Friday, September 7, 2012

ශාපය....!



පැය 3ක පමණ දීර්ඝ බස් ගමන හමාර කරමින් බසයෙන් බැස ගත් තුශාර අත පය හිරි ඇර ගත්තේය. කුඩා අඩිපාරකට මුහුනලා පිහිටි ගරා වැටෙමින් තිබූ පොල් අතු හෙවිල්ලන ලද කුඩා මඩුව බස් නැවතුමක් යැයි ඔහු අනුමාන කලේය.

නුවර.එලියේ සිටද හැතැප්ම 20ක් පමණ දුරින් පිහිටි ප්‍රාථමික වෛද්‍යය මධ්‍යයස්ථානයක වෛද්‍යයවරයා ලෙස පළමු පත් වීම ලැබූ තුශාර වැඩ භාර ගැනීමට නියමිත දිනට සතියක් කලිනම පැමිණියේ වට පිටාව දැක ගැනීමේ බලාපොරොත්තුවෙන් හා නවාතැනේ තත්වය හා පහසුකම් මැනගෙන නැවත කොලඹ ගොස් වාහනයක අවශ්‍යය දෙවල් ගෙන ඒමේ අදහසිනි. 

ඇත්‍යාවශ්‍යය ඇඳුම් කිහිපයක් දමා ගත් ගමන් මල්ලද කරේ දමා ගත් ඔහු කුඩා අඩි පාර දිගේ ගමන් ආරම්භ කලේය.
මදක් සීත උවද සෙමෙන් හමා ගිය නැවුම් සුලන් පහර හා සීත දෙශගුනයට අනුවර්තනය වී වැඩී තිබුණු ගස් කොලන් තුශාරට පලාත පිලිබඳ ප්‍රසන්න හැඟීමක් ඇති කලේය.

අවට සුන්දරත්වය නරඹමින් අඩි පාර දිගේ හැතැප්ම එක හමාරක් පමණ ඇවිද ආවද වෙහෙසක් නොදැනින. 
මගදී ගැමියන් කිහිප දෙනෙක් හමු වුවද සිනහවක් පෑම මිස කතා බහක යෙදීමට තරම් ඔවුන් කුලුපග නොවූයේ තමාගේ නාගරික පෙනුම නිසා විය හැකි යැයි තුශාර අනුමාන කලේ.

මෙසේ තවත් සුලු දුරක් යන විට හමු වූවේ තේ කඩයකි. ගැමියන් කිහිප දෙනෙක්ම තේ බොමින් කතා බහේ යෙදෙමින් සිටිනු දැකිය හැකි විය.

දුර සිටම තමා ඔවුන්ගේ අවධානයට හසු වී ඇති හැඩක් ඔවුන්ගේ විමසිලිමත් දෑස් තමා වෙත එල්ල වී තිබූ අයුරින් තුශාරට වැටහින.

"ඩිස්පැන්සරියට තව දුරද දන්නැහැ නේද?"
සිනහවක් මුවඟට නගා ගෙන එක් අයෙකු ඉලක්ක නොකර තුශාර විමසීය.

"ඔය ඉස්සරහ තියන පාරෙන් හැරිල තව ටික දුරක් ගියහම හරි මහත්තයො"
එතැන සිටි තරුණයෙකු ගෙන් පිලිතුරු ලැබින.

"මේ අර අලුතින් එනවයි කිව්ව දොස්තර මහත්තය වෙන්න ඇති නේද?"

කඩයේ සිට එලියට පැමිනි කඩේ මුදලාලි යැයි සිතිය හැකි මැදි වියේ පුද්ගලයෙක් විමසුවේය.

"අහ් ඔව් මුදලාලි ඒ මං තමයි. පොඩ්ඩක් පලාත බලා ගෙන යන්න කියල කලින්ම ආවෙ"

"හොඳයි හොඳයි, අන්න අර පේන ගෙදර අපේ ග්‍රාම සේවක මහත්තයගෙ. ඔහොම්මම යමින් ගමන් උන්නැහැවත් මුණ ගැහිල ගියා නම් දොස්තර මහත්තයට දැනැමුතුකම් ටිකක් අරන් යන්න පුලුවන්"

"එක නම් ඇත්ත තමා! ගොඩක් ස්තූතියි, ගිහින් එන්නම්කො"


"හොඳා, පරෙස්සමට මහත්තයො කැලෑ පාර හින්ද සතා සරුපය ගැවසෙනව වැඩියි"

යලි ස්තූති සහගත සිනහවක් හෙලූ තුශාර. ග්‍රාම සේවක මහතාගේ නිවස බලා පිටත් විය.

"හෙහ් තාම කොලු ගැටයෙක් නොවැ, කලින්ම ආවට තව කී දොහක් ඉඳීද කියල බලමුකො"

"අනේ මේ කට වහගෙන ඉදපං සියාතුවො මෙතන පේන කියන්නෙ නැතුව"

"මම කිව්වෙ දෙන් අවුරුදු ගානක ඉදන් වෙන දේනෙ බොලව්"

ගැමියන්ගේ කතා බහින් මඳක් තුශාරට යාන්තමට ඇසින.


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

පැයක් පමණ ග්‍රාම සේවක මහතාගේ නිවසේ ගත කල තුශාරට පලාත පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැකි විය.
තේ පැන් සංග්‍රහයෙන් පසු ඔහු තුශාරට සමු දුන්නේ රාත්‍රී කෑම වේලද කවුරුන් හෝ අත නිල නිවාසයට එවන පොරොන්දුවද දෙමිනි.

නිල නිවාසය තුශාර හිතුවාට වඩා හොඳ මට්ටමේ පැවතිණ. වසර තිහක් හතලිහක් පමණ පැරණි වුවද එය සිත් ගන්නා සුලු විය. බොහෝ කාලයකින් කිසිවෙකු පරිහරණය කල බවක් නම් පෙනෙන්නට නොතිබිණ. 

නිවස පිරිසිදු කිරීමට කවුරුන් හෝ සොයා ගත යුතුයැයි සිතමින් තුශාර රාත්‍රිය ගත කිරීමට සුදුසු කාමරයක් තෝරා ගත්තේය. වඩාත් ඉඩකඩ ඇතිව තනා තිබූ එහි විශාල ඇඳක්ද ලියන මෙසයක් හා අල්මාරියක්ද විය.

ගෙයි තිබූ කොසු කබලක් සොයා ගත් ඔහු කාමරයේ තිබූ මකුදැල් හැකි පමණ ඉවත් කර මේසය හා ඇඳ පිරිසිදු කර ගත්තේය.

ඉන් පසු නිල නිවසට යාබදව තිබූ ලිඳකින් හොඳින් නා ගෙන සැහැල්ලුවෙන් ඇඳේ ඇල වෙනවාත් සමඟම කවුරුන් හෝ කතා කරන හඬ ඇසුනෙන් කමිසයක් දමා ගෙන ඉස්තෝප්පුවට පැමිණියේය.

මිදුලේ සිටියේ හීන්දෑරි වයසක ගැමියෙකි.

"ග්‍රාමසේවක මත්තය දොස්තර මහත්තයට මේක දෙන්න කීවා" ගැමියා බයාදු ස්වරයෙන් පැවසුවේ අතේ තිබූ පාර්සලය තුශාරට පමිනි.

"අහ් රෑ කෑම වෙන්න ඇති, බොහෝම ස්තූතියි මාමෙ මේක අරන් ආවට"

"මේ ග්‍රාම සේවක මහත්තය කිව්ව , දොස්තර මහත්තය ආපු අලුත නිසා අද රෑට මට මෙහෙ මුරට නතර වෙන්නය කියල" හිස කස කසා පැවසූ අයුරින්ම එයට ඔහුගේ එතරම් කැමැත්තක් නැති බව තුශාරට වැටහින.

සිනහවක් පෑ තුශාර
"ඕනැ නෑ මාමේ, මට මොන තනියක්ද! මාම යන්න"

කට පුරා සිනහවක් පෑ ගැමියා ඉක්මණින් ආපසු යන්නට පිටත් වූවේ තුශාරගේ අදහස වෙනස් වේ දැයි බියෙන් මෙනි.

"පාලුව යන්නත් එක්ක කවුරු හරි හිටිය නම් හොඳයි' ඒත් ඉතින් කාටවත් කරදර කරන්නෙ මොකටද. රෑට ඉකමනට කාල නිදා ගන්නවා" සිතමින් තුශාර නිවසට ගොඩ විය.

බැස යන හිරුගේ අවසන් හිරු රැස් පොදක් ජනේලයෙන් කාමරයට වැටින. අහම්බෙන් මෙන් ඉන් අලෝකමත් වූවේ බිත්තියේ කොනක ගසා තිබූ ඡායා රූපයකි. වඩාත් ලඟට ගොස් බැලූ තුශාරට දැකිය හැකි වූවේ එය තරුණියකගේ ඡායා රූපයක් බවය. දුහුවිලි තට්ටුව නිසා හරි හැටි නොපෙනුනද සැලකිය යුතු තරමේ රූප සොබාවක් ඇතැයි ඔහුට සිතින. 



"ඕක පිහදාන්න් ගිහින් අයෙත් දූවිලි ගාගන්න බෑ" මෙසේ සිතන විටම හිරු රැස හිරු හා නොපෙනී ගියේය. අඩ අඳුරේ වුවද ඡායා රූපයේ වූ තරුණිය තමා දෙස ඇස් යොමා සිටින්නේ යැයි ඒ දෙස බලා සිටි තුශාරට සිතිණි.

"මටත් විකාර" 
එසේ සිතමින් ඔහු බෑගය අවුස්සා විදුලි පන්දම හා ඉටිපන්දම් පැකැට්ටුව සොයා ගත්තේය.

"ඉස්සරහට ලයිට් එලියක් දකින්න වෙන්නෙ මාසෙකට දවසක් තමා"
සිතමින් ඉන්ටිපන්දම් දෙකක් දල්වා ගෙන රාත්‍රී කෑම අවසන් කලේය.

"දැන් ඉතින් නිදා ගන්නයි තියෙන්නෙ"
සැනසුම් සුසුමක් හෙලමින් ඇඳට වැටුන තුශාර සිතීය.

මෙසේ විනාඩි කීපයක් ගත වන විට ඔහුට නිවසේ අනෙක් කාමරයේ කිසියම් ශබ්දයක් ඇසින. 
මදක් ඕනෑ කමින් සවන් යොමා සිටි මුත් යලි කිසිත් නෑසින

"වවුල්ලු වෙන්න ඇති අවුරුදු කීයක් මේක වහල තියෙන්න ඇද්ද"

නිදා ගැනීමට ඇස් පියා ගන්නවාත් සමගම යලි දොරක් විවෘත වන හඬ ඔහුට හොඳටම ඇසිණ.

මදක් සැලුන හදින් යුතුව සවන් යොමා සිටි තුශාර විදුලි පන්දම ගෙන ඇඳෙන් නැගිට්ටේය.

"ශෙහ් දොර ලොක් කරන්න විදිහකුත් නැහැනේ, බලමුකො මොකාද ඉන්නෙ කියල" 
දොර පොල්ලක්ද ගෙන සෙමෙන් අඩවල් කර දොර විවෘත කරනවාත් සමගම උණුසුම සුලඟක් කාමරය ඇතුලු විය. 
සිතල රාත්‍රියක උනුසුම් සුළඟක් කොහෙන්දැයි සිතීමට තුශාරට වගක් නොවීය. නිවසේ කාමර කීපයට විදුලි පන්දම අල්ලා හොඳින් පරීක්ෂා කල තුශාර යලි කාමරයට පැමිණියේ සැනසුම් සහගත සිතිනි.

"හුලඟට දොරක් වැහෙන්න ඇති"

යලි ඇඳට පැමිණි මුත් නින්ද එන පාටක් නැත. ඉටිපන්දම් එලියට යාන්තමට මෙන් බිත්තියේ එල්ලා ඇති ඡායා රූපය පෙනෙයි. මේ කවුරු වෙන්නට ඇද්ද සමහර විට කලින් මෙකෙ හිටිය ඩොක්ටර් කෙනෙක්ගෙ දුවක් වෙන්න ඇති.

මේ සිතුවිලි අතරින් ඔහු නින්දට වැටින

පැය කිහිපයකින් ඔහු යලි දහඩිය දමා ගෙන අවදි විය. අසල තිබූ වතුර බෝතලයෙන් උගුරු කිහිපයක් පානය කලේ දඩි බිඩි ගා ගැහෙමින් තිබූ හදවත පාලනය කරන්නට මෙනි.

"මොන විකාර හීනයක්ද ඒ"

ඔහු යලි හීනය මතකයට නගා බලන්නට විය.

ඔහු සිහිනයෙන් දුටුවේ තමා නිදා සිටි කාමරයමය. බිත්තියේ තිබූ ඡායාරූපයෙන් මතු වූ රෑ ඇදුමක් හැඳ සිටි සුරූපී තරුණියක් ඇඳ ලඟට පැමිණ ඔහුව අවදි කලාය. ඉන් පසු එක් අතකින අල්වා ගෙන ඔහුව කැටුව නිවසෙන් ඉවත පිහිටි කුඩා වන රොද වෙත ඇවිද යන්නට විය. මෙසේ මඳ දුරක් ගොස් කිසියම් විශාල ගසක් යටට වී තමා දෙස මහත් අනුකම්පාවෙන් බලා සිටින්නට විය.
ඉන් පසු 

" එන්න මම ඉන්න තැන බලන්න යන්න"

යැයි පවසමින් යලි තදින් ඔහුගේ අතින් අල්වා ගත්තාය. ඉන් පසු ඇය ක්‍රමයෙන් විකෘති වෙමින් පොලව වෙත ගිලී යන්නට විය. තමා කෑගසමින් ඇගෙ ඇත ගලවා ගන්න තැත් කලද අවසානයේ තමාද පොලව වෙත ඇදී යන්නට විය. ඔහු අවදි වූවේ එවිටය.

සිහිනය සිහි කිරීමෙන් යලි අපහසුතාවයට පත් වූ ඔහු ඇඳෙන් නැගිට ජනේලය විවෘතකර හොඳින් හුස්ම ගත්තේ හිත සැහැල්ලු කර ගන්නටය. අවට සඳ රැසින් නැහැවී ඇත. 

පෝය පහු වෙලා දවස් දෙකයිනෙ ගියෙ. අවට සුන්දරත්වය විඳින අතර ඔහුට සිහිනය අමතක විය. 

නමුත් කාමරයේ සිට හමා ආ උනුසුම් සුලඟක් සමග ඔහුට අමුත්තක් දැනින. ඒ නිසාම හැරී කාමරය දෙස බැලූ ඔහුට එකවර විශේෂයක් නොපෙණින. නමුත් ඉට්න්පන්දම් එලිය නොවිහිදෙන තරමට වූ කාමරයෙ ඔහුට විරුද්ධ පස කොනෙහි ඡායාවක් ලෙස සිටගෙන සිටින කිසිවෙකු ඔහුට දිස් විය.

හොඳින් හැරී බැලූ ඔහුට රෑ ඇන්දුමින් සැරසී තමා සිහිනයෙන් දුටු යුවතිය ඒ අයුරින්ම කාමර කෙලවරෙහි සිටගෙන සිටී.



තුශාර ක්ශනිකව විදුලි පන්දම ගෙන ඒ වෙත එල්ල කලේය. දැන් කිසිවෙකු දක්නට නොමැත. 
ඔහු පිස්සෙකු මෙන් කාමරයේ හතර අතට විදුලි පන්දම එල්ල කර බැලූ මුත් කිසිවෙකු දක්නට නොමැති විය.

තමා දුටු දෙය ඔහුට හොඳටම විශ්වාසය.

අහම්බෙන් මෙන් ග්‍රාම සෙවක මහතා දුන් ඔවදනක් සිහි විය. 
"රෑට මොන සද්ද ඇහුනත් දොර ජනෙල් අරින්න එපා
ඔය එක එක මිනිස්සු කියන කතා අහල හිත කලබල කර ගන්නත් එපා"

කුමක් හෝ මෙහි අභිරහසක් තිබිය යුතුය. කෙසේ නමුත් තමා මෙහි ගත කරන අන්තිම රාත්‍රිය යැයි තුශාර සිතා ගත්තේය.

නිදිවර්ජිතව රාත්‍රිය ගෙවූ ඔහු. උදෑසනම බඩු බාහිරාදිය එකතු කර ගෙන නිල නිවසෙන් ඉවත් විය. 
මගදීම හමු වූයේ ග්‍රාමසේවක මහතාය.

"මොකද දොස්තර මහත්තයෝ මේ උදේ රැයින්ම ආපහු යන්නද?"

තුශාර කෙටියෙන් සිදු වූ දෙය ග්‍රාමසේවක මහතාට පැවසීය.

සුසුමක් හෙලූ ග්‍රාම සේවක මහතා

"ඒකත් එහෙමයි එහෙනම්. මහත්තය ආයෙත් එන්න අදහසක් නෑ කියන හින්ද මම ඇත්ත විස්තරේ කියන්නම්"

මීට අවුරුදු අටකට විතර උඩදි ලස්සන දොස්තර නොනා කෙනෙක් මහත්තය වගේම පළවෙනි පත් වීමට මෙහෙට අවා. ගොඩක් කරුණාවන්ත දොස්තර නොනා කෙනෙක්. ඔය නෝනගෙ ලස්සන හින්දම මේ පැත්තෙ ඉන්න තේ වතු අයිතිකාර ලොක්කෙක්ගෙ පුතෙක් පස්සෙන් එන්න ගත්තා. ඒක මහ රස්තියාදු කාරයා. මේ පලාතෙම කෙල්ලො කීයක් නම් අමාරුවෙ වැටුනද ඕක හින්ද.
කොහොමින් හරි දොස්තර නෝනා කැමැත්ත නොදුන් නිසා ඒ මදාවිය දිගටම කරදර කරන්න ගත්ත. හොඳින් හෝ නරකින් ඌට ඔන දේ කර ගන්නවා කියල තමයි කිය කියා හිටියෙ. 

මෙහෙම ටික දවසක් ගිහින් හදිස්සියෙම දොස්තර නෝනා අතුරුදහන් උනා. කට කතා නම් තියෙනවා අර නොසන්ඩාලය  ඒ ගෑනු ලමයව මරල ඔය පේන කෙලෑවෙ කොහෙ හරි හංගල තියනවා කියලා.

ඇත්ත නැත්ත දැන ගන්න ඌ ඉතුරු වුනෙත් නෑ. එකත් ඒ දවස් වලම ඔය කැලේ තිබුන මඩ ගොහොරුවක ගිලිලා මැරිලා හිටියා.

ඉතිං මහත්තයො එදායින් පස්සෙ ආපු එක දොස්තර මහත්තෙයෙක් වත් එක රැයකට වැඩිය මෙහෙ නතර වුනේ නෑ"

කතාව අසා සිටි තුශාරට යලි යලිත් රාත්‍රියේ දුටු යුවතිය මැවී පෙනෙන්නාක් මෙන් විය. 

"මම යන්නම් ග්‍රාමසේවක මහත්තයා, බොහොම ස්තූතියි කරපු උදව් වලට"

කඩිමුඩියේ තේ කඩය පසු කර යන තුශාර දුටු තේ කඩයේ සිටි ගැමියන් යලි කසුකුසු ගාන්නට විය.

"ඕන්න මම කිව්ව නේද බොලාට, ඔය යන්නෙ ආ පයින්ම"

"උම්බෙ කටවහ තමයි සියාතුවො නොදකින්"

"හහ් කටවහ? මොන වහක් වත් නෙමෙයි බොලව් රැ මැදියමේ උදව් ඉල්ලල කෑ ගහන ගෑනියෙක්ව බේර ගන්න යන්න කොන්ද පණ තියන එකෙක් මේකෙ නොහිටිය එකේ පාපෙට තමයි මෙහෙ එවුන්ට බේත් උගුරක් බොන්න හැතැප්ම විස්සක් තිහක් ගාටන්න වෙලා තියෙන්නෙ"

එයට පිලිතුරු ලැබෙන බවක් තුශාරට නොඇසින.


57 comments:

  1. කියෙව්වම මතක් වුනේ හැටන් දික් ඔය තියෙනවා ලස්සන ගෙස්ට් හවුස් එකක් දික් ඔය රෝහල පහුකරන් කන්ද මුදුනට ගියාම , ලී වලින් හැදූ පොලව, සුද්දගේ කාලේ ලී බඩු, ලොකු වියන් ඇඳන්.හරි ලස්සන තැනක තියෙන්නේ සිරී පාද කන්ද පේනවා උදේට .මේ ගෙස්ට් හවුස් එකේ පොලව යට උමගක් තියේ .ඒකෙ නොයෙක් ආත භූත , හොල්මන් සද්ද ඇහෙනවා කියලා එතැන සේවකයොත් කියනවා .වැඩිය ගෙස්ට්ලා නෑ .රාජකාරි වැඩට ගියාම අපිට ඔතන තමා නතරවෙන්න තීනේ එකම තැන .එහේ ගියදා රෑට ඉතින් ආයේ නින්දක් නෑ ඇහැරන් වැඩ අර විසාල කාමර වල සේරම ලයිට් දාලා ඊටත් විසාල පරණ තාලේ බාත් රූම් එකෙත් ලයිට් දාලා , තඩි පුටුවක් දොරට හේත්තු කරලා ....ඔහේ ගිය හැමෝම මොකක් හරි බූත සද්දෙකට බය වෙලා තමා එන්නේ ඇවිත් ඉතින් ඔෆිස් එකේ කතාව කියලා යන අනික් අයත් බය කරනවා මට තාම එහෙම ඇහිලා නෑ හැබැයි සේවකයො හරි හොඳයි රෑ වෙලා විපරමට ටෝච් ගහගෙන වැරැන්ඩා එකේ යනවා ඉඳ හිට එහෙම ගියොත් හයියෙන් උගුර පාදලා මිස් මේ අපි කියලා කියනවා :) දික් ඔය ඉස්පිරිතාලේ වැඩට ගියොත් නොවැරදීම යන්න එහේ .මහ දුරක් ණෑ ඒ පාරෙම උඩහට . මම ඔය මොන බූත කතා වුනත් එතෙනට කැමති එකේ නියම පරිප්පු සුප් එකක් හදනවා මාර රහයි :)

    ReplyDelete
    Replies
    1. කටට රහට කෑම තියෙනව නම් මොකා හිටියහම මොකද! ඒ පැත්තෙ ගියොත් යන්නම්කො එහෙනම්.
      TG ගොඩක් කාලෙකින් නේද මේ පැත්තෙ ආවෙ. ගොඩක් කාර්‍යබහුලයි වගේ මේ දවස් වල.

      Delete
    2. ඔය කියන්නේ "upper glancarn "එක නේද?මම කියන එක හරිනම් එතනම පල්ලෙහා පාරෙන් අනිත් පැත්තේ ස්කාගාර සංස්ථාවේ [ගල් අරක්කු]නිෂ්පාදනාගාරයට අල්ලපු තැන තියෙනවා "lower glancarn " එතනත් හරිම සුන්දර තැනක්.කතාව කියවල,කොමන්ට් බලද්දී මතකය අවදි වුනා.

      Delete
    3. බලනකොට ප්‍රසිද්ධ තැනක් වගේ!
      හිතින් මවාගෙන ලියල තියෙන්න හැබෑවටම තියන තැනක්ද මංද :o

      Delete
  2. හොඳ වෙලාවට කලුවර වැටෙන්න කලින් කියෙව්වෙ මේක. නැත්නම් බයේ මැරෙනවාඅ මම.ඒත් ඒ දොස්තර නෝනා ගැන දුකකුත් ආවා.

    මේකෙ මම ආසම කෑල්ල තමයි මේක
    //"හහ් කටවහ? මොන වහක් වත් නෙමෙයි බොලව් රැ මැදියමේ උදව් ඉල්ලල කෑ ගහන ගෑනියෙක්ව බේර ගන්න යන්න කොන්ද පණ තියන එකෙක් මේකෙ නොහිටිය එකේ පාපෙට තමයි මෙහෙ එවුන්ට බේත් උගුරක් බොන්න හැතැප්ම විස්සක් තිහක් ගාටන්න වෙලා තියෙන්නෙ"

    ReplyDelete
    Replies
    1. :D ඔන්න රෑ කරුවල වැටුනට පස්සෙත් ඕක මතක් වුනොත් එහෙම වගකියනු නොලැබේ. මට යන්න දිහාවෙ හොල්මනකටවත් ඉන්න පුලුවන් තත්වෙක පහසුකමක් තියෙයිද කියල තමා මට නම් තියෙන බය. :)

      Delete
  3. හපෝ..වෙලාවට දැන් කියෙව්වේ..තව ටිකක් පහු උනානම් අද එලියට බහින්නේ නැහැ..හිකිස්..
    මරු කතාව හොඳේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙහානි!
      කාමර ඇතුලට එන හොල්මනුත් ඉන්නවාලු නේද? :) බලාගෙන!

      Delete
  4. නියමයි නේ ගිමන් අයියේ...

    ඔන්න කිව්වත් වගේ මම නම් බය වුණේ නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගා!
      :) වකා නංගි ඉතිං චණ්ඩියනෙ කොහොම බය කරන්නද.

      Delete
  5. අත්භූත රසේ නියමෙට ඉස්මතු වෙනවා.....

    ReplyDelete
  6. කතාව නම් ලස්සනයි
    අද රෑට විෂුවල් එක බලාගන්න පුලුවන්වෙයි වගේ නොමිලේම........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිහිනෂා!
      විෂුවල් එක දැකල කලබල කරන්න එහෙම එපා :)
      ආදරෙන් පිලිගන්නවා ගිමන්හලට. ආයෙත් ඇවිත් යන්න එන්න.

      Delete
  7. නිර්මාණශීලී කතාවක්...එදා ඒ ලස්සන දොස්තර නෝනට වුන සන්තැසිය කාට හරි නවත්තන්න පුළුවන් වුනා නම්...මම හිතන්නේ වතු අයිතිකාර මනුස්සයට බයේ හින්දා මිනිස්සු අසාධාරණය දැක දැක කරබාගෙන ඉන්න ඇති. "සිතල රාත්‍රියක උනුසුම් සුළඟක් කොහෙන්දැයි සිතීමට තුශාරට වගක් නොවීය." කියන තැන පොඩ්ඩක් වෙනස් වුනා නම් තවත් හොඳ වෙන්න තිබ්බ ගිමා. මොකද දන්නවද මම අහල තියෙන්නේ ඔයවගේ ආත්ම සැරිසරනකොට දැනෙන්නේ සීතල පහසක් කියලා.

    සමහර විට ගිමා අදහස් කරපු එක මට හරියටම තේරුම් ගන්න බැරි වුනාද දන්නේ නෑ එතන. අවුලක් නෑ ඒත්. සුපිරි කතාවක් ගිමා...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතුම්!
      මාත් ඔය සැරිසරණ ආත්ම වල සීතල කතාව අහල තියෙනව. ඒත් හීතල පලාතක හීතල රෑක එහෙම අයත් වෙනස් වෙනව ඇති.
      ඉතිං වෙනසකටත් එක්ක කෝප වෙච්ච ආත්මයකට තියෙන්නෙ උණුසුම් වායු ශරීරයක් කියල හිතමු නේද.

      Delete
  8. පට්ට කතාව මචං,සිරාවට බය දැනෙන්න ඕනේ දේවල් විස්තර කරලා දෙනවා.හිතේ මවාගෙන කියෙව්වා කතාව :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා!
      බය වෙන්න ආස අයත් ගොඩක් ඉන්න නිසා ගත්ත පොඩි උත්සාහයක්. තරමක් දුරට හරි සාර්ථකයි නම් සතුටුයි!
      ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා!

      Delete
  9. කතාව හරිම ලස්සනට ලියලා තියෙනවා...මම නම් හොල්මන් කතාවලට බයයි..ඒත් හොල්මන් ෆිල්ම් එහෙම බලන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලිහිණි!
      මාත් කැමතියි හොල්මන් ෆිල්ම් වලට ඇඟට දැනෙන්න බැලුව හැකිනෙ :)

      Delete
  10. හ්ම්ම්ම්.. නියම කතාවක්..

    ReplyDelete
  11. මම හිතුව ලපටි ඩොකා අර ගැමියන්ගේ අන්තිමට ඇහුන වචන ටිකට ගට අරගන වැඩ භාර ගනියි කියල.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම කරන්නත් තිබ්බ තමා. සමහර විට ඒ පැත්තෙ මිනිස්සුන්ගේ නිවට කම තේරුණහම පලාතම එපා වුනාද දන්නෙ නැහැ.
      ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා. ආයෙත් ඇවිත් යන්න එන්න.

      Delete
  12. තව කවුරැ කවුරු හරි නවත්ත ගත්තනම් හරි ගෙදර ....

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. ඒත් කාටවත් කරදර කරන්න හිතෙන්න නැතුව ඇති. ආපු මනුස්සයත් අදිමදි කලානෙ.

      Delete
  13. ඇත්තටම මල්ලි මම වුනා නම් කරන්නේ පහුවැනිදාම අර ගෑනු කෙනා පෙන්නපු ස්ථානෙ හාරලා බලන එක.වැරදිලහරි මිනී මැරුමක හෝඩුවාවක් එහෙම හම්බුවුනොත් එහෙම. සමහරවිට ඒ දොස්තර නෝනා තමාට වෙච්චි දේ කියන්න හදනවද දන්නෙත් නෑ නේ.. අර රාස් ෆිල්ම් එකේ වගේ..
    කුතුහලය දනවන විදියට ලියල තියනවා.. සුපිරියි. කිසිම පහසුකමක් නැති post intern ඔයවගේ ස්ටේෂන් ඇත්තටම තියනවා මල්ලි. මම දන්නා කෙනෙක්ටත් හම්බවෙලා තිබුනා

    ReplyDelete
    Replies
    1. තොටියා අයියටයි සබිතටයි දෙන්නටම ස්තූතියි!
      සමහර විට තුශාර ආයෙත් එයිද දන්නෑ අභිරහස හොයන්න.
      ඇත්ත අයියා, මට මේ කතාව ලියන්න ප්‍රදේශය ගැන අදහස ආවෙත් මේ වගේ දුශ්කර ප්‍රදේශක සේවය කරන හිතවත් වෛද්‍යතුමෙක් එක්ක කල කතා බහෙන් පස්සෙ.

      Delete
  14. හේ හේ කතාව නියමයි ගිමන්. මම වගේ නම් අර හිනෙන් දැක්ක තැනට ගිහින් හොයනවා හික්ස්.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මදාරා!
      ඔන්න තවත් චන්ඩි කෙල්ලෙක් :)

      Delete
  15. කතාවනම් උපරිමයි යාළුවා...

    ReplyDelete
  16. නියමයි! :)

    ReplyDelete
  17. ආඛ්‍යානය කතාවට නියමෙට ගැලපෙනවා. අක්ෂර වින්‍යාසයේ සුළු සුළු අඩු පාඩු ටිකක් තිබුණත් අංග සම්පූර්ණ ලියවිල්ලක්.

    කතාව හොඳින් රසවින්දා.

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි!
      හැකි තරම් නිවරැදිව භාශාව හසුරවන්න උත්සාහ ගන්නවා. වැරදි නම් ගොඩක් ඇති. ඒවා පෙන්වල දෙන එක ගොඩක් ලොකු උදව්වක්.
      ස්තූතියි ගිමන්හලට ගොඩවැදුනට, ආදරෙන් පිලිගන්නවා! විවේක වෙලාවට ඇවිත් යන්න එන්න.

      Delete
  18. අපි නං බය වෙයි මේවට :)

    එල කතාව මචා...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රජෝ!
      :) රජවරු බය කරන්න ලේසි නැහැනෙ නේද!

      Delete
  19. මං තමයි මුලින් කියෙව්වේ.. හරිය ගිමන්.. හොල්මන් වෙලා හිටිය නිසා කමෙන්ට දාන්න මතක නැති වුනා....

    ReplyDelete
    Replies
    1. අහ් ඒක ඇත්ත! දඟකාරිනෙ මුලින්ම තත්ව පරීක්ශා කලේ. මම ඒත් බැලුව මොකද මුකුත් කිව්වෙ නැත්තෙ කියල.

      Delete
  20. මම නම් හිතුවෙම දොස්තර මහත්තයා ඒ හීනෙන් පෙනෙන තැන හොයාගෙන ගිහින් ඒ ආත්මෙ නිදහස් කරාවි කියලා.. හීහිහී..

    කුතුහලය, බය, බලාපොරොත්තුව තුලින් කතාව තව තවත් කියවන්න ආස වෙන්න කතාව උපරිමටම ලියලා තියෙනවා..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නන්ඳු!
      දැන් බය වෙලා ඔය හදිස්සියෙ ගියාට ආපහු එයිද දන්නෑනෙ අභිරහස විසඳන්න.

      Delete
  21. මම හිතුවේ අන්තිම මොහොතෙ හරි දොස්තර මහත්තයා එහෙ නවතින්න තීරණය කරාවි කියලා...
    කොහොම වුනත් අපූරු, මම කැමති විදිහෙ කතාවක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි!
      ඔය ගියාට ආයෙත් එන්න හිතේවි සමහර විට.

      ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා. ආයෙත් ඇවිත් යන්න එන්න!

      Delete
  22. එක හුස්මට කියෙව්වා..අපූරුවට අකුරු කරලා තියනවා ගිම්..
    සුභ පැතුම්..

    ReplyDelete
  23. කතාව නම් ලස්සනයි....එත් ටිකක් බය හිතුන අයිය...

    ReplyDelete
  24. ම්ම්..නියම කතාවක්.. ගොඩ දෙනෙක් කියලා තියෙන විදිහට දොස්තර ඒ ගැන හොයයි කියලා මාත් හිතුවා..ඒත් දැන් මට හිතෙනවා එහෙම නොවුන එකත් අවුලක් නැ කියලා.. මේ කතාව ඒ දොස්තර ගැන නෙවෙයි නේ.. කතාව ගමේ කොන්ද පණ නැති මිනිස්සු ගැන නේ.. අනික ගොඩාක් මේ වගේ කතා ඉවර වෙන්නේ ඒ අවසාන එක්කනේ..ඒ නිසා මේ අවසානය හොඳයි.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!
      අන්න ඒක තමා මාත් හිතුවෙ වෛද්‍යවරයාට ගම්වැසියො ගැන කලකිරීමක් ඇති වෙන්න ඇති. අනෙක ග්‍රාම සේවක මහත්තය කියපු දෙයින් අභිරහසත් විසඳුනානෙ.

      Delete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. මට මේක මිස් වුනානෙ ගිමන්. ඒක ඒ පලාතෙ මිනිස්සුන්ගෙත් අවාසනාව තාමයි. අන්තිම කෑල්ල තමයි පන්ච්ලයින් එක! නියමයි ගිමන්!
    මකපු කමෙන්ට් එක පොඩ්ඩක් ටැපලුනා.:)
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Dude අයියා!
      ඒක තමා මාත් බැලුවෙ හොල්මන් කතා වලට කැමති නැතුවවත්ද කියල.

      Delete