Tuesday, July 24, 2012

මිතුරේ......


"උඹට විකාරද සහන්? උඹ මොනවා කියනවද කියල මට හිතා ගන්න බෑ! අනික මම කොහොමද උඹ කියන දේ කරන්නෙ? මම හැමදාමත් ජීවනීව දැක්කෙ මගෙම සහෝදරියක් විදිහට. බෑ මචං උඹ වෙන ඕනෙ දෙයක් ඉල්ලපං ඔය දේ මට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි"

සහන්ට සජීව ගෙන් ලැබුනේ බලපොරොත්තු වූ පිලිතුරමය. මිතුරාට පිටුපා සුසුමක් හෙලූ සහන්

"මම දන්නවා මචං. එත් උඹ දන්නවා මට මේ උදවුව්ව ඉල්ලන්න වෙන කෙනෙක් නැති බව"

උපතින් උරුම වුන අම්ම තාත්ත අයිය අක්කා ඇරුනහම මට වටිනා දේකට කියල ලැබිල තියෙන්නෙ ජීවනීගෙ ආදරෙයි උඹේ යාලුකමයි විතරයි!
මම මේක ගොඩක් හිතල ගත්ත තීරණයක් සජීව, උඹත් ඉස්සරහමනෙ ඩොක්ටර් විස්තරේ කිව්වෙ. මට තියෙන්නෙ මාස තුනයි. ලෝකෙ තියන හොඳම ප්‍රතිකාර ගත්තත් අවුරුද්දක් දෙකක් ඉඳී! මට එහෙමෙ වෙන්න ඕනෙ නෑ"

සජීවට පිටුපා සිටි සහන් යලි මිතුරා දෙසට හැරුනි,

"හය හතර නොතේරෙන එවුන් කාලෙ ඉදන් උඹ මම ගැන දන්නව, හ්ම්ම් අවුරුදු 20ක යාලු කමක්! උඹට මාව තේරුම් ගන්න බැරි වෙන්න බැහැ."

"උඹ දන්නව මම වෙනස් උනේ ජීවනී නිසා. කොලුකාර ජීවිතේට තිත තියලා බලාපොරොත්තුවක් වෙනුවෙන් දවල් රෑ නැතුව වැඩ කරනකොට කවදාවත් මට මහන්සියක් දැනුනෙ නෑ, මටම පුදුම හිතුනා තව කෙනෙකු වෙනුවෙන් ජීවත් වෙන කොට මහන්සි වෙනකොට අමුතු සතුටක් දැනෙන එක ගැන!'

"පුංචි කාලෙ ඉදන් අම්ම තාත්ත නැතුව, දාහක් වෙනස් කම් මැද කඳුලු වහ ගෙන හිනා වෙන්න පුරුදු වෙච්ච අහිංසක කෙල්ලෙකුට ජීවිතේ ලස්සන පෙන්නන්න මගෙ තිබ්බ අසාව මුලින්ම කිව්වෙ උඹට! කිසිම දේකින් අඩු පාඩුවක් නැති තමන්ගෙම ගෙදරක ඇනුම් බැනුම් වෙනුවට ආදරේ විතරක් පිරිච්ච ගෙදරක ජීවත් වෙන ජීවනීගෙ මූනේ ඇදෙන හිනාව දකින්න තිබ්බ ආසාව එදා මම උඹට කිව්ව"

"ඇයි උඹ මට ඕව කියන්නෙ? උඹ හිතන්නෙ මට මතක නෑ කියලද!
ජීවනීගේ ජීවිත කතාව අහගෙන ඉදල ආපු දවසෙ මම දැක්කෙ වෙනද හිටිය සහන් නෙවෙයි! බලා ගත්තු අත පැයක් විතර බලා ඉඳල අන්තිමට උඹ මන් දිහා බලල කිව්වෙ
"එයා දැනටම විඳවල තියෙනව හොඳටම වැඩියි කියල".

එදා ඉදන් උඹේ වුන වෙනස හැමෝටම ප්‍රශ්නයක් උනා, උඹ ටිකෙන් ටික පොත් ගුල්ලෙක් වගේ උනා, උඹ කෑමක් බීමක් හරි හමන් නින්දක් නැතුව ඉගෙන ගන්න මහන්සි වෙනව දකින කොට වෙලාවකට හිතුන උඹට පිස්සු හැදේවිද කියල. ඒත් මට තේරුනා උඹේ හිතේ තිබ්බ ලොකු බලාපොරොත්තුවක් උඹව ජීවත් කරවනව කියල. අන්තිමට උඹ දිනුවා, උඹ වයසට නොගැලපෙන වේගයෙන් ඉහලටම ගියා.

සහන්ගේ ඇස් කාන්තියෙන් දිලිසෙමින් තිබින.
"ඔව් මම දිනුවා, මගේ හිතේ තිබ්බෙ ලොකු හීනයක්! ජීවනී විඳවපු හැම තප්පරේකටම හිලවු වෙන්න සැප සතුට පිරිච්ච ලෝකෙක එයා ලඟින්, එයාගේ ආදරේ විඳ ගෙන මැරෙනකන්ම දවසින් දවස ගෙවන හැටි මම දහස් වාරයක් හිතෙන් දකින්න ඇති! හීනේ හැබෑ වෙන්න මොහොතක් තියෙද්දි දෛවය හරස් වුනා.

සහන් සජීවගේ දෑත් තදින් අල්ල ගත්තේය,
"මට මැරෙන්න බයක් නෑ. ඒත් මගේ හීනේ මැරෙන්න දෙන්න බෑ. ඒ හීනේ හැබෑ කරන්න පුලුවන් උඹට විතරයි!

සහන්ගේ දෙඇස් දෙස බලා සිටි සජීවට ඔහුගේ බලපොරොත්තුව හැබෑවක් බව වැටහින, මෙතෙක් කල් ඔහු ජීවත් වූවේද තමාගේ සතුට ජීවනීගේ සතුට කර ගනිමිනි, දෛවයේ සරදමකටදෝ අවාසනාවන්ත රෝගයකට ගොදුරු වූ ඔහු දැන් අයදින්නේ සිය එකම  බලාපොරොත්තුව  සිය ලඟම මිතුරා ලඟ සුරක්ෂිත කර සැහැල්ලුවෙන් මිය යාමේ වරමයි!

"මට මුකුත් හිතා ගන්න බෑ බන්, මට උඹව තේරෙනව. හොඳයි මම ජීවනීව බලා ගන්නම්! ඒත් ඒ හැමදෙයක්ම වෙන්නේ එයාගේ කැමැත්ත එයාගෙ තීරණ අනුව තමා"

සහන් මුහුනේ සහනදායී සිනහවක් මතුවිය!
"එයා මේ ගැන දන්නවා, මම එයාගෙන් පොරොන්දුවක් ගත්තා" "එයාට ටිකක් කල් දෙන්න විතරයි ඕනෙ, උඹ වගේම එයත් මගේ සතුට මොකක්ද කියන එක දන්නවා"

දිගු සුසුමක් හෙලා සැහැල්ලු වූ සහන්
"මචං... මගේ ඒ අහිංසක හීනේ උඹේ ඇස්දෙක වගේ බලා ගනින්!"
කන්දුලු අතරින් පවසමින් සජීවව වැලඳ ගත්තේය,
"ජාති ජාතිත් උඹ මගේම සහෝදරයෙක් වෙලා ඉපදෙන්න ඕනෙ"

"හ්ම්ම් මට දැන් හිතේ සැහැල්ලුවෙන් යන්න හදපු ගමන ගිය හැකි, ඉන්දියාවෙ විශේෂඥ වෛද‍යවරු කණ්ඩායමක් මගේ ලෙඩේට අලුත් ප්‍රතිකාරයක් හොයා ගෙන තියනවලු. එකෙ අත්හදා බැලීමකට මම කැමැත්තෙන් ඉදිරිපත් උනා"

"අහ් ඒක හොඳයි මචං උඹ ඔච්චර හිතුවට මට නම් හිතෙන්නෙ උඹට ඔය වගේ ට්‍රීට්මන්ට් එකකින් උදවු ගන්න පුලුවන් වෙයි!"

 "අපි බලමුකෝ මචන්"

එදින හමුවෙන් පසු දෙමිතුරන් නැවත හමු වූවේ නැත.
සහන් ඉන්දියාවට පිටත් වී තුන් මසකින් සජීව ඇතුලු සහන්ගේ හිතවතුනට දැන ගන්නට ලැබුනේ සහන් මිය ගොස් මසක් පමන වන බවත්, නීත්‍යාණුකූල නොවන පරීක්ෂනයකට සහභාගී වෙමින් සිටි නිසා සිරුර රහසිගතවම අවසන් කටයුතු සිදු කිරීමට සහන් ගිවිසුමකට කැමැත්ත පල කර සිටි බවය

---------------------------------

වසරකට පසු....

ශාන්තී ඉන්දියාවේ උතුරේ කොනක පිහිටි පෞද්ගලික රෝහලක හෙදියකි. මාස දෙකක් පුරාවට ඇයට පැවරී තිබූ රාජකාරිය වූවේ යන්ත්‍ර කිහිපයක සහයෙන් ජීවය රැඳවාගෙන සිටි 27 හැවිරිදි කෝටිපති ශ්‍රී ලාංකික තරුණයෙකු රැක බලා ගැනීමය.

මුලුමණින්ම අප්‍රාණික සිරුරෙන්ම ඔහුගේ අණසක ඉතිරිව තිබුනේ දෙඇසේ පමණි. යන්ත්‍ර වල සහය ඉවත් කල පමණින් ප්‍රාණය නිරුද්ධ වනමුත් එයට අවසර දිය හැක්කේ පවුලේ අයෙකුට පමණි. නිතර දෙවෙලේ ඔහු බැලීමට පැමිණෙන ඔහුගේ සොහොයුරා ඒ සඳහා අවසර නොදෙයි.

සැමදා තරුණයාගේ වැහැරී ගිය සිරුර පිරිසිදු කරන ශාන්තිට තරුණයා ගැන ඇත්තේ මහත් කුතුහලයකි. ඔහුගේ දෙඇස තුල ඇත්තේ කාන්තිමත් බලාපොරොත්තුවකි. ජීවිතය සතුට යන දේවල් බින්දුවටම ගිලිහී ගිය අයෙකුට තවදුරටත් බලාපොරොත්තුවක් ඉතිරිව තිබිය හැකිදැයි ශාන්ති විටෙක කල්පනා කලාය.

මිහිඳුමින් පිරුනු එක් උදෑසනක රෝගී තරුණයගේ සොහොයුරා කඩිමුඩියේ කාමරය වෙත පැමිණෙනු ශාන්ති දුටුවාය. තරුණයා ගැන ඇති කුතුහලය නිසාම කාමරයේ සිදු වන දෙය ඇය විමසිල්ලෙන් බලා සිටියාය. තරුණයාගේ සොහොයුරා අත කවරයක් විය. ඒ තුලින් ගත් යමක් ඔහු තරුණයාගේ දෙඇස් ඉදිරියෙන් අල්ලාගෙන සිටියේය. ඒ සමගම වෙනදා නොමැති සතුටකින් හා සැහැල්ලුවකින් තරුණයාගේ ඇස් පිරී ගියේ යැයි ශානිතිට සිතිණි.

ඉන් පසු සොහොයුරා තරුණයාව වැළඳ ගෙන වැලපෙන්නට විය, මඳ වේලාවක් එසේ සිට සොහොයුරා කාමරයෙන් පිටව ප්‍රධාන වෛද‍යවරයා සිටි කුටිය වෙත පිය නැගුවේ ඔහු අත තුබූ කවරය රෝහලේ තිබූ කසල බදුනකට අත හරිමිනි.

මද වේලාවකින් වෛද්‍යවරු කීපයක් පැමිණ තරුණයාගේ සහයට තිබූ යන්ත්‍ර සියල්ල ඔහුගෙන් ඉවත් කලෝය.
ඔවුන් පිටත් වූ පසු ශාන්තිගේ මිතුරු හේදියක් පැමිනියේ එම යන්ත්‍ර කාමරයෙන් ඉවත් කිරීමටය.

"යන්තම් අද නම් අවසරේ දීල, අනේ අප්පේ මාස ගානක් මොන තරම් නම් දුකක් වින්දද මේ මනුස්සයා! මොන එහෙකට මේ තරම් කල් බලා හිටියද මන්ද"
යැයි පවසමින් ඇය යන්ත්‍රයක් ගෙන කාමරයෙන් ඉවත් විය.

ශාන්ති හොරෙන්ම අසල තිබූ කසල බඳුනින් තරුණයාගේ සොහොයුරා විසි කල කවරය ඇහිඳ ගත්තේය.

කවරය තුල වූයේ ශ්‍රී ලාංකික ක්‍රමයට මගුල් ඇඳුමින් සැරසී සිටි තරුණ යුවලකගේ ඡායා රූපයකි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

( පහු ගිය දින වල පොඩි කැමැත්තක් ඇති වුන ගීතයක පද කීපයක් නිසා නිකමට ලියන්නට හිතුනු කතාවක් )

තරු වෙරළේ සඳවත සේ
සිත් අහසේ ඔබ පායා උන්නා
හිනැහෙමු ඒ පුරහඳ සේ
මගෙ මිතුරේ නෙත් කඳුලු පිසදා


මල් පිපිලා ඇසි මානේ නෙක පැහැයෙන් පුරවා
හිතට දැනුණා හිත් පතුලට මල් සුවඳක එබුනා
හොරෙන් ඇවිදින් පිනි කඳුලක් සිත් සායම් තිබ්බා
සුවඳ විතරයි අතැඟිල්ලට හිමි නැතිදෝ මන්දා


මගෙ ලඟ ඉඳන් ලොකු ඇස් පියන්
වස්සාවී හිත් යායේ වරුසා
මිතුරේ මගෙ නිල්මල් හීනේ
සුරකීවා ඔය දෑස වගේ....

පදවැල් ගොතා ඇත්තේ - ප්‍රියාල් වීරසිංහ

ගීතය යූ ටියුබය මගින් ඇසීමට - http://www.youtube.com/watch?v=kZXWsFN8LOU

MP3 ලෙස භාගත කරගැනීමට - 3.3Mb
                                             

42 comments:

  1. ආදරෙ කියනදේ මිනිස්සුන්ව නොයන කෙලවරවල් වලට තල්ලු කරන හැටි නම් පුදුමාකාරයි වෙලාවකට!

    ReplyDelete
    Replies
    1. නියම ආදරය අදුන ගත්ත කෙනෙක්ට ඒ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ කියන එක බොරුවක් වෙන්න බෑ නේද.

      Delete
  2. හරිම ලස්සනයි...ලස්සන අවසානයක්..එ අවසානයට මම කැමතියි...
    මේ වගේම කතාවක් මම කියවලා තියෙනවා..එත් මීට වඩා ටිකක් විතර වෙනස්...

    යාලුවෙක් විදියට හරි අමාරු කැපකිරිමක් වුනත් ආදරය කියන්නේ පරිත්‍යාගයක්..

    ReplyDelete
    Replies
    1. ආදරයයි මිත්‍රත්වයයි කියන්න මේලෝකෙ තියන හරි අපූරු සම්බන්දකම් දෙකක් නේද. ඔය දෙක නැත්නම් අපි කොයි තරම් අසරණවෙයිද!

      Delete
  3. නියමයි .....මාරම ලස්සනයි...නිම්ශගෙ කථා බලපු අපිට අළුත් කථාකරුවෙක් කරලියට ඇවිත්...ඇත්තටම හැමදාම කියනව වගේ ඔබේ කථා හරිම රසවත්...පුංචි ආදර්ශෙකුත් එක්කම...ජයම වේවා..ඉදිරියටත් හැමදාම හරවත් කථාවක් දකින්න ලැබේවා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් සතූතියි සිත්තමී!
      අපොයි මට නිම්ශා නංගි තරම් නම් ලස්සනට ලියන්න බෑ!

      Delete
  4. ගොඩක් ලස්සනයි.ආදරය කියන්නෙ මොකද්ද කියල මිනිස්සුන්ට හගවන හොද කතාවක්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අමිත්!
      ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා. ආයෙත් ඇවිත් යන්න එන්න!

      Delete
  5. Replies
    1. ගොඩක් ස්තූතියි වකා!
      ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා. ආයෙත් ඇවිත් යන්න එන්න!

      Delete
  6. හැමදාම වගේ අයියගේ කතාව නම් අදත් හරිම ලස්සනයි..කතාවේ ලොකු වෙනසක් දැනුනා..ඒ අවසානය ලස්සනයි වගේම ගොඩක් දුකයි..ඒත් ජිවිතයේ වෙන්නේ නොහිතන දේවල්නේ....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නංගා! ජීවිතයක ආදරයක වටිනාකම කරන කැපවීම මත කොයි තරම් ලස්සන වෙනවද නේද!

      Delete
  7. කෙටි කතාවක් නෙවෙයි, නවකතාවක් උනත් ලියන්න තිබ්බ වස්තු බීජයක්. වෙනදා වගේම කතාව ලස්සනයි, නමුත් දුක්බරයි. කිසිවෙකුට සිදු නොවේවායි පතන අවසානයක්!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Dude අයියා! ඒක් නම් ඇත්ත නව කතාවක් විදිහට ඉදිරිපත් කලා නම් හැඟීම් විපර්යාස තවත් පැහැදිලිව පෙන්වන්න පුලුවන් වෙනවා.

      Delete
  8. අකුරු චුට්ටක් ලොකු කරොත් නරකද.. නිකං මට හිතුන දෙයක් ඇ කිව්වෙ...

    ReplyDelete
    Replies
    1. මේ පාර අකුරු වල වෙනසක් මටත් තේරුනා. ස්තූතියි කිව්වට පසන්. ඉක්මණට හදන්නම්.

      Delete
  9. නි


    යි...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. කල් හෝ නා හෝ කතාව මතක් වුනා

    ReplyDelete
    Replies
    1. හැබෑ නේන්නම් ඒකටත් සමාන කමක් තියෙනව.

      Delete
  11. niyama kathawa ayye.....
    Aththatama adare kiyanne parithyagayakne.....
    Thawa katha liyanna shakthiya labenna kiyala man ayyata wish karanawa...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නංගි/මල්ලි!

      Delete
  12. අපූරු සංවේදි කතාවක් යාළුවා.. නියමයි.. ආසාවෙන් කියෙවුවේ..

    ReplyDelete
  13. මෙහෙම ආදරවන්තයො ඉන්නෙ නව කතාවල..කෙටි කතාවල..නැත් නම් අපේ මනෝලෝක වල විතරයි..හැබෑලෝකෙ ඉන්න අය මීට වඩා හරිම වෙනස්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත! ගොඩක් අය ඉන්නෙ ආදරේ කරනව කියල හිතන් හිටියට ආදරේ හරියට අදුන ගත්ත අය නෙවෙයිනෙ.
      ඒත් කිරිල්ලියෙ නෑ කියලම කියන්නත් බැහැ නේද? මොකද ඇත්තටම ආදරේ වෙනුවෙන පරිත්‍යාගයක් කරන කෙනෙක් ගොඩක් වෙලාවට ඒක කරන්නෙ තමන්ගේ ආදරවන්තය හෝ ආදරවන්තියටවත් නොදෑනෙන විදිහට. ඉතිං එහෙම කෙනෙක්ව අපි කොහොම අදුන ගන්නද ඒ කරපු පරිත්‍යාගය දන්නෙ කරපු කෙනා විතරම නම්!

      Delete
  14. මට නම් මගේ අත්දැකීම් වලින් කියන්න තියෙන්නෙ.. මේ වගේ ඉතාමත් දැඩිව ආදරය කරන එක මෝඩ වැඩක්... යම් හෙයකින් ආදරයෙන් මිදුන දවසට දැනෙන වේදනාව ගොඩාක් වැඩියි එතකොට..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සිරා, බැඳීම් වැඩි වෙන තරමට ලැබෙන වේදනාවත් වැඩියි! ඒත් ඉතින් ආදරේ කරද්දි බැඳීම හිතල සීමා කරන්න අමාරුයිනෙ නේද?

      Delete
  15. වෙනස්ම විදියක කතාවක් නොවැ ...

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් වෙනසකටත් එක්ක ලිව්වා. ස්තූතියි රොබින්!

      Delete
  16. අනේ හරි දුකයි.ආදරේ කියන්නේ හරි පුදුම බැදීමක්....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් පුදුමාකාරයි තමා දඟකාරි, කෙනෙක්ව වෙනස් කරන්න පුලුවන්, කවදාවත් නොකරපු දේවල් කරන්න පොළඹවන්න පුලුවත් බලවත් බැඳීමක් තමයි ආදරේ.

      Delete
  17. හරි ලස්සනයි.English movie එකක් වගේ

    ReplyDelete
  18. ආදරය කියන එකයි අයිති කරගැනීම කියන එකයි දෙකක් වුනු වෙලාවත්
    ල්ස්සනයි ගිම්..තවත් ලස්සන ගෙත්තම් කරන්නට සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ! ආදරේ කියන්නෙ අයිති කර ගැනීම නෙමෙයි කියන එක තේරුම් ගත්තහම තමයි ආදරේ සැහැල්ලුවෙන් විඳින්න පුලුවන් එතකොට ආදරේ නිසා දුක් විඳින්න වෙන්නෙ නැහැ.

      Delete
  19. anee lassanai aiyee...aiya lassanata katha liyanawa...

    ReplyDelete
  20. ලස්සනයි අය්යේ කතාව..ගොඩක් ලස්සනයි..
    ආදරේ කියන්නේ අයිති කරගන්න එකට නෙවෙයි.ඒත් මෙහෙම ආදරේ කරන කොල්ලෙක්ගෙ ආදරේ ලැබුණට පස්සෙ කෙහොමද ජීවනීට පුළුවන් වුණේ සජීව එක්ක විවාහ වෙන්න.ඇත්තටම වුණත් මෙහෙම දේවල් සිද්ධ වෙනවනෙ.මිනිස්සුන්ගෙ ජීවිත හරි පුදුමාකාරයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ශා! ගොඩක් ආදරෙන් ගිමන්හලට පිළිගන්නවා!
      සහන්ට වුන පොරොන්දුව ඉටු කරන්න ජීවනී විවාහ වුනා වෙන්නත් පුලුවන් නේද.
      ආයෙත් ඇවිත් යන්න එන්න!

      Delete