Friday, June 15, 2012

ඉගෙනීම රසවත් කරගමු!


උසස් පෙල විභාගයත් ලඟ ලඟම එනවා නේද? නංගිලා මල්ලිලා දුම් දමාගෙන පාඩම් 

කරන කාලෙ. මේ කාලෙට ඉතින් මාත් උසස් පෙල කරපු හැටි මතකෙට එනව.


කොයි කවුරු උනත් පාඩම් කිරීම, විභාග වලට මුහුණදීම වගේ දේවල් එතරම් 

කැමැත්තකින් කරන දේවල් නෙවෙයිනේ. අවිවේකය, මානසික පීඩනය, නිදිමත, 

සමහර විට ගෙදර උදවියගෙ වුවමනාවට වඩා කරන උනන්දු කිරීම් නිසා බොහොම 

අසීරු කාලයක් තමා ඔය කාලෙ. කොයි කොහොම උනත් අපි හොඳින් තෙරුම් ගත 

යුතු දෙයක් තමයි අපි අකමැති උනත් කැමති උනත් පාඩම් කරන්නම ඕනනෙ 

විභාගයට මුහුන දෙන්නත් වෙනවානෙ. ඉතිං ඒ නිසා පාඩම් කරන එක කැමැත්තෙන් 

හිතට සතුටක් දැනෙන විදිහට කරන්න පුරුදු උනොත් නරකද?


දැන් ඔයාල අහයි අපෝ පාඩම් කරනව වගේ දෙයක් සතුටින් කරන්න කොහොමද 

කියල. ඒක එතරම් අපහසු දෙයක් නෙවේ. අපි හිතන විදිහ, ගති පැවතුම් ටිකක් වෙනස් 

කර ගන්න තමයි තියෙන්නෙ. අපි එකින් එක කථා කරල බලමුකෝ පාඩම් කිරීම 

අසාර්ථක වෙන්න හේතු හා ඒවට විසඳුම්.


කල් දමන ආරම්භය නොහොත් බාලගිරිදෝශය ජය ගැනීම!


හැමෝටම නොවුනත් ගොඩක් අයට තියන දුර්වලකමක් තමයි පාඩම් කිරීම ආරම්භ 

කරන්න තියන කම්මැලිකම.

පොඩි උදාහරණයක් කියන්නම්කො, ඔන්න නිවාඩු දවසක්, උදේ නැගිටලා මුණ කට 

සෝදල, පිලිවෙලක් වෙලා උදේ තේ එක එහෙම බීල පාඩම් කරන්න කියල මේසෙට 

එනවා. ආවට මොකද පාඩම් කරන්න හිතෙන්නෙ නැහැ. පටන් ගන්න හිත ටිකක් බෑ 

බෑ කියනවා. 

විශ‍යයන් කීපයක් තියන නිසා මොකක් පටන් ගන්නවද කියල 

තොරාගන්න බෑ. කොහොමින් හරි එක විශයයක තෝරගෙන පටන් ගත්තත් ටිකකින් 

හිතෙනවා ඒ විශයය කම්මැලි හිතෙනවා වෙන එකක් බලනව කියල, ඔය විදිහට 

විශයයන අතරේ මාරු වෙවී ඉඳල හිතනව උදේට කාල එහෙම හිතට අරන් පාඩම් 

කරනවා කියල.


 ඉතිං උදේ කෑම කාල පාඩම් කරන මේසෙට එන ටිකට පොඩි 

නිදිමතක් එනවා වගේ. නිදිමත මඟ ඇරව ගන්නය කියල හිතාගෙන රූපවාහිනිය 

නැත්නම් පරිඝනකය දාගන්නවා, ෆේස්බුක් භාවිතයට ඇබ්බැහි වුන කෙනෙක් නම් 

ඉතිං දුවන්නෙ එතනට තමා. ඔන්න ඔතනින් සිහිබුද්ධියෙන් පාඩම් කරන්න තිබුන 

හැකියාව ඉවරයි වගේ තමා. මොකද රූපවාහිනියෙන්, පරිඝණකයෙන්, ෆේස්බුක් 

එකෙන් අපේ හිතට ගොඩාක් බහුබූත අතුලු වෙනවා අපිට නොදැනීම. ඒවායින් අපේ 

හිත විසුරවනවා. පාඩම් කරන්න යම් කැමැත්තක් තිබුනා නම් ඒක බින්දුවටම බැහැල 

යනවා. 

ඔතනින් පසුවත් විවිධාකාර හේතු, අපහසුකම් මවාගෙන හවස් වෙන තුරුම 

කල් දැමීම තම සිද්ද වෙන්නෙ. හවස් වෙනකොට ගෙදර උදවිය වැඩ රාජකාරි ඉවර 

වෙලා ගෙදර ඇවිත්, ඊට පස්සෙ ගෙදර සද්දෙත් ටිකක් වැඩියි. රූපවාහිනියෙ සද්දෙත් 

එහෙන් මෙහෙන් ඇහෙනවා. එයාලට හිතෙන් බැන බැන පාඩම් කරන්න උත්සාහ 

කලාට කෙරෙන පාඩමක් නැහැ. අන්තිමට රෑ නිදිමත වේගෙන එනකොට, ඔන්න 

ඔහේ හෙට ඉදන් නම් බැහැලම පාඩම් කරනවා කියල හිතාගෙන ඇඳට පනිනව. ඒ 

හෙට දවස නම් හැබැයි උදා වෙන්නෙ කලාතුරකින්!


සම්පුර්ණ්යෙන්ම නොවුනත් ඔබටත් මේ දුර්වලකම සුලුවෙන් හෝ පාඩම් කටයුතු 

වලට බාධාවක් වෙලා තියනවා වෙන්න පුලුවන්.

අපි බලමුද වැරදුනේ කොතැනද කියලත් මේ දුර්වලකම ජය ගන්න ක්‍රමයක් 

හොයගන්න පුලුවන්ද කියලත්.

වැරදීම සිදුවුනේ අපි කරන්න යන්නේ කුමක්ද කියල උවමනාවෙන් නොහිතපු එකත් 

සැලැස්මක් නොමැති වීමත්ය.

හෙට දවස සැලසුම් කල යුත්තේ පෙර දින නින්දට යාමට පෙර. ඕකට හැබැයි විනාඩි 

දහයක් තිබුනා නම් හොදටෝම ඇති, ලෝකෙ පෙරලන්න සැලැස්මක් හදනවා 

නොවෙයිනේ. ඒ නිසා නින්දට කලින් පොඩි වෙලාවක් අරගෙන හිතන්න හෙට දවස 

නිවාඩු, මේ දවසේ මගේ වැඩ වලින් සෑහෙන ප්‍රමානයක් ඉවර කරගන්න පුලුවන්. 

කොහොමද මම ඒක කරගන්නෙ, විශයයන් ගැන දල වශයෙන් වෙන වෙනම හිතල 

බලන්න. මුලින්ම පහසුවෙන් ඉවර කර ගන්න පුලුවන් පහසු විශයය කොටසක් 

තෝරා ගන්න. මොකද කෙටි වෙලාවකින් එය සම්පූර්ණ කරන ඔබට එයින් ලැබෙන 

තෘප්තිය නිසා දිගටම පාඩම් කරන්න ශක්තිය ලැබෙනවා. ඊළඟට ඔබට වැදගත් කියල 

හිතෙන පිලිවෙලට කොල කෑල්ලක පාඩම් කල යුතු විශයය කොටස් එකතුවක පුංචි 

ලැයිස්තුවක් හදල මේසෙ උඩින් තියල නින්දට යන්න.


නිවාඩු දවස කියල දවල් වෙනකල් නිදා ගන්න නම් එපා. මොකද එයින් හිතට 

සහනයක් දැනේවි කියල හිතුනත් ප්‍රමාද වෙලා අවදි වුනවිට අපි අපිටත් නොදැනීම 

දවසේ පසුගාමි වූ කෙනෙක් වෙලා ඉවරයි. ඉතිං උදේ පාන්දරම අවදි නොවුනත් 

ටිකක් සධාරන වේලාවකින් අවදි වෙන්න.


උදයේ අවදි උන ගමන් කරන්න පොඩි ව්‍යායාමයක් කියන්නම්. නොවැදගත් කියල 

එක පාරට ඉවත නොදමා දවසක් දෙකක් අත්හදා බලල ප්‍රතිඵලයක් නෑ කියල 

හිතනවා නම් නොකර ඉන්න. හොඳයි ව්‍යායාමය තමයි, උදේ ඇස් අරින ගමන් 

පෙනහලු පිරෙන්න හොඳ හුස්මක් අරන් පිට කරල, මූණට පොඩි හිනාවක් ගන්න, ඒ 

එක්කම හිතට එන පලවෙනි සිතුවිල්ල හැටියට අද නම් හොඳ දවසක් කියල හිතට 

දැනෙන්න හිතා ගන්න. ඔන්න ව්‍යයාමෙ. අපහසු දෙයක් නෙවෙයිනෙ නේද? (අවදි 

වුන ගමන් ආගම සිහි කරන්න පුරුදු වුන අය ඉන්නවා නම් ඒක තමයි හොඳම දේ, 

ඉහත ව්‍යායාමෙ යෝජනා කලේ අවදි වුන ගමන් තව විනාඩි 5 කට කියල අනිත් 

පැත්ත හැරිල නිදා ගන්න හිතෙන අයට ඒකෙන් ගැල වෙන්න )


ඉහත ව්‍යායාමෙත් එක්ක හිතට එන සතුටත් අරගෙන නැගිටල මූණ කට හෝදගෙන 

මේසෙට එන්න. දැන කලින් වගේ හිත හිතා ඉන්න දෙයක් නැ, වැඩ ලැයිස්තුව මේසෙ 

උඩ තියෙනවනේ.

හිතාගන්න පලවෙනියට යොදා ගත්ත වැඩේ කරලමයි නැගිටින්නෙ කියලා. තමන්ගෙ 

අධිශ්ඨාන ශක්තිය ගැන විශ්වාස කරන්න. 

ඉතිං කලින් තෝර ගත්ත විදිහට පහසු විශ‍යය කරුනක් නිසා අපහසුවක් නැතිව 

ඉක්මනින්ම ඉවර කරන්න හැකි වේවි. සමහර විට සම්පූර්ණ්යෙන් මතක තියා ගන්න 

අපහසුකම් ඇති වේවි, ගණිත ගැටලුවක් නම් විසඳ ගන්න අපහසු වේවි. නමුත් අපහසු 

තැන් ඉතිරි කරල  ඒ තැන් ලකුනු කරගෙන, අදාල කොටස අවසානය තෙක්ම යනවා 

මිසක් විවේකයට කියල නැගිටින්න එපා.


කෙසේ හෝ ඔබ ලැයිස්තුවේ පලවෙනි මතෘකාව අවසන් කරනවා. දැන් ඔබට 

තෘප්තියක් දැනෙනවා නේද? වෙනදා පාඩම් කරන්න සැරසෙන වෙලාව වෙනකොට 

අද එක් අදියරක් අවසන් කරලත් ඉවරයි. බොහෝ විට ඔබ දෙවෙනියට ලැයිස්තුවේ 

තියෙන විශයය කොටසට අදාල කාර්යත් පටන් ගනීවි ඒ ගැම්මටම! ඔන්න ඔබ 

නිවරැදි ආරම්භයක් ලබා ගෙන. උදේ ආහරය ගන්නේ ඒ සතුට හිතේ තියාගෙන, ඉතිං 

කෑමෙන් පස්සෙ කෙලින්ම ඔබ එන්නෙ පාඩම් මේසෙට මොකද ඔබට දැන් අවශ්‍යය 

ඉක්මනින් ලැයිස්තුවේ ඉදිරියට යන්න.


මේ විදිහට ඔබ දවල් වෙන කොට පහු ගිය සතිය පුරාවටවත් නොකරපු තරම් වැඩ 

කොටසක් නිම කරල. දවාලේ වත්තෙ පිටියෙ හරි ගෙදර දොරේ හරි සුලු වැඩක් 

පලක් කරල නාල කාල නැවතත් ලැයිසිතුවේ ඉතිරි වෙලා තියන වැඩ ටික අවසන් 

කල හැකි. හවස් වෙනකොට ගෙදර කොහොමත් ටිකක් කලබලයිනේ ඉතිං ඒ 

වෙලාවට හිත සැහැල්ලු වෙන්නත් එක්ක නිදහසේ ගත කරන්න පුලුවන්. 

ගෙදර සද්ද බද්ද අඩු වුනහම නිදිමත එන තුරු තවත් පාඩම් වැඩක් කර ගන්න 

පුලුවන්. 


දවසේ අවසානයට මොකද කරන්නෙ. දවසේ කරපු වැඩ කොටස හිතල බලන්න. ඒ 

සතුට විඳින්න. ඒ ඔබේ මහන්සියට කරන සාධාරනයක්. හිතල බලන්න වෙනදට වඩා 

පාඩම් කටයුතු උවමනාවෙන් කලා නේද කියල.. වෙනදට වඩා ඉතා වැඩි විශයය 

කරුනු ප්‍රමාණයක් මතක තියා ගන්න පුලුවන් උනා. මීට අමතරව ඔබේ ජීවිතයට 

නොදැනීම ඇතුලු වුන දේවල් කීපයකුත් තියෙනව! ඒ තමයි ඔබ ඔබේ අධිශ්ඨාන 

ශක්තිය අත්හදා බැලුව එය මුවහත් කලා, සැලස්මක් ඇතිව වැඩ කිරීම කියන 

දියුණුවේ ප්‍රභල සාධකයක් ජීවිතයට හුරු කර ගත්ත, කාලය ප්‍රයෝජනවත්ව ගත 

කිරීමෙන් ලැබෙන සතුටේ රසය අදුන ගත්ත.


ඉතිං හෙට දවසේ සැලැස්ම හදල තියල සතුටත් හිතේ පුරෝගෙන නින්දට යන්න.


සාර්ථක දවසක්! මොකක්ද රහස? "සාර්ථක සැලසුම් සහගත ආරම්භය"


ආරම්භය ගත්තට තවත් ගැටලු ඇති වෙනවනෙ නේද? අපි ඒ ගැටලුත් එකින් එක 

කථා කරමු. හැකි පමනට විසඳුම් හොයමු. ඔබට ජය!

6 comments:

  1. මටත් එහෙම තමා අලේ ඉස්සර පාඩම් කරන කාලේ..හැබයි මෙහෙමයි මම දැනන් උන්නා මට ගැලපෙන විදියට පාඩම් කරන විදිය.. ඉස්සර මට මතක විදියට මට පාඩම් කරන්න ඔනි කතන්දරයක් වගේ මටම මම තනියෙන් කියොන කොට..ඉස්කොලේ යනවා නම් කාට හරි එ පාඩම කතන්දරයක් වගේ කියලා දෙන එක තරම් දෙයක් නැහැ..එයැයිටත් කියලා දෙනවා..මටත් පාඩම් හිටිනවා..

    අනික අර කියලා දුන්න ව්‍යායමත් එලැ ඇ.. මට නම් උදේ නැගිට්ට ගමන් ඔනි වතුර එක .. අනිත් දවසේ නැගිට්ට ගමන් හිනා වෙන්නම්කෝ.. :D

    අපේ නංගිලා මල්ලිලට නම් මේක හොද ආරම්භයක් වෙයි..කාටත් පාඩම් කරන්න ගැටලු තියෙන අයට..

    හොද වැඩක් ...

    ReplyDelete
  2. ඔයා හරියටම හරි නිම්ශා පාඩම් කිරිමේ හැකියාව වගේම පාඩම් කිරිමේ ක්‍රම කෙනාගෙන් කෙනාට වෙනස් වෙනව. තමන්ට ගැලපෙන ක්‍රමය අදුනගෙන ඒ ක්‍රමය වැඩි දියුණු කර ගන්න ඕනෙ. අනෙක තව කෙනෙක් පාඩම් කරපු දෙයක් තව කෙනෙක්ට කියා දීම තමයි විශය කරුණු මතක තියා ගන්න තියන සාර්ථකම ක්‍රමය.
    එහෙනම් ව්‍යායාමෙ අත්හදා බලල ප්‍රතිඵල කියන්නකෝ, වතුර එක ගන්න නැගිටින කොටත් මුනෙ හිනාව තියෙන්න ඕනෙ ඒ කියන්නෙ ඇහැරෙන කොටම මතකෙට එන්න ඕන පලවෙනි දේ තමයි හිනා වෙන්න ඕන කියන එක :)
    සරල දෙයක් වගේනෙ පේන්නෙ නේද ඒත් හිනාවක් උපදවන්න අපේ මොලේ සතුටට අදාල පෙදෙස් සක්‍රීය කරන්න ඕන. ඉතිං දවසේ මුලින්ම අපේ මොලේ සතුටට අදාල කොටස් නේද අවදි කරව ගන්න ඕනෙ! කරලම බලන්නකෝ!

    ReplyDelete
  3. :) මගෙත් පාඩම් කිරිල්ලට බාලගිරි දෝෂෙ තමා. බලමු බලමු ව්‍යායාමෙ කරලා.

    ReplyDelete
  4. මුලින්ම නලිනිව ගිමන්හලට ගොඩක් ආදරෙන් පිලිගන්නව!

    තවත් හිත හිතා ඉන්න එපා අදම පටන් ගන්න අප්‍රමාදව වැඩ කරන්න පුරුදු වීමත් දියුණුවේ දොරටුවක්නේ! ව්‍යායාමෙත් කරල හිතේ සතුටෙන් අද ඉදන් නම් පාඩම් කරනව කියල අධිශ්ඨාන කරගෙන වැඩ පටන් ගන්න, සියලු දේ සාර්ථක වේවි.

    ගිමන්හලට ගොඩවැදුනට ස්තූතියි! නැවතත් විවේක වෙලාවට ගිමන්හල පැත්තෙ ඇවිත් යන්න එන්න!

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. බොහොම වැදගත් ලිපියක්......

    ReplyDelete