Sunday, May 19, 2013

කෙටි විරාමයකට අවසර


ඔන්න කාලයක සිට බලා සිටි සීමාවාසික සේවා කාලය හෙටින් ආරම්භ වෙනවා.
වසරකට ආසන්න කාලයක් බ්ලොග් ලිවීමෙන් හා කියවීමෙන් විශාල සතුටක් හා දැනුමක් මෙන්ම අගනා මිතුරන් රැසක් හඳුනා ගන්නට ලැබුනා.

ඉතින් ඉදිරියට ලිවීමට මෙන්ම කියවීමටද කාලයක් ලැබේවි කියල හිතන්න අමාරුයි.
හැකියාවක් ලැබුනොත් කෙටියෙන් හෝ යමක් ලියන්නම්.
කලාතුරකින් හෝ බ්ලොග් කියවීමට පැමිණියත් යමක් පවසා යන්නට නම් නොහැකි වේවි. ඒ ගැන අමනාප නොවන්න.
සීමාවාසික කාලයෙන් පසු නැවතත් සුපුරුදු පරිදි බ්ලොග් ලිවීමට හා කියවීමට තමයි බලාපොරොත්තුව.

එහෙනම් ඉතින් ඔයාල හැමෝටම සුවෙන් සතුටෙන් ආදරෙන් පිරුණු වාසනාවන්ත දිවියක් පතනවා!

~ ගිමන් නිවන්නා ~


20 comments:

  1. ඔබේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
    මම samakayawate බ්ලොග ලියන නලින්

    ReplyDelete
  2. පුළුවන් වෙලාවට ඇවිත් යයි කියලා හිතනවා.. සුභ පැතුම් අයියේ..

    ReplyDelete
  3. උඹේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ඉත්සිතින්ම ප්‍රාර්ථනා කරනවා මචං.. ජය ශ්‍රී!!!!!

    ReplyDelete
  4. ඒ කියන්නේ අපි ගිමන් අයියා දොස්තර මහත්තයෙක් වෙන්න ද යන්නෙ? ඉක්මනින් ආයෙත් හමු වෙමු. මගේ සුභ පැතුම! සියලු කටයුතු හොඳින් සිදු වෙයි කියලා හිතනවා.

    ReplyDelete
  5. මසැයි මම එකතුවෙලා තියෙන්නේ නරක මොහොතක. ඉතිං කුමක් කියන්නද සුභ පතනවා හැර.

    ReplyDelete
  6. ගොඩක් පාළු දැනෙන එකම කෙනා මම......සුභ පතනවා හොදින් ඉන්න.....ඉක්මණින් එන්න ගිමන් අයියේ

    ජයම වේවා...........

    ReplyDelete
  7. සුභ විරාමයක් ගිමා අයියේ.. ආපහු එනකම් අපි බලාගෙන ඉන්නවෝ

    ReplyDelete
  8. ආපහු ඉක්මණින් එන්න අයියේ..ඔයාගේ අනාගතයට සුභ පැතුම්..!

    ReplyDelete
  9. ජයවේවා.

    නමුත් අවුරුද්දයි කල් දෙන්නේ, හරි?

    ඊට පස්සේ නොවරදවාම එන්න ඕනෙ.

    ReplyDelete
  10. අනාගතේට සුබම සුබ පැතුම් අයියෙ!!! ආයෙත් ඉක්මනින් ඇවිත් ලියන්න :)

    ReplyDelete
  11. සුභ පැතුම් ගිමන්...ඔයාගෙ වැඩ කටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා. පුලුවන් වෙලාවක එහෙනම් ආයෙත් ලියන්න පටන් ගන්නකො :)

    ජයෙන් ජයම වේවා!!!!!

    ReplyDelete
  12. මූණූපොතේ කලින්ම සුභ පැතුවත් ආයෙත් බ්ලොගෙත් සුභ නොපැතුවොත් ඒකත් අඩුවක්නේ.
    මලයාට මතකද අර නීල් ආම්ස්‍ටෝන් හඳට ගිහින් කිව්වාදේ. අන්න ඒ වගේ දෙයක් තමා මමත් කියන්න යන්නේ. මලයා අද දවසේ මේ තබන්න යන පොඩි පියවර මලයාගේ මුළු වෛද්‍ය ජීවිතයටම තබන ලොකුම ලොකු පිම්මක් වෙනවා. ඒ ගමනට යන්න ශක්තිය හා ධෛර්ය්‍ය නිබඳවම ලැබෙන්න කියලා පතනවා. ඉන්ටර්න් අස්සේ වුනත් ලැබෙන පොඩි විවේකයට අර සිඳු වගේ මොනවා හරි ටිකක් කෙටියෙන් හරි ලියලා යයි කියලා හිතනවා

    ReplyDelete
  13. ඉක්මනට වැඩේ ගොඩ දාගෙන වරෙන්... එතකන් මේ ටික කියවල ඉවර කරන්නන්ත් පුලුවන්....

    ReplyDelete
  14. තෙරුවන් සරණින් වාසනාවන්ත අනාගතයකට සෙනෙහසින්ම සුබ පතනවා ගිමන් පුතා . ඔබ කරනා කාර්යය හැම විටම සමාජයට හයපතක් වෙන අයුරින් මහත් කරුණාවෙන්ම ඉටුකරන්නට ලැබේවා! ජයම ලැබේවා!

    ReplyDelete
  15. ඔබ නැති අඩුව දැනෙනවා ඉක්මනට එන්න ආයෙත් ගිමන් ...ඔබ යන ගමන සාර්ථක වේවා !

    ReplyDelete
  16. see you soon friend..........!!! best of luck

    ReplyDelete
  17. එනකං බලාගන ඉන්නවා

    ReplyDelete
  18. දැන් සීමාවාසික කතා ටිකකුත් එකතු කරගෙන ඇති නේද?

    ReplyDelete