Wednesday, July 18, 2012
අසිහිය....!
"එහෙනම් මම යන්නම් සර්"
සෝමපාල සතුටින් ඉපිලෙමින් නැවත සිය කාමරය වෙත පැමිණියේ පා වෙමින් මෙනි.සිය පුටුවට බර වූ ඔහුට සතුට කියා ගත නොහැකි සේ හැඟේ.
"මොකද සෝමපාල තනියම හිනා වෙනේ? ලොක්කා බෝනස් එකක්වත් දුන්නද?"
"මාව ට්‍රන්ස්පෝට් සයිඩ් එකට දාලා"
එය ඇසූ බොහෝ දෙනෙක් ඊර්ශ්යාවෙන් පැලෙන්නට ඇති බව සෝමපාල දැන සිටියේය.
-----------------------
සෝමපාල ගෙදර යාමට බසයට නැඟුනේද උසස් වීමේ සතුටු සිතුවිලි අතර කිමිදෙමිනි.
"අංකල්ට ටිකට් ගන්නත් මතක නෑ වගේ අද!"
බසයේ කොන්දොස්තර කොලුවා පවසන තෙක් සෝමපාලට තමා ඉන්නේ බසයේ බවවත් නොදැනිනි.
"අහ් එකත් අමතක උනා නොවැ, පොඩ්ඩක් ඉන්න"
ටිකට් ගැනීම සඳහා මුදල් ගැනීමට පසු පස සාක්කුවට අත පෙවූ සෝමපාලට තරු පෙණින.
"හපොයි කවුරු හරි පොකට් එකට ගහල වගේ"
"අහ් එහෙනම් ඉතිං සොරි තමා අන්කල්. මේ දවස් වල පිට්පොකට් කාරයෝ වැහි වැහැල"
සෝමපාල හා බසයේ සමහරක්ද බසයේ බිමට ඇස යොමු කලෝය.
"දැන් ඉතිං මොනව කරන්නද අංකල් සල්ලි ඕන නෑ ටිකට් එක තියා ගන්නකො"
සෝමපාලට ඉහින් කනින් දහඩිය දමයි,
"අද කොහොමද බඩු ලිස්ට් එක අරන් යන්නෙ, කොහොමද මාසෙ වියන්දම් ටික කර ගන්නෙ වෙනදාටත් ණය නොවී යන්තම් මාසය ගෙවා ගන්නේ අසීරුවෙනි. "පුතාලගෙ පංති ගාස්තු, බස් ගාස්තු. රංජනීට සාරියක් ගන්නත් ඕනෙ කියල තිබ්බ ලබන සතියෙ මඟුල් ගෙදර යන්න, හපොයි මඟුල් ගෙදර යන්නත් තියෙනවනෙ!
"අංකල්ට අද බහින්නත් මතක නෑ වගේ"
"මුලු සේසතම නැති වුනා නෙවෙයිනේ අංකල් මනෝ පර ගහන්නෙ නැතුව කල්පනාවෙන් ගෙදර යන්න"
කොන්දොස්තර කොලුවාගේ උපදේශයට සෝමපාලට ලැජ්ජාවක් දැනින. සෑමදාම හවස එකම බසයේ එන නිසා ඔහු සෝමපාලට හිතවත්ය.
"හරි වැඩේනෙ රංජි අද මොකෙක් හරි පොකට් එකට ගහලනෙ බස් එකේදි"
'මේ... හදිස්සියට අද පඩියත් ඔක්කොම එකේ දා ගත්තේ"
එය ඇසූ රංජනීගේ දෙනෙත් විශාල විය
"කොහෙද මේ මනුස්සයට සිහියක් තියෙන එකක්යැ!"
"පඩිය අතට ගත්ත ගමන් යන්න ඇති අර බේබද්දො ටික එක්ක පාටි දාන්න"
"කෑ නොගහ ඉන්නකො රංජි! මම දාපු පාටියක් නෑ, පඩිය ගත්ත ගමන් තමයි ගේදර ආවෙ"
"දැන් ඉතිං හිඟන්නො වගේ තමා මේ මාසෙ ඉන්න වෙන්නෙ" රංජනී හූල්ලයි.
රෑට හරියට කෑමක් වත් නොකා සෝමපාල නින්දට වැටින
----------------------
"චැහ් ප්‍රමෝශන් එක ගැන රංජිට කියන්නත් අමතක වුනානෙ ඊයෙ"
පසු දින රාජකාරියට යන අතර සෝමපාලට සිහි විය.
"බලන්නකෝ කාන්ති ඊයෙ බස් එකේදි මොකෙක් හරි මගෙ පොකට් එකට විදලනේ"
"හප්පොච්චියේ! ඉයේ ගත්ත පඩියත් ඒකෙද?"
"ඒකනෙ කාන්ති, ඔය අසමත්ජාතියො එහෙම දවස් බලල තම වැඩේ දෙන්නෙ"
"සෝමපාලට ප්‍රමෝශන් එක හම්බුන එකට ඇස්වහ කටවහ වැදිලද කොහෙද" කාන්ති පැවසිය.
"වෙන කාගෙද ඉතිං කියන කෙනාගෙම තමා ඉතිං" සෝමපාලට සිතින.
"දැන් ඉතින් මාසෙ ගෙවා ගන්න මොකක් හරි රෝලක් දා ගන්න වෙනව" යැයි මේසයේ ෆ්යිල ලාච්චුවේ අගුලට විවෘත කරමින් සෝමපාල පැවසුවේ සුසුමක් හෙලමිනි.
ලාච්චුව විවෘත කල සැනින් දුටු දෙයින් සෝමපාල උඩ වීසි විය
"දෙයියනේ පොකට් එක මේසෙ ලාච්චුවට දාල වහල ගිහින්නේ!"
සැණින් පසුම්බිය ගෙන පඩි පත සුරැකිව ඇති බව තහවුරු කර ගනු දුටු කාන්තිට සිනා පහල විය
"බලනකොට පොකට් කාරයා ලාච්චුව වගෙයි"
"ඒක නේන්නම්, හප්පා දැන් තමා ඇඟට පනක් ආවේ"
සෝමපාල පැවසුවේ ලය සැහැල්ලු වෙන්නට හොඳ හුස්මක් හෙලමිනි.
Subscribe to:
Post Comments (Atom)
ලියපු ලියවිල්ලට මගෙත් ඉහමොල රත්වුනා පව් නේද අසරණයා කියලා..
ReplyDeleteඅපූරු පෝස්ටුවක්..
ස්තූතියි රූ!
Deleteඒකනේ කව්රු වුනත් අසරණ මනුස්සයෙක් නොවැ පොඩ්ඩක් කල්පනාව එහෙ මෙහෙ වුනාට!
අම්බෝ වෙලාවට ලාච්චුවෙ තිබුනේ නැත්තම් ඊලග පඩිය ලැබෙනකන් සෝමපාලට ගෙදර ගිහින් කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ...:D
ReplyDeleteඒකනේ නිෂ් ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනව වගේනෙ ගෙදර ගියහම වෙන්න :D හැබැයි ඉතිං නොබැනත් බැහැනෙ නේද?
Deleteගිමන් හැමදාම කියනව වගේ කථාව හරිම රසවත් ඒ වගේම බලන කෙනාට පොඩි ආදර්ශයකුත් එක්ක...
ReplyDeleteවටිනව සහෝ ගොඩක්ම වටිනව ඔබේ කථා...ලස්සන කථාවක් නියමයි...
ගොඩක් ස්තූතියි සිත්තමි.
Deleteහැමදාමත් ලියන්න අසාව ශක්තිය ලැබෙන්නෙ ඔයාලගෙ මේ වගේ දිරි ගැන්විම් අදහස් දැක්වීම් නිසා තමයි!
සාමාන්‍ය ජීවිතයේදී මෙවැනි සිද්ධි අනන්තයි.
ReplyDeleteඒක ඇත්ත ළහිරු, කීයක් ජාති ඔලුවෙ තියෙගෙනද දැන් ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ. ඉතිං අතපසුවීම් වැඩි වෙන එක පුදුමයක් නෙවෙයි.
Deleteගිමන්හලට ආදරෙන් පිළිගන්නවා! ආයෙත් ඇවිත් යන්න එන්න!
ඒක දැක්කම ප්‍රමෝෂන් ඩබල් වෙන්නැති...
ReplyDelete:D නැතුව නැතුව ඒ වගේ සැහැල්ලුවක් ප්‍රමෝශන් එකෙන්වත් ලැබෙන්නෙ නැතුව ඇති.
Deleteවිමුක්තිවත් ගිමන්හලට ආදරෙන් පිළිගන්නවා! ආයෙත් නිදහස් වෙලාවට ඇවිත් යන්න එන්න!
අයියගේ කතා හරිම රසවත්...පුංචි ලමයි අර කතන්දර කියද්දි අහන් ඉන්නව වගේ කියවන්න ආස හිතෙන රටාවක් අයියට තියෙනවා...ගිමන් නිමෙනවා අර කිව්වත් වගේ දවසක.
ReplyDeleteස්තූතියි නංගෝ!
Deleteඔයා ඉතිං ගිමන්හල හදපු දවසෙ ඉදන් හැමදාමත් මම කියන දේවල් අහන් ඉන්න එනවනේ! ඒ වගේම ඔයාගෙ අදහසුත් හැමදාමත් මට ගොඩාක් වටිනවා.
මම හිතුවේ ඉවරයි තමා කියල..හපොයි!
ReplyDelete:D ඒකනේ හිරු, නුලෙන් බේරිලා!
Deleteඅනේ හොද වෙලාවට ඒක හම්බුනේ නැත්තං හරිම දුක තමයි...
ReplyDeleteඒකනේ අමිල! ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා ඔයාවත්.
Deleteමටත් ඔය වගේ පිස්සු සින් වෙලා තියෙනවා. වුනොත් වෙන්නේ පිස්සුවක්..:D
ReplyDeleteනැතුවයැ තියන දැඟලිල්ලට! :D
Deleteදඟකාරිවත් ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා!
හෆ්ෆා... මිනිස්සුන්ට සතුට වැඩිවුනාමත් වෙන වැඩ නේද? මමත් සැක කලා කාන්තිලාව.. අපරාදෙ..:D
ReplyDeleteලස්සනයි!!
සතූතියි හිතුවක්කාරියේ!
Deleteඒකනේ සතුට වැඩි වුනහමත් පරෙස්සම් වෙන්න ඕනෙ සිහි කල්පනාව ගැන.
කාන්තිලට පොඩ්ඩක් ඉරිසියාව තිබ්බට ඉතිං එච්චරම නරක නෑ වගේ!
මම නම් මුලදිම හිතුව කොහෙ හරි ඇති කියල.
ReplyDeleteගිමන් හොඳයි, අපේ එදිනෙදා ජීවිතෙන් ලස්සන කතා නිර්මාණය කරනව
සිඳූ නම් වෙන්න යන දේ හරියට අනුමාන කරල වගෙයි!
Deleteඑදිනෙදා ජීවිතේ වෙන දේවල් නැවත වරක් කල්පනා කරල බලනවා නම් එදිනෙදා නිතර දෙවෙලේ කෙරෙන අතපසුවීම් අත්වැරදි තරමක් දුරට හරි අඩු කර ගත්ත හැකි නේද!
කියෙව්වා කතාව!
ReplyDeleteස්තූතියි සබිත්!
Deleteමේකත් ඔක්කොම කියෙව්වා......
ReplyDeleteස්තූතියි පසන්!
Deleteහ්ම් මම නම් හරි පරිස්සම් පර්ස් එක ගැනයි ට්‍රැවල් බෑග් එක ගැනයි . ඒ දෙක නැතිවුනොත් ජීවත් වෙලා ඉවරයි :)
ReplyDeleteඒක හොඳයි TG, නිතරම කාර්යබහුල වන නිසා ඒව ගැන කල්පනාවෙන් ඉන්නම එපැයි. කොච්චර කලබල වුන වෙලාවක වුනත් සිහි කල්පනාවෙන් වැඩ කරන්න ඕනෙ!
Deleteමිනිහට ජීවිතේ වැඩියෙන්ම සතුට දැනුණු වෙලාවක් වෙන්නැති
ReplyDeleteඅවතාර්ටත් ඔහොම වෙලා තියෙනවා හප්පා ඒ වෙලාවට දැනෙන සතුට
:D මාත් අත්දැකීමෙන ඒක දන්නවා. අලුතෙන් යමක් ලැබෙනවාට වඩා නැතිවුන යමක් ලැබුනාම දැනෙන සැහැල්ලුව සතුට කියල වැඩක් නෑ.
Deleteඅවතාර්වත් ගොඩක් ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා. ආයෙන් එන්න ඕනෙ ඕං!
මේ විදිහට නැතිවුණු දෙයක් හම්බුණාම හිතේ තියෙන සැනසීම කියලා නිමකරන්න බැහැ :)
ReplyDeleteඒක ඇත්ත හසිත, එතකොට දැනෙන සතුට සැහැල්ලුව කියන්න වචන නෑ නේද!
Deleteනැතුවුන දෙයක් ලැබුනාම දැනෙන සතුටනම් මටත් නිතරම දැනෙනවා. මොකද අද තියෙන දේ හෙට නැතිවෙනවා අයේ අනිද්දා ලැබෙනවා එකයි :පී
ReplyDeleteහොඳයි ඔය තරමට කල්පනාව තිබ්බහම! :)
Deleteහැබැයි නැති වෙන ඒව ඉක්මනටම හම්බවෙන හින්ද අවුලක් නෑ.
ඇත්තම කියනවා නම් මගෙත් හැමදාම දේවල් නැති වෙනවා..කපුට හංඟනව වගේ පරිස්සමට තියන දේවල් මටම හොයා ගන්න බෑ..ඒත් පස්සෙ අහම්බෙන් හමු උනාම පුදුම සැණසීමක් දැනෙනවා..:)
Delete:D කිරිල්ලිටත් එහෙනම් මෙහෙම වැඩ වෙලා තියනව වගේ!
Deleteමටත් එහෙම තමා හැබැයි මොකක් හරි නැති වෙලා හොයන්න ගත්තහම තමා එපා වෙන්නෙ. කාමරේ අනිත් පැත්ත හරවනව. ඒ වගේම තම වෙලාව නාස්ති වීම.
අයියගෙ කතාව මාරම ලස්සනයි.....
ReplyDeleteස්තූතියි නංගා....!
Deleteහපොයි කියවලා ඉවරවුනාමනේ හුස්ම වැටුනේ..හැමදාම වගේ කතාව අදත් හුගක් ලස්සනයි අයියේ..අවසානේ වෙනකම් ඒ ගැන හිතන්නවත් බැරිවෙන විදිහට ලියන එකට තමයි මම නම් හුගක් ආස..ජිවිතේට ලොකු ආදර්ශයකුත් දෙන ගමන් අද කතාව අයියා ඉවර කලේ..ලස්සනයි....
ReplyDelete:) :) ගොඩාක් ස්තූතියි නංගා!
Deleteලස්සන කතාව . අහම්බෙන් දෑකල ගොඩ උනේ . අපේ රිඩර් එකට ලිපිය දෑම්ම නිසා දෑකල ආවා .
ReplyDeleteස්තූතියි ගිම්හානි!
Deleteහම්ම්... ඔව් මම රීඩර් එකට පෝස්ට් එක එකතු කලා විතරයි ඔයා ඇවිත් තියෙන්නෙ!
ආයෙත් ඇවිත් යන්න එන්න!
මේ..පඩිය කියල තිබ්බේ රුපියල් 2500 ක් ද?
ReplyDelete:D කාලෙ හැටියට වෙන්නත් බැරි නෑ නේද නාඩියා!
Deleteනාඩියාවත් ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා! දිගටම එන්ට ඕනෙ හොඳේ!
මටත් මුලින්ම හිතුනා පර්ස් එක කොහේහරි දාල ඇති කියලා... ඒ මොකද මටත් ඔය වගේ ඒවා හරි හරියට වෙලා තියනවා..
ReplyDeleteතොටියා අයියත් කලින්ම වැඩේ අනුමාන කරගෙන නේද! අත්දැකීමෙන් දැනුනෙනවානෙ!
Deleteමුලින්ම ඔය උඩින් කමෙන්ට් එක දාලා තියෙන තොටියා වෙන තොටුපලක් හොයාගෙන යන බව ගිමන් දැනටමත් දන්නවා ඇති නේ? හරිම අප්සෙට් ඒ වැඩේ නම්.
ReplyDeleteකතාව නම් හරිම ලස්සනට ලියලා තියෙනවා. මම හිතුවෙ කාන්ති වැඩේ දුන්නා කියලා. ඔය බඩුවක් නැතිවෙලා හමු වුනාම තියෙන හැඟීම මම අත්වින්දා ගිය අවුරුද්දෙ. මේ ලැප්ටොප් එක හොරකම් කලානෙ. පස්සෙ මමමයි හොයාගත්තෙ. ඒක නම් පුදුමාකාර හැඟීමක්. අර නැතිවෙච්ච වෙලාවෙ ඉඳලා හම්බවෙන වෙලාව දක්වා පැය කීපය ගතකරපු හැටි කියලා වැඩක් නෑ.
henryblogwalker the Dude
Dude අයිය කියන කම් ඒ බවක් දන්නෙ නැහැනෙ. එක නම් අවුල් තමා. මට නම් හිතෙන්නෙම තොටියා අයියගෙ අලුත් තොටුපලෙත් සිග්නල් තියේවි කියල.
Deleteහපොයි ලැප් එක නැති වීම නම් ඉහ මොල රත් වෙන දෙයක් තමා. ලැප් එකක් කොහොම හරි ගත්තයි කියමුකො ඒකෙ ඇතුලෙ තියන දේවල්. කොහොම හරි හම්බුනාට පස්සෙ නම් සෑහෙන සතුටක් දැනෙන්න ඇති.
මටත් වෙලා තියෙනවා ඔහොම වැඩ.අසිහිය තමයි ඉතින් :ඩී
ReplyDelete:D හ්ම් හ්ම්....
Deleteහිත කඩා වැටුණා දැන් මේ මනුස්සයට හිතේ සතුටත් නැති වුණානෙ කියලා. ඒත් ආයෙත් හම්බුණානෙ. ඔන්න ඉන් පස්සෙ තමයි කතාවෙ මාතෘකාව ආයෙම බැලුවෙ.
ReplyDeleteනලිනිව කාලෙකින්නෙ දැක්කෙ,
Deleteඔව් ඔව් අසිහිය හින්ද පොඩි පාඩමක් ඉගෙන ගත්ත විතරයි. :)
ලස්සන කතාව .
ReplyDeleteස්තූතියි බින්දි!
Deleteගිමන්හලට ආදරෙන් පිලිගන්නවා. ආයෙත් ඇවිත් යන්න එන්න.