Sunday, July 15, 2012

එදා මෙන්ම තවමත්....


හිරුට සඳුට නොකියාම හමා යන


කාල‍යේ මඳ පවනේ වෙලිලා..


එදා මෙන්ම තවමත් හිත අද්දර


හිනැහෙයි නුඹ ජීවිතය වෙලා..


සීතල දෙකොපුල් විඩා බර නුවන්


සිපගන්නෙමි සෙනෙහස අතුරා..


නොතැවෙන් සොඳුරිය අද මෙන් සැමදා


නුඹ හා එන්නෙමි සසර පුරා...


36 comments:

  1. :) ඇත්තටම මිනිස්සු මැරෙනකම් එකට,හොඳින් ජිවත් වෙනවනම් කොයි තරම් හොඳද..

    ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගා! ආදරේ වයසට යන්නෙ නැහැලුනෙ නේද!

      Delete
  2. ඇත්ත ආදරේ වයසට යන්නෙ නැ...එහෙම ආදරයක් ලබන්න අපි කොච්චර පින් කරන්න ඕනාද...ලස්සනයි ගිමන්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිෂ්! අපිත් ඒ විදිහටම ආදරේ කලොත් අපිටත් ඒ විදිහෙම ආදරයක් ලැබේවි නේද!

      Delete
  3. වියැකුනු වතේ රැලි සේම ...
    මුව පුරා එදා සේම සිනා ගෙන ..
    ආදර කතා එදා තරම්ම නැවුම් ව නොතිබ්බාට..
    ආදරේ නම් එදා සේමයි නැහැ වෙනසක්..
    මියැදෙන කල් හිතේ කිසිදිනක...

    ReplyDelete
    Replies
    1. ලස්සනයි!! :)
      ස්තූතියි නංගා!

      Delete
  4. වයසට නෙවෙයි ගිමන්ගෙ අදහස් !!
    ආදරේ හිතේ තියාගෙන විතරක් නොඉඳ පෙන්නන එක හරි ක්‍රමය වුනාට අපේ සමාජයෙන් ඕකට හරියට තහංචි දාලා තියෙනවා. දැන් හිතලා බලන්න ඔය පින්තූරෙ ඉන්න දෙන්න ඔය විදියට ආදරේ පෙන්නුවොත් ලංකාවෙ පාරකදි, මිනිස්සු මොනවා නොකියයිද?
    "වයසට ගිහිල්ලත් තියෙන වල්කම?"
    "යකෝ ගෙදර යනකල් ඉන්න බැරිද?"
    "නාකි විසේ ගෙටත් උසේ!"
    ඔන්න කතා.
    මම නම් අතින් අල්ලාගෙන යාන් වයසක ජෝඩුවක් දැක්කොත් හිතෙන් හුඟක් සතුටක් විඳිනවා. ඒක බඳින්න කලින් විතරක් කලයුතු ටැබූ දෙයක් හැටියටනෙ අපේ සමාජය දකින්නෙ. අලුත බැඳපු ජෝඩුවක් උනත් ලංවෙලා හිටියොත් ඔන්න, "මුං ලමයි ඉස්සරහ වත් හැසිරෙන්නෙ දන්නෙ නැති මෝල් අමාරුව හැදිච්ච එවුන්" බවට පත්වෙනවා.

    ගිමන්ලගෙ පරම්පරාවට බාල පරම්පරාවලුත් මෙහෙම හිතන එක මට නම් අදහාගන්නත් බෑ.

    ඔන්න අපේ බ්ලොගර් කෙනෙක් දැකපු ඔය වගෙ සිත් කාවදින සිද්දියක්. උමතු ආදරේ කියවලා මටත් කියන්න

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හපොයි ඔව් අයියා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. ඒත් මේ කියල තියෙන්නේ ප්‍රසිද්ධ ස්ථානයක ඉන්න දෙන්නෙක් නෙවෙයි කියල හිතමුකෝ.
      මට නම් හිතෙන්නෙ අවුරුදු 30ක් 40ක් ජීවිතේ දුක සතුට එකට විඳ ගත්ත කෙනෙක් ගැන ගොඩක් ප්‍රබල ආදරයක් ඇති වේවි කියල.

      අර ලිපිය නම් සුපිරි නේද? ඇත්තටම ඒ වගේ ආදරය කරන්න ලැබෙන එක වාසනාවක්. හැබැයි තද බැදීමක් තදබල දුකකුත් ගේනවා කියන එක බලාපොරොත්තු වෙන්න ඕනෙ!

      Delete
    2. ~HèáléR~ = ගිමන් නිවන්නාම තමා :)

      Delete
  5. //..එදා මෙන්ම තවමත් හිත අද්දර
    හිනැහෙයි නුඹ ජීවිතය වෙලා..//

    අනේ හැමදාමත් ආදරේ වෙනස් නොවි මෙහෙම්මම තියනව නම්....

    ලස්සනම ලස්සනයි අයියේ....

    ReplyDelete
  6. හරිම ලස්සනයි ගිමන්. ඔන්න මම ලස්සනයි කියන්නෙ ඇත්තමට ලස්සන ඒවාට විතරමයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිඳූ!
      හප්පේ එහෙනම් මාත් සිඳූගෙන් ලස්සනයි කියල අහගත්තා, අයෙමත් ස්තූතියි හොඳේ!

      Delete
  7. අද තියෙන ආදරේ ආදරයක් නෙවෙයි භාහිර ස්වරුපය අයිතිකර ගැනීමක්.

    ReplyDelete
    Replies
    1. මගේ එකට ගොඩාක් කාලෙක ඉඳල ඇවිත් යන කෙනෙක් ඒත් මම ආපු දවස වල බෝකක් හරි දෙයක් නිසා මේ බ්ලොග් එක ලෝඩ් උනේ නහමංඅ හිතුවේ තවම ප්‍රොෆයිල් එක විතරයි කියල.

      Delete
    2. ස්තූතියි අසර්!
      එහෙනම් කොහොම හරි ගිමන්හල හොයාගෙන ආව නේද? ආදරෙන් පිලිගන්නවා ගිමන්හලට!
      ~HealeR~ profile එකට අත්හදා බැලිමේ බ්ලොග් එකක් විතරයි තියෙන්නෙ. හැබැයි 2007 විතර ඉඳන් බ්ලොග් කියෙව්වෙ ~HealeR~ profile එකෙන් තමා.
      එහෙනම් ආයෙත් ගිමන්හල පැත්තෙ ඇවිත් යන්න එන්න!

      Delete
  8. නකුල මාතා නකුල පිතා කතන්දරය අද දවසට දෙවෙනි පාරටත් මතක් වුණා

    ReplyDelete
  9. ගොඩක් ලස්සන කවි පෙලක්.. මේ වගේම එකක මම මීට ගොඩක් කාලෙකට කලින් ලිවුවා.. දැන් හොයා ගන්න බෑ. නැත්නම් මෙතනම දානවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ්!
      දිනේශ් නම් ඉතිං කවි නොලියපු මාතෘකාවක් නැතුව ඇති. හම්බුනොත් මතක ඇතිව ඇවිත් ලියල යන්න හොඳේ!

      Delete
  10. හරිම ලස්සනයි...ගිමන්...වෙනස්ම විදියට හිතන එකත් මාර දක්ෂතාවයක්...

    ReplyDelete
  11. ජීවිත කාලෙම මේ වගේ ඉන්න වාසනා කරන්න ඕනි... ලස්සන අදහස් ටිකක්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඒක ඇත්ත!
      ස්තූතියි රෙහානි!

      Delete
  12. සැබෑ ආදරයට වියපත් විය නොහැක...

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන් සිරා! ස්තූතියි!

      Delete
  13. යථාර්තයට පන පොවලා කවීයකින් අපුරුයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සචිත්!
      ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා, ආයෙත් ඇවිත් යන්න එන්න!

      Delete
  14. Replies
    1. ස්තූතියි දිලූ! ඒ වගේම ගිමන්හලට ගොඩක් ආදරෙන් පිලිගන්නවා.
      ආයෙත් ඇවිත් යන්න එන්න!

      Delete
  15. අපේ ගෙවල් කිට්ටුව කතෝලික පල්ලියක් තියනව..ඉරිද දවල් 10 ට විතර ඒ හරියට ගියාම දකින්න පුලුවන් පල්ලියෙ පූජාව ඉවර වෙලා එලියට එන සෙනඟ..ඔය අතරෙ ගොඩාක් ඉන්නව වයසක සීයල ආච්චිල..එයාල හරියට තරුන කොල්ලො කෙල්ලො වගේ අත්වැල් බැඳගෙන..සීයා ආච්චිව තුරුල් කරගෙන ඇවිදගෙන යන්නෙ..
    හරිම ආශාවෙන් මම බලන් ඉන්නෙ ඒ අපූරු ආදරවන්තයො දිහා...:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිමන්හලට ගොඩවැදුනට වින්චැට්!
      ගොඩක් ආදරෙන් පිලිගන්නවා.
      වංචාවක් බොරුවක් නැතුව හැබෑවටම ආදරේ කල උදවිය තමා වයසට ගියත් එකම විදිහට ඒ ආදරේ පවත්වගෙන යන්නෙ නේද?

      ඔන්න ආයෙත් ඇවිත් යන්න එන්න ඕනෙ හොඳේ!

      Delete