Wednesday, August 15, 2012

අඳුරු පාශාණය....!



පැයක් පමණ එකම ඉරියව්වෙන් සිටි නිසා කකුලක් හිරි වැටී ඇත. නමුත් දුරදක්නයෙන් ඇස ඉවතට ගැනීමට ධනුශ්කට හිත ඉඩ නොදේ.


මාස ගණනක් පුරාවට තමා නිශ්ඵල ව්‍යායාමයක යෙදී සිටිනවා වත්දෝ වත් දැයි වැනි සිතුවිල්ලක් දැන් දැන් ඔහුගේ හිතේ එබිකම් කරන්නට පටන් ගෙන ඇත. ඔහුට සිය සඟයාගේ වදන්ද විටෙන් විට සිතට නැගෙයි.


"උඹෙත් මනස්ගාතනෙ, සම්මතයෙන් පිට කල්පනා කරනව කියල ඔහොම මෝඩ වැඩ කරල ඇති පලේ මොකක්ද? බලපන්කො අන්තිමට නිකන් කාලෙ කෑමක් විතරක් නෙවෙයිද වෙන්නෙ කියල"


නැවත නැවත සිහිවන තේමියගේ වදන් ඔහුව තවත් අධෛ‍යමත් කරයි. 


"නෑ මම හරි, අඳුරෙ තමයි වැඩිමනක් රහස් හැංගිලා තියෙන්නෙ" ධනුශ්ක හිස ගස්සා හිතට සවියක් ගෙන යලි දුරදක්නයට ඇස යොමු කර ගත්තේය.     


           ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

ධනුශ්ක හා තේමිය පාසැල් මිතුරන්ය, පාසැල් සමයේ තිබූ තරකා විද්‍යාව පිලිබඳ ආශාව පාසැල් විය නිමා වුවද ඔවුන්ගෙන් තුරන් නොවීය. ධනුශ්ක පාරම්පරිකව සුවිසල් වතු යායක හා දේපලක උරුමක්කාරයෙක් වූ බැවින් පාසැල් දිවියෙන් පසු සිය කාලය සම්පූර්ණ්යෙන්ම තාරක විද්‍යාව වෙනුවෙන් කැප කලේය. තේමිය රැකියාවකට යොමුවුවද හැකි හැම විටම සිය මිතුරා හා එක්ව කටයුතු කලේය.


ජාතික තලයේ සෑම තාරක විද්‍යයා සම්මන්ත්‍රනයකටම වගේ සහභාගී වීමෙන්ද ජාත්‍යන්තර මට්ටමේ තාරක විද්‍යා සංගම් බොහොමයකින් ලබා සිටි දැනුම නිසාද මොවුන් දෙදෙනා නිල නොවන මට්ටමේ දක්ශ තාරකා විද්‍යාඥයන් දෙදෙනෙක් ලෙස හැදින්වීමේ කිසිම වරදක් නොවීය

ධනුශ්ක විශාල මුදලක් වැය කර අති ප්‍රභල දුරදක්නයක් තනා ගත්තේය. නමුත් ඔහු අහස නිරීක්ෂනයට තෝරා ගත් කෝනය ඔහුගේ මිතුරාගේ දැඩි අප්‍රසාදයට ලක් විය.
ඒ ඔහු තෝරා ගනු ලැබුවේ අහසේ අදුරුම පෙදෙස යැයි පැවසූ පෙදෙසකි.


ඕනෑම තරකා විද්‍යාඥයෙක් උත්සාහ ගනුයේ අපරිමිත තරකා අඩංගු අහසේ වැඩි වශයෙන් තාරකා ඇති පෙදෙසක් සිය ගවේශනයට යොදා ගැනීමටය. නව යමක් සොයා ගැනීමේ සම්භාවිතාවයක් ඇත්තේ එවිටය.


මෙම සම්ප්‍රධායෙන් පිට පැන්න ධනුශ්කට තිබුනේ අමුතුම අදහසකි.
එනම් වැඩිමනක් රහස් වසා ගෙන ඇත්තේ අඳුර බවය.
සාමාන්‍ය සම්ප්‍රදායන් මෙන්ම මිතුරාගේ අදහස්ද නොතකා ඔහු මාස කීපයකට පෙර ආරම්භ කල ගවේශනය නොකඩවා කරගෙන ගියේය.


          ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~


තවත් පැයක පමණ වෙහෙසකාරී නිරීක්ශණ කාලයක් හමාර කරමින් ධනුශ්ක සුසුමක් හෙලීය. සිය ගවේශන කලාපය නිරීක්ශන මානයෙන් ඉවත්ව යාමට ආසන්නය.


"අදත් වැඩක් නෑ වගේ"


දවසේ අවසන් වරට යලි දුරේක්ශයට ඇස තබා ගනිමින් ඔහු සිතීය.

ඇස ඉවතට ගන්න සිතනවාත් සමගින් අහම්බෙන් ඇස ගැටුන දෙයින් ඔහු තිගැස්සින.


ධනුශ්ක යලි හොදින් දුර දක්නයේ කාච සුසර කර අහසට නෙත් හෙලීය. වැරදීමක් නැත.
පෘතුවිය දෙසට ඇදී එන ග්‍රහකයකි. නමුත් අසාමන්‍යතා කිහිපයක් ඔහුට ක්ෂණිකව අවබෝධ විය. එනම් එය පෘතුවිය දෙසට ඇදී එන්නේ අසාමාන්‍ය තරමේ වේගයෙනි. අනෙක නම් එය අසාමාන්‍ය ලෙස අදුරුය. 


ඔහු බලා සිටියදීම එය පෘතුවි වායුගෝලයට ඇතුලු වුවද සාමාන්‍යයෙන් වන පරිදි එය ගිනියම් වීමක් සිදු නොවීය.

එම නිරීක්ශණයෙන් ඔහු උද්දාමයට පත් විය. බොහෝ කුඩා ග්‍රහක වායු ගෝලයෙදී දැවී යයි. නමුත් මෙම ග්‍රහකය අනිවාර්යෙන් පෘතුවියට නිරුපද්දිතව පැමිණෙනු ඇත.

ධනුශ්ක ක්ශණිකව දුරදක්නයට සම්බන්ධ කර තිබූ අධි තාක්ශණික මෙවලම් අධාරයෙන් ග්‍රහකය ගැටීමට හැකි පෙදෙස සොයා බැලීය. එම උපකරණ වලට අනුව එය ඇද වැටෙන්නට ඇත්තේ සිංහරාජ වන මැදටය.

"ශෙහ් ඒකෙත් හැටි දැන් ඉතින් ඕක හොයනවා කියන්නෙ පිදුරු ගොඩක ඉඳිකට්ටක් හොයනවා වගේනෙ"


එවෙලේම ඔහු සිය මිතුරාට ඇමතීය. ඉන්පසු සවිස්තරාත්මකව තමා දුටු දෙය පැවසීය.


"මචං හොයා ගත්තොත් නම් වටිනවා තමයි, එත් ඕක කොහෙන් කියල හොයන්නද? සමහර විට හම්බ නොවෙන්නත් ඉඩ තියෙනව. ඔන්න ඕක අල්ලලා දාමු"

තේමියගේ කතාව ධනුශ්ක කෝප ගැන්වීය.


"උඹට පිස්සුද මෙච්චර කල් කට්ට කාල අතටම ආව අවස්තාව එහෙම අත ඇරල දැම්ම හැකිද. මම හෙටම හොයන්න පටන් ගන්නවා"


"හරි හරි මචං, හොයමුකෝ එහෙනම් මාත් සති අන්තෙට එන්නම් හෙල්ප් එකට"
සිය මිතුරාගේ තීරණ ස්ථීර බව දන්නා තේමිය පැවසීය.


එයින් අරම්භ කල ග්‍රහකය සෙවීම මාසයක් පුරාවට කෙරිණ. ධනුශ්ක සිංහරාජ වනාන්තරය අසල කුඩා නිවසක් කුලියට ගෙන ජීවත් විය. තේමියද සති අන්ත වල ඔහුගේ සහයට පැමිනියේය.


ධනුශ්ක ලකුනු කර ගත් පෙදෙස පිරික්සා අවසන් කිරීමට ආසන්න විය. ඔහු බෙහෙවින් ශෝකයට පත් වී සිටියේ අතටම පැමිණි වාසනාව ගිලිහී ගියා වත්දෝ යැයි සිතාය.


එක් දීප්තිමත් උදෑසනක, තමා මෙතෙක් දවස් මග හැර තිබූ යාමට දුශ්කර පෙදෙසකට පිය නැගීමට ධනුශ්ක ආරම්භ කලේය. 

මදක් දුර ගමන් කරන විට ඔහුට ප්‍රබල ලෙස තාමට නොතේරෙන අමුතු හැඟීමක් දැනෙන්න්ට විය. අවට පරිසරය පවා වෙනස් වී ඇති බවක් ඔහුට දැනේ.


"කට්ට තනියෙම කැලේ රිංගන්න අරගෙන මගේ මොලේ නරක් වෙලාද මන්දා"
සිතේ ඇති වූ අමුතු බව සැඟවීමට මෙන් ඔහු සිතීය.

එන්න එන්නම ගස් කොලන් පවා වෙනස් වේ. 


"හ්ම්ම් සිංහරාජේ පරණම ගස් කොලන් තියෙන්නෙ මේ හරියෙ වෙන්න ඇති"


අසාමාන්‍යව දැවැන්තව වැඩුණු වනස්පතීන් හා ඒවාට නොදෙවෙනිව එවා වටා එතුනු ලියවැල් පිරික්සමින් ඔහු සිතීය.

එන්න එන්නම අදුරු බව වැඩි වේ, ඊට අමතරව අවට පැතිර ඇති මුග්ධ නිහඬ බව දනුශ්කට අමුත්තක් විය. 


අවසානයේ ඔහු කුඩා එලිමහනකට පැමිණින. කවාකාර එලිමහන් පෙදෙසක් වූ එහි මැද කුඩා ආවාටයකි. එය දුටු ධනුශ්ක ප්‍රීතියෙන් පිනා ගියේය.
එම ආවාටය ඔහුගේ සෙවීම අවසාන බවට සලකුණකි. කුතුහලයෙන් හා ගැහෙන හදින් යුතුව ඔහු ආවාටයේ පල්ලම බසින්නට විය. දුහුවිලි නැගෙන තරමට ඔත්පල වී තිබූ එම භූමිය දැවැන්ත පිහිටි කලු ගලක් බව ධනුශ්කට වැටහින. එය දුවිලි බවට පත් වූයේ කෙසේදැයි සිතමින් ඔහු ආවටයේ මධ්‍යයට ලඟා විය. 


දැඩි කලු ගල මදක් ඛාදනය කරමින් ඒ තුලට ගිලා බැස, එහි වූයේ ලෝකඩ පැහැති ආසන්න ගෝලකාර හැඩැති පාෂාණයකි. එහි මුදුනත කැඩී ගොස්ය. කැඩී ගොස් ඇති තැනින් පාෂාණයේ අභ්යන්තර කුහරයක් ඇති බව පෙනෙයි. එතැන දන ගසා ගෙන සුපරික්ෂා කාරීව කුහරය දෙස බැලූ ධනුශ්කට එය කුහරයක් නොවන බවක වැටහින. 


ඔහු විදුලි පන්දම ගෙන විවරය වෙත එල්ල කලේය. විදුලි එලිය එතුලට යන මුත් අදුරු බව වෙනසක් නොවීය. ධනුශ්ක හෙතුව අනුමාන කලේය, විදුලි පන්දමේ ආලෝකය නැවත නොපැමිණියේ එම අලෝකය සම්පූර්ණ්යෙන් පාශාණය තුලට අවශෝශණැය වූ බැවිණි. එසැණින් ධනුශකගේ සිහියට නැගුනේ කාලයක සිට පවතින කලු කුහර පිලිබඳ මතයයි.


"එතකොට මේක කලු කුහරයක්ද?"


තවත් විනාඩි කිහිපයක් පාශාණය හොදින් නිරීක්ශණය කල ධනුශ්ක එය පිළිබඳ යම් තාක් දුරට අවබෝධයක් ලබා ගත්තේය. 


එහි අභ්යන්තරය කලු එනම් අදුරු පැහැති අමුද්‍රව්‍යකින් පිරී පවතී. එම ද්‍රව්‍යය වට කරමින් ලෝකඩ වැනි තද ආවරණයක් ඇත. පාපන්දු බෝලයක් තරම් වුවද එය බරින් නම් කිලෝ දහයක් පමණ ඇතැයි ධනුශ්ක අනුමාන කලේය. 

සියලු ආම්පන්න එතැන අතහැර දැමූ ඔහු පාශාණය බෑගයේ දමා ගෙන සිය නිවසා බලා පිටත් විය.


ආපසු සිංහරාජය අසල පිහිටි තාවකලික නිවහනට පැමිණි ඔහු පාශානය යකඩ අසුරනයක තබා තේමියට ඇමතුමක් ගැනීමට උත්සාහ කලේය. දුරකතනය දෝශ සහිත බවක් පෙන්වයි. 


"අම්මෝ පුදුම මහන්සියක්, පොඩි නින්දක් දාල අයෙත් කතා කරල බලනවා"

දැඩි වෙහෙස නිසාම ඔහු එසැණිනි නින්දට වැටින.


පසු දින උදෑසනම ධනුශ්ක අවදි විය අවදි විය. ගතට දැනෙන්නට වූවේ පුදුමාකාර වෙහෙසකර බවකි. ඇටකටු සියල්ල තලා කුඩු කර දැම්මාක් මෙනි. අසීරුවෙන් දෙඇස් විවර කලද කිසිවක් හරි හැටි නොපෙනේ. මද වේලාවක් යන විට පෙනුම යන්තමින් පැහැදිලි විය. 


එහෙත් ඔහු දුටු දෙයින් ඔහුට කෑගැස්සින. ඔහු සිටියේ ගරා වැටෙමින් යන අදුරු කුටියකය. බිත්ති අවපැහැ වී අදුරු ගැන්වී ඇත. නමුත් යම් සුපුරුදු බවක් ඔහුට දැනෙන්නට විය.


"මොනවා!!! මේ මගෙ කාමරේම තමයි. ඒත් මොකද මේ වෙලා තියෙන්නෙ!"


ඔහු වහා ඇදෙන් නැගී සිටීමට උත්සාහ කලේය. නමුත් ඉන් සිදු වූවේ වාරු නැති ගත ඇදෙන් පෙරලී බිමට වැටීම පමණි.
බිමට අත ගසා නැගී සිටීමට වෙර දරන අතර ඔහුට සිය දෙ අත් ඇස ගැටින. කෘෂවී, නහර පෑදී රැලී වැටී තිබූ දෙ අත් දුටු ඔහු මහත් සේ බියට පත් විය.


"මොනවා මම නාකි වෙලා??!!

"ඒ කියන්නෙ මම අවුරුදු පනහක් විතර නිදා ගෙන ඉදලද?


ඔහු විවෘතව තිබූ කවුලුවෙන් ඉවත බැලීය. කවුලුවට මදක් නුදුරින් තිබූ කුඩා පේර පැලය එලෙසමය. ඔහු යලිත් පැටලින.


"මොකද මේ වෙලා තියෙන්නෙ"


හදිසියේම යමක් ඔහුගේ හිතට නැගින.


" දෙයියනේ!!!"


"පාශාණය!! ඒක අවශෝෂණය කරන්නෙ ආලෝකය විතරක් නෙවෙයි!!!

"කාලයත් අවශෝෂණය කරනවා!!"


ඔහු අසීරුවෙන් බඩගාගෙන මෙන් පාශාණය තිබූ යකඩ පෙට්ටියට අසලට ගියේය. මල නොකණ තද වානයෙන් තනා තිබූ පෙට්ටිය දිරා ගොසින. පාශානය මදක් පොලවට ගිලා බැස ඇත.


"එහෙනම් මේක ගිලා බහින්නෙ නැතුව එතැන තිබිල තියෙන්නෙ කලු ගල නිසා, දැවැන්ත කලු ගල දුහුවිලි වූවේ කෙසේදැයි ධනුශ්කට වැටහින"


"මෙතනින් එලියට පැන ගන්න ඕනෑ" ගතට වාරු ගෙන දොර අසලට බඩ ගෑවද දොරේ යතුර ගැනීමට නැගිට ගැනීමට වාරු නැත.   


          ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~


එයින් දින හතරකට පසු සති අන්තයේ තේමිය දනුශ්කට සහය වීමේ බලපොරොත්තුවෙන් කැලෑබද නිවස වෙත ලඟා විය.
නමුත් ඔහුට නිවස සොයා ගැනීමට අසීරුය. 


නිවරැදි මාර්ගයේ පැමිණි බවට ඔහුට හොදටම විශ්වාසය. කලින් මේ හරියෙ කැලෑවක් තිබ්බෙ නැහැනෙ. ඔහු කෙසේ හෝ නිවස තිබූ තැන සොයා ගත්තේය.

සිය දෙනෙත් අදහා ගත නොහැකි ලෙස නිවස ගරාවැටී ඇත. 


නිවසේ සුන්බුන් අතර ඇවිද ගිය තේමියට හදිස්සියේ දුටු දෙයින් විශ්මයටත් බියටත් පත් විය. ඒ ඇට සැකිල්ලකි.

තිගැස්මෙන් යුතුව ඒ දෙස බලාගෙනම ආපස්සට පියවර තැබූ තේමියට එක වරම තමා ඇද වැටෙන බවක් දැණින. යමක් සිතා ගැනීමටත් පෙර ඔහු පොලවේ තිබූ කුහරයකට ඇද වැටී නොපෙනී ගියේය.


ඉන් වසර ගණනකට පසු ධනුශ්කගේ හා තේමියගේ නම් තවත් අතුරුදන් වූ තරුණයන් දෙදෙනෙකු ලෙස පොලිස් වාර්තාවනට එක් විය. 


37 comments:

  1. කියෙව්වෙමි!

    ReplyDelete
    Replies
    1. සබිත් අද පළවෙනියටම ඇවිත්! ස්තූතියි!

      Delete
  2. ආසාවෙන් කියෙව්වා. පොඩි කාලෙ කියවපු නම අතමක කතන්දරයකුත් මතක් වුනා. මමත් කාලයක් අහස දිහා බලාගෙන හිටියා. 9 , 10 වසර වලදි ඉස්කෝලේ.උඩ බලන් ඉදලා බෙල්ලේ අමාරැවක් හැදුනට පස්සේ අපේ අක්ක ටීචට මගේ පිස්සුව ගැන පැමිණිලි කරාම තමයි රෑට උඩ බලන් ඉන්න එක නතර කරේ.

    ReplyDelete
    Replies
    1. :D තරු වලට තියෙන ආසාව නම් ඉතිං ඉවරයක් වෙන්නෙ නැති ආසාවක් නේ. සමහරුන්ට මුහුද දිහා බලා ඉඳල ඇති වීමක් නෑ වගේ තරු පිරුණ අහසක රටා බලා ඉඳීමෙත් ඇති වීමක් නෑ. අන්තිමට බෙල්ලෙ කැක්කුම හැදුනහම තමයි අත ඇරල දාන්නෙ. :)

      Delete
  3. අය්යෝ අපරාදේ තේමියගෙයි අනිත් කෙනාගෙයි ජීවිත...
    ලස්සනට කතාව කියල...ඇත්ත එකක් වගේ හිතුනා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙහානි! මම ගොඩක් කැමති අංශයකින් වෙනස් යමක් ලියන්න උත්සාහ කලේ. එයින යම් තරමින් හෝ රස වින්දනයක් ලැබුව එක ගැන සතුටුයි.

      Delete
  4. දැන් විද්‍යා ප්‍රබන්ධ රචනයටත් අත ගහලා වගේ, දැන් මතක් වුනේ මගෙ උසස් පෙළ ව්‍යාපෘතියට කලේ මම විද්‍යා ප්‍රබන්ධ රචනය. එකක් දෙකක් දාන්න ඕනා බ්ලොග් එකේ.
    මේ සංකල්පය නියමයි.

    තාරකා විද්‍යාව මටත් පිස්සුවක් වගේ තිබුණා එක කාලයක්. තවමත් තියනවා. තවමත් මම පැය ගණන් මිදුලෙ පු‍ටුවක් තියාගෙන, මදුරු කොයිල් එකකුත් පත්තු කරගෙන අහස දිහා බලන් ඉන්නවා.ඒක පුදුම ලස්සන චිත්‍රයක්.

    ReplyDelete
    Replies
    1. ආසාවට ලිව්ව කතාවක් සිඳූ :). හැබැයි විද්‍යාප්‍රබන්ධ ලියනවට වඩා කියවන්න තමා කැමති. සිඳූගෙ අතින් ලියවුණු විද්‍යාප්‍රබන්ධයක් කියවන්න නම් ගොඩක් ආසයි. ඉක්මණටම කතාවක් බලාපොරොත්තු වෙනවා. කිව්වත් වගේ තරු පිරුණ අහසක අගය කියල නිම කරන්න බෑ.

      Delete
    2. ඔව් ඔව්.. අපිටත් කියවන්න එක්ක විද්‍යා ප්‍රබන්ධ කතාව දාන්න

      Delete
  5. එක හුස්මට කියෙව්වා.

    ReplyDelete
  6. තමන්ගෙ ක්ෂේත්‍රයෙන් පිට දේවල් ගැනත් ලියන එක අපේ බ්ලොග් මෙඩ්ඩො සෙට් එකේ හොඳ ගුණයක් හැටියටයි මම දකින්නෙ. නැත්නම් පස්සෙ වම් කණ පිළින්බඳ විශේෂඥයො හෙම නෙ බිහිවෙන්නෙ. හික්.

    ගිමන් AL වලට Astrophysics කලාද?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අනේ නෑ Dude අයියා, එහෙම විශේෂයෙන හැදෑරුවෙ නෑ. පොඩි කාලෙ ඉදන් තිබ්බ ආසාවට දැනගත්ත දේවල් තමා.
      හැමෝම කියන්නෙ බ්ලොග් එකේ ලියන්න ඕන ආස කරන දේවල් කියලනෙ. ඉතිං මාත් ඒකයි මේක ලිව්වෙ :).

      Delete
  7. හරි අමුතු කතාවක්නේ. එක් කෙනෙක් විතරක් වයසට ගිය එකයි පුදුමේ. මම හිතුවේ මුළු කාලමය ඉදිරියට ගියා කියලා

    ReplyDelete
    Replies
    1. උපකල්පනයක් පමණයිනෙ හසිත. පදාර්ථය හා කාලය අතර සම්බන්ධයක් තියනවා කියන මතය පමණයි යෝජනා කරන්නෙ. ඒකනේ කියල තියන්නෙ පාශාණය කාලය අවශෝෂණය කලා එහෙම දෙයක් වෙන්න පුලුවන් නම් අවශෝෂකයට ආසන්නම පදාර්ථයකට අයිති කාලය තමයි වැඩි වශයෙන් ඇද ගන්නෙ. එතකොට අවශෝෂකයට ඇති දුරට සමානුපාතිව තමා කාලය ඉවත් වෙන්නෙ.
      සැ.යු. - විද්‍යාත්මක සංසිද්දියක් නොවෙයි. උපකල්පිත යෝජනාවක් පමණයි. සීමා ඉක්මවා සිතීමක්.

      Delete
  8. තාරකා විද්‍යාව කියන්නෙ මගෙත් ආසම විෂයක්.තරු පිරුන අහස දිහා කොයි තරම් බලාගෙන හිටියත් ඇති වෙන්නෙ නෑ...
    කථාව හරිම ලස්සනට ලියලා තියෙනව ගිමන්.අන්තිම මොහොත වෙනකන් කථාවෙ කුතුහලය රඳවගෙන තියෙනව...ආසාවෙන් කියෙවුවෙ :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චාම්ස්! මාත් ආස කරන අංශයක් නිසාම ලියවුණු දෙයක්.
      එක අතකට බලන කොට කෘතීම නොවන විනෝදාංශ කොච්චර නම් තියනවද නේද!

      Delete
  9. හරිම ලස්සන වෙනස් විදියක කතාවක් ගිමන් අයියේ...අපූරුයි :)


    මටත් මේ කතාවෙ ඇතුලට ගිහින් ඉන්න පුළුවන් වුණා....ඒ මටත් රෑට මොන වැඩේ තිබ්බත් අහස ලස්සනයි නම් වශී වෙලා ඒ දිහා බලාගෙන බලාගෙන කල් මරන පුරුද්දක් තියෙන නිසා වෙන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වකා නංගි!
      අහස දිහා බලාගෙන එක එක ප්‍රමාණයේ හා ආලෝකය අඩු වැඩි වෙන තරු දිහා බලාගෙන විශ්වයේ සැඟවුන රහස් කොයි තරම්ද කියල හිතල පුදුමයට පත් වීම ඒදා අද කියල වෙනසක් නෑ නේද. වෙනසකට වගේ ලියුව කතාවෙන් රස වින්දනයක් ලබපු එක ගැන සතුටුයි!

      Delete
  10. මේ කතාවනම් සුපිරි ගනයේ නිර්මාණයක්. කියවනකොට මම කතාව ඇතුලේ ජීවත් වුනා. ඒ තරමටම ඒ කතාව පැහැදිලියි, නිරවුල්, පුදුම ආසාවකින්, කුතුහලෙකින් කියෙව්වේ.

    තවත් මේවගේ සුපිරි නිර්මාණ බිහි කරන්න පුළුවන් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිතුම්! වෙනසකටත් එක්ක ලිව්ව එකක්. රසවින්දනයක් ලබා දෙන්න තරම් සාර්ථක වීම ගැන සතුටුයි.

      Delete
  11. කලින් කතා වලට වඩා ලොකු වෙනසක් යාළුව... උපරිමයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ්!
      පොඩි වෙනසක් කරන්න හිතුනා.

      Delete
  12. මෙන්න මේ වගේ කතා වලට තමා මාත් ආශ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කිරිල්ලී!
      ඒහෙනම් තවත් ලියමුකෝ :)

      Delete
  13. හරිම වෙනස් කතාවක්... (Y)

    ReplyDelete
    Replies
    1. පොඩි වෙනසක් කරල බලන්න හිතුන හිතුවක්කාරි!

      Delete
  14. අමුතුම විදියේ සංකල්පයක්... ප්‍රබන්ධය නියමායි

    ReplyDelete
    Replies
    1. තොටිය අයියත් කාලෙකින් මේ පැත්තෙ ඇවිත් තියෙන්නෙ. ස්තූතියි!

      Delete
  15. ටිකක් වෙලා කල්පනා කලාම වෙන්න බැරි දේකුත් නෙවි වගේ හිතුනා..
    කතාව නම් නියමයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ!
      මේ අපරිමිත විශ්වය ඇතුලෙ විය නොහැක්කක් නෑ.

      Delete
  16. මම අදයි මේ පැත්තේ අහම්බෙන් ආවේ.... මාත් ආසම කරන පැත්තක් තමා ඔය තාරකා විද්‍යාව පැත්ත...නියම ප්‍රබන්ධයක් යාලු..:)
    වෙන්න බැරි කමකුත් නෑ මේ වගේ දෙයක්....නියමයි..ජයෙන් ජය...!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රදී!
      ගිමන්හලට ඔයාවත් ආදරෙන් පිලිගන්නවා.
      මගෙත් කැමතිම මාතෘකාවක් තමයි. ඒකයි මේ කතාව ලියන්න හිතුවෙත්.
      ආයෙත් ගිමන්හල පැත්තෙ ඇවිත් යන්න එන්න.

      Delete
  17. කතාව ලස්සනයි.මාත් ඔය තාරකා විද්‍යාව වගේ දේවල් වලට වැඩි කැමැත්තක් තියෙනවා.ලස්සන කතාව මිත්‍රයා.මාත් අදමයි ආවේ.සුබපතනවා මේ වගේ කතා ලස්සනට ලියන්න !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ධම්මික!
      ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා ඔයාවත්!
      විවේක වෙලාවට ඇවිත් යන්න එන්න.

      Delete
  18. //"නෑ මම හරි, අඳුරෙ තමයි වැඩිමනක් රහස් හැංගිලා තියෙන්නෙ" ධනුශ්ක හිස ගස්සා හිතට සවියක් ගෙන යලි දුරදක්නයට ඇස යොමු කර ගත්තේය.//

    අඳුරෙ තිබුණ වටින හැකියවක්..!
    ඇත්තටම ආසාවෙන් කියෙව්වා.. සුබ පැතුම්.. තව තවත් නිර්මාණ කරන්නට..!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි නන්ඳු!

      Delete