවසෙත් මාලු පුලුවන්, එළවළුත් එක්ක මස්, මාලු හෝ සෝයාමිට් ගන්න පුලුවන්.

      Delete
  25. ඉතාම ඉතාම වටිනවා. ඔමායා තමයි පාර කිව්වෙ. (ඔමා මෙතන ස්ථිර පදිංචිය වගේ :-))
    පරණ ලිපිත් සේරම ඉඩ තියෙන විදිහට කියවන්න ඕනි. මේකනම් සෑහෙන පුණ්‍ය කර්මයක්. ඔමාටත් පින්!

    ReplyDelete
    Replies
    1. කලිං කමෙන්ට් වල අහලා තිබුණද මන්දා? ගැස්ට්‍රයිටිස් තියෙන කෙනෙකුට තක්කාලි හොඳ නෑ නේද? විකල්පයක් තියේද?

      Delete
    2. ස්තූතියි මේ පැත්තෙ ගොඩ වැදුනට!
      මම දන්න තරමින් තක්කාලි වලින් හැදුව නිෂ්පාදනයන් ගැස්ට්‍රයිටිස් තියෙන අයට සුදුසු නෑ කියල මතයක් තිබුනට. නැවුම් තක්කාලි වලින් හානියක් වෙන්නෙ නෑ. කෝකටත් හොයල බලල අලුත් තොරතුරක් ලැබුනොත් කියන්නම්.

      Delete
    3. තව පුරස්නයක්! අැයි මේ වට්ටෝරුවලට ධාන්‍ය වර්ග (මුං, කව්පි වගේ) ඇතුලත් නැත්තෙ.

      Delete
    4. ධාන්‍ය වර්ග (මුං, කව්පි වගේ) සිරුරට කොහෙත්ම අහිතකර දේවල් නෙවෙයි. ඒ වුනත් මේ වගේ බර අඩු කර ගැනීමේ පරමාර්ථයෙන් කෑම ගන්නකොට පිෂ්ඨය වැඩියෙන් තියෙන කෑම අත්හරින්න වෙනවා.

      Delete
  26. මමත් පටන්ගත්තා,මස් මළු කන්න තියන දවස නම් බඩගින්නේ ඉන්න වෙයි වගේ ,අතරමැදට මස් මළු කන්න බැ නේද ? සෝයා කන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. නියමිත දවස් වල විතරයි මස් මාලු කන්න පුලුවන්. ඒවා නොකන අයට සෝයා හොඳයි ප්‍රෝටීන අඩංගු නිසා. මම හිතන්නෙ හතු කෑමට ගත්තත් වරදක් නෑ.

      Delete
  27. ජයග්‍රාහි 6 වෙනි දවස.. ඔයාට ගොඩක් ස්තුති ,, කවදාවත් හොල්ලන්න බැරිවෙයි කියලා හිතපු මගේ බර අඩුකරගන්න උදව් කරාට.. අවුරුදු 2ක් තිස්සේ කිසිම පළතුරක් එළවළුවක් හරියට කෑවේ නැහැ, ඇපල්, දොඩම් ගස් වල වැටී වැටී යද්දී එකක් කඩන් කෑවේ නෑ,, චීසුයි , සොසේජුයි එක එක කඩෙන් ගෙනත් හදන් කන කෑම වර්ගයි විතරයි කෑවේ.. වතුර බිවුවෙත් දවසටම වීදුරුවක් හෝ දෙකක්,,බිම ජාති,,, සීනි හැඳි 2,3ක් එක්ක තේ කෝපී.. දවසට චොක්ලට් ග්රෑම් 100 ට වඩා කෑවා.... ඒත් මේ දවස් හයේදී එක සීනි ඇටයක් ,, තෙල් ටිකක්,,,, කෘතීම කෑමක් කෑවේ නෑ.. පලතුරු කන්න ආසයි දැන්.. සීනි රස අවශ්‍යතාව නැහැ දැන්,,, ඒ වගේම එක්සයිස් කරන්න වෙලාව තියෙනවා... මන් හිතන්නේ මේ ඩයට් ප්ලෑන් එක දවස් 7 න් ඉවර වුණාට ඒක මුළු ජිවිත කාලෙටම වැදගත්,,, ඒ වගේම මට ආයෙම දවස් 7 ගානේ කරන්න ඕනේ කියලා හිතෙන්නෙත් නෑ කන්න ඕනේ ක්‍රමය සහ කෑම වල ගුණ අගුණ තනියම අදුන ගන්න දැන් මට පුළුවන්,,, .. ඔයාට ගොඩක් ස්තුති ... නිරෝගිසුවය ලැබේවා ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් ( මගේ බර කිලෝ 5 ක් සහ ඉන අගල් 2 කට වැඩියෙන් අඩු වුණා )

    ReplyDelete
    Replies
    1. ගොඩක් සතුටුයි අපූර්වි!
      ඔයා කරපු දේ වටිනාකම් ගොඩක් තියෙනවා. ප්‍රධානම දේ ඔයා ලබා ගත්ත නීරෝගීකම. මේ අඩු කර ගත්ත කිලෝ 5ත් එක්ක ඔයාට බෝනොවන රෝග (දියවැඩියාව, අධිරුධිර පීඩනය, හා රුධිරයේ මේද සංයුතිය ඉහල යාම) වැළඳීමේ අවදානම අඩු වුනා. ඒ කියන්නෙ ආයුශ වසර ගණනාවකින් වැඩි වුනා.
      අනෙත් කාරණය, ඔයා වෙනස් කලේ ඇබ්බැහි වීමක් (අපි හැමෝම වගේ අබ්බැහි වෙලා ඉන්න සැකසූ ආහාර වලට ඇබ්බැහි වීම ) ඒ කියන්නෙ ඔයාට ජීවිතය ඔයාට අවශ්‍ය විදිහට හැඩ ගස්වා ගැනිමේ ශක්තිය තියෙනවා.
      දැන් ඔයාට තේරෙනවා අපි කොයි තරම් රැවටීමකට අහුවෙලාද කියලා, රහට ගුණට ලාබෙට කන්න තියෙන දේවල් නොදැක්කා වගේ සිරුරට කිසිම ගුණයක් නැති විසකාරක කෑම වැඩි මිලට කනවා.
      ගොඩක් ස්තූතියි! ඔයාගේ අත්දැකීම තව ගොඩක් අයට තල්ලුවක් වේවි නිරෝගී දිවියකට යන්න පාර සොයා ගන්න!

      Delete
    2. මටත් ඔය වැඩේ කරන්න ඕනැ. ඔමා මැරෙයිද කියල බලන් උන්නෙ.
      මැරුනෙ නෑනෙ නේද, එහෙනම් මමත් වැඩේ පටන් ගන්නවා

      Delete
    3. හි හි කරන්න ඇනෝ ..

      අද උදේම රතු හාල් ඉවුවා වතුර ගොඩාක් දාලා උයලා කැඳ ටිකක් පෙරලා බිවුවා බත් එක ඉදෙනකල්,,, මෙහ රතු හාල් හොදද්දී වතුර රතු වෙන්නේ නෑ ,නියම නිවුඩු හාල්,, නිවුඩු හාල් අම්මා ඉවුවොත් අම්ම්මා අපෙන් බැනුම් අහනවා ,, අද කද්දී නේ නිවුඩු හාල් රසයි කියලා තේරුණේ,,,

      Delete
    4. @ අනෝ -
      කරන්න කරන්න ඔන්න ඔමා නම් ඉලක්කෙ සම්පූර්ණ කරගෙන!

      @ අපූර්වි
      ඇත්තට නිවුඩු හාල් රසයි. නිවුඩු හාල් වලට පුරුදු වුනු අයට නිවුඩු හාල් නැතුවම බැහැ.

      Delete
  28. වතුර වීදුරු 10 නම් කොහොම හරි බොන්න පුලුවන්.. එතකොට තක්කාලි ඇලජික් මම වගේ කෙනෙක් 5 වෙනි දවසෙ මොනවද කන්නෙ... //අනිවාර්යයෙන් දවස තුල තක්කාලි ගෙඩි 5ක් කෑමට ගත යුතුමයි. //

    තවත් දෙයක්.. මම කෙසෙල් කන්නෙත් නෑ.. එතකොට හතර වෙනි දවසෙ කිරි බිබීද ඉන්න වෙන්නෙ දවසම...

    අනිත් එක.. කෝලිකුට්ටු වගේ පිටි ගතිය වැඩි කෙසෙල් මේ වැඩේට ගැලපෙනවද?

    ReplyDelete
    Replies
    1. මාත් කෙසෙල් කන්නේ නැහැ,,, ඒත් එදා කෑවා,, හොදට ඉදුණු රස කෙසෙල් කන්න පුළුවන්නේ,, කෙසෙල් වල කැලරි සහ පිස්ටය කොහොමත් වැඩිනේ,,, මාත් කෑවේ කෝලිකුට්ටු වගේ ජාතියක්,, තක්කාලි වෙනුවට ගිමන් කියයි,, දෙයක්,, ඒ වගේම නෙට් එකේ සර්ච් කරලා හොයාගන්න පුළුවන් ගොඩක් දේවල්,, මේ ඩයට් ප්ලෑන් එකේ වෙන වෙන වර්ශන්

      Delete
    2. ස්තූතියි ඔමා! මට එන්න බැරි වුනාට ඔයා ගානට ප්‍රශ්න ටික විසඳලා!

      @අනූ
      තක්කාලි වෙනුවට දෙයක් නම් හොයන්න අමාරුයි. මොකද තක්කාලි වල සංයුතිය වෙන එළවළු පලතුරු වල දකින්න නැති නිසා. විසදුමක් හොයා ගත්තොත් කියන්නම්. කොළ පාට තක්කාලි සමහර ඉට ඇලජික් නැති වේවි. කෙසෙල් කැමති වර්ගයක් කන්න පුලුවන්.

      Delete
  29. මට කිරි සහ මස් වර්ග ඇලජික්නේ. ඒ නිසා ඒ වෙනුවට මොනවද යොදාගන්නෙ? මස් වෙනුවටනම් සෝයා පුලුවනි. කිරි වෙනුවට? යෝගට් බීමත් ඇලජික්.

    ReplyDelete
    Replies
    1. මං බිවුවේ සෝයා කිරි බස්සු ඔයත් ට්‍රයි කරන්න

      Delete
    2. අද මගේ තුන්වෙනි දවස​. අපූර්වි ඔයාට දැනුනු අතුරු ආබාධ මොනවද කියල කියන්නකො. උදේට නැගිටිද්දි දාඩිය දාලා ලොකූඌඌඌ බඩගින්නක් දැනුනෙ නැද්ද​?

      Delete
    3. කොච්චර කෑවත් බඩිගිනි ඒ හැමවෙලේම මන් වතුර බිවුවා පලතුරු කෑවා.. උදේම වතුර බොන්න,, හෙට කිරි කෙසෙල් කියලා ඉවසාපන් පපුව කියලා හිටියා,,, 3 වෙනි දවසේ මාත් බය වුණා ටිකක් කලන්තේ වගේ දැනුන නිසා,, බය වෙන්න එපා

      Delete
    4. ඔව්. මටත් අද උදේ නැගිටිද්දි කලන්තේ වගේ තිබුනා. office යන්නත් බැරිවෙයිද කියලා හිතුනා. උදේම පළතුරු කාලා වතුර බීවම හරිගියා. තව එකක් කියන්න ඕන​. ඔයාගේ comments මගේ කට පරිස්සම් කරගන්න ගොඩක් උදවු වුණා. ස්තූතියි. :) :) :)

      Delete
    5. @ බස්සි
      කිරි වෙනුවට හොඳම සෝයා කිරි තමයි. තව බොන්න පුලුවන් නම් එළු කිරිත් ගැටලුවක් නෑ.

      @ඇනෝ
      බඩගිනි එන වෙලාවට දවසට අදාල කෑමක් කන්න. නැත්නම් ඔමා කිව්වා වගේ වතුර බොන්න. බඩගින්න දැනෙනවා කියල හිතෙන්නෙ අපි බර ආහාර වලට හුරු වෙලා තියෙන නිසා, මතක් කරල බලන්න හොඳටම උණ හැදිල දවසම කෑමක් කටේ තියන්නෙ නැතුව හිටිය දවසක්. දවසක් නෙවේ දෙක තුනක් හිටියත් මුකුත් වුනේ නැහැනේ. මේ ක්‍රමයේදි සිරුරට පෝෂණයෙන් කිසිම අඩු පාඩුවක් වෙන්නෙ නෑ. මේදය ඉවත් වීමයි වෙන්නෙ.

      @ඔමා
      මම කිව්වේ. ඔයාගෙ අත්දැකීම් බෙදා ගත්ත එක අනිත් අයට ලොකු උදව්වක්, තල්ලුවක්!

      Delete
    6. කොයිතරම් බඩගිනි වුණත් මම දවසට අදාල දේවල්ම තමයි කෑවේ. මේ දවස් තුන හරියටම කළා මේ වෙනකන්. plan එකට පිටින් එක සීනි ඇටයක්වත් කෑවෙ නෑ.

      Delete
    7. නියමයි..,,මේ හෙට නම් නියමයි ඔයා ඔෆිස් යද්දී කෙසෙල් ගෙඩි 6ක් අරන් යන්න.. :D

      Delete
    8. හාකො :) . මමත් හෙට වෙනකම් කැමැත්තෙන් බලාගෙන ඉන්නේ. කිරි පැකට් තමයි ගෙනියන්න වෙන්නෙ සීනි නැති ඒවා

      Delete
    9. යාළුවො මොනා කිවත් කිසිම ප්ලෑන් එකට අදාළ නැති දෙයක් අල්ලන්න වත් එපා,, මන් කලේ නම් කිරි එකත් එක්ක කෙසෙල් කෑවේ නෑ උදේම ලොකු වතුර එකක් බීලා කිරි එකක් බිවුවා ඊට පැයකට වගේ පස්සේ ආයේ බඩිගිනි හැදුනම කෙසෙල් ගෙඩිය ගානේ කෑවේ වතුර , කිරි, කෙසෙල් මාරුවෙන් මාරුවට අරන් දවස ගෙවාගත්තා,, කලින් නිදාගත්තා රෑට ඇහැරන් හිටියොත් බඩිගිනි වෙන නිසා.. ගුඩ් ලක්

      Delete
    10. යාළුවො නම් අවුලක් නෑ. කෝමටත් මගේ work station එකේ මම තනියම ඉන්නේ. ඕන වෙලාවක ඕන දෙයක් කන්න පුලුවන්. මම හිතුවෙ කෙසෙල් එක්කම කිරි බොනවා කියල​. මමත් ඔයා කරපු විදියටම කරන්නම්කො.නැත්තම් බඩගිනි හැදෙයි තමයි. thank you very much for the advices.

      Delete
    11. ඔව් මුලින් කරද්දි අධෛර්‍යමත් නම් ගොඩක් අය ඉදි ඒත් අන්තිමට ලැබෙන ප්‍රතිඵල දකිනකොට හැමෝම එයි රහස අහගන්න.

      Delete
  30. ගොඩාක් ස්තුතියි මේ ලිපියට. මහත් වෙන එක මට හරිම හිසරදයක් වෙලා තිබුනේ. මට බර මනින්න ක්‍රමයක් තිබුනේ නැහැ. එත් මේ ක්රකමයෙන් මගේ මහත සැලකිය යුතු ප්රතමාණයක් අඩු වෙලා. අද 7 වෙනි දවස. දැන් නිරෝගී ගතියක් දැනෙනවා. ඉස්සර දවස අවසානයේ හරිම මහන්සි ගතියක් දැනෙනව. දැන් එහෙම නැහැ. මේ ආහාර රටාව ඇගට හොදයි කියලා දැනෙනවා.
    මෙහෙම කනකොට මට නම් බඩගිනි ගතියක් දැනුනේ නැහැ. වේලකට වෙන මොනවත් නැතුව කෙසෙල් ගෙඩි දෙකක් කෑවත් මුකුත් වෙන්නෙ නැහැ කියල තේරුණා. ඉස්සර ගෙදර කෑම උයාගන්න බැරි උන වෙලාවට කඩෙන් පාන්, බනිස්, කොත්තු වගේ ජාති කන්න පුරුදු වෙලා හිටියා. තවත් නම් කන්නේ නෑ. මොනවත් උයා ගන්න වෙලාව නැත්නම් ඒ වෙනුවට පලතුරු මොනවහරි කනවා.
    ගෙදරින් පිට ඉන්නකොට/ ගමනක් යනකොට තමයි ප්‍රශ්නේ. කඩවල් වල ඔක්කොම තියෙන්නෙ පිටි වලින් හදපු කෑම වර්ග. සීනි/රසකාරක දාපු බීම වර්ග.
    මම මාළු වලට මිටි කිරි දාල හැදුවේ. පස්සේ දාල තියන comments දැක්කම තමයි තේරුනේ මිරිසට හදන්නඕන කියල.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රතිචාරයට! අපේ පුරුදු තමයි හැමදේටම මුල, අනිත් එක සමාජ පෙළඹවීම. මේවට අහුවෙලා අපි ජීවත් එන්නෙ. එක පාරක් මේ රටාවෙන් මිදුනහම තමයි අපිට තේරෙන්නෙ අපි හිටියෙ කොයි තරම් වැරදි ජීවන රටාවකද කියල.
      මේ විදිහට නිවරැදි ආහාර ක්‍රමයකට යොමු වුන හැම කෙනෙක්ගෙම ප්‍රතිචාර එක සමානයි. ඒ කියන්නෙ නිරෝගී බවේ මුල යහපත් ආහාර පුරුදු.

      Delete
  31. මගේ කමෙන්ට් එක ස්පෑම් වෙලාවත් ද?

    ReplyDelete
  32. අද මගෙ අති සාර්තක කෙසෙල් කිරි දවස.
    පලවෙනි දවසෙනම් නින්ද ගියෙත් නෑ හරියට දාඩිය දමල ඇහැරෙනව.
    මම හෙන තොගයක් කනවා පලතුරු එලවලු.
    (කෙසෙලුත් ලොකු ඒව 10කට වඩා වැඩි)
    ඒක අවුලක් වේයිද දන්නෙ නෑ නේද

    ReplyDelete
    Replies
    1. ගොඩක් හොඳයි. කැපවීමට හොඳ ප්‍රතිඵලයක් ලැබේවි. පොඩි පොඩි අපහසුතා දැනෙන්නෙ අපෙ හිත පරණ ආහාර පුරුදු වලට ඇබ්බැහි වෙලා තියෙන නිසා. කෙසෙල් 8 කට වඩා නම් බැහැ.

      Delete
    2. මටනම් එච්චරම හරි ගියේ නෑ. කිලෝ 2යි බැස්සෙ.
      ඒත් ඒක මේ ඩයට් ප්ලෑන් එකේ වරදක් නෙවෙයි.
      ඔය ප්‍රතිපල ලැබෙන්නෙ ඇවරේජ් ඒජ් එකේ අයට මම හිතන්නෙ.
      මම ඇවිල්ල 55ක ඇනෝ කොල්ලෙක්.
      නාටු වෙලා තියෙනෙ තෙල් තට්ටු ලේසියෙන් කැඩෙන්නෙ නැතුව ඇති.
      ඒත් සතියක් විතර ඇරල ආයෙමත් කරනවා.
      බොහොමත්ම ස්තුතියි ඔබට.

      Delete
    3. ගොඩක් වෙලාවට අනවශ්‍ය මේදය තමයි මේකෙදි ඉවත් වෙන්නෙ. එතකොට බර අඩු වීමත් වෙනස් වෙනවා. කෝකටත් තව පාරක් කරල බලන්න.

      Delete
  33. I followed this plan last week. And I loose 4.5 kg, but I didn't eat tomatoes as you mentioned. Thank you for sharing this post and this is really helpful.

    ReplyDelete
  34. මන් gastritis රෝගය දරුණු තත්වයට ඇවිත් බේත් අරන් දැන් යම් යහපත් තත්වයක ඉන්න කෙනෙක්.. මං මේ සතියක් හිටියොත් ඒකෙන් ලෙඩෙ වැඩිවෙයිද?
    තව දෙයක් කැරට් කෑවට කමක් නැද්ද?
    නැත්නම් වට්ටක්කා, බෝංචි, නිවිති ගෝවා වෙන මොනවද කන්න හොඳ?

    ReplyDelete
    Replies
    1. මේ ක්‍රමයේ තියෙන විදිහට බඩගින්නෙ ඉන්න වෙන්නෙ නැහැනෙ. ඕන තරම් කන්න පුලුවන්. 4 වෙනි දවසෙදි කිරි කෙසෙල් දවස පුරා කන්න පුලුවන් විදිහට ටිකක් ප්ලෑන් කරල කරන්න.
      අල, බීට් නැතුව ඕනෙම එළවළුවක් පුලුවන්. කැරට් ගොඩක් හොඳයි.

      Delete
  35. I lost only 2kg.:(

    ReplyDelete
    Replies
    1. There are many reasons.
      you may in normal BMI range (You may not have excess body fat)
      You may not follow the instructions correctly.

      If you are in high BMI range (>23), try again.

      Delete
  36. මගේ අත්දැකීමත් සඳහන් කරන්නම්.
    පළවෙනි දවස
    උදේට, දවල්ට, රෑට - ලොකු ( කිලෝ) පේර කාලයි, පැපොල් ගෙඩි කාලයි (ග්‍රෑම් 300ක් විතර) කොමඩු ගෙඩි කාලයි. අන්නාසි පෙති දෙකයි.
    ප්‍රධාන වේල් අතරට කොමඩු කෑල්ලක් , ගස්ලබු කෑල්ලක්.

    දෙවෙනි දවස

    උදේට, දවල්ට, රෑට - බෝංචි, ගෝවා, කැරට්, කරපිංචා, ගම්මිරිස් දමා සාදා ගත් සුප්

    තුන්වන දවස

    උදේට, දවල්ට, රෑට - බෝංචි, ගෝවා, කැරට්, කරපිංචා, ගම්මිරිස් දමා සාදා ගත් සුප්
    ඒ අතරට පැපොල්, අන්නාසි, ඇපල්, කොමඩු

    හතරවැනි දවස

    උදේට, දවල්ට, රෑට - කිරි වීදුරුවයි (මිලි ලීටර් 230) ඇම්බුන් කෙසෙල් ගෙඩි 2යි
    අතර මැද එක කෙසෙල් ගෙඩියක් (ඔක්කොම කෙසෙල් ගෙඩි 7යි )

    පස්වෙනි දවස

    උදේට, දවල්ට, රෑට - චිකන් කෑලි 3ක් (ග්‍රෑම් 200ක් විතර ගම්මිරිස් හා ලුණු එකතුකර වතුර ස්වල්පයක්ද දමා හොදින් තම්බාගැනීමෙන් හා ලුනු හා ගම්මිරිස් තවරා අවන් එකේ දමා රෝස් කර ගැනීමෙන්) හා තක්කාලි ගෙඩි 2ක් අමුවෙන්.
    (දවසටම චිකන් ග්‍රෑම් 600ක් විතර + තක්කාලි ගෙඩි 6ක් )

    හයවැනි දවස

    උදේට, දවල්ට, රෑට - බෝංචි, ගෝවා, කැරට්, කරපිංචා, ගම්මිරිස් හා චිකන් ග්‍රෑම් 150ක් (දවසටම ග්‍රෑම් 500ක්) එකතුව සෑදූ සුප්

    හත්වැනි දවස

    උදේට, දවල්ට, රෑට - නිවුඩු බත් පීරිසියක් , ලීක්ස් හා මාලු මිරිස් පොල්කිරි අඩුවෙන් යෙදූ වෑංජන හා මුකුනුවැන්න මැල්ලුම
    අහාර වේල් අතරට පැපොල් යුෂ වීදුරුවක්

    සෑම දිනකම වතුර ලීටර 2.3ක් (වීදුරු 10ක්)

    දින 7 අවසානයේ බර කිලෝ 6කින් අඩු වී තිබුණා.

    ReplyDelete
  37. Mata giman niwannage fb id aka kiyanawada

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/gimanhalablog

      ඔන්න ඔතනින් ඇවිත් මාව මුණ ගැහෙන්න පුලුවන්.

      Delete
  38. මස් කන දවසට මස් හොදි උයනකොට ලුණු දැම්මට කමන් නැද්ද? නැත්තන් කන්න අමාරුයි වගේනේ.

    ReplyDelete
    Replies
    1. ලුණු දාන්න. ලුණු කන්න එපා කියලා නැහැ කොහෙවත්

      Delete
    2. අම්මෝ ඇති යන්තන්. මං මේ මස් ලුණු නැතිව කන්නේ කොහොමද දෙයියනේ කියලා හිති හිත හිටියේ.

      Delete
    3. කාලෙකින් ආවේ. අවුලක් නෑ ඔමා ගාණට උපදෙස් දීල තියෙනවා.
      @ ඇනෝ - ඔමා කිව්වා වගේ ලුණු දාන්න තහනමක් නෑ.

      Delete
  39. මාස දෙකක්ම බලන් ඉඳලා අද තමයි වැඩේට බැස්සේ.. දැන් නම් අමාරුයි වගේ ... පට්ට පලතුරු තොගයක් කෑවා .. එත් බඩ මදි මදි කියනවා ... බලමුකෝ වැඩේ හරියයිද කියල ... අන්නාසි කෑවම බඩ ගිනි ගත්තා වගේ එකක් උනානේ ?

    මේ ක්‍රමයේ ගොඩක් වෙනස් වෙනස් විදි නෙට් එකේ තියනවා ,,, මොකක්ද නිවැරදිම ක්‍රමය ,, මේකද ?

    හතරවෙනි දවසේ කිරි බොන්නේ සිනි නැතුවද ?

    ReplyDelete
    Replies
    1. ඕන තරම් පලතුරු කන්න පුළුවන්. අන්නාසිත් වරදක් නෑ.
      මේ General motors weight loss diet programme එක විවිධ ක්‍රම වලට වෙනස් කරල තියෙනවා. ඒත් නියම ක්‍රමයේ ලින්ක් එක තමයි උඩ දාල තිබ්බෙ. මේ සඳහන් වෙන ක්‍රමයත් ඒකමයි.
      නෑ නෑ සීනි දාන්න පුලුවන්. හැබැයි වැඩිපුර දාන්න යන්න එපා.

      Delete
  40. මම ඉන්න දිහා කිරි හොයන්න නෑ, පිටිකිරි සීනි නොදා බීමට කමක් නැද්ද? කිරි දවසට යෝගට් කන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. බොන්න පුලුවන් නම් සීනි නොදා බිව්වට කමක් නෑ. සීන් ටිකක් දාන්න පුලුවන්. කිරි හොයා ගන්න නැත්නම් යෝගට් වුනත් වරදක් නෑ.

      Delete
  41. This comment has been removed by the author.

    ReplyDelete
  42. As I'm an university student how can I follow this diet in hostel? I can eat fruits. that's all. here no facilities for any thing. also I'll leave around 7am and come back again at late night. solution plzzzzzzzzz!

    ReplyDelete
    Replies
    1. That's a difficult situation. You have to follow the plan correctly to get maximum benefit.
      one option is, wait for a vacation.

      Delete
    2. Thank you so much. Even though I can't follow strickly I'm eating fruits a lot and drinking water and so on. I hope at least it will help to follow this perfectly during a vaccation.
      Any way I have seen many of my friends are drinking sodas ( specially cokes) for thirsty as no options and choices have left in canteen. Now they can't have a single meal without soda.
      Seriously it's pathetic.
      Thank u so much because now I have evidence s to prove them to change .

      Delete
    3. "cokes" one of a pathetic silent killer! Educate them as much as possible! they will definitely thank you in near future.

      Delete
  43. ලිපිය කියෙව්වා.... කමෙන්ට් ටිකත් කියෙව්වා.... ඔක්කොම හරි..... වැඩේ කරනවා.... චොක්ලට් නොකා ඉන්න එක තමා ප්‍රශ්නේ... මම චොක්ලට් වලට ඇඩික් වෙලා ඉන්නේ.... කමක් නෑ සතියනේ...
    උස 5'11" බර 88ක්.ඉණ 36.. මගේ ටාගට් එක 75kg ඉණ 32

    ReplyDelete
    Replies
    1. හරියටම වැඩේ කලොත් ඉලක්කයට යන්න පුලුවන් වේවි. ඒ අතරතුර ව්‍යායාම ටිකකුත් කලා නම් උපරිම ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් වේවි.

      Delete
    2. මචං අර මස් සොයා වෙනුවට වෙන මුකුත් ගන්න නැතිද...

      Delete
  44. ෆිල්ම් එකත් බැලුවා... ලිපි ටිකත් කියෙව්වා.... මගේ හිතට පොඩි අදහසක් ආවා.
    අපි මේ ගැන facebook එකේ පගේ එකක් හදල රටේ මිනිස්සුන්ව දැනුවත් කරමු...
    මේ ආහාර වලින් තියන විපාක ගැන...
    පොඩි තැනකින් පටන් ගම්මු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහසට!
      කොහොමත් ගිමන්හල ෆේස්බුක් පිටුවේ මේ සියලුම ලිපි ඇතුලත් වෙනවා.
      පහල තියෙන යොමුවෙන් ගිහින් බලන්න.

      Delete
    2. මචං අර මස්,සොයා කන්න තින දවසට වෙන මුකුත් ගන්න බැයිද ...පලතුරු වගේ..

      Delete
  45. මේ ලිපිය දැන් සති දෙකක වෙලේ ඉදන් බල බල හිටියට ඔන්න අද තමා පලවෙනි වතාවට කමෙන්ට් එකක් දාන්නේ... කමෙන්ට් කරන්න පරක්කු උනේ කරලා බලලා වැඩේ හරිගියොත් විතරක් කමෙන්ට් කරනවා කියලා හිතං හිටිය හින්දා...

    ඉතිං මාත් මේක කරලා බැළුවා... අද තමා පොඩ්ඩක් හරි මේකට පිටින් ගියානං ගියේ.. ඒ කිව්වේ අද හත්වෙනි දවසේ මේකේ තියෙන හැටියට බත් කන ගමන් ඒකට එළවලුවක් නොවන වියළි හාල්මැස්සන් හොද්දක් එකතු කරගත්තා... හේතුව ඉතිං මට උවමනා ප්‍රතිඵලේ මේ වෙද්දිත් ලැබිලා අවසාන වීම නිසා සහ කැල්සියම් අඩුකමක් දැන් ටික දවසක ඉදලා මට තියෙනවා කියලා තේරුන හින්දා...

    ඉතිං බොහෝම සංතෝෂයෙන් කියන්න තියෙන්නේ මේ ක්‍රමයට මට බොහෝම සාර්ථක උනා... මගේ උස සෙන්ටිමීටර් 157යි. මගේ මහ ලොකු බරක් තිබුනේ නැහැ.. කිලෝ 65යි තිබුනේ.. මට උවමනා වෙලා තිබුනේ එයින් කිලෝ තුනක් විතර පලවෙනි වටයට අඩු කරගන්න... පස්සේ තව දෙතුන් පාරක් කරලා බර කිලෝ 58ට අඩු කරගත්තනං මගේ නියම ප්‍රමාණයය හදා ගතෑකි... ඉතිං දැන් අද උදේ බලද්දි බර අඩු වෙලා 61.5ක් දක්වා... මේ දවස් හය තුල කිලෝ තුන හමාරක් අඩු වෙලා තියෙනවා පැහැදිලිවම.. ඒ ප්‍රමාණය මගේ බරේ හැටියට ඇති.. අධික තරබාරු අයට මේක මෙයිට වඩා සෑහෙන්න වැඩ කරයි කියලා හිතුවැකි...

    මේ ක්‍රමය කියාදීම ගැන ගිමන්හල බ්ලොගයේ කතුතුමාටත්.. මට මේකට අහම්බෙන් එන්න පාර පෙන්නුව අපේ රොයිලි මලයටත් බොහෝමත්ම ස්තූතියි.

    මේ සම්බන්ධව මම බුකියේ දවස ගානේම වගේ ස්ටේටස් එකක් දදා හිටියා.. එයින් අද දාපු එක මං පහළින් කොපි පේස්ට් කරන්නං.. ඒකේ තියෙන තොරතුරුත් අනිත් අයට වැදගත් වෙයි.. විශේෂයෙන්ම ලුනු ගැන කියලා තියෙන දේ... ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. මෙන්න අළුත්ම ප්‍රතිඵලේ...

      ඔන්න අද තමා මේ සතියක ව්‍යායාමයේ අවසාන ෆයිනල් ලාස්ට් ඩේ එක... අද බත් කෑහැකි.. ඒ හින්දා උදේම රතු කැකුළු බතක් උයලා.. හාල්මැස්සන් හොද්දක් හදාගෙන... මුගුණු වැන්න මැල්ලුමකුත් තනාගෙන.. වැටකොළු කරලකුත් උයා පිහාගෙන බයි කාලා හිටියා.. හැබැයි වෙනදා වගේ කන්දක් නෙවෙයි බොහෝම පොඩි ප්‍රමාණයක් වෙනදා කන ප්‍රමාණයෙන් බාගයකටත් අඩු වෙන්න.. (ඔව් ඔව් කන්දෙන් බාගේ කදු බාගයක් තමා :D ) හදාපු මාළු පිණි වලටත් වැඩියම උකුවට පොල් කිරි දැම්මේ නැහැ... මැල්ලුමටත් යන්තං වගේ පොල් එකතු කලේ...
      අද ඉතිං බත් ටිකකුයි.. එළවලුයි කකා හිටියැකි.. කොහොම උනත් මගේ ව්‍යායාමය මේ වෙනකොටත් සාර්ථකයි කියලා බොහෝමත්ම සංතෝෂයෙන් කිවුවැකි... ඊයේ උදේ (හයවෙනි දවසේ උදේ) බර කරනකොටත් කිලෝ තුනකින් බර අඩු වෙලා තිබුනා... අද හත්වැනි දවසේ උදේ බලනකොට සම්පූර්ණ කිලෝ තුන හමාරක පමණ ප්‍රමාණයකින් බර අඩු වෙලා තියෙනවා...
      ඒ කියන්නේ මේ කෑම.. ලෙවකෑමේ සතිය පටන් ගන්න කොට මගේ බර ගෙඩි පිටින් කිලෝ 65 ක් තිබුනා... දැන් මේ වෙද්දි ඒක කිලෝ 61.5 ට බැහැලා... මේ ප්‍රතිඵලේ මගේ බරේ හැටියට හොඳට ඇති.. මට වඩා තරබාරු.. කිලෝ අසූව අනූව සීය වගේ වෙන අයටනං මං හිතන්නේ සතියෙන් කිලෝ පහක් නෙවෙයි හත අටක් උනත් අඩු වෙයි කියලා මට හිතෙනවා...

      Delete
    2. ඊ ළගට කියන්නන ඕන මේ ක්‍රමයෙන් ඉනේ ප්‍රමාණය අඩු වෙනවා කියලා කිව්වත් ඒක එහෙම උනා කියලා හිතන්න අමාරුයි.. බඩේනං සෙන්ටි මීටර් එකක එක හමාරක විතර අඩුවක් තියෙනවා.. ඉනේ එහෙම කියන්න තරං වෙනසක් නැහැ.. සෙන්ටිමීටර් බාගයක් වගේනං අඩුයි... ඒත් ඒක ගැන මට ප්‍රශ්නයක් නැහැ.. මොකද මේ ක්‍රමයෙන් මට තේරෙන හැටියට වෙන්නේ ඇගේ තියෙන තෙල් තට්ටුව ක්‍රමයෙන් දිය කරවන්න පටන් ගන්න එක.. ඒකෙන් කියවෙන්නේ නැහැ කෙලින්ම අපේ බඩෙන්ම තෙල් ටික අහක් වෙනවා කියලා.. ඇග පුරාම තියෙන මේද කොටස් වලින් ටික ටික අහක් වෙනවා මිසක් බඩේ තෙල් විතරක් අහක් වෙන්න හැටියක් නැහැනේ.. කාලයක් මේ විදියටම කෑවොත්නං එහෙම වෙයි... ඉතිං මගේ උත්සහයට මේ ලැබුන ප්‍රතිඵලය හොදටම හොදයි.. ඒ වගේම මාස තුනකට සැරයක්වත් මේ ක්‍රමය අනුගමනය කරන්න කියලා හිතා ගත්තා.. අර කලින් තිබුනා වගේ ලොකු බඩගිනි ගතියක් දැන් ඇත්තෙත් නැහැ.. (හිතනං කියනවා කාපිය කියලා.. ඒත් හරියට කල්පනා කරලා බැළුවම තේරෙනවා බඩේ ඒ හැටි අග හිගයක් නැහැ හිත වැරදි ඔත්තුවක් දෙන්නේ කියලා)
      ඊ ළගට මේක කරන්න හිතන අයට කියන්න ඕන වැදගත්ම දේ තමා මේක ඇවිල්ලා මානසික ශක්තිය ගැන පරීක්ෂණයක්... හිත දුර්වලනං කරන්න අමාරු වෙයි... මොන විදියෙන් හරි හිත හයිය කරගත්තොත් සහ මේක සාර්ථක වෙනවා කියලා විශ්වාසයෙන් කලොත් ප්‍රතිඵල ලැබෙනවා. මාත් ඉතිං කුස්සියේ තියෙන ලෙමන් ෆෆ් බාස්කට් එක දිහා බල බල දුක සේ ඉවසුවා.. අහල පහල ගෙවල්වලින් එන කෑම උයන සුවඳ ඉවසුවා... පාරේ යද්දි දකින කෑම බීම ගැන නොදැක්කා වගේ ගියා... ඒ අස්සේ වෙනදා වගේම යූ ටියුබ් වලින් මං නිතර බලන කුකරි වැඩ සටහන් අරක මේකත් බල බල හිටියා... සතිය ඉවර උනාමවත් හදනවා කියලා... :D කොහොම හරි හිත හයිය කරං හිටිය හින්දා අවුලක් නැතිව ගොඩ ගියා...

      ඊළගට මං වැඩිය තේ කෝපි කිරි බොන්න ඇබ්බැහි නොවුන කෙනෙක් හින්දත් මේක පහසු උනා වෙන්න ඕන.. ඒවට අධික ලෙස ඇබ්බැහි උන කෙනෙකුටත් කන්නේ නැතත් තේ එකක් නැතිව ඉන්න අමාරු වෙයි...

      Delete

    3. හැබැයි මෙන්න මේ කාරනේ මතක තියාගන්න.. මේ ක්‍රමය හදාපු අයවත්... මේක මං දැනගත්තු බ්ලොග් ලිපියේවත් සදහන් නොවන කාරණාවක්.. ඒ තමා ලුනු... මේ කෑම වේල්වල වැඩි හරියක් තියෙන්නේ ස්වාභාවික ආහාර නිසා ලුනු ලැබෙනවා අඩුයි... ඒ හින්දා එයාලා කොහොම කිව්වත් දවසකට ලුනු තේ හැදි බාගයක්වත් ගන්න මතක තියාගන්න.. පලතුරුවලට ඉහලා හරි.. එළවළු වලට ඉහලා හරි... නැත්තං දිය කරං බීලා හරි කමක් නැහැ... තමන්ගේ ඇගේ ප්‍රමානේ හැටියට තේ හැන්දක ප්‍රමාණය උනත් මං හිතන්නේ වැඩි වෙන එකක් නැහැ... මොකද මේ සතිය ඇතුලේ වැඩිපුර වතුර බොන හින්දා මුත්‍රා සමඟ ඇගේ තියෙන ලවණ පිට වෙලා ඇගට උවමනා ලවණ ප්‍රමාණය අඩු වීමෙන් වෙනත් කරදර මතු වෙන්න පුළුවන්.. මට උනත් මුලදී මස් පිඩු පෙරලෙන්න එනවා වගේ තේරුන ගමන් මං ලුනු ගන්න පටන් ගත්තා... ඒ ගැන දන්න කෙනෙකුට කිව්ව ගමන් කිව්වේ ලුනු අඩු වෙන්න දෙන්න එපා ඕනවට වැඩිය.. එහෙම උනොත් ඇගේ තියෙන සෝඩියම් බැහැලා ෆිට් එකට ඇවිල්ලා මැරෙන්න උනත් පුළුවන් කියලා.. (මං හිතන්නේ මාව බය කරන්නත් එක්ක වෙන්න ඇති ඒ තරං තදේට කිව්වේ.. :D ) ඒ හින්දා ලුනු ගැන මතක තියා ගන්න.. සීනිනං නිකමටවත් කිට්ටු කරගන්න එපා.. කන පලතුරුවල තියෙන ඒවා ඇති... මම කිරි බිව්වෙත් සීනි නැතිව...
      ඊ ළග දේ තමා මේ විදියට කනවා කියලා කෑම ජාති ගෙනත් කාලා.. ඒ අතරට අවුලක් නැහැ කියලා හිතලා බිස්කට් එකක්.. පාන් පෙත්තක්.. පුංචිම පුංචි චොකලට් කෑල්ලක් කිය කිය අරක මේඩ ඩිංග ඩිංග හරි කාලා.. පස්සෙන් පහු.. ඕක හරියන්නේ නැහැ කියලනං කියන්න එපා... වැඩේ පොතේ හැටියටම කලොත් පොතේ හැටියටම ප්‍රතිඵල තියේවී... වතුර බොන එකෙන් තමා වැඩේ නියම විදියට කෙරෙන්නේ ඒ හින්දා ඒ එකක්වත් අඩු නැතිව කරන්න ගොඩම තමා..

      හෙට උදේ බර කිරපුවාම මේ වැඩ සටහන අවසානයි.
      අසා සිටි.. බලා සිටි ඔබ සැමට ස්තූතියි

      Delete
    4. නියමයි අයියේ.. ඔයාගේ කමෙන්ට් වලින් මාත් ආයේ දෙයක් ඉගෙන ගත්තා,, ඊයේ මන් ආයේ දෙවනි වතාවට කරන්න පටන් ගත්තා. මොකද මාස පහ ඇතුලත අඩුවෙච්ච පහෙන් එකක් ආයේ වැඩිවෙලා දැන් නම් කජු කනවා වගේ ලීසි දෙවනි වතාව හින්දා. අද එළවලු කන දවස මං නම් ළුණු පාවිච්චි කළා මේකේ නොකිවුවට මට ළුණු නැතුව කන්න බෑ .

      Delete
    5. ගොඩක් ස්තූතියි මාරයා! වැදගත් කරුණු ගණනාවක්ම එකතු කරල තියෙනවා!
      කාලෙකින් මේ ලිපිය පැත්තෙ ආවෙ! දැනුයි කොමෙන්ට්ස් ටික දැක්කෙ.

      Delete
  46. මට තක්කලි කන්න හොද නෑ ඇලජි වගේම මට තව ප්‍රශ්නයක් තියෙනවා මට පොතුකබර තියෙනවා ඒ නිසා මට තක්කලි කන්න හොද නෑ මට තක්කලි වෙනුවට විකල්පයක් විදියට මොනාද පාවිචිචි කරන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. මම ඊයෙ මේ plan 1 පටන් ගත්ත අද එලවලු කන දවස

      Delete
    2. තක්කාලි නොකා ඉන්න එක හොඳයි! දෙහි ඒ වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් වෙයි, උත්සාහ කරල බලන්න!

      Delete
  47. And math patan gaththa. Ide idan palathuru kewa. Gedara apu gaman bath kannnama oni Una. Wenadata wada aduwennbath tikak kewa. Den angata amarui. Bada ussanna be. Aiyo mama Kara gaththa deyak :(

    ReplyDelete
    Replies
    1. කමක් නෑ ආයෙ මුල ඉඳන් පටන් ගන්න !

      Delete
  48. හැම දාම බොන කොල කැඳ කෝප්පයත් මේ කාල සීමාවෙදි බොන්න හොද නැතුව ඇති නේද ?

    සෝයා වලින් හදන සෝයා සොසේජස් ගත්තට ප්‍රශ්නයක් නැද්ද

    ReplyDelete
    Replies
    1. නියමිත ක්‍රමේටම කරනවා නම් තමයි හොඳ!

      Delete
  49. මේකෙ තියෙන සේරම මේ පිලිවෙලට කරන ගමන් විස්කි වීදුරු තුනක් බිවුවොත් අවුල්ද දවස ගානෙ

    ReplyDelete
    Replies
    1. කොටින්ම කිව්වොත් ඇල්කොහොල් තහනම්!

      Delete
  50. මමත් ඊයේ ඉදන් වැඩේ පටන් ගත්ත :)

    ReplyDelete
    Replies
    1. උපරිම ප්‍රතිඵල ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!

      Delete
  51. හරිම ආස හිතෙන පෝස්ටුවක්... මමත් මේ බර අඩු කරගන්නේ කොහොමද කියලා හිත හිතා හිටියේ... ටික කාලෙක ඉඳලා කාබෝහයිඩ්‍රේට් ඉන්ටේක් එක අඩු කරන්න පුරුදු උනා.. මම හිතන්නේ දැන් මට මේ ප්ලෑන් එකට ට්‍රයි කරන්න පුළුවන් වෙයි... මගෙ උස 163cm. බර 64Kg ඉඳන් 60kg ට අඩු කරගත්තා අර කලින් කිව්ව විදියට. ඒ වගේම ග්‍රීන් ටී බොන්නත් පුරුදු උනා.. මුලදි අමාරු උනත් දැන් නම් උදේ නැගිට්ට ගමන් උනත් බොන්න පුලුවන්. මම ඉන්නෙ healthy BMI range එකේ. ඒත් මගේ බඩ විතරක් අසාමාන්‍ය විදියට ෆැට් එකතු වෙලා කියලා මට තේරෙනවා. ඒ නිසාම තමා මම ඩයට් කරන්න හිතුවේ.. ඒකට ලොකුම හේතුව මම දවසෙම ඉඳගෙන ඉන්න රැකියාවක් කිරීම. මේ ක්‍රමයෙන් අනවශ්‍ය මේදය ඉවත් කරනවා නම් මේක තමා මට හොඳම දේ අත්හදා බලන්න. අද සිකුරාදා.. සඳුදා ඉඳන් පටන් ගන්නවා.. මගේ ටාර්ගට් එක 55kg ට අඩු කරගන්න එක.lets hope for the best. thank you for ur valuable post

    ReplyDelete
    Replies
    1. අද පළවෙනි දවස... ටිකක් දුකයි බත් මතක් වෙනකොට... හොඳයි කිව්ව නිසා කොමඩු තමා වැඩියෙන්ම කෑවෙ.. අන්නාසි පොඩි පෙත්තක් කෑවා ලුණු ගම්මිරිස් දාලා.. වතුර බොන එක තමා අමාරුම... තව ලීටරයක් බොන්න තියෙනවා... බඩගිනි හැදෙනවා නිතරම වගේ... කොහොම හරි මේ සතිය හරියටම කරනවා... බඩ අඩු උනොත් හොඳයි... නැත්නම් ආයේ කරන්නෙ නම් නෑ...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. අද දෙවෙනි දවස... ඊයෙ ටිකක් අමාරු උනත් හිතට හරිම සතුටුයි... ඉත්තෑවෙක් වගේ කොමඩු කෑවානේ ඊයේ.... අන්නාසි පෙත්තකුයි පේර ගෙඩියකින් කාලකුයි වෙරළු ගෙඩි 4කුයි තමා වෙන පළතුරු වලට ගත්තේ. අද එළවළු. උදේට ෆ්‍රෙෂ් සැලඩ් එකක් හැදුවා.. දවල්ට තම්බපු එළවළු... රෑට සුප් එකක් තමා හිතාගෙන ඉන්නේ.. ඊයෙ දවසෙම කොමඩු කෑව නිසා හෙට මික්ස් ෆෘට්ස් ගන්න තමා හිතාගෙන ඉන්නේ...පැපොල්, දොඩම් සහ අන්නාසි.... එළවලු නම් සුප් තමා... වෙනදා කෑමකන වෙලාවට තමා ටිකක් අමාරු... එවෙලෙට මතක් කර ගන්නවා මම ලබන සතියෙ ඉඳන් ඉස්සර ඇඳපු ඇඳුම් ආයෙත් අදිනවා නේද කියලා.. හිත තමා ඉතින්...

      Delete
    4. අද තුන්වෙනි දවස... සාමාන්‍යයෙන් මට උදෙන්ම බඩගිනි වෙන්නේ නෑ... එත් අද උදේ පාන්දරින්ම බඩගිනි උනා... ඊයේ ටිකක් අමාරු උනා එළවළු කන්න. මම කොහොමත් වැඩිය එළවළු කන කෙනෙක් නෙවි නිසා වෙන්න ඇති. උදේ ඉඳන්පළතුරු කෑවා... වේලක් කියලා නෑ බඩගිනි උනාම මොනා හරි හපනවා.. අද නම් අන්නාසි පොඩි ගෙඩි බාගයක් විතර කෑවා. තව බෙලි ගෙඩියක්... මම ආසම කෑමක් බෙලි.. හරිම රසයි... කොමඩු පොඩි ගෙඩියකින් බාගයක් කෑවා දැනට... තව බාගෙට ඉඳුණු පැපොල් ගෙඩියකින් බාගයක්.. එච්චරයි... තව ටිකකින් එළවළු ටිකක් තම්බනවා කියලා ඉන්නේ ඩිනර් එකට.. තාම බඩගිනි නෑ... පොඩි වෙනසක් උනේ ටොයිලට් යන එක. මම ඊයේ වතුර ලීටර් 3.5ක් විතර බීලා... මම කවදාවත් ඇතිවෙන්න වතුර බීපු කෙනෙක් නෙවී. ඒ නිසා මගේ මහා අන්ත්‍ර වලට මම බොන වතුර උරා ගන්න බැරිවද කොහෙද... තව දෙයක්.. මම අද තැඹිලි ගෙඩියක් බිව්වා... ඒක අපරාදයක් වෙයිද කියලා දැන් හිතෙනවා :(

      Delete
    5. පුලුවන් තරම් නිවරැදිව උපදෙස් පිළිපදින්න බලන්න! අවසාන ප්‍රතිඵලයත් කියන්න.

      Delete
  52. සදුදා ඉදන් පටන් අරගෙන තත්වෙ කියන්නන්.....

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි අත්දැකීම කියන්නකො බලන්න!

      Delete
  53. Today I start again,

    ReplyDelete
  54. Today I start again,

    ReplyDelete
    Replies
    1. so what happened? this is your second attempt, right!

      Delete
  55. මස්,මාළු වගේම බිත්තර පාවිච්චි කරන්නත් පුළුවන් ද?

    ReplyDelete
  56. math aluthin me plan eka karanna patan ganna inne mage weight eka 80kg height eka 5'3 .mata karanna puluwan wei kiyala hithanwa


    ReplyDelete
  57. මමත් අද පලවෙනි දවස ! කරුණාකර කියන්න, කිරි දිනයට ගන්න ඕනෙ සුදු කිරිද කියලා ?

    ReplyDelete
  58. ඔව්. සුදු කිරි! උපරීම ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  59. ඊයේ නම් ඒ හැටි අමාරුවක් උනෙ නෑ. කොමඩු, මිදි ඇපල් කෑවා.අද උදේ ඉදන් හිසේ කැක්කුම. පැනඩෝල් දෙකක් බොන්නම් නේද! එලවලු වැඩේ කරගන යනවා කෝමහරි.

    ReplyDelete
    Replies
    1. අද පස්වෙනි දවස. චිකන් හා තක්කාලි දිනය. තාම මට මොකුත් වෙනසක් නම් දැනුනේම නෑ. කවදාද බර කිරන්න ඕනෙ??

      Delete
    2. මේ වෙනකොට නම් බර අඩු වෙන්න ඕනෙ. කිරල බලන්න.

      Delete
  60. This comment has been removed by the author.

    ReplyDelete