Wednesday, June 27, 2012

මත්පැනෙහි හපන්කම්......!


ඉතා බහුලව කථා කෙරෙන මාතෘකාවක් වුවත්. මත්පැන් භාවිතයේ අඩුවක් නම් 

දක්නට නෑ නේද? මොකක්ද මේකට හේතුව? එයට බොහෝ දෙන දකින හා 

නොදකින හේතු ගණනාවක් තියෙනවා.


1. මත්ද්‍රව්‍යය වලට ඇති ඒවාටම ආවේණික වූ ඇබ්බැහි කර ගැනීමේ හැකියාව.

2. මත්ද්‍රව්‍යය අලෙවිකරණය සඳහා ගෙන යන සූක්ෂම ප්‍රචාරණ ක්‍රම.

3. මත්ද්‍රව්‍යය පිළිබඳ හා ඒවායින් වන හානිය පිළිබඳ නිවරැදි අවබෝධයක් නොමැති 

වීම.


මත්ද්‍රව්‍යය වල ඇති ඇබ්බැහි කර ගැනීමේ ලක්ෂණය අපට නැති කල නොහැක. 

නමුත් සමූහයක් ලෙස බලපෑම් කිරීමෙන් මත්පැන් අලෙවිකරණය සඳහා ගෙන යන 

ප්‍රචාරණ නැවැත්වීමට හා ඒවා සමාජයෙන් ඈත් කිරීමට උත්සාහ ගත හැක. ඒ 

සියල්ලටම පෙර මත්පැන්, මත්පැන් වලින් වන හානිය හා මත්පැන් සම්බන්ධ 

අසත්‍යය මත මොනවාද යන්න මනාව වටහා ගත යුතුය.


කොටින්ම කිවහොත් "මේ තරමට බොන්න එපාය කියන්නෙ කුමක් හෝ සාධාරන 

හේතූන් තිබෙන නිසා බව" තම සිත තමන්ම රවටා ගෙන මත්පැන් පානය කරන අය 

වටහා ගත යුතුය.


වර්ථමානයේ ගොඩනගා ගෙන ඇති තවත් එක්තරා නිදහසට කරුණකි මේ

"අර අහවලාගේ අක්මාව නරක් වෙලාලුනෙ" "ඔන්න අරක්කු ටිකක් කටේවත් තියපු 

නැති එකාට වෙච්ච දේ!, නොබීත් ඕව හැදෙන එකේ බීල හදා ගත්තහම මොකද 

නේද මචං"


ඔබත් මේ නිදහසට කරුණ අසා ඇති. නමුත් මෙය කෙතරම් මෝඩ වටහා ගැනීමක්ද! 

මත්පැන් නොගත් කෙනෙක්ට මෙම රෝගය ඇති වීමට ඇති සම්භාවිතාව ඉතාම සුළු 

අගයකි. නමුත් මත්පැනට ඇබ්බැහි වූවනට එය ඉතා ඉහල අගයකි.


මෙය වටහා ගැනීමට රජයේ රෝහලක කායික රෝග (Medicine ward) පිරිමි 

වාට්ටුවකට යාමෙන් පුලුවන්. ඕනෑම දිනයක මෙම වාට්ටුව තුල තුන් හතර දෙනෙක් 

වත් අක්මාව විනාශ වීම නිසා උදර කුහරය තුල එකතු වන ස්‍රාවය ඉවත් කර ගැනීමට 

පැමිණ සිටී, ඒ සියලු දෙනාම මත්පැනට ඇබ්බැහි වූවන්ය. මාසයකට වරක් පමණ 

වෙනත් හේතුවක් නිසා අක්මාව විනාශ වීමේ තත්වයට පත් වූ අයෙක් දැකිය හැක.


ඉතිං එහෙන් මෙහෙන් ඇසුණු දේවල් පසෙකලා අපි බලමු ඇත්තටම මත්පැන් අපේ 

සිරුරට ඇතුලු වුන පසු වන හානිය.


පානය කරන මත්පැන් වලින් බොහොමයක් කුඩා බඩවැ‍ලෙන් සිරුරට අවශෝෂණය 

වන අතර ආමාශයේදීද අවශෝෂණය සීදු වෙනවා. එම ඇතුලු වන මත්පැන් රැධිරය 

ඔස්සේ ශරීරයේ සියල්ලක්ම වගේ අවයව වල සෛල වෙත ගෙන යනවා, මෙහිදී මේ 

මත්පැන් වලින් 91% පමණ අකමාවේදී බිඳ හෙලා විශහරණයට ලක් කරනවා.

කොහොමද මේ මත්පැන් සිරුරට හානි කරන්නේ?


ආහාර ජීර්න පද්ධතිය.


1. ආමාශයේ තුවාල වර්ධනය කිරීම (gastritis / peptic ulcer disease) 


මෙය ඇති වීමට හේතු ගණනාවක් බලපානවා. මද්‍යයසාර යනු එක්තරා විදිහක 

අම්ලයක්, ප්‍රබල අම්ලයක් නොවුනද ඉන් ආමාශයික යුශයේ ආම්ලිකතාව තවත් වැඩි 

කරනවා. අනික් කරුණ මත්පැන් පානය නිසා ආහාර ගැනීම මග හැරීමෙන් ආමාශයේ 

ආම්ලිකතාව ඉහල අගයක වැඩි වේලාවක් පැවතීම. මෙලෙස ඇතිවන තුවාල තවත් 

සාර්ථකව වර්ධනය කිරීමට මත්පැන් පානයේදී ගන්නා තෙල් අධික කටගැස්මට හැකි 

වෙනවා!


2. ක්ෂණික හා දිගුකාලීන අග්න්‍යාශයික ප්‍රදාහය. (acute and chronic pancreatitis)


අප ගන්නා අහාරයේ අඩංගු මේදය, ප්‍රෝටීන් හා පිෂ්ඨය ජීරනයට අවශ්‍යය එන්සයිම 

ස්‍රාවය කරනු ලබන්නේ අග්න‍යාශයෙනි. මද්‍යසාර මගින් මෙම අග්න‍යාශයේ සෛල 

වලට හානි කිරීම නිසා මෙම අවයවයේ සමාන්‍යය ව්‍යූහය බිඳ දමනවා. මෙහිදී 

ප්‍රෝටීන ජීරණයට අදාල වන එන්සයිම එම අවයවය තුලම ක්‍රියාකාරී වීම නිසා 

අග්න‍යාශයේ සෛල සීඝ්‍රයෙන් විනාශ වීම සිදු වේ. මෙලෙස ක්ශණික අග්න‍යාශයික 

ප්‍රදාහය ඇති වෙනව. එවැනි අවසථා වරින් වර ඇති වීමෙන් පසුකාලීනව එය 

දිගුකාලීන අග්න‍යාශයික ප්‍රදාහයක් බවට පත් වෙනවා. මෙය අතිශය වේදනාකාරී 

රෝගී තත්වයක්.


අක්මාව විනාශ වීම (cirrhosis)


සිරුර තුල ඇති අති විශාල රාජකාරී ප්‍රමාණයක් ඉටු කරන මෙම අවයවය ඉතා 

ක්‍රියාශීලීය. සිරුරේ විශහරණය සිදු කරන අවයවය බැවින් එම ක්‍රියාවලිය නිසාම 

අක්මාවට හානි සිදු වන අවස්ථාද ඇත. නමුත් ක්ෂණිකව විනාශ වූ සිය සෛල නැවත 

වර්ධනය කර ගැනීමේ හැකියාව මෙයට ඇත. මෙතරම් ප්‍රබල අවයවයක් වුවද 

මත්පැන් ඉදිරියේ පරාජයට ලක් වේ. මක් නිසාද, දීර්ඝ කාලීනව මත්පැන් වල 

විශහරණයේදී එහි සෛල විඩාවට පත්වීමයි. මත්පැන් නිසා එහි සෛල නිපදවීමේ 

වේගයට වඩා සෛල මිය යාමේ වේගය වැඩි වේ. සෛල අඩු වන විට විශහරණයද 

අඩාල වේ. එවිට විශ සාන්ද්‍රණය ඉහල යාම නිසා සෛල මියයාම වේගවත් වේ. මින් 

අක්මාව විනාශ වීම වේගවත් කරයි. 

මද්‍යසාර නිසා අක්මාව තුල මේදය අස්වාභාවික ලෙස තැම්පත් වීම සිදුවේ (fatty 

liver), මින් අක්මාව තුල ඇති නාලමය ව්‍යූහයන් අවහිර වීමෙන් අක්මාව ඉදිමීමට 

ලක්වේ. මේත් සමගම නොයෙක් විශ හා වෙනත් අපද්‍රව්‍යය අක්මාව තුල එකතු 

වීමෙන් අකමාව අසාදනයට ලක් වීම සිදු වේ. 


අක්මාව ඉදිමුමට ලක් වීමත් සමඟ ඒ හරහා ගමන් ගන්නා රුධිර නාල අවහිර වේ. 

මින් සිදු වන්නේ අක්මාවේ රුධිර සංසරනයට අසල්වාසිකම් කියන රුධිර නාල 

ඉදිමීමට පටන් ගැනීමයි. කාලයත් සමඟ අන්නශ්‍රෝතයේ (oesophagus) රුධිර නාල 

ඉදිමී එවා අහාර අමාශය වෙත ගෙන යන මාර්ගය තුලට නෙරා රුධිර ගෙඩි බවට පත් 

වේ. එම ගෙඩි පිපිරීමෙන් ලේ වමනය සිදු වේ. 


අක්මාවේ විනාශය එක දිගටම සිදු වුවහොත් ක්‍රමයෙන් එහි කාර්‍යයක්ශමතාව අඩුවී 

සිරුරට අවශ්‍යය නොයෙක් ප්‍රෝටීන වර්ග නිශ්පාදනය අඩු වේ. මින් සිරුරේ තරල 

පරිපාලනය අවුල් වේ. ඉන්පසු ආමාශ කුටීරය තුල තරල එකතු වීම කකුල් හා මුහුණ 

ඉඳිමීම සිදු වේ.


ස්නායු පද්ධතිය


එක දිගටම ස්නායු සෛල මද්‍යසාර වලට නිරාවරණය වීමෙන් එවායේ ජීව කාලය 

අඩු වීම හා අවසානයේ එම සෛල මිය යාම සිදු වේ. ස්නායු සෛල විනාශ වූ විට 

නැවත අලුතෙන් නිපදවීමක් සිදු නොවේ. මේ නිසා සිරුර පුරා පණිවිඩ හුවමාරුවේ 

හා සිරුර පරිපාලනයේ දුර්වලතා ඇති වේ. එමෙන්ම දිගු කල් පවතින ස්නායු 

සම්බන්ධ රෝග පැන නගී.


- අත පය වල හිරි වැටීම ඇති වීම හා දැනීම අඩු වීම.

- කුඩා මොළයේ සෛල විනාශ වීම (cerebeller degerenaration) නිසා සිරුරේ 

සමබරතාව පාලනය හා තවත් සිරුරේ සියුම් යාන්ත්‍රන ඇන හිටීම.

- ඇස් පෙනීම දුර්වල වීම.

- ලිංගික බෙල හීනතාව ඇති වීම.

- මතකය දුර්වල වීම (dementia)

- වලිප්පුව ඇති වීම.


රුධිර සංසරණ පද්ධතිය


රුධිර ගත මේදය වැඩි වීමට මද්‍යසාර හේතු වන බැවින් අධිරුධිර පීඩනය හා රුධිර 

නාල සිහින් වීමත් කුඩා මේද හා රුධිර කැටි මගින් නාල අවහිර වීමත් නිසා ආඝාතය 

(heart attacks / myocardial infarction) හා අංශභාග (stroke) තත්වයට පත් වීමේ 

අවදානම ඉහල යයි.


මද්‍යසාර වල ඇති පිළිකා කාරක ලක්ෂණය.


මද්‍යසාර මඟින් මුඛ පිලිකා, අන්නශෝතය ආශ්‍රිත පිළිකා හා අක්මාව ආශ්‍රිත පිළිකා 

ඇති කිරීමට හේතු වේ.


මද්‍යසාර මගින් සිරුරට සිදු කරන ප්‍රධාන හානීන් මෙසේය. මේ හැරුණු කොට ඉහත 

හාණීන් හා බැඳී දම් වැලක් සේ පැමිණෙන ලෙඩ රෝග ගණනාවක් ඇති බව සිහි 

තබා ගන්න.


මීට අමතරව ක්ශණිකව මද්‍යසාර විශ වීම යනු කුමක්ද යන්න කෙටියෙන් සඳහන් 

කරන්නම්. මෙම විශ වීම රුධිරයේ ඇති මද්‍යසාර සාන්ද්‍රනය අනුව සිදු වන හානිය 

පහත පරිදි කාණ්ඩ කල හැක.


රුධිර ගත මද්‍යසාර ප්‍රමාණය 20 - 99 mg/dl

- තම සිරුර පාලනය කර ගැනීම අපහසු වීම

- අනවශ්‍යය ලෙස සිනාසීම, කතා කිරීම, අස්වාභාවිකව හැසිරීම (euphoria)


රුධිර ගත මද්‍යසාර ප්‍රමාණය 100 - 199 mg/dl

- තනිව සිටගෙන සිටීමට නොහැකිය

- තීරණ ගැනීමේ හැකියාව අඩු වේ.

- ක්ශණිකව හැඟීම් ප්‍රකාශ කිරීම වෙනස් වීම එනම් එක වරම හැඬීම සිනාසීම වැනි 

අස්වාභාවික ස්භාවය.

රුධිර ගත මද්‍යසාර ප්‍රමාණය 200 - 299 mg/dl

- කතාව අපහැදිලි වීම හා වචන පෙල ගැසීම අපහසුවීම හා පාලනයෙන් තොර වී 

ඔහේ දෙඩවීම.


රුධිර ගත මද්‍යසාර ප්‍රමාණය 300 - 399 mg/dl

- මතකය ඇණ හිටීම (memory loss)

- සිහි විසඥ්ය වීම


රුධිර ගත මද්‍යසාර ප්‍රමාණය 400 mg/dl ට වැඩි

- ශ්වසනය ඇණ හිටීම

- දිගු කාලීන සිහි විසඥ්ය වීම (coma)

- මරණය


මීට අමතරව අධිකව මත්පැන් පානයෙන්

- ශ්වසනය ඇණ හිටීම

- ගිලීමේ හා හුස්ම ගැනීමේ යාන්ත්‍රනය අවුල් වීමෙන් වමනයේදී ශ්වසන පද්ධතිය 


අවහිර වීමේ අවදානම

- ක්ශණිකව රුධිර ගත ග්ලූකෝස් ප්‍රමාණය පහල බැසීමෙන් මොළයේ ස්නායු 

සෛල මිය යාම.


පාලනයක් රහිතව මත්පැන් පානයට ඇබ්බැහි වුවෙකුගේ ශරීර අභ්‍යන්තරයේ සිදුවන 

දේවල් ගැන යම් අවබෝධයක් දැන් ඔබට ඇත. පැහැදිලිව පෙනෙන රෝගයක් 

නොමැති වුවද මත්පැන් පානය කරන්නන්ගේ සිරුර නිරෝගී නැත. සිරුරට ඇතුලු 

වන සෑම මත්පැන් බිඳුවක්ම සිරුරේ සෛලයෙන් සෛලයට හානි කර සිරුර අඩපණ 

කරයි. සාමාන්‍ය මිනිසෙකු විඳින නිරෝගී සුවය ඔවුන්ගේ සිරුර තුල නැත.

නමුත්,ඉතා සෙමෙන් ඇස් පෙනීම දුර්වල වෙන අයෙකුට එම දුර්වලතාවය ඇස් ඉතා 

දුර්වල තත්වයට පැමිණෙන තෙක් නොතේරෙන්නාක් මෙන් මත්පැනට ඇබ්බැහි 

වූවන්ටද සිරුර දරුණු ලෙස හානි වන තෙක් තම දුර්වල බව නොතේරේ. එම 

දුර්වලතාවය දැනෙන විට ඔවුන් කරන්නේ තව තවත් මත්පැන් පානය කිරීමෙන් 

ශරීරයේ ස්නායු අඩපන කිරීමෙන් දුර්වලතා හා වේදනාවන් දැනීම අත්හිටුවීමයි.


හැකි නම් මත්පැන් වලින් ඔබේ හිතවතා මුදවා ගන්න. මත්පැන් පානය නතර කර 

සතියක් යන විට, සිරුරේ සෛල වලින් මද්‍යසාර හා එවායේ විශ කොටස් ඉවත් වන 

විට ඔවුන් නිරෝගී සිරුරක පහසුව වටහා ගැනීම ආරම්භ කරයි. මාස 6ක වසරක 

පමණ කාලයකට පසු ඔවුනට මත්පැන් නොබිව්වෙකු හා සමානව නිරෝගී සිරුරකට 

හිමිකම් කියනු ඇත.

එවිට ඇසි පෙනිම දුර්වලව සිටි අයෙකු නිරෝගී ඇස් යුගලක් ලැබීමෙන් සතුටු 

වන්නාක් මෙන් නිරෝගී කයක සතුට විඳිනු ඇති.


ඉතිං පමා නොවන්න නිවරැදි කිරීමට බැරි තරමට පත් වීමට පෙර ඔබේ ආදරණීය 

පියා, සහෝදරයා, සැමියා, මිතුරා බේරා ගන්න.


මත්පැන් නිසා ඇති වන ජීවිතය අඳුරු කරවන මානසික රෝග පිලිබඳ ලිපියකින් 

නැවත හමු වෙමු!


31 comments:

  1. වැඩැක් නෑ මෙව්වා අපි දැකලා දකින්න ඕනේ මේ ජරාව බොන උදවිය.....
    මෙව්වා බීවාම වෙන විපත ගැන...හැදෙන්නෙ නැති එකා මොනා කිවුවත් හැදෙන්නෙ නෑ...ඒකෙන් විපතක් උනාමයි තේරෙන්නෙ එතකොට ප්‍රමාද වැඩියි..මොනා උනත් වටිනා ලිපියක්....

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත නිෂ්, මේකට ඇබ්බැහි වුන ගොඩක් අය අවවාද කනකට ගන්න අය නෙවෙයි! ඒත් අඩුම තරමින් එක් කෙනෙක්වත් ගලවගන්න පුළුවන් වුනොත් ඒකත් ලොකු දෙයක්නෙ නේද!
      ස්තූතියි!

      Delete
  2. ගිමන් ඩොක්ටර්ස්ල ඔලුවෙන් හිටගෙන කිව්වත් බොන්න ඇබ්බැහි වුන කෙනා බොනවා . මම නම් මගේ ඕනෙම යාලුවෙකුට මේ අවවාදය සහ දුම් බොන්න එපා කියන එක කියන්නේ එකම එක පාරයි .ඉන් පස්සේත් වැඩේ ජයටම යනවනම් ඕනෙ තරම් බොන්න මට ප්‍රශ්නයක් නෑ කියලා හැම වෙලේම කියනවා .ඒක හොඳට එයාලට වදිනවා :)

    ගොඩක් උගත් යමක් කමක් තියෙන පන්තියේ අය ( ගෑණු පිරිමි දෙගොල්ලම ) බොන්නේ එයාලගේ සොෂල් ක්ලාස් එක , ෆෝර්වර්ඩ් ගතිය , පිරිමි කම පෙන්නන්නනේ .සමහරු කියනවා බියර් ටිකක් ගන්න එක හරි ගුණයි කියලා හාර්ට් ඇට්ටෑක් නවත්වන්නත් :) හී

    මට හොඳම අත්දැකීම් තියෙනවා පාර්ටි වල බීලා බෝතල් මූඩි පෑගුනත් වෙරි වෙන පිරිමි /ගෑණු ගැන . අන්තිමට පාර්ටි එන්ජොයි කරන්නත් නෑ . ලංකාවේ උදවිය තමන්ගේ ඩ්‍රින්ක් එක සිප් කරනව වෙනුවට කිරි බොන්න වගේ බීගෙන බීගෙන යන අයනේ :)

    මට හිතාගන්න පුලුවනි රෝහල වල බීමත්වෙලා ලෙඩ වෙලා එන උදවිය නිසා තියෙන කරදරේ .ඒත් මගේ මතය බොන කිසි කෙනෙක්ට නවත්වන්න කියලා ඕනෙවට වැඩිය උපදෙස් දෙන්න උවමනා නෑ . එයාලා ජීවිතේට ආදරේ නැති නිසා එහෙම කරන මෝඩ පිරිසක් .

    අහ් කියන්න ඕන අද මට ජොලි වැඩක් වුනා පස්යාල පෙරේරා ඇන්ඩ් සන්ස් අවුට්ලට් එකේදි . එතැන ටොයිලට් තියෙන area එකේම බාර් එකකුත් තියෙනවා . මම ලේඩීස් ටොයිලට් එකට ගියාම වැදගත් මහත්මයෙක් ඒකේ ඇතුලේ .මම බැලුවා මට වැරදිලා ද කියලා නෑ මම හරි .ඉති එයාගේ වැඩේ අහවර වෙනකන් මම එලියේ හිටියා .මෙයා එලියට ඇවිත් මට සැරෙන් කියනවා දිස් ඉස් ෆෝර් ජෙන්ට්ස් ලු .මම එයාට පෙන්නුවා ටොයිලට් එකේ තියෙන පුවරුව .ඔන්න එතකොට හොඳ සිහිය ඇවිත් ඉහෙන් කනින් දාඩිය දාලා සොරි කියලා ආයෙම බාර් එකට රිංගුවා :) මේ දැන් පැය 3 කට කලින් වුන බීමත් ජෙන්ටල් මෑන් කෙනෙක් සැපයුව විහිලුවක් :)

    ReplyDelete
    Replies
    1. කියන්න කියන්න එකම වැරැද්ද කරනව දකිනකොට වැරදි පෙන්වල දීමත් එපා වීම ස්භාවිකයි තමා TG. මොනව කරන්නද දැන් හොඳට ඉන්න එකා තව කාලයක් යනකොට ඇවිදින අපායක් වෙන්න පුලුවන් නේද කියල හිතන කොට කටපියාගෙන ඉන්නත් බැහැනෙ. ඔය කට්ටිය හිතනවද දන්නෑ එයාලගෙ බිමට ඉරිසියාවෙ එපා කියනව කියල.
      හප්පේ ඔව් අපේ කට්ටියට බොන්න ගත්තහම සීමා මායිම් නැහැනෙ. වැඩි දෙනෙක් වැඩ වරද්ද ගන්නෙ ඔය මෝඩකම හින්ද තමා. මුලින් පටන් ගන්නෙ යාලුවන්ට බෑ කියන්න බැරුවට, ලොකුකම පෙන්වන්න, අත්හදා බලන්න කියල, අන්තිමට බේබද්දෙක් වෙනකල් තේරෙන්නෙ නෑ ( වුනාට පස්සෙ තේරෙන්නෙත් නෑ )

      :D හපොයි පුදුමයක් නෑ බෝඩ් එකක් පෙනුනෙ නැති එක, වැඩේ කරන්න ඔය තරම් දුරක්වත් ආව එකත් මදෑයි නේද? ඔතනින් පටන් අරන් ගෙදරට යනකල්ම ඔය කෙනා ලෝකෙ හිනස්සන එක තමා කරන්නෙ. කොහොම වුනත් හරි උදව්වක් ලැබුනොත් හරි පාරට ජීවිතේ දාගන්න හිත හයිය පිරිසකුත් ඉන්නව. ඒ කෙනෙක් හරි ගැලවුනොත් එකත් ලොකු දෙයක්.

      Delete
  3. මමත් මේක බැලුවා, ෂික් මට අතඇරගන්ඩ බෑනේ

    ReplyDelete
    Replies
    1. ඔබවත් ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා!
      මේ ලෝකේ කරන්න බෑ කියල දෙයක් නෑ වුවමනාව තියෙනවා නම්! අත්හරින්න ඕනෙ කියල හිතෙන එකමත් ජයග්‍රහණයක්, කරන්න තියෙන්නෙ හොඳ අධිශ්ඨානයක් අරගෙන ඒක ක්‍රියාත්මක කරන එක! තනිවම බැරි නම් ලඟම හිතවතෙක්ගෙ උදව් ගන්න අමතර බලපෑමකින්. මිට අමතරව ' සහනය ' ' මැල් මැදුර ' වැනි ආයතන වල සහය ලබා ගන්නත් පුලුවන්. ඉතිං බැහැ කියල නොසිතා කොහොම හරි මම මේක කරනව කියල හිතා ගන්න!
      අයෙත් විවේකී වෙලාවට ගිමන්හල පැත්නෙ ඇවිත් යන්න එන්න.

      Delete
  4. ගොඩක් වැදගත් තොරතුරු ටිකක්.. මේ දේවල් බොන අයත් තේරුම් ගන්නවනම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ්, ඇබ්බැහි වීම කියන්නෙ ඕකට තමා, ඇත්ත දැන දැනත් දිගටම බොන්න තරම් මෝඩ වීම. බලමුකෝ එක්කෙනෙක් දෙන්නෙක්වත් තේරුම් අරන් හැදුනොත් මදැයි!

      Delete
  5. බොන අයව හදන්න හරි අමාරුයි අප්පා..කොහේද ..

    අදත් දිගම දිග ගොඩක් වැදගත් පෝස්ට් එකක්..අපේ බොනපාට් ලාට මේක තෙරුනොත් ලොකු දෙයක්..

    ReplyDelete
  6. සතූතියි නිම්ශා නංගි, අදත් එන්න ටිකක් පරක්කු වුනා නේද!
    ඒක නේන්නම් අප්පා, බීලම මොළේ නරක් වෙලා හින්දද මන්ද කියන දේවල් තේරුම් ගන්න ප්‍රමාද වෙන්නෙ.

    ReplyDelete
  7. ගොඩක් වටින පෝස්ට් එකක්..අකාලයේ මරණය ලං කරගන්න දගලන මිනිස්සුන්ට හොද පණිවිඩයක් දුන්නේ..මේ වෙන විනාශය තේරුම් අරගෙන එක්කෙනෙක් දෙන්නෙක්වත් මේ දේවල් වලින් ගැලවෙනවා නම් ලොකු සතුටක්..මොනවා වුනත් පෝස්ට් එක නම් සුපර්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතුවිලි!
      මගෙත් ප්‍රාර්ථනාව ඒකම තමයි. මිනිස් ජීවිතයක වටිනාකම හරි හැටි තේරුම් ගන්නවා නම් ඔහොම විහින් නාස්ති වෙන එකක් නෑ.

      Delete
  8. අපි නං ඇල්වතුරත් නිමලයි බොන්නේ :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. :D එහෙනම් ඉතිං බය වෙන්න දෙයක් නෑ!
      ස්තූතියි රජෝ! සුභ වේවා!

      Delete
  9. ගොඩාක් වටින අදහසක්.......

    ReplyDelete
  10. දැනුවත් කිරීමනම් උපරිමට කරල තියෙනවා ලොකු සමාජමෙහෙවරක්...මේ වගේ පෝස්ට් එකක් බ්ලොග් එකක දැක්කමයි..වටිනවා ගොඩක්ම තේරුම් ගන්නවනම් ඇබ්බැහි වුණ අය..බැලිය යුත්තෝ බලත්වා..ඉක්මණින් තේරුම් ගනිත්වා...

    ඔබේ සාරවත් ලිපියකින් හමුවෙමු ආයෙමත්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිහින සිත්තම්!
      ඔයා හරි, මත්පැනට ඇබ්බැහි වූවන්ගෙ, මත්පැනින් වැසී ගිය බුද්ධිමත්ව සිතීමේ ශක්තිය යලි පහළ වේවා කියල ප්‍රාර්ථනා කරමු.

      Delete
  11. ගොඩක් වැදගත් ලිපියක් . ඔයා සේරම විෂය කරුණු මතක් කරලා මේ වගේ ලිපි දානකොට මට නම් මං ගැනම ලැජ්ජයි, මොකද මෙහෙම සංයමයෙන් ඉවසිලිමත්ව ලිපියක් ලියන්න මට නම් බෑ. පේනවනෙ මගෙ "ලෙඩක් ගැන" බ්ලොග් එක පාළුවට යන හැටි. ඔන්න මම මගෙ මූණු පොතටත් මේකෙ ලින්ක් එකක් දැම්මා.

    ReplyDelete
    Replies
    1. එහෙම නෑ මම දැක්කා ඔයත් වටින ලිපි ගොඩක් දාල තියෙනවා. එව දැකලා තමයි මටත් මේවගේ දේවල් ලියන්න හිතුනේ. ඇත්තම කියනවා නම් මේ වගේ ලිපියක් ලියන්න ටිකක් වෙලා යනවා. හැබැයි ගන්ධබ්බ් අවධිය නිසා විශය කරුනු අමතක වීම වලක්වා ගන්නත් උදව්ක්.
      ගොඩක් ස්තූතියි සිදූ!
      මූණු පොතෙත් ගිමන්හල ඉන්නවා පුලුවන් නම් එකටත් ලයික් එකක් දාන්න කැමති නම්,

      http://www.facebook.com/gimanhala

      ඔයත් "ලෙඩක් ගැන" බ්ලොග් එක ලියන්න ගන්නකෝ! එක ගොඩක් වටින බ්ලොග් එකක්!

      Delete
    2. සිදූ හැම දෙටම කලින් අර කොටස් වසයෙන් පලවෙන පෙම් කතාව ඉවර කරලා ඉන්න :) kidding

      Delete
    3. අද යාන්තම් සෑහෙන දවසක් බලා ඉඳල ඉඳල කතාවෙන් තව ටිකක් අහ ගත්ත. ඊළඟ කොටස නම් ඕන් ඉක්මනට ඕනෙ සිදු!

      Delete
  12. මම අදමයි ආවෙ ගිමන්! කලින් පෝස්ට් එක තමයි ඉස්සෙල්ලම කියෙව්වෙ.

    මම දුම්බීම සම්පූර්ණයෙන් අත හැරියා. කතාව මෙතනින්.

    සැර මත් පැන්භාවිතය නැතිම තරන්. මෙන්න මෙදාට පස්සෙ.

    අපි දිගටම එනෝ!! :)

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔබව ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා Dude!
      ඔබේ ලිපි දෙකම කියෙව්වා. දුම්බීම අත් හැරීම ඔය ජීවිත කාලය තුල ගත්ත වටිනාම තීරණ වලින් එකක් වේවි. ඇත්තටම ඔබේ උත්සාහය අගය කල යුතුයි. බොහෝ දෙනෙක්ට ඔබේ කතාව ආදර්ශයක්.
      අත්දැකීමෙන් පාඩමක් ඉගෙනගෙන තියෙනවා නේද! ඒකත් වටිනවා, මත්පැනුත් සම්පූර්ණයෙන් නවතා දමන්න එවිටත් ඔබට ලාබයක් මිස පාඩුවක් කිසි විට සිදු වන්නෙ නැහැ.
      යලිත් විවේක වෙලාවට ඇවිත් යන්න එන්න. ඔබේ වටිනා අදහස් ගිමන්හලට එකතු කරන්න.

      Delete
  13. බේබද්දෝ කියන්නේ නම්
    …සුරාවෙහි අගයත් - එහි ඇති මනා ගුණයත්
    …බොන සුදනෝ දනිත් - නොබොන අනුවණ දනෝ නොදනිත් කියලා :D

    ReplyDelete
    Replies
    1. හෙහ් ඔහොම මෝඩ කතා වලින් තමා එයාල එයාලගෙම හිත රවට්ටගන්න පුරුදු වෙලා තියෙන්නෙ. ඔය මොනව කිව්වත් එයාලම දන්නව වැඩේ නරකයි කියල.

      Delete
  14. මම හැමදාම බොන්නේ නැතත් බොන වෙලාවට හොදට බොනවා...
    අරක්කු බොන එක ගැන මම කවදාවත් පසු තැවෙන්නේ නැහැ.
    හැබැයි බොන්නේ ඒ විදියට.
    බිව්වට පස්සේ සහ සාමාන්‍ය ආහාර වේල් සදහා බීමටම සරිලන ආහාර ගන්නත් පුළුවන් තරම් උත්සාහ කරනවා.
    ඒ ගැන පොඩි විස්තරයක් මෙතන තියනවා.
    නිකමට වගේ ලිංක් එකත් දාන්නං....
    http://rana-liyana-blog.blogspot.com/2012/02/for-drinkers-and-smokers.html

    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. මම ගරු කරන යාලුවෙක් දාපු මෝඩ කමෙන්ට් එකක් කියල කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් රනාගෙ කමෙන්ට්ස් වල ගන්න දෙයක් තියනව. ඒත් මේකෙ නම් ගන්නම දෙයක් නෑ. වරදක් සාධාරනීකරණය කිරීමක් පමණයි මේ.

      Delete
    2. ඉතිං රනා අරක්කු බීම අඩු කලොත් හරි නැවැත්තුවොත් හරි ඔයාට වෙන පාඩු ටිකක් හිතන්න පුලුවන්ද? එකක් වත් නෑ නේද? ඉතිං අපි ඕක නතර කරල දාමු!

      Delete
  15. Ara mathalan, maraya saha kaka alcohol promote karana eka nawaththanna monawa hari karanwada please? meka jathika aparadayak. Mata mekata welawa ne..

    ReplyDelete
  16. හරිම වැදගත් ලිපියක් ඔබට ගොඩක් ස්තුතියි.
    මත්පැන් බොන කෙනෙකුට එයින් මිදෙන්න වැදගත්
    තොරතුරු තියෙනවා.

    ReplyDelete