පළමු හා දෙවන කොටස් කියවුයේ නැත්නම් මෙතනින් ගොස් කියවන්න.
අද එතැන් සිට ලිපියේ තුන්වන (අවසාන ) කොටස....
දුම්පානය හා මත්පැන් භාවිතය
දුම්පානය
දුම්පානය යනු දැනට වලක්වා ගත හැකි ප්‍රධානතම රෝගී හා මරණ සඳහා බලපාන්නාවූ සාධකයකි. ලොව පුරා වසරකට මිනිසුන් හාරලක්ෂයකට අධික සංඛ්‍යාවක් අඩු වයසින් දුම්පානයට සම්බන්ධ රෝගී තත්ව වලින් මියයයි. දුම් බොන්නන් අතර සියයට 40ක ප්‍රමාණයක් අඩු වයසින් මිය යයි. දියවැඩියාව හැරුණු කොට නහර කෙරෙහි බලපාන ප්රබලතම සාධකය දුම්පානයයි. එම නිසා දුම්පානය දියවැඩියාව නැත්තෙකුට පවා ඉතාමත් අයහපත් ලෙසට සෞඛ්‍යයට බලපායි. දියවැඩියා රෝගියෙකු දුම්පානය කරයි නම් එම අවදානම මහත්සේ දරුණු වන්නේය.
දුම්පානය නතර කිරීමෙන් පිළිකා සඳහා ඇති අවදානම අඩු කර ගත හැකිය. නමුත් දුම්පානය නතර කලද වසර 20 කට පසුව පවා පෙනහලු පිළිකා සඳහා අවදානම තව දුරටත් රැදී පවතී. එය එතරම් ම දරුණුය.
දුම්පානය නතර කිරීමෙන් හෘද රෝගයක් සඳහා බලපාන්නා වූ අවදානම ඉතා අඩු කරගත හැකිය. මෙහිදී වැදගත් වනුයේ එම අවදානම් අඩු කිරීමේ වාසියෙන් 50 % ක්ම මුල් වසර දෙක තුල ලැබෙන නිසාය. වසර 15 ක් ඉක්ම ගිය පසු ඔබේ අවදානම දුම් නොබොන්නෙකුගේ මට්ටමට පහත බසී.
මේ උදාහරණ මඟින් දුම්පානය නතර කිරීමේ අත්‍යාවශ්‍යතාවය ඔබට හොඳින් පැහැදිලි වෙනවා ඇත.
මත්පැන් භාවිතය.
ලෝකයේ 30 % කට වඩා රිය අනතුරු සඳහා හේතුව මත්පැන් භාවිතයයි. එය වලක්වා ගත හැකි අවදානම් තත්ව අතර තුන්වන ස්ථානය ගනී. එයට ඉහලින් සිටින්නේ ඉහත සඳහන් දුම්පානය හා තරබාරු කම පමණි.
මෙම උදාහරණ දෙක මගින් පමණක්ම මත්පැන් හි අවදානම වටහා දීමට ප්‍රමාණවත් වන්නේය. මඳ වශයෙන් භාවිතය වරදක් නැති බවට සමාජ මතයක් පවතින අතර වැරදි මධ්‍යම ප්‍රචාරනය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිසාත් මත් ද්‍රව්‍ය කොහෙත්ම නිරෝගී පුද්ගලයකුටවත් නොගැලපෙන නිසාත් මත්පැන් භාවිතය නතර කිරීම සෞඛ්‍ය සම්පන්න බව මෙයින් අවධාරණය වන්නේය.
ශරීර ඉන්ද්රියයන් හා අවයවයන් පිළිබඳ සැලකිලිමත් වීම.
- ප්‍රධාන වශයෙන් ඔබගේ වෛද්‍යවරයා ඔබට හෘදයාබාධයක් හෝ අංශභාගය වැනි නහර ආශ්රිත සංකූලතා ඇති වීමට ඇති හැකියාව පිරික්සනු ඇත .
- මෙයට අමතරව වකුගඩු ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කර පරීක්ෂණ කරනු ඇත .
- අන්ධභාවයට හේතු කාරණා වැලකීමට අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකු හට යොමු කොට ඒ ගැන අවධානයෙන් සිටිනු ඇත .
- දෛනික දෙපය ආශ්රිත තුවාල වනවීම් හා හිරි වැටීම් ආදිය මත අනතුරු වළක්වා ගැනීමට උපදෙස් දෙනු ඇත.
දෙපා ආරක්ෂා කර ගැනීම.
- ඇගිලි කකුල් කැපීම දක්වා දිවෙන පාදයේ වනවීම් පිළිබඳව ඔබ හොඳින් අසා ඇත. එයට හේතුවන කාරණා කිහිපයකි රුධිර නහර හීනි වීම මත රුධිර ගමනාගමනය අඩාල වීම එක් ප්‍රධාන කාරණයකි. ඊට අමතර ස්නායු ආශ්රිත කුඩා නහර හානියට පත් වීමෙන් දෙපා වලට දැනීම වේදනාව සංවේදනායහි මදකම නිසා ඉක්මනින් දෙපා ආශ්රිත තුවාල නොදැනීම සිදු වීම අනෙක් ප්‍රධාන කාරණයයි.
- මේ නිසා දිනපතා රාත්‍රියේ නින්දට පෙර දෙපා හොඳින් සෝදා නියපොතු ඇඟිලි කරු ආශ්‍රිතව තුවාල රතුවීම් ඇත් දැයි පරීක්ෂා කර වෙනසක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.
- නියපොතු කොටටම කැපීමත් දිගට වැවීමත් සුදුසු නොවේ නියපොත්ත සම්පූර්ණයෙන් ඇඟිල්ලෙන් එළියට වැඩෙන්නට පෙර වැඩිපුර වැවෙන කොටස පමණක් නියමල් වලට හානි නොවන පරිදි කැපිය යුතුය.
- පාදවල සංවේදනා අඩු නම් පාවහන් පැළදීම අත්‍යාවශ්‍යය. එහිදී ඒවා බුරුල් හෝ තද නොවිය යුතු අතර දෙපයට ගැලපෙන ප්‍රමාණයේ හා ඇතුලත සුමුදු ආවරණයක් සහිත පාද හොඳින් ආවණය වන පාවහන් තෝරාගත යුතුය.
ඖෂධ භාවිතය.
ඉහත සදහන් භෞතික ක්‍රියාකාරකම් මගින් ඔබගේ රුධිරයේ සීනි ප්‍රමාණය පැහැදිලි ලෙසම පාලනය කර ගත හැකි වන්නේය. නමුත් එම ක්‍රියාමාර්ග පිළිපදිමින් සිටින අතර වාරයේදී රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය සාමාන්‍ය නොවේ නම් ඔබට ඖෂධ නිර්දේශ කරනු ඇත. එය විවිධාකාර වන අතර ඒ ඒ ඖෂධ පිළිබඳව ඔබගේ වෛද්‍යවරයා ඔබව දැනුවත් කරනු ඇත. සමහර විටෙක ඔබට එන්නත් කිරීම සඳහා ඉන්සියුලින් නිර්දේශ කරනු ඇත.
ඖෂධ අතර වැඩිපුරම භාවිතා වන ඖෂධ අතර මෙට්ෆෝමින්, ග්ලිබෙන්ක්ලමයිඞ් වැනි ඖෂධ වේ. ග්ලිබෙන්ක්ලමයිඞ් වැනි ඖෂධ මඟින් අග්නයාශයෙන් ඉන්සියුලින් ශ්‍රාවය උත්තේජනය කරයි. එහිදී ඖෂධ භාවිතයත් ආහාර ගැනීමත් සමතුලිතව සිදු කල යුතුය. විටෙක ඔබ ආහාර නොගෙන ඖෂධ භාවිතා කළේ නම් ශරීරයේ සීනි මට්ටම ඉතා පහල අගයකට බැසීමෙන් සිහිසන් වී මාරාන්තික තත්වයන් පවා ඇතිවිය හැකිය. එම නිසා සැලකිලිමත් වීම ඉතා වැදගත්ය. සීනි මට්ටම පහල වැටීමේදී ඔබට දැඩි විඩාවක් බඩගින්නක් සිහින් වෙව්ලීමක් හෝ දහඩිය දැමීමක් වැනි තත්වයක් ඇති විය හැකිය. කෙටි වේලාවකින් ඔබව ක්ලාන්ත වී සිහිසුන් වනු ඇත. ඔබ කල යුත්තේ පැණි රස ඇති බීමක් හෝ ග්ලූකෝස් (හෝ සීනි)වැනි යමක් වහාම ආහාරයට ගැනීමය. අනතුරුව වහාම ඔබගේ වෛද්‍යවරයා මුණ ගැසිය යුතුය.
ඉන්සියුලින් එන්නත් භාවිතයේදී මෙය පිළිපැදිය යුතුය. ආහාරය සූදානම් කරගෙන එන්නත් විදීමෙන් පැය භාගයක් ඇතුලත ආහාර ගත යුතුය. එය ඔබ භාවිතා කරන ඉන්සියුලින් වර්ගය මත වෙනස් වනු ඇත. ඉන්සියුලින් ශිතකරණයක (දොරෙහි) අසුරා තැබිය යුතු වන අතර ඉන්සියුලින් භාවිතායේදී එවැන්නක් සිදු කිරීම අවශ්‍ය නොවේ.
සායනික කටයුතු
- ඔබගේ සැම පරීක්ෂණ වාර්තාවක්ම ෆයිල් කවරයක දින පිළිවෙලට තබා ආරක්ෂිතව තබා ගත යුතුය. රුධිරයේ සීනි මට්ටම නිතර පරීක්ෂා කර (මුත්‍රා හා සීනි පරීක්ෂා කිරීම වුවද කල හැක) දින පොතක සටහන් කර වෛද්‍යවරයාට පෙන්වන්න.
- සායනයට මාස් පතා පැමිණීමේදී නිරාහාරව පැය 10-12 ක කාලයක් සිට කරන FBS හෝ ආහාරයට පැය 02 කට පසුව කරන PPBS පරීක්ෂණයක් කරගෙන පැමිණිය යුතුය.
- ඔබට යම් රෝගයක් හෝ ප්‍රතිකාර පිළිබඳව ගැටළුවක් ඇත්නම් නියමිත සායන දිනට හෝ පෙර දිනයක හෝ පැමිණ වෛද්‍යවරයා මුණ ගැසිය හැකිය. රෝහලේ නොමැති ඖෂධ පිටින් මිලදී ගැනීමට සිදුවන අතර ඒවා සියල්ල නිර්දේශිත පරිදි භාවිතා කල යුතුය.
- මෙමගින් ඔබට සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේ.
විශේෂිත අවස්ථා
- ඔබ රෝගී අවස්ථාවකදී ඔබගේ සිරුරට ඉන්සියුලින් අවශ්‍යතාවය වැඩි වන්නේය. සමහර විටෙක ඔබ ආහාර පාන හරි හැටි නොගන්නා බැවින් ඖෂධ භාවිතා නොකරන්නට ඉඩ ඇත. එය සුදුසු නැත. එම නිසා පෙර පරිදි ඖෂධ භාවිතා කර වෛද්‍යවරයා මුණ ගැසෙන්න.
- ඔබ විවාහ වී දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වන්නේ නම් එය කල් වේලා ඇතිව සැලසුම් කරගත යුතුය. ගැබ් ගැනීමට මාස 3 කට හෝ කාලයක සිට ඔබගේ රුධිර සීනි මට්ටම ප්‍රශස්ථ මට්ටමකට පාලනය කරගෙන තිබිය යුතුය. ඊට අමතරව ෆෝලික් ඇසිඞ් පෙති භාවිතයටද වෛද්‍යරයා උපදෙස් දෙනු ඇත. මෙමගින් නිරෝගිමත් දරුවෙක් පිළිසිඳගැනීමට මග සලසා ගත හැකිය. ඊට අමතරව ඖෂධ වෙනුවට ඉන්සියුලින් භාවිතා කිරීමට ඔබට උපදෙස් දෙනු ඇත. එම නිසා දරු පිළිසිඳ ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඊට මාස 4-5 කට පෙර සිටම වෛද්‍යවරයාට ඒ බව දන්වා අදාල උපදෙස් පිළිපැදීම අත්‍යාවශ්‍ය වේ.
- ගර්භනී කාලයේදී දියවැඩියා පාලනය සඳහා ඔබගේ කායික වෛද්‍යවරයා මෙන්ම නාරී හා ප්‍රසව වෛද්‍යවරයාද සහය වනු ඇත. එම කාලය තුල ඉතාමත්ම සැලකිලිමත්ව දියවැඩියාව පාලනය කර ගැනීමෙන් සංකූලතා වලින් තොර නිරෝගීමත් දරුවෙකු බිහිකර ගැනීමට ඔබට හැකිය.
- දරු ප්‍රසූතියෙන් පසු දරුවාට මව්කිරි ලබා දිය හැකි අතර අදාල ඖෂධ පිළිබඳව වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතුය.
- නිරාහාරව සිටින්නේ නම් (රෝගී නොවු අවස්ථාවක) ඖෂධ භාවිතය මාත්‍රාවේ වෙනසක් සිදුවිය යුතුය. උදා :- මුස්ලිම් ආගමිකයන්ගේ නෝම්බි ආගමික වතාවත් වෙනුවෙන් ඔබගේ වෛද්‍යවරයා මුණගැසී ඒ පිළිබඳව සාකචිඡා කරගන්න.
දියවැඩියාව හොඳින් පාලනය කර ගැනීමෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කල හැකි අතර මේ සඳහා ඔබ දක්වන උනන්දුව හා කැපවීම මත සාර්ථකත්වය බෝහෝ දුරට තීරණය වේ!
ඉතා සීග්‍රයෙන් සමාජය ගිල ගන්න රෝගී තත්වයක් බැවින් අවදානමෙන් සිටින්න. කලකට ඉහත බොහෝ විට වයස් ගත අයට සීමා වී තිබූ දියවැඩියාව ( දෙවන වර්ගය - Type II ) අද කාලයේ තරුණ අවධියේ සිටම වැලඳුන අය දක්නට හැක. ඉතින් ප්‍රමාද වීමට ඉඩ නොතබා සෞඛ්‍යමත් ජීවන ක්‍රමයකට (Healthy Life Style) හුරුවී ප්‍රීතිමත් නිරෝගී දිගු ජීවිත කාලයකට උරුමකම් කියන්නෙකු වන්න!
ස්තූතියි අයියේ...හැමදාම දැනුම බෙදාගන්නවාට
ReplyDeleteජයම වේවා :)
ස්තූතියි වකා නංගි!
Deleteස්තුතියි ගිම්..මේ ලිපි පෙල හරිම වැදගත්..
ReplyDeleteදියවැඩියාව නිසා සෑම තත්පරයකටම පුද්ගලයෙක් මිය යන බව පැවසෙනවා..
ඉතින් මේ ලිපි පෙල නිසා එක අයෙකුවත් බේරාගන්න පුළුවන් නම්..
ස්තූතියි රූ!
Deleteඔයා කිව්ව හරි දියවැඩියාව මරණයට කෙලින්ම හෙතු වනවා මෙන්ම සැඟවී පැවතී මරණය සිදු කරන අවස්තාද බොහොමයි!
ලෝකයේ 30 % කට වඩා රිය අනතුරු සඳහා හේතුව මත්පැන් භාවිතයයි. එය වලක්වා ගත හැකි අවදානම් තත්ව අතර තුන්වන ස්ථානය ගනී. එයට දෙවනි වන්නේ ඉහත සඳහන් දුම්පානය හා තරබාරු කම පමණි.
ReplyDeleteගිමන් මෙතන 'එයට දෙවෙනි වන්නේ' කියන කෑල්ල "එයට ඉහලින් සිටින්නේ" වගේ හරි මොකක් හරි කියලා පොඩ්ඩක් වෙනස් කලානම් හොඳ නැත්ද? මම හිතන්නෙ එතනින් අදහස පොඩ්ඩක් අවුල් වෙනවා.
දුම්බීම නැවැත්වීම ගැන මට නැවතත් සතුටු හිතුනා ගිමන්!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ගොඩක් ස්තූතියි අයියා!
Deleteඑතන ගැලපෙන්නෙ නෑ තමා ඔන්න නිවරැදි කලා. ඇත්තෙන්ම දුම්බීම නැවැත්වීම නම් මෙතකයි කියන්න බැරි තරම් වටිනවා!
සමස්තයක් ලෙස මේ ලිපි පෙළම ඉතා වැදගත් බව කිව යුතුයි...වැඩි දෙනා ඇස ගැටෙන්න ඕනෙ ලියැවිල්ලක්...
ReplyDeleteඒක ඇත්ත සිරා, ස්තූතියි!
Deleteඅදත් අපේ දැනුමට යමක්...බොහෝම ස්තුතියි ගිම්..
ReplyDeleteමමත් මේ දවස්වල Meningioma රෝග තත්වය ගැන විස්තර හොයමින් කියවනවා...
ස්තූතියි ළිහිණි!
Deleteමොකද හදිස්සියෙ ඒ ගැන හොයන්නෙ?
e mail එකක් එවන්න උදව්වක් අවශ්‍යය නම්.
ලිපි තුනෙන්ම හොද වැදගත් පණිවිඩ කියවිලා තියෙනවා.. ස්තූතියි ගිමන්..
ReplyDeleteස්තූතියි දිනේශ්!
Deleteඔබ ඉදිරිපත් කරන ලිපි ගොඩක් වැදගත්..අදත් එසේමයි..ස්තුතියි අපට මේවා දැනගන්න සැලස්සුවට..
ReplyDeleteස්තූතියි රෙහානි!
Deleteවටිනා ලියවිලි දිගටම ලියන්න..
ReplyDeleteජයෙන් ජයම වේවා යාලු..:)
ස්තූතියි හිරු!
Deleteවටින ලිපි පෙළක අවසානයක් ගිමන්. අලුත් මාතෘකාවක් පටන් ගන්න.
ReplyDeleteමගෙ පොඩි අදහසක් තියෙනව ඉන්ටර්න් ඉවර වෙලා යාලුවො කීප දෙනෙක් එක්ක එකතු වෙලාමේ වගේ වෛද්‍ය බ්ලොග් එක ඉස්සරහට ගෙනියන්න. මොකද හිතන්නෙ? ඔයාත් එක යාලුවෙක්
ස්තූතියි සිඳු!
Deleteඒක මාත් හිතුවා සිඳු. ඇත්තටම වටින අදහසක්
මම නම් අනිවර්ය්යෙන් කැමතියි
වටිනා මෙන්ම ජිවිතයට වැදගත් ලිපි.ඔයාට ජය!
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ස්තූතියි ගයානි!
Deleteඒ පැත්තෙත් ඇවිත් යන්න එන්නම්කො.
පහුගිය ටිකේ බ්ලොග් කියවන්න එන්න තරම් විවේකයක් තිබුනෙ නැතත් පොඩි ඉඩක් ලැබුනු ගමන් මේ ලිපිය කියවන්න ආවෙ මේ විස්තර ගොඩක් වැදගත් නිසයි.
ReplyDeleteගොඩක් ස්තූතියි ගිමන් මේවගෙ වටිනා ලිපි පල කරනවට!!!