Thursday, March 28, 2013

නිවුණු ජීවිත



ජයතිස්සට සිද්ද වූ දේ නොදන්නා අය මෙතනින් ( දැවුන ජීවිත ) ගිහින් කියවලා ආවොත් මේ කතාව ගොඩක් රසවත් වේවි.

තර්ජනාත්මක ලෙස බලා සිටි නිලධාරී දෙපල කාමරයෙන් පිටත්ව යනු ජයතිස්ස අන්දමන්ද වී බලා සිටියේය. සිදු වූ දෙය සිහි කල්පනාවට ඒමට මද වේලාවක් ගත විය. 

"මෙච්චර අයිස් ගහන එවුන් කන්තෝරුවෙ ඉඳිද්දි, මටමනෙ ඒ හෙණහුරත් පාත් වුනේ" 
ලේන්සුව ගෙන වැක්කෙරෙන දහඩිය පිස දමා වතුර වීදුරුව එක හුස්මට හමාර කලේය.

ඒ සමඟම පැමිණියේ පියන් කොලුවාය.

"සර්ට ලොකු සර් එන්න කිව්වා"

"හ්ම්ම්" තවත් කුණාටුවක පෙර නිමිති පහල වී ඇති බව ජයතිස්සට වැටහිණ.

"අද නම් මොන කරුම දවසක්ද මන්දා"

යටහත් පහත් ලීලාවෙන් ජයතිස්ස ප්‍රධානියා ඉදිරියට පැමිණුනේය.

"ජයතිස්ස! මොනවද අයිසෙ මේ කරන්නෙ?" සිතුවාක් මෙන් සිදු වූ දෙය ලොක්කාද දැනගෙන ඇත.

"නෑ සර්, මේ අද ටිකක් වැඩ වැඩි වුනා ඒකයි"

"අනේ මේ නවත්ත ගන්නවා අඬවැඩියාව, මොකද තමුසෙට කියල අමුතුවෙන් වැඩ හම්බ වෙනවයැ. අර සිරිතුංග කරන්නේත් තමුසෙගෙ වැඩ ටිකමනෙ. අර අපූරුවට වෙලාවට වැඩ ටික කෙරෙන්නෙ, ජයතිස්ස මම කලිනුත් තමුන්ට අවවාද කලානෙ. දැන්නම් මට කරන්න දෙයක් නෑ, හෙඩ් ඔෆිස් එකෙන් මේකට මොන තීරණයක් ගනීද දන්නෑ. අනේ මන්ද අයිසෙ තමුසෙලගෙ මේ වැඩ නිසා මටත් බැණුම අහන්න වෙනවා"

ජයතිස්සට බිම බලා සිටිනු හැර වෙනත් කියන්නට දෙයක් නොතුබුණේය.

"දැන් ඉතින් යනවා"

ජයතිස්ස ඉක්මණ් ගමනින් සිය කාමරයට පැමිණියේ කන්තෝරුවේ අනෙක් අයගේ ඇස් වලින් වහන් වීමටය.

එසැණින්ම කාමරයට පැමිණියේ සිරිතුංගය.

"ඔන්න ආවා හොඳ මිනිහා, වෙච්ච දේ ගැන මිනිහට සතුටු ඇති" ජයතිස්ස ඉරිසියාවෙන් යුතුව සිතීය.

"මොකද ජයේ වුනේ?"

සිරිතුංග ඇසුවේ කන්තෝරුවේ ඕප දූප ඇසීමට වඩා මිතුරාගේ මුවින්ම සිදු වූ දෙය දැන ගැනීම සුදුසු යැයි සිතූ නිසාය.

"ඇයි ආරංචිය ආවෙ නැද්ද"

ජයතිස්ස තරමක් කේන්තියෙන් සිටින බවක් සිරිතුංගට හැඟින. 

"නෑ ජයේ, ඔය මිනිස්සු කියන කතා අහනවට වැඩිය ජයේගෙන් ඇත්ත කාරණේ අහ ගන්න එක හොඳයි කියල හිතුනා. ඔය මොකක්ද පගාවක් ගැන කසු කුසුවක් යන්නෙ"

ජයතිස්සට තවත් කේන්ති ගියේය. "මෙහෙමත් මිනිස්සු!"
එක අතකට සිරිතුංග ඔවුනට වඩා හොඳ යැයි ඔහුට සිතිණ.

"අනේ ඇත්තට සිරි පුදුම මිනිස්සුනේ මේකෙ ඉන්නෙ! එහෙම මුකුත් වුනේ නෑ. මම මෙතනට එන අයට හරියට කතා කරන්නෙ නෑ කියල පැමිණිල්ලක් දාලලු. අද ඒක බලන්න හෙඩ් ඔෆිස් එකෙන් දෙන්නෙක් ඇවිත්, වෙලාවට අදත් මට වැඩ වැඩි නිසා ටිකක් කේන්ති ගියා"

සිරිතුංගට කාරණේ වැටහින.

"අහ්, එහෙම ප්‍රශ්ණයක්ද. හ්ම්ම් මමත් කීපවරක්ම හිතුව ඕක ගැන කතා කරන්න. ඒත් ජයේ මොනවත් හිතයිද කියල නිකන් හිටිය."

"අනේ මන්ද සිරි, මට නම් පිස්සු වගේ, ජීවත් වෙන්නත් එපා වෙලා. සිරි දන්නවනෙ මම කොච්චර වැඩ කරනවද කියල, කන්න බොන්න වෙලාවක් නෑ, ගොඩක් වෙලාවට ගෙදර ගෙනිහිල්ලත් වැඩ කරනවා. එහෙම කරලත් බලන්නකො වෙච්ච දේ"

සිරිතුංගට සිය මිතුරා ගැන ඇත්තටම අනුකම්පා සිතිණ.

"ජයේ, මම දන්නවා ඒ ගැන හොඳටම. වැරැද්ද තියෙන්නෙ ජයේ කරන්නන් වාලෙ වැඩ කරනවා මිසක් තමන් කරන පිළිවෙල හරිද කියල පොඩ්ඩක් නිදහසේ කල්පනා නොකරන එක"

"ජයේට තියෙන්නෙ මානසික පීඩනය, ඕක පාලනය කර ගත්තේ නැති වුනහම දවසින් දවස වැඩි වෙන එකයි වෙන්නෙ. එතකොට වැඩ කිරීමේ හැකියාව අඩු වෙනවා, හිතයි ඇඟයි දෙකම දුර්වල වෙනවා.
අපි උදාහරණෙට ගමු ජයේවම,

අපි දෙන්නම මේ සෙක්ෂන් එකේ වැඩට ආවෙ එකට. ඇත්තටම වැඩ එනවා වැඩියි තමයි. ජයේ මොකද කලේ මුල් කාලේ වැඩ ටිකක් හෙමින් සීරුවෙ කලා, වැඩ එකතු වෙද්දි හදිස්සියට කරන්න ගිහින් කීපයක් ආපහු කරන්න වුනා, වැඩ එකතු වුනා. ඊට පස්සෙ මැරී ගෙන ඒව ඉවර කරන්න හැදුවා මිසක් වෙන දෙයක් ගැන හිතුවේ නෑ. ඒ ගත්ත අධිෂ්ඨානය හොඳයි තමයි, ඒත් සැලසුමක් සමබර තාවයක් නැතුව ඒ අධිශ්ඨානයෙන් පලක් නෑ. කොටින්ම කිව්වොත් ජයේගේ හිතේ තිබ්බ පීඩනේ අඩු කර ගන්න මුකුත් නොකල එකයි ජයේ කල ලොකුම වැරැද්ද"

සිරිතුංගගේ වචනයක් පාසා පවසන්නේ ඇත්ත බව ජයතිස්සට සිතේ. ඒත් ඔය කියන පීඩනේ වැඩ ඉවර නොකර කොහොම අඩු කරන්නද. 

"මොකද ජයේ කල්පනා කරන්නෙ? මම කියපුව වැරදිද?"

"අහ් නෑ සිරි ඒ ඔක්කොම ඇත්ත, ඒත් වැඩ ඉවර නොකර කොහොමද සැහැල්ලු වෙන්නෙ?"

"ඉතින් ජයේ, මටත් මුල් කාලේ ජයේට වගේම තමයි, ගෙදර යන්නෙ ඔලුව තෝන්තු වෙලා වගේ. හැබැයි ගෙදර ගිය ගමන් මම ඔෆිස් එක අමතක කරල දානවා.
වයිෆ් එක්ක පොඩි චැට් එකක් දාල වොශ් එකක් එහෙම දාගෙන පොඩි එවුන් එක්ක පොඩ්ඩක් වෙලා හිටියහම අර ඔලුවෙ තිබ්බ බර කොහෙන් ගියාද නැහැ.
රෑට හොඳ නින්දක් දාල ෆ්‍රෙෂ් පිට පහුවදාට ඔෆිස් ගියහම දවසක වැඩ පැයෙන් දෙකෙන් නීට් එකට කරල දාන්න පුලුවන්."

"වැඩ උපරිමේටම වැඩි වෙලා හිර වුන වෙලාවලුත් තිබ්බ. එක පාරක මම කෙලින්ම ලොක්කව හම්බුනා. හම්බ වෙලා කිව්ව ඉන්න තත්වෙ. රාජකාරී සාකච්ඡාවක් විදිහට නෙවෙයි හිතවත් කමට පොඩි උපදෙශයක් ගන්න විදිහට. ජයේට කියන්න ලොක්ක අපි හිතන විදිහෙ මරුමුස් පොරක් නෙවෙයි. එදා පොර මට මරු ලෙක්චර් එකක් දුන්නා අපේ ෆීල්ඩ් එකෙ තොරතුරු හොයන කෙටි ක්‍රම, අපි යටතේ ඉන්න අයගෙන් උදව් ගන්න හැටි, පැය ගානක් දඟලල අපි හදන ලිපි කෙටියෙන් ලස්සනට හදන ෆොර්මැට්ස් ගැන. කියපු විදිහට ට්‍රයි කරල බැලුවා, මෙන්න බොලේ දවස් දෙකෙන් වැඩ ටික ගොඩ. ලොක්කගෙ හිතත් හොඳයි. 

ඔෆිස් එකේ අනිත් අය එක්ක හොඳට කතා බහ කරල ඉන්න එකත් වටිනවා, මොකද ජයේ හැමෝම එක්කම හිත හොඳින් හිටියහම ඕන වැඩක් ඉක්මණට කර ගන්න පුලුවන්. ඒ නැතත් පොඩ්ඩක් හරි හිත කරදර වෙලාවක ලඟ ඉන්න එකෙක් එක්ක පොඩි විහිලුවක් කරල වචනයක් දෙකක් හිනාවෙලා කතා කලහම හිත ටිකක් නිදහස් වෙනවා. 

තවත් වැදගත්ම දෙයක් තමයි පිලිවෙල, තමන්ගෙන්ම පටන් ගන්න ඕනෑ, බලපන් උඹ ඇදන් ඉන්න හැටි. එහෙම නෙවෙයි ජයේ මහලොකු විලාසිතා නැතුවට අදින එක හෝදල මැදල, දකින කෙනෙක්ට ප්‍රසන්න විදිහට ඉන්න ඕනෑ. එතකොට අපිටම එනවා අමුතු ගැම්මක්. ඇඟේ ඈලි මෑලි ගතිය නැති වෙන්න ඕවත් බලපානවා.
ඊලඟට කරන වැඩ, කරන දේ උපරිමයෙන් ලස්සනට පිළිවෙලට කරන්න ඕනෑ, එතකොට කරන වැඩේ ආසාවෙන් කරන්න පුලුවන්, මහන්සි දැනෙන්නෙ නෑ, වැරදීම් අඩු පාඩු නිසා ආයෙ ආයෙත් කරන්න වෙන්නෙ නෑ, බලන්න ඒකෙන්ම කොච්චර වෙලාව ඉතුරු වෙනවද! කොහොම හරි එදිනෙදා වැඩ එදාම ඉවර කරන්න උත්සාහ ගන්න එකත් ගොඩක් වටිනවා. 

"අනික ජයේ ඔෆිස් වැඩ කියන්නේ ජීවිතේ එක කොටසක් විතරයිනෙ, එවාට වෙන් කරන අවධානයට සමානව පවුල බිරිඳ දරුවො වෙනුවෙනුත් වෙන්වෙන්න ඕනෑ. එයලගෙන් හිතට ලැබෙන ශක්තිය වෙන කිසි දේකින් ලබන්න බෑ. කොච්චර වැඩ තිබ්බත් එයාල එක්ක නිදහසේ ටිකක් කතා කරන්න, ඉඳල හිටලවත් එයාලත් එක්ක ගෙදරින් පිට පොඩි ගමනක් බිමනක් යන්න, එහෙම ගිහින් බලන්න එයාලගේ සතුට! අපිට නොදැනුනාට ලමයි පුදුම සතුටක් විදින්නෙ, ගමනක් යන එකටත් වඩා තාත්ත එක්ක ඉන්න තියන ආසාවට, ඒ  වෙලාවට තමයි හිතෙන්නෙ ජයේ ලෝකෙ මීට වඩා සතුටක් තියෙද කියලා"

ඔය කාරණා සම්පූර්ණ උනහම මානසික පීඩනේ බිංදුවටම බහිනවා, ජීවිතේ ඉබේම ගොඩක් සුන්දර වෙනවා. ඔය දේවල් මුකුත් සල්ලි වියදම් වෙන දෙවල් නෙවෙයිනෙ. හිත සතුටෙන් නම් ලෙඩ අඩුයි. බලපන් උඹට තියෙන ලෙඩ ගොඩ! ෆෙෂර්, සීනි, පපුවෙ මහන්සිය, හිසරදේ ඔය ඔක්කොම කාලේක ඉඳන් උඹට තියන මානසික පීඩනේ හින්දා හැදුන එවා, වෙලවට කන්නේ නෑ, කෑවත් කන දෙයක් අල්ලන්නෙ නෑ. තාමත් පරක්කු නෑ ජයේ පොඩ්ඩක් හිතල බලපන්. පොඩි වෙනස්කම් කීපයකින් ජීවිතේ ගොඩක් වෙනස් කර ගන්න පුලුවන්. 

සිරිතුංගගේ වචන සමඟ තමා ලඟම තබාගෙන තමා නොවිඳි සතුට ගැන තෙරුම් යන විට ජයතිස්සට ශෝකය මුසු පසුතැවීමක් දැනෙන්නට විය.

"උඹට පිං සිරි මේව තෙරුමක් කරල දුන්නට, මට දැනුයි හිතෙන්නෙ මම හිටියෙ මොන තරම් කාලකණ්නි ලෝකෙකද කියල."

"ඕක මොකක්ද ජයේ, යාලුවෝ ඉන්නෙ ඒකටනෙ. දැන් ඉතින් වෙච්ච දේවල් ගැන හිතන්න එපා. ඉස්සරහට කරන්න තියන දේවල් ගැන හිතමු. අද වුන දේ විසඳ ගන්න බැරි වෙන එකක් නෑ. එච් ආර් ඩිපාර්ට්මන්ට් එකේ ලොක්ක මාත් එක්ක ටිකක් හිතවත්. අපේ ලොක්ක එක්කත් කතා කරල මේක ශේප් කරල දාමු, උඹේ හිර වුන වැඩ ටිකටත් මම හෙල්ප් එකක් දෙන්නම්, නිහාලුත් හිත හොඳ එකා පොරත් උදව් කරයි. ජයේ මේ ඔක්කොටම වඩා වටින්නෙ මම කියපු දේවල් ටිකක් හිතල වැරදුනු තැන් හදා ගන්න එක."

"මට තේරෙනවා සිරි, උඹට මේවට ස්තූති කරන්න මං ගාව වචන නැහැ" ජයතිස්ස මුලු හදින්ම පැවසූවේ සිරිතුංගගේ දෑත් තරයේ අල්ලා ගනිමිනි.
සිරිතුංග හා කල කතාබහෙන් පසු හිතට දැනෙන සුවය ගැන ඔහුට පුදුම සිතින.

කල්‍යාණ මිතුරෙක් යනු ජිවිතයේ යහමඟ දකින්නට උදව් කරන්නෙකු  බවට කොහේදී හෝ අසා තිබූ දෙය සම්පූර්ණයෙන්ම සත්‍යක් බව ජයතිස්සට හැඟින.

34 comments:

  1. ගොඩක් වටින අදහස් සහ උපදෙස් ගිමන් නිවන්නා... හැමෝම ඉන්නේ නුරුස්සනා සුළු හැඟීමෙන් වැඩ කරන්නෙත් එහෙමයි. ඒ තමන් කරන රැකියාව ගැන සතුටක් නැති නිසා. ගෙදර ප්‍රශ්ණ නිසා ආර්ථික අමාරුකම් නිසා. අන්තිමේ ඒවා වැරදි විදිහට පිටවෙන්නේ... තමන්ටම ප්‍රශ්ණයක් වෙන විදිහට.ස්තූතියි මේ ලිපියට ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කා! අක්කට නම් මේ පිළිබඳ ගොඩක් අත්දැකීම් ඇති.අමාරු වැඩ පහසු කර ගැනීමේ හොඳම ක්‍රමේ රැකියාව ගැන ආසාවක් ඇති කර ගැනීම.

      Delete
  2. පොඩි වෙනස්කම් කීපයකින් දැවෙන ජීවිත නිවුණු ජීවිත බවට හරව ගන්න පුලුවන් බව ගොඩක් දෙනෙක්ට අමතක වෙලා. අපි හැමෝම අඩු වැඩි වශයෙන් දැවෙන ජීවිත ගත කරනව. ඒ නිසා අපූරු කථාවක් විදිහට ගිමන් අපිට සමීප කරපු මේ අදහස් හැමෝටම වැදගත්. ගිමන්හලට ගොඩ වැදුන අයට ජීවිතේ විඩාව නිවාගෙන සාර්ථක ජීවිත ගත කරන්න මේ කතාවෙන් ලැබුන ආදර්ශ ලොකු උදව්වක් වෙයි....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි චාම්ස්! අපි කාට වුනත් මේ විදිහට ජීවිතේ රසවත් කර ගන්න පුලුවන්

      Delete
  3. ඇත්තටම ගිමන් නිවාගන්න කදිම තැනක් තමා මෙතැන.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නලීන්!

      Delete
  4. ආව්... දැනුයි ම‌ෙග් කලින් කමෙන්ට් එකට දාපු රිප්ලයි එක තේරුනේ... හි හි

    ReplyDelete
    Replies
    1. ඒකනේ හිරු! හිරු නම් කලින් මේ ගැන ඉඟියක් කලින් පෝස්ට් එකට දාපු කොමෙන්ට් එකෙන් දුන්න නේද.

      Delete
  5. ගොඩක් වටින ලිපියක් අයියේ. මේක ඔය වගේ අපිලිවෙලට කල‍බලේට වැඩ කරන අයට හුගක් වැදගත් වෙයි. එයාලටත් එයාලගේ ජීවිතේ දිහා නැවතිලා ‍චුට්ටක් හිතලා බලන්න. අපිටත් මේකෙන් ගන්න තියෙන දේවල් හුගයි. සැබවින්ම මේ ලිපිය හරිම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි බට්ටි නංගි! අපි දන්න දේවල් තමයි, හැබැයි පිලිපදින්න කම්මැලි. පිළිපැද්දොත් නම් ජීවිතේම ගොඩ.

      Delete
  6. කලින් පෝස්ටුව කියෙව්වෙ දැන්නේ..මේක ඒකත් එක්කම කියවපු එක වටිනවා කියලා හිතුනා..ස්තුතියි ගිම්..රස්සාවේ තියන පීඩනය අපි හැමෝටම දැනෙන දෙයක්..මේ වගේ පුංචි පුංචි දේවල් වලින් ගොඩක් දුර යන්න පුළුවන්..

    ආ..තව එකක් තමා තමන් ඉවර කරපු වැඩ ඉවර වුන එක ගැන සමරනවා පුළුවන් නම් ආතතිය අඩු කරගන්න මෝටිවේට් වෙන්න ගොඩක් උදව් වෙනවා..!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්තටම හොඳ දෙයක් රූ! මොකද තමන්ගේ සාර්ථකත්වය සමරනවා කියන්නෙ නැවතත් ඒ සාර්ථකත්වය ලබා ගන්න හොඳ උත්තේජයක් ලැබෙනවා කියන එකනේ.
      ස්තූතියි අදහසට!

      Delete
  7. ගොඩාක් වටිනා අදහස් ටිකක්. නිවෙන හැටි අපූරුවට කියා තියෙන්නෙ. පිළිවෙලකට වැඩ කලාම එවා කරන්න ලෙහෙසියි. අද වැඩේ අදම කරන එක තමා හොඳ. වැඩ ගොඩ උනාම මෙහෙම අවුල් වෙන්නෙ.වටිනා දැනුම ලබා දුන් ඔබට ජය.!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි චන්දි! එදිනෙදා වැඩ එදාම ඉවර කිරීම කියන්නෙ ගොඩක් සාර්ථක දියුණුවේ දොරටුවක්.

      Delete
  8. 1ඒත් සැලසුමක් සමබර තාවයක් නැතුව ඒ අධිශ්ඨානයෙන් පලක් නෑ.
    2ඔෆිස් එකේ අනිත් අය එක්ක හොඳට කතා බහ කරල ඉන්න එකත් වටිනවා
    3තවත් වැදගත්ම දෙයක් තමයි පිලිවෙල,
    4අපිට නොදැනුනාට ලමයි පුදුම සතුටක් විදින්නෙ
    5තමා ලඟම තබාගෙන තමා නොවිඳි සතුට ගැන
    6 උඹේ හිර වුන වැඩ ටිකටත් මම හෙල්ප් එකක් දෙන්නම්,
    7 උඹේ හිර වුන වැඩ ටිකටත් මම හෙල්ප් එකක් දෙන්නම්,
    මෙහි තිබෙන සෑම වචනයක්ම අපි ජිවිතයේ ප්රායෝගිකව මුහුණ දෙන්නකි.මම එය අත් දැකිමෙන් දනි.වැදගත්ම දේ වැඩ කරන තැන සහයෝගයෙන් සිටිමය.අමාරුවෙන් හරි ඒ කළ යුතුය.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ගයානි! මුලු ලිපියේම හරය ලස්සනට පෙල ගස්වලා තියෙනවා.
      ගයනිටත් මේවායෙ වටිනාකම පෙන්වන අත්දැකීම් ගොඩක් ඇති නේද කණ්ඩායම් හැඟීම ගොඩක්ම අවශ්‍ය වන රැකියාවක් නිසා.

      Delete
  9. හ්ම්ම් හුඟාක් වටිනා උපදෙස් සහිත පෝස්ටුවක්. ඇත්තට වැඩ අනාගන්නෙ පිළිවෙලක් නති කමට. ඒ වගේම ඔෆීසියේ වැඩ ගෙදරට ගේම ( මටත් ඕක කරන්න සිද්ධ වෙනවා. ඒ නම් වැඩ ගොඩ ගැහිලා නම් නෙමේ. ඒ වෙලාවෙදී අපි කරන්න ඕනෙ වැඩ විතරයි.) ගැටළු ගොඩක් ඇති කරන දේයක්. හරි නින්දක් නැති කම ගැටළු ගොඩක් ඇති කරනවනේ. අනික එකම දේ නිතර කිරීමෙන් දැනෙන ඒකාකාරි බව.

    හැමදාම වගේ දැනුවත් කිරීමට ස්තුතියි ගිම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලිහිණි!
      ඔයා කිව්ව සියල්ල හරි, හැමතිස්සෙම අපි සතුටෙන්ද කියල හිතන්න ඕනෑ එහෙම නැත්නම් ඒ සතුට නැවත ලබා ගන්න ජීවිතේ සමබර කර ගන්න ඕනෑ.

      Delete
  10. ඉංග්‍රීසි ඉගෙනගන්න පුළුවන් ලෙහෙසි ක්‍රමයක් තියෙනවන් කියල දෙනවද?

    ReplyDelete
    Replies
    1. ගොඩක් වටින ඉල්ලීමක් ඉමන්ත. මීට කලින් මමත් මේ ගැන හිතුවා. ඔබේ ඉල්ලීම ඒ ගැන ලිපියක් පල කරන්න තල්ලුවක්. ඉතා ඉක්මණින් ඔබේ ඉල්ලීම ඉටු කරන්නම්.
      (ප්‍රවීණ ඉංග්‍රීසි දැනුමක් නොමැති වුවත් එදිනෙදා දිවියට අවශ්‍ය පමණට ඉංග්‍රීසි දැනුමක් ලබා ගැනීමට මඟ පෙන්වීමට මට හැකි වෙතැයි විශ්වාස කරනවා )

      ලිපිය පල කිරීමට පෙර ඔබට ඉක්මණ් උදව්වක් අවශ‍ය නම් පහත ඊ-ලිපිනයට ඊ-ලිපියක් එවන්න.
      gimanhalablog@gmail.com

      Delete
  11. වගකීම වැඩි වෙනකොට, එක දිගට සේවය කරන පැය ගාන වැඩි වෙනකොට, නිකම්ම ආතතියත් වැඩි වෙනවනෙ. ගිමන් නිවන්නා හොඳ උපදෙස් ටිකක් දීලා තියෙන්නෙ. හුරු වෙන්න අපහසු වුණත්, හුරු වුණහම හොඳ ජීවන රටාවක් ඒක.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලිනි!
      රැකියාවත් ජීවිතයත් දෙකම රහක් ඇතිව ගෙන යන්න මේ අකාරයට හැකියාව ලැබේවි කියල හිතනවා.

      Delete
  12. නියමයි ගිමා අයියේ නියමයි. කතාව ඇතුලේ කියන කතාව 100% ඇත්ත. කොයි දේ පිළිවෙලට කරන්නත් හිත නිදහස් වෙලා තියෙන්න ඕනි. හිත අවුල් වුනාම කොයි දේත් අවුල් වෙනවා. කාර්යබහුල වෙනවා කියන්නේ ජීවිතේ අවුල් වෙනවා. ඒත් රාජකාරිය හරියට කලොත් කාර්යබහුල වුනත් වැඩි මානසික පීඩනයක් නැතුව වැඩ ටික ඉවර කරගන්න පුළුවන්. ඒකාකාරී බවෙන් මිදිලා පව්ලේ අය එක්ක ගමනක් බිමනක් ගිහින් හිත සැහැල්ලු කරගන්නන ඕනි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම් මල්ලි!
      කතාවේ අන්තර්ගතය ගාණට සාරාංශ කරල තියෙනවා!

      Delete
  13. හරිම වැදගත් සංකල්පයක් නිර්මාණාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා. 100% ක් ම එකඟයි. ඇත්තටම ගිමන්හල දැවෙන ජීවිත නිවන තැනක් වගේ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ලකී! ගිමන්හලට ආදරෙන් පිළිගන්නවා!

      Delete
  14. ගිමන්ගෙ කතාව ඇත්ත.
    ගිමන් මෙහෙම පැත්තක් දැකලා තියෙනවද?
    ඕනෙ තැනක වැඩකරන උනුයි, හොරුයි කියලා ජාති දෙකක් ඉන්නවා.
    වැඩ කරන එකාට තව තව වැඩ පටවන එකත්, හොරාට වැඩක් බාර දීල පලක් නැති නිසා ඌ ආතක් එකේ ඉන්න එකත් හැම තැනම තියන ක්‍රමයක්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් Dude අයියා. බැහැලම වැඩ කරන එවුන් ටික හින්ද අයිස් ගහන එවුන් ටිකත් රැකිල ඉන්නවා. හැබැයි එහෙම අය හැබෑ ජීවිතෙත් ඔය වගේම තමයි, තමන්ටවත් අනුන්ටවත් වැඩක් ඇති අය නෙවෙයි.

      Delete
  15. දෙවනි කතාවෙන් ලියවුන උපදෙස් මාලාව හුඟක් වටිනවා ඇත්තටම.. ආතතිය පාලනය කරන් වැඩ කරන එක කාටත් හොදයි ඇත්තටම..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දිනේශ්!
      මානසික පීඩනය ගැන තවත් විස්තර ඊලඟ ලිපියට ඇතුලත් කලා.

      Delete
  16. කියල දුන්න ඔයත් කල්‍යාණ මිත්‍රයෙක් වටිනව ගොඩක්................සිත්තමී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිත්තමී නංගි!

      Delete
  17. කෙටි කතාවකට වඩා රටක් වටින උපදෙස් ටිකක්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි!
      උපදෙසක් වුනත් රසවත් උනොත්නෙ මතක හිටින්නෙ.

      Delete