නදීශා
"මට නම් තව බලා ඉන්න බෑ බං, මම ගෙදරට ගිහින් මේ ගැන කතා කරනවා"
දිගු කල්පනාවක ගිලී සිටි ගයාන් සිය රූමා සමඟ පැවසූවේ ස්ථීර තීරණයකට පැමිණෙමිනි.
"ඒකි කියන්නෙ බොරුවක් කියල හිතනවා නම් එහෙම කරන එක හොඳයි, මොකක් හරි ගෙදර අවුලක්ද දන්නෙ නැහැනෙ"
"ඔව් මම හෙටම යනවා"
..........
නදීශාගේ නිවස..
"මේ ලමය එතකොට අපේ දුවගෙ කැම්පස් එකේම කිව්ව නේද, ඉතින් දැන් කාරණේ කිව්වා නම්"
ගයාන් මදක් පැකිලෙමින් සිට
"අම්මෙ මම එහෙනම් කෙලින්ම කාරනේ කියන්නම්කො, මම නදීශාට කැමතියි, එයාගේත් අකමැත්තක් නැතිලු ඒත් මට කලින් වෙන පිරිමි ලමයෙකුට පොරොන්දු වෙලා තියෙන නිසා කරන්න දෙයක් නැතිලු. මම ටිකක් හොයල බැලුවා. ඒත් නදීශා එහෙම කෙනෙක් හම්බවෙනව වත් එහෙම කෙනෙක් ගැනවත් එයාගෙ යලුවොවවත් දැකල නෑ.
ඉතින් අම්මෙ මට දැන ගන්න ඕනැ නදීශා කියන්නෙ ඇත්තක්ද කියල"
නදීශාගේ මව සුසුමක් හෙලීය
"මේ ලමය වැදගත් විදිහට මේව කෙලින් කතා කරපු එක මම අගය කරනවා"
"අපේ දරුවගේ ඔය කියන වැඩ කටයුතු අපිටත් ගැටලුවක්, අපිටත් ඔය කතාව කියල තියනවා. දවසට පැය ගණන් ෆෝන් එකේ එල්ලීගෙන කතා කරනවා, සතියකට සැරයක් විතර මුණ ගැහෙන්න කියලා යනවා. අපිට මුන ගස්සන්න කිව්වහම මොකක් හරි කියල කල් දානවා, කතා කරන්න දෙන්න කිව්වත් අහන්නෙ නැහැනෙ. මම තනියම කොහොමද පුතේ මේවා විසඳන්නෙ. අනෙක මෙයා එහෙම මුරණ්ඩු ලමයෙක් නෙවෙයි. වැඩි කතා බහක් නෑ නිවිච්ච ලමය, මේ කාරනේ විතරයි ඔය හිතුවක්කාර දේකට කලේ, පුදුම ආදරයක් ඒ පිරිමි ලමයට තියෙන්නෙ. සමහරදාට ඔය ඉස්තෝප්පුවට වෙලා තනියම හිනා වෙවි ඉන්නවා මතක් වෙලාද කොහෙද. පවුලෙ එකම ලමයනෙ, තනියම තමා හැදුනේ. වැඩි යාලුවො ආශ්‍රයකුත් නැහැ. අනේ මන්දා පුතේ ඕවා.
"අහ් ඔය දුව එන්නෙ, කතා කරන්න්කො එහෙනම්, මම තෙකක් හදා ගෙන එන්නම්"
"ගයාන්! ඔයා මොකද මෙහෙ?"
"මොකද මේ තරහ ගිහින්, මම ඔයා කියපුවගෙ ඇත්ත නැත්ත දැන ගන්න ආවා නදීශා"
"මොකක්? ඔයා හිතන්නෙ මම බොරු කියනවා කියලද?"
ඇය මද කල්පනාවකට වැටින.
"හරි එහෙනම් හෙට හවස 5ට ගෝල්ෆේස් එකට එන්න මම එයාව මුන ගස්සන්නම්, එතකොට හරිනෙ?"
"හරි!"
..........
"හරි ඔන්න මම වෙලාවට ආවා, කෝ ඉතින් ඔයා කියන කෙනා?" ගයාන් ඇසුවේ නොඉවසිල්ලෙනි.
ඒ වනවිටත් නදිශා සිටියේ මුහුදු වෙරල දෙසා බලා ගෙනය, ඇගේ දෙනෙත් ආදරයෙන් පිරී තිබෙනු ගයාන්ට දැකිය හැකි විය.
"අර රැල්ල පාගන්නෙ, එයා තමයි" ඒ දෙසම බලා ගෙන ඇය පැවසීය.
ඈ බලා සිටි ඉසව්ව වෙත නෙත් යොමු කලද පෙනෙන තෙක් මානයේ කිසිවෙකු දැක ගැනීමට ගයාන්ට නොහැකි විය. අයා ගත් මුවින් යුතුව ගයාන් නදීශා දෙසත් මුහුදු වෙරල දෙසත් කිහිපවරක් බැලුවේ, ඒ පිලිගැනීමට අකමැති විවිධ නිගමන සිතට නැගෙද්දීය...
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
බණ්ඩාර
"කාගෙන්ද දැන් ආපු කෝල් එක?"
"අපේ අක්ක අනේ කතා කලේ" සුජානි පැවසූවේ බණ්ඩාර දෙස බියමුසු බැල්මක් හෙලමිනි.
"අක්ක? හහ් මම දන්නව කවුද කතා කලේ කියල මම හොයා ගන්නම්කො" බණ්ඩාර පැවසූවේ දත්මිටි කමිනි.
"ඕකි බොරු කියන්නෙ! වඩාත් තීවුර ලෙස තම හිස තුලින්ම බණ්ඩාරට යලි යලිත් ඇසෙන්නට විය.
බණ්ඩාර තනිවම කියවනු ඇසෙන සෑම විටකම සුජානිගේ සිත බියෙන් පිරී යයි. මාස කීපයක සිට බණඩාර තමාව මෙතරම් සැක කරන්නේ ඇයිදැයි ඇයට සිතා ගත නොහැක. වෙනත් පිරිමියෙකු ඇස ගැටුනු කාලයක් ඇයට මතක නැත.
බණ්ඩාර ලඟක සිට බොහෝ සෙයින් වෙනස් වී ඇත, යකෙකුට මෙන් කේන්ති යයි, නින්ද අඩුය, තනිවම කියවයි, මෙවා සිහි වන විට සුජානිගේ බිය තවත් වැඩි වේ.
.........
සිතේ නොසන්සුන් කමටදෝ සුජානිට රාත්‍රියේ හරි හැටි නින්ද නොගියේය. සුසුමක් හෙලා ඇඳෙන් බැස නාන කාමරය වෙත ගියේ මුහුන කට මදක් සෝදා ගැනීමටය.
ඇය කාමරයෙන් පිටවන තෙක් බණ්ඩාර නොසෙල්වී සිටියේය.
"ඕකි ගියේ අරූ හම්බවෙන්න්න" සුපුරුදු ලෙස සිය හිතට කවුරුන්හෝ සිතුවිලි ඇතුල් කරනු බණ්ඩාරට දැනෙන්නට විය.
"පලයන්! පලයන් ගිහින් බලපාන්"! එවර අණ කිරීමකි
බණ්ඩාර හොරෙකු මෙන් දොර වෙත ගොස් කන් යොමා සිටියේය
"ඇහෙනවද උන් දෙන්නගේ සද්දෙ?!"
බණ්ඩාරට ඉවසිය නොහැකි කේන්තියක් දැනෙන්නට විය.
"ඇයි තවත් බලන් ඉන්නෙ! මරපන් උන් දෙන්නවම!" යලි ආඥාවකි. බණ්ඩාර අවනත විය. දොර අසල තිබූ දොර පොල්ල අතට ගෙන ගේතුලට පා නැගීය.
දොර පොල්ල අතට ගෙන කෝපය පිරි දෑසින් යුතුව තමා දෙසට එන බණ්ඩාර දුටු සුජානි බියෙන් තැති ගත්තේය. අසලම තිබූ දියණියගේ කාමරයට පැන කෂනිකව දොර වසා ගති. බණ්ඩාර බෙරිහන් දෙමින් දොරට තඩි බාන හඬ ඇසෙන්නට විය.
සුජානි දියණිවද තුරුල් කර ගෙන හඬමින් රැය පහන් කලාය. උදේ රැයින්ම දියණිවද ගෙන සිය සොහොයොයුරාගේ නිවස බලා ඇය පිටත් විය...
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
කාන්ති
"පොඩ්ඩක් අපිටත් වතුර බාල්දියක් ගන්න දියන්කො, උඹ ඔතන බදු අරන් වගේනෙ"
"ඉඳා ගනින්, ඕකට ඉතින් ගිරිය පුප්පන්න ඕනැද"
සවස් යාමය පීල්ල අසල සුපුරුදු තදබදය සාදන වේලාවය
"ඒක නෙවෙයි උඹලට ආරංචි නැද්ද කාන්තිට දෙවි කෙනෙක් ආරූඪ වෙලාලුනෙ"
"හෑ! හැබෑට? උබ ඔය කියන කල් දන්නෙ නෑනෙ"
"ඔව් බන්, උඹල ඉතින් රටේ ලෝකෙ වෙන දේවල් දන්න එකක්යැ, දැන් මාසයක විතර ඉඳන්ලුනෙ, දවස් දෙක තුනකට සැරයක් පේන්වත්ලුනෙ, ඒ වෙලාවට පරල වෙලා අවේශ වෙනවා"
"අනේ වාසනවන්, ඒකි ඉතින් බැඳලත් නෑනෙ දැන් හතලිහත් පැනල මයෙ හිතේ. කොහොමත් දන්න කියන කාලෙ ඉඳන් දෙවියන්ට බොහොම ගැති කමෙන්නෙ හිටියෙ, උදේ හවා දෙවියන්න්ට පාන තියනවත් එක්ක"
"දැන් ඒකිට මොනවද බල වගේකුත් හම්බ වෙලාලුනෙ, වැස්සක් වස්සවන්න උනත් පුලුවන්ලු, සල්ලි මවන්න පුලුවන්ලු, ඔය බලේ යොදාගෙන සාස්තර කියනවලු! දැන් ගෙදර දේවාලෙකුත් දාලනෙ, මිනිස්සුත් සැහෙන්න යනවා"
"හැබෑට! අනේ මාත් එහෙනම් ලඟදිම යන්න ඕනෙ මගේ නැති වෙච්ච වලලු දෙක ගැන අහන්න"
"පලයන් පලයන් ඉක්මනට ඔය බල කවද වෙනකන් තියේද දන්නෙ නැහැනෙ, ඔන්න මගෙ රෙදි ටික හෝදලා ඉවරයි, මන් ගියා...!"
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
නදීශා..! බණ්ඩාර..! කාන්ති..!
මේ කවුද?
මෙයාලට මොකද වෙලා තියෙන්නෙ?
ඔබේ අදහස් දක්වන්න. ඊලඟ සටහනින් මේ ගැන වැඩි විස්තර බලාපොරොත්තු වන්න....!
අහ්, හොඳ පියවරක්..
ReplyDelete:D මම දැන්මම අදහස් ප්‍රකාශ කිරීමෙන් වළකිමි.
:D නලිනි නම් මේ කියන්න හදන්නෙ මොකක්ද කියන එක හරියටම දන්න නිසා අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකුනාට වරදක් නෑ මොකද කියවන අයට හිතන්න ඉඩ සැලසෙනවනෙ
Deleteහ්ම්ම්ම්...අනේ මන්ද? බලන් ඉන්නම් අයියම කියනකල්..
ReplyDeleteහරි හරි ඉතාම ඉකමණින් කියනවා
Deleteසොඳුරු සුව අසපුවේදි කියවපු ලිපි කීපයක් මතක් වුනා..
ReplyDeleteම්..ගිමන්ම ඉතුරු ටිකත් කියන්නකෝ..!!
මම හිතන්නෙ රූ කියන්න හදන්නෙ මොකක්ද කියල හරියට අනුමාන කරල තියනවා
Deleteහ්ම්....පොඩි අදහසක් නම් තියෙනව මේ අය මොන වගේ අය වෙන්න පුලුවන්ද කියන එක ගැන. ඒ උනත් ගිමන්ම ඒක කියන එක හොඳයි කියල හිතනව.. :)
ReplyDeleteචාම්ස් හරි වෙන්න පුලුවන්, ඉකමනටම ඉතිරි ටිකත් කියන්නම්කො
Deleteමේක මට පේන්නෙ මානසික රෝගයක් වගේ.
ReplyDeleteDude අයියා හොඳින් කතා තුනම කියවල තියනවා, වැඩි විස්තර ඉක්මණින්ම කියන්නම්
Deleteපටන් ගැන්මම කුතුහලයෙන් පිරිලා..ආයේ මොනාද හොඳ ආරම්භයකට පෙර නිමිත්තක් කියලා හිතෙනවා...බලමු ..
ReplyDeleteඒ කුතුහලය එහෙම්මම තියාගෙන ඊලඟ ලිපියත් කියවන්නකො එහෙනම්
Deleteමේ එක එක මානසික තත්ව ගැන නේද ගිමන්. එක් එක් කෙනාට දැනෙන විදි, සැකය,විෂාදිය , ෆෝබියාව වගේ දේ ගැන නේද? මොනා උනත් ඔයාම කියන්න ඉක්මනින්ම.
ReplyDeleteගොඩාක් දුරට හරි චන්දි, මීට වඩා ටිකක් විතර බරපතල කාරණයක්. ඉක්මණින්ම ඊලඟ ලිපියත් දාන්නම්
Deleteමේ විස්තරයත් එක්කම මගේ හිතට ආවේ නම් තවත් ලස්සන කතාවක චරික කීපයක් කියල විතරයි..අර තනියම කතා කරන කෙනා හරිටය මහැදුරු නිමල් සේනානායකයන්ගේ කතාවල එන චරිතයක්ම වගෙයි. ඇල්ල ලග වලව්ව ලිව්වේ. නමනං වැරදුනාද මන්දා.
ReplyDeleteඅපූරු කතා ටිකක් වගේ පෙනුනට මේ හැමෝටම පොදු වුන අවාසනාවන්ත තත්වයක් තියනවා, ඊලඟ ලිපියත් බලන්නකො
Deleteමාත් බලන් ඉන්නවා..ඊළඟ පෝස්ට් එක එනකම් .. මේ ගැන අත්දැකීම් එමටයි. මට මුණගැසී තිබුනා, කාමරයේ මකරෙක් දුටු කෙනෙකුත්.
ReplyDeleteඅක්කා මේ පැත්තෙත් ඇවිල්ලා දැක්කහම ගොඩක්ම සතුටු හිතුනා. අක්කට නම් කියවපු ගමන් තේරෙන්න ඇති කියන්න හදන දේ, ඊලඟ එකත් කියවල වැරැද්දක් එහෙම දැක්කොත් කියල යන්න එන්න.
Deleteඉක්මනටම බලමු කවුද කියලා ඒ කට්ටිය :(
ReplyDeleteහරි හරි ලඟදීම කියනවා....
Deleteමට හිතුණෙ විවිධාකාර මානසික රෝගී තත්වයන් විදිහට..
ReplyDeleteබලාගෙන ඉන්නවා ඕන් ඊ ළඟ පෝස්ට් එක වෙනකල්..
නන්ඳුගේ අනුමානයත් හරි, ඉක්මනට ඊලඟ එකත් දාන්නම්
Deleteමොකක් හර මානසික රෝගී තත්ත්වයක් කියලයි හිතෙන්නෙ.. ඊළඟ කොටසින්ම බලමු... :)
ReplyDeleteඅනුමානය හරි සාතන්! ඉක්මනට ඒ ගැන කියන්නම්. ස්තූතියි මේ පැත්තෙ ඇවිත් ගියාට
Deleteමනෝ විකාර නේද ?? කාර්තික් කෝල් කාර්තික් කියලා ෆිල්ම් එකක් ආවා කාලෙකට කලින්. ඒකේ මිනිහාම මිනිහාට කෝල් කරගන්න සීන් එකක් තමා ගියේ මට මතක විදිහට
ReplyDeleteගොඩක් දුරට ඒ කතාවට සමාන දෙයක් තමයි හසිත. මේ වගේ කතා දහස් ගානකට හේතු වෙන සුලබ දෙයක් ගැන.
Deleteතේරෙන්නෑ....
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අවුලක් නෑ! ඊලඟ එක ඔන්න දැම්මා, ගිහින් බලන්න
Deleteමාත් ඊගාව පෝස්ට් එක එනකම්ම ඉන්නම් කෝ :)
ReplyDeleteස්තූතියි සබිත් ඔන්න ඊලඟ ලිපිය දැම්මා, ගිහින් බලන්න
Deleteඊගාව කෑල්ලත් බලමු.
ReplyDeleteහොඳයි හොඳයි
Delete