Thursday, July 12, 2012

වරදක බර.....!


ගාමිණී මේසය උඩ ඇති තේ කෝප්පය දෙස භාවනාවක් කරන්නාක් මෙන් බලා 

සිටී, මඳ වේලාවකට පෙර දුම් පිට කරමින් සිටි එය ඇල් වී ඇතැහි ඔහුට සිතුනි. දින 

ගණනක සිට කෑමට බීමට ප්‍රියක් ඇති නොවේ. හිතේ ඇති බර ශරීරයේ අංශුවක් 

පාසා පැතිර ඇතැයි ඔහුට සිතේ.


මේසය මත වූ දුරකථනයේ හඬට ඔහු තිගැස්සිනි.  එහි සටහන් වන අංකය වෙත 

එබී බැලූ ඔහු මදක් බලා සිට එය අතට ගත්තේ ගැහෙන සිතින් යුතුවය.


"හෙලෝ මචං"

ම්ම් මේ ගාමිණී අර ආරංචිය හරි"


ගාමිණීට එය ඇසුනද පිලිගැනීමට අකමැති නිසදෝ මුනිවත රැක්කේය.


"මම දන්නව උඹට මේක ලොකු ශොක් එකක්, 

උඹට ඇස් දෙකෙන්ම බලා ගන්න ඕනෙ නම් රෝයල් පැලස් එකේ කාර් පාක් 

එකට වරෙන් දැන්ම, සමහර විට අල්ල ගන්න පුලුවන් වෙයි"


"ok මචං. මම එන්නම්" ගාමිණී ගැහෙන හඬින් යුතුව කියා ඇමතුම විසන්දි 

කලේය.


තම හෘද ස්පන්දනය තමන්ටම දැනෙනවා යැයි ගාමිණීට සිතිණ.

"වෙන්න බෑ වෙන්න බෑ..! එක වගේ අය ඕනෑ තරම් ඉන්නවනේ"

"කෝකටත් ගිහින්ම බලනවා"

ගාමිණී කාරයේ යතුර ගෙන රථය වෙත පිය නැඟුවේ බීමතින් මෙනි.


මිනිත්තු දහයක් යාමටත් පෙර ගාමිණී "රෝයල් පැලස්" වෙත ලඟා විය. රථ ගාල 

අසල සිටි ජයන්ත, ගාමිණීගේ රථය අසලටම පැමිණියේ එය නැවැත්වීමත් 

සමඟය.

සිය ප්‍රාණ මිතුරාගේ සිත තුල ඇති වේදනාව ඔහුගේ දෙනෙත් තුලින් හඳුනා 

ගැනීමට ජයන්තට අපහසු නොවීය.


"අපොයි දෙයියනේ මූ මේක කොහොම ඉවසාවිද!"


"කොහෙද මචං?" ගාමිණී ගොත ගසමින් මෙන් ඇසුවේ සිය හැඟීම් දරා ගත 

නොහැකි බැවිනි.


"මම රූම් එක බලා ගත්ත,

ම්ම් මේ... ඒක බුක් කරල තියෙන්නෙ ප්‍රියාන්ගෙ නමට"


ඒ නම ඇසෙත්ම ගාමිණීට සිය අභිමානයද මුලුමනින්ම සිඳී ගොස් මුලු 

ආත්මයෙන්ම පරාජිතයෙකු වූ සේ දැනෙන්නට විය.


"මැනේජර් මම අඳුනන පොරක් ගාමිනී, අපට ඕනෙ නම් ඇතුලට උනත් ගිය 

හැකි"


"එපා ජයා මට කලබල කරන්න ඕනෙ නැහැ, ඒ එයාමද කියල බලා ගන්න තිබ්බා 

නම් ඇති"


" එහෙනම් වරෙන්කො යන්න, කාමරේ කෙලින්ම වගේ පොඩි බැල්කනියක් 

තියෙනවා. එතන හිටියොත් එලියට එනකොට බලා ගත්ත හැකි"


"එහෙම හොඳයි ජයා, අපි ඉන්න බවක් දැන ගන්න නොදී ටිකක් නොපෙනෙන්න 

ඉමු"


දෙදෙනාම විනාඩි පහලොවක් පමන බැලිකනියේ තිබූ හාන්සි පුටු දෙකක වාඩි වී 

සිටියේ හොරැහින් හෝටල් කාමරය දෙස නෙත් යොමා ගෙනය.

ගාමිණීට නම් එම විනාඩි පහලොව දැනුනේ ජීවිත කාලයක් මෙනි.


දොර විවෘත වන හඬ ඇසිණි. ගාමිණීට හදවත මෝලක් මෙන් ස්පන්දනය වේ. 

මදකින් දොරෙන් එලියට පැමිණි රුව දුටු විට ඔහුට හදවත නතර වූවා යැයි සිතින.

ජයන්ත බලා සිටියේ මිතුරාගේ මුහුණ දෙසය. ගාමිණීගේ මුහුණ සැනෙන් දුර්මුඛ 

වී දෙනෙත් රතු වී බොඳ වෙනු පෙණින. ජයන්ත මිතුරාගේ අත තදින් මිරිකා 

ගත්තේ ඔහුට යන්තම් හෝ දරා ගැනීමට ශක්තියක් වනු පිණිසය.


කාමරයෙන් එලියට පැමිණි උදාරි කොරිඩෝවෙන් නොපෙනී යනු බලා සිටි 

ගාමිනී දෙනෙත් යාන්තමට පිස දා ගති.

ඉන්පසු තමා දෙස අනුකම්පාවෙන් මෙන් බලා සිටි ජයන්තට මඳ සිනහවක් පෑමට 

අසාර්ථක උත්සාහයක් ගත්තේය.


"මට නම් තාම හිතා ගන්න බෑ මචං"

මම මේ ගැන නිකමටවත් උදාරිගේ අහන්න හිතුවෙ වත් නැත්තෙ එයා ගැන 

පොඩ්ඩක් වත් සැකයක් හිතුනෙ නැති හින්ද"


"පොඩ්ඩක් ඉඳපංකෝ" ගාමිණී දුරකථන ඇමතුමක් ගත්තේය.


"ආ මේ.. උදා මගේ ෆයිල් එකක් දාලා ඇවිත් ද කොහෙද ගෙදර, පොඩ්ඩක් මගේ 

මේසෙ උඩ බලනවද"


"අහ් මේ.. මේ.. මම පොඩ්ඩකට ටවුන් එකට ආව අනේ, මම මේ යන ගමන්, තව 

විනාඩි පහෙන් බලල කියන්නම්. ඒක නෙවෙයි මොකද ඔයාගේ කට හඬත් 

වෙනස් වෙලා අසනීපයක්වත්ද අය්යා?


"නෑ නෑ කමක් නෑ ඔයා අද ටව්මට යනවා කියල නිකමටවත් කිව්වෙ නැහැනෙ උදා, 

හදිස්සියක්වත්ද?


" නැ මේ..... ලෙටර් එකක් පෝස්ට් කරන්න තිබ්බ, ඔයාට දෙන්න අමතක 

උනානේ" ඔන්න දැන් ගෙදරට ලඟයි!


"හරි හරි හදිස්සියක් නෑ, මම ඇවිල්ලම බලන්නම්, පරෙස්සමට ගෙදර යන්න"


තවත් ඇයට බොරු කීමට නොපෙලඹවිය යුතු යැයි සිතා ගාමිණී දුරකථන ඇමතුම 

විසන්දි කලේය.


යලිත් ජයන්ත සමඟ රථ ගාල වෙත ඇවිද ආ ගාමිණී රථයට ගොඩවීමට දොර 

විවෘත කලේය.


"උඹ දැන් කොහෙද යන්න හදන්නේ? ඉඳපන් මම ගිහින් දාන්නම්, උඹ දැන් 

හොඳ සිහියෙනුත් නෙවෙයි ඉන්නේ"


"අහ් නෑ ජයා ඕනෙනෑ, මට එහෙම ප්‍රශ්නයක් නෑ. පොඩ්ඩක් තනියම ඉන්න ඕනෑ 

ටිකක් කල්පනා කරන්න" තෑන්ක්ස් මචං කරපු උදවුවට! මම පස්සෙ කතා 

කරන්නම්"

යැයි පවසා සැනින් රථයට නැග දොර වැසූ ගාමිණී වේගයෙන් රථය පාරට 

ගත්තේය.


"ශෙහ් මූ තනියම යැවුව එක වැරදී"

ජයන්ත පසුතැවිල්ලෙන් යුතුව සිතුවේ ඉතා වේගයෙන් යන රථය දෙස බලමිණි.


ගාමිණී රථය පැදවූයේ දෙනෙතින් කදුලු රූරා වැටෙන අතරය. පසුගිය වසර අටක් 

පුරාවට ජීවිතයේ පිරිසිදුම දෙය යැයි තමා විශ්වාස කල, තමාට කියා මේ 

ලෝකයේ තිබූ වටිනාම දෙය යැයි සිතූ, මේ මොහොත තෙක්ම තමා අසීමිතව 

ආදරය කල ඇය තමාට මෙසේ කලේ ඇයි දැයි ගාමිණීට සිතා ගත නොහැකි විය.

වසර හයක ආදර සමය පුරාවට සැකයක් දබරයක් ඇති කර නොගත් තමා හා 

උදාරීට මිතුරන් ඇමතූවේ යුගයේ ආදර්ශමත් පෙම් යුවල කියාය.


විවාහ වී ගෙවුන වසර දෙක තමාගේ ජීවිතයේ වසන්තය යැයි හැගිනි. පෙම්වතුන්ව සිටි 

සමයටත් වඩා තමා උදාරීට බැදුනේ විවාහයෙන් පසුවය. අනුලෝමීවද ප්‍රතිලෝමීවද 

කොතරම් සිතුවද, තමාගෙන් උදාරීට සිදු වූ අඩුවක් ගාමිණීට සිතා ගත නොහැකි 

විය. නිදි යහන පවා සෑම විටම දෙදෙනාටම සුන්දර අත්දැකීමක් විය. එකිනෙකා 

අතර තිබූ අවබෝධය නිසා සැම මොහොතකම දෙදෙනා හොදින් තෙරුම් 

ගැනීමට හේතු විය.


"ඇයි එයා එහෙම කලේ?"


ඒ කාමරය තුල කුමක් වෙන්නට ඇත්ද? 

ගාමිනීට එතනින් එහා යමක් සිතීමට නොහැකිසේ හැඟින, 

නෑ මොනදේ උනත් උදාරි නැති ලෝකයක් මට වැඩක් නැහැ! කතා කරල 

බේරුමක් කර ගන්නවා, 

මේක අත් වැරැද්දක් වෙන්න ඇති, මනුස්සයො උනහම වැරදි වෙන්නැත්තෙ කා 

අතින්ද" 

උදාරිට මට වඩා වටින කෙනෙක් නෑ, මම උදාරිවත් අරන් රට යනව" 

හිසේ හදේ ඇති ගින්න නිවීමට මෙන් සුසුමක් හෙලමින් ගාමිණී පියවි සිහියට 

එමින් පුරුද්දට වාගේ රථය අතුරු පාරෙන් ප්‍රධාන පාරට දැම්මේ වේග 

පාලනයකින් තොරවමය. තද හෝන් හඬත් සමඟ පැමිණි දැවැන්ත යමක් 

කෙලින්ම තම හිසේ වදිනු ගාමිණීට දැණිනි.


--------------------


බෝපත් සුලඟට සෙලවෙන්නේ පිංබර තාලයකට යැයි සැඳෑ හිරු රැස් වැටුන බෝ 

රුක දෙස බලා සිටි ලොකු මෑණියන්ට සිතිණි.


"ලොකු මෑණියො භාවනාවකද?"


දැහැණින් මිදුන ලොකු මැණියන් තමා අසලට එමින් සිටි, දින කීපයකට ඉහතදී 

දසසිල් වූ විනීතා පොඩි මෑණියන් පෙණින.


"ආ මේ විනීතා පොඩි මෑණියොනෙ, මම මේ බෝ කොල සෙලවෙන තාලෙ 

බලන් හිටිය


"හුලං පාර හමාගෙන යනකල් තාලයට එහාට මෙහාට වෙලා හිටපු තැනටම 

ඇවිත් තැන්පත් වෙනව. තමන්ගේ දැවටුනා කියල හුලං පොදක්වත් ඉතිරි කර 

ගන්නෙත් නෑ තමාගෙ වෙනසක් කර ගන්නෙත් නෑ."


"ලොකු මෑනියන්ටත් හිතෙන දේවල්" විනීත මෑණියන් තෙපලීය.


"ඉතිං පොඩි මෑණියො යමක් කියන්න හිතාගෙන වගෙයි ඇවිත් තියෙන්නෙ"


"එහෙමයි ලොකු මෑණියෝ, හිතේ බර තනියම දුරු කර ගන්න උත්සාහ කලාට 

සාර්ථක වෙන්නෙ නෑ! ලොකු මෑණියන්ට කියලවත් හිතට නිදහසක් ලබා ගන්න 

කියල හිතල ආවෙ"


"හ්ම්ම්.. හිතේ හිරවෙච්චි දෙයක් වගේ, උත්සාහයෙන් අමතක කරන්න බැරි නම් 

කල්‍යාන මිත්‍රයෙකුට කියල හිතට සැහැල්ලුවක් ගත්තට වරදක් නෑ! පුලුවන් 

විදිහකට උපදේශයක් දෙන්නම්කො, කියමුකො බලන්න කාරනාව"


ඒක ටිකක් දිග කතාවක් මෑණියො,


මම උසස් පෙලට ඉගෙන ගන්න කාලෙ මගෙ ළඟම යාලුවගෙ අයිය කෙනෙක් 

ප්‍රියාන් කියල, මම ගැන අදහසක් ඇති කරගෙන තිබුනා. නමුත් ඒ වෙනකොටත් 

මට පෙම්වතෙක් හිටියා.


ඒත් ඒ අයිය දිගින් දිගටම මගේ පස්සෙන් ඇවිත් කරදර කරන්න උනා. මගේ 

පෙම්වතා ගාමිණී ඔහු සමඟ හොඳින් කතා කරල මේක බේරුමක් කර ගත්තා. ඊට 

පස්සෙ ප්‍රියාන් එක වරක් මාව හමු වෙලා කිව්වා 

"මට ඔයාව ලැබෙන්නෙ නැතුව මේ ජීවිතෙන් වැඩක් නෑ, මම වෙන කෙනෙක් 

ගැන හිතන්නෙත් නෑ කියල"

මාව අමතක කරල මටත් වඩා හොඳ කෙනෙක් හොයා ගන්න කිව්වත් ඔහු ඒක 

හිතට ගත්තෙ නෑ මම හිතන්නෙ.


මේ ගැන ඒ දවස් වල ලොකු දුකක් තිබ්බ මම නිසා ජීවිතයක් නාස්ති වේවිද 

කියල. ඒත් ඉතිං ඒකට මම මොනවා කරන්නද කියල මම හිත හදා ගත්ත.

ඊට පස්සෙ මට ප්‍රියාන්ව ආයෙත් හමු වුනේ නැහැ. 


මම ගාමිණී එක්ක ගොඩක් සතුටින් ජීවත් වුනා. අවුරුදු හයක් පෙම්වතුන් විදිහට 

ඉඳල අම්මලා තාත්තලගෙ ආශීර්වාද මැද මීට අවුරුදු දෙක හමාරකට උඩදි 

ගාමිණීත් මාත් විවාහ වුනා. 


ඊට පස්සෙ ජීවිතේ මම හිතුවටත් වැඩිය සුන්දර වුනා.

ගාමිණී තරම් තමන්ගෙ බිරිඳට ආදරේ කරපු කෙනෙක් තවත් මේ ලෝකෙ ඉන්න 

නැතුව ඇති. ගොඩක් සැහැල්ලුවෙන් සතුටින් කාලය ගෙවුන.


ඔය අතරෙදි තමයි ප්‍රියාන්ගෙ නංගි, මගෙ යහලුවා මාව හොයාගෙන ආවේ. ඒ 

ඇවිත් ලොකු විස්තරයක් කිව්වා.

මෙච්චර කල් විදේශ ගත වෙලා හිටපු ප්‍රියාන් ආපහු ඇවිත්! මත්පැන්, මත්ද්‍රව‍ය 

වලට ඇබ්බැහි වෙලා හිටිය නිසාදෝ ඔහුට දරුණු රෝගයක් වැලඳිලා. නිවසට 

එන්නෙවත් රෝහලකට යන්නෙවත් නැතුව හෝටලේක නතර වෙලා ඉන්නව 

කියල එයා හඬ හඬාම මාත් එක්ක කිවුවා.


ඉතිං එයා මං ගාව වැඳ වැටුන ඇවිත් පොඩ්ඩක් කතා කරල ප්‍රියාන්ව රෝහලකට 

ගෙනියන්න කැමැත්ත අරන් දෙන්න කියල.


මගේ ජීවිතේ ගත්ත ලොකුම වැරදි තීරණේ මම ගත්තෙ මෙතනදි තමා 

මෑණියනේ!


සුලු වෙලාවකට නිසාත්, යන්නෙ යහලුවා සමඟ නිසාත් ගාමිණීට මේ හමුව ගැන 

කීමෙන් නිරපරාදේ යන්තමට හරි එයාගෙ හිත රිදේවි යැයි හිතුන නිසාත් 

ගාමිණීට නොකියාම ප්‍රියාන්ව මුණ ගැහෙන්න නැවතිලා හිටියයි කියපු 

හෝටලේට ගියා.


මාව දැකල ප්‍රියාන් ගොඩක් සතුටු වුනත් රෝහලකට යන්න කැමති වුනේ නැහැ. 

මට තවත් කරන්න දෙයක් නැති නිසා මම ඉක්මනින්ම ගෙදරට ආවා.


ඊට සතියකට පස්සෙ යාලුව නැවත මට දුරකථන ඇමතුමක් දුන්න. එයා ගොඩක් 

කලබල වෙලා හිටියේ. ප්‍රියාන්ට ගොඩක් අසාධ්‍ය බවත් මිය යන්න පෙර මාව 

දකින්න ඇවශ්‍ය යැයි පවසන බවත් කිව්වා.


මම පත් වුනේ ලොකු අපහසුතාවකට. එදා ගමන ගැනත් පසුතැවිලි වෙවී හිටිය 

මම ආයෙත් නම් එවැනි ගමන් නොයාමට හිතා ගෙන හිටියෙ.

ඒත් ප්‍රියාන්ට සිදු වූ දේට වැරදිකාරිය මමදෝ කියන පසුතැවීමක් කාලයක සිට 

හිතේ තිබුන දෙයක්.

ඉතිං ඔහුගේ අවසාන මොහොතේ හෝ හිත හදන්න පුලුවන් උනොත් එයින් 

හිතට සහනයක් ලැබේවි යැයි හිතිනා.


ඉතිං මම එදත් යලි ගාමිණීට නොදන්වා ප්‍රියාන් සිටි හෝටල් කාමරයට ගියා. ඒ 

වන විට ප්‍රියාන්ගේ නැගනියත් ප්‍රියාන් අසලම හිටියා.


මම බොහොම කරුණාවෙන් ප්‍රියාන්ට කතා කරල ඔහුගේ හිත සන්සුන් කලා. 

එතනින් මම පිට වෙලා ආවෙ හිතේ ලොකු සැහැල්ලුවකින්.


ඒත් ඒ සැහැල්ලුව පැයකට වඩා තිබුණෙ නෑ.

ඒ රෝහලෙන් ආපු ඇමතුමකින්, ඒ මගේ ආදරණීය සැමිය දරුණු රිය අනතුරකට 

ලක් වෙලා කියන ආරංචිය.


එතනින් එහාට සිදු වුන දේවල් මට සිහිකර ගන්නවත් බැරි තරම්.

මම ගාමිණී ගාවට යනකොටත් එයාට සිහිය තිබුන.  කතා කර ගන්න බැරි උනත් 

ඒ ඇස් දෙකේ තිබ්බෙ ප්‍රශ්ණාර්ථයක් හැබැයි හැමදාම වගේ මා දිහා බැලුව 

ආදරණීය බැල්මමයි. විනාඩි කීපයක් යන්න කලින් එයා මාව තනි කරල මේ 

ලෝකෙන් ගියා. 


ඒ එක්කම වගේ ගාමිණීගෙ ළඟම යාලුව ජයන්ත එතැනට ආවා.

ඇවිත් කිව්වෙ,


"උඹයි මේ මරණෙට වග කියන්න ඕනෙ! උඹ වගේ පවුකාර ගැනියෙක් එක්ක 

ඉන්න තරම් පව් කරල නැති නිසයි මේ අහිංසකය මේ ලෝකෙන් ගියේ"


මෙලෙස කැ ගහපු ජයන්ත මාව පිච්චිලා යන තරමට කේන්තියෙන් බලා ඉඳල 

යන්න ගියා. අයෙත් ඔහුව මට මුණ ගැහුනෙ නෑ ඒත් ඔහුගෙ බිරිඳ සිදු වුන දේ 

පසුව විස්තර ඇතුව මට පැවසුවා.


ඒ ඇහුව මම පිස්සියක් වුනා. දෙයියනේ මම ඒ කරපු සුලු නොසැලිකිලිමත් දේ, 

ජීවිතේටම ගාමිණීට නොදන්වා කරපු එකම හිතුවක්කාරකම නිසා මගේ මුලු 

ලෝකයම මට නැති වුනා. කෙනෙකුට ලබන්න පුලුවන් උපරිම ආදරේ සතුට 

විඳිමින් හිටිය මට කෙනෙකුට ජීවිතයේ විඳින්න පුලුවන් දරුණුම දුකත් 

පසුතැවීමත් උරුම උනා.


මාස තුනක් මානසික රෝහලක මාව නවත්වලා තිබිල තියෙනව. එහි හිටිය 

කරුණාවන්ත දොස්තරවරියකගේ ප්‍රතිකාර ආදරය උපදේස නිසා මම ආයෙත් 

පියවි ලෝකෙට ආව.


ඊට පස්සෙත් මම ජීවත් වුනේ දහස් වාරයක් හිතින් මැරි මැරී. සියදිවි නසා ගන්න 

හිතුනත් ඒකෙන් වෙන්නෙ තවත් පවු පිරීම විතරයි කියල හිතුන. එතකොට මට 

ඊලඟ ආත්ම භාවයෙකදිවත් ගාමිණී එක්ක සතුටින් ඉන්න වාසනාව නොලැබේවි 

යැයි හිතුනා.


අනතිමේදි ලොකු මැණියන්ට දන් පිලිගන්වන්න ආව දවසෙ තමයි මට වැටහුනේ 

මට මේ වේදනාව මදක් හෝ සුවපත් කර ගන්න තියන මග මෙයයි කියල.


ඔන්න ඕකයි මගේ කතාව මැණියනේ.


බොහෝ කලක සිට පුරුදු පුහුනු කිරීමෙන් ශක්තිමත් කර ගත් තම සිතද කම්පා 

කිරීමට විනීතා පොඩි මැණියන්ගේ කතාව සමත් වූ බව ලොකු මෑණියන්ට දැනින. 

නමුත් සැනෙන් සිහිය පිහිටවා ගෙන පොඩි මෑණියන් දෙස දයාවෙන් බැලුවාය.


"මට තේරෙනව දරුවෝ, ඔය දරුවා ඉතා අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දීල 

තියෙනව. 

ගිහි ජීවිතේ සංකීර්ණයි බැඳීම් විවිධාකරයි දුක් සහිතයි. විවාහ ජීවිතයක සිටියදී 

විශ්වාසය කියන්නේ ඒ විවාහයේ කොදු නාරටිය. තම ස්වාමියාට බිරිඳට බිඳකවත් 

රහසක් කෙරෙන්න නරකයි!


"දැන් ඉතිං යට ගියාව සිහි කරල හිත තවත් වෙහෙසට පත් කරල පලක් නෑ. 

ජීවිතේ දුක් සහිත බව මෙනෙහි කරල හිත උසස් තත්වෙකට පත් කර ගන්න. 

එතකොට ඔය වේදනාව පහ වෙලා සැහැල්ලු වෙනව. පින් දහම් කරන්න සසර 

වසන තුරු යළිත් මෙවැනි අවාසනාවකට ගොදුරු නොවේවා කියල."


විනීතා මෑණියෝ ලොකු මෑණියන් අසල වැඳ වැටුනේ දෙනෙතේ තිබූ කඳුලු 

පොලවට වැටෙන්නට හරිමිනි.


"තෙරුවන් සරණයි!"


ලොකු මෑණියන්ගේ වදන් දෙසවනින් සිරුරට ඇතුලු වී සිතට සිසිලසක් ඇති 

කරන්නාක් මෙන් විනීතා මෑණියන්ට දැණින.


43 comments:

  1. watina postuwak ...meken apita ganna dewal godak thiyanawa..wishwasaya kiyana de wiwaha jeewithaya thuladi witharak neweyi...,adaraya krana 2nnek thulath thiyenna oni..nethnam ithin me wage awasanawantha siduweem wenna puluwan..

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත රෙහානි! ඕනෑම සම්බන්ධයක ශක්තිය පැවැත්ම රඳා පවතින්නෙ විශ්වාසය මත.

      Delete
  2. පුංචි බොරුවක් වත් තමන්ගෙ බිරිඳට ස්වාමියාට , පෙම්වතියට, පෙම්වතාට කියන්න එපා. ඒ ලස්සන ජීවිත විනාශ වෙලා යන්න ගන්නෙ නිමේශයයි. හිත දුකින් බර වුණත් ලොකූ දෙයක් තියනවා මේ කතාව ඇතුළෙ.ලස්සනයි ගිමන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිඳූ! ඔව් දිගු කාලයක බැඳීම් කැඩිලා බිඳිලා යන්න පුළුවන් එක පුංචි බොරුවක් නිසා. ඒ හින්ද අපේ ආදරණීයන්ට 100% අවංක වෙන්න ඕනෙ!

      Delete
  3. හරිම සංවේදි කතාවක්.. තමන් ආදරේ කරන කෙනාට පුංචිම හරි බොරුවක් කියන්න හොද නෑ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ්, සැබෑ ආදරයේදී විශ්වාසයත් තිතටම රැකෙන්න ඕනෙ!

      Delete
  4. අපි නං ආදරේ කරන්නෑ.....බොරු නං කියනවා නහුතෙට :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට රජතුමනි ඕං ආදරය කරන කාලෙකට එහෙම නම් බොරු කීම තහනම්, ඒකත් රාජ නියෝගයක් වගේ තමා!
      ස්තූතියි!

      Delete
  5. ගොඩක් සංවේදියි..අපූරුවට ලියලත් තියනවා හ්ම්ම්..:)

    ReplyDelete
  6. කතාව හරිම ලස්සනයි ගිමන්

    වෙනස් විදියක ටිකක් දිග කමෙන්ට් එකක් ලියන්න හිතුනත් ආයෙත්මත් ඕනෙ නෑ කියලා හිතුනා .කතාවෙ තියෙන සෙන්ටිමෙන්ටල් ගතිය ඒකෙන් නැතිවෙයි කියන බයට :)

    අහ් තව මම සෑහෙන්න බය වුනා මේ කතාව කියවලා . :) අහන්න එපා ඇයි කියලා :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි TG!
      අයියෝ ඇයි ඒ කොමෙන්ට් එක දැම්මෙ නැත්තෙ :(
      මට වටින්නෙ කොමෙන්ට්ස් නොවැ. සමහර විට ඒක කතාවට තවත් වටිනා කමක් එකතු කරාවිනෙ.

      ඇයි අප්පා මගේ කතාව කියවලා බය වුනේ :o
      ඔහොම කිව්වහම නාහ ඉන්නෙ කොහොමද! මෙතන බැරි නම් e ලිපියකින්වත් කියන්න බැරිද?

      Delete
    2. @TG,
      මටත් හිතෙනවා මගේ කමෙන්ට් එකෙන් කතාවෙ සෙන්ටිමෙන්ටල් ගතිය නැති වේවි කියලා..ඒත් නොකියත් බෑ වගේ..:)

      Delete
    3. ඒකනේ රූ මාත් කියන්නෙ!
      මම ගිමන්හල හදපු දවසෙම කිව්වානෙ ගිමන්හල තියෙන්නෙ අපි හැමෝටම එකතු වෙලා කතා කරන්න! මගේ මනඃකල්පිත කතාවකට වඩා ඔයාලගෙ අදහස් මට දහස් වාරයක් වටිනවා. ඒ නිසා හිතෙන හැමදේම කියන්න!

      Delete
  7. ගිමන් නිවන්නා නමටම ගැලපෙන අවසානයක් ඇති කතාවක් ලියලා. නියමයි!
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ගිමන්, මම මේල් එකකුත් එව්ව. එක කමෙන්ට් එකක් ගැන, ලැබුනෙ නැත්ද?
      henryblogwalker the Dude

      Delete
    2. ස්තූතියි Dude.
      අහ් සමාවෙන්න ඕනෙ, මට මේල් බලන්න බැරි වුනානෙ. මේ දැන් පිලිතුරක් එව්වා!
      ස්තූතියි දැනුවත් කිරීම ගැන Dude!

      Delete
  8. අපිටත් අනාගතයට මේවා හොඳ පාඩම් :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත හසිත, සුලුවට හෝ වැරැද්දක් නොවන විදිහට බුද්ධිමත්ව හිතල වැඩ කරන්න ඕනෙ.

      Delete
  9. මොනවා කියන්නද කියලවත් හිතාගන්න බැරි තරම් අයියේ..ඒ තරමටම සංවේදි විදිහට ඔයා කතාව ලියලා තියනවා..අවසානේ දකිනකම් ඒ ගැන හිතාගන්නවත් බැරිවුනා..හරිම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතුවිලි!
      කතාව හිතට ඇල්ලුවා කියන්නෙ කතාවෙන් දෙන පණිවිඩයත් හොඳට මතක හිටියා කියන එක. ඒක තමයි මගේ බලාපොරොත්තුව!

      Delete
  10. adaredi wishwasayath ekkama ekinekata boru kiyana eka hoda na.....lassana nirmanak......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දෙව්දූ!
      හැමෝම ඔය ටික තේරුම් ගන්නව නම් ජීවිත වල ප්‍රශ්න ගොඩක් අඩු වේවි!

      Delete
  11. ගිමන් නිවන කථාවක් වචනයෙන් කියන්න බැරි තරම් වටින පෝස්ට් එකක් යොදා ගෙන තියෙන පින්තූර ඒ වටිනාකම තව තවත් වැඩිකලා ඔබ අතින් බිහිවුණ විශ්ෂ්ඨ නිර්මාණයක්...

    හදවතින්ම සුභ පතනවා මෙවැනි විශ්ෂ්ඨ නිර්මාණයන් තව තවත් බිහි කරන්න...

    ගැහැණු පිරිමි දෙපක්ෂයටම ඔබ දුන් ආදර්ශය ගැන කියන්න වචන නැති තරම්...

    ආයෙමත් කියන්නෙ විශ්ෂ්ඨ නිර්මාණයක්...ජයම වේවා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සිත්තමී!
      මම ලියන දේවල් කියවන්න ඇවිත් කියවන මහන්සියට හරියන වින්දනයක් ලබල ජීවිතේට වටින යමක් එකතු කරගෙන යනව නම් ඒක තමා මගේ සාර්ථකත්වය ඒ වගේම සතුට. :)

      Delete
  12. හප්පා... සිරා කතාවක්නේ.. ජීවිතේ එක මොහොතක් ඇති මුලු ජීවිතේම වෙනස් කරන්න.. සැහ්.. එක හුස්මට කියෙව්වා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පසන්! ඒ වගේ මොහොතවල් වලට කිසිම ඉඩක් නොදෙන්න වග බලා ගන්න ඕන! මම හිතුවෙ කතාව ටිකක් දිග වැඩි වුනාද මන්ද කියල.

      Delete
  13. ලස්සන සංවේදී කතාවක්..
    ඒත් හැබෑ ජීවිතේදි අපි ආදරේ කරන්නෙ මෙහෙම නෙවෙයි ගිම්..මේ වගේ දේවල් වලින් ඇත්තටම ආදරේ කරන අය සැලෙන්නෑ..අවුරුදු 8ක් විතර කාලයක් එකට ඉඳලා එකිනෙකාව තේරුම් ගන්න බැරිනම්,එකිනෙකාගෙ නිදහසේ සීමා මායිම් අඳුන ගන්න බැරි නම් එතන ලොකු ප්‍රශ්නයක් තියනවා..

    එත් මම මෙහෙම කිව්වා කියලා කතාවෙ අගය නම් ටිකක්වත් වෙනස්වෙන්නෑ..ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. කෙමෙන්ට් වල අකුරු ටිකක් ලොකු කරන්නකෝ..

      Delete
    2. ස්තූතියි රූ හැබැම අදහස් කිව්වට!
      මගෙත් ප්‍රර්ථනාව කාටවත් හැබෑ ජීවිතයේදි මෙවෙනි තත්ව උදා නොවේවා කියල තමා.
      ඒත් මාර්ග ඵල වලට පත් නොවුන හිතක් තියෙන ඕනෑම සාමාන්‍ය කෙනෙක්ගෙ හිතක් සංවේදී මොහොතක කලබල වීම අසාමාන්‍ය දෙයක් නෙවෙයි. සැකය ඊර්ශ්‍යාව නැත්තෙ පරිපූර්ණ ආදරයකදි උනත් අසීමිතව ආදරය කරන කෙනෙක්ට එහෙම දේවල් ඇතිවීම හිතා මතා වැලැක්විය හැකි දෙයක් නෙවෙයි නේද.
      මෙතනදි ඔයා අනවශ්‍ය විදිහට සසල උනේ කවුද කියල සඳහන් කරල නැහැනෙ.
      ම්ම්.. ඒ වගේම මේකෙ නිදසට බාධාවක් ඇති වෙලා තියන කෙනෙකුත් මට දකින්න අපහසුයි.

      මේ කතාවේදි මම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ආදරණීයන්ගේ ආදරේ ඔට්ටුවට තියල පුංචිම වත් අවදානමක් වත් ගන්න එපා කියන එක. ඒක හිතේ තබා ගන්න එක පාඩුවක් නෙවෙයි! ඉතිං කතාවේ තාත්වික බව කොහොම උනත් කවුරු හරි කවදා හෝ එවැනි අවදානමක් ගන්න හිතන දියක මේ කතාවේ අවාසනාව මතක් වෙලා ඒ අවදානම ගන්න එකෙන් වැලකුනොත් ඒකෙන් හොඳක් මිසක් නරකක් නම් වෙන එකක් නෑ කියල මම හිතනව.

      හැබැට කොමෙන්ට්ස් වල අකුරු සයිස් වෙනස් කල හැකිද? රූ කියනකම් එහෙම එකක් දැනන් හිටියෙ නැහැනෙ.
      පණ්ඩිතයා වගේ බ්ලොග් ලියන්න ආවට මට තාම මේකෙ ගොඩක් දේවල් තේරෙන්නෙ නැහැ නොවැ. ඉක්මනට අකුරු වල වැඩේ හදන්නම් රූ. ගොඩක් ස්තූතියි කිව්වට!

      Delete
  14. උපරිමයි එමමයි !!!!!!!!!කථාවනම් මරේ මරු !!!!!!! ලොවෙත් නෑ ලෝවැඩ සගරාවෙත් නෑ

    ReplyDelete
    Replies
    1. :D ස්තූතියි දිනෙල්ක!!!!

      Delete
  15. අනේ මන්දා මොනවා කියන්නද කියලා.උදාරිට ගාමිනිට හැමදේම කියන්න තිබුනා..ඒත් ඒ කිවුවත් ගාමිනි උදාරිට යන්න දෙයිද...ඒත් ගාමිනිටත් තව ටිකක් හිතන්න තිබුනා අවුරුදු ගානක බැදිමක් නම් කොහොමද එහෙම සැකයක් හිතට ආවේ...කොහොමත් සැකයක් ආවාත් ඒ දේ ඒ වෙලාවෙම විසඳගන්න තිබුනා..හිතේ තද කරන් දුක් විදිනවට වඩා එ වෙලෙම ඉවරකරගන්න එකයි වඩා හොඳ...එහෙම උනා නම් අද ගාමිනිත් ජිවත් වෙනවා....ලස්සන කතාවත් ගිම්..ගොඩක් දේවල් අපේ ජිවිත වලට ගන්න පුළුවන්....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. අපිට අහන්න වෙන ගොඩක් අවාසනාවන්ත සිද්ධි වලට පස්සෙ තමයි හිතෙන්නෙ මෙහෙම කලා නම් මෙහෙම කලා නම් කියල. ඒත් කලබල උනහම මීට වඩා මෝඩ වැඩ කරන අය ඉන්නවා නේද!
      ඊට වඩා මේකෙ එන ගාමිණී සන්සුන් වුනා වෙන්නත් පුලුවන්. මොහොතකට කලින් තමන්ගෙ බිරිඳ හෝටල් කාමරේකින් එලියට එනව දකිනව ඒ එක්කම එයාම බොරුවක් කියනව අහනව, ඉතින් ඒකට හිත කලබල වීම අසාමාන්‍යද? හැබැයි විනාඩි 10ක් 15ක් යන්න කලින් එයා හිත සන්සුන් කර ගන්නව විතරක් නෙවෙයි උදාරි වෙත තියන ආදරේ නොවෙනස් බවත් තහවුරු කර ගන්නවා. සිහි කල්පනාව එන්න තව තප්පර ගානක් තිබ්බා නම් හරි. ඉතිං එහෙම්මම ගෙදර ගියා නම් ප්‍රශ්නෙ ඉවරයි.

      කතාව මොකක් උනත් ගන්න ඔනේ දේ පැහැදිලි නේ! ඒකයි වැදගත්!

      Delete
  16. ඔන්න බට්ටිත් ආවා ගිමන් නිවා ගන්න. හෙමින් සේරම කියවන්නම්කෝ....
    සුභ පැතුම්..දිගටම ලියන්න....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි බට්ටි ගිමන්හලට ගොඩවැදුනට! ආදරෙන් පිලිගන්නවා!
      විවේක තියන වෙලාවලට ඇවිත් යන්න එන්න!

      Delete
  17. හරිම සංවේදී කතාවක් මේකනම්!!!හිතාගන්නවත් බෑ කියන්න දෙයක්!! හුඟාක් ලස්සනයි!!

    ReplyDelete
  18. අයියා හරිම සංවේදියි. හිතට දැනුනා, අදමනේ මෙහෙට ගොඩවුනේ, ඉතුරු ටිකත් හිමින්සැරේ කියවන්නම්. ජය වේවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මල්ලි!
      ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා. විවේකයක් තියෙන වෙලාවට ආයෙත් මේ පැත්තෙ ඇවිත් යන්න එන්න!

      Delete
  19. මාර විදියට හිතට දැනුනා! දිගටම ලියන්න සහොදරයා.. මේක ඇත්ත කතාවක්ද?

    මලින්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලින්!
      නෑ වාසනාවට මේක ඇත්ත කතාවක් නෙවෙයි සහෝ.

      ගිමන්හලට ඔයාවත් ආදරෙන් පිලිගන්නවා. ආයෙන් ඇවිත් යන්න එන්න!

      Delete