මුලාව....!
දිලූ - ඒයි! හිරුණි අන්න අර බෝයි!! අදත් ඉන්නව shop එක ඉස්සරහා, උඹ දිහා තමයි
බලන්නෙ හොරෙන් හොරෙන්
ජීවනී - කොල්ල නම් හැන්ඩියා, ඒ shop එකත් උගෙද කොහෙද! සල්ලි කාරයෙක්
වෙන්න ඇති..
හිරුණි - ඇත්තටම මගෙ දිහාද බං බැලුවෙ??? උඹල ලණුවක් දෙන්න හදනවද
කොහෙද!
දිලූ - අපි මොකටද බං උඹට ලණු දෙන්නෙ! උඹ දිහා තමයි බැලුවෙ...
-------------------------------------------
ජීවනී - අද නැහැනෙ බං
හිරුණි - ඒක තමා
ජීවනී - ඕකට ඉතිං මූන එල්ල ගන්න ඕනැයැ! අද පොරට වැඩක් තියෙන්න ඇති!
දිලූ - ඌට එපා වෙලාද දන්නෑ!?
ජීවනී - උඹත් නිකන් ගොඩේ තාලෙට නොයිඳ ටිකක් මොඩ් වෙන්න බලපන් බං!
නැත්ත්නම් අන්තිමට හුලං තමා, ඌව වෙන කෙල්ලෙක් අල්ල ගත්තොත්.
හිරුණි - අනේ මන්දා බං මට ඕව තේරෙන්නෙ නෑ..
දිලූ - ඒකට නේන්නම් අපි වගේ යාලුවෝ ඉන්නෙ, අර ඔරලෝසු කනුව ගාව අලුත්
බියුටි සැලුන් එකක් දාල. එතන මරු! කොණ්ඩෙ ස්ට්‍රේට් කරල, මූන ටිකක් සුදු
වෙන්න ස්ක්‍රබ් එකක් දාල ෆේෂියල් එකක් දාල ගත්ත නම් උඹ නිකන් හින්දි නිලියක්
වගේ ඉඳීවි!
ජීවනී - අනික ගනින්කො බං හොඳ ඇදුම් කෑලි ටිකක්. හැමදාම ඔය ගවුම් බාච්චු
අඳින්නෙ නැතිව! පොඩ්ඩක් ඔය සුදු කකුල පේන්න ඇඳපන්! එතකොට තමා
කොල්ල පිස්සු හැදිල වගේ පස්සෙන් එන්න ගන්නෙ! අපෝ මේකිව මුල ඉඳන් හදල
ගන්න වෙනව..
---------------------------------------------------------
දිලූ - අන්න අරූ කටත් ඇරගෙන බලන් ඉන්නව! වැඩේ ගොඩ! බලපන්කෝ ළඟදිම
ඇවිත් උඹෙන් අහන්නෙ නැද්ද කියල...!
ජීවනී - ඔන්න අපිට හොඳට සලකන්න ඕන, වැඩේ ගොඩ ගියහම හරිද?
හිරුණි - අනේ මන්ද බං! උඹලගෙ මේ වැඩ හිංද යන්තම් ලඟ එකතු කරගෙන තිබ්බ
සල්ලි ටික නම් ඉවරයි!
-----------------------------------------------
කැලුම් - කොහොමද බං අර කෙල්ලගෙ වැඩේ? උඹ ඇහුවද?
දිනෙත් - නෑ මචං, මට ඒක හරියන්නෙ නෑ...! උඹ දන්නවනෙ ඉතිං මම ගමේ හැදිච්ච
එකානෙ. මට ඔය හයිෆයි කෙල්ලො දිරවන්නේ නෑ. එයා මුලින් දැක්කහම හිතුවෙ
වැඩි විලාසිතා නැති ගමේ තාලෙට හැඳුන කෙල්ලක් කියල. දැන් බලන්න එපැයි
ඉන්න හැටි!!
හොඳ වෙලාවට මම හදිස්සි උනේ නැත්තෙ!!
ආපු....පව් අනේ හිරු..
ReplyDeleteඔහොම තමයි ඉතිං, බියුටි කචල් වුනහම....!
Deleteඔන්න හිතට ගන්න ගෑනු ළමයිනේ දැක්කා නේද කොල්ලෝ කැමති නැහැ රුකඩ තොරොම්බල් වලට
ReplyDeleteඒක නේන්නම් රොබින්! කීයක් නම් විකාර කරනවද ඔය ටික තේරුම් ගන්න බැරිව.
Deleteසිරා කතාව.. විච්චූරණ නැති සුන්දරත්වය විදින්න අපි කවුරුත් කැමති නේ..
ReplyDeleteස්තූතියි දිනේශ්!
Deleteඔය විච්චූර්ණ කිරිල්ලත් එක්තරා විදිහක රැවටීමක්නෙ.
තමන්ට සුදුසු යාලුවො තොරගත්තනම් හරිනෙ
ReplyDeleteඅන්න ඒක ඇත්ත!
Deleteහොද වැඩේ කෙල්ලට... හොදම වැඩේ....
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!
හප්පේ රජතුමත් ගිමන්හලට ඇවිත් නොවැ! බොහොම ස්තූතියි. ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා!
Deleteකෙල්ලට නම් හොඳ වැඩේ තමා :D පව් කියලත් හිතෙනව ඒත්.
රජතුමාට ඉතිං බොහොම වැඩ රාජකාරී තියන බව ඇත්ත, ඒත් ඉතිං වෙලා තියන තියන වෙලාවට මේ පැත්තෙත් ගොඩ වැදිල යන්න ආයේත් එන්න!
ඕකට තමයි කියන්නෙ පාප මිත්‍රයෝ කියලා...මේකාලෙ කෙල්ලන්ට වරදිනම තැනක් හිතන්නෙ කොණ්ඩෙ පාට කරල කොටට ඇන්දම අනේ හරි ලස්සනයි කියලා..ඊට වැඩිය චාම් සුන්දර ගැහැණුකම කොයිතරම්ද කියල එය පාප මිත්‍රයෝ නොදන්න කම
ReplyDeleteඅදමයි මේ පැත්තෙ ආවෙ...ආයෙමත් එන්නම්කෝ...
සිහින සිත්තම්, ආදරෙන් පිලිගන්නවා ගිමන්හලට!
Deleteඒකනේ යාළුවෝ වැඩි වැඩියෙන් ඉන්න තරමට හොඳයි. ඒත් ඒ අතරින් සෑබෑම යාලුවෝ කව්ද කියල අඳුන ගන්න ඕන.
ආයෙත් විවේක වෙලාවට ඇවිත් යන්න එන්න!
ඔන්න සිරාත් මේ ඉසව්වට ආවා.... කතාව පස්ටය... යාලු කෙල්ලෝ අහිංසක එකියකට ලණුවක් දුන් හැඩයි.... දිගටම එමි. ඔබට ජය !
ReplyDeleteබොහොම සතූතියි සිරා! ඔබවත් ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා.
Deleteඔබ හරි, තමාට නොගැලපෙන යාලුවෝ ආශ්‍රය කරන කොට ලැබෙන්නෙ ඔයවගේ ප්‍රථිලාභ තමයි!
විවේකී වෙලාවට ආයෙත් ඇවිත් යන්න එන්න.
මමත් ආවා ඔන්න අද ගිමන්හල පැත්තට...
ReplyDeleteයාළුවෝ වුනත් ඇත්තටම අපි හරි හැටි අදුනගෙන ඉන්න ඔනී.. අනිත් එක තව කෙනෙක් කියන හැමදේම කරන්න කලින් හොද නරක ගැනත් හිතන්න ඔනේ..මොනවා වුනත් කතාව නම් ලස්සනයි....
ස්තූතියි සිතුවිලි! ඔයාවත් ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා.
ReplyDeleteඔයා හරි, කවුරු මොනව කිව්වත් තමන්ගේ හොඳ හැටි හිතල තිරණ ගන්න ඕන.
ආයෙත් ඇවිත් යන්න එන්න!
ඉවරනෙ වැඩේ.!!!
ReplyDeleteමම නම් කැමති ළමයි ගොඩාක් පොෂ් ත් නොවී, ඕනාවට වඩා ගැමි වෙන්නෙත් නැතුව සාමාන්‍ය විදියට ඉන්නව නම්
ඒක ඇත්ත සිඳූ, කොයි දේත් නියමිත ප්‍රමාණය දැනගෙන පාවිච්චියට තරම් බුද්ධිමත් වෙන්න ඕනෙ.
Deleteමා ද දිනෙත්ගේ වර්ගයේ ම ය. ඒ නිසා මා පිලිබඳ සිතක් පහල කර ගත් අංගනාවක් වේ නම්, වැඩිය පොෂ් නොවී ඉන්නවා හොඳ ය.. එහෙම කියන්නේ සතෙක් වගේ ඉන්න කියා නොවේ ය. තමන්ට ගැලපෙන ආකාරයට චාම් ව ජීවත් වීම අගය කරමි!
ReplyDeleteජය වේවා සහෝ.. සැහෙන්න වැදගත් පද කිහිපයක්. මේක කොපි කරලා බුකියේ දැම්මට තරහක් නෑ නේ?
රැංගෝවත් ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා!
Deleteඒකනේ චාම් බව අගයන අය තමා වැඩියෙන් ඉන්නෙ. ඉතිං විහිං ඒ වටිනාකම විනාස කර ගැනීම මොන මෝඩ කමක්ද!
හපොයි තරහක් නෑ සහෝ දාන්න, ගත්තේ මෙතනින් කියල ලින්කුවත් දාන්න පුලුවන් නම් අගෙයි, එතකොට කැමති අය මේ පැත්තෙත් ඇවිත් යයිනෙ නේද.
ආයෙත් විවේක වෙලාවට ඇවිත් යන්න එන්න.
හ්ම් තමන්ට ස්වභාවයෙන් ලැබෙන ලස්සන එක්ක ජීවත් වෙන්න පුලුවනි නම් හරි .ඒත් පිරිමි ලමයිගේ අසාධාරන ඉල්ලීම් තියෙනවා .කොණ්ඩේ දිග වෙන්න ඕනේ , සුදු කෙල්ලො වෙන්න ඕනේ ,සාරිම අඳින්න ඕනේ ඔය වගේ .හික්ස්
ReplyDeleteපැය විසිහතරම වැඩ කරන ගෑණු ලමයින්ට දිග කොණ්ඩෙට සාත්තු කරගෙන , මූණේ කුරුලෑ කඩ කඩ , තුන්සිය හැටපස් දවසෙම යාර හය ඔතාගෙන හීල්ස් දාගෙන නම් ඉන්න වෙලා නෑ ගිමන් :)
හම්ම් ඒක නම් ඇත්ත තමා TG! රැකියා කරන අය ඒ ගැනත් හිතන්න ඕන.
Deleteඒත් ඉතිං දිගට තියන කොණ්ඩෙ නොකපා ඉන්න කියන එක, සාරි අදින්න කියන එක එහෙම නම් අහිංසක ඉල්ලීම් නේද? ඒව සාකච්චා මාර්ගයෙන් විසඳ ගන්න ඕන. සුදු වෙන්න කියන එක නම් මෝඩ ඉල්ලීමක් වගේ ඒත් එක එක අයගෙ කැමැත්තනෙ. කොහොම වුනත් ගොඩාක කෘත්‍රීම දේවල් වලින් ලස්සන වෙන එක නම් අශෝභනයි.
ඉවසන්න එළියෙන් පෙනෙන රූපේ ඒ හැටිම හොඳ නැහැ ගොඩාක් දෙනෙකුගේ.
ReplyDeleteඅසර් ඔබවත් ආදරයෙන් ගිමන්හලට පිලිගන්නවා!
Deleteඒක ඇත්ත! පිට ඔපේට රැවටෙන්න හොඳ නැහැ!
විවේක වෙලාවට ඇවිත් යන්න එන්න.
අපෝ මරු යාළුවෝ....
ReplyDelete:D ඔන්න ඔහොම අයගෙන් තමා බේරිලා ඉන්න ඕන!
Deleteපුදනකොටම කාපි යකා!!!
ReplyDeletehenryblogwalker the Dude
:D ඕනවට වඩා පුදන්න ගියහමත්, වැරදි දේ පුදන්න ගියහමත් ඔහොම වෙනව නේද!
Deleteතමන් ඉන්න විදිහට ඉන්න එක හොඳටම හොඳයි. බොරු මවාපෑම් කරන්න ගියාම තමන්ටමයි කරදරේ....
ReplyDeleteඒකනේ, ඔය ටික තේරුම් ගන්න බැහැනේ ගොඩක් දෙනෙක්ට!
Delete