Wednesday, June 6, 2012

ඔබත් එන්න ගිමන්හලට!


ගිමන්හල කිව්වහම ඉතින් කොයි කාටත් හිතට ගතට සුවයක් දැනෙන තැනක්නේ නේද? ආදි කාලෙ, ඒ කිව්වෙ රථ වාහන මුකුත් නොතිබුන කාලෙ ඔය ලොකු පොඩි හැමෝම ගමන් බිමන් ගියේ පයින්නෙ. ඉතිං ඇවිදල ඇවිදල මහන්සි දැනෙනකොට හරි රැයක් ගත කරන්න හරි කාටත් පිහිටට තියෙන්න ගිමන්හල.

අද කාලෙ ජීවත් වෙන හැමෝම හති වැටුන උදවිය. මොකද, ලොකු පොඩි, ගැහැණු පිරිමි බේදයක් නැතිව හැමෝම මොකද්දෝ ඉවරයක් නැති දිවිල්ලකට පුරුදු වෙලා. ඉතිං මොහොතකට දෙකකට හරි නැවතිලා ජීවිතේ පොඩ්ඩක් සුන්දරව දකින්න, ගිමන් හරින්න කැමති අය තමයි මේ ගිමන්හලට ගොඩවෙලා තියෙන්නේ. ඔයාල හැමෝම ගොඩක් සෙනෙසින් ගිමන්හලට පිලිගන්නව.

ඉතිං මොහොතක් දෙකක් නැවතිලා ගිමන්හලේ ගිමන්හරින තවත් මගියෝ කාත් එක්ක හරි ඔයාගෙ හිතේ තියෙන දේවල් බෙදාගෙන සැහැල්ලුවෙන්, නව ජීවයකින් ජීවිත ගමන පටන් ගන්න. මහන්සි දැනුන වෙලා වලට අයෙමත් එන්න!

6 comments:

  1. ඔන්න මම ගිමන්හල ට ගොඩ වැදුනා... මහන්සිය නිමාගන්න හොදම තැනක් වගේ..හිතන්න දෙයක් ඉඩ තියලා තියන බ්ලොග් එකක් නේද.. දිගටම ලියන්න..ඔබට ජය..

    ReplyDelete
  2. ගිමන්හලට ගොඩ වැදුනට ගොඩාක් ස්තූතියි නිම්ශා. තනියම ලියනවට වැඩිය කථා බහ කරන්න අදහස් බෙදාහදා ගන්න බලපොරොත්තුවෙන් තමා ගිමන්හල පටන් ගන්න හිතුවෙ. නිදහස් වෙලා වලට මේ පැත්තෙ ඇවිත් යන්න එහෙනම්!

    ReplyDelete
  3. කාලෝ අයන්තේ........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිමන්හලට ගොඩ වැදුනට හසිත!

      Delete
  4. මං උඩ ඉඳලා ලිපි ටික කියවං ඇවිත් මෙතන නතර උනේ! ඇත්තටම ඔබේ කෙටි කතා මං පුදුම විදිහට රස වින්දා!අවකාශයේ කියවන්න හරවත් දේ සෑහෙන්න අඩුවේගෙන යන වෙලාවක මේ වගේ ලිපි ටිකක් කියවන්න ලැබීමම සතුටක්! දිගටම ලියන්න!ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සබිත්! ඔබේ අදහස් තව තවත් ලියන්න දිරි දීමක්. විවේක වෙලාවට ගිමන්හල පැත්තෙ ඇවිත් යන්න එන්න!

      Delete