Thursday, August 30, 2012

තවත් එක් රෑ සමනලියක්....!


ඇඳ විට්ටමට කොට්ටය තබා උදාසීන කමින් යුතුව සිවිලිම දෙස බලා සිටි නිම්නාට සිවිලිමේ කොනක ඇති මකුලුදැලක පැටලී දඟලන සමනලයෙකු ඇස ගැටින. නේක වර්ණයෙන් හැඩ වූ සමනලයාට අත් වන්නට යන ඉරණම ගැන ඇයට ශෝකයක් ඇති විය.


සමනලයා දඟලන වාරයක් පාසා තව තවත් දැලෙහි පැටලේ. නිම්නා ඇඳෙන් බැස අසල තිබූ කොස්ස ගෙන සමනලයාව මුදා හැරියාය. මිදුන සැනින් පියඹා ගිය සමනලයා ඊට නුදුරින් තිබූ තවත් මකුලුදැලක පැටලින.


සුසුමක් හෙලා යලි කොස්ස අතට ගත් ඇයට දුරකතනය නාද වෙනු ඇසින.


"හෙලෝ"


"කෙල්ලෙ කොහෙද ඉන්නෙ?


"ෆ්ලැට් එකේ ඉන්නෙ මැඩම්, ඇයි මොකක් හරි වැඩක්ද"


"අනේ ඔව් කෙල්ලෙ, ඉක්මනට හොටෙල් එකට ආව හැකිද?
අලුත් කස්ටමර් කෙනෙක් ඉන්නවා, කොල්ලෙක්, සෑහෙන ගානක් ගලවන්ගන්න පුලුවන් වෙයි. දැනටම පැයකට 5ක් දෙන්න කැමති උනා. ටිකක් මහන්සි උනොත් හොඳ ටිප් එකක් ගන්න පුලුවන් වෙයි"


"හරි මැඩම් මම තව පැය බාගෙකින් හොටෙල් එකට එන්නම්"


"එහෙනම් කෙල්ලෙ ඉක්මනට එන්න, 12 රූම් එක මම බුක් කලා"


ඇමතුම විසන්දි කල නිම්නා හනිකට නාන කාමරය වෙත ගියාය


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 


ත්‍රීවිලයට මුදල් ගෙවූ නිම්නා හනිකට හෝටලයට ඇතුලු විය. යා යුතුව ඇත්තේ ඇයට හුරු පුරුදු කාමරයකටය. අලුත් පාරිභෝගිකයා අත දිග හැර වියදම් කරන්නෙකු වේවායි සිතමින් ඇය කාමරයට ලඟා විය. 


එයට ඇතුලු වී හනිකට කොට දුහුල් ඇඳුමකට මාරු වූවේ පාරිභෝගිකයාව වඩාත් ආකර්ශනය කර ගැනීමේ අදහසිනි.


"හෙලෝ මැඩම්, මම රූම් එකෙ ඉන්නෙ, කස්ටමර්ව එවන්න"


"හරි මම කස්ටමර්ව එවන්නම්"


ඉන්පසු සුවඳ විලවුන් මදක් ගතට හලා ගත් නිම්නා ඇඳෙහි වාඩි විය. පැය කාලකින් පමණ දොරට තට්ටු කරන හඬ ඇසින.


"කමිං" 


සුපුරුදු රාගික මදහස මුවට නගා ගත් නිම්නා ලාලිත්වයෙන් යුතුව පැවසීය.
එ සැණින් දොර හැර පැමණි තරුණයා දුටු නිම්නා පළමුව පුදුමයටත් එසැනින් බියටත් පත් විය. 


"නුවන්!!!"


සිය ගණන් පිරිමින් ඉදිරියේ චකිතයකින් දොරව සලු පිලි මුදා හැර ඇති ඇය, ඇඳෙහි තිබුණු පොරවනයක් ගෙන දුහුල් කෙටි ඇදිමින් පමනක් වැසුනු සිය ගත වසා ගැනිමීනට උත්සාහ කලේ අතීතයේ තමාට ලැබුණු ඔවදන් යලි ඇසුනාක් මෙන් දැනුණු හෙයිනි.  


තාමත් දොර අසල සිටි නුවන්ද ඇය දෙස බලා සිටියේ විස්මයටත් කේන්තියටත් වඩා පිලිකුල් සහගත බැල්මකිනි.


"නිම්නා! එහෙනම් මෙතනින් තමා ඔයාගෙ ගමන කෙලවර වුනේ?"


නුවන්ගෙ ඒ වදන දෙදෙනාවම වසර හත අටක් පැරණි අතීතයක් වෙත ගෙන ගියය.
බොහෝ කලකට පෙර නුවන් හා තමාගේ අවසන් හමුවේදී නුවන් පැවසූ වදන් නිම්නාට සිහි විය


"එහෙනම් මේකයි ඔයාගේ අන්තිම තීරණේ? මොඩ්ලින් වෙනුවෙන් මාව වුනත් අත ඇරල දාන්න ඔයාට පුලුවන්?


"තේරුමක් නැතුව නිකන් කෑ ගහන්න එපා නුවන්, මම මැව්ව ලස්සන ජීවිතේට යන්න වාසනාව ලඟටම ඇවිල්ල තියෙන වෙලාවෙ ඇයි ඔයා ඒකට බාධා කරන්නෙ? ඔව් මම මේ ගමන යන්වාමයි. පොඩ්ඩක් අලුත් විදිහට හිතන්න බලන්න" 


හදිසියේ හමුවූ සන්දර්ශක කළමණාකරුගේ වදන් වලින් මුලා වී සිහින ලෝකයක ජීවත් වෙමින් තමා එදින පැවසූ වචනයක් පාසා නිම්නාට මතක තිබිණ.


"හරි නිම්නා එහෙනම් මමනෙ බාධාව. මම අයින් වෙන්නම්. ඒත් නිම්නා ඔයා විනාශ වෙනවා මම කොහොමද බලා ඉන්නෙ? ඔයාව ලොකු මුලාවක් දාල තියෙන්නෙ. පොඩ්ඩක් ආයෙත් හිතල බලන්න. කරන දෙයක් පරෙස්සමෙන්. මම යනවා"


සති ගණනාවක ගැටුම සමඟම වසරක පමණ ප්‍රේමයද නිමා කරමින් යන්නට ගිය නුවන් යලි නිම්නාට මුණ ගැසුනේ දෙදෙනාම නොසිතූ ලෙසය.


තමා බියවූ අකාරයෙන්ම නිම්නා සිය දිවිය අදුරටම ගෙන ගොස් තිබීම නුවන්ට දැඩි ශෝකයක් දනවන්නක් විය.

 

පොරෝනය තුරුල් කරගෙන හැඬුම්බරව මුහුන බිමට යොමා ගෙන සිටි නිම්නා දුටු නුවන්ට අතීතයේ කෙටි ඇදුම් ගැන තමා වියේචනය කල විට ඇය හැසිරුනේ මෙලෙස බව මැවී පෙණින.


"මම ඔයාට තේරුම් කරන්න ගොඩක් උත්සාහ කලා නිම්නා" නුවන් පැවසූවේ ඇය ගැන අති වූ අනුකම්පාවෙනි.


"ඔව් ඔයා හරි නුවන්, මම රැවටුනා ඔයා ඒ දවස් වල කියපු දේවල් තේරුම් ගන්න බැරි තරමට මම මුලා වෙලා හිටියේ"


"ඒත් ඇයි ඔයා මෙහෙම තැනකට එන්න තරම් පහත් තත්ත්වෙකට වැටුනේ නුවන්? මම හිතුව ඔයා හොඳ කෙනෙක් බැඳල ලස්සනට ජීවත් වෙනව කියල" නිම්නා කුතුහලයෙන් යුතුව ඇසීය.


මද සිනහවක් නගා ගත් නුවන් 


"ඔව් මම ඒ විදිහට තමයි ජීවත් වෙන්නෙ. මම දැන් දරුවො දෙන්නෙක්ගෙ තාත්ත කෙනෙක්"


ඒ වදනින් නිම්නා තවත් පුදුමයට පත් විය. එමෙන්ම නුවන් ගැන අප්‍රසාදයක් ඇති විය.
නුවන් ඇය දෙස බලාගෙනම දුරකතන ඇමතුමක් ගත්තේය.


"සර්, වැඩේ අසාර්ථකයි. කෙල්ල ආවෙ නෑ"


"ඔව් සර්, අතරමැදියව කොටු කර ගන්න පුලුවන්"


"හරි සර්, ඊලඟ පාර කෙල්ලව කොහොම හරි අල්ල ගමු"
නුවන්ගේ දුරකතන සංවාදයෙන් සිදු වී ඇති දෙය නිම්නාට අවබෝධ විය. ඇයට හැඬුනේ ඉබේටමය.


"අනේ ඔයාට ගොඩක් පිං නුවන්, ගෙදරින් මේ ගැන මුකුත්ම දන්නෙ නෑ"


"ඔව් ඒ මිනිස්සු පපුව පැලිල මැරෙයි තමන්ගෙ දුව කරන රාජකාරිය දැන ගත්තහම. නිම්නා ඔයාගේ මේ ගමන දැන වත් නතර කලේ නැත්නම් ඔයාට අන්තිමට අයිති වෙන්නෙ පොලිස් කූඩුවයි නින්දාවයි තමයි" 


මෙසේ පවසා නුවන් කාමරයෙන් පිට වූයේ කෙන්තිය හා දුකත් ඇතිවය. මද දුරක් ගිය ඔහුගේ ගමනේ සැර බාල විය. අපසු හැරී කාමර වෙත ආ ඔහුට දැක ගත හැකි වුයේ තවමත් ඇඳේ වැටී හඬමින් සිටි නිම්නාය.


"මේ නම්බර් එකට කතා කරන්න, මගේ හොඳ යාලුවෙක්, ලඟදි බදුල්ලෙ ෆාමසියක් පටන් ගත්තා. මම විස්තරේ කියල තියන්නම්. හැබැයි මේ ජීවිතේ සම්පූර්ණයෙන් අමතක කරන්න ඕනෙ. යාලුවා උදවු කරයි. මීට වඩා මට කරන්න දෙයක් නැහැ නිම්නා, හොඳින් ජීවත් වෙන්න බලන්න. තාමත් ඔයාට අවස්ථාව තියනවා"


දුරකථන අංකය ලියූ කොල කැබැල්ල නිම්නාගේ අතේ මිට මොලවා කරුණාවෙන් ඇගේ හිස අතගෑ නුවන් කාමරයෙන් පිට වූයේ ඇය යහමඟට යොමුවේවා යන ප්‍රාර්ථනය කරමිනි.


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 


මලාණික වූ මුහුණින් හා ගතින් යුතුව නිම්නා යලි සිය මහල් නිවාසයේ කමරය වෙත පැමිණියාය.
එලෙසින්ම ඇඳට වැටුනු ඇය අතීතය හා ගෙවුණු දිනය ගැන යලි යලිත් මෙනෙහි කරන්නට විය.


සිහින පසු පස හඹා ගොස් නිකරුනේ නාස්ති වූ සිය ජීවිතය ගැන ඇයට මහත් වරදකාරී හැගුමක් ඇති විය.
ඒ සමඟම අහම්බෙන් ඇයට උදෑසන දුටු සමනලයා සිහි විය. අවසන් වරට දුටු තැන සමනලයාව දැකිය නොහැක, කාමරය පුරා නෙත් විහිදුවද දැක ගත නොහැකි විය.


"ජනේලයෙන් එලියට යන්න ඇති"
ඇයට යම් සහනයක් දැනින


සුසුමක් හෙලා නැගී සිටි ඈ අත් බෑගය හැර නුවන් දුන් දුරකතන අංකය ලියූ කොල කැබැල්ල අතට ගත්තාය.


~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~  

( කතාව ලියන්න අදහස ඇති වුනේ මේ දිනවල ප්‍රසිද්ධ නව පරපුරේ ගීතයකට තැනුන වීඩියෝවක අවසන් රූප රාමුවේ අන්තර්ගත  කර තිබූ වැදගත් පණිවිඩයක් නිසා )


මෙන්න මේක තමා වීඩියෝව


 

එහි අවසානයට සඳහන් වෙන්නේ....

There are approximately over 50 000 trapped in this illegal trade 

which could manifest itself in all walks of life in Sri Lanka. 

Poverty and lack of education are two major reasons for the 

trapped to be compelled into this line of work.

Be aware! Once you fall down this dark hole, crawling back up can be quite difficult!

"We say that slavery has vanished from europiean civilization, but this is not 

true. slvary still exists, but now it applies only to women and its name is 

prostitution."

                                                                       ~Victor Hugo~


57 comments:

  1. ම්ම්ම්ම්ම්ම්ම්ම්... හරිම ලස්සනට ලියලා කතාව... නියමයි!! සමාජෙ තවත් එක පැතිකඩක්නෙ මේක...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිතුවක්කාරි!
      ඔව් සමාජය සැලකිලිමත් විය යුතු පැතිකඩක්!

      Delete
  2. ගිමන්.... දැනුයි කතාව කියෙව්වෙ. මට හිතා ගන්න බැරි තරමට දැනුනා ඒක හිතට. ගොඩක් ලස්සනයි. ඔයාගෙ ලිවීමෙ හැකියාව වගේම , සිතීමේ පරාසයත් ටිකෙන් ටික පුළුල් වෙනවා. නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිඳූ! ගොඩක් කාලෙකින් දැක්කෙ.

      Delete
  3. අපූරුවට ලියවෙලා...තදින්ම හිතට කාවැදුනා...මේ විදිහේ නුවන්ලා බොහෝ ගනනක් බිහිවෙනවනම් කොච්චර හොඳද...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිමල්!
      ගිමන්හලට ආදරෙන් පිළිගන්නවා.
      ඇත්ත අද කාලේ ඉන්නෙ පිහිට වෙනවා වගේ ඇවිත් තවත් අමාරුවෙ දාන අයනෙ.

      ආයෙත් විවේක වෙලාවට මේ පැත්තෙ ඇවිත් යන්න එන්න.

      Delete
  4. වෙනද වගේම හොදට ලියල..

    ReplyDelete
  5. නුවන්ලා වගේ හොඳ පිරිමි වගේම නිම්නලා වගේ අයව අමාරුවේ දාන පිරිමිත් අද සමාජයේ එමටයි. ඒ වගේම මොඩ්ලින් කියන්නෙ ඔතනින්ම නවතින්න ඕනෙ රැකියාවක් කර නොගන්නා අයත් ඉන්නවා. හැමදේටම අපේ ඔළුව හරිය පාවිච්චි කරන්න වෙනවා.

    කතාව අපූරුවට ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මොඩ්ලින් කියන්නෙත් අද ලෝකයට අවශ්‍ය ගෞරවනීය රැකියාවක්. රැකියාවෙ නිරත වෙන්නන් දැන ගන්න ඕනෙ තමන්ගෙත් රැකියාවෙත් ගෞරවය රැකෙන විදිහට බුද්ධිමත්ව කටයුතු කරන්න.
      ඒවගේම අපි නිහතමානී වෙන්න ඕනෙ අපේ හිතවතුන් අපිට ඇත්තටම ආදරය කරන අය අනතුරු ඇඟවීමක් කලහම ඒ ගැන හොඳින් හිතල බලන්න.
      ස්තූතියි ළිහිණි!

      Delete
  6. ලියන්න හිතුන හේතුව වීඩියෝ එකක් වුනත් නිර්මාණශීලීව ලියලා තියෙනවා. අර දැලේ පැටලුන සමනලයත් සෑහෙන කාර්‍යභාරයක් කරනවා, නේද? :)
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Dude!
      ඒක ඇත්ත අවසාන තීරණේට උත්තේජනය හම්බවෙන්න ඒ සිදුවීමෙන්!

      Delete
  7. දවසේ ප්‍රශ්ණය: මේ බ්ලොග් එකේ මෙන්ම දිග බංකුවක රූපයක් පෙන්වන අනිත් බ්ලොග් එක ලියන්නේ කවුද? :)
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. හපොයි Dude අයියා ඒ මොකක්ද අප්පා ඒ බ්ලොග් එක? :o
      මම නම් ලියන්නෙ මේක විතරයි ඕං :)

      Delete
    2. සිඳුගෙ 'ලෝකයේ කොණක' බලන්න. කමෙන්ට් එකත් කියවන්න. :D
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
  8. ඇත්තටම ලස්සනයි ..............

    "අවසන් වරට දුටු තැන සමනලයාව දැකිය නොහැක, කාමරය පුරා නෙත් විහිදුවද දැක ගත නොහැකි විය."

    මෙතනින් ගොඩක්දේවල් කියන්න හදනවා වගේයි මට නම් හිතෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අගය කිරීමට!
      ඔව් හිතක අදහස් වල වෙනස් වීම් කෙලින්ම කියනවාට වැඩිය දැනෙන්නට හැරීම වඩාත් සාර්ථකයි නේද?
      ස්තූතියි ගිමන්හලට ගොඩවැදුනට. ගොඩක් සතුටින් පිලිගන්නවා, ආයෙත් ඇවිත් යන්න එන්න

      Delete
  9. ඔයාගෙ කතා මුල ඉඳන් අගටම එක හුස්මට කියවනව මම...ලියල තියන ඒවා එකින් එක මැවි මැවි පේනවා..දිගටම ලියන්න දිගු ගමනකට සුභ පැතුම්.!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කිරිල්ලියේ!

      Delete
  10. අදත් කතාව හරි අපුරුයි.. මේ සින්දුව මාත් මාර ආස එකක්.. කතාව හොදට ගැලපිලා තියෙනවා සිංදුවකට..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ්!
      මම ටිකක් අකමැති විදිහක ගීතයකින් ආරම්හය ගත්තට පසුවට ගොඩක් සාර්ථක වුන ගායකයෙක්. මේ ගීතයේදී වුනත් වීඩියෝව ජනප්‍රිය කිරීමට අරන් තියන උපක්‍රමය සමාජයට වටිනා පණිවිඩයක් දීම. එය ඇත්තටම අගය කල යුතුයි.

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. [ma] නියමයි මල්ලි නියමයි... [/ma]
    ලිවීමේ ශෛලිය නම් විශිෂ්ටයි.. ඒ වගේම වචන ගොඩකින් කිවයුතු අදහසක් නිරූපණය කරන්න සමනලයාව යොදා ගෙන අන්දම ගොඩාක් සිත් ගන්නවා... කතාව මුල ඉඳලා කියවන් එනකොට මටත් මතක් වුනේ ලහිරුගෙ දෑසින් පෑ ගීතයයි.. බලනකොට මලයගෙ කතාවට වස්තුබීජය වෙලා තියෙන්නෙත් ඒකමනෙ.. කතාවෙ මාර්තෘකාවත් ගොඩාක් කාලීනව වැදගත්.. හැමදාම ප්‍රවෘත්තිවලට ඔයවගේ කතා කීයක් ඇහෙනවද? ඔයා බලලා තියනද Fashion කියලා ප්‍රියංකා චොප්රා රඟපාන හින්දි ෆිල්ම් එකක්? ඒකෙත් තියෙන්නේ මේ වගේ මොඩ්ලින් පසුපස යන්න ගිහින් විනාශ වෙන ජීවිතයක්.

    ReplyDelete
    Replies
    1. ma කෑල්ල ගනන් ගන්න එපා. කමෙන්ට් එකට scrolling effect එකක් දාන්න ගියේ.. වැඩේ හරි ගියේ නෑ

      Delete
    2. ගොඩක් ස්තූතියි අයියා!
      නිතර දෙවෙලේ අහන්න ලැබෙන කතා වලට අනුව. ඔය රැකියාවට එන ගොඩක් දෙනෙක් කැමැත්තෙන් එන අය නෙවෙයි, තව කෙනෙක්ගේ බලපෑම් වලට කරන අය ඊට පස්සෙ ගැලවීමක් නැතුව යනවා.
      Fashion ෆිල්ම් එකේ කතාව අහල තියනවා බලන්න බැරි වුනා.

      කාලෙකින් අයියව දැක්කෙ. කොහොමද අලුත් තොටුපල? මම හිතන්නෙ අද නිවාඩු දවසයි සති අන්තෙයි අල්ලලා ගෙදර ඇවිත වගේ.

      Delete
    3. ෂා.. මල්ලිට මාර විදියට ගෙස් කරන්න පුළුවන්නේ.. යෙප් යෙප්.. සතියක ලීව් එකකට ගෙදර ආවා.. :)))).. තොටුපළ හොඳයි. ලියන්න ඒවත් එමටයි. ඒත් මේ සතියේ කරන්න ගොඩාක් දේවල් තියන නිසා ඉඩ ලැබේද දන්නෑ

      Delete
    4. අහ්! අනුමානෙ හරි නේද. :)
      ඔව් ඉතිං ඉඳල ඉඳල ගෙදර ඇවිල්ලත් කොම්පියුටර් එක බදාගෙන ඉන්න බැහැනෙ. ඉතිං අයියා එහෙ ලැප් එකක් තියාගෙන වෙලා තියන වෙලාවට ලියල ගෙදර ආවහම පෝස්ට් කරන්න.

      Delete
  13. ගොඩක් ලස්සනයි...වෙනදා වගේම කියෙවුවා..

    ReplyDelete
  14. කතාව හරි අපුරුයි......ලස්සනයි...

    ReplyDelete
  15. කථාව ලස්සනයි කියනවට වඩා කතාව අද සමාජයට අර්ථවත් ආදර්ශමත් කථාවක්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිෂ්!
      මගේ බලාපොරොත්තුව වුනෙත් ඒකමයි.

      Delete
  16. කථාව ලස්සනයි කියනවට වඩා කතාව අද සමාජයට අර්ථවත් ආදර්ශමත් කථාවක්....

    ReplyDelete
  17. නියමයි කොල්ලෝ.... එල
    මම ආසම සින්දුවක් බං :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූති වේවා රජතුමනි!
      සිංදුවෙ අගේ වැඩි වුනා වීඩියෝවෙ කතාව දැක්කහම.

      Delete
  18. කතාව නිර්මාණශීලියි.....!

    ගොඩක් කෙල්ලෝ ඔය තත්වෙට වැටෙන්නේ විහින් කියලයි මම හිතන්නේ. ඒත් ගොඩක් දෙනෙක්ගේ වැරදි නිසා ඔය තත්වෙට පත්වෙන අවස්ථාත් අහල තියනවා. නමුත් ඔතනින් ගැලවෙන ක්‍රමේ තියෙන්නෙත් කෙල්ල අතේමයි. මේක ගැන කතා කරන්න ඕනේ තරම් දේවල් තියනවා. ඕනේ තරම් තර්ක ගේන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම්!
      ඇත්ත මේ ප්‍රශ්නෙට හේතු ගණනාවක් තියනවා. ඒ වගේම බුද්ධිමත්ව හිතන කෙනෙක් නම් වළට නොවැටෙන්නත් වැටුණු වළෙන් ගොඩ එන්නත් පුලුවන්!

      Delete
  19. හිතට වැදුනා මේ කතාව.හිතන්න දෙයක්!හ්ම්ම්,,
    ඔබට ජය!

    ReplyDelete
  20. අපූරු කතාවක් ගිම්..
    ලියලා තියන ශෛලියත් ලස්සනයි..

    ReplyDelete
  21. මේ වගේ කතාවක් මම පත්තරේකින් ටික කාලෙකට කලින් කියෙව්වා. මේ විදිහට කාමරේට එන්නේ එයාගේම පුතා. අන්තිමට පුතා සිය දිවි නසාගන්නවා. අම්මා තමන්ට කන්න අඳින්න දුන්නේ මෙහෙම හම්බ කරලද කියලා දුකෙන්.

    ReplyDelete
    Replies
    1. ඔව් හසිත, දුප්පත්කම, අසරණකම නිසාම මේ තත්වෙට පත් වුන අය ගොඩක් ඉන්නවා. ඒ අයට නිකම්ම ඔය රස්සාව කරන්න එපා කිව්වට වැඩක් නෑ. ඉස්සෙල්ලා ඒ ප්‍රශ්න වලට විසදුමක් ලබා දීල ඉන්න ඕනෙ.

      Delete
  22. නම දැක්කගමන්ම හිතට ආව අදහසට වඩා වැඩි දෙයක් දැක්කා. වීඩියොවත් නියමයි .
    ..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොකු ජෝන්!
      ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා.
      ඒ පැත්තෙ ඇවිත් යන්න එන්නම්කො වෙලාවක.

      Delete
  23. නියමයි සහෝ.. නියම කතාවක්.. රෑ සමනළියන් බිහි වෙන තවත් එක විදිහක්..
    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාටත්.
      ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා. ආයෙත් විවෙක වෙලාවට මේ පැත්තෙ ඇවිත් යන්න එන්න.

      Delete
  24. ලස්සන කතාවක්.ලස්සනට ලියලා තියෙනවා :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දසුනි.
      ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා. ආයෙත් ඇවිත් යන්න එන්න.

      Delete
  25. හ්මි හරිම ලස්සනයි කතාව දිගටම හොදට ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබටත්!
      ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා. ආයෙත් විවෙක වෙලාවට මේ පැත්තෙ ඇවිත් යන්න එන්න.

      Delete
  26. අද කාලේ මේවා සාමන්‍ය දේවල් වෙලා නේද.....
    ලස්සනට කතාව ගලාගෙන ගියා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පිසාචයා!
      ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා. ආයෙත් ඇවිත් යන්න එන්න.

      Delete