නිවාඩුව....!
බනිස් කන්න බෑ අම්මේ..! මට බත් ඕනෑ!
චමත්ගේ හැඬුම්බර හඬ ඔහු හැබෑවටම බඩගින්නේ පෙලේයැයි නයෝමිට
හැඟවීය.
"ඉන්ටවල් එකටත් පාන් පෙති දෙකක් කාපු ගමන්නෙ" ඒත් දැන් ගෙදර ගිහින්
එන්න වෙලාවකුත් නැහැ" නයෝමි අත් ඔරලෝසුව දෙස බලමින් සිතීය.
"දැන් ගෙදර ගිහින් එන්න වෙලාවකුත් නැහැනෙ පුතා. තව විනාඩි 10න් පංතිය
පටන් ගන්නවනෙ හොඳ පුතා වගේ මේක කාල කිරි පැකට් එක බොන්නකෝ,
පංතිය ඉවර වෙලා ගෙදර ගිය ගමන් මම ලොකු බත් පිගානක් බෙදල
දෙන්නම්කෝ, දැන් ඉතින් මේක ඔක්කොම කන්නකෝ"
"අද මට පංති යන්න බෑ" චමත්ගේ මුහුණ තවමත් හැඬුම්බරය
අද --- කාටූන් එකේ අන්තිම කොටස"
ආ ඒකයි මේ! ඔය කාටූන් එක බැලුව වගේ නෙවෙයි ශිෂ්‍යත්වෙ ෆේල් උනොත්
එහෙම. කාටූන් ඇති තරම් බලා ගන්න බැරියැ ශිෂ්‍යත්වෙ ඉවර වෙලා"
නොකා බැරි කමට මෙන් බනිස් කැබලි කටේ දමා ගන්නා චමත් දෙස නයෝමි
නොඉවසිල්ලෙන් මෙන් බලා සිටියාය. එලකියුශන් පංතිය පැය 2කි. එය මඟ
හැරීම සුදුසු නැත. ලබන සතියේ සිට අනුමාන ප්‍රශ්න පත්‍ර පංතියකට යැවීමටද
සූදානම් කර ඇත. එවිට ශිෂ්‍යත්ව පංතිය හා ඉංග්‍රීසි පංතියට වේලාව යොදා
ගැනීමට තවත් වෙහෙසක් දැරිය යුතුය. ඉංග්‍රීසි ඉගැන්වීමට ගෙදරටම පැමිණෙන
නිසා එය රාත්‍රියේ හෝ යොදා ගත හැකිය"
"හරිද ඉක්මනට යමු දැනටමත් පරක්කු වෙලා, ඔන්න පංතියෙ නිදා වැටෙනව
එහෙම නෙවෙයි!, එදත් ටීචර් මාත් එක්ක කියල බැන්න"
චමත් බෝනික්කෙක් ඇදී යන්නාක් මෙන් මවගේ අතේ එල්ලී ඇවිද යයි.
චමත්ව එලකියුශන් පංතියට දැමූ නයෝමි සුපුරුදු පරිදි එතැනට නුදුරින් පිහිටි සිය
සහෝදරයාගේ නිවසට ගියේ පංතිය නිම වන තෙක් එහි රැදීමටය. සිය
සොහොයුරාගේ බිරිඳ රුචිරා කතාවට දක්ශය, ඕනෑ නැති පම්පෝරි ගැසීම
පමණක් නයෝමිට නොදිරවයි.
"අහ් නයෝමි, අද මොකද පරක්කු වෙලා රුචිරා දුර සිටම ඇසුවාය"
ඔව් රුචිරා කොහෙද මේ ලමයට කවාගන්න වෙලා ගියානෙ.
කෝ පොඩි දෙන්න?
අද මියුසික් ක්ලාස්නෙ, ජගත් ඉස්කෝලෙන් කෙලින්ම ක්ලාස් එකට දාන්න
ඇති"
අහ් ඒක නෙවෙයි මම අර පුඩින් එක හැදුවනේ! අයියෝ ඒක දෙසැරයක්ම
වැරදුනානෙ, තුන්වෙනි පාර නම් නියමෙටම හැදුනා!
එන්නකෝ කෑල්ලක් කාල බලන්න"
දෙදෙනම ගෙට ඇතුලු විය.
---------------------------
නව කෑම වර්ග ගැන කතාබහෙන් පැය දෙක ගෙවෙනවා නයෝමිට දැනුනේ
නැත. එම නිසා පංතිය අසලට පැමිණීමට මදක් ප්‍රමාද විය.
චමත් ගේට්ටුව අසල පුටුවක හිඳ බෑගයට හිස තබාගෙන නිදා වැටී ඇත.
"අයියෝ පුතේ ඔය ටිකට නින්දත් ගියාද! රුචිරා නැන්ද ඔයාට රස කෑමක්
දුන්නනේ, ගෙදර ගිහින් බත් කාලම කමු"
ඉන්පසු නයෝමි චමත්වත් ඇදගෙන බස්නැවතුමට පැමිණියේ ඉඩකඩ ඇති
බසයක් බලාපොරොත්තුවෙනි. එවෙලේම පැමිණි බසයේ අසුනක් අල්ලා
ගැනීමට ඇයට හැකි විය.
"අද මොනවද ඉගැන්නුවෙ පුතා?"
"සින්දුවක්"
"එච්චරද? ගෙදර වැඩ බැලුවද?
"ඔව්"
වෙනදා මෙන් චමත්ගේ කියවිල්ල නැත. "උණක්වත් හැදීගෙන එනවද? හපොයි
එහෙම උනොත් හෙට දාගත්ත පංති දෙකම අත ඇරෙනව" නයෝමි බිය විය.
නලලට අත තබා බැලුවද වෙනසක් නැත.
"ඔයාට බඩගිනිද පුතා?' රටකජු පැකට් එකක් අරන් දෙන්නද?"
"එපා" එයද තනි පිලිතුරකි
ජනේලය අසල සිටි චමත් අසීරුවෙන් ජනේලයේ යකඩ බට අතුරින් එබෙමින්
යමක් දෙස බලා සිටී.
" මොනාද පුතා බලන්නේ?"
නයෝමිද වුවමනාවෙන් චමත් බලා සිටි දෙස බැලුවාය.
බස් නැවතුමට මදක් ඈතින් ඇති වෙල් යායේ කොලුගැටයන් තිදෙනෙක්
සරුංගලයක් උඩ යැවීමට දඟලති. සරුංගලය සෙමෙන් සෙමෙන් අහසට නැගේ.
එවිට කොලු ගැටයන් ටික උඩ පනිමින් කෑ ගසයි, ඒ දෙස බල සිටින චමත්ගේද
මුවේ යාන්තම් සිනාවක් ඇදී ඇත.
ඒ සමඟම බසය ගමන ආරම්භ කලේය.
චමත් කුමක්දෝ බර කල්පනාවකය, නයෝමිට ඔහුගේ නිශ්ශබ්ද තාවය
ගැටළුවකි.
"පුතාට නිදිමතද? මෙතනින් ඔලුව තියාන නිදා ගන්න"
චමත් කිසිත් නොදොඩාම නයෝමිගේ උකුලේ තිබූ බෑගය මත හිස තබාගෙන
නිදා ගත්තේය. විනාඩි කීපයක් ගත වන විට ඔහු නින්දට වැටින.
නයෝමි ඔහුගේ හිස අත ගාමින් නින්ද ගොස් ඇති දැයි බැලීමට චමත්ගේ මුහුනට
එබී බැලීය.
චමත්ට කටත් ඇරගෙන නින්ද ගොසිනය. ඒ හාම ඈ දුටුවේ ඔහුගේ ඇස් කෙවෙනි
තුල දිලිසෙන කදුලු කැට දෙකකි"
දරුවා යම් හිත් තැවුලක සිටිනවායැයි ඇයට සිතින. "අද පංතිය දමා ගත්තේ
සතියේ චමත්ට තිබූ එකම නිවාඩු දිනයේය. ශිෂ්‍යත්වයට මාස 6කි. එම නිසා පංති
වාර ගණනද වැඩි කර ඇත. එලකියුශන් පංති නැවතුවහොත් දැනුම පුරුද්ද නැති වී
ලමයා මොට විය හැකි යැයි රුචිරා කිහිප විටක් ඇය බිය ගන්වා තිබිනි.
ඒ සමඟම ඇයට නොබෝ දිනකදී සිය සැමියා ගයන්ත කල අනතුරු ඇඟවීමක්
සිහියට නැගින.
තමාගේ එක පිට එක නැගූ තර්ක බිඳ හෙලිය නොහැකි වීම හෝ වෙහෙසට පත්
වීම නිසා හෝ ඔහු දෙබස නිමා කලේය.
"හරි ඔයාගෙ කතාව ඇත්ත පුතා හොඳට ඉගෙනගන්න ඕනෑ. ඉගෙන ගන්න එක
තමා අද කාලෙ ඔලුව උස්සන්න පුලුවන් ලේසිම මග. ඒත් නයෝමි ඒ
ඔක්කොටම කලින් දරුව නිරෝගීව සතුටින් ඉන්න ඕනෙ. ඔයාගෙ ඔය වැඩ
පිලිවෙල දරුවට ලොකු බරක්. තාම වයස 9ක පොඩි එකෙක්නේ! ශිෂ්‍යත්වෙ
නෙවෙයි වෙන මොකක් තිබ්බත් ඔය වයසට ටිකක් නිදහසේ දුවන්න පනින්න
සෙල්ලම් කරන්න, හවසක නිවාඩු පාඩුව ඉන්න තියෙන්න ඕනෙ. එහෙම නැති
උනොත් ඔය ලමය ලෙඩෙක් වෙයි, හිතුවක්කාර වෙයි. එහෙම දෙයක් උන දාට
කියන්න එපා මම මේව නොකිව්වා කියල. හැමෝම කරනව කියල, කරන්නන්
වාලෙ කරල හරියන්නෙ නෑ දරුවා ගැනත් හිතල ඉගෙනීම ගැනත් හිතල මොලේ
ඇතිව වැඩ කරන්න ඕනැ."
ඉතා කලාතුරකින් තමාට තදින් කතා කරන ඔහු පැවසූ දෙයෙහි සැබෑවටම
අර්ථයක් ඇතැයි නයෝමිට දැන් සිතේ.
දරුවාට මෙම කාර්යබහුලත්වය ඉවසිය නොහැකියැයි ඇයට සිතින.
හැමදාම හවසට අහල පහල පොඩි උන් ටික හා එකතුව ක්‍රිකට් ගැසීමට යාම
තහනම් කලේ 5 වසරට සමත් වූ දින සිටය. ඉන්පසු මාසයක් දෙකක් සෙල්ලමට
යාමට කන් කෙදිරි ගෑවද පංති වැඩි වූ විට එය විසදින. ඒ පංති ඇරී එන විට ලමයි
පිරිසගේ සෙල්ලමද අවසන් වී තිබූ බැවිනි.
නයෝමි මෙසේ සිතිවිලි දාමයක පැටලී සිටියදී බසය නිවස අසල නැවතුමට ලඟා
විය.
"පුතේ පුතේ නැගිටින්න"
යන්තම් කෙඳිරියක් නැගූ චමත් යලිත් නිදා ගන්නට හරිබරි ගැසුනේය.
"මෙහෙමත් නිදිමතක්, හ්ම්ම් උදේ 5ට ඇහැරුන ගමන්නෙ" චමත්වත් වඩාගත්
නයෝමි බසයෙන් බැස ගති.
-------------------------------
"ඔයාට මේ සෙනසුරාද ඉරිද නිවාඩුද? නයෝමිගේ හඬ නින්ද යාගෙන ආ
ගයන්තට ඇසින.
"හ්ම්"
ගයන්ත දෙඇස් නොඇරම පිළිතුරු දිනි.
"එහෙනම් සෙනසුරාදට පුතත් එක්ක ගෝල්ෆෙස් ගිහින් හවස අපේ මහ ගෙදර
පැත්තේ ගිහින් එමුද?"
නයෝමිගේ ඒ වදන් ඇසෙත්ම ගයන්තගේ නිදිමත පහ විය. විගස දෙනෙත් ඇර
බැලුවේ හීනයක් නොවන බව තහවුරු කර ගන්නටය.
"එතකොට සෙනසුරාද ශිෂ්‍යත්ව පංතිය, හවස ඉංග්‍රීසි පංතිය?" ගයන්ත විමසුවේ
නයෝමිගේ කටින් මෙවැනි අදහසක් පිටවීම ඇදහිය නොහැකි වූ බැවිනි.
මදක් නිශ්ශබ්දව සිටි නයෝමි
"මං බැලුවෙ පුතාට රෙස්ට් එකටත් එක්ක එහෙම කලොත් හොඳයි නේද කියල"
සෙමෙන් කීය.
ගයන්තට උපහසාත්මක සිනහවක් පහල විය. මාස ගණනක සිට දහසක් තර්ක
විතර්ක යොදමින් තමා පැහැදිලි කිරීමට උතසාහ කල දෙය නයෝමි මේ හදිසියේ
වටහා ගත්තේ කෙසේදැයි කිසිත් නොදොඩා ගයන්ත කල්පනා කලේය.
"කොහොම හරි කමක් නැ පොඩි එකාට දවස් දෙකක් හුස්ම ගන්න ලැබෙයිනේ"
යැයි සිතමින් ගයන්ත නින්දට වැටින.
ශිෂ්‍යත්වේ පාස් වෙනවා කියන්නේ අද කාලේ හැටියට හොඳ ශෝෂල් ස්ටේටස් එකක් දරුවට!ඒකනේ කොළඹ හොඳම ඉස්කෝලවල ඉන්න උන්වත් මරවන්නේ!
ReplyDeleteඒක ඇත්ත සබිත්! පාස් වීම විතරක් නම් මදැයි අහවලාගෙ ලමයට වඩා ලකුණු ගන්න ඕනෙ කිය කිය දරුවට වද දෙන එක. ඉතිං වචනයක් දෙකක් කතා කර ගන්න පුලුවන් වුන දවසෙ ඉදල රේස් දුවන්න තමා පොඩි එවුන්ට වෙලා තියෙන්නෙ.
Deleteචමත් පව් සහෝ!! :(
ReplyDeleteඅද කාලේ පොඩි පැටව් ගොඩකට තියෙන්නෙ චමත්ගෙ කතාවම තමයි හිරු.
Deleteඅර පුතාට තියෙන පංති තොගේ ගැන අහලා මගේ ඔලුවත් කර කුට්ටම් උනා..අනේ මන්දා...
ReplyDeleteඅම්මාලත් පව්..කොයි අම්මාටත් ඔනේ තමන්ගේ දරුවා හොදට ඉගෙන ගෙන හොද තැනකට එනවා දකින්නනේ... එක ඉතින් අම්මලාගේ ස්වාභාවය .එත් ඉතින් දරුවාට මානසික පීඩාවක් නොවෙන විදියට ඉගෙන ගන්න වැඩත් කරන් යනවා නම් කොච්චර හොදද..පවුල් ප්‍රශ්න ඇති වෙන්නෙත් නැ එතකොට. අම්මා පුතා පස්සේ පංති වලට උස්සන් යද්දි අච්චර මහන්සි වෙලා ගෙදර එන මනුස්සයට තේ එකක් හදලා දෙන්න ..ලඟින් ඉන්න ආදරණිය බිරිදක් නැත්නම් තවත් මොනාද ..මිනිස්සුත් අසරණ වෙනවා එතකොට.. ඇයි ඉතින් පුතා එක්කම රට වටේ ගිහින් අම්මාටත් මහන්සියි නේ ගෙදර වැඩ අතපසු වෙනවා... බිරිදක් මවක් හැම වෙලාවේම නුවණක්කර වෙන්න ඔනේ..
වෙනදා වගේම වැදගත් පෝස්ට් එකක්...
ඒක ඇත්ත නංගා, සාමාන්‍ය උගත්කමක් තියන ඕනෑම අම්ම කෙනෙක්ට පොඩි දරුවෙකුට අවශ්‍යය අමතර දැනුම ලබා දුන්න හැකි. අපේ කාලෙ නම් ශිෂ්‍යත්වයට පංති යාම අමුතු දෙයක්. මට ශිෂ්‍යයත්වයට අමතර දැනුම ලබා දුන්නෙ අම්මා. ගියෙ ගමේ පුංචි ඉස්කෝලෙට. ඒ ඉස්කෝලෙ හිටිය ගුරුවරු අමතර පංති ගිහින් ඉගෙන ගන්න කියල දෙයක් ඉතුරු කලේ නෑ. විභාගෙට සති කීපයත් තියෙද්දි නම් ඉස්කෝලෙන්ම ආදර්ශ ප්‍රශ්න පත්‍ර කීපයක් ලියන්න දුන්න. විභාගෙ හෙට අනිද්ද කියලත් අහල පහල සෙට් එක එක්ක ක්‍රිකට් ගැහුව. ඒකට නම් අම්ම ටිකක් හරි විරුද්ධ වුනේ විභාගෙ ඔන්න මෙන්න කියල තුවාලයක් එහෙම කර ගනී කියල බයට. කොහොමින් හරි ඔය විදිහට තමා අපේ කාලේ ශිෂ්‍යත්වෙ කලේ. එහෙම කලා කියල අඩුපාඩුවක් වුනේ නැහැ ශිෂ්‍යත්වෙ හොඳට පාස් වුනා. ලකුණු 158 ක්ද කොහෙද තිබ්බ. ඒ කාලෙ හැටියට පහසුකම් වැඩි හොඳ පාසලකට යන්න ඒක ප්‍රමාණවත් වුනා. ඉතිං ඉගෙනීමත් කෙරුනා හිතේ සතුටින් මතක් කරල සතුටු වෙන්න පුලුවන් ලමා කාලෙකුත් ඉතුරු වුනා.
Deleteඅද කාලේ මේ විදිහටම කරන්න බැරි වෙන්න පුලුවන් ඒත් කොයි කාලෙ හිටියත් දරුවො දරුවොමයි කියල හිතාගෙන වැඩ කරන්න ඕනෙ.
නංගි කිව්ව වගේ ලමයගේ පංති යැවිල්ල විලාසිතාවක් කර ගත්ත අම්මල ඉන්නව. ලමයව පංති ගෙනියන්න කියල මග රස්තියාදු වෙලා පවුල් ජීවිතේ පවා විනාශ කරගත්ත අම්මලත් ඉන්නව. ඉතිං හොඳට හිතල බලල බුද්ධිමත්ව ජීවිතේ සැලසුම් කරගන්න පුරුදු වෙන්න ඕනෙ.
ඕක අපේ ක්‍රමය තුලින් ඇතිවෙච්ච ඛේදවාචකයක්නෙ. අපේ විතරක් නෙවෙයි ජපානය කොරියාව වගෙ රටවලුත් ඕයවගෙ තමයි කියලා මම අහලා තියෙනවා.
ReplyDeleteඅපි නම් අපේ ලමයි දෙන්නගෙන් එක්කෙනෙක්වත් කවදාවත් එක පැයක්වත් ටියුෂන් පන්ති යවලාවත්, ශිෂ්‍යත්වෙට වද දීලාවත් නෑ. නමුත් ගෙදරදි වැඩ කරන්න යොමු කරවලා උදව් කරනවා. ටීවී බලනවා, ගේම් ගහනවා. ඒ ඔක්කොමත් කරනවා.
henryblogwalker the Dude
Dude ගුරුවරයෙක් හැටියට ලමයෙක්ගේ මනස, හැඟිම් හොඳහැටි තේරුම් අරන් ඇති. ඒ නැතත් ඕනෑම සංවේදී අම්මෙක්ට තාත්තෙක්ට දරුවන්ගෙ හිත තේරුම් ගන්න එක අමාරු දෙයක් නෙවෙයි.
Deleteඔය මොන පංතියට නොයැව්වත් පාඩම් කරන වෙලාවට හරියට පාඩම් කරන්න දීල, නිතර ඉගෙනීම හරියට කෙරෙනවද කියල හොයල බලල දුර්වල තැන් වලදී උදව්වක් දෙනව නම් ඕන ලමයෙකුට සාර්ථකව ඉගෙන ගත්ත හැකි.
ප්‍රශ්නෙ තියෙන්නෙ අද කාලේ ලමයි ගැන හොයල බලන්න තරම් අම්මල තාත්තලට විවේකයක් ඉස්පාසුවක් තියනවද කියන එක.
ශිෂ්‍යත්ව විභාගේ අම්මලාගේ විභාගෙනේ :)
ReplyDeleteඒක නම් ඇත්ත හසිත :)
Deleteඅංසක පොඩි එවුන්ගෙ ලමා ලෝකෙ විනාශ වෙලා යන එක තමා ඒකෙන් අන්තිමට සිද්ධ වෙන්නෙ.
මාත් බනිසක් කාල සිස්සත්ව පංති ගිය කාලයක් තිබ්බා.. හැබැයි ඒ කාලෙට වඩා දැන් ඉන්න පොඩි උන් පවු..නියම කතාවක්...
ReplyDeleteස්තූතියි පසන්!
Deleteඉගෙන ගන්න දුක් විඳින්න ඕනෙ තමයි. ඒත ඒ කාලෙ වගේ නෙවෙයි දැන් පොඩි වුන්ගෙ කාලය ගෙවෙන්නෙ පාරට, බස් වලට. පංති යන එකත් මෝස්තරයක් වෙලානෙ.
ප්‍රශ්නෙ තියෙන්නෙ ගිම් මේ සිද්ධිය චක්‍රයක් විදිහට කැරකෙන එක..අද අපි අම්මා වැරදියි කියලා කිව්වාට අපි ඒ තත්වයට එද්දි දරුවව සාමාන්‍ය විදිහට හදලා ඉගෙන නොගත්තොත් කියන අවදානම ගන්න බයයි..
ReplyDeleteස්තුතියි යථාර්ථය නිසි අයුරින් සිත්තම් කලාට..
ඔයා කියන දේත් සාධාරණයි රූ. මම කියන්න හැදුවෙ අතිරේක පංති සම්පූර්ණයෙන්ම නුසුදුසුයි කියල නෙවෙයි. අනිත් ලමයින්වත් යවන නිසා තමන්ගෙ ලමයත් යවනවා කියන මතයේ ඉන්න එකයි වැරැද්ද. සීමාසහිතව දරුවට අත්‍යාවශ්‍යයැයි කියල හිතෙනව නම් අතිරේක පංතියකට යැව්වට වරදක් නෑ. ඉගෙනීමත් දරුවාගේ මානසිකත්වය හා නිදහසත් සමබර වෙන විදිහට ඒව යොදා ගන්න ඕනෙ.
Deleteකාලීන මාතෘකාවක්... බොහොමයක් ළමයින් මේ අයුරින් දුක් විදින අයුරැ සිරා ඕනා තරම් දැක ඇත... එවුන්ගේ මාපියන්ට දැන් වත් ඇස් ඇරේවා...
ReplyDeleteස්තූතියි සිරා!
Deleteමගෙත් ප්‍රාර්ථනාව ඒකම තමා!
අද කාලේ ඉඳගෙන ගත්තේ නැත්තම් හොඳ රස්සාවක් කරන්නත් බෑනේ. ඒක හින්ද හැම දෙමව්පියෙක්ම වලිකන්නේ තමන්ගේ දරුවන්ට හොඳට උගන්වන්න ගෙවල් දොරවල් උගස් කරලා හරි. මොකද ඒ කට්ටිය වයසට ගියාම තමන්ගේ දරුවෝ හොඳ තැන්වල ඉන්නවා දකින්න ඒ ගොල්ලෝ ආස හින්ද. නමුත් එහෙම බලල පොඩි ළමයින්ගේ ජීවිතේ උගසට තියන ඒක ගැන හිතන්න වෙනවා. මොකද ළමයෙක්ට ජීවිත කාලෙටම ඒ වගේ කාලයක් ආපහු උදාවෙන්නේ නැති හින්ද ගිමන් නිවන්න කියනවා වගේ. මම පුංචි කාලේ නම් ශිෂ්‍යත්වේට පන්ති ගියා. ඔච්චරම බලපෑමක් තිබුනේ නෑ. අම්ම ශිෂ්‍යත්වෙට පස්සේ මට ඉගෙන ගන්න බලකලෙත් නෑ. මම කරගන්න පුළුවන් හරිය කරගත්ත මිසක්.
ReplyDeleteබුද්ධිමත් දරුවන් තේරුම් ගන්න තරම් දෙමව්පියො ලබන්නත් පිං කරල තියෙන්න ඕනෙ.
Deleteස්තූතියි අදහස් දැක්වූවාට සිතුම්!
අම්මලාගෙ විභාගෙ ඔහොම තමා... ඉස්සරට වඩා දැන් ඒක දරුණු වෙලා..:)
ReplyDeleteඒක තමා නංගා, හප්පේ අනාගතේ ලමයින්ට කොහොම දුක් විඳින්න වෙයිද කියල හිතෙන කොට ඒ පොඩි එවුන් ගැන දුක හිතෙනවා!
Deleteමමත් සිස්සත්තෙට පන්ති ගියා.. ඒත් දැන් නම් ඒකාලෙට වැඩිය හැමදේම ගොඩක් වෙනස් වෙලා.. තරගේ වැඩි වෙලා..
ReplyDeleteඒක ඇත්ත දිනේශ්, මේව මෙහෙම ගිහින් කොහෙන් කෙලවර වෙයිද මන්ද! අපි දැක්ක ලමා ලෝකය නම් අනාගත පොඩි පැටව් යන්තමින්වත් දකින එකක් නෑ.
Deleteඅද රටේ ඇත්ත තත්වෙ ඔක තමයි බං ...........මේකට වගකියන්න ඕනේ අද රටේ තියෙන අධ්‍යාපන කොරමය !!!!!!!! මේ අධ්‍යාපනයෙන් බිහිවෙන්නේ බුද්ධිමතුන් නෙවෙයි ,කටපාඩං කොරන ගිරව් !!!!!!1111
ReplyDeleteඒකත් මේ විපර්යාස වලට ප්රබලව බරපාන සාධකයක් තමයි දිනෙල්ක. කරන්නන්වාලේ කරන ප්රතිසංස්කරන නව නිර්දේශ වලින් තාම නම් ප්‍රගතියක් දකින්න නෑ වගෙයි. අහිංසක දරුවො අතරමං වෙන එක තමා අන්තිමට වෙන්නෙ.
Deleteබ්ලොග් අවකාශයේ දැකපු සිරාම ලිපියක් තමා මේක ,පොඩි උන්ව මැෂින් කරලා තියෙන්නේ දැන් පවු ...
ReplyDeleteගොඩක් ස්තූතියි රොබින්!
Deleteහරියටම හරි කිව්වා! ලමයින්ව මැශින් කරන දෙමව්පියො මතක තියාගන්න ඕනේ මැශින් බවට පත් වන දරුවන්ගෙන් අනාගතේදි කරුණාවක් ආදරයක් සංවේදිකමක් ලැබෙන්න තියන ඉඩකඩත් අඩු බව.
සිරාවට පව්, දැන් ඉන්න පොඩි උන් අර අපේ පුංචිගේ කොලු පැටියා සිස්සත්තෙට පංති 3කට යනවා...
ReplyDeleteහනේ හපොයි.....
ගිමනට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔන්න රජතුමත් හැබෑ උදාහරණයක් දීල තියෙන්නෙ. ඒ පංති 3න් එකක් වත් නවත්තල ඒ ටික ගෙදරදි කියල දුන්න ගමන් මහන්සියවත් අඩු වෙනවනෙ.
Deleteරාජ නියෝගයක්වත් නිකුත් කලා නම් හරි.
ස්තූතියි ප්‍රතිචාරයට!
පුංචි කාලේ මේ තරම් බරක් ඔලුවට කොහොම දාගන්නද..? අනේ මන්දා ඒත් අද දකින්න නම් ලැබෙන්නේ ගොඩක් මේ වගේ දේවල්ම තමයි අයියේ....
ReplyDeleteඒක නම් ඇත්ත නංගා, අද කාලේ පොඩි එවුන්ට ලමා ලෝකයක් නැති තරම්, උදේ ඉදන් හවස් වෙනකම්ම පංති වලට දුවනවා මිසක්.
Deleteමං සිස්සත්තේ පාස් .ඒ වුනාට දෙකේ පන්තිය වෙනකන් හරියට අකුරු ඉලක්කම් ලිව්වෙ නෑ :) කොටින්ම මම සෑහෙන්න කාලයක් හිත්න් හිටියේ 10 යට පස්සේ 100 ඊට පස්සෙ 1000 කියලා . ( දැනුත් ඉතින් ටිකක් එහෙම තමා ) හික් .පන්ති ගියානම් මට ගුටි කන්න වෙනවා සර්ල මිස්ලගෙන්.අම්ම තමයි ඉගැන්නුවේ .කොහොම පාස් වුනාද මන්දා :) අහ් මම මොටිසෝරිත් ගියේ නෑ .සතියක් විතරයි ගියේ .ඊට පස්සේ වර්ජනේ කලා :)මෙන්න කතාවව http://ahasgawwa-tmg.blogspot.co.uk/2009/09/blog-post_20.html
ReplyDeleteඇත්තටම බැලුවොත් පොඩි කාලේ ඔය පුංචි වයස ලමයින්ගේ හැකියා , දක්ෂකම් උඩ තීරණ ගන්න කල් වැඩී .මනුස්සයෙක්ට මුලු ජීවිත කාලෙම ඉගෙනීම් අවස්තා ලැබෙනවනේ .පොඩි කාලේ හිටි විදියට එහෙම නම් මම අද වෙනකොට කිසිම වැඩකට නැති පොරක් වෙන්න ඕනේ ( ඒ වුනාට එහෙම තමයිලු හරිද :) )
හප්පේ TG කාලෙකින්නෙ මේ පැත්තෙ ආවෙ. මම හිතුවෙ අමතක වෙලාවද්ද කියල!
DeleteTG පොඩි කාලේ දැකපු විඳපු ලමා ලෝකේ අද කාලේ දරුවො නම් හීනෙකින්වත් දකින්න තරම් වාසනාවක් තියෙනවද කියල සැකයි. ඒ කාලේ ඉදන්ම චංඩියා වගේ නේද? :D
පොඩි කාලේ ඉදන්ම දැන් තියන ටිකිරි මොළේ තිබිල තියෙනව වගේ? තාමත් ගෙදර දොරේ අයිතිවාසිකම් දිනා ගන්න වර්ජන කරනවද?
එකක් ඉවර වෙන්න එකක් වැඩ + ගමන් බිමන් ගිමන් ඒ නිසා වෙලාව ගොඩක් අඩුයි .ඒත් තෝරගත්ත සීමිත බ්ලොග් කීපයක් හැමදාම කියවලා කමෙන්ට් දානවා ,ඒකට ගිමන්ගේ බ්ලොග් එකත් අයිතියි .පරක්කු වෙලා ගොඩවදිනේ වැඩ වැඩි නිසා
Deleteමම ඉතින් එදත් චණ්ඩියා අදත් චණ්ඩියානේ . වැඩිය ඕනේ නෑ මම දොස්තරලටත් බොරු ගොතලා කියලා තියෙනවා :) කතාව ඇති අහස්ගව්වේ :)
මට තේරුම් ගත්ත හැකි TG මෙහෙම හරි ගොඩ වෙලා යන්න ආපු එකට සතුටුයි!
Deleteහපොයි චන්ඩිය උනාට කමක් නෑ දොස්තරලට බොරු කියන එක නම් හොඳ පුරුද්දක් නෙවෙයි!
ශිෂ්‍යත්ව විභාගේ අම්මලාගේ විභාගයක්නේ...දරුවෝ නිකරුනේ දුක් විදිනවා..පව් අහිංසක ළමයි..
ReplyDeleteමේ අධ්‍යාපනයෙන් බිහිවෙන්නේ බුද්ධිමතුන් නෙවෙයි ,කටපාඩං කොරන ගිරව් !!!!!!1111
සහතික ඇත්ත..
මාත් අව ඕන ගිමන් හැරලා යන්න...
ඇත්ත පිලිවෙලක් නැති අධ්‍යාපන ක්‍රමෙත් මේකට වග කිවයුත්තෙක්!
Deleteරෙහානිවත් ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා! ආයෙත් විවේක වෙලාවට ඇවිත් යන්න එන්න!