Monday, September 3, 2012

සමට වින කරන පොතු කබර රෝගය - සොරයිසිස් (Psoriasis)



සිය පෙම්වතිය දැකීමට යාමට කඩිමුඩියේ සැරසෙමින් සිටි ගයාන් ඔහු ඇඳ සිටි තද නිල් පැහැති කමිසය මත වැටී තිබූ සුදු පැහැති කුඩු වැනි යමක් දැක්කේය.

එසැණින් හිස කෙස් ඔසවා හිසකෙස් වල පිටත මායිම බැලූ ඔහු කම්පාවට පත් විය.


"ෂිහ් මේ කරුමෙ ආයෙත් හැදිල"


පවසමින් ගයාන් එම පෙදෙසේ තිබූ සුදු පැහැති කොටස් සූරා දමන්නට විය.  


එසේ කර දණහිස හා වැලමිට දෙස බැලූ ඔහු එවායේද මතු වී තිබූ සුදු පැහැයට තුවාලයක් සුව වූ පසු දක්නට ලැබෙන කබොල වැනි කැලැල් දෙස ශෝකයෙන් බලා සිටියේය.


"මේක හොඳ වෙන්නෙ නැද්ද මංදා!'


මීට මාස 6 කට පමණ පෙර නව රැකියාවක් සඳහා ඔහු කුරුණෑගලින් නුවර.එළිය බලා ගියේය. ඒ ගොස් සති දෙකක් පමණ ගත වන විට මුල් වරට මෙම රෝගයේ ලක්ශන සුලු වශයෙන් ඔහුට දැකිය හැකි විය.


මුලින් වැලමිටෙහි ඇති වූ මෙම කැලැල් පසුව දණ හිස් වලටද ඉන්පසු කණ් පෙති හා හිසකෙස් වල පිටත සීමාවෙහිද ඇති විය.


විවිධාකාර අත් බෙහෙත් හා ගොඩ වෙදකම් කලද සුව නොවූ බැවින් ගයාන් මේ ගැන සිටියේ මහත් මානසික පීඩනයකිනි.


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 


ඉහද සඳහන් කලේ සොරයිසිස්(Psoriasis) එහෙමත් නැත්නම් පොතු කබර නම් රෝගය ඇති වූ මුල් අවදියේ ඉන් පීඩා විදින තරුණයෙකු පිළිබඳ කෙටි විස්තරයකි.


මෙය වර්ථමානයේ චර්ම රෝග අතර තරමක් බහුලව දැකිය හැකි රෝගී තත්වයකි. ජනගහනයෙන් 2% පමණ පිරිසක් මෙයින් පීඩා විදින බව සමීක්ශණ මගින් පෙන්වා දී ඇති අතර ස්ත්‍රී පුරුශ බේදයකින් තොරව මෙම රෝගය වැලඳිය හැකියි.


මෙම සොරයිසිස් රෝගය ඇති වීමට හේතුව තවමත් හරියාකාරව සොයා ගෙන නොමැත. නමුත් වඩාත් පිළිගත් මතය වන්නේ ජානමය බලපෑමක් නිසා ඇති වන්නක් බවය. එනම් මෙය කිසිම විටක බෝවන රෝගයක් නොවේ.


රෝගය ඇති වන යාන්ත්‍රණ සරලව සඳහන් කලහොත්....


මෙය සිරුරේම ඇති ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණයක් සිරුරට විරුද්ධව ක්‍රියා කිරීමක් නිසා ඇති වන්නකි. එම ක්‍රියාවලිය පණ ගැන් වීමට පුද්ගලයාගෙන් පුද්ගලයාට විශේෂිත වූ යම් හේතුවක් (Provocating factor) බලපායි

උදා :-


  • තුවාල - රසායනික ද්‍රව්‍ය, වැටීම් සීරීම්, ආසාදන නිසා ඇති වන තුවාලයක් මෙම ක්‍රියාවලිය අරම්භ වීමට හේතුවක් විය හැක.


  • ආසාදන - සමහර බැක්ටීරියා ආසාදන (Streptococcal pharyngitis), හෝ වයිරස් ආසාදන (HIV) නිසා


  • ඖෂධ - Lithium, Sysyemic Corticosteroids , වැනි ඖෂධ කාලයක් ගෙන නැවැත් වූ විට, මැලේරියාව සඳහා ලබා දෙන සමහර ඖෂධ වර්ග නිසා, රුධිර පීඩනය සඳහා ලබා දෙන ඖෂධ නිසා (beta-blockers)


  • හිරුඑළිය
  • මානසික පීඩනය
  • දුම් පානය
  • මත්පැන්
  • හෝමෝන වල වෙනස් කම්


ඉහත සඳන් කල අනපේක්ශිත අරම්භක උත්තේජනයක් නිසා සිරුරේ නිපදවෙන ප්‍රතිශක්තිකරණයට අදාල ප්‍රෝටීන වර්ග මගින් සිරුර ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියක් ආරම්භ කරනවා. 


තවත් සරලව කිව්වොත් ඉහත සඳහන් කල දේවල් සිරුරට සතුරු දෙයක් යැයි හඳුනා ගෙන ඒවාට විරුද්ධව හමුදාවක් නිපදවනවා. එම හමුදාවට සතුරන් හා සිරුරේම කොටස් හරියාකාරව වෙන්කර හදුනා ගත නොහැකි වීමේන් සිරුරේම සමහර කොටස් වලට පහර දීම සිදු වෙනවා. මෙම රෝගයේදී  එම පහර දීමට ලක් වෙන්නෙ සම.


මෙම පහරදීම නිසා සමේ සමහර ස්ථාන මිය යනවා. එවිට තමයි රෝග ලක්ශණ ඇති වෙන්නේ.


අපි බලමු මෙම සොරයිසිස් රෝග්යේ රෝග ලක්ශණ මොනවාද කියල


- ප්‍රධානම ලක්ෂනය වන්නේ සමේ ඇති වන වෙනස් කම්. මෙහිදී දද ස්වරූපයට සමේ කැලැල් ඇති වීමක් සිඳු වේ. එම කැලැල් පැහැදිලි සීමාවන් සහිතය. කබොලක් වැනි පහසුවෙන් ගැලවී යන කොටසක් උඩට මතු වී තිබෙනු දැකිය හැක.

වෘත්තාකාර හෝ වලයාකාර හැඩයෙන් යුක්ත වේ.

කැලල මතුපිට රතු හෝ රෝස පැහැ ගන්නා අතර රිදී සුදු පැහැති පහසුවෙන් ගැල්වී යන පොතු ආකාරයේ කබොලකින් වැසී පවතී.


- බොහෝ විට දණ හිසෙහිද ඊට පහලින් කකුලේ ඉදිරිපසද, වැලමිටෙහි හා වැලමිටට පහලින් අතෙහි පිටිපසද අතැඟිලි වල ආරම්භක පුරුක් වල හිස් මත, හිසකෙස් අතර සමෙහි හා කන්පෙත්තෙහි මෙම කැලැල් ඇති වේ.


- මීට අමතරව අත්ල හා යටි පත්ල ගොරෝසු වීම සිදු වේ. යටි පතුල් පැලීමද එහිම අතුරු විපකායක් ලෙස ඇති විය හැක.


- රෝගය කාලයක් පවතින විට නියපොතු කඩතොලු වී කැඩී යාම හා නියපොතු විරූපී වීම සිදු වේ.


- සමහර අවස්තා වලදී මෙයින් අස්ථිවලටද බලපෑම් ඇති වේ (Psoriatic Arthritis) මෙම තත්වය හන්දිපත් කැක්කුම ඇති වීමෙන් හඳුනා ගත හැක.


මෙයාකාරයෙන් ඇති වන රෝග ලක්ෂන කාලයත් සමග වෙනස් වේ. කාලගුණය, ආහාර පාන හා මානසික ආතතිය වැනි බලපෑම් මඟින් රෝගය අඩු වැඩි වීම සිදු වේ. ඒ අනුව රෝග ලක්ශන විටින් විට යටපත් වීම හා මතු වීම සිදු වේ.


ප්‍රතිකාර


රෝගයේ මුල් අවදියේම විධිමත් ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත්ය. නිට්ටාවටම සුව කල නොහැකි මුත් රෝග ලක්ෂන ඇති වීම වලක්වා ගත හැකි මට්ටමට ප්‍රතිකාර මගින් රෝගය පාලනය කල හැක. 


(ආයූර්වේද වෛද්‍යය ප්‍රතිකාර ක්‍රම මගින් මෙම රෝගය නිට්ටාවටම සුව කල හැකි බවට මතයක් ඇති මුත් පිළිගත හැකි සාක්ෂි මා හට නොමැති බැවින් ඒ පිලිබඳ අදහසක් දැක්විය නොහැක )


බටහිර වෛද්‍යය ක්‍රමය යටතේ රෝගය පාලනය සිදු වේ. ඒ අනුව ප්‍රතිකාර ක්‍රම 3ක් වේ.


1. ආලේපන (Topical Treatments)


මේ යටතේ ඇති ආලේපන වර්ග මගින් සමේ ඇති වන දද ආකාරයේ පැල්ලම් අඩු කිරීම සිදු වේ. අනවශ්‍යය ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරීතවය අඩු කරන රසායනික ද්‍රව්‍යයයන්ද විටමින් වර්ගද ලිහිසිකාරකද මෙම අලේපන වල අඩංගු වේ, එමගින් සාමාන්‍ය සමක් නැවත ඇති කිරීමට හැකි වේ.


2. ආලෝක කිරණ ප්‍රතිකාර (Phototherapy)


වඩාත් පැතිරුණු හා ආලේපන ප්‍රතිකාර වලට ප්‍රතිචාර නොදක්වන රෝගීන්ට මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිතා කෙරේ.

විශේෂිත තරංග ආයාම යටතේ පෙරා ගත් ආලෝක කිරණ සමට ගැටීමට සැලැස්වීම මෙහිදී සිදු වේ.

ආලේඅපන හා ශරීර ගත ඖෂධ සමඟද මෙම ප්‍රතිකාර ලබා දීම සිදු වේ.


3. ශරීර ගත ඖෂධ (Systemic Therapy)


ආලේපන හා අලෝක කිරණ ප්‍රතිකාර වලින් පාලනය නොවන විට එම ප්‍රතිකාර ක්‍රම වලට සමාන්තරව මෙම ඖෂධ ලබා දේ.

අසිථිවලටද හානි වන ආකාරයට රෝගය ඇති වූවන්ට අනිවාර්‍යයයෙන් ශරීර ගත ඖෂ්ධ ලබා දෙනු ලැබේ.


මාස 6ක පමණ කාලයක් නොකඩවා මාත්‍රාව වෙනස් කරමින් ඖෂධ ලබා දී රෝගය පාලනය කරන අතර රෝග ලක්ෂන නැවත මතු වීමක් සිදු වුව හොත් යලි ප්‍රතිකාර ආරම්භ කෙරේ.


රෝගය පාලනයට අවශ්‍යය මානසික හා චර්යාත්මක උපදෙස් නිවරැදිව පිලිපැදීම සාර්ථකව රෝගය පාලනයට උපකාරී වේ.


පිරිසිදුව සිටීම, රෝගය උත්සන්න වීමට බලපාන ආහාර පාන පිලිබඳ සැලකිලිමත් වීම, වෛද්‍යය උපදෙස් නිවරැදිව පිළිපැදීම, විවේකයෙන් සැහැල්ලුවෙන් සිටීම මඟින් මානසික පීඩනය අවම කර තබා ගැනීම රෝගය පාලනයට ඉතා වැදගත් වේ.


මෙම රෝගය ඕනෑම අයෙකුට වැළදිය හැකි රෝගයකි. කිසිවිටකත් රෝගියෙකුගෙන් තවත් අයෙකුට බෝ වීමක් සිදු නොවේ. ජාන වල බලපෑමක් නිසා ඇති වන්නකි. මේ නිසා කිසිම විටක මෙම රෝහීන් කොන් කිරීමක් හෝ ඒ පිළිබඳ අනවශය ලෙස විමසා අපහසුතාවයට පත් කිරීමක් හෝ සිදු නොකරන්න.


නිවරැදි වෛද්‍යය උපදේශනයකට යොමුවී නැති අයෙක් නම්, මේ පිළිබඳ දැනුවත් කර වෛද්‍යය ප්‍රතිකාර වෙත යොමු කරන්න. රෝග ලක්ෂන සම්පූර්ණයෙන්ම වගේ අතුරුදහන් වන ආකාරයට රෝගය පාලනය කල හැකි බව පැහැදිලි කර ඔවුන් දිරිමත් කරන්න.


35 comments:

  1. හෆොයි....!!! dermatology මගෙ අකමැතිම විෂයයක්. ඒත් ඔයාගෙ ලිපිය නම් වටිනව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිඳූ!
      අදත් මුලින්ම ආවා නේද.
      මගෙ නම් Dermatology වලට විශේෂ අකමැත්තක් නෑ හැබැයි විභාග වලදි නම් සෑහෙන්න වද දුන්න විශයක් කියලයි හිතෙන්නෙ :)

      Delete
    2. ඩොකාලා දෙන්නට ඩර්මටොලජි ගැන සාමාන්‍ය වැසියෙක්ගෙ අදහස කියන්නද? රෑට කනක් ඇහිලා නිදාගන්න පුලුවන් එක species එකක් තමයි ඩර්මටොලජිස්ට්ලා. නිකං ගයිනකොලජිස්ට්ලත් එක්ක සංසන්දනය කරලා බලන්නකො. :D

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    3. @ ඩූඩ්: +++++++++ මං සාමාන්‍ය වැසියත් අත් දෙකම උස්සලා ඩූඩ්ගේ කීම අනුමත කරනවා...
      @සිඳු: ගොඩාක් ගෑල්ලමයි ඩර්මැටෝලොජි, පැතලොජි, මයික්‍රෝබයෝලොජි, හිමැටලොජි වගේ ෆීල්ඩ්ස් තෝරගන්නනේ ඔය ඩූඩ් කිව්ව හේතුව නිසාම තමා..
      @ ගිමන්: ගොඩදාගන්නකම් ටිකක් කට්ට වුනත් ඊට පස්සේ නම් ඉතින් ගොඩම තමා මල්ලි.

      Delete
    4. @dude සම්පූර්ණ ඇත්ත ඕයදේ නම් මට කීප විටක්ම හිතිල තියෙනව :)
      @ තොටියා අයියා හපොයි ඔව් විභාග කට්ට නැතුව වෙන ඕනෙම කට්ටක් හොඳයි.

      Delete
  2. මට මක්කවත් තේරුනේ විෂය ගැන...:D

    හරිම වටින ලිපියක් ගිමන්.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දඟකාරි!
      මේ චර්ම රෝග සම්බන්ද විශය ගැනනෙ කිව්වෙ

      Delete
  3. වටිනා ලිපියක්...පින්තුර ටික දිහානම් ඇස් පියාගෙන වගේ බැලුවේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙහානි!
      රෝගය බරපතල වනතුරු බලානොසිටිය යුත්තේ මේ නිසා තමයි.

      Delete
  4. වටිනා ලිපියක්. ඔය රෝගය ලස්සන තරුණ අයටත් හැදිලා තියෙනවා මම දැකලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ළිහිණි!
      ඔව් තරුණ වයසෙදි වුනත් මේ රෝගය ඇති වෙන්න වැඩි ප්‍රවණතාවයක් තියෙනව.

      Delete
  5. සෙල්ලම් නෙමෙයි වගේ :(

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්... හැදුනොත් පාලනය කර ගැනීමට ටිකක් මහන්සි වෙන්න වෙනවා.

      Delete
  6. මට මතකයි දවසක් ස්ටුඩන්ට් කාලේ වෙච්චි දෙයක්. එක සුළු සේවකයෙක් දවසක් ඔය ලෙඩින් පෙලෙන අසරණ ලෙඩෙක්ව පිලීකුල් කරලා 'මෙයා ජරාලෙඩ අනිත් ලෙඩ්ඩුන්ටත් බෝකරනවා' කියලා එයාව ඇදෙනුත් බස්සවලා රෑට නිදාගන්න පැදුරක් දීලා.. පහුවෙනිදා මේක ආරංචි වෙලා යක්ෂාරූඩ වෙච්චි මැඩම් ඒ සුළු සේවකයා ගෙන්නලා ආයේ ඒවගේ දේ නොකරන්න අපි ඉස්සරාදීම හොඳ ඩෝස් එකක් දීලා සොරයිසිස් ගැන ලෙක්චර් එකකුත් ඊට පස්සේ දුන්නා.. තාම මතකයි

    ReplyDelete
    Replies
    1. ඔය ගැටළුව මාත් දැකල තියනව අයියා. සමාජයේ නොදැනුවත්කම හා මෝඩ අදහස් නිසා මේ රෝගීන් ගොඩක් අපහසුතාවලට ලක් වෙනවා.

      Delete
  7. පින්තූර දිහා නම් බැලුවේ හොරෙන් වගේ..ඒ ගැන නම් ලැජ්ජා වෙනවා මන් ගැනම.. පිළිකුල් කරනවා නෙවෙයි අමාරුයි බලන්න.. හොඳ ලිපියක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා!

      ගොඩක් අයට මේ තරම් බරපතල වෙන්නෙ නෑ. අනෙක ප්‍රතිකාර වලින් මේ ලක්ශන සම්පුර්ණයෙන්ම වගේ නැති කරන්න පුලුවන්.

      Delete
  8. I have being suffering from a skin rash since I was a baby. Doctors in SL told its eczema. It got better as I grow up, but never vanished. About few months back it got bad and when I talked a specialist in Aussy, she did a test and said it looks more like Psoriasis. I'm taking treatments now (some steroids).
    I have heard that it is not good to use steroids for prolonged periods. Can you kindly write an article on that, someday?
    What is the effect of foods on Psoriasis? Can it be worsened by any food we eat?
    Thanks a lot for the useful article. Keep up the good work. Cheers

    ReplyDelete
    Replies
    1. Thank you laki.
      You are warmly welcome to gimanhala!
      According to you description I think you are having a eczema. But your recent condition might be able to Psoriasis. If you want to clarify it more please send me a email.
      Long term steroid usage is not good it can cause many side effects. Your idea is great. I will try to write an article on that.
      There are some foods can trigger a relapse of psoriasis. It can depend on person. Gluten, Red meat, cinnamon, vinegar are common precipitant for psoriasis. But you should careful to identify which foods are specially allergic to you.

      Delete
  9. ඇත්තටම ගොඩක් හොද විස්තර ටිකක් යාළුවා.. නොදැන හිටි තොරතුරු නම් ගොඩක් දැන ගත්තා..

    ReplyDelete
  10. වටිනා ලිපියක්! දිගටම වැදගත් ලිපි ලියන්න.ඔබට ජය!

    ReplyDelete
  11. වැදගත් ලිපියක් ..

    ReplyDelete
  12. හරිම වටිනා සවිස්තරාත්මක ලිපියක්. බොහොම ස්තූතියි .

    ReplyDelete
  13. හරිම වටින ලිපියක්.............

    ReplyDelete
  14. ඔකෙන් මමත් පිඩාවිඳිනවා,මට දැන් වයස 21 යි,අවුරුදු 11 හ හෙන් විතර පටන් ගත්තෙ,එන්න එන්නම වැඩි වෙනවා මිසක් අඩු නම් වෙන්නෙ නැ,සිංහල,ඉංග්‍රිසි,හොමියෝපති,අයුර්වේද ඔය කොයිකත් කලා එත් වැඩක් නැ,සිංහල සහ අයුර්වේද ප්‍රතිකාර වලින් මෙක නිට්ටාවට හොඳ කරන්න පුළුවන්ලු නමුත් එකට ලොකු කාලයක් යනවලු,මට යුනි එකේ වැඩත් එක්ක එහෙම කාලයක් එකට වැය කරන්න බැ,ස්තුතියි ලිපියට.

    බලමු පහත වැඩෙවත් කරලා

    http://www.youtube.com/watch?v=B2c5jm2tefw

    ReplyDelete
  15. හරිම වටින ලිපියක්..
    මම සුදු කබර රෝගය හැදුන රෝගීන් මුහුණ දෙන ගැටලු පිළිබඳ පර්යේෂනයක් කරනවා ඒ ගැන අත්දැකීම් තිබෙන අයට මේ ලිපිය බලලා තොරතුරු දෙන්න පුලුවන් නම් එය ගොඩක් වටිනවා

    ReplyDelete
  16. හරිම වටින ලිපියක්..
    මම සුදු කබර රෝගීන් මුහුණ දෙන සමාජ දුෂ්කරතා නමින් පර්යේෂණයක් කරනවා මේ ලිපිය බලලා සුදු කබර රෝගය ගැන තිබෙන අත්දැකීම් ගැන කියන්න පුලුවන් නම් ඒක ගොඩක් වටිනවා

    ReplyDelete
  17. මට මේ ගැන විස්තර දැන ගන්න පුළුවන්ද?

    ReplyDelete
  18. matath thiyanawa yati pathul wala , allei,

    ReplyDelete