ගියවර ලිපි දෙකෙන් අපි කතා කලේ සිරුරේ බර වැඩි විමට හේතු, එහි භයානකත්වය හා වර්තමානයේ බහුතරයක් තරබාරු බවින් පෙලීමට සැබැ වගකිවයුත්තන් කවුද කියන එක. පහතින් එම ලිපි වෙත යොමු වෙන්න පුලුවන්.
මහත මට්ටු කරන්නේ කෑම පාලනයෙන්ද? ව්‍යායාමයෙන් ද?
කෙලින්ම අපි ගියවර නැවැත්වූ තැනින් කතාව පටන් ගමු.
2002 වසරේදී ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO) TRS-91 6 යන ලියවිල්ලක් එලි දක්වනවා. එහි ඉතා පැහැදිලිව ඔවුන් සඳහන් කරනවා තරබාරු බවට හා පරිවෘත්තිය සින්ඩ්‍රෝමික (පළමු ලිපියේ විස්තර කර ඇත) තත්වයට බලපාන ප්‍රධානතම සාධකය සීනි බව. ඔවුන් නිර්දේශ කරනවා පුද්ගලයෙකුට සීනි ලෙස ගත හැකි කැලරි ප්‍රමාණය ඔහුගේ මුළු ආහාරයෙන් 10% කට වඩා නොවැඩි විය යුතු බව. මෙම ලියවිල්ලත් එක්ක ආහාර සමාගම් වලට යලිත් තදින්ම පහර වදිනවා. ඇමෙරිකානු ආර්ථිකයේ බහුතරය වන මෙම සමගම් වල බලපෑම නිසා මෙම ලියවිල්ල ප්‍රසිද්ධ කිරීම නවතාලීමට ඇමෙරිකානු රජයට සිදු වෙනවා. මෙහිදී ඇමෙරිකානු රජය ලෝක සෞඛ්‍යය සංවිධානයට (WHO) අනතුරු හඟවනවා ඉහත ලියවිල්ල ප්‍රකාශයට පත් කලහොත් ඇමෙරිකාවෙන් ලෝක සෞඛ්‍යය සංවිධානය ( WHO) වෙත ලබා දෙන ආධාර මුදලින් මිලියන 406ක් නවතා දමන බවට. මේ බලපෑමත් එක්ක ලෝක සෞඛ්‍යය සංවිධානය ලියවිල්ල ප්‍රකාශයට පත් කිරීම අත්හිටුවනවා.
ජනතාව වෙත ලැබෙන පණිවිඩය වෙන්නෙ පුද්ගලයෙකුට සීනි ලෙස ගත හැකි කැලරි ප්‍රමාණය ඔහුගේ මුළු ආහාරයෙන් 25%ක් බව. මෙය සත්‍ය අනුමත ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක්. බලන්න මුදල් හමුවේ ලෝකයේම ජනතාව රෝගින් බවට පත් වීමේ අඩිතාලම වැටී ඇති අකාරය.
ඊලඟට ඔබව තරමක් කේන්තියට පත් කරවන කරුණක් කියන්නම්. බොහොමයක් ජීවිත රක්ෂණ සමාගම් (Health Insurance) සිය මුදල් යොදවන්නේ ආහාර නිපැයුම් සමාගම් වල කොටස් මිලදී ගැනීමට. මොකක්ද රහස? මොකද ඔවුන් දන්නවා අයහපත් ආහාර පුරුදු පවතින තරමට ජනතාව රෝගීන් වන බව. රෝගීන් ශල්‍යකර්ම බහුල වෙන තරමට ජීවිත රක්ෂණ මිලදී ගැනීමට පෙළඹෙන ප්‍රමාණයත් වැඩියි.
හොඳයි අපි බලමු දැන් අපේ ජීවන රටාව.
අපි බහුතරයක් ගොඩක් කාර්යබහුලයි. උදේ 6 වෙද්දි වැඩට පිටත් වෙන්න ඕනෙ, දරුවො පාසැල් වලට පිටත් කරන්න ඕනෙ. එළවළු තෝරන්න කපන්න සෝදන්න, පලා ඇහිදින්න කෝ අපිට වෙලාවක්.
අපි පොඩිම සාමාජිකයාගෙන් පටන් ගම්මු.
වයස මාස 9යි. අම්මට වැඩට යන්නත් ඕනෙ පොඩි එකාගෙ බඩ පුරෝල යන්නත් ඕනෙ නැත්නම් හිතට හරි නෑනෙ. එළවළු තම්බල පොඩි කරල කෑම හදන්න ටිකක් වෙලා යනවා, අනෙක ඒක කවා ගන්නත් අමාරුයිනෙ. ඊට වඩා කොච්චර ලේසිද නෙස්ටම් පැකට් එකෙන් ටිකක් අරන් කෝප්පෙට දාල හොදට සීනි පිටි දාල දිය කරල දුන්නහම අනේ තනියම හරි පොඩි එකා ඔක්කොම හිනා වෙවී කාල දානව. අම්මට කොච්චර සතුටුද?
වයස මාස 9යි. අම්මට වැඩට යන්නත් ඕනෙ පොඩි එකාගෙ බඩ පුරෝල යන්නත් ඕනෙ නැත්නම් හිතට හරි නෑනෙ. එළවළු තම්බල පොඩි කරල කෑම හදන්න ටිකක් වෙලා යනවා, අනෙක ඒක කවා ගන්නත් අමාරුයිනෙ. ඊට වඩා කොච්චර ලේසිද නෙස්ටම් පැකට් එකෙන් ටිකක් අරන් කෝප්පෙට දාල හොදට සීනි පිටි දාල දිය කරල දුන්නහම අනේ තනියම හරි පොඩි එකා ඔක්කොම හිනා වෙවී කාල දානව. අම්මට කොච්චර සතුටුද?
දවල්ට ඉතින් බබා බලා ගන්න කෙනත් ඒ ටිකම තමයි කරන්නෙ. මොකද නෝන ගෙදර එන වෙලාවට බඩ ඇකිලිලා දරුව අඬඅඬා හිටියොත් රස්සාව ඉවරයිනෙ. ඔන්න රෑට නම් සමහර අම්මලා දරුවගෙ ආහාරවල ගුණාත්මක බව රැක ගන්න කියල එළවළු කෑමක් හදල කවන්න හදනව. අනේ අර උදෙයි දවලුයි සිනී ගුලි වගේ රහට රහේ කෑම කාපු මම කොහොමද මේව කන්නෙ කියල හිතල බබා අර එළවළු කෑම එක කටක් උගුරෙන් පහලට යවන්නෙ නෑ. ඉතින් අන්තිමට නෙස්ටම් ගුලියකින්ම බඩ පුරෝල නිදි කරෝනව.
ඉතින් මෙහෙම හැදෙන දරුවන් කවදාවත් එළවළු වල රසයට කැමති වෙන්නෙ නෑ. අවුරුදු 4ක් 5ක් වෙනකොට මේ දරුව කන්නෙම නෑ එළවළුවක් මැල්ලුමක් කටේ තියන්නෙ නෑ. ඉල්ලන්නෙම ෆ්‍රයිඩ් රයිස්, ක්ෂණික නූඩ්ල්ස්, කොත්තු, බනිස්, බටර් ගාල පාන්, ඉතින් දරුව බඩගින්නෙ තියන්න බැරි කමට ඕව ඔක්කොම ගෙනත් දෙනවා. අපරාදෙ කියන්න බෑ දරුව බෝල ගෙඩිය වගේ හැදෙනවා. වෙලාවකට ආඩම්බරත් හිතෙනවා, අපෙ දරුවො හොදට උස්මහත් වෙලා හැදෙනවා කියල.
ඔන්න වයස 16ක් විතට වෙද්දි තමා ඊලඟ ගැටලුව එන්නෙ.
"අම්මෙ මට හැමෝම බතලය කියනවා"
ඔන්න චෝදනා හැමදාම. ගෑනු ළමයෙක් නම් ඔන්න ඔය කාලෙට තමයි ගොඩක් ඇඟේ හැඩය ගැන උනන්දු වෙන්නෙ. දැන් තමයි ප්‍රශ්නෙ කොහොම හරි බර අඩු කරගන්න ඕනෙ. ඔන්න අම්ම කියනවා පුතේ පිටි කෑම සීනි කන්න හොඳ නෑ මේ එළවළු කන්න මේ මුංඇට කඩල කන්න. කියලා. අනේ අර ඉපදුන දවසෙ ඉඳල එළවළුවක් කටේ තියන්න අකමැති ළමයා කොහොමද එළවළු කන්නෙ. කොහොමද. ඔන්න බැරි තැන කියනව ව්‍යායාම කරන්න කියල. අර ළමය එක වේලකට කන දේවල් වලට හරියන්න දවසම ව්‍යායාම කලත් මදි. අන්තිමට මේ ළමය කලකිරීමට පත්වෙනවා. අවුරුදු 30ක් වෙනකොට ඔන්න පෙශර්, දියවැඩියාව.
මොකක්ද අපි තේරුම් ගත යුත්තේ?
දෙමව්පියන් සෑම දෙයක්ම කරන්නෙ දරුවන්ගෙ යහපත වෙනුවෙන්. ඉතින් මුල් අවුරුදු 3ක් 4ක් වෙනකල් වත් දරුවගෙ කෑම ගැන සැලකිලිමත් වෙන්න. දරුවගෙ දිව පැණි රසට, තෙල් රසට, ලුණු රසට හුරු වෙන්නෙ කලින් එළවළු සහිත බත් කෑම වල රසට හුරු කරවන්න. ඒකෙන් ඔයාලගෙ දරුවට ජීවිත කාලය පුරාවටම නිරෝගීකම අයෝජනය කලා වෙනවා.
ගොඩක් අය හිතනවා මම කොච්චර තෙල් කෑවත් සීනි කෑවත් මම කෙට්ටුයිනෙ. ඉතින් මට ඕනෙ දෙයක් ඕනෙම තරම් කන්න පුලුවන කියල.නමුත් ඒ කවුරුවත් දන්නෙ නෑ අපේ සිරුර අභ්‍යන්තරයේ පවා අධික ලෙස මේදය තැම්පත් වෙන බව. ඇමෙරිකානු සමීක්ෂණ වලට අනුව කෙට්ටු පුද්ගලයින්ගෙන් 40% පමණ තරබාරු අයට සමානව පරිවෘත්තිය සින්ඩ්‍රෝමික තත්වයට පත් වීමේ අවදානම පවතින බව. ඉතින් කෙට්ටුයි කියල අපිට ඕනෙ තරම් ඕනෙම දෙයක් කන්න පුලුවන් කියල හිතන්න එපා. ඔයාල නොදැන සිරුර තුල අහිතකර මේදය ගොඩ ගැහෙනවා.
මීට අවුරුදු 40කට පමණ පෙර දුම්පානය වරදක් කියල කවුරුවත් හිතුවෙ නෑ. කවුරුත් හිතුවෙ එය සතුට දනවන සමාජය තුල කැපී පෙනීමට හේතුවන පුරුද්දක් කියල. අපි කවුරුත් දන්නවා ඒ කාලයේ සිටම ලෝක ආර්ථිකයේ දැවැන්තයො වුනේ දුම්කොල සමාගම්. දුම්බීම නිසා ජීවිතය අපායක් වන තරමට රෝග වැලඳෙන බවට පර්යේෂණවලින් සොයා ගනිද්දී දුම්කොල සමාගම් සිය මුදල් බලෙන් ඒ සියල්ල සඟවන්න කටයුතු කලා. නමුත් වැඩි කල් ඔවුන්ට එය කරන්න ලැබුනේ නැහැ. බලන්න අද සිගරට් පැකැට්ටුවේ පවා එහි අවදානම සඳහන් කරන්න වෙලා. දුම්බීම සම්බන්ධ මාධ්‍ය දැන්වීම් තහනම් වෙලා.
ඔබ විශ්වාස කලත් නැතත් මේ සුපිරි ආහාර හා සිසිල් බීම යන දෙක සම්බන්ධ සමාගමුත් හැසිරෙන්නෙ මේ ආකාරයෙන්මයි. සමහර විට ඉදිරි අනාගතයේදී මෙම අහාරය/බීම ඔබේ සෞඛ්‍යයට අහිතකරයි කියන ලේබලයක් ඒවි.
නමුත් එතෙක් මෙයට රැවටෙන අයගේ ජිවිතය අවධානමේ.
නමුත් එතෙක් මෙයට රැවටෙන අයගේ ජිවිතය අවධානමේ.
ඔන්න මගේ කතාව මෙයයි.
සාරාංශය කිව්වොත්,
1. සිසිල් බීම අත්හරින්න, දරුවන් එයින් බේරා ගන්න. (විකල්පය - නැවුම් පලතුරු යුෂ හෝ තැඹිලි ගෙඩියක්)
2.සකස් කරන ලද ආහාර වලින් ඔබ හා පවුල බේරා ගන්න. (විකල්ප - නැවුම් එළවළු සහිත කෑම වේලවක්-ඇයි අපි මේ සුපිරි ක්ෂණික/සැකසූ ආහාර වලටම වහ වැටිල ඉන්නෙ. අපේ රටේ තරම් එකිනෙකට වෙනස් රස සහිත කිසිම අගුණයක් නැති ආහාර වෙන කිසිම රටක නැතුව ඇති.)
3.බර ගැන දුක් වෙන කෙනෙක්ද? සතියක් සීනි හා තෙල් වලින් තොර වෙන්න - පැහැදිලි වෙනස ඔබම දැක ගන්න (අවසන් ලිපිය ඒ කියන්නෙ ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙන්න )
අවසානයේ මම කරන බලවත් ඉල්ලීම වෙන්නෙ පහත ඉදිරිපත් කෙරෙන වාර්තාමය චිත්‍රපට නරඹන ලෙස. හරියට පැය 1කුත් විනාඩි 30ක් කිසිසේත්ම අපතේ යාමක් නොවෙයි කියල මම සහතික වෙනවා. එහි තියෙන්නෙ මා ඉහත සඳහන් කල කතාවයි. නිකම්ම නෙවෙයි සියලු සාක්ෂි සාධක සහිතව. ඇත්ත ඔබ දකීවි. තරබාරු කම කෙනෙකුගේ ජිවිතයට කොතරම් බලපානවාදැයි දකීවි.
චිත්‍රපටයේ නම - ෆෙඩ් අප් ( Fed Up) - "ඇති වෙලා".
නිෂ්පාදනය - Stephanie Soechtig
[බයිස්කෝප් (biscope.lk) හෝ zoom.lk වැනි වෙබ් අඩවියෙක සිංහල උපසිරසි සකසන කෙනෙක් ඉන්නවා නම් මේ චිත්‍රපටයට උපසිරැසි නිර්මාණය කරල ඉහත වෙබ් අඩවියක් මගින් ලංකාවෙ අයට ලබා දෙන්න. හැමදාටම නිරෝගී වෙන්න ඒ පින ඇති වේවි.]
ඔන්න මම කල ඉල්ලීමට පිළිතුරු ලැබිලා තියෙනවා.
අපි හැමෝම වගේ දන්න බයිස්කෝප් (Biscope.lk)වෙබ් අඩවියේ රොයිලි ප්රනාන්දුසහෝදරයා (සිංහල සබ් දාල ෆිල්ම් බලන අය නම් මෙයාව හොඳට දන්නවා නේද) ඔන්න ගොඩක් මහන්සි වෙලා මේ චිත්‍රපටයට සිංහල උපසිරැසි හදලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ටොරන්ට් එකකුත් හදල තියෙනවා චිත්‍රපටය අපිට ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් විදිහට.
මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා රොයිලි සහෝදරයට මේ කරපු උතුම් කාර්යය වෙනුවෙන්.
පහත ලින්ක් එකෙන් ඔයාලට බයිස්කෝප් අඩවියේ "Fed up" චිත්‍රපටය ලබා දෙන පිටුවට යන්න පුලුවන්.
මෙතනින් චිත්‍රපටය බලන්න.
Fed.Up.2014 from Twinning Media BV on Vimeo.
ඊලඟට පල කරන මෙම ලිපි පෙලේ අවසාන ලිපියෙන් ඔබේ දෛනික ජීවිතයට කිසිම බාධාවක් නැතුව, විශේෂ ව්‍යායාම වැඩසටහන් නැතුව සතියකින් බර අඩු කර ගන්න පුලුවන් ක්‍රමයක් බලාපොරොත්තු වෙන්න.
ගිමන්.....................
ReplyDeleteවටිනා උපදෙස් ටිකක්..... අපිත් කන බොන කොට ටිකක් හිතන්න යොමු වෙනවා මේවායින්.... අැත්තට ම ජීවිත සංකීර්ණ වෙන්න වෙන්න අපි ලෙඩ වෙන දේවල් ලං කරගන්නවා වැඩියි තමයි........
ජයවේවා
ඒක ඇත්ත කුරුටු! ස්තූතියි දිරි ගැන්වීමට!
Deleteසිසිල් බීම ජාති වලින් අත ඇරෙන එක තමයි ඉතින් ටිකක් අමාරුම වැඩේ.. අනික් කෑමනම් ඉතින් කන්නේ බොහෝ දුරට අඩුවෙන්..
ReplyDeleteමේ කියන විදිහට නම් සෝඩා (සිසිල් බීම) වර්ග වලින් තමයි ගොඩක් මේදය හැදෙන්නෙ. ටිකක් අඩු කලොත් හොඳයි.
Deleteහ්ම්
ReplyDeleteමුල ඉදන්ම කියෙව්වනෙ ඇත්තටම වැදගත් ලිපි සෙට් එකක්... ඉතුරු ටිකත් කියවන්ට බලං ඉන්නව...
බයිස්කෝප් සූම් වගේ වට දෙන්න ටොරන්ට් තියෙන්ට එපැයි මම බලන්නංමේකෙ ටොරන්ට් එකක් හොයාගන්න පුලුවං වුනොත් කරන්ට පුලුවං
ටොරන්ට් එකක් නැති ගැටලුව නම් තියෙනවා. ඒකයි මටත් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දාන්න බැරි වුනේ. බලන්නකො ට්ර්යි එකක් දාල සිංහල උපසිරැසිය විතරක් වත් දෙන්න, එතකොට හැකියාව තියෙන අයට ( IDM-Internet Download Manager තියෙන අය) උඩ තියෙන vimeo වලින් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙන උපසිරැසිය දාගෙන බලන්න පුලුවන්.
Delete1,2 ගොඩක් වෙලාවට කරන්න උත්සාහ කරනවා. 3 මේ සතියේ කරලා බලන්න ඕනේ..
ReplyDeleteබොහොම ස්තූතියි මේ තොරතුරු හොයලා අපි හැම කෙනෙක්ම දැනුවත් කරනවට.
ඔන්න අනිත් ලිපියත් දැම්මා, දැන් 3 වෙනි එකත් කරල බලන්න පුලුවන්!
Deleteතවත් වැදගත් තොරතුරු රැසක් ගිමන්. ස්තූතියි! පුතා මේ වැදගත් සටහනට. ඊළග ලිපිය ලියනකල් බලා ඉන්නවා.
ReplyDeleteස්තූතියි ඔබට! ඔන්න ඊලඟ ලිපියත් දැම්මා!
Deleteඅන්තිම ලිපියත් කියෙවුවා ප්‍රශ්න කීපයක් අහන්න තියෙනවා ඒ ලිපියේ අහන්නම්. වීඩියෝවට ස්තුති
ReplyDeleteඑහෙනම් ඒකත් කියවලම අහන්නකො
Deleteබොහොම වටින් ලිපි පෙළක් .. උපසිරැසියක් කරන්න වටිනවා.. torrent එකක් හදලා කරන්න් පුළුවන් වෙලාඅවක් තිවුනොත්
ReplyDeleteඅන්න ගොඩක් වටින වැඩක්. ෆිල්ම් එක ආපු මුල් දවස් අල ටොරන්ට් තිබ්බා. දැන් තමා හොයා ගන්න නැත්තෙ. එකක් හදමු.
Deleteඔබව සම්බන්ධ කරගන්න FB එකේ පේජ් එක හරහා උත්සහා කළාට කිසිම ප්‍රතිචාරයක් තිබුනේ නෑ. වාර්තා චිත්‍රපටය ගැන කතාකරන්න හැකිනම් ඔබව සම්බන්ධ කරගන්න මාර්ගයක් කියන්න පුළුවන්ද? මේල් මඟින් නම් වඩා හොඳයි. ජය෴෴
ReplyDeleteදැන් තමයි දැක්කෙ. FB එකෙන් නැත්නම්
Deletegimanhalablog@gmail.com
මේල් එකක් එවන්න.