Saturday, March 9, 2013

ඕනෑම දෙයක් උපරිම වේගයෙන් පහසුවෙන් ඩවුන්ලෝඩ් කර ගන්න!



ගොඩක් කාලෙකින් අන්තර්ජාලය සම්බන්ධයෙන් මුකුත් ලියන්න බැරි වුනානෙ.
ඉතින් අද ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නෙ ඉතාමත් පහසුවෙන් උපරිම වේගයෙන් ඕනෑම දෙයක් ඩවුන්ලෝඩ් කර ගන්න උදව් ලබාදෙන වෙබ් අඩවියක් (Furk.net) ගැන.

මෙය ක්‍රියාත්මක වෙන්නෙ ටොරන්ට් ( Torrent ) යන ක්‍රමය උපයෝගී කරගෙන. ටොරන්ට් ගැන නොදන්න අයත් ඉන්න නිසා ඒ ගැනත් ටිකක් කියන්නම්.

ටොරන්ට් කියන්නෙ අන්තර්ජාලය තුල විවිධ දේවල් බෙදා හදා ගන්නා ක්‍රමයක්. මෙහිදී බොහෝ වෙලාවට සෙවා සපයන්නන් මෙන්ම සේවා ලබා ගන්න අය වෙන්නේත් සාමාන්‍ය අන්තර්ජාල පාවිච්චි කරන අයමයි. අපට අවශ්‍ය ඕනැම දෙයක් මෙම ටොරන්ට් මගින් නොමිලේ ලබා ගන්න අද කාලයේ පුලුවන්.
ආයතන කීපයක් මෙම දෙකොට්ටාශය සම්බන්ධ කරන්නන් ලෙස ක්‍රියා කරනවා.
උදා -
www.utorrent.com
www.torchbrowser.com

මෙහිදී සිද්ධ වෙන්නෙ, අපේ පරිගනකයේ තියෙන ගීතයක්, චිත්‍රපටයක් හෝ ඔනෑම දෙයක් තවත් කෙනෙක්ට ලබා ගන්න ඉඩ දීම. එවැනි අය රාශියකගේ එකතුවෙන් තමයි මෙම සේවාව සැපයෙන්නෙ.
ටොරන්ට් ගැන සම්පූර්ණ දැනුමක් ලබා ගන්න පුලුවන් පහත සඳහන් ලිපි වලින්.

TORRENT ගැන සම්පූර්ණ පාඩමක්!

ටොරන්ට් කියන්නේ මොනවාද?




දැන් මම කියන්නම් මේ Furk.net අඩවිය භාවිතා කරන හැටි.

1. මුලින්ම පහත ලින්කුවෙන් Furk.net අඩවියට යන්න.

https://www.furk.net/


2. අඩවියෙහි ලියාපදිංචි වන්න. මේ සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ. නමුත් ඒ සඳහා ලියාපදිංචි වී සිටින අයෙකුගේ ආරාධනයක් අවශ්‍ය වනවා.(මේ ලින්කුවෙන් ගොස් එම අරාධන කේත ලබා ගන්න පුලුවන් වේවි )
http://thebotnet.com/freebies/169690-free-furk-net-invite-codes/
එහෙම නැත්නම් තමන්ගේ ෆේස්බුක් ගිණුම භාවිතා කර ලියා පදිංචි වන්න වෙනවා.

3.  Register යන්න ක්ලික් කරන්න.

3. ඉන්පසු ඔබේ ඊමේල් ගිණුම භාවිතා කර ඔබේ ගිණුම අනුමත කර ගන්න.

4. දැන් ඔබට මෙම වෙබ් අඩවිය පාවිච්චි කල හැකියි.


අපි බලමු කොහොමද මෙය භාවිතා කර ඔබට අවශ්‍ය දෙයක් ඩවුන්ලෝඩ් කර ගන්නෙ කියලා.

මේ සඳහා මම බොහෝ දෙනෙක් දන්න zoom.lk වෙබ් අඩවියෙන් ලබාදෙන ටොරෙන්ට් මගින් චිත්‍රපටයක් ඩවුන්ලෝඩ් කරන හැටි උදාහරනයකට ගන්නම්.

1. Zoom.lk වෙබ් අඩවියට යන්න.

2. කැමති චිත්‍රපටයක් තෝරා ගන්න (මම තෝරා ගත්ත මෑතකදී ඉතා ප්‍රසිද්ධ වූ ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපට මාලාව අනුසාරයෙන් නිපදවූ හොබිට් - The Hobbit: An Unexpected Journey චිත්‍රපටය )

3. දැන් එය භාගත කර ගැනීමට අවශ්‍ය ටොරන්ට් එක ලබාගෙන සොයා ගත හැකි තැනක සේව් කර ගන්න (මම නම් ඩෙස්ක්ටොප් එකට )

4. දැන් Furk.net අඩවියට යන්න

5. My files යන්න තෝරන්න

6. New යන්න ක්ලික් කරන්න

7. Choose file ක්ලික් කරන්න

8. කලින් සේව් කර ගත් ටොරෙන්ට් ෆ්යිලය ලබා දෙන්න

9. Add download ක්ලික් කරන්න

10. Download ක්ලික් කරන්න.

11. දැන් ඔබේ අන්තර්ජාල සම්බන්දතාවයට ලබා ගත හැකි උපරිම වේගයෙන් චිත්‍රපටය ඩවුන්ලෝඩ් වේ. මෙන්න සාක්ෂි! 



වේගය අතින් තරමක් දුර්වල SLT අන්තර්ජාල සබඳතාවක් ඇතිව වුවද චිත්‍රපටය විනාඩි 10කටත් අඩු කාලයකින් ඩවුන්ලෝඩ් කරගත හැකි විය.


12. ඩවුන්ලෝඩ් වී අවසන් වූ පසු චිත්‍රපටය ලැබෙන්නේ zip ෆ්යිල් එකක් විදිහට. එය කැමති තැනකට unzip කර ගන්න.


  • මේ අකාරයට ටොරෙන්ට් අකාරයට ඇති ඔනෑම දෙයක් මේ වෙබ් අඩවිය මගින් ඩවුන්ලෝඩ් කර ගත හැක. 
  • ටොරෙන්ට් එක සඳහා සීඩ්ස් අඩු වුවත් බාධාවක් රහිතව උපරිම වේගය ලැබේ.
  • වීඩියෝ කොන්වර්ට් කර ලබා ගැනීමටද පහසුකම ඇත.
  • අප ඩවුන්ලෝඩ් කරන දේවල් නැවත නැවත ගැනීමට හැකි ලෙස අපගේ ගිණුමේ සුරක්ශිත වේ.
  • අපගේ පෞද්ගලික දත්ත ගබඩාවක් ලෙසද භාවිතා කල හැක. 
  • දිනකට 1 GB දත්ත ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව ඇත. (මුදල් ගෙවා මාසකට 250GB දක්වා වැඩි කර ගත හැක )





එහෙනම් අවශ්‍යතාවය ඇති අය ප්‍රයෝජනයට ගන්න.!

28 comments:

  1. නියමයිනෙ..සාමාන්‍යයෙන් නම් සීඩ්ස් අඩු වෙලාවට ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ගියාම එපා වෙනව. හැබැයි මේ විදිහට කලාම එහෙම ප්‍රශ්නයක් එන්නෙත් නෑනෙ. බොහොම ස්තූතියි ගිමන් මේ තොරතුරට...ගොඩක් වැදගත් වෙනව මේ ගැන දැන ගත්ත එක :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ මටත් මුලදි පුදුම හිතුනා. මේක සිද්දවෙන යාන්ත්‍රනය හොයල බලන්න වටිනවා. හොඳට සීඩ්ස් තියන ටොරන්ට් වලදිත් ටොරන්ට් ඩවුන්ලෝඩ් එකට වඩා තුන් ගුණයක විතර වේගයක් මේ මගින් ලැබෙනවා.

      Delete
  2. නියමයි මල්ලි . ටොරන්ට් වල ලොකුම ප්‍රශ්නය සීඩ් අඩුවෙන එකනේ. හැබෑටම මේකෙන් අඩු සීඩ් තිබුණත් වැඩි ස්පීඩ් දෙනවද? අත්හදා බලන්නම වටිනවා ඒකනම්

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා, මම ඩවුන්ලෝඩ් කල සමහර එවට ගොඩක් අඩු සීඩ්ස් ගානක් තිබුනත් මේ මගින් ඩවුන්ලෝඩ් කරද්දි උපරිම වේගය තිබ්බා. මේකෙ තියන අනිත් වාසිය තමයි, අපිට ඩවුන්ලෝඩ් කරන්න අපහසු වෙලාවක් නම් මේ අඩවියෙ අපෙ ගිණුමට ඩවුන්ලෝඩ් කලයුතු දේ ඇතුලත් කරල තිබ්බහම පස්සෙ කාලෙක උනත් අපිට ගන්න පුලුවන්. එතකොට අපිට සීඩ්ස් වල බලපෑමක් ඇත්තෙම නෑ.

      Delete
  3. මේකත් නියමයි.හැබැයි මම නම් ටොරන්ට් ඩිරෙක්ට් බාන්න මෙච්චර කල් පාවිච්චි කරේ Zbigz එක.ඒකත් ඔය වගේම තමා.එකේ ටොරන්ට් අප්ලෝඩ් කරන්න ඕනෙත් නැහැ ලින්ක් එක දුන්නම ඇති.

    ReplyDelete
    Replies
    1. මමත් zbigz පාවිච්චි කලා, නමුත් එහි ගැටලු කිහිපයක් තිබෙනවා. එහි අපට ලබා ගත් හැකි free ගිණුමෙහි ඩවුන්ලෝඩ් කල හැකි උපරිම වේගය 150kb/s වේ. නමුත් මම සඳහන් කල අඩවියෙහි වේග සීමා නොමැත. එමෙන්ම zbigz වලදී 8GB ට වඩා විශාල ටොරන්ට් ඩවුන්ලෝඩ් කිරීමට ඉඩ නොදේ එමෙන්ම දින 7කින් අප ඇතුලත් කල ටොරන්ට් ඉවත් වේ. ඔබ සඳහන් කල පරිදි මෙම අඩවියේද ටොරන්ට් අප්ලෝඩ් නොකර ටොරන්ට් ලින්ක් එක ලබා දී ඩවුන්ලෝඩ් කර ගැනීමේ පහසුව සහිතයි, එමෙන්ම විඩියෝ අපට අවශ්‍ය පරිදි කොන්වර්ට් කර ඩවුන්ලෝඩ් කර ගැනීමේ පහසුකමද සහිතයි.
      කෙසේ නමුත් මම සඳහන් කල furk.net අඩවිය භාවිතය අපහසු අයට ඔබ සඳහන් කල www.zbigz.com අඩවිය වැදගත් වේවි. ස්තූතියි!

      Delete
    2. එක ඇත්ත.මටත් ඔය වැඩේම උනා.මේක හොයා දුන්නට ස්තුතියි.

      Delete
  4. මේක ට්‍රයි කරලා බලන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Dude. ට්‍රයි කරල බලල හොඳ නරක කියන්නකො

      Delete
  5. ස්තුතියි ගිම්.එපාම වෙන දෙයක් තමා සීඩ්ස් අඩු වෙලාවට ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරන එක...මේකෙන් එහෙම ප්‍රශ්ණයක් නැති නම් ට්‍රයි කරලා බලන්න ඕනෑ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ළිහිණි, ට්‍රයි කරලම බලන්නකො

      Delete
  6. පොඩි හරි අවුලකට තියෙන්නේ දවසකට 1 GB විතරයි .ඒත් මදෑ.
    ස්තුතියි .

    ReplyDelete
    Replies
    1. ඔව් එක free ගිණුමකට දවසකට 1GB පුලුවන්. අපේ ගොඩක් අයට තියන හොඳම අන්තර්ජාල සම්බන්දතාවන්ටත් (SLT webfamily) තියෙන්නෙ මාසෙකට 25GB ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාවනෙ. හැබැයි කාටහරි දවසට 1GB ට වඩා ඩවුන්ලෝඩ් කරන්න ඕනෑ නම් කරන්න තියෙන්නෙ අවශ්‍ය ප්‍රමාණයට ගිණුම් කීපයක් හදා ගන්න එක. (නමුත් එය කල්පනාකාරීව කරන්න ඕනෙ IP ලිපිනය වෙනස් කරමින්, සමහර විට අහුවුනොත් අපේ ගිණුම් අත් හිටවන්න පුලුවන් නිසා )

      Delete
  7. මෙන්න මගේ invite code
    RBCTAN8QT
    T4WIN2GLW
    SACS75P2L
    IKYZYC7SO
    81SN81V6V
    JY5LH5B5C
    4P7BF9B9R

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි.
      මේ invite codes පාවිච්චි කරල facebook නැති අයට වගේම facebook මගින් signup වෙන අකමැති අයට පහසුවෙන් account හදා ගන්න පුලුවන්. මමත් මගෙ invite codes මෙතන දාන්නම්

      KKACL1XZ
      2EPPGYUZ9
      ABVOCX0HP
      8Z5W9FLS4
      DW6GA8UUT
      73B7IOL74
      T841YL006

      Delete
  8. ඉතාමත් හරවත් ලිපියක්.බලමු මට බාගත කරගෙන වැඩේ තනියම කරගන්න පුළුවන්ද කියලා.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  9. බොහොම ස්තූතියි ගිමන් තොරතුරට! :)

    ReplyDelete
  10. අත්හදා බලන්නම් ගිමන්....................ගොඩක් දවසකින් ලිපියක් දාල තියෙන්නේ.............

    සිත්තමී කෙල්ල ලු මේ..............

    ReplyDelete
    Replies
    1. සිත්තමී දැක්ක කල්!
      ස්තූතියි ඇවිත් ගියාට, අත්හදා බලල විස්තර කියන්නකො එහෙනම්!

      Delete
  11. ටොරන්ඩ් ගැන නම් මෙලෝ හසරක් දන්නෙ නෑ..අයියා දාල තිබුණ ලිපිය කියවලා හුගක් දේවල් දැන ගත්තා..ලැප් එකේ මේක ඉන්ස්ට්‍රෝල් කර ගෙන පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න ඕනි..ස්තූතියි අයියා...

    ReplyDelete
    Replies
    1. හලෝ බට්ටි නගා! මේකට මුකුත්ම ඉන්ස්ටෝල් කරන්න ඕනෙ වෙන්නෙ නෑ!
      මම පින්තූරත් එක්කම කියල තියන පිලිවෙලට කරන්න. හරිම ලෙසියි!

      Delete