Tuesday, March 3, 2015

මකා දැමූ දේවල් ගොඩ ගන්නේ මෙහෙමයි ( Easy File Recovery)


අපිට සමහර වෙලාවට අතපසු වීම් වෙනවා . සමහර වෙලාවට දෙලෝ රත් වෙන අතපසු වීමුත් වෙනවා නේද?
එකක් තමයි අතපසු වීමෙන් පරිගණකයේ තියෙන ලිපිගොනු ඩිලීට් (Delete) වීම. ( ප්‍රතිචක්‍රිකරණ බදුනට (Recycle bin) නොගොස් නැවත ලබා ගත නොහැකි වන ලෙස මැකී යාම.)
සාදා නිම කල Powerpont/word/Exel ෆයිලයක්, බාගත කර ගත් චිත්‍රපටයක්, පැරණි දුර්ලභ ඡායාරූප ගොනුවක්. මෙවැන්නක් අත්වැරදීමකින් ඔබ අතින් මැකී ගියොත් ඔබ මොකද කරන්නෙ?

අන්න ඒ වෙලාවට තමයි මේ නැවත ලබා ගැනීමේ මෘදුකාංග ( Recovery Software) අපේ පිහිටට එන්නේ.

හැබැයි එවාටත් අපිට  උදව් වෙන්න පුලුවන් සීමාවන් තියෙනවා. එකක් තමයි අපි අදාල දත්තය මකා දමා එය තිබූ තැන අලුත් දත්ත ඇතුල් කර තිබුන හොත් අප මකා දැමූ දත්තය නැවත ලබා ගත නොහැකියි.
එයට හේතුව තේරුම් ගන්න මේ නැවත ලබා ගැනීමේ මෘදුකාංග ( Recovery Software) වල ක්‍රියා කාරීත්වය කෙටියෙන් පැහැදිලි කරන්නම්. අපි යම් දත්තයක් මකා දැමූ විට පරිගනකයේ හර්ඩ් ඩිස්ක් ( Hard Disk) එක මත එම දත්තයට අදාල සැකැස්ම  ඉවත් වන්නේ නැහැ. සිදු වන්නේ පරිගණකය එවැනි දත්තයක් එතැන නොමැති යැයි මතක තබා ගන්නවා. අලුත් දත්තයක් ඇතුල් කල විට මකා දැමූ දත්තයේ ඉඩ අලුත් දත්තයේ සැකැස්ම ස්ථාපනය කිරීමට ලබා දෙනවා. මෙවිට මකා දැමූ දත්තය සදහටම පරිගණකයෙන් ඉවත් එනවා.
ඒ වගේම අපි පරිගණකයේ හාඩ් ඩිස්කය හෝ එහි දත්තය පිහිටා තිබූ කොටස ෆෝමැට් කල හොත් ඉන් පසුවද එම දත්තය නැවත ලබා ගත නොහැකියි. 
ඉතිං ඔබ අතින් යම් දත්තයක් අතපසු වීමෙන් මැකී ගියහොත් යලි කිසිම දත්තයක් හාර්ඩ් ඩිස්ක් එකේ එම දත්තය තිබූ කොටසේ  ( Partition ) තැම්පත් ( save ) කරන්න එපා.

හරි ඒත් කොහොමද මැකී ගිය දත්තය නැවත ලබා ගන්නෙ? තිබ්බ තැනක් වත් ගිය තැනක් වත් හොයා ගන්න බැහැනෙ. 
මේ සඳහා උදව් කරගන්න පුලුවන් මෘදුකාංග රාශියක් තියෙනවා. ඒවයි මට හමු වූ පහසුම මෘදුකාංගයක් ගැන කියන්නම්.
ඒ තමයි HandyRecovery  මෘදුකාංගය.


කොහොමද මේ මෘදුකාංගය හොයා ගන්නෙ?
හරිම පහසුයි පහත ලින්ක් එකෙන් කෙලින්ම බාගත කර ගන්න. 


ප්‍රමාණය ගැන බය වෙන්න එපා මේකෙ සයිස් එක මෙගා බයිට් 1යි  ( 1mb) පොඩි වුනාට තිතට වැඩේ කරනවා.

හරි දැන් කොහොමද මේක ස්ථාපිත (install) කර ගන්නෙ?
ඒ කරදර මුකුත් නෑ. ඔයාලගෙ පරිගණකයේ unzip මෘදුකාංගයක් තියෙනවා නම් (නැත්නම් මෙතනින් (winrar) බාගත කර ගන්න ) ඒ මගින් මෙය කැමති තැනක ලිපි ගොනුවක් ( Folder) හදලා ඒ තුලට දිග හැර ගන්න (Extract).



මෙන්න තියෙනවා ඔයාලට අවශ්‍ය මෘදුකාංගය. (ලියාපදිංචි කිරීම් හෝ වෙනත් තහංචිවලින් තොරයි.)

දැන් මම උදාහරණයක් පෙන්වන්නම් මේ මෘදුකාංගයේ ප්‍රයෝජනය ඔයාලට තේරුම් ගන්න.
මේ තියෙන්නෙ මට ඉතා වැදගත් දේශන සටහන් අඩංගු ලිපි ගොනුවක්.

මේ ඒකෙ තියෙන සටහන් එකතුව.

හදිස්සියට මේ ලිපි ගොනුව මගෙ අතින් මැකෙනවා. හපොයි දැන් මොකද කරන්නෙ!

ඔන්න දැන් තමා HandyRecovery මෘදුකාංග පිහිටට එන්නෙ.

ඔන්න මෘදුකාංය තිබෙන තැන, 

විවෘත කර ගන්න පොඩි උපදෙසක් දෙන්න ඕනෙ. නිකම්ම double click නොකර HandyRecovery.exe කියන එක උඩට mouse pointer  එක  ගෙනිහින් රයිට් ක්ලික් කරන්න එවිට ලැබෙන මෙනුවේ  Run as administrator යන්න තෝරන්න.

 ඔන්න මෘදුකාංගය විවෘත  (open) වුනා. 

දැන් එහි වම්පස ඇති මෙනුවෙන් මැකී ගිය දත්ත තිබූ දෘඩ තැටියේ කොටස (Hard Disk Partition) තෝරන්න. ( My documents වල හෝ Desktop  හි තිබූ දත්තයක් නම් ඔබ තේරිය යුත්තේ c කියන කොටස.)

දැන් වම්පස ඉහල කෙලවරේ ඇති Analayze යන්න ක්ලික් කරන්න.

එවිට ඔබට පෙනීයනවා මෘදුකාංගය සියලු දත්ත එකතු කිරීමක යෙදෙන බව. එය අවසන් වනතුරු මිනිත්තු කීපයක් ඉවසා සිටින්න.

දැන් ලැබෙන ප්‍රතිඵල සටහනේ ඔබට දැකිය හැකි වෙනවා අප මකා දැමූ ලිපිගොනුවත් තිබෙන බව.

දැන් කොහොමද මේක ආපසු ලබා ගන්නෙ? හරිම පහසුයි. ඉහත සඳහන් පරිදි නැවත ලබා ගැනීමට අවශ්‍ය දත්තය තෝරා (Select) වම්පස ඉහල ඇති Recover යන්න ක්ලික් කරන්න.

එවිට ඔබට නැවත ලබා ගන්නා දත්ත තැම්පත් (save) කල යුතු ස්ථානයක් ලබා දිය යුතු වෙනවා. ඔවුන් යෝජනා කරන ස්ථානය වුනත් ගැටලුවක් නැහැ. නැත් නම් අපි අලුතෙන් ලිපි ගොනුවක් (New Folder) නිර්මාණය කර ඒ තුල තැම්පත් කිරීම කරන්නත් පුලුවන්. මෙහිදී කරුණු 2ක් සැලකිලිමත් විය යුතුයි. එකක් අපේ මැකී ගිය දත්තය අඩංගු Hard Disk කොටස (partition) තෝරා ගැනීමෙන් වැලකිය යුතුයි. ඒ වගේම අප නැවත ලබා ගන්න දත්ත සියල්ලට ප්‍රමාණවත් වත් තරම් ඉඩ තිබෙන හාර්ඩ් ඩිස්ක් කොටසක් විය යුතුයි.

 හරි මම දැන් වෙනත් හර්ඩ් ඩිස්ක් කොටසක තැනක් වෙන් කර ගන්නවා.
මුලින් රූපයේ පරිදි Browser යන්න ක්ලික් කරන්න.

දැන් ලැබෙන මෙනුවේ අපිට අවශ්‍ය හර්ඩ් ඩිස්ක් කොටස තෝරා  (New folder) යන්න ක්ලික් කරන්න.


එම ලිපි ගොනුවට කැමති නමක් යොදන්න. මම Recovery යන්න යෙදුවා. දැන් OK කරන්න.

දැන් අපට අවශ්‍ය තැන නැවත ලබා ගන්න දත්ත තැම්පත් කර ගන්න පුලුවන්. දැන් OK කරන්න.

මද වේලාවක් අපේ දත්ත ප්‍රතිස්ථාපනය (Recovery) කිරීමට ඉඩ දෙන්න.

ක්‍රියාවලිය අවසානයේ Finish යන්න  පහල වම් කෙලවරේ සටහන් වේවි.

ඔන්න වැඩේ අවසානයි. දැන් අපි දත්ත තැම්පත් වීමට වෙන් කල ෆෝල්ඩර් එකට ගිහින් බලමු. 
මෙන්න මැකී ගිය දත්ත සියල්ල කිසිම අඩුවක් නැතුව තියෙනවා.

කොහොමද දැන් හිතට දැනෙන සනීපෙ, සදහටම නැති වුනා කියල හිතුන දෙයක් නැවත කිසිම අඩුවක් නැතුව ලබා ගන්න පුලුවන් වුනාම.
[පරිගණක දැනුම ගොඩක් අඩු කෙනෙක්ට වුනත් තේරුම් ගැනීමට පහසු වෙන්න නිසයි ඉතා සුලු දේවලුත් විස්තරාත්මකව රූප අටහන් සහිතව ඉදිරිපත් කලේ ] 

දැන් තමා මම පෝස්ට් එකේ වැදගත්ම දේ කියන්නෙ. අපි ගොඩක් දෙනා හිතනවා අපේ ලැප්ටොප්, පරිගණක, දුරකතන වල තියනෙ යම් පෞද්ගලික දෙයක් සදහටම මකා දැමූ විට  ( Delete කල විට) එය සදහටම ඉවත් වුනා කියල. දැන් ඔයාලට තේරෙනවා නේද මේ වගේ මෘදුකාංගයකින් ඕනෑම කෙනෙක්ට කොයි තරම් පහසුවෙන් ඒ දෙවල් නැවත ලබා ගන්න පුලුවන්ද කියල! ඉතින් එවැනි දෙයකින් කෙනෙක්ගෙ  ජීවිතේ ප්‍රශ්න ගොඩකට ඇදල දාන්න වුනත් බැරි කමක් නැහැ නේද. අද කාලෙ ඕන තරම් උදාහරණ අහන්න දකින්න ලැබෙනවා.

ඒනිසා හොදින් පහත උපදෙස් පිලිපදින්න.

****01. කවදාවත් අතිශය පෞද්ගලික දෙයක් ඩිජිටල් මාධ්‍යයක් මත රැදෙන්න අවස්ථාවක් උදාකර ගන්න එපා. ( තව විදිහකින් කිව්වොත් අනවශ්‍ය තත්වයේ ඡායාරූපයක් හෝ වීඩියෝවක් ගන්න  එපා, ගන්න ඉඩතියන්නත් එපා., කෙතරම් විශ්වාසය දායක යැයි සිතෙනවා වුවත්.)

02. යම් ලෙසකින් එසේ ලබා ගත් ඡායාරූපයක්/ වීඩියෝවක් / දත්තයක්  ඔබ මකා දමනවා නම් එම දත්තය තිබූ හාර්ඩ් ඩිස්කය(Hard Disk)/  PenDrive/ මතක චිපය (Memory chip) Format කිරීමට නම් අමතක කරන්න එපා. මගේ මතය නම් දිනෙන් දින දියුණුවන නව තාක්ෂණය සමග Format කිරීමත් අනාරක්ෂිතයි කියලා. ඒ නිසා අදාල හාර්ඩ් ඩිස්කය(Hard Disk)/  PenDrive/ මතක චිපය (Memory chip)විනාශ කර දමනවා නම් වඩාත් සුදුසුයි.

ඉතිං ඉහත මෘදුකාංගය ඔබට වැදගත් නොවුනත් අවසානයේ සදහන් කල ඔවදන තවත් අයට කියල දෙන්න නම් අමතක කරන්න එපා. (විශේෂයෙන්ම ඔයාලගෙ අක්කලා නංගිලාට) එයින් ගොඩක් දෙනෙක්ගෙ ජීවිත අනතුරේ වැටීමෙන් වලක්වන්න අපිට පුලුවන් වේවි. 



10 comments:

  1. ස්තුතියි ගිමන්. අපිත් ඕවගේ රිකවරි ටූල්ස් පාවිච්චි කරනවා. එක පාරක් අපේ 1TB Toshiba external hard drive එකකට කෙල වුනා. කාලයක් යනකල් රිකවරි ටූල් එකෙන් ඕකේ තියෙන ඒවා පාවිච්චි කලා නමුත් ඔක්කොම කොපි කරගන්න තැනක් නොතිබුන හන්දා තව එකක් ගන්නකල් ඉන්න වුනා. අනිත් එක ගන්න සතියකට විතර කලින් මෙන්න මේක රෙකග්නයිස් කරන එක නතර වුනා. ඉතින් මොනවා කරන්නද. සෙත්තපෝච්චි තමයි. ඔය කොයි රිකවරි ටූල් එකෙනුත් වැඩේ ගොඩ දාන්න පුලුවන් වෙන්නේ රෙකග්නයිස් කලොත් විතරයි.

    ReplyDelete
    Replies
    1. හපොයි රෙකග්නියිස් කරන්නෙ නෑ කියන්නෙ ඉතින් හාර්ඩ්වෙයා අවුලක්නෙ. එතකොට ඉතින් සොරිම තමා. දොරකට තියන්න තමා වෙන්නෙ.

      Delete
  2. පැහැදිලි විස්තරයක් :)
    මෙච්චර කල් පාවිච්චි කලේ නම් වෙන රිකවරි ටූල් එකක්. මේකත් වෙලාවක පාවිච්චි කරල බලන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චාම්ස්! මම විස්තර කරන්න තෝර ගත්තෙ ගොඩක්ම සරල එකක්. එතකොට ඕනෙම කෙනෙක්ට පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන්නෙ.

      Delete
  3. ගොඩක් සරලව පැහැදිලිව කියල තියනවා හැමෝටම මේ ලිපිය ගොඩක් වටීවි ඒ වගේම අර රතු අකුරින් ලිව්ව විශේෂ සටහනත් ගොඩක් වටිනව :)

    ReplyDelete
  4. මේවා ගැන නොදන්න කාලේ මගේ කම්පියුටරෙන් කොච්චර දේවල් නැති වෙලා තියෙනවද අප්පා..

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං තාක්ෂණය දියුණුයිනේ මල්ලි තව ටික දවසකින් මැරුණ අයටත් පණ දෙන්න විදිහක් හොයා ගනීද දන්නෑ

      Delete
  5. ටික කාලයක් නොලියා හිටියාට දැන්නම් ලියන හැඩයි... අැත්තට ම අපි මේ පැත්තට ගොඩවුනේ අද ද කොහෙද??? කමක් නැහැ පරක්කු වුණත් දිගට ම ඒන්නම්.. දිගට ම ලියමු.. ඒකයි වැදගත්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ගිමන්හලට ගොඩවැදුනට. ඔව් කාර්යයබහුල කාල සීමාවක් පහු කලා. දැන් ඉතින් වෙලාවක් හම්බුන ගමන් ලියනවා.

      Delete