Wednesday, August 22, 2012

හිසරද අතර ප්‍රමුඛයා - ඉරුවාරදය (Migraine)


මදක් ප්‍රමාද වී අවදි වූ කුමුදු ඇස් විවර කල සැණින් ඇස ගැටුණ හිරු එළිය ඇයට ඇති කලේ ප්‍රසන්න හැඟීමක් නොවේ. ඇඟට දැනුන අම්‍රාණික බව හා හිසේ බර ගතිය ඇය සිතුවේ ප්‍රමාද වී නිදා ගැනීම නිසා ඇති වූවක් ලෙසය. ඇය යලි දෙනෙත් පියා ගත්තාය.


ඇසේ වම් පසින් ආලෝක ලපයක් ඇයට යාන්තමට පෙනෙන්නට විය. ඇය සිතුවේ එය එකවරම හිරු එළිය දැකීම නිසා ඇති වූවක් කියාය. නමුත් දෙනෙත් පියාගෙන සිටියද අලෝක ලපය වඩාත් තීව්‍ර වෙමින් ඇසේ වම් පස පැලමදියම් වී සිටී. දඟරාකාරව ස්පන්දනය වෙමින් තිබෙන එම ආලෝකය කුමුදුට අප්‍රසන්න විය.


එම අප්‍රසන්න කම නිසාම හිසේ වම්පස රිඳුම් දීමට පටන් ගත්තේය. ඇය යලිත් තදින් දෙනෙත් පියා ගෙන නිදා ගැනීමට උත්සාහ කලමුත් දඟරාකාර ආලෝක ස්ප්න්දය ඇයව නින්දට වැටීම වලක්වයි.


දැන් එන්න එන්නම හිසරදය වැඩි වේ. ඊට අමතරව උදරයද ඇයට නොදැනෙන අප්‍රසන්න බවක් ඇති කර ඔක්කාරය ගෙන දේ.


"වමනෙ කලොත් හරි යයි" ඇය ඇඳෙන් බැස නාන කාමරය වෙත වැනි වැනී ගමන් කලාය.
බලෙන් වමනය කිරීමට උත්සාහ කලද එය සාර්ථක නොවීය.


ඇය යලිත් ඇඳට පැමිණියාය. ඉර එළිය ඇයට කෝපය ගෙන දේ. ඇය ජනෙල් තිර රෙදි දිග හැර කාමරය අඳුරු කර ගත්තාය. වේදනා නාශක පෙත්තක් ගෙන යලි නිදා ගැනීමට උත්සාහ ගත්තාය, නමුත් නින්ද පැමිණෙන බවක් නැත. 


මඳ වේලාවකින් යමෙක් දොරට තට්ටු කරන්නට විය. ඇය කන්දෙකද වසා ගෙන මුහුන කොට්ටයේ ඔබා ගත්තාය. දොර හැරගෙන පැමිණියේ බෝඩිමේ අසල්වැසි කාමරයේ මිතුරිය තනූජාය.


"මොකද බං මේ ඉර මුදුන් වෙනකල් නිදි! නගිටපං නැගිටපං" 

තනූජා කුමුදුට පහරක් ගසා ඇඳේ පසකින් හිඳ ගත්තාය.


හදිස්සියේම දොර හැරීමෙන් පැමිණි ආලෝකයෙන් හා තනූජාගේ කියවිල්ලෙන් කුමුදුගේ හිසරදය අලුත් කලේය. ඒ සමඟම ඇයට කෝපයක් ඇති විය.


"අනේ තනූ මට පාඩුවෙ ඉන්න දීපන්කෝ, මොන කරදරයක්ද මංද" 
ඇය කොට්ටයට මුහුණ තද කර ගනිමින් පැවසීය.
තනූජා ඉන් පුදුමයට පත් විය


"මොකද කුමුදු අසනීපයක්වත්ද?"


"ඔව් තනූ උදේ නැගිට්ට වෙලේ ඉදන් මේ ඔලුවෙ කැක්කුමක් හැදිල, නින්ද යන්නෙත් නෑ, වමනෙට එනව වගේ, එපා වෙනවා"


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~


ඉහත සඳහන් කලේ ඉරුවාරදය(Migraine) නම් සුලබව දක්නට ලැබෙන හිසරද වර්ගය පලමු වරට අත්දකින අයෙකු පිලිබඳ උදාහරණයකි.


හිසරදය යනු අප සියලු දෙනාම වාගේ බොහෝ විට අත් දැක ඇති සුලබ අපහසුතාවයකි. මෙය බොහෝ විට වෙනත් රෝගී තත්වයක රෝග ලක්ශණයක් ලෙස ඇති වේ. එමෙන්ම අධික වෙහෙස, නිදි වර්ජිත බව, සමහර ඖෂධ වර්ග වල අතුරු ඵල ලෙස හා මානසික පීඩනය වැනි හේතු නිසාද ඇති විය හැකිය.


මෙම විවිධාකාර හිසරදයන් අතර නිතර නිතර දීර්ඝ කාලයක් ඇති වන හිසරද වර්ගද වේ. මේවායින් සුලභ වර්ගය වන්නේ ඉරුවාරදයයි.
මෙය කාන්තාවන් අතර බහුලව දැකිය හැකි අතර ඕනැම වයසක අයෙකුට වැලඳිය හැක (අවුරුදු 10 - 45 අතර වැඩි වශයෙන් )

මෙම ඉරුවාරදය ඇති වීමට හේතු තවමත් හරියාකාරව සොයා ගෙන නැත. නමුත් මොළ්යේ අභ්‍යන්තරයේ මෙන්ම හිස් කබලේ ඇති රුධිර නාල වල සිදුවන වෙනස් කම් (හැකිලීම හා ප්‍රසාරණය ) වීම් මෙයට හේතු වේ යැයි සැක කෙරේ. එමෙන්ම මොළයේ ඇති රසායන ද්‍රව්‍යය (Histamine, Serotonin, Nor adrenaline ) වල සංකූලතාද මෙයට හේතු වන බවට සැක කරයි.


අපි බලමු මෙම ඉරුවාරදයේ රෝග ලක්ශණ මොනවාද කියල. මෙය වරින් වර ඇතිවන හිසරදයකි. එම වැළඳීම් දෙකක් අතර කාලය රෝගියගෙන් රෝගියාට වෙනස් වේ. සමහර අයෙකුට වසරකට වරක් වැළඳිය හැක, සමහරෙකුට සතියකට කිහිප වරක් වැළඳිය හැක.


මෙම හිසරදය අවස්ථා 3කට බෙදා දැක්විය හැක.


1. හිසරදය වැළඳීමට මද වේලාවකට පෙර  (විනාඩි 30කට පමණ පෙර )


- ඇස් පෙනීමේ වෙනසක් ඇති වීම (පෙනීම අඩු වීම, එක් ඇසක පෙනීම තාවකාලිකව නැතිව යාම )


- ඇසේ එක් පසකින් දීප්තිමත් විවිධ හැඩ තල වල එළි පෙනීම ( දඟරාකාර ස්ප්න්ද ලෙස දීප්තිමත් එළි පෙනීම, ඇස් වසා ගත්තද එම එළි පෙනීම සිදු වේ)


- සිරුරේ එක් පසක් හිරි වැටීම හෝ දුර්වල බවක් ඇති වීම.


2. හිසරදය පවතින කාල සීමාව


ඉහත සඳහන් කල අනතුරු ඇඟවීමේ ලක්ශණ (Aura) වලින් මද වේලාවකට පසු (විනාඩි 15-30) තද බල ලෙස හිසරදය හට ගනී. මෙය බොහෝ විට හිසේ එක් පසකින් ඇති වන්නකි.

මෙම හිසරදය සමඟ,


- සිරුරේ අප්‍රාණික බව
- ඔක්කාරය හා වමනය
- අහාර අරුචිය
- ආලෝකය දෙස බැලීම අප්‍රසන්න වීම
- ශබ්දයන්ට ඇති අප්‍රසන්න බව
- ක්ෂනික කෝපය ඇති වීම

වැනි ලක්ෂන ඇති වේ.


හිසරදය පැය කීපයක සිට දිනයක් දක්වා වුවද පැවතිය හැක.


3. හිසරදයට පසු කාලය

පැය කීපයකට පසු හිසරදය අවසන් වුවද රෝගියා තවත් පැය කීපයක් නිදා ගැනීමට පෙළඹේ. ශරීරයේ අප්‍රාණික බව පැය කීපයක් පවතී.


ඉරුවාරදය ඇති වීමට බලපාන සාධක කිහිපයක් දැකිය හැක. 

මේවා පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව වෙනස් වේ.


  • තද හිරු එළියට නිරාවරණය වීම හෝ ඒ දෙස බැලීම
  • මානසික පීඩනය
  • නිදි වර්ජිත බව
  • සමහර ආහාර වර්ග (උදා - චොකලට්) නමුත් එය රෝගියා ගෙන් රෝගියාට වෙනස් විය හැක. 
  • කාන්තාවන්ගේ මාසික වීම.


ඉරුවාරදය යනු වඩාත් අප්‍රසන්න හිසරදයකි. මෙය සම්පූර්ණයෙන්ම සුව කල නොහැක. නමුත් නිවරැදිව වෛද්‍යය උපදෙස් පිළිපැදීමෙන් එය නැවත ඇති වීම අවම කල හැක. එමෙන්ම එය වැලඳුන විට ඇති වන අපහසු තාවය අවම කර ගත හැක.


ප්‍රතිකාර


හිසරදය ඇති වීමට හේතු වන සාධක පලිබඳ කල්පනාකාරීව සිට ඒවා හඳුනා ගෙන එම සාධක වැලකීම වඩාත් සාර්ථකය. (උදා - තද හිරු එළියට නිරාවරනය වීමෙන් වැලකීම )

සම්පූර්නයෙන්ම සුව කල නොහැකි වුවද, මෙයට ප්‍රතිකාර ක්‍රම 2 ක් ඇත.


1. හිසරදය ඇති වූ විට ඇති වන අපහසුතා වැලකීම
මෙයට වමනය හා ඔක්කාරය අඩු කිරීමට හා හිසරදය අඩු කිරීමට සුදුසු වේදනා නාශකයක් ලබා දෙනු ඇත.


2. ඉරුවාරදය ඇති වීම වැලකීමට ප්‍රතිකාර


මේ යටතේ ලබා දෙන ඖෂධ යම් කාලයක් ගැනීමේදී ඉරුවාරදය නැවත ඇති වීමට ඇති හැකියාව අඩු කරණු ලැබේ.


සැලකිය යුතුයි - දිගු කලක් වරින් වර ඇතිවන හිසරදය නොසලකා හැරීම භයානක විය හැක. මක් නිසාද එය වෙනත් රෝගී තත්වයක එකම රෝග ලක්ශණය විය හැකි බැවිණි. එම නිසා දිගු කලක් වරින් වර ඇතිවන හිසරද තත්වයක් තිබේ නම්. වහාම වෛද්‍යවරයෙක් හමුව අදාල පරීක්ශාවන් සිදු කර ගන්න.


34 comments:

  1. ඒ ගැන විස්තර අනිත් අයටත් විස්තර දැන ගන්න සැලැස්සුව එක හොඳ වැඩක් .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුදු මුවා!
      ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා. ආයෙත් ඇවිත් යන්න එන්න!

      Delete
  2. ගොඩාක් හොඳ ලිපියක් අයියේ...

    මේක වටින්නේ වැඩියෙන්ම ලියලා තියෙන ශෛලිය නිසා.

    මොකද ගොඩාක් දෙනා පාරිභාෂික වචන එහෙම ඇතුළත් කරලා ලියන වෛද්‍ය ලිපි කියවන්නේ ගොඩාක් අඩුවෙන්. ඒ නිසා ඒ ලිපි හරහා ජනතාවට සම්ප්‍රේෂණය කරන්න ඕනෙ කරුණු අපතේ යනවා.

    ඒත් මෙහෙම ලියනවාට කවුරුත් කැමතියි. නොදැනුවත්වම බොහෝ දෙනා ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා

    ඒ නිසා මේ ක්‍රමය ඉතා සාර්ථකයි. :)

    ජය !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වකා නංගී!
      පුලුවන් තරම් සරලව ටිකක් කම්මැලි නැතුව කියවන්න පුලුවන් විදිහට තමා ලියන්න ට්‍රයි කලේ!

      Delete
  3. මේ ලිපිය මටම ලිව්වා වගේ. මොකද මම ඔය Migraine වලින් සෑහෙන suffer කරන කෙනෙක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලිහිණි!
      ඩොක්ටර් කෙනෙක් හම්බුනේ නැද්ද? හරියට බෙහෙත් කලොත් සම්පූර්ණ්යෙන් වගේ පාලනය කරන්න පුලුවන්.

      Delete
  4. මොකද මේක කාන්තාවන් අතර බහුල ?

    ReplyDelete
    Replies
    1. ඉහත කියල තියනවා වගේ කන්තාවන්ගෙ මාසික වීමත් එක්ක ඉරුවාරදයේ සම්බන්දයක් තියෙනව. එ නිසා මෙන්ම කාන්තාවන්ට ආවේණික හෝමෝන වල හා ජාන වල බලපෑමක් තියෙන්නත් පුලුවන්.

      Delete
  5. ඉතාම ප්‍රයෝජනවත් ලිපියක් ගිමන්. ඒ රෝග ලක්ෂණ ගැන කියෙව්වාමත් ටිකක් බය හිතෙනවා අර ශරීරයේ පැත්තක් හිරිවැටීම වගෙ ඒවා.

    Migraine හෝ සාමානය හිසරදයකදී ලාංකික අපි පුරුදු වෙලා ඉන්නෙ ටිකක් බලලා හරි නොගියොත් ඇස්පිරින් හෝ පැරසිටමෝල් පෙති දෙකක් ගන්න එකනෙ. ඒක අපිට සාමානය දෙයක් වුනාට අපිට මුන ගැහෙන ලාංකික නොවන වෛද්‍යවරු පැරසිටමෝල් පෙති දෙකක් කිසිම විටක නියම කරන්නෙ නෑ. බොහෝ විට එකයි. මම කියන්නෙ 500mg පෙත්ත තමයි.

    ඇත්තෙනම ශරීරයේ බරේ හැටියටනෙ ඕක නියම කරන්නෙ නේද? එතකොට ලාංකිකයො ගන්නෙත්, ගන්න පුරුදු වෙලා ඉන්නෙත් අධි මාත්‍රාවක් නෙවෙයිද?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ශරීරයේ පැත්තක් හිරි වැටීම කලාතුරකින් වන දෙයක් මෙන්ම එය තාවකාලිකයි. පැය කීපයකින් නැතුව යනවා.
      කිව්වත් වගේ වේදනා නාශක බීල ලෙඩේ හංග ගන්න එක නම් හොඳ දෙයක් නෙවෙයි.
      පැරසිටමෝල් ගැන නම් මෙහෙමයි ලංකාවෙ වෛද්‍යවරු සියල්ලම වගේ ඖෂධ පිලිබඳ දැනුම ලබා ගැනීමට පරිශීලනය කරන්නෙ BNF කියන ලෝකයේ වඩාත්ම පිලිගන්නා ඖෂධ පිලිබඳ පොත. එයට අනුව 0.5-1g every 4-6 hourly maximum of 4g daily
      එතකොට පැය 6 කට වරක් පෙති දෙක ගානෙ කියන එක සාමාන්‍යය ප්‍රමාණයක්.
      බර කිලෝ 50ට අඩු අයට 15mg/kg every 4-6 hrs.
      බර කිලෝ 50ට වැඩි අයට පැය 6 කට වරක් පෙති දෙක ගානෙ තමා නියම අගය.
      ප්‍රතිචාර දැකිවීම අනුව 0.5-1g අතර වෙනස් කරන්න පුලුවන්.
      එත් අඩු මත්‍රාව දීල අවශ්‍ය සුවය ලැබුනෙ නැත් නම් ආයෙත් ලෙඩාට වෛද්‍යවරය හමු වෙන්න එන්න වෙනව. එක මග හරවන්න වැඩිහිටි හැමෝටම වගේ සදාරණ මාත්‍රාවක් තමා දෙන්නෙ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  6. හප්පේ.. හිසරදය ගැන නම් මතක් කරන්න එපා යාළුවා.. A/L ලියද්දි හැදුන හිසරදයකට මම අවුරුදු 2ම බෙහෙත් බිවුවා.. තාම හොදටම හොද නෑ.. එපා වෙනවා..

    ReplyDelete
    Replies
    1. එක නම් එහෙම තමයි. ටික කාලයක් යනවා යටපත් කරන්න. හිසරදයට හේතු වෙන දේවල් පුලුවන් තරම් හඳුනාගෙන මග හරින්න බලන්න

      Delete
  7. මට කලින් තිබුනා ඕක .දැන් නම් නැහැ.අම්මෝ..

    ReplyDelete
  8. වටිනවා... මගේ යාලුවෙක්ටත් ඉරුවාරදය තියෙනවා.. අපේ අම්මටත් කාලයක්ම තිබ්බා ඕක.. හම්මෝ කරුමයක් කියලයි මට හිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඕනම ලෙඩක් ඉතින් කරදරයක් තමයි. හැබැයි නිසියාකාරව ප්‍රතිකාර ගත්තොත් ගොඩක් වෙලාවට සුවයක් ලබා ගන්න පුලුවන්.

      Delete
  9. ගොඩක් ස්තුතියි ගිමන් මේ විස්තරයට..
    මානසික පීඩනය නිසා හැදෙන්න පුළුවන් අනිත් ලෙඩ ගැනත් පොඩ්ඩක් කියන්නකෝ..

    ReplyDelete
    Replies
    1. මානසික පීඩනය කියන්නෙ සිරුරේ හෝමෝන යාමනය වෙනස් කරන ක්‍රියාවලියක්. ඒ නිසා හරියාකාරව නොකිය වුනත් බොහොමයක් රෝග උත්සන්න කිරීමට මානසික ආතතිය හේතු වෙනවා.
      උදා -
      රුධිර පීඩනය වැඩි කිරීම, දියවැඩ්යා රෝගීන්ගේ රුධිර ගත සීනි ප්‍රමාණය පාලනය අපහසු වීම, හෘද‍යාබාධ ඇති වීමට ඇති හැකියාව වැඩි වීම, ආඝාතය (Stroke) ඇති වීමට ඇති හැකියාව වැඩි වීම.

      එමෙන්ම
      -නින්දෙහි වෙනස් කම් ඇති වීම (නින්ද නොයාම හෝ නින්ද යාම අඩු වීම )
      -හෝමෝන වල වෙනස් කම් නිසා අධික ස්ථුල බව හෝ අධික ලෙස කෙට්ටු වීම.
      -කෑම අරුචිය ඇති වීම
      -විශාදය (depression)
      -කුරුලෑ ඇති වීම වැඩි වීම (හෝමෝන වල බල පෑම නිසා)
      -කාන්තාවන්ගේ මාසික විමේ වෙනස් කම් ඇති වීම (දින වෙනස් වීම )
      -නොයෙක් අසාදන වලට ලක් විමේ අවදානම වැඩි වීම (සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්දතිය අඩපණ වීම නිසා )

      Delete
  10. ගොඩක් වටිනා විස්තරයක්. මටත් ඉරුවාරදේ තිබුනා කාලයක්. ගොඩක් වෙලාවට මොන ප්‍රතිකාරේ කලත් එක දිගට දවස් හතක් විතර යනකන් තියනවා. ඉර එලිය වැටෙන්න වැටෙන්න ඔලුවේ කැක්කුම වැඩි වෙනවා, ආයෙම ඉර බැහැල යද්දී අඩුවෙලා පහුවදාට ආයෙම පටන් ගන්නවා. ඔහොම දවස් වලට "වක්කරලා නෑවම" අඩු වෙනවා කියල කතාවක් තිබුන. ඉතින් මමත් එහෙම කළා, හිසේරදේ ටිකක් අඩුවෙනවා මිසක් නැති වෙලාම යන්නේ නම් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතුම්!
      මම ලිපියේ කියලා තියනව වගේ නිට්ටාවටම සුව නොවෙන්න පුලුවන්. නමුත් අපහසුවක් නොදැනෙන තරමට පාලනය කරන්න පුලුවන්. ඒ වගේම ඇති වීමට හේතු හොයල ඒවා පුලුවන් තරම් මග හරින්න.

      Delete
  11. මට ගොඩාක් කල් තිබ්බ ඕක..සමහර කාලෙට සතියට දෙපාරක් වගෙත් හැදුන..පුදුම අමාරුවක්..තරහ යනව යකෙකුට වගේ..දැන් නම් ගොඩාක් කාලෙකින් හැදුනෙ නැහැ..අම්මෝ හැදෙන්නත් එපා...ඔයාගෙ ලිපිය හරි ප්‍රයෝජනවත්.ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කිරිල්ලී!
      බය වෙන්න එපා ඔහොම්මම ආයෙත් හැදෙන්නෙ නැතුවම යයි. හිසරද ඇති වෙන්න හේතු මග අරින්න.

      Delete
  12. මට කලින් තිබුනා ඕක.......ගොඩක් ස්තුතියි විස්තරයට..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දෙව්දූ! දැන් සහනයක් ලැබිල තියන එක ගැන සතුටුයි!

      Delete
  13. ඔන්න මාත් ගිමන් හලට ආවා... !!!

    ReplyDelete
    Replies
    1. අනූවත් ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා! විවේක වෙලාවට ඇවිත් යන්න එන්න.

      Delete
  14. බොහොම ස්තුති වේවා මේ තොරතුරු දුන්නට..

    ReplyDelete
    Replies
    1. ලිපියෙන් ප්‍රයෝජනයක් ලැබුනු එක ගැන සතුටුයි!

      Delete
  15. මේ ලිපිය නම් ගොඩාක් වටිනව ගිමන්.පහුගිය ටිකේ වැඩ ගොඩක් තිබ්බ නිසා හරියට කියවන්න බැරි උනා.ඒ නිසයි අද ආයෙත් ආවෙ කියවන්න.
    මාත් migraine නිසා පුදුම විදිහට දුක් විඳිනවා.O/L කාලෙ හැදුන මේ අසනීපේ අදටත් එක විදිහටම තියෙනව.කොච්චර බෙහෙත් ගත්තත් අඩු නෑ.සතියකට කොහොමත් දවස් තුන හතරක්වත් හැදෙනවමයි.හැදුනාමත් පැය ගානක් යනකන් අඩු වෙන්නෙත් නෑ.දැන් ඒකත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙලා මං:((((ඉස්සර බාම් ජාති වලින්,වේදනා නාශක පෙති වලින් ටිකක් හරි සහනයක් තිබ්බ.දැන් ඒව වලින්වත් ඔලුවෙ කැක්කුම අඩු වෙන්නෙ නෑ.ළඟදි ඉඳන් ඔලුවෙ වම් පැත්ත අල්ලන කොටත් රිදෙනව.කවුරු හරි මේ ලෙඩේ සම්පූර්ණයෙන් හොඳ කරන්න බෙහෙතක් හොයාගත්තොත් ලොකු පිනක්.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Chams!
      සාමාන්‍ය වෛද්‍යවරයෙක්ගෙන් අවශ්‍ය සුවය ලැබුනේ නැත්නම් විශේෂඥ් වෛද්‍යවරයෙක් හමු වෙලා බලන්න. එක දිගටම තියෙනවා නම් විශේෂ පරීක්ෂා කිහිපයක් කරල බලන්න වෙනවා. අධෛමත් වෙන්න එපා, අද කාලෙ වෛද්‍ය ක්ශේස්ත්‍රය ගොඩක් දියුණුයි. නව ඖෂධ ඉක්මණින් හොයා ගන්නවා.

      Delete
  16. godak sthuuthi meka dammata...meka nathi karaganna kramayak dananwada? kaanthawanta meka wadi ai? pradana hethu monada eyalata meka wadi pura hatagnna?

    ReplyDelete