Thursday, July 5, 2012

දයාබර නැගණියට....!




සිනා පිරුණු කෙළි කවට කතාවට

විරාමයක් තැබුවේ මන්දෝ

පෙර මෙන් සෙල්ලම් ගීත ගයන්නට

පුංචි නංගියේ හිත නැතිදෝ


ආල හැඟුම් පූදින මල් සමයක

ඔය නෙතු අබියස හීන මැවෙයි

පොතින් පතින් ගිලිහී කවියක් ගැන 

හිතන්නෙපා නුඹෙ මග වැරදෙයි


ඉති අතරින් නැගි පුංචි කැකුළකින්

පිච්ච මලක් පිපුණම සුවඳයි

සිහින අතර නොරැඳී දිරි ගත්තොත්

නංගියෙ ජීවිතයම සුවඳයි!

22 comments:

  1. සිහින අතර නොරැඳී දිරි ගන්න වෙනවා ඇත්තටම ජීවිතේ ජයගන්න..
    ලස්සන සිතුවිල්ක් ගිම්..

    මට කාලෙකට කලින් අහපු අතුලගෙ විසිරුණු මල් පෙති සින්දුව මතක් වුනා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ! කිව්වත් වගේ ඒ සින්දුවත් මේකට ටිකක් සමානයි නේද!

      Delete
  2. ලස්සනයි!

    ReplyDelete
  3. අනිවාර්යෙන්ම ....

    ReplyDelete
  4. අධ්‍යාපනය ලබන කාලේ අධ්‍යාපනය ලැබිය යුතුයි කියන එක කදිමට කතා කරලා :)

    ReplyDelete
  5. හ්ම්ම්ම්... ලස්සනයි... :)))

    ___සිහින මදාරා____

    ReplyDelete
  6. ලස්සන කවි පෙලක්..

    ReplyDelete
  7. ගිමන්, මට ගිමන් ගැන ආඩම්බරයි. තව ටිකක ගැඹුරට හිතුවාම තමනුත් හරි මගෙ ගිහින් තියෙන අයියෙක්, නංගිගෙ හිත නොරිදවා, ඇගේ ඇහෙනුත් බලලා, ඇයට හරි මග පෙන්නලා දෙන ලස්සනම කවියක්. ඇත්තක් වුනත්, නිර්මාණයක් උනත් මටනම් මේක උසස්ම වර්ගයේ එකක්.

    (සාමාන්‍යයෙන් මම කවි වලට එච්චරම කැමැත්තකුත් නෑ ගිමන්. මේක විශේෂයි)

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි Dude,
      ඇත්තම කියනවා නම් මට කවි ලිවීමේ ලොකු හැකියාවක් නැහැ. සිතට ආව සිතුවිල්ලක් සරලව වචන වලට හරවන්න තමයි උත්සාහ කලේ. ඒකට මේ වගේ යහපත් ප්‍රතිචාර ලැබෙයි කියල නම් බලාපොරොත්තු වුනෙම නෑ. ගොඩක් සතුටුයි ප්‍රතිචාරයට!

      Delete
  8. //..පෙර මෙන් සෙල්ලම් ගීත ගයන්නට
    පුංචි නංගියේ හිත නැතිදෝ..//

    කවිය නම් සුපර්..හරිම ලස්සනයි අයියේ....

    ReplyDelete
  9. නැගණියකට ඔවදන් දෙන ආදරණීය සොයුරෙක්...

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් කිව්වට නංගිල ඕව අහන්නෙ නැති එක තමා ප්‍රශ්නෙ!

      Delete
  10. තවත් හදන්න. ලස්සනයි මේ කවිය...

    ReplyDelete