Wednesday, July 18, 2012

අසිහිය....!


විටින් විටේ ඔරලෝසුව දෙස බලමින් සිටි සෝමපාල හරියටම සවස 3 වන විට සිය අසුනෙන් නැගිට කලිසම උස්සා ගෙන ප්‍රධානියාගේ කාමරය වෙත පා තැබීය.


අද පඩි දිනයයි. සෝමපාලට මාසයේ ඇති සතුටුම දිනයයි.


"අහ් එන්න එන්න සෝමපාල, පඩිය ගන්න නේද?
ප්‍රධානියාගේ බසට සෝමපාල කට පුරා හිනාවක් පැවේය.


"ඉඳ ගන්නවකෝ"
"සතුටු ආරංචියකුත් තියනවා, ලබන මාසේ ඉඳල තමුසෙට ප්‍රමෝශන් එකක් දෙන්න කියල. ට්‍රාන්ස්පෝට් සෙක්ශ්න එකට. පඩියත් හත් අට දාහක් විතර වැඩි වේවි.


සෝමපාලට අදහා ගත නොහැක


"අනේ ඇත්තද සර්" " ඒක නම් ලොකු දෙයක් තමා"


"මට පුලුවන් හොඳට එතැන වැඩ ටික බලා ගන්න"


"ඔව් සෝමපාල, ප්‍රමෝශන් ඉල්ලල දඟලන වුන්ට වැඩිය තමුසෙට සුදුසුකම් තියනව. දැන් කරන වැඩ ටිකත් හරියට කල නිසා තමා මේක දෙන්න හිතුවෙ"


සෝමපාල කතා බහ අතරම ලැබුණු පඩි පත පසුම්බියට ඔබා ගත්තේය.
"ගොඩක් ස්තූතියි සර්"


"හරි හරි, හොඳට අවංකව වැඩ ටික කරගෙන ගියොත් තව ඉහලට ගිය හැකි"


"එහෙනම් මම යන්නම් සර්"


සෝමපාල සතුටින් ඉපිලෙමින් නැවත සිය කාමරය වෙත පැමිණියේ පා වෙමින් මෙනි.සිය පුටුවට බර වූ ඔහුට සතුට කියා ගත නොහැකි සේ හැඟේ.


"මොකද සෝමපාල තනියම හිනා වෙනේ? ලොක්කා බෝනස් එකක්වත් දුන්නද?"
අල්ලපු මේසයේ හිටි කාන්ති අසයි.

"මාව ට්‍රන්ස්පෝට් සයිඩ් එකට දාලා"

එය ඇසූ බොහෝ දෙනෙක් ඊර්ශ්‍යාවෙන් පැලෙන්නට ඇති බව සෝමපාල දැන සිටියේය.
නමුත් සියලු දෙනා පැමිණ සෝමපාලට සුභ පැතූහ.


-----------------------


සෝමපාල ගෙදර යාමට බසයට නැඟුනේද උසස් වීමේ සතුටු සිතුවිලි අතර කිමිදෙමිනි.


"අංකල්ට ටිකට් ගන්නත් මතක නෑ වගේ අද!"


බසයේ කොන්දොස්තර කොලුවා පවසන තෙක් සෝමපාලට තමා ඉන්නේ බසයේ බවවත් නොදැනිනි.


"අහ් එකත් අමතක උනා නොවැ, පොඩ්ඩක් ඉන්න"


ටිකට් ගැනීම සඳහා මුදල් ගැනීමට පසු පස සාක්කුවට අත පෙවූ සෝමපාලට තරු පෙණින.
අනෙක් සාක්කු වලටද කලබලයෙන් අත දමා නැවතත් පසු පස සාක්කුව හොඳින් අත ගා බලා බෙරි කරගත් මුහුණෙන්


"හපොයි කවුරු හරි පොකට් එකට ගහල වගේ"

"අහ් එහෙනම් ඉතිං සොරි තමා අන්කල්. මේ දවස් වල පිට්පොකට් කාරයෝ වැහි වැහැල"
"පොඩ්ඩක් බලන්න බිම වත් වැටිලාද කියල"


සෝමපාල හා බසයේ සමහරක්ද බසයේ බිමට ඇස යොමු කලෝය.


"දැන් ඉතිං මොනව කරන්නද අංකල් සල්ලි ඕන නෑ ටිකට් එක තියා ගන්නකො"
යැයි පවසා සෝමපාලට තට්ටුවක් දමූ කොන්දොස්තර නැවත බසයේ දොර වෙත ගියේය.


"අපොයි දෙයියනේ මේ මොකද වුනේ. "ශෙහ් මාසෙ පඩියත් ඒකෙ" වෙනදට නම් පුරුද්දක් ලෙස පඩියෙන් වැඩි කොටසක් කමිසයේ අතුලත බිරිඳ මසා දී ඇති හොර සාක්කුවේ දමා ගනී. අද එයද අමතක විය.


සෝමපාලට ඉහින් කනින් දහඩිය දමයි,


"අද කොහොමද බඩු ලිස්ට් එක අරන් යන්නෙ, කොහොමද මාසෙ වියන්දම් ටික කර ගන්නෙ වෙනදාටත් ණය නොවී යන්තම් මාසය ගෙවා ගන්නේ අසීරුවෙනි. "පුතාලගෙ පංති ගාස්තු, බස් ගාස්තු. රංජනීට සාරියක් ගන්නත් ඕනෙ කියල තිබ්බ ලබන සතියෙ මඟුල් ගෙදර යන්න, හපොයි මඟුල් ගෙදර යන්නත් තියෙනවනෙ!
එකින් එක විය හියදම් සිහි වීමෙන් සෝමපාලගේ හිස යකාගේ කම්මල සේ විය.


"අංකල්ට අද බහින්නත් මතක නෑ වගේ"


බසින තැනට පැමිණ ඇති බව සෝමපාලට සිහි වූයේ කොන්දොස්තරගේ කෑ ගැසීමටය.


"මුලු සේසතම නැති වුනා නෙවෙයිනේ අංකල් මනෝ පර ගහන්නෙ නැතුව කල්පනාවෙන් ගෙදර යන්න"


කොන්දොස්තර කොලුවාගේ උපදේශයට සෝමපාලට ලැජ්ජාවක් දැනින. සෑමදාම හවස එකම බසයේ එන නිසා ඔහු සෝමපාලට හිතවත්ය.


දුර සිටම බර කල්පනාවේ එන සෝමපාල දුටු රංජනීට අමුත්තක් තේරිණි. අතේ ඇත්තේද වැඩට ගෙනියන බෑගය පමණි."අද පඩි දීල නෑ වගේ" ඇයට සිතිණි.


"හරි වැඩේනෙ රංජි අද මොකෙක් හරි පොකට් එකට ගහලනෙ බස් එකේදි"


'මේ... හදිස්සියට අද පඩියත් ඔක්කොම එකේ දා ගත්තේ"


එය ඇසූ රංජනීගේ දෙනෙත් විශාල විය
"මොකක්! අයියෝ දැන් ඉතිං කොහොමද මාසෙ ගෙවා ගන්නෙ"
මම කට කැඩෙනකල් කියල තියෙනවනෙ ඔයාට පඩිය ගත්ත ගමන් ඇතුලෙ සාකුවට දාගන්න කියල"


"කොහෙද මේ මනුස්සයට සිහියක් තියෙන එකක්යැ!"

"පඩිය අතට ගත්ත ගමන් යන්න ඇති අර බේබද්දො ටික එක්ක පාටි දාන්න"
රංජනීගේ නොනවතින අඬහැරය සෝමපාලගේ හිස තවත් රත් කලේය. කනස්සල්ලට අමතරව කේන්තියකුත් මෝරන්නට විය.


"කෑ නොගහ ඉන්නකො රංජි! මම දාපු පාටියක් නෑ, පඩිය ගත්ත ගමන් තමයි ගේදර ආවෙ"

"දැන් ඉතිං හිඟන්නො වගේ තමා මේ මාසෙ ඉන්න වෙන්නෙ" රංජනී හූල්ලයි.


රෑට හරියට කෑමක් වත් නොකා සෝමපාල නින්දට වැටින


----------------------


"චැහ් ප්‍රමෝශන් එක ගැන රංජිට කියන්නත් අමතක වුනානෙ ඊයෙ"


පසු දින රාජකාරියට යන අතර සෝමපාලට සිහි විය.


"බලන්නකෝ කාන්ති ඊයෙ බස් එකේදි මොකෙක් හරි මගෙ පොකට් එකට විදලනේ"
අසුනට බර වෙමින් සෝමපාල සිය දුක් ගැනවිල්ල දිග හැරීය.


"හප්පොච්චියේ! ඉයේ ගත්ත පඩියත් ඒකෙද?"
කාන්ති උවමනාවටත් වඩා දුක් වන ස්භාවයක් මවා ගනිමින් ඇසීය.


"ඒකනෙ කාන්ති, ඔය අසමත්ජාතියො එහෙම දවස් බලල තම වැඩේ දෙන්නෙ"
සෝමපාල තරහක් ආරූඪ් කර ගනිමින් පැවසීය.


"සෝමපාලට ප්‍රමෝශන් එක හම්බුන එකට ඇස්වහ කටවහ වැදිලද කොහෙද" කාන්ති පැවසිය.


"වෙන කාගෙද ඉතිං කියන කෙනාගෙම තමා ඉතිං" සෝමපාලට සිතින.


"දැන් ඉතින් මාසෙ ගෙවා ගන්න මොකක් හරි රෝලක් දා ගන්න වෙනව" යැයි මේසයේ ෆ්යිල ලාච්චුවේ අගුලට විවෘත කරමින් සෝමපාල පැවසුවේ සුසුමක් හෙලමිනි.


ලාච්චුව විවෘත කල සැනින් දුටු දෙයින් සෝමපාල උඩ වීසි විය


"දෙයියනේ පොකට් එක මේසෙ ලාච්චුවට දාල වහල ගිහින්නේ!"


සැණින් පසුම්බිය ගෙන පඩි පත සුරැකිව ඇති බව තහවුරු කර ගනු දුටු කාන්තිට සිනා පහල විය


"බලනකොට පොකට් කාරයා ලාච්චුව වගෙයි"


"ඒක නේන්නම්, හප්පා දැන් තමා ඇඟට පනක් ආවේ"


සෝමපාල පැවසුවේ ලය සැහැල්ලු වෙන්නට හොඳ හුස්මක් හෙලමිනි.
නැති වූ යමක් නැවත ලැබීමේ අමුතුම සතුටක් ඇතැයි සෝමපාලට සිතුනේ නැවත නම් මෙවැනි වරදක් වීමට ඉඩ නොතබන බවට අදිටන් කර ගන්නා අතරය.


54 comments:

  1. ලියපු ලියවිල්ලට මගෙත් ඉහමොල රත්වුනා පව් නේද අසරණයා කියලා..
    අපූරු පෝස්ටුවක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ!
      ඒකනේ කව්රු වුනත් අසරණ මනුස්සයෙක් නොවැ පොඩ්ඩක් කල්පනාව එහෙ මෙහෙ වුනාට!

      Delete
  2. අම්බෝ වෙලාවට ලාච්චුවෙ තිබුනේ නැත්තම් ඊලග පඩිය ලැබෙනකන් සෝමපාලට ගෙදර ගිහින් කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ...:D

    ReplyDelete
    Replies
    1. ඒකනේ නිෂ් ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනව වගේනෙ ගෙදර ගියහම වෙන්න :D හැබැයි ඉතිං නොබැනත් බැහැනෙ නේද?

      Delete
  3. ගිමන් හැමදාම කියනව වගේ කථාව හරිම රසවත් ඒ වගේම බලන කෙනාට පොඩි ආදර්ශයකුත් එක්ක...

    වටිනව සහෝ ගොඩක්ම වටිනව ඔබේ කථා...ලස්සන කථාවක් නියමයි...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සිත්තමි.
      හැමදාමත් ලියන්න අසාව ශක්තිය ලැබෙන්නෙ ඔයාලගෙ මේ වගේ දිරි ගැන්විම් අදහස් දැක්වීම් නිසා තමයි!

      Delete
  4. සාමාන්‍ය ජීවිතයේදී මෙවැනි සිද්ධි අනන්තයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ළහිරු, කීයක් ජාති ඔලුවෙ තියෙගෙනද දැන් ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ. ඉතිං අතපසුවීම් වැඩි වෙන එක පුදුමයක් නෙවෙයි.
      ගිමන්හලට ආදරෙන් පිළිගන්නවා! ආයෙත් ඇවිත් යන්න එන්න!

      Delete
  5. ඒක දැක්කම ප්‍රමෝෂන් ඩබල් වෙන්නැති...

    ReplyDelete
    Replies
    1. :D නැතුව නැතුව ඒ වගේ සැහැල්ලුවක් ප්‍රමෝශන් එකෙන්වත් ලැබෙන්නෙ නැතුව ඇති.
      විමුක්තිවත් ගිමන්හලට ආදරෙන් පිළිගන්නවා! ආයෙත් නිදහස් වෙලාවට ඇවිත් යන්න එන්න!

      Delete
  6. අයියගේ කතා හරිම රසවත්...පුංචි ලමයි අර කතන්දර කියද්දි අහන් ඉන්නව වගේ කියවන්න ආස හිතෙන රටාවක් අයියට තියෙනවා...ගිමන් නිමෙනවා අර කිව්වත් වගේ දවසක.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගෝ!
      ඔයා ඉතිං ගිමන්හල හදපු දවසෙ ඉදන් හැමදාමත් මම කියන දේවල් අහන් ඉන්න එනවනේ! ඒ වගේම ඔයාගෙ අදහසුත් හැමදාමත් මට ගොඩාක් වටිනවා.

      Delete
  7. මම හිතුවේ ඉවරයි තමා කියල..හපොයි!

    ReplyDelete
    Replies
    1. :D ඒකනේ හිරු, නුලෙන් බේරිලා!

      Delete
  8. අනේ හොද වෙලාවට ඒක හම්බුනේ නැත්තං හරිම දුක තමයි...

    ReplyDelete
    Replies
    1. ඒකනේ අමිල! ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා ඔයාවත්.

      Delete
  9. මටත් ඔය වගේ පිස්සු සින් වෙලා තියෙනවා. වුනොත් වෙන්නේ පිස්සුවක්..:D

    ReplyDelete
    Replies
    1. නැතුවයැ තියන දැඟලිල්ලට! :D
      දඟකාරිවත් ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා!

      Delete
  10. හෆ්ෆා... මිනිස්සුන්ට සතුට වැඩිවුනාමත් වෙන වැඩ නේද? මමත් සැක කලා කාන්තිලාව.. අපරාදෙ..:D

    ලස්සනයි!!

    ReplyDelete
    Replies
    1. සතූතියි හිතුවක්කාරියේ!
      ඒකනේ සතුට වැඩි වුනහමත් පරෙස්සම් වෙන්න ඕනෙ සිහි කල්පනාව ගැන.
      කාන්තිලට පොඩ්ඩක් ඉරිසියාව තිබ්බට ඉතිං එච්චරම නරක නෑ වගේ!

      Delete
  11. මම නම් මුලදිම හිතුව කොහෙ හරි ඇති කියල.

    ගිමන් හොඳයි, අපේ එදිනෙදා ජීවිතෙන් ලස්සන කතා නිර්මාණය කරනව

    ReplyDelete
    Replies
    1. සිඳූ නම් වෙන්න යන දේ හරියට අනුමාන කරල වගෙයි!
      එදිනෙදා ජීවිතේ වෙන දේවල් නැවත වරක් කල්පනා කරල බලනවා නම් එදිනෙදා නිතර දෙවෙලේ කෙරෙන අතපසුවීම් අත්වැරදි තරමක් දුරට හරි අඩු කර ගත්ත හැකි නේද!

      Delete
  12. කියෙව්වා කතාව!

    ReplyDelete
  13. මේකත් ඔක්කොම කියෙව්වා......

    ReplyDelete
  14. හ්ම් මම නම් හරි පරිස්සම් පර්ස් එක ගැනයි ට්‍රැවල් බෑග් එක ගැනයි . ඒ දෙක නැතිවුනොත් ජීවත් වෙලා ඉවරයි :)

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි TG, නිතරම කාර්‍යබහුල වන නිසා ඒව ගැන කල්පනාවෙන් ඉන්නම එපැයි. කොච්චර කලබල වුන වෙලාවක වුනත් සිහි කල්පනාවෙන් වැඩ කරන්න ඕනෙ!

      Delete
  15. මිනිහට ජීවිතේ වැඩියෙන්ම සතුට දැනුණු වෙලාවක් වෙන්නැති
    අවතාර්ටත් ඔහොම වෙලා තියෙනවා හප්පා ඒ වෙලාවට දැනෙන සතුට

    ReplyDelete
    Replies
    1. :D මාත් අත්දැකීමෙන ඒක දන්නවා. අලුතෙන් යමක් ලැබෙනවාට වඩා නැතිවුන යමක් ලැබුනාම දැනෙන සැහැල්ලුව සතුට කියල වැඩක් නෑ.
      අවතාර්වත් ගොඩක් ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා. ආයෙන් එන්න ඕනෙ ඕං!

      Delete
  16. මේ විදිහට නැතිවුණු දෙයක් හම්බුණාම හිතේ තියෙන සැනසීම කියලා නිමකරන්න බැහැ :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත හසිත, එතකොට දැනෙන සතුට සැහැල්ලුව කියන්න වචන නෑ නේද!

      Delete
  17. නැතුවුන දෙයක් ලැබුනාම දැනෙන සතුටනම් මටත් නිතරම දැනෙනවා. මොකද අද තියෙන දේ හෙට නැතිවෙනවා අයේ අනිද්දා ලැබෙනවා එකයි :පී

    ReplyDelete
    Replies
    1. හොඳයි ඔය තරමට කල්පනාව තිබ්බහම! :)
      හැබැයි නැති වෙන ඒව ඉක්මනටම හම්බවෙන හින්ද අවුලක් නෑ.

      Delete
    2. ඇත්තම කියනවා නම් මගෙත් හැමදාම දේවල් නැති වෙනවා..කපුට හංඟනව වගේ පරිස්සමට තියන දේවල් මටම හොයා ගන්න බෑ..ඒත් පස්සෙ අහම්බෙන් හමු උනාම පුදුම සැණසීමක් දැනෙනවා..:)

      Delete
    3. :D කිරිල්ලිටත් එහෙනම් මෙහෙම වැඩ වෙලා තියනව වගේ!
      මටත් එහෙම තමා හැබැයි මොකක් හරි නැති වෙලා හොයන්න ගත්තහම තමා එපා වෙන්නෙ. කාමරේ අනිත් පැත්ත හරවනව. ඒ වගේම තම වෙලාව නාස්ති වීම.

      Delete
  18. අයියගෙ කතාව මාරම ලස්සනයි.....

    ReplyDelete
  19. හපොයි කියවලා ඉවරවුනාමනේ හුස්ම වැටුනේ..හැමදාම වගේ කතාව අදත් හුගක් ලස්සනයි අයියේ..අවසානේ වෙනකම් ඒ ගැන හිතන්නවත් බැරිවෙන විදිහට ලියන එකට තමයි මම නම් හුගක් ආස..ජිවිතේට ලොකු ආදර්ශයකුත් දෙන ගමන් අද කතාව අයියා ඉවර කලේ..ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. :) :) ගොඩාක් ස්තූතියි නංගා!

      Delete
  20. ලස්සන කතාව . අහම්බෙන් දෑකල ගොඩ උනේ . අපේ රිඩර් එකට ලිපිය දෑම්ම නිසා දෑකල ආවා .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිම්හානි!
      හම්ම්... ඔව් මම රීඩර් එකට පෝස්ට් එක එකතු කලා විතරයි ඔයා ඇවිත් තියෙන්නෙ!
      ආයෙත් ඇවිත් යන්න එන්න!

      Delete
  21. මේ..පඩිය කියල තිබ්බේ රුපියල් 2500 ක් ද?

    ReplyDelete
    Replies
    1. :D කාලෙ හැටියට වෙන්නත් බැරි නෑ නේද නාඩියා!
      නාඩියාවත් ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා! දිගටම එන්ට ඕනෙ හොඳේ!

      Delete
  22. මටත් මුලින්ම හිතුනා පර්ස් එක කොහේහරි දාල ඇති කියලා... ඒ මොකද මටත් ඔය වගේ ඒවා හරි හරියට වෙලා තියනවා..

    ReplyDelete
    Replies
    1. තොටියා අයියත් කලින්ම වැඩේ අනුමාන කරගෙන නේද! අත්දැකීමෙන් දැනුනෙනවානෙ!

      Delete
  23. මුලින්ම ඔය උඩින් කමෙන්ට් එක දාලා තියෙන තොටියා වෙන තො‍ටුපලක් හොයාගෙන යන බව ගිමන් දැනටමත් දන්නවා ඇති නේ? හරිම අප්සෙට් ඒ වැඩේ නම්.
    කතාව නම් හරිම ලස්සනට ලියලා තියෙනවා. මම හිතුවෙ කාන්ති වැඩේ දුන්නා කියලා. ඔය බඩුවක් නැතිවෙලා හමු වුනාම තියෙන හැඟීම මම අත්වින්දා ගිය අවුරුද්දෙ. මේ ලැප්ටොප් එක හොරකම් කලානෙ. පස්සෙ මමමයි හොයාගත්තෙ. ඒක නම් පුදුමාකාර හැඟීමක්. අර නැතිවෙච්ච වෙලාවෙ ඉඳලා හම්බවෙන වෙලාව දක්වා පැය කීපය ගතකරපු හැටි කියලා වැඩක් නෑ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. Dude අයිය කියන කම් ඒ බවක් දන්නෙ නැහැනෙ. එක නම් අවුල් තමා. මට නම් හිතෙන්නෙම තොටියා අයියගෙ අලුත් තොටුපලෙත් සිග්නල් තියේවි කියල.
      හපොයි ලැප් එක නැති වීම නම් ඉහ මොල රත් වෙන දෙයක් තමා. ලැප් එකක් කොහොම හරි ගත්තයි කියමුකො ඒකෙ ඇතුලෙ තියන දේවල්. කොහොම හරි හම්බුනාට පස්සෙ නම් සෑහෙන සතුටක් දැනෙන්න ඇති.

      Delete
  24. මටත් වෙලා තියෙනවා ඔහොම වැඩ.අසිහිය තමයි ඉතින් :ඩී

    ReplyDelete
  25. හිත කඩා වැටුණා දැන් මේ මනුස්සයට හිතේ සතුටත් නැති වුණානෙ කියලා. ඒත් ආයෙත් හම්බුණානෙ. ඔන්න ඉන් පස්සෙ තමයි කතාවෙ මාතෘකාව ආයෙම බැලුවෙ.

    ReplyDelete
    Replies
    1. නලිනිව කාලෙකින්නෙ දැක්කෙ,
      ඔව් ඔව් අසිහිය හින්ද පොඩි පාඩමක් ඉගෙන ගත්ත විතරයි. :)

      Delete
  26. ලස්සන කතාව .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බින්දි!
      ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා. ආයෙත් ඇවිත් යන්න එන්න.

      Delete