එක්තරා හවසක... මූණු පොතේ මිතුරු සංවාදයේ...
ගයන්ත : තෑන්ක්යූ හොඳේ මාව ඇඩ් කර ගත්තට
නිශාන්ති : හ්ම්ම් හොඳ කෙනෙක් කියල හිතුනා.
ගයන්ත : :) ඒක නෙවේ හිම කිරිල්ලිගෙ හැබෑ නම කියන්නකෝ
නිශාන්ති : පිස්සු කොල්ලට නම මොකටද! :p එහෙනම් ඔයාගේ නම කියන්න.
ගයන්ත : මම ගයාන්
නිශාන්ති : මම නිශා
.......
....
..
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
ඊට නුදුරු දිනයක රෑ 1 ට විතර
ගයන්ත : ඔයා පාඩම් කරල ඉවරද සුදූ?
නිශාන්ති : ඔව් අයියා නිදිමතයි
ගයන්ත : මොනවද අනේ චුට්ටක් වෙලා කතා කරමුකෝ.. අද දවසටම චැට් කරන්න බැරි උනා.
නිශාන්ති : හ්ම්ම් ඉතිං කියන්න
ගයන්ත : ඔයා කැමතිම පාට මොකක්ද?
නිශාන්ති : :) ඔයත් අහන දේවල්, හා එහෙනම් ඔයාම කියන්න බලන්න!
ගයන්ත : රෝස?
.......
....
..
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
තවත් දින කීපයකට පසු... උදේ පාන්දරම...
ගයන්ත : ගුඩ් මෝනින් නිශා පැටියෝ...!
නිශාන්ති : ගුඩ් මොනින් ගයාන් අයියේ :)
ගයන්ත : මේ මම පොඩි බඩ්ඩක් අහන්නම් තරහ වෙන්නෙ බෑ ඔන්න.
නිශාන්ති : හ්ම්ම් අහන්නකො බලන්න O.o
ගයන්ත : මට ඔයාව බලන්න ආසයි
නිශාන්ති : අපෝ බෑ :o
ගයන්ත : ඔයා ගම්පහ නෙද ක්ලාස් යන්නේ. මම එන්නද?
නිශාන්ති : ඉතිං කොහොමද මාව හොයා ගන්නෙ?
ගයන්ත : ඉතිං නම්බර් එක දෙන්නකෝ
නිශාන්ති : හොරා :) කපටිකමෙන් නම්බර් එක ගන්න නේද! බෑ අනේ අපේ අම්මා ඒක හැමතිස්සෙම චෙක් කරනවා.
ගයන්ත : :( හ්ම්ම් එහෙනම් ඔයා ---- නෙට් කැෆේ එකේ 5 වෙනි බොක්ස් එකේ ඉන්න.
නිශාන්ති : බලමුකො
ගයන්ත : එහෙනම් ඔන්න හරි නේද? :) අද හවස 4ට! :)
නිශාන්ති : :)
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
එදින සවස...
ජැන්ඩියට හැඳ පැලඳ ගත් ගයන්ත ලොකු වැයින් චොකලට් එකක්ද ගෙන ---- නෙට් කැෆේ හලට ගොඩ වෙයි.
බලාපොරොත්තු ඉතීරී යන සිතින් යුතුව අංක 4 ගැසූ දොර ලෑල්ල අසල මදක් ලත වී දොරට තට්ටු කරයි.
"ගයාන් අයියාද?"
ඉතා සුපුරුදු හඬකි.
දොරා කඩා ගෙන මෙන් ගයන්ත ඇතුලට එබෙයි.
"තමුසේ මොකද මෙතන කරන්නේ?"
එතුල වූ තරුණියට තරු පෙනේ.
"ඔයාද එතකොට ගයාන් කියල චැට් කලේ!"
එය අසුනු ගයන්තටද තරු පෙනේ.
"වරෙන් යන්න ගෙදර, ආයෙ එහෙම තමුසෙ ෆේස්බුක් පැත්තෙ ගිහින් තිබ්බොත් බලා ගත්ත හැකි"
බෙරි කර ගත් මුහුණු වලින් යුතුව මෝටර් සයිකලයට නැඟී අයිය නගෝ ගෙදර යන්න පිටත් විය.
(නිමි )
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
මේ කතාව දන්න ඇත්තෝ සිටිය හැක, කලකට පෙර ඇස ගැටුණු ඉන්දීය කෙටි චිත්රපටයක් සිහි වී එය මඳක් වෙනස් කර ලියන ලද්දකි.
සයිබර් ලෝකය යනු අකරතැබ්බයන්ගේ තෝතැන්නකි. සිහි බුද්ධියෙන් ඒ හා කටයුතු කරන්න.
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
මෙන්න මේක තමා ඒ කෙටි චිත්රපටය. කැමති අය බලන්න
අයියෝ සල්ලි ....... විසිරුණු බලාපොරොත්තු
ReplyDeleteඕන්න වෙන වැඩ!
Deleteකාට කියන්නද මේ දුක කිව්වලු...
ReplyDeleteඅලුත් මල්ලි කෙනෙකුත් ඇවිත් තියෙන්නෙ!
Deleteආදරෙන් පිලිගන්නවා ගිමන්හලට!
විඩියෝ එක නම් කලින් බලලා තියෙනවා.
ReplyDeleteමාත් ගොඩක් කාලෙකට කලින් බලපු එකක්.
Deleteපොඩි කතාවකට හොඳයි කියල හිතුන
හික්ස්ස්ස්...මාර සීන් එක.. ඒකෙනෙ මම නොදන්න අයව මූනු පොත පැත්ත පළාතකටවත් ගන්නේ නැත්තේ...
ReplyDeleteඇන්න තොටියා අයියා නම් සිහි බුද්ධියෙන් මූණු පොත පාවිච්චි කරනවා වගේ!
Deleteහහහා......පට්ට සීන් එක නේ?
ReplyDeleteමට අහුඋනේ නෑනේ මේක කලින්
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඒකනේ! :D ඔන්න පරෙස්සමට රජතුමනි!
Deleteසුභ වේවා!!!
:) ඊයෙ පෙරේද දවසක මගෙ යාළුවෙකුත් මූණ බෙරි කරගෙන හිටියා ඔය වගෙ සිද්දියක් නිසා. ඇගේ ළඟ නෑ කෙනෙක් මුහුණු පොත හරහා යාළු වෙලා. ඉස්සෙල්ලම අනෙක් කෙනාව හැබැහින් දකින්නෙ, විවාහය සඳහා ලංකාවට ආවහම. එතකම් දැකලා තියෙන්නෙ මුහුණෙ ඡායාරූප විතරයි. ඉතුරු ටික ඕන නෑනෙ.
ReplyDeleteඒක තමා නලිනි ඒ වගේ දේවල් අද කාලෙ කොයි තරම් නම් වෙනවා ඇතිද!
Deleteඔය තරමින් බේරුන එකත් ලොකු දෙයක්!
විඩියෝ එකනම් කලින් බලලා තියෙනවා මමත්...
ReplyDeleteමූණු පොතේ අපුරු සිදුවීමක් වගේ,
අත්දැකීමක් වෙන්න ඇති නේද ??? :D
:D හපොයි මට නම් මෙහෙම අත්දැකීම නෑ
Deleteෆේස්බුක් එකේ ෆොටෝ එකක් ෂෙයාර් වුනේ සීයා කෙනෙක් කෙල්ලෙක් එක්කයි ආච්චි කෙනෙක් කොල්ලෙක් එක්කයි චැට් එකකට සෙට් වෙලා ඉන්න :P
ReplyDelete:D අහ් ඔව් ඔව් මාත් දැක්කා. ඕවා තමා ඉතින් ගොඩක් වෙන්නෙ.
Deleteමූණ පොත හන්දා සිද්ධ වෙන දේවල්...අනේ මන්දා.....
ReplyDeleteහ්ම්ම්.. මූණු පොත මොලේ ඇතිව පාවිච්චි කරනවා නම් අවුලක් නෑ
Deleteමාර භයංකාරයිනෙ!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
:D ඔව් ඔව් ඒක නේන්නම් පරෙස්සම් වෙන්න ඕනෙ
Deleteමේ කෙටි චිත්රපටිය නම් මමත් දැක්කා..ඒත් සයිබර් ලෝකය හිතන තරම් දරුණු නෑ ගිම්..කිව්වත් වගේ සිහිබුද්ධියෙන් කටයුතු කරන්න ඕන..
ReplyDeleteඒක ඇත්ත රූ, ඕනෑම දේක හොඳ නරක දෙකම තියනවා. අපි දැන ගන්න හොඳ විතරක් වෙන්කර ගන්න!
Deleteමම දන්න අයගෙ ෆේස් බුක් විවාහ සියල්ල අසාර්ථකයි...
ReplyDeleteවෙන්න පුලුවන් සිරා. කොම්පියුටර් තිරයකින් දකින දෙයින් ඇත්ත තීර්ණය කරන්න අමාරුයි!
Deleteහික්ස්....නියමයි.... ෆේස් බුක් විවාහ මිස් කෝල් විවාහ ගැනනම් හැමෝම ටිකක් සැලකිලිමත් වුනොත් හොදයි...මේව හොද පාඩම්
ReplyDeleteහික්ස් ඒ කිව්වට සිත්තමිත් ඔය දෙකෙන් එකකට අයිති කෙනෙක් තමා....නමුත් ඒ හැම කෙනාම වැරදිකාරයො කියන්න බෑ අහම්බෙන් හොද කෙනෙක් ඉන්න පුළුවන්..හරියට සිත්තමීගේ පණ වගේ....
සිත්තමී ඉතිං සිහි බුද්ධියෙන් එයාව තෝර ගන්න ඇතිනෙ. එහෙම උනාම අවුලක් නෑ!
Deleteමලා ජෝන් බාස් කිව්වලු ඇ ...
ReplyDelete:D ඕන්න වෙන වැඩ!
Deleteඅනිවාරෙන්ම සිහියෙන් වැඩ කලයුතු කාලයකි..
ReplyDeleteඒක ඇත්ත හිරු! නැත්නම් වැරදෙනකල් දන්නෙ නෑ!
Deleteමේ වීඩියෝ එක මාත් බැළුවා.. මේ දේවල් ඇත්තටම සිද්ද වෙන්න පුළුවන් බොරු මවා පෑම් කරන් ඉද්දී...
ReplyDeleteඒක තමා දිනේශ්, බොරු කලොත් කැරකිලා කරන කෙනාටම එනවා!
Deleteammooo aiyee mekanam hodai danagaththa eka..danagena giyoth katharagama nodana giyoth atharamaga kiyanne me wage dewal walata wenna athi...
ReplyDelete:D ඒක හරි! ස්තූතියි නංගා!
Deletekaaleena mathrukawak ne!! watinawa godaak
ReplyDeleteස්තූතියි වකා නංගි!
Deleteබයෙත් බැ ... :P
ReplyDeleteඅයියාගෙන් හොඳ පාඩම නංගිට. මම දන්නා කීප දෙනෙක්ම ඔහොම අමාරුවේ වැටිලා තියනවා මගේම යාළුවො අතින්, කීප සැරයක්ම විපාක කිව්වා. ඒවායින් බේරෙන්න කෙල්ලටවත් කොල්ලටවත් ඕනෙකමක් නෑ. උන්ට හොඳයි නම් මට මොකෝ කියල මම අන්තිමට සද්ද නැතුව හිටියා. තමාගේ මට්ටම තම්මට්ටම් කියනවනේ.
ReplyDelete