Friday, July 6, 2012

යූ ටියුබ් වීඩියෝ නොමිලයේම පහසුවෙන් දුරකථනයට ඩවුන්ලෝඩ් කර ගන්න....!

අපේ ප්‍රියතම මියුසික් වීඩියෝවක් හෝ සිනා උපදවන කුඩා වීඩියෝ ක්ලිපයක් යූ ටියුබයේ නැරඹූ විගස ඊළඟට ඇති වන ආසාව තමයි නැවත නැරඹීමට හෝ යහළුවෙකුට පෙන්වීමට එය ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියන එක. නමුත් දුර්වල අන්තර්ජාල සබඳතාවය හෝ මෙම් වීඩියෝ ක්ලිප ප්‍රමාණයෙන් විශාල වීම නිසාත් සමහරෙක්ට ඒවා භාගත කර ගැනීම අපහසුයි.


මෙයට විසදුමක් ලෙස මට හමු උනා අපූරු වෙබ් අඩවි දෙකක්. මෙම අඩවි දුරකතන සඳහාම සැකසූ වෙබ් අඩවි වීම විශේෂයි. (නමුත් පරිඝනක මගින්ද පිවිස සේවාව ලබා ගත හැක ) මේවායින් යූ ටියුබයේ ඇති වීඩියෝ කුඩා වර්ගයේ වීඩියෝ (3GP, MP4) බවට හරවා ඩවුන්ලෝඩ් කර ගැනීමට අවස්ථාව ලබා දෙනවා.


මෙම අඩවි දෙකෙන් එකක් තමයි tubidy මෙයින් වඩාත් උසස් ගුනාත්මක බවෙන් යුතුව වීඩියෝව ලබා දේ නමුත් වීඩියෝ සොයා දීම මදක් දුර්වලය.


අනෙක තමයි Vuclip මෙය පහසුවෙන් හා වේගයෙන් වීඩියෝ සොයා දෙන මුත් වීඩියෝවේ ගුණාත්මක බව සමහර විට අඩු වේ.


මෙහිදී කල යුත්තේ තමාට අවශ‍ය වීඩියෝවේ නම හෝ නමෙන් කොටසක් අදාල වෙබ් අඩවියේ ඇති සෙවුම් යන්ත්‍රයේ සඳහන් කර සෙවීමට නියෝග කිරීමයි. එවිට එමගින් ඔබට අවශ‍ය වීඩියෝවට අදාල වීඩියෝ ලැයිස්තුවක් ලබාදේ ( යූ ටියූබයේ එකම වීඩියෝව විවිධාකාරයෙන් අඩංගු වන නිසා). එම ලැයිස්තුවෙන් ඔබට වඩාත් සුදුසු යැයි සිතෙන වීඩියෝව තෝරන්න.


ඉන්පසු එම වීඩියෝවට අදාලව ඔබට තෝර ගැනීම් කීපයක් ඉදිරිපත් කෙරේ.

tubidy download menu -

Vuclip download menu -


- 3GP HI වර්ගය ( මෙය වඩාත් සුපැහැදිලි ගුණාත්මක බවෙන් වැඩි වීඩියෝවක් ලබා දේ නමුත් එහි ප්‍රමාණය විශාලය. උදා :- විනාඩි 4ක වීඩියෝවක් නම් 6MB ප්‍රමාණයක්)


- 3GP Reg වර්ගය ( මෙය තරමක් අපැහැදිලි ගුණාත්මක බවෙන් අඩු වීඩියෝවක් ලබා දේ නමුත් එහි ප්‍රමාණය කුඩාය. උදා :- විනාඩි 4ක වීඩියෝවක් නම් 3MB ප්‍රමාණයක්)


- MP4 වර්ගය (මෙහි තරමක් විශාල ප්‍රමාණයෙන් නමුත් ගුණාත්මක බව ඉහලය. සමහර පහසුකම් අඩු දුරකතන වල ධාවනය නොවේ. tubidy වෙබ් අඩවිය පමණක් මෙම පහසුකම සපයයි )


- වීඩියෝව කොටස් වශයෙන් ලබා ගැනීම (මෙයින් වීඩියෝව තත්පර 30 පමණ කුඩා කොටස් ලෙස ඩවුන්ලෝඩ් කර ගැනීමට හැකිය )


- ශබ්දය (Audio) පමනක් ලබා ගැනීම ( මෙහිදී tubidy අඩවියෙන්MP3 වර්ගයෙන්ද vuclip අඩවියෙන් Audio (2GP) ලෙසද වීඩියෝවට අදාල ශබ්දය පමනක ලබා ගැනීමේ පහසුව ලැබේ. )


ඉතිං ඔබ කැමතිම ගීත, සිනා උපදවන වීඩියෝ, කෙටි චිත්‍රපට පහසුවෙන් අඩු කාලයකින් ඔබේ දුරකථනය තුලටම ඩවුන්ලෝඩ් කර ගන්න.


tubidy වෙබ් අඩවිය වෙත යාමට මග - http://tubidy.mobi


Vuclip වෙබ් අඩවිය වෙත යාමට මග - http://m.vuclip.com


( පරිඝනකය තුලින්ද මෙම වෙබ් අඩවි වලට පිවිස ඉහත සඳහන් සියලු සේවා ලබා ගත හැක. සේවා සියල්ල සම්පූර්ණයෙන්ම නොමිලයේ වන අතර ලියාපදිංචි වීමක්ද අවශ්‍යය නොවේ )


18 comments:

  1. නියමයි හ්ම්ම්!

    ReplyDelete
  2. ස්තුතියි. අවශ්‍ය වූ විටෙක ප්‍රයෝජනයක් ගන්නම් :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හසිත! E ලිපියක් එව්වා පිලිතුරක් ඉක්මනට එවන්න!

      Delete
  3. ස්තුතියි ගිම්..
    මේ ගැන නම් තවත් හොයලා බලන්න ඕන..

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරල බලන්න සරලයි, පහසුයි!

      Delete
  4. දැන ගත්ත එක මතුවට ප්‍රයෝජනවත් වේවි..

    ReplyDelete
  5. ඒක නම් වටින දෙයක් අයියේ..බලන්නම්කෝ....

    ReplyDelete
  6. අඩේ එලනේ තැන්ක්යූ වේවා .............

    ReplyDelete
    Replies
    1. :) ඒකනේ අවශ්‍යතාවය ඇති කෙනාට තමා අගේ තේරෙන්නෙ. දැන් ඉතිං ඇති තරම් බාගන්නයි තියෙන්නෙ!

      Delete
  7. වැඩේ හොදයි.. ටෑන්ක් යූ!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා! කාලෙකින් දැක්කෙ!

      Delete
  8. ඒක නම් වටින දෙයක්....ස්තූතියි

    ReplyDelete
  9. මේක නම් වටිනවා ගොඩක්
    Thanks

    ReplyDelete