අමතක වීම රෝගයක්ද? (Dementia)
"පුතේ කවදටද කොලඹ යන්න හිතගෙන ඉන්නෙ?"
"ඇයි මම කිව්වෙ අම්මෙ 25 වෙනිදටනෙ
"අහ් එහෙමද මම බැලුවෙ මොනව හරි කෑම ටිකක් වත් හදල දෙන්න කියල යනකොට ගෙනි යන්න"
"ඕනෑ නෑ අම්මෙ"
පැය බාගයකට පසු.....
"අම්මේ මේ පාර කොලඹ ගියහම මාසෙකින් විතර තමා එන්න වෙන්නෙ"
"හැබෑද පුතේ, හ්ම්ම් කමක් නෑ වැඩ පාඩු වෙනවා නම් එහෙට මෙහෙට දුව දුවා ඉඳල බැහැනෙ.
"ඉතිං පුතේ කවදටද කොලඹ යන්න ඉන්නේ?
"අම්ම කීපාරක් දැන් ඕක ඇහුවද! මේදැන් ටිකකට කලිනුත් ඇහුවනේ!
"අනේ මන්ද පුතේ මට වෙලාවකට බඩු මුට්ටු තියපු තැනක් හොයා ගන්නත් අමතකයි, දැනි ඉතිං අපි වයසයිනෙ පුතේ මතකෙ දුර්වලයි"
ඉහත ඇති මවකගේ හා දරුවාගේ දෙබසින් ඔබට වැටහෙන්නේ කුමක්ද? එය වයසත් සමඟ සිදු වන සාමාන්‍ය දෙයක්ද? නිතර දේවේලේ සිදු විය හැකි අහඹු අමතක වීමක්ද?
නෑ මේ සාමාන්‍ය අමතක වීමක් නොවේ. මේ Dementia රෝගයේ මූලික ලක්ශනයි.
Dementia යනු සිහි කල්පනාවේ අඩුවීමක් නොමැතිව මතකය, එදිනෙදා ජීවිතයේ ගැටලු විසදීමේ හැකියාව, හුරු පුරුද්දට කරන කාර්යන් කිරීමේ හැකියාව, සාමන්‍ය හැසිරීම සිතමතා පාලනය කිරීමේ හැකියාව, හැඟීම් පාලනය හා හැඟීම් ප්‍රකාශ කිරීමේ හැකියාව යන කාර්යයන් පාලනයට අදාල මොළයේ පාලන මධ්‍යස්ථානයන් ක්‍රමක්‍රමයෙන් අකර්ම්ණ්ය වී යාමය. මෙය නැවත යථා තත්වයට පත් කල නොහැකි රෝගී තත්වයකි. කල හැක්කෙ රෝගය උත්සන්න වීමේ වේගය පාලනය කිරීම පමණි.
මෙය බොහෝ විට වැලදෙන්නේ අවුරුදු 65 වඩා වැඩි අයටය. ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල අයට වැඩි අවධානමක් ඇති බව පර්යේශන මගින් සොයා ගෙන ඇත.
මෙම රෝගය ඇති වීමට හේතු මොනවාදැයි බැලුවහොත්,
1. මොළයේ ස්නායු සෛල මිය යාමට හේතු වන රෝගී තත්වයන්. උදා - Alzheimers රෝගය, Parkinsons රෝගය
2. මොළයේ රුධිර වාහිනී අවහිර වීම හා මොළයේ අභයන්තරයේ සිදු වන ලේ ගැලීම්.
3. අධික මත්පැන් භාවිතය
4. පෝෂණ ඌනතා
උදා - Thiamine ඌනතාව, ෆෝලේට් ඌනතාවය
5. සිරුරේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලි සිරුරට විරුද්ධව ක්‍රියා කරන යම් අවස්ථා (රෝගී තත්ව )
උදා - Systemic lupus reythematosus(SLE) , Multiple sclerosis , Neurosarcolidosis
6. හිසට සිදුවන අනතුරු
7. සිරුරේ සිදුවන රසායනික සංකූලතා
උදා - තයිරොයිඩ් සංකූලතා, අක්මාව අකර්මණය වීම, පිටියුටරි හෝමෝනයේ ඌනතාවය, ඇඩ්රිනල් ග්‍රන්ථියේ අකාර්යක්ශමතාව, සිරුර තුල නයිට්‍රජනීය අපද්‍රවය එකතු වීම(Uraemia)
8. මොළය තුල ඇති වන පිලිකා තත්ව
ඉහත සඳහන් ආකාරයේ කරුණු කාරණ නිසා ඇති වන මෙම රෝගය මොන වගේද, එය හදුනා ගන්නේ කොහොමද කියල අපි දැන් බලමු.
Dementia නිසා ඇති වන රෝග ලක්ශනයන් මෙසේය.
1. දුර්වල මතකය
රෝගයේ මූලික අවධියේදීම ඇති වන රෝග ලක්ශනයකි. මෙහිදී මූලිකවම සිදු වන්නේ නව තොරතුරු මතක තබා ගැනීමට නොහැකිව යාමයි.
උදා - යමෙක් පැවසූ දෙයක් සුලු වේලාවකින් අමතක වීම, තමා අහාර ගත් බව හෝ ස්නානය කල බව සුලු වේලාවකින් අමතක වීම. මෙහිදී අමතක වීම නිසා වරින් වර වෙඩි ආහර ප්‍රමාණයක් ගැනීමෙන් දියවැඩියාව වැනි රෝගී තත්ව උත්සන්න වීමද සිදි විය හැක.
අතීත මතක හොඳින් පවතී නමුත් රෝගයේ අවසන් අදියර වලදී එම මතකයන්ද මැකී යාම සිදු වේ.
රෝගයේ ක්‍රමයෙන් වර්ධනය වීමේදී නිවසේ තම බඩු බාහිරාදි සොය ගත නොහැකි වීම, ඒවා හදුනා ගත නොහැකි වීම, තම නිවස කාමරය හදුනා ගත නොහැකි වීම නිසා ඉබා ගතේ යාම හා ඉන් අනතුරු සිදු වීම වැනි තත්වයනට පත් වේ.
2. අලුත් යමක් ඉගෙනීම අසීරුය
3. හැසිරීමේ වෙනස් කම් සිදු වීම
- එකතැනක සන්සුන්ව සිටීම අපහසු වීම
- ලැජ්ජාව පිලිබඳ සන්වේදීතාව අඩු වීම (උදා - ඇදුම් හදිස්සියේ ප්‍රසිද්ධියේම උනා දැමීම )
- යමක් වෙත අවදානය යොමු කර ගෙන සිටීමේ අපහසුව
- සමාජය හා කටයුතු කිරීමේ අපහසුතා පෙන්වීම
- වෙනදා කල එදිනෙදා වැඩ කටයුතු, විනෝදාංශ වලට ඇති කැමැත්ත අඩු වී යාම.
- හැඟීම් විරහිත බව
- මංමුලා වූ අකාරයෙන් හැසිරීම, ඔහේ දෙඩවීමට පටන් ගැනීම
4. අලුත් තත්වයන්ට හැඩ ගැසීමට අපහසු වීම
5. තමාගේ එදිනෙදා කටයුතු සාමන්‍ය පරිදි කර ගැනීම නොහැකි ලෙස අතපසු වීම් සිදි වීම.
6. සමාජ සම්මත හැසිරීම, සිරිත් විරිත් නොසලකා හැරීම
7. එදිනෙද ක්‍රියාකාරකම් අඩපන වීම
- පිරිසිදු වීම්, නියමා කරයෙන් ඇදුම් ඇඳීමක් සිදු නොකිරීම
- ගෙදරදොරේ වැඩ කටයුතු අතපසු වීම
- මුදල් භාවිතය අපහසු වීම ( ගනන් කිරීම, ගණන් මතක තබා ගැනීම, අගයන් තීරණය කිරීම පැටලුම් සහිත වීම නිසා)
- ප්‍රවේශම් සහිත වීම පිලිබඳ අවබෝධය නොමැති වී යාම.
මෙය මොළයේ පුලුල් පරාසයක සිදු වන වෙනස් වීම් නිසා ඇති වන රෝගී තත්වයක් නිසා රෝග ලක්ශණද ඉහත පැවසූ අකාරයට විවිධාකාර වේ. එම නිසා එක් එක් රෝගියාට ඉහත කියූ රෝග ලක්ශ්ණ සියල්ල පෙන්නුම් නොකරයි. නමුත් රෝගය අවසන් අදියරයන්ට පැමිණෙන විට ඉහත සඳහන් සියලු ලක්ශන පෙන්නුම් කල හැක.
දැන් ඔබට මෙම රෝගියෙක් අනුමාන කිරීමේ හැකියාව තිබෙනවා. ඉතිං ඔබේ ආදරණීය දෙමවුපියෙක් හෝ නෑදෑයෙක් හෝ හිතවතෙක් මේ ආකාරයට අමතක වීමේ ලක්ශණ සුලුවෙන් හෝ පෙන්නුම් කරනවා නම් එය වයස නිසා හෝ සුලු දෙයක් යැයි නොසිතා වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න. රෝගය ආරම්භක අවිධියේම හදුනා ගත හොත් අදාල ඖෂධ හා උපදෙස් පිළිපැදීමෙන් මනා ලෙස රෝගය පාලනය කර සමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකි වේ.
රෝගය තරමක් දුරට උත්සන්න වූ අයට හෝ අවසන් අදියරයන්ට පැමිණි අයටද එම රෝගය නිසා ඇති වන අපහසුතා මග හැරීමට ක්රමෝපායන්ද වෛද්‍යවරයා කියා දේවි එවායින් රෝගියාටද නිවැසියන්ටද මහත් පහසුවක් ලබා ගත හැක.
ජීවිතයේ විවේක ගැනීමට ඇති සැඳෑ සමය නන්නාදුනන්නෙක් සේ හෝ සිහිවිකල් වූවෙක් ලෙස ගත කරන්නෙක් බවට පත් වීමට ඔබේ අදරණීයන්ට ඉඩ නොතබන්න.
මෙහෙම තත්වයකට ගොදුරු වුන වැඩිහිටියෙක් ඉතා හොඳින් රැක බලා ගැනීමත් ඔවුන් සමාජයෙන් කොන් නොකර තියාගැනීමත් ඉතාම වැදගත් ඇති .
ReplyDeleteඔහෝ මම 1 යේ යේ ලා ලා ...:)
Delete:) කොච්චර වැඩ රාජකාරී තිබ්බත් පළවෙනියටම ඇවිත් පෝස්ට් එක කියෙව්වා නේද! හ්ම්ම් තෑග්ගක් දෙන්න වටිනවා.
Deleteස්තූතියි TG.
ඇත්තටම මේ අයට ආදරය කරුණාව සොයා බැලීම ගොඩක් අවශ්‍යයි. හොඳට පරෙස්සම් කලොත් රෝගය තිබ්බත් සතුටෙන් එයාලට ජීවත් වුන හැකි.
අනේ මෙහෙම ලෙඩක් නම් හැදෙන එක නම් හරිම කරුමයක් තමා :(
ReplyDeleteඒක නම් ඇත්ත හසිත තමන්ගේම තැන නුහුරු නුපුරුදු කොයි තරම් අසරණ වෙනවද. ඉතිං එයාලට ගොඩක් සැලකිල්ල කරුණාව අවශ්‍යයි.
Deleteවටිනා ලිපියක් ගිමන්...
ReplyDeleteස්තූතියි නිෂ්!
Deleteමටත් දැන් හැම වෙලේම හැම දේම අමතක වෙනවා..දෙයක් පරිස්සමට අරන් තිබ්බාම ඒක ආයෙ හොයා ගන්නව බොරු..අයියෝ මාත් ලෙඩෙක්ද? :(
ReplyDeleteහපොයි තරුණ කාලෙදි මේ ලෙඩේ හැදෙනවා කියන එක දුර්ලභ දෙයක්. මම නම් හිතෙන්නෙ ඔයාගෙ අමතක වීමට හේතුව නොසැලකිල්ල නැත්නම් සිහිකල්පනාවෙන් නොඉඳීම.
Deleteමට අවුරුදු 22යි.මටත් මෙහෙම වෙනව.නිතරම අමතක වෙනව.කරන දේට කොච්චර හිත යෙදෙව්වත් ටික වෙලාවකින් අමතකයි.මොනාහරි තිබ්බ තැන අමතකයි.ෆෝ නම්බර් එකක් මතක තියා ගන්න බෑ.හැබැයි පන්තිවල උගන්වන දේවල් මතකයි අනිත් ළමයින්ට වඩා.මටත් Dementia ද?
ReplyDeleteනෑ නෑ බය වෙන්න එපා ඕක සාමාන්‍ය තත්වයක් Dementia නෙවෙයි. ටිකක් අතපසු වන දේවල් ගැන සැලකිල්ලෙන් හිටියොත් ඔය තත්වෙ මග ඇරේවි.
Deleteවටිනා තොරතුරු රැසක්
ReplyDeleteස්තූතියි නලිනි!
Deleteහොඳ ලිපියක්... ස්තූතියි.
ReplyDeleteස්තූතියි!
Deleteඔහොම අමතක වෙන එකට ප්‍රසිද්ධම කට්ටිය ප්‍රොෆෙසර්ස්ල නේද ගිමන්.?
ReplyDeleteකතා මහ ගොඩක් මතක් උනා.
අර ඔරලෝසුව තම්බපු එක
අර කැම්පස් එකේදි ඇඟේ හැපිච්ච එක
අර කෝච්චියෙ ගිය එක
අර බෝල කූඩුවෙ එල්ලිලා හිටපු එක
ප්රොෆාලටත් dimentia ද? :)
තව ඔයවගෙ short term memory loss එකක් ගැන කියවෙන කතා සීරීස් එකක් තියෙනවා
Robert Ludlumගෙ Bourne Identity වලින් පටන් ගන්න. සීන් එක කියන්නෙ තමන්ගෙ හතුර කවුද මිතුර කවුද කියලා දන්නෙ නෑ . තමන් කවුද කියලත් මතක නෑ.
පොතත් තියෙනවා, මූවී එකත් තියෙනවා, සුප් එකයි සැලඩ් එකයිත් තියෙනවා. :D
henryblogwalker the Dude
අහ් ඒක නම් ඇත්ත තමා! :) මාත් අහල තියෙනවා ඔය සමහර මහාචාර්යවරුන්ට වෙච්ච අකරතැබ්බ. එයාල ගොඩක් මොළය වෙහෙසවන හින්ද වෙන්න ඇති.
Deleteමම ඔය කියන පොත ගැනත් හොයල බලන්නම්.
Bourne Identity
DeleteBourne Supremacy
Bourne Ultimatum
henryblogwalker the Dude
ඉතාම වැදගත් ලිපියක්..මටත් දොස්තර මාමා දකින්න යන්න වෙන පාටයි!
ReplyDeleteස්තූතියි හිරු. හපෝ ඔයාට නම් මේ ලෙඩේ ඇති කියල හිතන්න වයස මදි තාම.
Deleteවටින කියන ලිපියක්.....මටත් ඔහොම අමතක වීම් ඕන තරම් වෙනවා. අම්මගෙන් බැනුම් අහල කෙළවරක් නැ...ඒක නම් අසනීපයක් නෙවෙයි..සිහියෙන් ඉන්නේ නැහැනේ පී
ReplyDeleteස්තූතිය! :D දඟකාරිනෙ ඉතිං! සිහිකලපනාවෙන් වැඩ කරන්න වෙයි ඕං
Deleteවටිනා තොරතුරැ එකතුවක්... ස්තූතියි !
ReplyDeleteස්තූතියි සිරා!
Deleteඅපේ ලොක්කගේ අම්මටත් මේක ටිකක් වගේ තියෙනවා.. කතා කරන්න ගියාම අපිට හරි අමාරුයි..
ReplyDeleteවයසක කෙනෙක් නම් ටිකක් හොයල බලන්න වෙයි එහෙනම්!
Deleteඅෆ්ෆා මටත් ටිකක් වැඩිපුර මේ ගැන හිතන්න වෙයි වගේ :(
ReplyDeleteහ්ම්ම් දැන්ම නම් බය වෙන්න දෙයක් නෑ.
Deleteසමහර යාළුවො ඉන්නවා කීපවතාවක්ම කියපු කතාවක්ම (මං කිව්වේ උට වෙච්ච සිද්දියක්) එවලේ පලවෙනි පාරට කියනවා වගේ කියනවා. එවලේට මම මල පැනල කියනවා "යකෝ උඹ ඕක මට කියන්න කීවෙනි සැරෙටද කියල" ඒ නම් යාලුවන්ගේ නොසැලකිල්ල වෙන්න ඇති කියල හිතනවා.
ReplyDeleteඒ වගේ ලෙඩක් හැදුනාම වයස නිසා ඇතිවෙන සාමාන්‍ය තත්වයක් කියල හිතන්නැතුව වෛද්‍යවරයෙකුට පෙන්නන ඕනේ තමයි ගිමන් නිවන්න කියනවා වගේම.
කතාව කියන්න තියන ආසාව වැඩි කමට වෙන්නත් ඇති. හැබැයි මම ලිපිය පටන් ගන්නකොටම කිව්ව උදාහරණෙ වගේ, පැහැදිලි අමතක වීමක් තියනවා නම් වෛද්‍යවරයෙක් මුණ ගැහෙන එක හොඳයි!
Deleteවැදගත් තොරතුරු ටිකක් සරලව විස්තර කරලා... වටින ලිපියක්..
ReplyDeleteස්තූතියි තොටිය අයියේ!
Deleteවටිනා ලිපියක්
ReplyDeleteස්තූතියි නංගා!
Deleteවටින ලිපියක් !! ගොඩාක් දේවල් ඉගෙනගත්තා
ReplyDeleteස්තූතියි නංගා!
Deleteitama vadagat post ekak... thanks
ReplyDeleteWadagath lipiyak. Mehema ledekuta beheth ganna hoda dr kenek innawanam kiyannako. Please...
ReplyDeleteWadagath lipiyak. Mehema ledekuta beheth ganna hoda dr kenek innawanam kiyannako. Please...
ReplyDeleteWadagath lipiyak. Mehema ledekuta beheth ganna hoda dr kenek innawanam kiyannako. Please...
ReplyDeleteමේ රෝගය ගැන මැති ඇමතිවරු දැනුවත් කිරීම වැදගත්
ReplyDeleteමගේ සහෝදරයටත් මේ වගේ අමතක වීම් තියෙනවා .එයාගෙ ඔලුවෙ ඔපරේෂන් එකක් කලා අවුරුදු 2කට කලින්.එ ඔපරේෂන් එක කලාම එයාට අමතක වීම තිබුනා.නමුත් දැන් ඊට වඩා අමතක වීම වැඩියි.එයා දැන් ගොඩක් තනියම ඉන්න බලනවා.නිතරම නිදිමත එනවා.කරන කියන දේවල් මතක නෑ එයාට.මේකට මොකක්ද කරන්න පුලුවන් .
ReplyDelete