Friday, July 31, 2015

ඇති වෙලාද? (Fed Up)



ඔයාලට මතක ඇති මිට මාස දෙකකට විතර කලින් ගොඩක් වැදගත් මාතෘකාවක් ඔස්සේ ලිපි 4ක දීර්ඝ කතා බහක් කලා. ඒ තරබාරු කම ගැන.
ඒකෙ අන්තිම ලිපිය වුන සතියෙන් බර අඩු කරගන්න කැමතිද? (General Motors: Weight Loss Diet Program) ලිපියේ උපදෙස් පිලිපැදපු ගොඩක් අයට තමන්ගෙ හොල්ලන්න බැරිව තිබ්බ බර අඩු කර ගන්න පුලුවන් වුනා.
පහත තියෙන්නේ ඒ ලිපි 4.


මේ ලිපි 4ම ලියන්න මාව පෙලෙඹෙව්වේ, මූලාශ්‍රය වුනේ ෆෙඩ් අප් - Fed up "ඇති වෙලා " කියන ඇමෙරිකානු වාර්තාමය චිත්‍රපටය.
ඔයාලට මතක ඇති තුන්වන ලිපියේදී මේ චිත්‍රපටය ඔයාලට හදුන්වලා දෙන ගමන් පොඩි ඉල්ලීමක් කලා සිංහල උපසිරැසි අඩවි වලට, මේ චිත්‍රපට ලංකාවෙ අයට බලන්න අවස්ථාවක් ලබා දෙන්න කියල.

ඉතින් ඒ ඉල්ලීමට පිළිතුරු ලැබිලා තියෙනවා.
අපි හැමෝම වගේ දන්න බයිස්කෝප් (Biscope.lk)වෙබ් අඩවියේ රොයිලි ප්‍රනාන්දු සහෝදරයා (සිංහල සබ් දාල ෆිල්ම් බලන අය නම් මෙයාව හොඳට දන්නවා නේද) ඔන්න ගොඩක් මහන්සි වෙලා මේ චිත්‍රපටයට සිංහල උපසිරැසි හදලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ටොරන්ට් එකකුත් හොයල දීල තියෙනවා චිත්‍රපටය අපිට ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් විදිහට.
මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා රොයිලි සහෝදරයට මේ කරපු උතුම් කාර්යය වෙනුවෙන්.

පහත ලින්ක් එකෙන් ඔයාලට බයිස්කෝප් අඩවියේ "Fed up" චිත්‍රපටය ලබා දෙන පිටුවට යන්න පුලුවන්.

ආයේත් කියන්න තියෙන්නෙ අනිවාර්යයෙන් මේ චිත්‍රපටය නරඹන්න. 
හරියට පැය 1කුත් විනාඩි 30ක් කිසිසේත්ම අපතේ යාමක් නොවෙයි කියල මම සහතික වෙනවා. එහි තියෙන්නෙ මා ඉහත සඳහන් කල කතාවයි. නිකම්ම නෙවෙයි සියලු සාක්ෂි සාධක සහිතව. ඇත්ත ඔබ දකීවි. 

තරබාරු කම කෙනෙකුගේ ජිවිතයට කොතරම් බලපානවාදැයි දකීවි. 
ඉගෙන ගන්න දේවල් හිතවතුන් එක්ක බෙදා ගන්න. එයාලවත් මේ චිත්‍රපටය බලන්න යොමු කරවන්න.  

6 comments:

  1. ගොඩාක් ස්තූතියි! ගිමන් පුතා. වැදගත් වටිනා ලිපියක්. ෆිල්ම් එක බලා විස්තරයක් දමන්නම්.

    ReplyDelete
  2. ගිමන්....................... අර පෝස්ටු සෙට් ඒකම බැලුවා.... චිත්‍රපටයත් බලන්නම්..

    ReplyDelete
  3. ඇත්තටම කියනවනම්, ස්තූතිය සම්පූර්ණයෙන්ම යන්න ඕනා ඔබටයි. මම කළේ උපසිරැසියක් කරපු එක විතරයි. මේක නොවුනනම් වෙන එකක් හරි මම කරන්න තිබ්බා. ඒත් ඔබතුමා මේ පෙන්නපු මඟපෙන්වීම නිසා තමා මම මේක තෝරගත්තේ. ඒත් මම කරපු දේට වඩා මේ වගේ අගනා ලිපි මාලාවක් අපි එක්ක බෙදාගැනීම ගැන ඔබට නැවත වාරයක් ස්තූතියි. ජය෴෴

    ReplyDelete
    Replies
    1. ස්තුති ඔබට.. සිංහලෙන් සබ්ටයිට්ල් දාපු එක හරිම වටින දෙයක්,

      Delete
  4. ගොඩක් ස්තූතියි.. film එක බලන්න ඕනේ..

    ReplyDelete
  5. මේ වැඩේ දිගටම කරගෙන යන්න ගිමන් නිවන්නා...
    ඔබට ජය...

    ReplyDelete