Tuesday, October 30, 2012

විස සිහින



සරත් කියවමින් සිටි පත්තරය පහත් කර කඩුල්ලෙන් එපිට ගුරුපාර දෙස බැලුවේය. ඒ කුස්සියේ සිටිය ශීලා කඩාගෙන බිඳගෙන ඉස්තෝප්පුවට විත් මෙතරම් උවමනාවෙන් පාර වෙත ඇස් යොමා සිටීමට හේතුව දැකීමට.

මඳ වේලාවකින් දුහුවිලි නඟමින් නිවස ඉදිරියෙන් ඇඳී ගිය සිල්ව ලාගේ අලුතින් ගත් කාරය දුටුවිට සරත්ට කාරණය පැහැදිලි විය. 
ශීලා තවමත් ඇඟිලි වලින්ද ඉස්සෙමින් ඈත ඇදී යන කාරය දෙස බලයි. 

"සුදු පාට නැතුව රතු පාට එකක් ගත්තනම් හොඳයි නේද අනේ"
ශීලා ඒ දෙස බලා ගෙනම පැවසීය.

"ඒක ඒ මිනිස්සුන්ගෙ කැමැත්තනෙ, අපි මොකටද ඕව හොයන්නෙ" සරත් එතරම් ගනනකට නොගෙන පැවසීය

"ඔයටා තමා ඕනැකමක් නැත්තෙ අහල පහල හැමෝටම වාහන තියෙනවා"
ශීලා නෝක්කාඩු ස්වරයෙන් පවසමින් ගෙතුලට ගියාය.

"අපිට පුලුවන් විදිහට එපැයි අපි ජීවත් වෙන්න, නැතුව රටේ ලෝකෙ මිනිස්සු කරන හැමදේම අපිට කලහැකිද"

"බැරි කම නෙවෙයි උවමනාවක් නැති කම මිසක්"
ශීලා ගෙතුල සිට හඬ නැඟීය.

සරත් පත්තරය පුටුව මතට දමා කල්පනාවකින් යුතුව පාර දෙසට පා නැඟීය. 


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

"ශීලා ලබන සඳුදා ඉඳන් මම එන්න ටිකක් රෑ වේවි"

ඇය විමසිල්ලෙන් සරත් දෙස බැලීය

"හවස පැය තුනකට කොම්පැනියක ජොබ් එකක් හම්බුනා, බොරැල්ලෙ. වැඩ ඇරුණු ගමන් බස් එකක් අල්ල ගත්තොත් පහ වෙද්දි එතනට ගිය හැකි"

"ඉතින් අනේ එච්චර රෑ වෙලා එන්නෙ කොහොමද"

"බොරැල්ලෙන් අන්තිම බස් එක නවය, ඒකෙ අවොත් දහයමාර විතර වෙද්දි ගෙදරට ආව හැකි"

"ප්‍රයිවට් තැනක් නම් හොඳට ගෙවනවා ඇති නේද?"

"ඔව් දැන් හම්බවෙන ගානම වගේ හෙව්ව හැකි සෙනසුරාද වරුවයි ඉරිදයිත් ගියොත්"

ශීලා සිතින් ගණන් හදා බැලීය, එය හැබෑවටම හොඳ අදායමකි. සිය සිත් ගත් කාරය ඇයට මැවී පෙනෙන්නාක් මෙන් විය. සිය සිහිනය සැබෑවක් වීම වැඩි ඈතක නොවේ යයි සිතන විට ශීලාට සතුටු සිතිනි.

ඒ කල්පනා ලෝකයේ කිමිදෙමින් ඇය කුස්සිය වෙත ඇවිද ගියාය.

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

සරත් නව රැකියාවට යාමට ආරම්භ කර සති දෙකක් ගත විය.
උදේ රැයින් පිටවන ඔහු ගෙදර එන්නෙ රෑ මැදියමට හෝරාවක් දෙකක් තිබියදීය.

වෙහෙසින් හෙම්බත් වී එන ඔහු යන්තම් ඇඟ පත සෝදා ගෙන ශීලා බෙදා දෙන බත් පත කා ඇඳට වැටෙන්නේය. 

ශීලා ඇඳට පැමිනෙන විට සරත් නින්දට වැටී ගොරවමින් සිටී. ශීලාද ඔහුව අවදි නොවන අයුරින් පසෙකින් ඇලවෙයි.


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

"අම්මේ තාත්ත මාත් එක්ක තරහ වෙලාද"

පෙර පාසල් නිම වී එන අතර දියණියගේ හඬින් ශීලා කල්පනාවෙන් මිදුනි.

"නෑ පුතේ, ඇයි එහෙම ඇහුවෙ?"

"නෑ නෑ අම්ම දන්නෙ නැතුවට තාත්ත මාත් එක්ක තරහ වෙලා, ගොඩක් දවසකින් මාත් එක්ක කතා කලේවත් නෑ, මම නිදා ගන්න කලින් එයා යනවා. ඊට පස්සෙ මම රෑට නිදා ගන්නකල් එන්නෙත් නෑ. නිවාඩු දවසටත් නෑ..
අනේ අම්මෙ තාත්තට යාලු වෙන්න කියන්නකෝ.." සිඟිත්තිය හැඬුම්බරව පැවසීය.

ශීලාට ඇය ගැන දුක සිතින.

"නෑ පුතේ තාත්තට දැන් ගොඩක් වැඩනේ, ඒකයි ඒ"

දියණිය ඉන් සෑහීමට පත නොවූ බව ශීලාට වැටහින. 

ශීලා යලි කල්පනාවට වැටින.

වෙනදා යන්තම් අදුරු වැටීගෙන එන විට සරත් නිවසට පැමිනෙන තුරු දියණිය බලා සීටී, සරත් ගෙදර පැමිනි සැනින් ඔහු තුරුලට වැටෙන ඇය ඉන්පසු බොහෝ වේලාවක් සරත් හා හුරතල් වේ. ඔවුන්ගේ කෝලම් බලමින් තමාද ඉමහත් සතුටක් විඳි අයුරු ශීලාට සිහි විය.
තමාටත් නොදැනීම යම් අඳුරක් සිය ජීවිත වෙලා ගනිමින් සිටින බවක් හැඟීමෙන් ශීලාගේ හිත පුරා තිගැස්මක් ඇති විය.


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

පොද වැස්ස සෙමෙන් තද වැස්සකට හැරෙන ලකුණු පහල විය.
රාත්‍රී එකොලහ පසු වුවද තාමත් සරත් නැත. ශීලා යලිත් දුරකතන ඇමතුමක් ගත්තාය.

"බස් එක මගදි කැඩුන ශීලා, හදන පාටක් නෑ. එන්න විදිහක් බලල කියන්නම්කො, ෆෝන් එකේ බැට්‍රිත් බැහැල. ඕෆ් වෙයිද දන්නෑ."

ඒ සැනින් ඇමතුම විසන්ඳි විය.

රාත්‍රී දොලහ පසු වුවද සරත් තාමත් නැත. යන්තමට තිබූ වර්ශාව මහා මේඝයක හැරී ඇත. ශීලාගේ සිත දැන් ගිනි ගොඩකි.

"සරත්ට කරදරයක්වත්ද" ශීලා මෙසේ සිතදිදීම පලාතම දෙදරවාගෙන අකුනක් ගැසුවේය. ඒහාම වැස්ස තවත් වැඩි විය.

"අනේ දෙවියනේ සරත්ට මුකුත් කරදරයක් වෙන්න එපා" ඉස්තෝප්පුවේ කනුවකට වාරු වී ඇත බලා සිටින ශීලාගේ දෙඇසින් කඳුලු රූරා වැටෙන්නට විය. පිට පිට ගසන අකුනු වලින් ඇගේ සිත තව තවත් කීරි ගැසේ.

මද වේලාවකට පසු කඩින් කඩ වැටෙන අකුණු එලියෙන් ඈත එන රුවක් ඇයට දිස් විය. ඒ සරත්ය. 
ඔහු කඩුල්ල පනිනවාත් සමඟම වැස්සද නොතකා ඔහු වෙත දිව ගිය ශීලා සරත්ව වැලඳගෙන හඬන්නට වූවේ හිත තුල වූ බිය ආවේගය පිට කිරීමටය.

"මොකද මේ! යමු යමු ගෙට ඔයත් තෙමෙන්නෙ නැතුව" 
දෙදෙනාම ගෙට ඇතුලුවිය. 

"හතේ කනුව ගාවට ලොරියක් හම්බුනා, ඉතුරු ටික ඉතිං පයින් එන්න වුනා"

"දෙයියනේ මේ වැස්සෙ ඔයා හැතැප්ම පහක් පයින් ආවද"
තෙතබරිත වූ ඇඳුම් හා වතුර බේරෙමෙන් සිටින සරත් දුටු ඇයට ඔහු පැමිණි ගමන පැහැදිලි විය.

"අනේ ඉක්මනට නා ගෙන එන්න, කාලත් නෑනෙ. මම ඉක්මනට කෑම ටික රත් කරල ගන්නම්"


එදින ශීලා සරත්ට තුරුල් වූයේ මඳ වේලාවකට පෙර ඇයට දැනුන බිය තනිකම සිතේ දෝංකාර දෙමින් පැවතුන බැවිනි.

"සරත්?"

"හ්ම්ම්ම්"

"නිදි නෑ නේද?"
"සරත්, හවස ජොබ් එක නතර කරල දාන්න. අපි අර ඉස්සර හිටිය වගේ ඉමු"

සරත් කිසිත් නොදොඩාම ශීලා වටා අතක් දමා ගෙන දෙනෙත් පියා ගත්තේය.  


42 comments:

  1. සල්ලි ලෝකයක් තිබුණත් වැඩක් නෑ ජීවිතේට නිදහසක් නැත්නම්..හැමදේටම වඩා වටින්නේ ඒක ......

    ReplyDelete
    Replies
    1. අද බට්ටි පළවෙනියටම ඇවිත්! :)
      ඒක නම් ඇත්ත බට්ටි. ඔක්කොටම කලින් නියම සතුට නිදහස කියන්නෙ මොකක්ද කියල තෙරුම් අරන් ඉන්න ඕනෙ.

      Delete
  2. සල්ලි පොදියක් අල්ලගන්න දෑතම පෑවත් අතේ සල්ලි නම් ඉතුරු වෙයි, ඒත් ඇඟිලිකරු අතරින් සල්ලි වලට ගන්න බැරි ගොඩක් දේවල් ගිලිහිලා යාවි. ශීලා ඒක තේරුම් ගත්ත එක ගොඩක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතුම්!
      කිව්වා හරියටම හරි. ගොඩක් අය සල්ලි අල්ල ගන්න අත් නිදහස් කර ගන්නෙ, කවදාවත් මිලට ගන්න බැරි දේවල් අතෙන් ගිලිහිලා යන්න දීල.

      Delete
  3. සැබෑ ලෝකෙදිත් ඇත්තටම මිනිස්සුන්ගෙ ජීවිත කතා මේ විදියට ඉවරවෙනවා නම්..

    අපූරුයි අයියේ...ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වකා නංගි!
      හැබෑ ලෝකෙදි වුනත් කතා මෙහෙම වේවි. මිනිස්සු ටිකක් හරි හැබෑ සතුට කියන්නෙ මොකක්ද කියල තෙරුම් ගන්න උත්සාහ කලොත්.

      Delete
  4. ලස්සනයි කථාව... හිතේ සතුට සල්ලි වලින්ම ගන්න බෑ කියන කථාවට තවත් උදාහරණයක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා!
      ඕක නොතේරෙන නිසා නෙන්නම් ගොඩක් අය දුක් විදින්නෙ.

      Delete
  5. හිතේ සතුට සල්ලි වලින් ගන්න බෑ කියල සල්ලි පස්සෙ දුවන මේ හැමෝටම තේරෙනවනම් කොච්චර හොදයිද?....

    සාර්ථක නිර්මාණයක් ..ගොඩක් දවසකින් ලියවුන කෙටි කථාව ලස්සනයි ගිමන්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිත්තමී!
      දැන් ටිකක් ලියන්න කම්මැලි වෙලා :)

      Delete
  6. මේ ජීවන රටාවයි, ආර්ථික අහේනියයි එක්ක රස්සාවල් දෙකක් නොකර ජීවත් වෙන්න බැරි අවස්තාත් තියෙනවා ගිමන්.
    විශේෂයෙන් බටහිර රටවල් වලට ඉගෙන ගන්න යන අය දවල්ට ඉගෙනගන්නවා, රෑට රස්සාවල් කරනවා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඒක සම්පූර්ණ ඇත්ත Dude අයියා මටත් මුණගැහිල තියෙනවා දරුවො වෙනුවෙන් දවල් රෑ නැතුව වැඩ කරන අය. ඒත් ජීවිතේ ගැට ගහ ගන්න දුක් විඳින එකෙයි අසාවල් පස්සෙ දුවන එකෙයි වෙනසක් තියනවා නේද?

      Delete
  7. ආදර්ශමත් කතාවක්! පුහු ආටෝපයට වඩා තමන්ට තියන දේ කාල සතුටින් ඉන්න එකයි වැදගත්..

    ReplyDelete
  8. ගතයුත්තක් තියෙන කතාවක්. නියමයි.

    ReplyDelete
  9. මිනිස්සු තමන් ලඟා කරගන්න ඕන කියන දේවල් පසු පස්සේ පන්නන ගමනේදි ඔවුන්ට නොදැනීම ඔවුන්ට මඟ හැරෙන්නේ ඔවුන් ඒ ලඟා කරගන්න බලාපොර්තුවෙන දේවල්ම තමයි කියන එක මිනිස්සු තේරුම් ගන්නේ ගොඩක් පරක්කු වෙලා!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සාබිත්, තමන්ට ඇත්තටම ඕනෙ මොකක්ද කියන එක තෙරුම් නොගැනීම තමා ගැටලුවට හේතුව. ස්තූතියි අදහසට.

      Delete
  10. gahanu aya vitarak neme , pirimi ayath innawa meka therun noganna , pirimi ehema unama kawadawath therun gane na , sanvedi na , tamange mathaya viatrai. gahanau nam ohoma dikin hari therun gani, hadanna bari deyak venakan pirimi therun ganne na.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මෙක එක පාර්ශවයකට විතරක් කියපු දෙයක් නෙවේ. ඒත් හැම පිරිමියම එක වගේ නෑ. ඒ වගේම හැම ගෑනිම සංවේදීත් නෑ.

      Delete
  11. නිවසක සතුට සැනසුම නැත්නම් ඒ නිවසම හරිම අඳුරුයි. සමහරු මුදල් පසු පසම හඹා යනවා මිසක මේ ගැන හිතන්නෙ නෑ. සාමය රැදෙන්නෙත් ඒ නිවසේ තියෙන සතුට මතයි.බොහෝ දෙනෙක් සතුට සොයා යන්නේ තමන්ගෙ ජීවිත වල හොඳම කාලෙ ගෙවුනට පස්සෙයි. එතකොට වෙන්න තියෙන දේ වෙලා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් දෙනෙක්ට ඔය ටික නොතේරෙන නිසා කොයි තරම් නිකරුනේ දුක් විඳිනව්ද. ස්තූතියි අදහසට!

      Delete
  12. ජිවිතය දෙස ආ පසු හැරිලා බලද්දි පසුතැවිමට යමක් ඉතිරු නොකර ජිවිතය පරිස්සමින් රැගෙන යා යුතුය.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්ත. ස්තූතියි ගයානි!

      Delete
  13. ඇත්ත තමා.. සල්ලි සල්ලි.... සතුට තියෙන්නෙ සල්ලි ලඟම නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි ඇත්ත! ස්තූතියි හිතුවක්කාරී!

      Delete
  14. මේ වගේ කතා නම් කොච්චර කියෙව්වත් ඇති වෙන්නෑ ගිම්..
    ලස්සනට ගොතලා තියනවා..

    ReplyDelete
  15. අසීමිත ආසාවන් පස්සේ ගියාම අන්තිමට වෙන්නේ ගෙදර තියෙන සතුටත් නැති වෙන එක. අනික කොච්චර හම්බ කළත් හිතේ සතුටක් නැත්නම් වැඩක් තියෙනවාද ?

    ReplyDelete
  16. කාලින වටිනාකමක් තියෙන අදහසක් ගිමන්. මේ වගේ විෂකුරු හීන නිසා ගොඩක් මිනිස්සු තමන්ගේ ජීවිතවල නියම වටිනාකම හරය අකාලයේ නැති කර ගන්නවා. සතුට තියෙන්නෙ මුදල් වන නෙමේ කියලා ඒ අය තේරුම ගනිද්දි සමහරවිට ආපස්සට හැරෙන්න බැරි තරමට දුර ගිහින්....වෙනද වගේම හරවත් ලිපියක්. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දඟකාරි!
      ඔයා හරි! හැබෑ සතුට හරි හැටි අඳුර ගන්න එකයි වැදගත්

      Delete
  17. අපේ ක්ෂේත්‍රයේදි මම කියන්නේ ඕක vicious cycle එකක් කියලා මල්ලි.. ඒත් හැමදාම හවසට ගස් බඩගාන එකෙන්ගෙන් අහන්නකෝ ඇයි උඹ මේවගේ ගස් බඩගාන්නේ කියලා එතකොට කියයි වාහනේ/ගෙදර ලෝන් එක ගෙවන්න මෙච්ච්රක් මාසෙට ඕන කියලා. දැන් පොෂ් වාහනේ ගත්තාය කියමු ඕක වතුරෙන් දුවන්නේ නෑනේ. පඩියෙන් කොහොමද ඔය ඔක්කෝම කරන්නේ?..සරලව ජීවත් වෙන්න පුරුදු වෙලා ඉන්න නිසා දැනට ගස් නැඟීමේ උවමනාවක් නැතත් අර වගේ දඩ ලෝන් එකක් ගැහුවොත් හෙටත් මට ඔය සෙතේම වෙනවා. ඒත තමා තිත්තම ඇත්ත..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා!
      අයියා කියන කතාව මම හොඳටම තෙරුම් අරන් ඉන්නෙ. බොරු මවාපෑම් කරන්නෙ නැතුව තමන්ට පුලුවන් මට්ටමින් සරලව සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුරුදු උන කෙනාටයි ඇත්තටම සතුටෙන් ජීවත් වෙන්න පුලුවන්. කාලෙකින් අයියව දැක්කෙ.

      Delete
  18. හ්ම් සල්ලි ජීවිතේ නොවුනත් අර තොටියා කිව්ව වගේ ටික දොහක් යනකොට අපි කාටත් පොලවල් දාන්න , පොල් කඩන්න , ගස් බඩගාන්න වෙනවා ගිමන් .එහෙම වෙනකොට ජීවිතේ සීරු මාරු කරගන්න අමතකවෙනවා .ඒත් ඉතින් මොකෝ කරන්නේ :(

    ReplyDelete
    Replies
    1. TGව දැක්ක කල්!
      රාජකාරි බහුලබව දන්නවා.
      TG කිව්වා හරි, ඉතිං කොහොම හරි සීරු මාරු කර ගන්න ඕනා.
      රටට ලෝකෙට ඕනැ විදිහට නෙවේ අපිට ඕනෙ විදිහට ජීවත් වෙන්න ඕනා

      Delete
  19. ලස්සනට කතාව ලියල තියෙනව ගිමන්...හැමදේකටම වඩා වටින්නෙ හිතේ සතුටයි සැනසීමයි.

    ReplyDelete
  20. ලස්සන කතාවක්... කතාවක් වුනත් අද සමාජයේ ඉන්න ගොඩක් අයට හිතන්න දෙයක් මේ කතාව තුළ තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සමනළී!
      ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා!

      Delete
  21. මුදල්??? #^+_+# ජීවිතය ????මුදල්??? #^+_+# ජීවිතය ????මුදල්??? #^+_+# ජීවිතය ????මුදල්??? #^+_+# ජීවිතය ????මුදල්??? #^+_+# ජීවිතය ????මුදල්??? #^+_+# ජීවිතය ????

    ReplyDelete
    Replies
    1. මොකක්ද කියන්න උත්සාහ කරන්නෙ ෂා? :) ඔය දෙක එකිනෙකින් වෙන් කරන්න බෑ කියලද?

      Delete