Friday, August 3, 2012
නොදත් කලාව....!
"අප්පට සිරි මේ කඩියනේ! චාමර කෑ ගැසුවේය "මූට නම් ජයයි වගේ" සිතුවේ සියුම් ඊර්ශ්‍යාවක් මුසු වූ හැඟීමෙන් යුතුවය.
"නැගපන් බං බලා ඉන්නෙ නැතුව"
තිලක් චාමර සමඟ විශ්ව විද්‍යාලයේ එකම වසරේ උගත් අයෙකි. ඉගෙනීමට එතරම් දක්ෂකම් නොදැක්වූ තිලක් බොහෝ විට විභාග ගොඩ දා ගනු ලැබුවේ චාමර වැනි දක්ශ සිසුන්ගෙන් බරපතල දේශන සරලව අසා ඉගෙනීමෙනි. නමුත් කරන සෑම වැඩක්ම කඩිනමින් කිරීම පුරුද්දක් කර ගත් ඔහු ඇවිද්දේ පවා කඩිනමිනි. මේ නිසා ඔහුට කඩියා යැයි අනවර්ථ නාමයක් ලැබී තිබිණි. ක්‍රීඩා හා බාහිර ක්‍රියාකාරකම් වලට නොපැකිල සහභාගී වූවෙක් වූ ඔහු කතාවටද රුසියෙක් විය. ඕනෑම අයෙකුට නෑ බෑ නොකියා උපකාර කිරීමට පෙළඹෙන්නෙක් බැවින් ඔහු විශ්ව විද්‍යාලයේ කාගෙත් සිත් ගත්තෙක් විය.
"උඹ මේ කොහෙ යන ගමන්ද?"
"ඒක නම් එහෙම තමයි බං, ඒත් හැමතැනම එහෙම නැහැ" යැයි කියමින් තිලක් අවන්හලක් අසල කාරය නැවතීය.
"යමු මට නම් හොඳටම තිබහයි"
"මොනවද කන්නේ?" තිලක් විමසුවේ වේටර් කෙනෙකුට අතින් සංඥා කරමිනි.
"කන්න බෑ, මට නම් මොනව හරි බොන්න තිබ්බා නම් ඇති"
"අපිට ෆලූඩා දෙකක් ගේන්න" තිලක් ලඟට පැමිනි වේටර්ට පැවසීය.
"උඹට නම් ජොබ් එකක් සෙට් වෙලා වගේ" චාමර ඇසුවේ සිය කුතුහලය නිසාමය.
"අහ් ඔව් මචන් දැන් අවුරුදු එක හමාරක් විතර වෙනව"
"එච්චර ඉක්මනට උඹ කොහොමද ජොබ් එකක් සෙට් කර ගත්තෙ? අදුරන තැනක්ද? චාමරගේ කුතුහලය තවත් උත්සන්න විය.
"නෑ බං ඉන්ටෙර්විව් එකකින් තමා තෝර ගත්තෙ. බාගයක් රජයේ බාගයක් ප්‍රයිවට් තැනක්. වැඩ නම් ටිකක් වැඩියි. දැන්නම් පුරුදු හින්ද අවුලක් නෑ.
චාමරට තිලක්ගේ කතාව ගැන විශ්වාසයක් නොවීය." යන්තම් ෆයිනල් පාස් කරගෙන කොහොමද පන්දමක් නැතුව ඉන්ටව් පාස් වෙන්නෙ! මූ මටත් කොලේ වහනව"
"ඒක නෙවෙයි උඹට තාම ජොබ් එකක් නෑ කිව්වහම පුදුමයිනෙ. මම නම් හිතුවෙ උඹ මෙලහකට ජොබ් එකක් හොයාගේන ඊ ලඟ උපාධියට ලෑස්ති වෙනව ඇති කියල, උඹ කොහොමත් දක්ශයනෙ"
වේටර් විසින් ගෙන ආ ෆ්ලූඩා පානය කරන අතර තිලක් මඳ කල්පනාවකට වැටින. චාමර පලමු වසරේ සිට ඔහුගේ සමීප මිතුරෙකි. ඉගෙනීමට දක්ශයෙක් වුවද බාහිර ලෝකය සමඟ ගැටීමේ අඩුවක් තිලක් ඒ දිනවල සිටම දුටුවේය. චාමර සෑම විටම සිතුවේ ජීවිතය ජය ගැනීමට අධ්‍යාපනය පමණක්ම සෑහෙන බවකි. නමුත් බාහිර ලෝකයේ ප්‍රයෝගිකත්වය හා සන්නිවේදන කුසලතාද යමක් ජය ගැනීමේ දක්ශතාවයද කෙතරම් ප්‍රබල දැයි තිලක් දැන ඇදින ගෙන තිබුනේ අත්දැකීමෙනි. ඔහුට සිය මිතුරා පිලිබඳ අනුකම්පා සිතුනි.
"මචං චාමර, මම ඉතිං උඹ තරම් බ්‍රයිටෙක් නොවුන බව ඇත්ත ඒත් ඉන්ටවිව් එකක් ගොඩ යන එකත් එක්තරා විදිහක කලාවක්"
චාමර සමච්චල් හිනාවක් මුවඟට නගාගෙන "එහෙනම් උඹ එහෙම කලාවකුත් ඉගෙන ගෙන වගේ, හරි හරි කියපන්කෝ බලන්න උඹේ ඔය කලාව"
චාමරගේ උඬඟු සහගත පිලිතුරු ගැන තිලක්ට අමනාපයක් ඇති නොවූයේ චාමරගේ මානසිකත්වය ඔහු වටහාගේන් සිටි බැවිනි.
ඊලඟට පොඩ්ඩක් ඉංග්‍රීසි හදා ගන්න ඕන. උඹ දන්නවනේ මට උඹට තරම් වත් ඉංග්‍රීසි වචනයක් කතා කර ගන්න බෑ කියල ඒ කාලෙ. මම කැම්ප්ස් අවුට් වුන ගමන් කලේ ඉංග්‍රීසි ටිකක් හදා ගන්න එක. හැබැයි ඔය තැන් තැන් වල පංති ගියෙ නම් නෑ. තනියම පොඩ්ඩක් පුරුදු වුනා. මහලොකු දේවල් නෙවේ, එදිනෙදා වැඩ වලට ඕන වෙන දේවල්, සමාන්‍ය ඉන්ටවිව් එකක කතා වෙන දේවල්, වෙලාවෙ හැටියට සුබපතන්න, තමන්ගේ බලාපොරොත්තු කෙටියෙන් විස්තර කරන්න, අධ්‍යාපන සුදුසුකම් ටිකක් විස්තර කරන්න, ඔන්න ඔය වගේ දේවල්.
ඉන්ටවිව් එකේදි අහයි කියල හිතන දේවල් ටිකක් ලැයිස්තු කරගෙන අපෙ පැත්තෙ තරමක් ඉංග්‍රීසි දන්න කියන කෙනෙක් අල්ලගෙන අහගෙන පොතක ලියා ගත්ත. ඊට පස්සෙ ඉන්ටෙර්ව් එකට ගියා කියල හිතා ගෙන පුටු ටිකක් ඉස්සරහින් තියල හිතින් මවා ගෙන කතා කලා. දවස් තුනක් හතරක් කරද්දි නිකම්ම කටට හුරු වුනා.
අපි නොහිතුවට ඉන්ටවිව් කරන්න එන අය ඕව හරියට බලනවා. දාස් ගනන් වල ඇඳුම් ඕන නෑ අදින ඇඳුම පිලිවෙලට අඳින්න. එක ඉරක් නැති වෙන්න මැදල ගානට නැවුම් පාරවල් තිබ්බානම් පරන ඇඳුමක් වුනත් පිලිවෙලයිනෙ. අනෙක චාම් පාටක් තෝර ගන්න ඕන අනවශ්‍යය මෝස්තර නැතුව. සපත්තු දිලිසෙන්න පොලිශ් කරල තියා ගන්න ඕන.
මම ඉන්ටෙර්විව් ගිය දවසෙ ඔරලෝසුව මල්ලිගෙන්, සපත්තු දෙකයි බෙල්ට් එකයි අල්ලපු ගෙද එකාගෙන්. කොහොම හරි වැඩේ හරියට කර ගත්ත ඒකනෙ වටින්නෙ බං.
ඔන්න ඉන්ටවිව් එකට පැය බාගයක්වත් කලින් යන්න බලන්න. වෙලාවට වැඩ කරන එක ඕන කෙනෙක් අගය කරනවනේ
අදාල කාමරේට යන්න කලින් හොඳ හුස්මක් අරගෙන මූනට විනීත හිනාවක් අරගෙන තමයි ඇතුලට යන්න ඕන, වහපු දොරක් නම් පොඩි තට්ටුවක් දාල එහෙම. උඹ දන්නවනෙ ඔය පොඩි පොඩි මැනර්ස්.
ඊට පස්සෙ ඉඳගෙන කතා කරද්දි වුනත් ලාවට විනීත හිනාවක් තියාගෙන ප්‍රසන්න විදිහට කතා කරන්න. හොඳට මතක තියා ගන්න කෙලින් බලල හොඳට ඇහෙන්න කතා කරන්න. පෞර්ශය මනින තවත් හොඳම ක්‍රමයක් තමා කට හඬ. හොඳ පුහුණුවක් වටිනවා කියල තේරෙන්නෙ ඔන්න ඔය වගේ වෙලාවට තමයි. එතකොට දාඩිය පෙරන්නෙ නැතිව සැහැල්ලුවෙන් කතා කල හැකි.
ඉන්ටෙර්විව් වල පන්දම් වලට තැනක් තියන බව ඇත්ත ඒත් ඔතන ටිකක් මොලයකුත් තියන වුන් ගොඩක් වෙලාවට ඉන්නවා. ඉතිං එහෙම කෙනෙක්ට මූව නොගෙන ඉන්න එක අපරාධයක් කියල හිතුනොත් පන්දම් නැතත් ඉන්ටෙර්විව් එක පාස් වෙන්න පුලුවන්!"
දීර්ඝ දේශනය අසා සිටි චාමරට හැබෑවටම එය කලාවක් නොවේදැයි සිතින.
Subscribe to:
Post Comments (Atom)
මේක ගොඩක් අයට විධි කිපයකින්ම වැදගත් වෙනවා සහෝ..
ReplyDelete1)ඉන්ටවිව් යන අයට වටිනවා.
2)මොනා උනත් කාටවත් ඉරිසියා කරන්න හොඳ නැහැ.අවසානේ අපිටම ඔවුන් උපකාර කරන අවස්ථා තියනවා.
ඔබේ පෝස්ටුව සාර්ථකයි!
ජය!
ස්තූතියි හිරු!
Deleteඅධ්‍යාපන ක්රමයේ වැරැද්දකට හෝ සමාජ ආකල්ප වල වැරැද්දක් නිසා ගොඩක් අය හිතන්නෙ පොත් වල දැනුම, විභාග ඉහලින් සමත් වීම, උපාධියක් තිබීම රැකියාවක් ලබා ගන්න ප්‍රමාණවත් කියල. ඒ සිතුවිල්ලෙන් සම්මුඛ පරීක්ෂණ වලට ගිහින් අසමත් වුනහම කොයි තරම් හිත් තැව්ලට පත් වෙනවද, අධෛර්යමත් වෙනවද! අපරාදෙ තමන් අමාරුවෙන් ඉගෙනගත් දේටත් සාප කරනව.
ඒත රැකියාවකට වඩාත් අවශ්‍ය ප්‍රායෝගික දැනුම, සන්නිවේදන කුසලතා, භාශා දැනුම, පෞර්ෂත්වය, දරා ගැනීමේ හැකියාව. ඉතිං සම්මුඛ පරික්ශනයකදි මනින්නෙ ඒ දේවල්. මේදේ නොදන්න අය දැනගෙන දැනගෙනත් නොදන්නවා වගේ කම්මැලි කමට ඉන්න අය තමන්ගෙ ආකල්ප වෙනස් කරගෙන ජීවිතේ සාර්ථකත්වයට දොර විවර කර ගනීවි කියන එක තමා බලාපොරොත්තුව.
ගොඩක් වැදගත් ලිපියක් යාළුවා..
ReplyDeleteස්තූතියි දිනේශ්!
Deleteඔක්කොම කරුණු එකක් නෑරම හිතට දැනෙන්න, ලස්සනට ලියලා තියෙනවා.
ReplyDeleteජයවේවා!
ස්තූතියි නංගා!
Deleteපැහැදිළිවම වටිනව මචෝ ඈ..............
ReplyDeleteස්තූතියි දිනෙල්ක!
Deleteකතාවෙන් කතාවෙන් කියන්න ඕනේ ටික උපරිමට කියලා තියෙනවා :)
ReplyDeleteස්තූතියි හසිත!
Deleteහොඳ ලිපියක්! සති කීපයකට කලින් අහන්න පුලුවන් ටිකක් විකාර ප්‍රශ්න වගයකුත් මං පෝස්ට් එකක් විදිහට දැම්ම!
ReplyDeleteස්තූතියි සබිත!
Deleteමටත් මතකයි එහෙම ලිපියක්. ලින්ක් එක හොයල දාන්න ඕනෙ.
මේක නම් ගිමන් වටිනා අත්පොතක් . හොඳ තෑග්ගක් අපි කාටත්. මේ මිනිහෙකුට එක වේලක් බඩගිනි නිවාගන්න දීපු මාලුවෙක් නෙවෙයි. ජීවිතකාලෙට බඩගිනි නිවාගන්න මාලුවෙක් අල්ලගන්න හැටි කියා දීමක්.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
ගොඩක් ස්තුතියි Dude!
Deleteගොඩක් කාලෙකට කලින් උසස් පෙලට ඉගෙන ගන්න කාලේ භෞතික විද්‍යා ගුරුතුමා දුන්න වටිනා උපදේශයක් තමා මතක් කරල දුන්නෙ.
වැදගත් කරැණු ලස්සනට සරලව කියලා තියෙනවා කියවන්න හිත ඇදිලා යන විදියට :)
ReplyDeleteස්තූතියි මදාරා!
Deleteගිමන් අනර්ඝ ලිපියක් .කතාවෙන් කතාවෙන් කියන්න ඕනේ දේ නියමෙට ලියලා .මාත් නිතරම හිතන දෙයක් ගොඩක් ෆ්‍රෙශ් ග්‍රැජුවෙට්ස්ලා අතර ඔය තියෙන ප්‍රයිවට් සෙක්ටර් එකට ජොයින් වෙන්න පන්දම අල්ලන කනෙක්ශන්, තියෙන්න ඕනේ කියන ෆ්රස්ට්රෙටින්ග් කතාව .ඇත්තම කිව්වොත් ඒ තැන් වල බලන්නේ වැඩ ලෝකෙදී මුසු තව අය එක්ක මුහු වෙලා වැඩ කරන්න පුලුවන් විදිය .නමුත් හොඳ රෙකමන්ඩේශන් එකක් වැදගත් . සමහර ආයතන රස්සාව දෙන්න කලින් වෙනම දිග ෆෝර්ම එකක් යවලා රෙෆ්රිලගෙන් රෙකමෙන්ඩේශන් ගන්නවා ඒ පුද්ගලය ගැන .
ReplyDeleteතව දෙයක් මම කියන්න කැමතියි .ෆ්‍රෙෂ් ග්‍රැජුවෙට්ස්ලා ටිකක් "කට්ට" කන්න අකමැතියි ,එහෙම අයට මුල්ම එක්පීරියන්ස් අඩු නිසා අධ්‍යාපන සුදුසුකම් , අපර්ස් තිබුණත් මුලින් ලැබෙන්නේ ඇසිස්ටන්ට් පෝස්ට් , ජුනියර් පෝස්ට් ට්‍රේනි පෝස්ට් අවුරුද්දක් දෙකක් ,ගොඩක් කම්පැනි මේ කාලේ එයාලා ඔබ්සවු කරනවා ආයතනයට සුදුසු අයද නැද්ද කියලා .ඒ ප්‍රවිවට් සෙක්ටර් එකේ හැටි .ඔය කට්ට අවුරුදු 2 මහන්සිවෙලා වැඩ කරලා පැන්නුවොත් ඉන් එහාට සාමානය වචන වලින් කීවොත් ගේමක් නෑ . ඒ වගෙම ප්‍රයිවට් සෙක්ටර් එකේ සෙල්ෆ් සර්විස් නෙ .පොටෝකොපි ගහන්න , ලියුම් ලියන්න , ටයිප් කරන්න , රිපෝර්ට් ලියන්න අමුතුවෙන් වෙනම අතට පයට සේවකයො නෑ , ඉතින් ගොඩක් වැඩ කරන්න වෙනවා .නමුත් ෆ්‍රෙශ් ග්රජුවෙට්ස්ලා අකමැතිත් ඔයදේවලට .නම ගිය ආයතනයක දෙවසරක කට්ටකින් පසුව තව හොඳ තැනක සැප පහසුකම් තියෙන තනතුරකට යන එක අමාරු නෑ . ඒත් උපාධියම විතරක් නෙවේ ලෝකේ එක්ක ගණු දෙනු කරන කොමන් සෙන්ස් එහෙමත් ඕනේ .අන්තිමට කැමතියි කාලෙකට කලින් අපේ ඉන්ටර්න්ශිප් ප්‍රොග්‍රැම් එකකට ඇවිත් ලංකාවෙ හිටිය විද්වතෙක් කිව්ව කතාවක්මතක් කරන්න .මෙන්න මෙහෙම
"දැන් ඔය ලමයි ඊයේ පෙරේදා කැම්පස් එකේ වතුර ටැංකියක් උඩ නැගිලා සෙනෙට් එකෙන් දුන්නු තීරණේකට විරෝධය පාලා කීප දෙනෙක් වස බොනවා කියලත් තර්ජනේ කරානේ . හිතමු තව අවුරුද්දකින් පුද්ගලික අංසේ රස්සාවට ගිහින් ඩිරෙක්ටර් බෝර්ඩ් එක දෙන තීරණෙකටත් ඔහොම කරන්නද කල්පනාව කියලා ? "
ඕක තමයි ලොකේ එක්ක ජීවත්වෙන කොමන් සෙන්ස් .ලොක්කට වුනත් චැලෙන්ජ් එක දෙන්න logical විදියක් තීනවා .ඒක දතයුතුමයි :)
අහ් TG කාලෙකින් ඇවිත් ගොඩක් වටිනා අදහස් ගොන්නක් කියල තියෙන්නෙ!
Deleteඇත්තටම මට ලියන්න බැරි වුන වැදගත් කරුණක් TG කියල තියෙන්නෙ. උපාධිය ගත්ත ගමන් ඒ එන උජාරුවට පොඩි පඩියට වැඩ කරන්න පොඩි අකමැත්තක් එනවා. ඒත් රාජකාරි සුදුසුකම් ගන්න නම් පඩි නැතුවම හරි කාලයක් වැඩ කලත් පාඩුවක් නැහැ. මොකද TG කිව්ව වගේ ඒ කෙටි කාලීන කට්ට නොකෑවොත් කීයටවත් ඉකමණින් හොඳ ජොබ් එකක් අල්ල ගන්න බැරි වෙනව.
ස්තූතියි TG!
අත්දැකීම් වලින් කීවේ ගිමන් .මෙතැන්ට ගිහින් බලන්න හිනාත් යාවි .
Deletehttp://www.ahasgawwa-tmg.blogspot.com/2011/12/blog-post.html
නියමයි TG! TG ගෙ ලිවීමේ හැකියාව ගැන පුදුම හිතුනා!
Deleteගොඩක් කාලෙකින් මෙච්චර ආසාවෙන් පෝස්ට් එකක් කියෙව්වෙ.
ඒ එක්කම campus ජීවිතේ ආයෙත් හිතින් වින්දා!
පාඩම් කරන්න වෙලාව නෑ වැඩ වැඩියි කියල චෝදනා කරන අයට හොඳ පාඩමක් TG ගෙ ලිපිය!
ගිමන්, ඔහොම හෙන ෆෝවර්ඩ් බුවෙක් ඉන්නවා මම දන්න. රස්සාවල් මාරු කරන්නෙ ඇඳුම් මාරු කරනවා වගෙ. බුවා මගෙ යාලුවෙක් වගේම ටියුෂන් ගෝලයෙක් ඉස්සර. මේකා ගැන මම බ්ලොග් එකක් ලියන්න හිතාගෙන හිටියෙ තියෙන ධන ලක්ෂන ගැන. නමුත් මේ පාර මම හදිසියෙ ලංකාවට ගිහින් එන්න ගිය වෙලාවෙ දැන ගත්තා ඔක්කොම කනපිට ගහලා කියලා.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
ෂුවර් එකටම ෆෝවර්ඩ් ගතිය වැඩි වෙලා වැරදි පාරක යන්න ඇති මනුස්සයා!
Deleteහරියට හරි. ඒක තමයි වෙලා තියෙන්නෙ.
Deletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
ගොඩාක් වැදගත් පොස්ට් එකක්. කොච්චර සුදුසුකම් තිබුනාත් ඉන්ටවිව් ෆේල් වෙන අය ගොඩාක් ඉන්නවා මෙන්න මේ සුදුසු කම් නැති නිසා.
ReplyDeleteස්තූතියි අසර්!
Deleteනියමම
ReplyDeleteය
ම
යි..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
:) ස්තූතියි රජතුමනි!
Deleteඉන්ටර්විව් යන අයට වැදගත් ලිපියක් ...
ReplyDeleteස්තූතියි රොබින්!
Deleteකතන්දරයක් කියල හිතාගෙන කියවන්න පටන් ගත්තෙ. පුංචි පාඩමක්නෙ. :D
ReplyDeleteපෞද්ගලික අංශයෙ රැකියාව කරන අය හුඟක්විට කියනවා විශ්වවිද්‍යාලෙ ගිහින් ආව උපාධිධාරීනුත් වෙනත් බාහිර සුදුසුකම් මත ආව අයත් වෙන් කරලා අඳුන ගන්න පුළුවන් කියලා හැසිරීමෙන් සහ ආකල්පවලින්. විශ්වවිද්‍යාලය මොකක්ද කියලත් හුඟක්විට කියන්න පුළුවන් ගතිගුණවලින්. නමුත් කරන්න ඉන්න රැකියාවට ඒ දේවල්ම නුසුදුසුකම් වෙන්න ඉඩ ඇති බව සමහරවිට අපි කල්පනා නොකරනවා වෙන්න පුළුවන්. ඉගෙනුමට දෙන අවධානය අනෙක් දේවලටත් තියෙන්න ඕන නේද?
ඒක ඇත්ත නලිනි!
Deleteඋපාධිධාරියෝ කියල ඔලුව උදුම්මවා ගත්තොත් නම් දියුණු වෙන්න අමාරුයි. මොකද දැනුමෙන් සම්පූර්ණයි කියල හිතා ගත්තහම අලුත් දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරන්න නැහැනෙ. තමාගෙ මතයම හරිය කියල හිතන එකෙන් සාමුහිකව රැකියාවට අදාල කටයුතු කිරීම අපහසු වෙනවා.
ස්තූතියි අදහසට නලිනි!
ස්තුතියි ගිම්..වැදගත් දේවල් ටිකක් අපූරුවට කියලා දුන්නට..
ReplyDeleteඔය නොදත් කලාවේ මූලික රහස ආකල්පයයි..නිවැරදි ආකල්පය තියේ නම් මේ කලාව ප්‍රගුණ කරන්න අමාරු නෑ..
ඒක ඇත්ත රූ හොඳ ධනාත්මක ආකල්ප තිබීමයි වැදගත්!
Deleteස්තූතියි!
හොද විස්තරයක්.... කාටත් වැදගත් වේවි...
ReplyDeleteස්තූතියි සිරා!
Deleteඑක හුස්මට කියවන් ආව..නියම ලිපියක්.
ReplyDeleteස්තූතියි කිරිල්ලී!
Deleteවැදගත් ලිපියක් ...ස්තුතියි
ReplyDeleteස්තූතියි දෙව්දූ!
Deleteවටින ලිපියක් ගිමන් අයියේ....අර්ථවත්...
ReplyDeleteස්තූතියි නංගා!
Deleteඔන්න මාත් ආව මේ පැත්තට :)
ReplyDeleteලස්සන කතාවක් එක්ක හැමෝටම වැදගත් වෙන විස්තරයකුත් තියෙන ඉතාමත්ම සාර්ථක ලිපියක්....දිගටම ලියන්න සුභපැතුම්!
ස්තූතියි චාම්ස්! ගිමන්හලට ආදරෙන් පිළිගන්නවා! ආයෙත් ඇවිත් යන්න එන්න.
Deleteකතාව සහතික ඇත්ත..මනුස්සයෙක් මනින්නේ එයාගේ ආකල්ප වලින්...තව කෙනෙකුව පාගාගෙන , හරියනකොට ලගින් හිටපු අයව ඈත් කරන සමාජයක මේ වගේ යාළුවො වාසනාවක්...
ReplyDeleteඒක ඇත්ත නංගී, ස්තූතියි ඔයාටත්!
Delete