Thursday, August 9, 2012

මනුදම් රකින්නෝ....!


අව් රැසින් දිලිසෙන ගේට්ටු රාජයා දවහවල උනුසුම තවත් වැඩි කරන්නේ යැයි විමලදාසට සිතේ. අතින් මුහුනෙන් බේරෙන දහඩිය පිස දැමූ ඔහු යලි ගේට්ටුවට තට්ටු කලේය.


එවර නම් සාර්ථකය. කවුරුන් හෝ ගේට්ටුව අසලට පැමිනේ.
ගේට්ටුවේ කුඩා දොරටුව විවර කරගෙන පැමිනි මැදිවියේ ගැහැණිය,


"කවුරු හම්බ වෙන්නද" ඇසුවේ හිසේ සිට පාදාන්තය දක්වා නොරුස්සනා සුලු බැල්මක් හෙලමිනි.
නංගිල ගෙදර වැඩට අලුත් කෙනෙක් අරන් වගේ.


"මම සුසිල නෝනගේ අයියා, කෝ ගෙදර කවුරුවත් නැද්ද?"
මෙහෙකාරිය එය පිලිගත් බවක් නොපෙනින.


"පොඩ්ඩක් ඔහොම හිටිය නම් මම නෝනගෙන් අහල එන්නම්. මොකක්ද මුන්නැහැගෙ නම කිව්වෙ?"


"විමලදාස අයිය ඇවිත් කියන්නකො එහෙනම්"


විමලදාස කීවේ තමාගේම නැගනිය හමු වීමට ඇති අමාරුවක් යැයි සිතමිනි.


මදකින් මෙහෙකාරියටත් පෙර දුවමින් එන සුසිලා පෙණින.
"අයියා ගොඩක් වෙලා මෙතන හිටියද, මේ ලුසි නෝනා ලඟදිනෙ වැඩට ආවෙ වැඩිය විස්තර 
දන්නෙ නෑ ඒ හින්ද"


මෙහෙකාරිය අසල සිට බයාදු සිනහවක් පෑවාය. ඒ " කවුද ඉතිං මෙහෙම ගොඩයෙක් නෑයෙක් කියල හිතන්නෙ" යැයි සිතමිනි.


"යං අයියේ ගෙට, ලුසි නෝන මේ බෑග් එක ගන්න" සුසිලා මෙහෙකාරියට අණ කලාය.


"ඕනෙ නෑ නංගි මෙච්චර දුර ගෙනාව එකේ ඉතුරු ටික මොකක්ද?"
අයියගෙ හිත රිදිල වත්ද විමලදාසගේ වදන කිරා මනිමින් සුසිලා සිතීය.


"අයියා එනව කියල ලියුමක් වත් එවන්න එපැයි, එහෙනම් සුමනෙට කියනවනෙ ස්ටේශන් එකට එන්න කියල"


"ඇයි සුසිලො මම එව්ව ලියුම් කරදහිය හම්බුනේ නැද්ද?"


"අහ් නෑනෙ අයියෙ" සුසිලා පැවසුවේ මදක් කල්පනාවට වැටෙමිනි. 


සැමියා තමාගේ නැදෑයින් නොරුස්සයි. ගමට යාම මෙන්ම ගමෙන් කවුරුන් හෝ පැමිනීම ඔහුට මහත් හිසරදයකි. සමහර විට ලියුම සුමනෙ විසිකරල දාන්න ඇති සුසුමක් හෙලමින් නිගමනයකට පැමිනියේය.


"එහෙනම් අයියා නාගෙන ඇදුම් මාරු කරගෙන එන්න කෑම කන්න"


"අදම යන්න තිබ්බ නම් හොඳයි නංගියෙ" විමලදාස පැවසුවේ හැකි ඉක්මනින් කොලඹ රටින් පිට වීමට ඇති ආසව නිසාමය.


"පිස්සුද අයියේ! දැන් පිටත් උනත් මොනරාගලට යද්දි රෑ වෙයි. එතනින් එහාට යන්නෙ කොහොමද. අද ඉදල හෙට උදේම යන්න. අනෙක සුමනෙව මුන ගැහෙන්නත් පුලුවන්නෙ එතකොට."


"එක නේන්නම් අමාරුම කාරිය" විමලදාස සිතීය


"හොඳා එහෙනම් මම මූන කට ටිකක් හෝද ගෙන එන්නම්"


  --------------------------


"මම හිතුව මිනිහ එනව කියනකොටම කීයක් හරි ගසා කන්න වෙන්න ඇති කියලා"


සුමනසිරිගෙ කටුක වදන් සුසිලාව තදින් රිද්දුවේය. 


"අයිය එහෙම නෑ සුමනේ, වෙන කරන්න දෙයක් නැති හින්දයි එන්න ඇත්තෙ. අනෙක මමමනෙ කිව්වෙ අම්මට ඉකමනට ඔපරේශන් එක කරන්න ඕනෙ කියල"


"ඔයාටත් කට පියන් ඉන්න බැහැනෙ සුසිලා" සුමනසිරිගේ හඬ එවර කෝපයෙන් පිරී ඇතැයි සුසිලාට සිතේ.


වසරකට පමණ පෙර ගමේ ගිය වෙලේ අම්මා සිය මූණ කට අතා ගාමින් තමාව පවා අඳුන ගැනීමට බැරි තරමට ඇස් පෙනීම දුර්වල බව පැවසූ හැටි සුසිලාට මැවී පෙණින. හැකි ඉක්මණින් හොඳ අක්ශි වෛද්‍යවරයෙකුට අම්මාව පෙන්වන ලෙස අයියාට කිව්වේ එවෙලේය.
මවට පෙනීම ලබා ගැනීමට කාචයක් බද්ධ කල යුතු බවත් හොඳ කාචයක මිල විසි දහසක් පමන වන බවත් අයියා පසුව දන්වා එවීය. තමා එම මුදල දෙන බවට සුසිලා පොරොන්දු වුවේ සුමනසිරිගෙන්ද නොඅසාය.


"ආ මෙතන පන්දාහක් ඇති, ඕක දීල යවන්න" සුමනසිරි මේසය උඩට දාහෙ කොල කීපය විසි කලේ දමා ගසන්නක් මෙනි.


සුසිලාට හැමදාමත් දැනෙන අසරණ බව යලිත් තදින් දැනෙන්නට විය.
ගුරුවරියක්ව සිටි සුසිලා ඉන් ඉවත් වූවේ සුමනසිරිගේ කීමටය. ඒත් සමඟම ඇය සිතුවේ සිය සැමියා හා දරුවන් වෙනුවෙන් සම්පූර්ණ කාලය වෙන් කිරීම වඩාත් සුදුසු බවය.
නමුත් යම් යම් අවශ්‍යතාවයන්ට සුමනසිරිගෙන් මුදල් ඉල්ලීමද එවිට සුමනසිරිගෙන් අසන්නට ලැබෙන අවමන් සහගත වදන් නිසාත් තමන් කර ගත්තේ මෝඩ කමක් යැයි ඇයට බොහේ විට සිතින.


කෙසේ හෝ තමා ලඟ යන්තම් ඉතිරි කරගෙන තිබූ මුදලක් එකතු කර අවශ්‍ය සම්පූර්ණ මුදල සිය සොහොයුරා අත තැබීමට සුසිල සමත් විය.


"අනේ මන්ද මම මේ නංගි කිව්ව නිසා ආව මිසක්ක, සුමනසිරි මෙහෙම හිතන බවක් දන්නවා නම් මම මේ ගමන කීයටවත් එන්නෙ නෑ සුසිලො"


අයියාගේ කතාවට දෙනෙතට යලි කඳුලු පුරවා එන සෙයක් සුසිලාට දැනින. පෙර දින රාත්‍රියේ සුමනසිරි සිය අප්‍රසාදය අයියා ඉදිරිපිටම පිට කල ආකාරය සුසිලාට සුමනසිරි ගැන පිලිකුලක් දනවන්නක් විය.
ඔහුගේ වදන් වලින් කිහිපයක් තවමත් සුසිලාගේ හිතේ රැඳී තිබේ.


"ඔය කැලේ ඉදන් කොලඹ එන එකත් ලේසි නැහැනේ, අනෙක මගෙ තත්වෙටත් මදි කමක් මෙහෙම අපේ ගෙදර යන්න එන්න ගත්තහම. සල්ලි ඕනෙ වෙන වෙලාවට දන්වල එවන්න බැරියැ එතකොට කීයක් හරි එව්න්නම්"


සුමනසිරි මෙතරම් නිවට අයෙක් වේවි යැයි සුසිලා නොසිතීය.


"මම යන්නම් නංගි, පුලුවන් වෙලාවක අම්මව බලල යන්න එන්න. අම්ම හැමදාමත් කියවන්නෙ උඹ ගැනම තමා"


සුසිලා සියා සොහොයුරාගේ දෙපා නැමදුවේ කඳුලු පිරි නෙතිනි.


"සුමනෙගෙ කතා වලට හිත රිදුන නම් සමාවෙන්න අයියෙ, ඉස්සර වගේ නෙවෙයි එයා ගොඩක් වෙනස් වෙලා දැන්"


"හා හා ඕවා මම එච්චර හිතට ගත්තෙ නෑ, නංගි ඕකට හිත නරක් කර ගන්න ඕනෙ නෑ. සමගියෙන් සමාදානෙන් ඉන්න වාද කරන්න යන්නෙ නැතුව"
මම යන්නම් එහෙනම්!"

පියා මිය ගිය පසු මවවත් බලා කියා ගෙන තමාට හැකි උපරිමයෙන් ඉගැන්වීමට ඔහු ගත් වෙර වීරිය වයසට වඩා දිරා ගිය කය දෙස බැලූ විට වැටහේ. තම යුතුකම් ඉටු කිරීමට ජීවිතයම කැප කල ඔහුට විවාහ දිවියකට යාමද අතපසු විය. සුසිලා සිය සොහොයුරා ගේට්ටුවෙන් පිට වන තුරුම බලා සිටියේ සැහැල්ලු නොවූ සිතිනි.


----------------------


"සුසිලා මම මේ කොහෙද ඉන්නෙ?"


සති දෙකකට පමණ පසු සුමනසිරිට පියවි සිහිය ලැබී ඇතැයි සුසිලාට වැටහිණ.  වසරකට පමණ පෙර සුමනසිරිගේ වකුගඩු නරක් වෙමින් පවතින බව සොයා ගත්තේ එහෙන් මෙහෙන් පහල වූ රෝග ලක්ෂන සමඟය. මුරන්ඩු කමට නිසි ප්‍රතිකාරයක් නොගත් ඔහු හදිසියේම සිහි විකල් වන තරමට අසාධ‍ය ලෙස ඔත්පල විය. 


වෛද්‍යය නිගමනය වූයේ වකුගඩු දෙකම අක්‍රීය වීමට යන බැවින් ජීවිතය බේරා ගැනීමට නම් වකුගඩුවක් බද්ධ කල යුතු බවය. නමුත් දුර්ලභ ලේ වර්ගයකට උරුම කම් කිවූ ඔහුට වකුගඩුවක් සොයා ගත නොහැකි විය. 


සියලු බලාපොරොත්තු අත හැර සිටි මොහොතක සුසිලාගේ පිහිටට අවේ ඇයගේ ආදරණීය සොහොයුරාය. දෛවයේ සරදමකට මෙන් ඔහු සුමනසිරිට වකුගඩුව ලබා දීමට සෑම අතින්ම ගැලපුනේය. දෙවරක්ම නොසිතා ඔහු එයට කැමති වූවේ අතීතය සහමුලින්ම වලදැමූ අයෙක් මෙනි.


"තාම ඉස්පිරිතාලෙ ඉන්නෙ සුමනෙ, පහු ගිය සති දෙකේම ඔයාට හරියට සිහිය තිබුනේ නෑ"


නැගිටින්නට හැදූ සුමනසිරිට සිය උදර දෙසින් වේදනාවක් දැනින. එවිට එදෙස බැලූ ඔහුට පැත්තක් වැසෙන්නම දැමූ ප්ලාස්ටරය පෙනින. 


"මේ මොකද මේ?"


"ඔයාට ලොකු ඔපරේශන් එකක් කලා සුමනෙ, ඔයාට වකුගඩුවක් බද්ධ කරන්න උනා ඔයාගෙ ජීවිතේ බේර ගන්න"


තමාගේ රුධිර වර්ගයේ ඇති දුර්ලභ භාවය සුමනසිරි දනී. මෙතරම් කෙටි කලකින් ගැලපෙන වකුගඩුවක් සොයා ගැනීම අතිශය අසීරු බව ඔහු දැන සිටියේය.


" මෙච්චර ඉක්මනට වකුගඩුවක් හොයා ගත්තෙ කොහොමද?"


දෙවිවරු වගේ මිනිස්සු තාමත් ඉන්න නිසා තාමත් හාස්කම් සිද්ද වෙනව සුමනෙ"


"ඔයාට වකුගඩුව දුන්නෙ අපේ අයියා"


මුව අයාගෙන සුසිලා දෙස බලාගෙනම යලි ඇඳට හේත්තු වූ සුමනසිරිගේ හිතේ පහල වන සිතුවිලි අනුමාන කිරීමට සුසිලා උත්සාහ නොකලාය.


38 comments:

  1. කෙනෙක්ට දුකක් කරදරයක් උනාම පරණ දේවල් අමතක කරල ඒ කෙනාගේ පිහිටට එන මිනිස්සු තාමත් අපේ සමාජයේ ඉන්නව......

    එක හුස්මට කථාව කියවල ඉවර කරා. හරිම ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චාම්ස්!
      ඒ මනුස්සකම වැලළිලා නොයා හැමදාටම තියෙන්න කියල ප්‍රාර්ථනා කරමු නේද

      Delete
  2. ගිමන් ලස්සන අදහසක් .සමහර විට නිතර දෙවේලෙ දකින අහන දේවල් වලින්ම ලියවෙන්න ඇති.හදිසියෙන් කියෙව්වේ .පස්සෙ එන්නම් නිවි සැනසිල්ලේ බලන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි TG!
      ඇත්ත. ඒත් ගොඩක් වෙලාවට නිතර දෙවෙලේ අහන්න ලැබෙන දේවල් මීට වඩා අමිහිරියි.
      නිදහස් වෙලාවක ආයෙන් එන්නකො එහෙනම්!

      Delete
  3. duppath kam pohosath kam mila mudal matha udagu wena minissunta mewa hoda paadam...

    ReplyDelete
    Replies
    1. එහෙම පාඩමක් ඉගෙනගෙනවත් හැදෙනවා නම් කොච්චර දෙයක්ද

      Delete
  4. මෙහෙම මනුස්සයෝ දැං අඩුයි....

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත! ස්තූතියි ගිමන්හලට ගොඩවැදුනට.

      Delete
  5. කලාතුරකින් උනත් මේ වගේ මනුස්සකම් තියෙන අය අපි අතරේ තවමත් ඉන්නවා. කතාව හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලිහිණි!
      කලාතුරකින් හරි එහෙම අය තාමත් ඉන්නව. ඒත් ඉස්සරහට?

      Delete
  6. ගොඩාක් සංවේදී කතාවක්...හරිම ලස්සනයි.

    ReplyDelete
  7. අවම වචන ගානකින් දිග කතාවක් නිම කරපු හැබෑ දක්ශයෙක්නෙ ගිමන්! අන්න අකරුණාවට කරුණාවෙන් පහර දීලා. නමුත් අර සුමනසිරිට කී දවසක් ඕක මතක තියෙයිද කියලා නම් සැකයි!

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Dude!
      කොච්චර පාඩම් ඉගෙන ගත්තත් වෙනස් වෙන්නෙ නැති අයත් ඉන්නවනෙ.

      Delete
  8. ලස්සන දිග කතාවක් හරිම ලස්සනට කෙටියෙන් ලියල....ගුඩ් ලක්..

    ReplyDelete
  9. නියමයි කතාව යාළුවා..

    ReplyDelete
  10. කතාව ලස්සනට ලියලා යාලුවා.. ඒත් මේ මනුස්සකම් අද හොයාගන්න තමයි අමාරු..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේශ්!
      ඇත්ත අපි ඉන්නෙ ටිකෙන් ටික මනුස්සකම නැති වෙලා යන කාලයක.

      Delete
  11. එක හුස්මට කියවගෙන ගිය අපූරු වියමනක් ගිම්..
    මෛත්‍රිය කරුණාව ගැන ආයෙත් හිතන්න පුළුවන් කතාවක්..

    ReplyDelete
  12. ලස්සන කථෘවතක් බං ......... අපේ අම්ම මට දහ පාරක් විතර කථෘ කරල මේක කියවනකොට ඒත් ඇහුනේ නෑනේ ......... උපරිමයි ..... දිගටම ලියමු

    ReplyDelete
  13. මේ ලෝකේ අපිට උදව්වක් ගන්න වෙන්නේ නැති මිනිස්සු නෑ. මිනිස්සුන්ට මිනිස්සුන්ගේ පිහිට විතරයි. ඒක නිසා මනුස්සකමේ සුවඳ මේ අනික් හැම දේටම වඩා වටිනවා.

    තමාගේ තත්වෙට හොඳනැති මිනිහ දුන්න වකුගඩුවක් නිසා සුමනේ අද ජීවත් වෙන්නේ. ඒත් එදා සුමනේ හිතන්න නැතුව ඇති මේ ගොඩයගෙන් තමන්ට උදව්වක් ගන්න වෙන එකක් නෑ කියල. අන්තිමට සුමනෙට ජීවිතේ දුන්නෙත් අර ගොඩයා. ලස්සන කතාවක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතුම්!
      ඇත්ත, මිල මුදලින් සමාජ තත්වෙන් මිනිස්සුන්ව මැනල ආශ්‍රය කරන අය අන්තිමට තනි වෙනව එදාට පිහිටට ඉතුරු වෙන්නෙ හැබෑම හිතවත්තු විතරයි. ඒත් එහෙම අය අදුන ගන්න පුලුවන් වෙන්න මනුස්සකම අදුනන අයට විතරයි.

      Delete
  14. වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත

    ReplyDelete
    Replies
    1. :) දාන්න මාතෘකාවක් කල්පනා කරද්දි ඕක තමා මටත් මුලින්ම මතක් වුනේ.

      Delete
  15. ම්ම්ම්.. අදත් ආසාවෙන් කියවලා යන්න පුලුවන් උන කතාවක්.. ස්තූතියි....

    ReplyDelete
  16. මනුස්සකම...
    එක හුස්මට කියෙව්වා..
    බ්ලොග්එකට ආවෙ අදනෙ.. වෙලාව ලැබෙන විදියට ඇවිත් යන්නම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රොශාන්!
      ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා. ආයෙත් ඇවිත් යන්න එන්න.

      Delete
  17. හරිම සංවේදී කතාවක්...දෙවිවරු වගේ මිනිස්සු තාමත් අපි අතර ඉන්නවා. එක වැදගත් පාඩමක් ඉගෙන ගත්තා. බදින කෙනා අලි කොටි වලස්සු දෙන්නම් කිව්වත් රස්සාව නම් අත අරින්නේ නැ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දඟකාරී,
      හැමදෙනාම එහෙම නොවෙන්නත් පුලුවන්. ඒත් පවුල් ජීවිතයත් එක්ක සමබරව කරගෙන යන්න පුලුවන් රැකියාවක් කරන එක වරදක් නෑ

      Delete